මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 6, 2011

නික්මීම

සිරුරේ සියුම් නහර වලින් නැගෙන වේදනාව ඉවසිය හැක්කක් නොවේ, ඉදිමුණු ශරීරය තැනින් තැන පුපුරා ගලන කහ පැහැති සැරව ගඳින් මුළු කාමරයම පිරි ඇතුවාට සැක නැත. මුළු දවසම වැසුණු දොර පියන් නිසා ඒ දුර්ගන්ධය පිටතට නොයනවායැයි මා සිතමි.. නිතර කාමරටය පැමිනෙන සාත්තු සේවිකාවත් ඉඳ හිට පැමිනෙන මාගේ බාල සහෝදරයාත් මුව වැසුම් දමා පැමිනෙන්නේ ඒ දුර්ගණ්ධය ඔවුනට ඉවසිය හැක්කක් නොවන නිසා විය යුතුය. ඒහෙත්  ඒ දුර්ගණ්ධය වුවද මට සුවඳක් සේ දැනේ මා මේ  අඳුරු කාමරයට කොටු වී මේ ගත කරන්නේ සිව්වෙනි මාසයයි.. 

මා මට වැලඳි ඇති රෝගය කුමක්ද ඒයට කල හැකි ප්‍රතිකාර මොනවාද යන්නවත් මා නොදනිමි. එහෙත් මා ජීව විද්‍යා උපාධිධාරිණියක්මි. විශ්ව විද්‍යාලයේ අවසන් දෙවසරේදි වසරකට එක්කෙනෙකු බැගින් දෙවියන් වහන්සේ විසින් මාගේ දෙමාපියන් දෙදෙනා ගෙන්වා ගත්තේය. එවකට පාසැල් අධ්‍යාපනය හදාරමින් උන් බාල සොයුරා නිසි වයසට එනතුරුයි සිතා මම විවාහයක් ගැන නොසිතා දෙමාපිය උරුමයෙන් ලැබුණු විශාල දේපල ආරක්ෂා කලෙමි. අප දෙදෙනා කුඩා කල සිට රැක බලාගත් ආයම්මා ඒකල දිනපතා වෙහෙසුනේ මා විවාහය වෙනුවෙන් කැමති කර ගැන්මටයි.  එවකට මා සිතෙහිද ප්‍රේමණිය සිතිවිලි නොතිබුනාම නොවේ. කඩවසම් තරුණයෙකු හා අල්තාරය පාමුල දෙවියන් ඉදිරියේ මුදු මාරු කොට විවාහ වන්නට. සුන්දර පල්ලි භුමියේ පයිනස් ගස් අතරින් සුදු වේලයෙන් සැරසී සැමියාගේ සුරතේ වෙලි පඩිපෙල් බසින්නට, මුහුද  අද්දර තානායමක සුන්දර මධු සමයක් ගත් කරන්නට, කඩවසම් සැමියාත් මමත් පමණක් සිටිනා කුඩා නිවසක සැහැල්ලු කුඩා ඇඳුමකින් සැරසි සුන්දර හවස් යාමයන් ගත කරන්නට, කාර්‍යබහුල ජීවිතය තුල වුවද දියණියක හා පුතනුවකගේ මවක් වන්නට, විවේකි සති අන්තයක ඔවුන් හා නිවාඩුවක් ගත කරන්නට, මෙන්ම දරුවන්ගේ දරුවන් දකින්නටද මා සිතෙහි සිහිනයක් මෙන්ම අති විශාල බලා පොරොත්තුවක් විය.

එහෙත් සොයුරාගේ ඉගෙනිම් කටයුතු පශ්චාත් උපාධියෙනුත් කෙලවර නොවුයෙන් ඔහු ගේ ඉගෙනීම අවසන් වන විට මා විවාහ වන වයස පසු කොට සිටියෙමි. අවසන දෙමාපිය උරුමයෙන් ලැබුනු ව්‍යාපාර සහ දේපල සියල්ල සොයුරාට පවරා මාගේ පශ්චාත් උපාධිය සඳහා මා විදෙස් ගත වුනෙමි. එරටෙහිම රැකියාවක් ලබා මේ නන්නාදුනන රෝගයත් සමඟ යලිත් මා මව් රට පැමිනියේ මීට මාස පහකට පෙරයි.

මේ සියල්ල මට සිහිවන්නට ඇත්තේ මා සුළු වේලාවක් තුල පිවිසි සුව නින්දේ ඇවෑමත් සමඟ වුවද නැවත නින්දෙන් අවධි වු මා හට  ශරිරයේ වු දැඩි වේදනාව ඉවසිය නොහැකි විය. සිහින් කෙඳිරිල්ලක් මුවින් නිතුක් වත්ම සාත්තු සේවිකාව ආවරණය තරගත් මුහුණින් යුතුව පැමිණ ඇඳ අසල සිට ගත්තාය. ඇයට යමක් කීමට අවැසි විය නමුත් මුව විවර  නොවිනි,   ඝණ කම් ලාටු වර්ගයකින් දොතොල් එකිනෙක ඇලි පවතින බවක් දැනුනි.. මුව විවර කිරිමට හෝ සාත්තු සේවිකාව සමඟ සිනා සිමටවත් මාගේ කම්මුල් මාංශ පේෂින් ඉඩ නුදුන්නේය.

මේ කාමරයෙන් පිටතට යෑමේ හදිසි අවශ්‍යතාවයත් දැනුනත් මාගේ සිරුර මට වලංගු නැති වී දැන් මාසයකටත් වැඩි,ය මම දෙවියන් වහන්සේව සිහි කලෙමි. මා සිත තුල වු විශ්වාසයට අනූව මේ වේදනාවෙන් මිදිමට උන්වහන්සේ මා හට දැන් වත් පිහිට විය යුතුය.

මා සිතුවා සේම සිහින් ආලෝක ධාරාවක් සමඟ  සීලිමේ පෙනී  සිටි උන් වහන්සේගේ පැහැදිලි මිහිරි හඬින් මා හට උන් වහන්සේ වෙන පැමිනෙන ලෙස දන්වා සිටියේය.මම දෙනෙත් පියා උන්වහන්සේට ස්තූති කලෙමි.. විවර වු දෙනෙතට උන්වහන්සේ පෙනෙන්ට නොසිටියෙන් සිත සිහින් ලෙස කම්පාවට පත් වුනත්, මේ සිරුරෙන් වෙන්වී යන්නට මගේ සිත දැඩිවි තිබුණි,

මා හට දැනුනේ සිරුර පුරා දැල්වුණු වේදනාව එක්වර දුරුවු විට දැනෙන සැහැල්ලුව පමණී. සැනෙන් සා පාවී ගිය මාගේ සිරුර සීලිමේ රැඳුනි. කාමරයේ මැද වු ගිලන් සයනය මත උඩුබැලි අතර වතිර සිටින තාරා සිරිවර්ධන දෙස මොහොතක් බලා සිටියෙමි.


සිහින්ව තිබුණු සිරුර අසාමාන්‍ය ලෙස ඉදිමි තැන තැන පිපිරි සැරව ගලමින් තිබේ.. දෙනෙත් විසල්ව විවර වීලාය. අත් වැසුම් දමා ගත් සාත්තු සේවිකාව නිසල සිරුරේ නාඩි පරික්ෂා කොට කලබලයෙන් මෙන් කාමරයෙන් ඉවතට ගියාය. 

මා ඇය පසු පස ගියෙමි. ඇය දිව ගියේ මා ගේ බාල සොයුරා වු කාර්‍යාල කාමරයටයි.

“Sir  am really sorry she is no more“ පහත් කර ගත් හිසින් යුතුව කී ඇ නිසොල්මනේ සිටියාය. මා බලා සිටියේ මාගේ සොයුරා දෙසයි, ඔහුගේ දෙනෙතේ වු කණගාටුවේ සේයාව මා සිත රිදවන්නට සමත් විය මා ඔහු පිටු පසින් සිට හිස පිරිමැද්දෙමි එහෙත් ඒ වග ඔහුට නොදැනුන වග මා හට විශ්වාසය. 

මොහොතකින් මා පිටව ගොස් අසල කාමරයේ වු ආයාම්මා ගැන විපරම් කලෙමි. දැන් වසර තුනක සිට අංශබාග රෝගයෙන් පෙලෙන ඇය ඇයගේ සාත්තු සේවිකාවත් සමඟ මා ගැන කියමින් හඩමින් සිටියාය, යහනෙන් බසින්නට වාරු නොවුනත් ඇය මා ගේ නිසල සිරුර දැකීමට උවමනා බව කියමින් හඬා වැටුනාය.

මම කම්පාවට පත්වීමි.. මාගේ වියෝය ඇයට මහත් පාඩුවකි.. නැත, මා මෙසේ වෙන්ව යා යුතු නැත, කෙසේ  හෝ  මේ රොගය සමඟ සටන් කොට මා ජය ගත යුතුය, ඒ සේ සිතා නැවතත් සිරුර තුලට යන්නට මම අපමණ උත්සහ කලෙමි එහෙත්. මට එය කල හැකි නොවීය.

මම සොයුරාගේ කාමරයට ගියෙමි.

“I have paid you  for six months. I want my money back" හදිසියේ ඇසුණු වදන් ඔස්සේ ගිය මා හට සියල්ල වැටහුනි මාගේ සාත්තු සේවිකාවට මා රැක බලා ගැන්ම වෙනුවෙන් මාස හයකට ගෙවු මුදල යලිත් ඉල්ලා මා සොයුරා ඇය හා වාද කරයි. මොහොතකින් මුදල්  නෝට්ටු කිහිපයකින් ඔහුගේ මුහුණට දමා ගැසූ ඇය ඇඳුම් බෑගයත් රැගෙන පිටව ගියාය.

ඇය පසුපසින් මිඳුලට ගිය මා හට දැක ගත හැකි වුයේ අසල්වාසීන් කිහිප දෙනෙක් මිදුලේ රැස් වී සියින අයුරකුයි. ඔවුන්ගේ  අතරට පැමිණී මා සොයුරා කියා සිටි දෙයින් මගේ නික්මීම මා සාධාරණි කරණය කර ගතිමි.

“ගෙදර ඔවා කරන්න බෑ. අනික මැරිච්ච කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න සල්ලි මා ගාව නැහැ, දැන් මල් ශාලාවට අරන් යනවා හෙට උදේ එතැනින්ම කරන්ට් එකට යවනවා“




12 comments:

  1. ලස්සනයි. මේ ඇත්ත කතාවක්ද? ඔයාගේ සිතේ උපන් ප්‍රබන්ධයක්ද?
    මොනව උනත් ලස්සනයි. ජීවිතය, මරණය මේ දෙක අතර නේද අපේ හැම දෙයක්ම....

    ReplyDelete
  2. ආත්ම පරිත්‍යාගයක උච්චතම අවස්තාවක් හැටියටයි මම මෙක දකින්නෙ.. හංසි අක්කගෙ පර්යාවලොකන ශක්තිය මම ඉහලින් අගය කරනවා.....
    කතාවෙ ගලා යාම අපුරුයි . කැමතියි මම එ ''නික්මීම'' ට....... :)) ''Sir am really sorry. (s)he is no more''

    ReplyDelete
  3. අපි වෙනුවෙන් අපි. කොටින්ම අනුන් වෙනුවෙනුත් අපි නෙමෙයි. ඒත් ඕකේ වෙනස් තියෙන්නේ නෑදෑ සහෝදර කම් අතරෙ බැම්ම කැඩෙන තැන සම්බන්ධයෙන්. ඔයත් වෙන ඥාතියෙකුත් අතර බැම්ම කැඩෙන්න යන වෙලාවෙන් ඒ බැම්ම ගැන නිවැරදි තක්සේරුවක් ඇති කරගන්න පුලුවන්. සමහර බැමි ඉක්මනට. සමහර බැමි කල් ගිහින්. හැබැයි කවදා හෝ කැඩෙනව. එහෙම නොකැඩෙන්නෙ බැම්ම කැඩෙන්න කලින් එයට සම්බන්ධ වෙච්ච අනිකා හෝ ඔබ මියගියොත් පමණයි. හැබැයි ඒක රඳාපවතින්නේ ඔබ බැඳීම ඇතිකරගත්තු විදිහෙ මිසක් බැඳීම ඇතිකරගත්තු කෙනා මත නෙමෙයි. මොකද ඔබේ බැඳීම ඉක්මනට කඩාගත්තු කෙනා වෙනත් බැඳීමක් සාර්ථකව දිගුකල් ගෙනයන්න පුලුවන්.

    මම මේ කතාවෙ ආසා නොවෙන කොටසක් තියෙනව. මැරිලත් නෑයෝ සලකනවද නොසලකනවද කියලා බලන එක. ඒක වෙනින් විදිහකට එලියට දාන්න තිබ්බනම් උපරිමයි. ඒක එහෙම ලියවුනත් අවුලක් නෑ; හැබැයි මුල් රිද්මෙටම. මොකද ඒ අවසානෙ හිතේ දුකකින් ලියවෙද්දි මට අවුලක් දැනුනා. ඒක මගේ අවුලක් වෙන්නත් පුලුවන් අක්කෙ.

    මොක වෙතත් ලියලා තියෙන විදිහ මරු. විදිහ කියලා මම කියන දේට ලොකු ලොකු උන් කියන්නෙ භාෂා භාවිතය කියලලු. ජය වේවා!

    ReplyDelete
  4. අමුතුම කතාවක් කාලෙකින් කියෙව්ව....

    ReplyDelete
  5. පුදුම කතාවක් නේ මේක

    ReplyDelete
  6. කියවන්න ආසාවෙන් කාලෙකින් කියෙවුව කතාවක්. ඇත්තටම ලස්සනයි. මම සුබපතනවා.

    ReplyDelete
  7. ලස්සන කතාවක්. ඇත්තටම වෙන්න පුලුවන් කතාවක්...

    ReplyDelete
  8. මේ වගේ දේවල් මේ සමාජයේ කොච්චර නම් සිද්ධවෙනවද...

    ReplyDelete
  9. @ ප්‍රියන්ත අයියා මේ කතාවේ ඇත්තක් නැතුවාම නෙවෙයි.. ඒත් මේක ප්‍රබන්ධයක් කියනවට මම කැමතියි අර අවසන් තටයුතු කෙරුනු විදිය හැරුණු කොට කතාව ප්‍රබන්ධයක් ඒත් මිය ගිය චරිතය ඇත්ත කෙනෙක් මම දන්නේ කාත් කවුරුත් නැතිව අවසාන් කටයුතු සිද්ද වුනා කියලා විතරයි

    ReplyDelete
  10. @ සිරි කොලුවා ...

    බොහොම ස්තූතියි මල්යන්ඩියේ අගය කිරිමට..:)
    ලේඛන කලාවේ මම තාම බිළිදියක් පමණයි මල්ලියෝ.. ඒත් මම මේ කතාවෙන් වෙනසක් කරන්න ලොකු උත්සහයක් යන්තම් සිම්පල් පාස් එකක් දා ගත්තා වගේ හැඟිමක් එනවා.. ඒ පාස් එකක් ගන්න මට තව මහන්සි වෙන්න වෙයි නේද :)

    ReplyDelete
  11. @ මුචලින්ද..

    කමෙන්ටුවට බොහේම ස්තූතියි මල්ලියා..

    මම ලියපු කතාවේ සහෝදර බැම්ම කොතනදි හරි දරුනුවට කලින් ඉඳන්ම පලුදු වෙලා තිබිලා තියෙනවා.. ඒක අක්කාගේ වරදද මල්ලිගේ වරදද කියන්න මම මේ කතාවේ සත්‍ය පැත්ත දන්නවා අඩුයි..

    ආයිත් පාරක් ස්තූතියි ටෙම් පැත්තට ආවට

    ReplyDelete
  12. @නදුන් උයන ස්තූතියි යාළු

    @ මධුරංග ස්තූතියි මල්ලි

    @ N N K ස්තූතියි යාළු

    @ Nisupa ස්තූතියි අක්කා

    @ ටී.බී. හේරත් : ඇත්ත.. මේක සත්‍යය ඇසුරෙන් ලියපු කතාවක්

    ReplyDelete