Jul 26, 2011

වලාවෙන් වැසුනු සඳ වේගවත් අවසන

මනූ අයියාගේ කර පිටින් ගෙදර ඇවිත් අපි ගෙදර අයට කිවේ වැලලේ බයිසිකලෙන් වැටුනා කියලා විතරයි.. ඊට එහා යමක් දැනං හිටියනම් ඒ සෙනූ අක්කා විතරයි... දවස් ගානක් පුංචි අම්මා තම්බලා දුන්න වෙනවැල් ගැට බීල යාන්තම් අතේ පයේ වේදනාව දුරු කර ගත්තා. ඒත් හැම වෙලාවෙම් කල්පනා උනේ මට සිද්ද වුනු නව නිංගිරාව ගැන.. දැන් කොමද ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ කලිසමක් ඇඳගෙන ස්කූල් වෑන් එකේ යන්නේ අංජු අනිත් කෙල්ලන්ට මේ වෙද්දි ගින්න පත්තු කරලා ඇත්තේ අනේ අහිංසක මට සිද්ද වුනුදේ කියලා හිතලා මම නෙවේ ආයිනම් වෙරළ පැත්තේ ගියේ... ඒත් ඔය අතර කාලේ මට අංජුව මතක් නොවුනාමත් නෙවෙයි ගෙවෙන හැම තත්පරේකම මගේ සිතිවිලි වල පැටලිලා උන්න නිසාමද කො‍යිද මට දැනුනේ එයා මා ලඟම ඉන්නවා වගේ.

ඉස්කෝලෙ පටන් ගත්තට පස්සේ ඉස්සෙල්ලාම දවසේ මම තරම් ගොළු කෙනෙක් ස්කූල් වෑන් එකේ ඉන්න නැතිව ඇති, බොරු හිසේ කැක්කුමක් මවාගෙන සීට් එකේ ඇන්දට හේත්තු වෙලා  ඇස් පියාගෙන උන්නත් සිතිවිලි දඟ කලේ අංජුගේ සුපුරුදු සඳුන් සුවඳ එක්ක.. කොයි තරම් උවමනාව තිබුනත් මම නෙවේ අංජු වෑන් එකෙන් බහිනකල් ඇස් ඇරියේ.. හවසක් පුරුදු විදියට මම බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලට නතර උනා...

පහුවදත් මට ඔනි උනේ ස්කූල් වෑන් එක මඟ හරින්න ඒත් ගේට්ටුව ලඟට ඇවිත් හෝන් එකට තඩි බාද්දි මට නොයා ඉන්න බැරි උනා.. සුපුරුදු විදියට පිටි පස්සට හේත්තු වෙලා ඉදෑද්දි ‍ටික වෙලාවක් යනකොට අංජුගේ සඳුන් සුවඳන් වෑන් එක පිරිලා ගියා... 

"පහන් අයියා.. පහන් අයියා.. නැඟිටින්නලු..." පොඩි උන් මාව හොලවලා ඇහැරවද්දි මම හෙමින් ඇස් අරලා‍ බැලුවා.. වෑන් ‍එක නතර කරලා සුපුරුදු පාසැල් නිල ඇදුමෙන් නැතිව ලා කහ පාට සල්වාර් ඇඳුමක් ඇඳ ගත්තු අංජලී දොර ලඟ.. මගේ දිහාට පොතක් දිගුකරන් ඉන්නවා.. හැමෝගේම ඇස් මගේ දිහාවට අංජුගේ යාළුන්ගේ ඇස් වල කඳුලු.. අංජුගේ ඇසුත් තෙත් වෙලා.. කිසිත් හිතා ගන්න බැරි වුනු මම අංජු අතේ තිබුනු පොත ගත්තා... වෑන් එකේ දොර වැහුනෙත් හැමෝම අංජලී දිහාට අත වනලා සමු දුන්නතේ හිතා ගන්න බැරි වේගෙකින්... මට ඔනි උනේ තනි වෙන්න.. වෑන් එකේ ඉස්සරහා සීට් එකේ හිටපු පොඩ් දෙන්නව පස්සට දාලා මම අසංක අයියා ලඟින් වාඩි උනා.. පොත දිග හැරලා බලන්න දහස් වාරයක් හිතුනත් මේ ඒකට සුදුසු තැන නෙවෙයි කියලා මගේ හිත කීවා..

"ගනන් ගන්න එපා මල්ලි.. ඔය කෙල්ලන්ගේ ඉරනම අපි හිතනවට වඩා වෙනස් සහ වේගවත් විදියට විසඳෙනවා" අසංක අයියා කියද්දි මම කටත් ඇරන් මුණ දිහා බලා හිටියා හැරෙන්න කිසි දයෙක් කීවේ නැහැ

විවේක වෙලාවේ ඉස්කෝලේ කෙරවලේ බට් අඹ ගහ යටට එළුවාවත් ඇදන් ගිය මම අංජලී දුන්න පොත හෙමින් පෙරලුවා...

සින්ඩරෙල්ලා තීම් එකෙන් හදපු කෙල්ලෝ පාවිච්චි කරන නෝට් බුක් එකක ඉස්සෙල්ලාම අංජුගේ බැග් එක මගේ උකුලට දාපු තැන ඉඳන් අප අතර වුනු සිදුවීම් එකින් එක ඉංග්‍රීසියෙන් සටහන් කරලා තිබුනා.. අවසානේ මට වෙරලේදි ගුටි කන්න වුනු සිද්දියත් ඊට පසු සිදුවුනු දෙවලුත් ලියුමක් විදියට ලියලා තිබුනෙත් ඉංග්‍රිසියෙන්මයි මගේ ඉංග්‍රීසි දැනුම දියුණු මට්ටමක තිබුනත් එයා පාවිච්චි කරලා තිබුන සමහර වචන හොයන්න එළුවා දුවගෙන ගිහින් ඩික්ෂනරියකුත් ගනෙත් දුන්නා..

අවසානේ බොඳ වුනු නිල් පෑන් තීන්තෙන් ලියලා තිබුනේ රිසාන් නැමැති ඥාති වරයා එහෙමත් නැත්නම් එදා වෙරලේදි මට ගුටි ඇන්න හාදයා අංජුගේ ඉගෙනීමත් මග නතර කරලා එයා විවාහ කර ගන්න පුළුවන් වයසට එනකල් ගෙදර හිර කරපු බව, ඒකට ප්‍රධාන හේතුව එදා වෙරලෙදිත් ඊට පසුත් මං වෙනුවෙන් අංජු ගෙදර කතා කිරිම...

අපි දෙන්නම අපි දෙන්නට නොදැන කාලයක් ආදරේ කරපු නිසාමද කොහේද මගේ හිතට ඒවා කියවද්දි ලොකු වගකීමක බරක් දැනුනා.. පුළුවන් තරම් ඉක්මනින් මට ඔනි උනේ අංජුව බලන්න..   ඉස්කෝලෙ අවසන් වෙන්න කලින් එළුවගේ උදව්වෙන් තාප්පෙන් පැනගත්තු මම නතර උනේ අංජුගේ ගෙවල් ලඟ පටු පාරේ.. විසි තිස් ගමනක් බැල්කනිය දිහා බලන් ඒ මේ අත යන්න ඇති නෝට් බුක් එක මගේ අත් වල දාඩියටම පොඩි වෙලා.. මගේ ඇස් මටත් ඉස්සර වෙලා... අවසන් වතාවට තෙත ඇස් වලට ඒ මුණ දකින්න ලැබුනේ ගේට්ටුවේ ග්‍රීල් අතරින්... පුදුමය පිරුණු ඇස් වලින් මං දිහා බලාගෙන හිටිය අංජු  ඈතින් එන වාහන සද්දෙට ගැස්සිලා ගෙට දුවන් ගියේ යන්න කියලා මට අතින් සන් කරන ගමන්මයි.. ඒත් එතනින් පිට වෙන්න මගේ හිත වගේම දෛවයත් ඉඩ දුන්නේ නෑ.. ගේට්ටුවේ ග්‍රීල් වල  එල්ලිලා හටපු මට යන්න අමතක උනා...

අවසානයේදි ගේට්ටු පියන් වල එල්ලිලා හිටිය මම සුපිරි කැබ් එකේ ආපු රිසාන් සහ ඔහුගේ මිතුරන් සමග බහින් බස් වීමකටත් පැටලුනා.. ඒක කෙවර උනේ  මාස ගනනකට රෝහල් ගත වෙන්න තරම් දරුනු පහර දීමකින් 

තාත්තා නොගිය තැනක් නෑ.. නොකරපු දෙයක් නෑ.. ඒත් මම මට පහර දුන්න අය ගැන වචනයක් කීවේ නැහැ මට ඔනි උනේ නැහැ මගේ අහිංසක අංජලීට කරදරයක් වෙනවා දකින්න... රිසාන් කියන්නේ  මට අයිති නැති මගේ කෙල්ලගේ හස්බන්ඩ් වෙන්න ඉන්න කෙනා, මම ගුටි කෑවේ මගෙත් කට හොඳ නැති නිසා, ආපහු ගෙදර ගිය මට මාස දෙක තුනක්ම ඇවිදින්න පුළුවන් උනේ අයියගේ හරි තාත්තාගේ හරි වාරුවෙන්... නොහිතපු විදියට මගේ ඉගෙනිම අතර මග වැටුනා.. තාත්තට ඔනි උනේ සනීප වුනු ගමන් ආපහු මාව ගමේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියට ඇතුලත්   කරන්න ..

ඒත් හැම දේම වෙනස් උනේ සෙනූ අක්කගේ කෝල් එකකින්... " මල්ලි රෝසියි එයාගේ යාළුවෙකුයි ඇවිත් ඉන්නවා එයා  ඔයා එක්ක ස්කූල් වෑන් එකේ ගියාලු... අංජලීගේ යාළුවෙක්ලු  එයා කියනවා අංජලීට ඔයාව සෙනසුරාදා හවස එදා වෙරළේ සෙල්ලම් කරපු තැනදි මුණ ගැහෙන්න ඔනි කියලා...."

සෙනූ අකිකා කියද්දි මට ඔනි උනේ පියාඹගෙන කොළඹට එන්න.. ඒත් සෙනසුරාදා ගමනට අම්මාගෙන්වත් තාත්තාගෙන් වත් මට අවසර නොලැබෙන බව මම හොඳටම දන්නවා.. ඒ අය තාමත් හොයන්නේ අර තරම් ද‍රුණු විදියට මට ගැහුවේ කවුද ඒ මොකටද කියන එක.. ඒක සිද්ද වුනේ ගෑණු ළමයෙක් නිසා කියලා දන්නවනම් ඒකත් මුස්ලිම් ගෑනු ළමයෙක් නිසා කියලා දන්නවනම් ඒ අයගෙන් මොන විදියේ ප්‍රති චාරයක් ලැබෙයිද කියන්න මම  දන්නේ නැහැ අනිත්මේ මම තීරණය කලා කාටත් නොකියා කොළඹ එන්න.. ඒ වෙද්දි මට පුදුරු විදියට ඇවිදන් යන්න ශක්තිය  තිබුනා.. මම ගෙදරින් එළියට බැස්සේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් පාඩම් කරන්න පොත් ටික ඉල්ලන් එනවා කියලා.. එහෙම කියපු මම ඉන්ටර්සිටියේ නැඟලා කොළඹ ආවා.. සුපුරුදු වෙරළ තීරයට වෙලා අංජු එනකල් මඟ බලා හිටියා... 

ලා රෝස පාට සල්වාර් ඇඳුමක් ඇඳගෙන මුහුණ පර්දාවෙන් කවර් කරගෙන ඈත වෙරලේ අංජු එන දිහා මම බලන් හිටියේ හිත පිරිලා ගිය ආදරේකින්

ආපු ගමන් මුකුත් නොකියාම මගේ පපුවට හේත්තු වෙලා අඬන්න ගත්ත කෙල්ල කැඩිච්ච සින්හලෙන් කීවේ.. රිසාන් කියන්නේ නමගිය මැරයෙක් බවත් රිසාන් සමඟ විවාහයෙන් පස්සේ දුක් විඳින්න බැරි බවත්  එයාව මට පුළුවන් දිහාකට අරන් යන්න පුළුවන්නම් මේ දැන්ම අරන් යන්න කියලත් විතරයි..

වචන වලින් අහස් මාලිගා හැදුවේ නැතත් අපි දෙන්නට ‍ දෙන්නා  එකිනෙකාට දක්වපු ආදරේ බැම්ම මේ වෙලාවේ හයියට දැනුනා..  මම අංජුව මගේ පපුවට තුරුලු කරන් කල්පනා කලේ කොහේ යන්නද මොනවා කරන්නද කියලා අවස්ථාවේ හැටියට අංජුව ආපහු ගෙදර යවලා මට සැනසිල්ලේ ඉන්න බැහැ වගේම මට එයාව අරන් යන්න තැනක් තිබුනෙත් නෑ.. 



"ඒයි... ෆාතිමා...." යටිගිරියෙන් ඇහුණු කට හඬට අංජු ගැස්සලා ඔළුව ඉස්සුවා අපි දෙන්නාම එකවර බැලුවේ කට සද්දේ ඇහුනු ඈත වෙරල දිහා... ඒ පැත්තෙන් අපි දිහාට දුවගෙන ආවේ රිසාන් සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්... වෙරලේ දුවගෙන ගිහින් අපි දෙන්නට ආරක්ෂා වෙන්න තැනක් නෑ.. සිද්ද වෙන එකම දේ තනි මට පහර දිලා අංජුව ඇදන් යන එක... අපි දෙන්නා අපි දෙන්නාගේ ඇස් දිහා බලන් මොහොතකට තීරණයක් ගත්තා අපි දෙන්නට දැනුනේ එකම දේ වෙන්න ඇති ... ඉමක් කොනක් හොයා ගන්න බැරි අගක් මුලක් නැති  ක්ෂිතිජය දිහා බලාගෙන අපි එක හුස්මට මුහුද දිහාට දුවගෙන ගියා.. රිසාන් හා ඔහුගේ මිතුරන් අපි එක්ක තිබුනු පරතරේ හැටියට කිසි කෙනෙක් අපි ලඟට ලන් වෙන්න හිතන්නත් කලින් අපි දෙන්නා  ගැඹුරු මුහුදේ අනත්තය දිහාට දිව්වා

14 comments:

  1. අනේ.....මට කියන්න මුකුත් හිතා ගන්න බෑ අක්කා....

    ReplyDelete
  2. උහ්.... අතිශය දුක්බර අවසානයක් ... කමෙන්ටුවට මොනවා ලියන්නද කියලත් කල්පනාවක් නැ. අසාධාරණයි අක්කේ .. මම කැමති නැ එ අවසානයට. සමා වෙන්න එහෙම කිව්වට ... :(
    …___________
    …ජිවිත වලින් වන්දි නොගෙවා මීටවඩා හොද අවසානයකට යන්න තිබුනා කියලා හිතෙනවා අක්කේ. :) හ්ම්..
    …___________
    …කාතාව මුලින් කියවද්දි මම හිතා ගෙනම හිටියෙ අර සොම හාමුදුරුවො කිව්ව '' පුංචි පවුල රත්තරන් යැයි කිම ජාතිය දන් ගෙඩියට යවිමක් '' කියන ඔවදනින්ම අවසන් කොටසට අදහසක් එකතු කරන්න . නොසිතුව ලෙස හැම දෙම වෙනස් උනා .. හ්ම්.

    ReplyDelete
  3. Meka apita karapu asadaranayak akka kathawa mehema iwara karapu widiya harima na :(

    ReplyDelete
  4. මාර අවසානයක්.. කතාව නම් ලස්සනයි..එත් අවසානේ දුකයි..හිතාගන්නත් බැ..

    ReplyDelete
  5. ලස්සනට කතාව ලියලා තියෙනවා අක්කා. අවසානය දුක වුනත් ඒ ආදරේ දිනපු එක ගැන එක විදිහක සතුටක් දැනෙනවා.

    ReplyDelete
  6. මටත් මුකුත් හිතා ගන්න බෑ සීනි

    ReplyDelete
  7. අසාධාරණයි තමයි සිරී මල්ලි.. ඔයා දන්නවා ඇයි අක්කා එහෙ කලේ කියලා

    ReplyDelete
  8. ඒක විතරද ශානු අසාධාරන අක්කා පව් නැද්ද කෙල්ල

    ReplyDelete
  9. ස්තූතියි නිම්ෂා නංගී.. මීට වඩා ලස්සනට ලියවෙන්න තිබුන කතාවක්... මටත් දුකයි ටික දවසකට ලියන්න නිදහසක් නැති වෙයි... අරුන්දති වගේ කරන්න බැහැනේ.. ඒ නිසා ඉක්මනට ඉවර කලා

    ReplyDelete
  10. ස්තූතියි Nisupa ඇත්ත දිනන්න බැර ආදරේ මොකක් නමුත් සාධාරන අවසානයක් කියෙන්න ඔනි

    ReplyDelete
  11. හෆොයි...... :(

    ReplyDelete
  12. කතාව බොලදයි.. හැබැයි ඒ නිසාම ලස්සනයි... මොකදබොලද කමක් නැතුව ආදරයක් නෑ.....

    ReplyDelete
  13. අද තමයි මේ පැත්තට එන්න වෙලාවක් ලැබුනේ. ඉක්මනට ඉවර කරලනේ හංසියේ. ලස්සනයි කතාව ගොඩක්.
    ඒක නම් කතාවේ අවසානය පිළිගන්න වෙනවා. මොනා කරන්නද නේද......

    ReplyDelete
  14. කිසිවක් නොකියමි.....

    ReplyDelete