Dec 23, 2011

අහස මිතුදම් හැර ගිහින්


කවිකාර සිත බල කරයි 
ලියන්නලු කවියක්
සිත් යාය සිහින අසරණයි
සිතේ නැහැ සිතිවිලි බිඳක්
ඔබ සිහිනයක් වගේ දුරයි
සිතට නෑ නිවනක්
ආදරෙයි මම ආදරෙයි
කියන්නට නැහැ ඉඩක්
අහස තරහින් මඟ හරියි 
කියන්නට බැහැ දුකක්
වරු ගනන් දුක් අසා ඇතිවී
අහස මිතුදම් හැර ගිහින්


හංස ගීතයෙන් ඔබ්බට.. අද තවලමෙත් කවියක්.. පුංචි වෙනසකටත් එක්ක....

3 comments:

  1. තැන වෙනස් උනාට වෙනසක් නැති එකම ජාතියේ කවියක්නේ... මම නම් මේ දවස් වල මට නොදැනෙන හැඟීම් ගැන කවි ලියන්න ට්‍රයි කරනවා... පුංචි වෙනසකටත් එක්ක! :D

    ReplyDelete
  2. හපොයි !.මොකද මන්දා මේ දවස්වල බ්ලොග් අවකාශේ කවියක් කියෙව්වොත් තියෙන්නේ දුක,වේදනාව,කදුල ගැන ලියවෙච්ච ඒවා
    සමහර විට අවුරුද්ද අන්තිමකාලේ නිසා වෙන්න ඇති

    අවුලක් නෑ.කවිය ලස්සනයි :-)

    ReplyDelete
  3. පේනවනේ කොච්චර කීවත් හිතේ තියන ආදරයක් ලේසියෙන් අමතක කරන්ට බෑ.

    @Rajith,

    මේ දවස්වල බ්ලොග් ලෝකේ ආදරෙන් පිරිලා, උතුරලා, පිටාර ගලනවා. ඒකයි.

    ReplyDelete