Dec 2, 2011

පාරෝ... ඔහ්!! පාරෝ..!!!

අද කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.. ලැබුනා කීවට බලෙන් වගේ ලබා ගත්තා එහෙම නැති උනොත් ස්පය්ඩර් මෑන් ඇවිල්ලා මේකේ පදිංචි වෙනවා.  හෙහ් එහෙම කොමද එයාට මේකේ පදිංචි වෙන් දෙන්නේ එයා දන්නවා යෑ මට තියෙන වැඩ. එව්වා ටික කර ගන්නත් මට වෙලාව නෑ උදේට ඉස්කෝලේ දුවනවා.. ඒකල්ලා අර දඟ මලු ටිකත් එක්ක යුද්දේ නටලා හවස එයාලාගේ උත්තර පත්තර ටික බලනවා.. (හෆු.. ඒක තමයි තනි ඇහැට ඇඬෙන සීන් කෝන් එක ඒක ගැන මම පස්සේ ඉතාම රසවත් ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා)

 ඉතින් හැන්දෑවේ 5 වෙනකල් ඒක කරලා එද්දි හයහමාරයි.. හනේ ඊට පස්සේ මල් තමා.... ඒකට මගේ ආසිරි මල්ලි නම් කියන්නේ අක්කිගේ මල්ටි ටාස්කිං කියලා. ඒ කොහොමද දන්නවද ෆෝන් එකෙන් කා එක්ක හරි කතා කර කර හරි හෙට් සෙට් එක දාගෙන බස් රේඩියෝ අහන ගමන් හරි.. බුකියේ කාත් එක්ක හරි වැට් කර කර  පාඩනුත් කරනවා.. ඒ අස්සේ තව මොකක් හරි වැඩක් සෙට් උනොත ඒකත් කරනවා.. සාමාන්යෙන් මොකක් හරි කෑමක් අනුභව කිරිම වගේ.. ඉතින් ඔන්න ඔය තරම් බිසී මම බොලොගේ පැත්තේ ටිකක් ආවේ නැහැ කියලා ස්පයිඩර් මෑන්ට පුළුවන්යෑ මේකේ පදිංචි  වෙන්න දෙන්න.


ඉතින් අද මම කියනන  යන්නේ මට හමුවුන තවත් චරිතයක් ගැන. එයා අපේ ඉස්කොලේ ටීචර් කෙනෙක්. ඇත්ත නම නොකියා මම එයාට පාරෝ කියන්නම් කෝ.. මොකෝ මේක දැක්කොත් හරි නෑනේ.. ;) මේක මම බුකියේ සෙයා කරන්නේත් නෑ කරුමෙකට හරි අපේ ඉස්කෝලේ ළමයෙක් ආවොත් හේම දුටු ගමන් දන්නවා කවුද කියලා... :)

ඉතින් පහුගිය දවසක මම හවස ක්ලාස් එකක් කරන ගමන් පොඩ්ඩක් ඔපිස් එක පැත්තට ගියා . එතකොට මම මේ කියන ටීචර් ප්‍රින්සිපල් සර් එක්ක බර කතාව.. සර් කියනවා ඒ ටීචර් උදේ ඉස්කෝලේ හිටියේම නැහැලු.. ටීචර් කියනවා එයා ආවාමලු.. මාත් ඉතින් පාඩුවේ පැත්තකට ගියා මොකෝ මට ඔවෑයේ වගක් තියෙනවා යෑ.. ඊට පස්සේ ආයි ටික වෙලාවකින් ළමයි අභ්‍යාස කරන වෙලාවේ මම 5 වසර පන්තියට ගියේ ඒකේ ඇසිස්ටන් ටීවර් එක්ක කයියක් දාගෙන ඉන්න... අනේ දෙවියනේ යනකොට අර මම කියපු ටීචරුත් එතන.. මම කෝමත් සෙට් එකක් එක්ක කෝපි කඩ දාන්න නොයන නිසා හෙමින් ආපහු හැරුනා.. එතකොටම අර ටීචර් මගේ පස්සෙන් දුවන් ආවේ නැතෑ.. ආනේ ටීචර් මම ඔයාව තමයි හෙව්වේ කියාගෙන.. මාත් ඇහුවා ඇයි කියලා.. බලද්දි මගේ පෙන් ඩ්‍රයිව් එක ඉල්ලන්න.. ඒක දීලා කොමැයි මගේ 10GB සින්දු කලෙක්ෂන් එක තියෙන්නේ ඒකෙනේ. මම ඉතින් ඇහුවා මොකක්ද ටීවර් කරන්න තියෙන්නේ කියලා ඉතින් කියපි... උදේ ආවේ නෑ ගෙදරදි පේපස් ටයිප් කරලා පේපස් ටික ඊමේල් එකේඇටෑච් කරලා තියෙනවා. ඔෆිස් එකේ නෙට් ස්ලෝ නිසා බාගන්න බෑ ගෙදර ගිහින් ඒ ටික දාගෙන එන්න ඔනි  කියලා... 

මට ඉතින් මගේ පෙන් ඩ්‍රයිව් එක ගෙදර ගෙනියන්න දෙන්න බෑනේ ඉතින් මම කීවා යමු  IT ලැබ් එකට මම ඩවුන්ලෝඩ් කරලා ඔපිස් එකේ මැසිමට ගෙනත් දාන්නම් කියලා.. ඔන්න ඉතින් යතුරත් ඉල්ලගෙන ගියා දෙන්නම  IT ලැබ් එකට සර්වර් දාලා රවුටර් ස්විච් එහෙම ඔන් කරලා නෙට් හදාගෙන මැසිමත් ඔන් කරලා ජී මේලට ඔපන් කරලා යුසර් නේම් එකත් ටයිප් කරලා පාස් වර්ඩ් එක ගහන්න කියලා දුන්නා.. ඒකත් ගැහුවා කියමුකෝ.. ඊමේල් 3ක් තියෙනවා ජී මේල් ටීම් එකෙන්, හෆු.. ඒක හැදුවටම පස්සේ ලොග් වෙලා නෑ.. ඒකේ ඇති පේපර් එකක් නෑ.. මම ඇහුවා කෝ ටීචර් පේපස් ටික කියලා..

"No teacher still I did't type even a single word"

අනේ ඉතින් @#$^&&*((&&^^$%$ @#$% මට ඒ ටීචර්ගේ දෙමාපියන් සිහි වුනා මම ක්ලාස් එකත් පැත්තක දාලා විනාඩි 15කට වඩා නාස්ති කරන්න කලින් ඔය හරුපෙ කියන්න තිබුනනේ කියලා.. ඊට පස්සේ ඉතින් මම ඒ ටිචර්ට ටයිප් කරන්න හෙට උදේට මම ඔපිස් එකේ මැසිටම දාලා දෙන්නම් කියලා හෙමින් සැරේ මාරු උනා. 

මම ඔක මාත් එක්ක වෑන් එකේ යන එන ටීචර්ට කියද්දි ඒ ටිචර්ට හොඳටම හිනා.. පාරෝ ටීචර්ගේ රස කතා ගොඩක් ඒවෙලාවේ මා එක්ක කිව්වා දැන් එව්වා මට මතක් වෙන්නේ නෑ හප්පා..:( 
හැබැයි ඉතින් මම දැන් කරන විස්තරෙ කියෙව්වම පාරෝ ඔයාලා ඉස්සරහා මැවිලා පෙනයි. 

ඇස් පියාගෙන මවාගන්න ට්‍රයි කරනනකෝ මම මේ කියන විදියේ කෙනෙක්ව..(හෝ හෝව්!! මෙක කියවලා ඇස් පියා ගන්න) 

උඩරට කුල කාන්තාවන්ගේ ඇඳුම.. ඔසරිය ඇඳලා.. ඒකත් අත් දිග හැට්ට වලට, සාරියට යටින් දිග ඩාන්සින් ජීන් එකක් ඇඳලා.. ඔසරි නෙරිය ලඟින් ඉන පේනවට ඇතුලෙන් තවත් ඇඳුමක් ඇඳලා. මුස්ලිම් යුවතියන් දාන ස්කාෆ් එකක් දාලා.. කකුල් දෙකට සපත්තු දාලා ඉන්න කෙනක් මවාගන්න ට්‍රයි කරන්නකෝ... දැන් මෙයාගේ මුණ මුසලිම් එතනින් ගියාම ශරීරය උඩරට සිංහල, කකුල් දෙක වෙස්ටන්..  කොමද ඉස්ටැයිල් එක.. හික් හික්.. මට නම් හිනා යනවා අලෝ.....

විහිලුවට නෙවෙයි යාළුවනේ ඒ ටීචර් අඳින්නේ එහෙම.. ඒ ඇඳුම නිසාම ඉස්කෝලේ එයා චරිතයක් වෙලා ඉන්නේ.. මමත් තාමත් කල්පනා කරන්නේ ඇයි එයා එහෙම අඳන්නේ කියලා.. දන්න හැටියටනම් එයා බැඳලා ඉන්නේ සිංහල කෙනක්වලු.. හැබැයි මම හිතන්නේ ඒ ටීචර් මටත් වඩා අවුරුදු දෙක තුනක් බාලයි..

ඉතින් මේ ටීචර් ඔය ඇඳුම ඇඳලා දණහිස ලඟට දිග ලෝගුවක් වගේ ජැකට් එකක් දානවා.. යා.. යා..  ඩ්‍රැකියුලා දාන ජාතියේ එකක් තමා.. ඔකත් දාගෙන ඉසකෝලේ එන්නේ නවයට නවය හමරට විතර හැබැයි ඉතින් එයාගේ ගෙදරට ඉස්කෝලේ ඉඳන් මීටර් දෙසීයක්වත් දුර නැහැ.

 හෆු... මුනේ හිනාව... උදේම පළවෙනි පීරියඩ් එක ඉවර වෙද්දි එයා එනවා ඒ හිනාවත් එක්ක.. හැබැයි ඉතින් දිනපතා ප්‍රින්සිපල් සර්ගේ බැනුම් මුරේ ඇහුවම මුණ ආයි ස්ටෝබෙරි වෙනවා. 

ඔන්න දවසක් අපේ ටීචර් කෙනෙක් ඔපිස් එකට යනකොට අපේ ඩිරෙක්ට්‍රස් මැඩම් පාරෝ ටීචර් එක්ක කතාකර කර ඉන්නවලු...

"පාරෝ හැමදාම ඔයා එන්න පරක්කු වෙනවා නේද?"

" නෑ මැඩම් මම හැමදාම අටයි කාලට එනවා.." 

@@## හි.... හි... මැඩම් මොනවද කියන්නේ කියලා අහන්නවත් ඒ ටීචර්ට වෙලාවක් නෑ.. හිනාව හිර කරගෙන ටීචර් ඔපිස් එකෙන් එළියට දුවගෙන ඇවිල්ලා.. ඇයි හත් දෙයියිනේ අටට පටන් ගන්න ඉස්කෝලේට අටයි කාලට එන එකත් පරක්කු වීමක් කියලා මෙයාට තේරෙන්නේ නැති හැටි..

ඔන්න ඉතින් මට තව කතාවක් කියන්න මතක් උනා..  අපේ මියුසිකල් ෂෝ ප්‍රැක්ටිස් දවස් වල  කොයර් ප්‍රැක්ටිස් කලේ අපේ පාරෝ ටීචර් ඉතින් ඔකේ උගුරෙන් සින්ග් කරන කොටසක් ප්‍රැක්ටිස් කරන්න ගිහින් ටීචර් ලමයින්ට කිව්වලු කට ඇතුගට අත දාගෙන සින්දුව කියන්න පුරුදු වෙන්න කියලා.  ඔය අස්සේ ඇවිත් අපේ දෙක වසරේ ටීචර්ට කතා කරලා ප්‍රැක්ටිස් වලට උදව් කරන්න එන්න කියලා ඉතින් අපේ දෙක වසරේ ටීචර් කිව්වලු පන්තියේ ළමහයි වැඩ නිසා එන්න විදියක් නෑ කියලා... ඒ ගමන මේ ටීචර් කියනවලු

"ටීචර් ඔයාට හොඳට සින්ග් කරන්න පුළුවන්නේ ඔයා මෙන්න මේ වගේ කට ඇතුලට අත දාන්නකෝ" 

 කියලා එයා කට ඇතුලට අත දාලා පෙන්නුවාලු.. අනෙ අර ටීචර්ට නේද මලේ මල් හත හත පැනලා.. අපිත් එක්ක කියනවා..

"මට මොලේ අමාරුවක් තියනවට යෑ කට අස්සේ අත දාන්නේ@#$%^%$$##@" කියලා.

කොහොම කොහොම හරි ඔය ප්‍රැක්ටිස් ඉවර වෙලා අන්තිම දා පෙර පුහුණුව වෙලාවේ උස ළමයි කිහිපදෙනක් ඉස්සරහා පේලියට දාලා පොඩි ළමයින්ව පිටිපස්සට දාලා ළමයි පේලි ගස්සලාලු ස්ටේජ් එකේ... ඔන්න දැන් මැඩම් ඇවිත් කියනවලු..
"උස ළමයි පිටි පස්සට දාන්න කොට ළමයි ඉස්සරහට දැන්න නැත්නම් කැතයිනේ" කියලා.... අනේ ඉතින් මෙන්න මෙයා කියපි. 

"I am not considering the height madam I am considering voice"

කියලා... අනේ ඉතින් කොහොම හරි මැඩම්ගේ වචනෙට අන්තිමේ උසේ පිලිවලට ළමයි ටික පෙල ගස්වලා තිබුනා...

ඔන්න ඔය වගේ ඇම්ඩා වැඩ කරන මේ ටීචර් ගැන අදත් අපි ටිකක් කතා කරලා ලේ ටික පිරිසිදු කර ගත්තා.. ඔය අතරේ.. ටිචර් කෙනෙක් කියපි 

"පව් ඉතින් පාරෝ.. ඔය වගේ හැසිරෙන්නේ මොකක් හරි ප්‍රශ්ණයක් ඇති එයා මැරී කරලත්නේ ඉන්නේ.."

ඒක අහන් ඉඳලා තව ටිචර් කෙනක් කියපි " yes..... yes..... she is having a  problem.......... :D :D  her husband is not coming home in the night"

සිනා සාගරේක ස්ටාෆ් රෑම් එක පිරෙද්දි තවත් ටීචර් කෙනෙක් ඔකට පොහොර දාපි.. ඔව් අනේ එදා කියනවා "two nights he wont come" පව්.. ඇස් වල කඳලුත් තිබුනා" කියලා..... ;)




ඔය අස්සේ මමත් හොඳම විහිලුවක් කරලා... ළමයගේ පේපර් එක පැත්තක තියලා මාර්කිං ස්කීම් එකේ හරිදාගෙන දාගෙන ගිහින් බලද්දි ළකුණු 100න් 100යි :) :) 

හිනා වෙලා බඩ රිදෙන කතාව පැත්තක තියමු කෝ කෝම කෝම හලි මම හෙමින් මාරු උනා.. වැඩිහිටියන්ගේ කතා මැද පොඩි හිටි මම මක් කරන්නද  කියලා හික් හික්...


11 comments:

  1. අන්තිම වෙනකන් තේරුනේ නෑ නේ....
    අන්තිමටම තමා පස්නෙට උත්තරේ තිබුනේ...... :D

    ReplyDelete
  2. හික් මරු පාරෝ...

    ReplyDelete
  3. හි හි යා යා සෝ ඔය කතාව මාත් දැන ගත්තේ ඊයේ ඒ වෙනකල් මටත් හෙන ප්‍රශ්ණයක් වෙලා හිටියේ:)

    හී.. හී... කොමද හසී නගේ ඒ වගේ කෙනක් එක්ක වැඩ කරන්න උනානම් මරේ මරු නේ... ඔයා ටිකක් මහත් වෙයි හිනා වෙලා...:)

    ReplyDelete
  4. මම මේ ඇඳුම කොයි වගේද කියා තාම හිතින් මවා ගන්න හදනවා. කෝ හිතෙන්නේම නෑනේ. දැන් කවුද මේ ඇඳුම ඇඳන් ඉන්නවා හිතින් මවා ගන්න ඕනි. සුදු හංසි ඇඳන් ඉන්නවා කියලාද......:DDD

    ReplyDelete
  5. Anonymous7:33:00 PM

    මේ නංගි ඔයා ෂෙයාර් නොකලට අපි මේක ෂෙයාර් කරන්නද? අච්චර ඈඳුම් ගොඩක් අඳිනවා ඇත්තෙ සීතලට වෙන්න ඇතිනේ.... පවුනේ මඩ ගහන්නේ ඔයා.

    ReplyDelete
  6. ඔක්කොමත් හරි... අන්තිම කතාව තමයි ලොකුම හිනාව....

    ReplyDelete
  7. එහෙනම් ඒ මිස්ගේ ප්‍රශ්නෙට මුල අර අන්තිමට කියපු හේතුව වෙන්න ඇති.. අරහෙම ඇදුම් ස්ටයිල් දාද්දි මහත්තයා ගෙදර ඒවියෑ..

    ReplyDelete
  8. අන්තිම විහිලුව තමයි හොඳම විහිලුව!

    ReplyDelete
  9. ඒ මිස්ට කසාද බැදපු නිසාද මේ ඔලුව අවුල් වෙච්ච ගානට ඉන්නේ?.අපෝ එහෙනම් කසාද නොබැද ඉන්න එක හොදයි වගේ ......
    මට පාරෝ කියලා කිව්වම මතක් උනේ දේව්දාස් ‍ෆිල්ම් එකේ ඉන්න කෙනා.ඒකේ කොල්ලත් කසිප්පු ගහලා ගේට්‍ටුව ගාව මැරිලා වගේ වැටිලා ඉන්නේ ඔය උඩ ස්පයිඩර්මෑන් කාරයා බඩගාගෙන ඉන්නවා වගේ.අර සාරිය බිම අතුල්ලගෙන පඩිපෙලින් බැහැලා කෑගහගෙන දුවන් එන්නේ ඒකේ නේද?:D

    ReplyDelete
  10. අනේ අම්මෝ නියම ටීචර් කෙනෙක්නෙ.රාජකාරිය අකුරටම කරනවා වගේ.ඇදුම් සෙට් එකත් මරු.මට හිතාගෙන්න බෑ ඇදගෙන හිර කරගෙන කොහොම ඉන්නවද කියලා.වෙලාවට ඔහේ සීතල වුනේ.

    ReplyDelete
  11. අන්න ගුරුවරු.... :)))
    ඔහොම යන් පාරෝ...

    ReplyDelete