Jan 10, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 1 කොටස

කෙටි නින්දෙන් අවදි වුනු කේතකී මිදුලේ ලී බන්කුව උඩ සුපුරුදු ගොම්මන් මෙහෙයට වාඩි වුවාය.  අත රැඳ නවකතා පොතේ පිටු අතර සැඟවුනු සො දුරු ආදර කතාවට සම වැදී උන් ඇයට වට පිටාව ගැන නිනව්වක්  නොවිනි. යොවන් ආදර කතාවක් වු එහි සෙනෙහෙබර නව යොවුන් ආදරයේ මිහිරියාව විසින් ඇයව අපුරු මනෝලෝකයකට ගෙන ගොස් තිබුනි.  එක්වරම කන්පෙති කිති කැවී යද්දි ඇය ගැස්සි පසුපස බැලුවාය. ගෙදර ඇති කරන සුදු බළලාගේ වල්ගය අතින් ගෙන බළලා දෑත් මත හොවගෙන සිනාසෙමින් සිටි භාග්‍ය කොක් හඬලා සිනාසුනේය.

“කොහේද සුදු අක්කීයෝ හිටියේ... හෙහ් ... හෙහ්... හොඳට බය උනා නේද....“  සුදු පූසා උකුලට ගනිමින් භාග්‍ය කේතකී අසලින් වාඩි වෙමින් කීවේය.

“ ඔයාටනම් හිනා.. මම හොඳටම බය උනා මල්ලා ගහ උඩින් සතෙක් වත් වැටුනද කියලා..“  තිගැස්මට පසු සිහි එලවාගත් කේතකී  භාග්‍යගේ උරහිසට පහරක් ගසමින් කීවාය.

“ඔය තරමට බය තිබුනොත් ඇති අක්කියෝ.. කෝ.. බලන්න මොකක්ද කියවනනේ කියලා.. අපි නොදන කවුරු හරි ලව් ලෙටර් එකක් වත් හවලාදි කියලා..“ භාග්‍ය කේතකී අතවු පොත ඩැහැ ගනිමින් කිවේය.

“ හප්පෝ.. කවුරු නොදැන ලව් ලෙටර් කියෙව්වත් කොහොමද ඔයා නොදැන ලව් ලෙටර් කියවන්නේ.. අනේ පලයන් බන් යන්න විකාර කියවන්නේ නැතිව...“ මෙතෙක් වේලා භාග්‍ය අතවුන්  බළලා තම උකුල්තලයට ගනිමින් කේතකී ඇත බලාගෙන මිමිනුවාය..

“හ්ම්ම්ම්ම් මොනවද අක්කේ ස්පෙෂල් අද....? මට අදත් උදේ ලක්මාල් අයියා කෝල් කලා“  භාග්‍ය කේතකී ගේ මුහුණ මගහරිමින් කීවේය..
“ ඇහ්!!.. ඇත්තට.. මොකද කිව්වේ....“ කේතකී නැවුම් උනන්දුවකින් භාගය දෙස බලා ඇසුවාය.

“ විශේෂයක් නෑ අක්කී.. අළුත් බිස්නස් පටන් ගත්තලු. අක්කීගේ වෙඩින් එක කියලා බිසී කිව්වා“

“මම ගැන ඇහුවේ නෑ.....? “

“ඇහුවා.. ඇහුවා... සින්දු කිරිල්ලි සනීපෙන් ඉන්නවද කියලා ඇහුවා“  භාග්‍ය සිනාසෙමින් කීවේය..

“යන්න මල්ලා ඔයා මට බොරු කියනවා ....“ කේතකී නෝක්කාඩුවට මුහුණ හකුලා ගනිමින් කීවාය.

“ අනේ ඇයි ඉතින් මම මගේ අක්කියාට බොරු කියන්නේ සත්තයි අක්කී ඇහුවා...“ භාග්‍ය යාප්පුවෙන් කේතකීට ලන්වෙමින් කීවේය.

“ සින්දු කිරිල්ලි කියලම ඇහුවද?“ හිස් බැලුමෙන් අහස දෙස බලමින් කේතකී මිමිනුවාය..

“ඔව් සුදු අක්කී.. අයියණ්ඩියාට තාම කියවෙන්නේ එහෙම.... ආදරේ.. අක්කී ආදරේ.... ඔකට තමා ආදරේ කියන්නේ.....“ කේතකී අත උන්  බළලාගේ කන් පෙති පිරි මදින් භාග්‍ය කිවේ   මදහස රැ දි මුහුනින් කේතකී දෙස බලාගෙනමයි..

“ කෙහෙල්මල් ආදරේ ... එහෙමනම් නොකියාම දමලා ගාහලා ගියේ ඇයි.... “ කේතකී ගේ ස්වරයේ ආවේගයක් විය.

“එහෙමත් කියන්න එපා අක්කේ.. අයිණ්ඩියාට තාමත් නන්දුත්තරාව අමකත කරන්න බැහැ.. ඒක අපි කවුරු උනත් පිළිගන්න ඔනි.. අවුරුදු  හතකට කිට්ටු වෙන්න ආදරෙන් හිටපු දෙන්නෙක් එප පාර වෙන්වෙනවා කියන්නේ කාටඋනත් දාරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.“ භාග්‍ය සාවදානව කියාගෙන ගියේය..

මම නැහැ කියන්නේ නැහැ මල්ලියා.. නන්දුත්තරා කියන්නේ අයියගේ ජීවිතෙන් ඇත් කරන්න පුළුවන් මතකයක් නෙවෙයි. ඒත්.. එයාට,  මට මෙහෙම කරන්න වටිනනේ නැහැ.. ඔයාට කියන්න මට එහෙම කරන්න එයාට වටිනවද?...  මම එයාගේ අතිතේ අමතක කරන්න ගොඩක් උදව් කලා.. ඒත් ඉතින් එයා ලෑස්ති නෑනේ.. දකින දකින හැම එක්කෙනා එක්කම නන්දුත්තරා ගැන කියව කියව  නාහෙන් අඬනවා. අර.. තරම් මම ආදරේ කරද්දිත් එයා කියෙව්වේ නන්දුත්තරා එයාව දාගා ගිය එක විතරයි.. මම එයාගේ ජිවිතේට ඇවිත් එයාට ආදරෙන් ලඟට වෙලා ඉනන්වා කියන එක පිළිගන්න එයා කොයිම වෙලාවකවත් ලෑස්ති උනේ නැහැ.“ කේතකී වේදනාත්මක හඬින් කියා ඇත බලා උන්නාය. ඇයගේ ප්‍රකාශය හමුවේ භාග්‍යද මොහොතක් නිහඬවිය.

“ මම අයියාව සුද්ද කරන්න හදනවා නෙවෙයි අක්කී අයියා කියන්නේ සීයයට සීයක් සුදු චරිතයකුත් නෙවෙයි.. “ නිහඬතාවය බිඳිමින් බාග්‍ය බිඳුණු ගඩින් කීවේය.

“ඒක මම දන්නවා මල්ලී මමත් එක දවසක් හරි එයාට ආදරේ කලානේ කොයි තරම් නන්දුතරාගේ වැරදී කීවත් මට නම් තාමත් හිතෙන්නේ නන්දු මෙයාව දාලා ගියේ මෙයාගේම වරදක් නිසා කියලා“

“වෙන්න පුළුවන් අක්කී  මොකද අපි දන්නේ අයියා කියන දේවල් විතරයි නන්දුත්තරාගේ පැත්තෙන්  මොන මොන දේවල් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ  අක්කිට නන්දුත්තරාව මුණ ගැහිලා තියෙනවද..“

“නැහැ මල්ලා.. මම එයා ගැන අහලා විතරයි තියෙන්නේ.. ඒත් එයා  හිටි කැම්පස් එකේ මගෙත් යාළුවෙක් හිටියා මම  විස්තර හෙව්වා ඒත්..තාම හරි විස්තරයක් හම්බ උනේ නැහැ... අයියා පිස්සු බල්ලෙක් වගේ හොයන නිසා නනදුත්තරා හැංගිලා වෙන්න ඔනි..“ කේතකී මිදුලේ වු පහන් පැල අසල ඇවිද යමින් කීවාය

“මොකක්??!! ඇයි අක්කී නන්දුත්තරා ගැන විස්තර හොයන්න ගියේ අයියා දැන ගත්තොත් මොනවා වෙයිද.. දැනටත් අයියා හිතාගෙන ඉන්නේ අක්කි එයාට නරකක් නපුරක් කරනවා කියලා“ භාග්‍ය කිවේ නොරිස්සුම් හඬකිනි.

“අදරේ කරන එක නරකක් නපුරක්ද මල්ලී.. අනික එයයි මුලින් මට ආදරේ කියාගෙන ආවේ.. එයයි මට එයාගේ දුක කියාගෙන ආවේ “ තව බොහෝදෑ කියන්නට අවැසි උවත්  කේතකී නිහඬවුවාය.. ඇය බුදු කුටිය තුල වු පර මල් ඉවත් කර අසල වතුසුද්ද ගසෙන් මල් එකිනෙක ගෙන වට්ටිය සරසන්නට වුවාය.

“මම සුදු අක්කියාට කියලා තියෙනවනේ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපකියලා අපි වෙන  මොකක් හරි ගැන කතා කරමු අක්කේ අපරාදේ මමයි මෝඩ වැඩේ කර ගත්තේ ඔයාට මේක කියලා.“ භාග්‍ය පසුතැවෙමින් කීවේය..

“ඔයා කීවත් නැතත් මම ඒ ගැන හිතන වෙලාවට හිතනවා මල්ලියා... නොහිතා ඉන්න උත්සහ කරනවා බලමු හරි යයිද කියලා ...“ සුදු මල් එකිනෙක වට්ටියේ අහුරමින් කේතකී කීවාය.

“ඔයා කිව්වට කරන්නේ නෑනේ අක්කී.. මම දැක්කා පොතේ කවියක් කුරුටු ගාලා තිවුනා අයියා කවදා හරි එනකල් බලා ඉන්නවා කියාලා... අනේ මන්දා අක්කේ ඔයාට මේක කොහොම  තේරුම් කරන්නද කියලා.. ඔයා දන්නවා අයියා කරන වැඩ...අනේ.. මන්දා...“

“හ්ම්ම්ම්ම්... පේනවා මල්ලි කරන කියන හැමදේම පේනවා.... මම නන්දුත්තරාව හොයන්න ට්‍රයි කලේ අයියා එයා ආපහු ආවොත්වත්  මේ පිස්සු අත්අරලා හැදෙයි  කියලා... ඒත් එයා ආවත් අනේ මන්දා.....“

“අනේ මන්දා තමයි අක්කී.. දැන් ඇත් අපි මේ කතාව නතර කරමු අක්කී අප්සට් යන එක විතරයි වෙන්නේ “ භාග්‍ය  නිවස තුලට යමින්  කීවේය.
කේතකී සුදු වතුසුදු මල් පිරුණු මල් වට්ටිය බුදු කුටිය තුල තබා  බංකුව මත වු පොතත් රැගෙන භාග්‍ය පසුපසම නිවස තුලට ගියාය. 

16 comments:

  1. මේක මේ ඇත්ත කතාවක්ද? පේන්නේ නම් ඇත්ත කතාවක් වගේ. අක්කයි, මල්ලියි.

    කියවලා බලමු. ලස්සන කතාවක්....:D

    ReplyDelete
  2. ඔන්‍න‍ මමත් එකතු උණා අලුත් කතාවට!
    කතන්දරේ දිග ඇරෙන්නේ ඉස්සරහටනේ!
    අපි බලමුකෝ!:))

    ReplyDelete
  3. හැහ්.. කේතකි.. අඩෝ.. අර නම හොරකං කරා නේද.. හයියෝ සංසාරේ...
    අපිම එන්න ඕනි ඔයාලටත් නම් මතක් වෙන්න නේ..:-D

    ReplyDelete
  4. හික්ස්....ඇත්ත කතාවක් වගේමයි....දැනටත් සිද්දවෙන....එහෙම නේද සුදු අක්කා.....

    බලමුකෝ ඉස්සරහට......

    ReplyDelete
  5. මට නම් තාම චරිත ටික තේරුනේ නෑ... දැන් මේ කේතකී අයියයි කියන පොරව බැඳලද ඉන්නෙ?...

    ReplyDelete
  6. Anonymous10:05:00 PM

    අපූරුයි. සුබ පැතුම්!

    ReplyDelete
  7. සුභ පැතුම් මම එනවා දිගටම කතාව රස විදින්න.

    ReplyDelete
  8. නන්දුත්තරාගේ ඇඩ්රස් එක දෙන්න මතං... මම එයාට හතරක් කතා කරන්න.. එල එල සින්දු කිරිල්ලි පටන් ගැන්ම ගොඩක් සාර්ථකයි... බෙස්ට් ඔෆ් ලක්....

    ReplyDelete
  9. ආව්ව්ව්ව්ව්ව්..ලස්සනම ලස්සනයි අක්කි!!!! ඇත්ත වගේ දැනුනා...නියමයි.. ඊළඟ කොටසත් බලමු..

    ReplyDelete
  10. තුන්කොන් ආදර කතාවක් වගේ... ඔන්න මමත් එනවා අක්කේ කියවන්න...

    බලමු එදා ෆේස්බුක් එකේදි ශානි කියපු කතාව ඇත්තද කියලා.. :)

    ReplyDelete
  11. මේකවත් පිළිවෙලකට කියවන්ඩ ඕනේ... :)

    ReplyDelete
  12. ඔන්න මමත් ආවා...
    කතාවේ පටන් ගන්මෙන්නම් මෙගා එකක් වගේ

    ReplyDelete
  13. ලස්සන කතාවක ආරම්භයක්..
    දිගටම මේ පැත්තට එනවා.. :)

    ReplyDelete
  14. let's go akke.... ‍නියම ආරම්භයක්

    ReplyDelete
  15. @ පොඩ්ඩි අක්කා...
    හ්ම්ම්ම් ඇත්තමත් නෑ අක්කේ.. වැඩිහරිය ප්‍රබන්ධ...... ස්තූතියි අාවට කියවන්න.. :)

    @ Nuwan Tharaka
    දිගටම එන්න යාළු.. ස්තූතියි ආවාට මේ පැත්තට :)

    @ පතං අයියා
    හිකිස්.. අලේ අයියේ මම මේ කතාවට නමක් හොය හොය ඉන්නකොට තමා අර අයියා කේතකී කියලා මතක් කිලේ.. ටැංකු ඈ...

    @සිතුවිලි නිහඬයි
    සමහර දේවල් අපි ප්‍රබන්ධ විදියට ලිව්වට සමහර තැන් වල සිද්ද වෙනවත් ඇති නේද නඟේ.. :) ස්තූතියි තවලමට ආවාට :)

    @ සාතන්
    නෑ නෑ සාතන් බැඳලා නෑ දෙන්නා ආදරේ කරලා වෙන්වෙලා.. දිගටම කියවන්න එන්නකෝ... :) :)

    @ trickslanka.com
    බුද්ධික ස්තූතියි ආවාට :)

    ස්තූතියි බට්ටියේ... හැමදාමත් එන්න හොඳද :)

    @ දිනේෂ් සංජය ...
    නන්දුත්තරාට නෙවෙයි ලක්මාල්ට හතරක් නෙවේ දාසයක්ම කතා කරමු සා...
    ස්තූතියි හොඳ්... :)

    @ හිතුවක්කාරි
    ස්තූතියි නංගා... හැමදාම එන්න කියවන්න :)

    @ දිනේෂ් මල්ලි
    ඔය සානිට සුට්ටක් වෙන්න පිස්සු.. ලඟඳීම මගෙන් ගුටි කන්න තියෙනවාලු.. හිකිස්...
    ස්තූතියි මල්ලි හැමදාම වගේ ආවාට :)

    @ Beetle
    ස්තූතියි තවලමේ ආවාට..
    ඔයාට කියවන්න මම පිළිවලට ලියන්නම්කෝ.. :)

    @ ලොකු පුතා
    මටත් එහෙම හිතෙනවා මොකද තාම අවසානයක් එළුවට ආවේ නැහැ.. ලියාගෙන යමුකෝ... අනේ මන්දා.. හිරු එකේ අනුත්තරා වගේ වෙයිද මන්දා ;)

    @ Andare
    හ්ම්ම්ම් බලමු ට්‍රයි කරලා :)

    ස්තූතියි නන්ඳු :) තවලමේ යන්න ආවාටත් කතාව කියන්න ආවාටත් ..:)

    @මකුළුවා
    ගොඩාක් ස්තූතියි මල්ලී.. :)

    ReplyDelete
  16. :O :D හික්zz අම්බො මට හිනාව නවත්ත ගන්න බැලියො අක්කි මෙ කමෙන්ට් දකින කොට :D

    ReplyDelete