මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 20, 2011

ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.


මහපාන්දර පටන්ගත් සිරි පොද වැස්ස නිමක් නැත. වැස්ස නිමවන තුරු සිටින්නට මට සිතක් නැත.. මුහුණට පුයර බිඳක් දමාගෙන හැඩවී මම ගෙයින් පිටවුනෙමි. කවදත් මා අශා කල රෝස පැහැති සුවිටරයත්  වුල් මෆ්ලරයත් මට උණුසුම  ගෙන  දුනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.

සිතල දෙසැම්බරය  වඩ වඩාත් සුන්දර කරවන නෙක පැහැති ඩේලියා මල් මාවත දිගේ මට සිනාසුනි..  සීතලෙන් පෝෂණය ලබන ඇත්තමේනියා , ඩේසි හා ජේබරාස් මල් හිහැහෙන අතර සීතලට දොස් පවරමින් රෝස සහ සමන් පිච්ච මල් සැගවී උන්හ.. එහෙත් වැට අද්දර කහ පිච්ච පඳුරේ අතරින් පතර මල් කිහිපයක් සීතල පරයා නැගි සිට මගේ මාවත් සරසන ලදි.  ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

වැස්සට සේදී ඔප ගැන්වුනු තාර පාරේ මින් පෙර දුවිලි බිඳක්හො තිබුනු බවට සලකුණක් නැත.. සැබැවින්ම එය බුමුතුරුණක් තරමට සුපිරිසිදුය. කළු පැහැති කාපට් ඇතිරු මාවත දෙපය යායම කොල පැහැයට හැරවී ඇත..  මසක් පමණ කලක් සිට නොනවත්වා වහින වැස්ස නිසා පෝෂණය වු පඳුරු ශාක මාවත දෙපසට නැවුම් සුන්දරත්වයක් එක්කොට ඇත. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

සීතල කපාගෙන පාළු පාර දිගේ පැමිණි බස් රථයට නැවතුම් සංඥාව දෙන්නට හකුලාගෙන සිටි සුරත දිගු කලෙමි. කම්මැලි ස්වරූපයෙන් පැමිණි බස් රථය කීරීස් හඬ නංවා මා ඉදිරි පිට නතර කරන ලදි. මා එයට නැඟුනෙමි.. බසය නැවත කම්මැලි විලාසයෙන් ගමන් අරඹිය. සීතලට ගුලිවි ගොළුවත රැකි නිහඬ මිනිසුන් සියල්ලම පාගේ රේඩියෝවේ වාදනය වන ගීතයන්ට සම වැදී උන්හ... “දෙතුන් වතාවත් ඔබ ඇමතූවෙමි.. සැප දුක සොයා බලන්න.. මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න.. “ ඉබේම වාගේ මම දුරකතනය ගෙන බැලුවෙමි. නිහඬ සිතිවිලි සේම දුරකතනයද නිසොල්මනේ විය. මාද අන් අය සේම සංගීතයට සමවැදී උන්නෙමි. උද්භිත උද්‍යානය අසලින් පිටුපස අසුන් වල සිටි ජෝඩු කිහිපයක් බසසෙන් බැස්සෝය. මා ඔවුන් දෙස බැලුවේ සීතලෙන් ගල් ගැසුනු සිතිවිල්ත් සමඟයි. මන්ද.. මෙවන් වු කම්මැලි සීතල දිනයක කොයිතරම් සුන්දර වුවත් විවෘත උද්‍යානයක ඇවිදින්නට මට නම් සිත් නොදේ...  වැව් ඉස්මත්තේද සීතල නොතකන සංචාරකයින් බයිසිකල් පදිමින් ඔබමොබ ඇවිදිමන් විනොද වෙමින් උන්නෝය. දුප්පත් ගොවියන්ට මින් පෙර තම හරකුන් සහ එළඵදෙනුන්ව පොෂණය කල තණ පිටිය අද සංචාරක පාරා දීසයක්ව ඇති අරුම බලා මම උදාසිනව උන්නෙමි.. කෘත්‍රිම මං මාවත් කාත්‍රීම ලී පාලම් නැතත් මින් පෙර මා දුටු වැව් ඉවුර , ගවයින් සහ පෝනියන්ගෙන් පිරී තිබෙන විට මීට වඩා සුන්දර ලෙස මට පෙනුන බව මතකය. එහෙත් දැන්  එය සුපිරි පන්නයේ වාහන වලින් පැමිනෙන දෙස් විදෙස් සංචාරයයින්ට උරුම වුනු සීතල පාරාදීසයකි. ... සිතිවිලි අතරේ සිටියදීම බස් රිය ගමනාන්තයට ලං විය. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

කුඩයට ඔරොත්තු නොදෙන හිරිපොද වැස්ස හමන්නේ සුලඟ සමඟ එක ඇලයකටය. ඉඳින් කොතරම් උත්සහ කලත් නොතෙමී සිටීම උගටහය. මා මෙන්ම වැස්සෙන් බේරෙන්නට පොරකන සීතල කබා පොරවා ගත් ගුප්ප මිනිසුන් අතරට මමද එක් වීමි. ඔරොත්තු නොදෙන සීතලට සහ පීඩාකාරි හිරිපොදට විරුද්දව නැඟි සිටින්නට මෙන් මිනිසුන් සුපුරුදු ලෙස තම තමන්ගේ රජ කාරි වල නිරතව උන්නෝය.. සයිවර් කඩය පහුකර යනවිට දැනුනු උණු වඩේ සුවඳ දිවගට කෙල බිඳුමෝදු කරවීය. එහෙත් හිස්ව  තිබුණු කුසට එවත් තෙල් සහින අහරක් නුසුදුසු බැවින් මම ගමන ඉක්මන් කලෙමි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

බේකරිය අසල උදෑසන පොරනුවෙන් ගත් පාන් බනිස් ආදිය පිරි කුඩා ලොරි රථය නවතා තිබුනි. සේවයකින් දෙදෙනකු සීතල පරදමින් එවා යුහුසුලුව රාක්ක වල අසුරමින් සිටියෝය. එළවළු සහ පළතුරු වෙලඳුන් ප්ලාස්ටික් පෙට්ටි වල ඇසුරු ද්‍රව්‍යයන් රැගෙන මධ්‍යම වෙළඳ පොල දෙසට ඇදෙමින් සිටියෝය. මාවත දිගේ ඇවිඳන් එන යුවතියන්ගේ ඇදුම් මොස්තර දෙස බලමින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

ස්ටෝබෙරි පෙට්ටියක් පුස් බයිසිකලයේ තබා ගත් වියපත් වෙළෙන්දෙකු දේශිය සංචාරකයින් පිරිසකට මැදිව උන්නේය. නියම ස්ටෝබෙරි රසය නොදන්නවුන් සේ ඔවුන් ඇඹුල් රසැති බාල ස්ටෝබෙරි අධික මුලදකට ගන්නට පොරබදිමින් සිටියෝය. ඒ දෙස බලා යමින් සිටි මම මල් කූඩයක් රැගෙන මල් කඩය වෙත යමින් සිටි කාන්තාවකගේ ඇඟේ නොහැපී බේරුනෙමි. ඇය සුහද ලෙස මා හා සිනාසුනේ ඇය අතවු සුන්දර මල් මිටියේ සිරි තවත් වැඩි කරමිනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

“සුභ උදෑසනක් පත්තර අයියේ.. මට රන්දිව අරන් තියන්න..“ මා පසුකරමින් කෑ ගසාගෙන ගියේ ඉදිරිපස කඩයක අයිති කරුවෙකි. ඔහු තම කඩය විවෘත කරන්නට දිවයන්නට ඇතැයි මම සිතුවෙමි.  බුලත් කොල වතුරේ පොඟවමින් අසුරන බුලත්වෙලෙන්දිය ගැන මෙන්ම සීතලේ ටයිප්රයිටරයත් සමඟ පදික වේදිකාවේ සිටින ලියන්නා ගැනද ශෝකි සිතිවිලි සිත පිරදේදි  මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

සීතල ඇඳුම් වලින් උණුසුම් වුනු දරුවන් අතරින් පතර පන්තිය පුරා විසිර සිටියෝය. ඔවුන්ගේ වෙනදා ජවය නැත්තේ සීතල විසින් ඔවුන් ගල් පිළිමයන් බවට පත්කර ඇති  හෙයිනි. වැඩිහිටි ළමුන් සඳහා වු මගේ පන්තියට ගෙඩවැදි ඔවුන් හා විශය කරුණු වල අතර මං උනෙමි. විවේක කාලය  රසවත් කලේ අපූරු කෝපි කෝප්යකිනි. පන්තිය නිමවා ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

මා දන්නා කල සිටම පාර අයිනේ  කෙටි ආහාර සාදන ලොරිය සුපුරුදු ලෙස එහි විය.  පුරුදු ලෙස ඔවුන්ගෙන් යමක් අම්මා වෙනුවෙන් මිලදී ගෙන යලිත් ගමන් ඇඹුවෙමි.  වැස්ස සැරවෙමින් තිබුනි.. සීතල මගේ මග අවුරන්නට විය. කෝපි කෝප්පයක් රස විඳිමේ ආශාවෙන් පෙලෙද්දි මා මිතුරු යුවලක් මුන ගැසුනි. ඔවුන් සමඟ අවන් හලට වැදි රස කතා සමඟ කෝපි කෝප්ය රස විඳ යලිත් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
සීතල දෙසැම්බරයේ පාළු හුදෙකලා මං මාවත් අතර තනි මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

13 comments:

  1. උදුවප් මහෙ පරිසර වෙනස ගොඩක් අයගෙ තනිකමත් එක්ක බොහොම අපුරුවට ගැලපෙනවා. එක අතකින් එක සුන්දර අත්දැකිමක් විදියටයි මම දැනෙන්නේ. :) තනිකම් නම් කිසි ලෙසකින් වත් සුන්දර නැ තමා එත් එ තනිකම අර පරිසර වෙනසත් එක්ක ගැලපුම හරිම අපුරුයි හංසි අක්කේ............ :)

    ReplyDelete
  2. සීතල දවසක් ලස්සනට විස්තර කරලා තියනවා. සීතල හන්දා කම්මැලි හිතුනත්, හිතට ආපු අදහස් රසවත්නේද? :D

    ReplyDelete
  3. රසවත් කෝපි කෝප්ප නම් බීලා තියනවා ඇති වෙන්න. අපූරු කෝපි කෝප්පයක් ගැන ඇසුවාමයි....:DDD
    සීතල එක්ක ලස්සන කතාවක්. සරලව ලියා තියනවා කාලෙකින්.

    ReplyDelete
  4. සීතලයි හුදකලාවයි . හරි අපූරුවට විස්තර කරල .සමහර වෙලාවට පරිසරයේ ඇතැම් වෙනස්කම් අපේ සිත් වේදනාවට පත් කරනවා .
    …හුදකලාබව වැඩි කරනවා .

    ReplyDelete
  5. මමත් කතාව එක්ක ඇවිද්ද කියලා දැනෙනවා. ඇති යන්තම් සීතල නැතිවෙන්න අපූරැ කෝපි කෝප්පයක් ලැබුණා.

    ReplyDelete
  6. මචං.. ඔය තරං සීතලද අප්පා.. මට නන් ආසයි ඔය සීතලේ උණු උණු කෝපි කෝප්පයක් බොන්න...

    ReplyDelete
  7. ලස්ස්නට වචන ටික ගලපලා තියෙනවා....
    මටත් නිකං සීතලයි සීතලයි වගේ දැනුණා. අපූරු කෝපි කෝප්පයක් ලැබුණ නිසා හොඳයි........ :D :D

    ReplyDelete
  8. @ සිරි කොලුවා
    ස්තූතියි මල්ලි බබා ඔයා ඉතින් හැමදාම මාව අගය කරන කෙනොනේ 

    @ පොඩ්ඩි අක්කා
    සීතලේ ඇවිදන් යද්දි හිතට ආපු රසවත් අදහස් ටිකක් අක්කේ... මේක දැකලා ඔයාට හිතුනේ නැද්ද මට රෝස මලක් එවන්න.. අපේ දිහා මේ කාලෙට රෝස මල් නැහැ අනේ... 

    @ priyantha අයියා
    එන්න කෝ දවසක අපේ දිහා දෙන්නම් අපූරු කෝපි කෝපයක්...  ඇයි අනේ ඹයා ගිහින් නැද්ද මිලානෝ එකට ඒකේ කෝපප රවුම් නැහැ ත්‍රිකෝණ හැඩේට තියෙන්නේ... :P ඒ ජාතියේ කෝප්පෙකින් කෝපි බිව්වේ..

    @ Gimhani
    ඇත්තටම ඔයාගේ හිත රිදුනම ගිම්.. හ්ම්ම් එහෙනම් මම ඊලඟට සතුටු හිතෙන කතාවක් ලියන්නම්... 

    @ බට්ටි
    හරිම අපුරු ගමන නේද බට්ටියේ..

    @ Pasan අයියා
    අලේ ඔව් මතං අයියේ.. අපේ දිහා ආවම උයාට මම හොඳ කෝපි පාටියක් දෙන්නම්... 

    @ මහි
    ස්තූතියි මහී.. එන්න දවසක අපූරු කෝපි කෝප්යක් බොන්න 

    ReplyDelete
  9. හුදෙකලාව මම ජීවිතේ ආසම දෙයක්.. ලස්සනට අකුරු කරලා තියෙනවා අක්කේ...

    ReplyDelete
  10. ඔබ රචනා කලාවෙහි දියුණුවක් ලබමින් සිටින කෙනෙක් බව පෙනෙනවා. මම පරණ ගුරුවරයෙක්. ඔබේ සුළු සුළු අඩුපාඩු ටිකක් පෙන්නලා දුන්නොත් තරහ නැහැ නේද? ඔබ මේ රචනය ලිවීමෙන් පසු පළකරන්නට පෙර නැවත කියවා නැති බවක් පෙනෙනවා. එළදෙනුන් යන වචනය එලඵදෙනුන් යනුවෙන්ද සේවකයින් යන්න සේවයකින් යනුවෙන්ද යෙදී ඇත්තේ ඒ නිසයි. 'ඇවිඳන්' යන වචනය මටනම් තේරෙන්නේ නැහැ. 'ඇවිදිමින්'යන අදහසද? මෙවැනි රචනා වලදී ඉංග්‍රීසි වචන යෙදීමේදී හැකිනම් ඒවා දෙබස් වලට සීමා කරන්න. තවත් මා දුටු වැරදි කීපයක් මෙසේයි.
    සුවිටරය නොවේ ස්වේටරය, sweater, ස්ටෝබෙරි නොවේ ස්ට්‍රෝබෙරි strawberry, පුස් බයිසිකලය නොවේ පුෂ් බයිසිකලය, push bicycle,
    ඔබ, රටක් වටිනා, ලේඛන කලාවේ නියම සුදු හංසියක් වේවා.

    ReplyDelete
  11. හරිම අපූරුයි,,!

    ReplyDelete
  12. බොහෝම ස්තූතියි ගුනරත්න මහත්මයා.. මගේ සිංහල ලිවිමේ හැකියාව ගොඩක් දුර්වල බව මටත් වැටහිලා තියෙනවා ඒ දුර්වල කම් හදා ගනිමින් ඉදිරියට ලියන්නයි මගේ බලාපොරොත්තුව. ඔබ තුමා පෙන්වා දුන් අඩුපාඩු ඉදිරියේදි හදා ගන්නම් නැවත් වරක් බොහෝම ස්තූතියි ඔබ තුමාට :)

    ReplyDelete
  13. ඇත්තටම ලස්සනයි.... සුපිරි .... ඔයාට සුභ පතනවා! ජයෙන් ජය...
    (රස්තියාදු හිත)

    ReplyDelete