Jul 16, 2011

වලාවෙන් වැසුණු සඳ සිව්වන කොටස

හැන්දෑ වරුවේ  පොල් ගස්  අස්සෙන් හෙමින් හෙමින් ඉර බැහැගෙන යද්දි  බැල්කණියට ආවම වටේ පොල් වත්ත පුදුම තරම් ලස්සනට පෙනුනා.


හැන්දෑ වරුවේ ලස්සන විඳින්න මම ගියේ බැල්කනියේ පිටුපස්ස කොටසට.. පොල් ගස් යාය මැඳින් ඉර බරහරගෙන යද්දි පුදුම ලස්සනයි ඒ මිහිර විඳින්න වෙරළටම යන්න ඔනි.. අර කෙල්ලටනම් යන්න පුළුවන් ඇති මොකද උන්ගේ ගෙවල් තියෙන්නේ මුහුද කිටුටුවනේ.. ඒත් ඇයි මට මේ වෙලාවේ ඒ කෙල්ල මතක් උනේ.. එයා  ඉර බහිනවා බල්න්න යන එකට මට මොකෝ.. සමහර විට ගෙදරම පේනවා ඇති ඉර බහිනවා.. අනේ අනේ මටත් හිතෙන දේවල්.. අදම දැක්ක කෙල්ලක්ගේ විනෝදාංශ ගැන හීන මවන්නේ.. අනික ඉර බහින පායන එක මට විශේෂයක් උනාට එයාට විශේෂයක් නෙවෙයි වෙන්න ඇති.. මටත් පිස්සු හෑදිලද මන්දා එහෙම හිතාගෙන ආපහු කාමරේට යන්න හැරෙද්දි අක්කා පිටිපස්සේ..

පොල් වත්ත දිහා බලන් මොකද හප්පේ ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ.. ගමේ දාලා ආපු කෙල්ලක්වත් මතක් උනාද....?

මොන කෙල්ලොද හලෝ අපිට..... ඔකනේ කියන්නේ යන්නේම රොන්ග් සබ්ජෙක්ට් එකට... චික්.. අයි හේට් ලව් ස්ටෝරීස්........ බලලා තියෙනවා නේද ඒ ෆිල්ම් එක..  මම දැක්කා ඔයාගේ කලෙක්ෂන් එකේ තියෙනවා.. ඔයත් අන්න ඒ කෙල්ල වගේ... ඒ නැතත් ඔයා නම් ජීවත් වෙන්නේ හිනිදි සිනමාව කියන්නේ ඇත්තක් කියලා හිතන් ඒ ලෝකේ... මම සෙනූ අක්කට සරදම් කලා
ආ... ෆිල්ම් වල වෙන හැම දේම ඇත්ත නෙවෙයි.. හැබැයි ඒ හා සමාන දේවල් ඇත්ත ලෝකේ වෙනවා.. ඔයා ඇයි ඒක අමතක කරන්නේ.. හරි වෙන්නේම නෑ කියමු ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලා අනිතිමේ දි ආදරේ කියන්නේ ඇත්තක් කියලා පිලිගත්තා නේද අන්න ඒ වගේ.. ඔයත් කවදා හරි දවසක කෙනෙක්ට පන වගේ ආදරේ කරන්න පටන් ගත්තහම දද අද මේ වෙලාවේ කීවා කියලා මතක් කර ගන්නකෝ.... සෙනූ අක්කා කියද්දි මම හිනා උනා.. 
ආදරේ කියන්නෙ මොන වගේ හැඟීමක්ද.. අම්මා අප්පච්චි ගැන දැනෙනවා වගේ.. නැත්නම් අයියා අක්කා ගැන දැනෙනවා වගේ.. එහෙමත් නැත්නම් කොල්ලෝ සෙට් එකේ එවුන් ගැන දැනෙනවා වගේ.. අනේ මන්දා.. ඔක කවදා හරි දැනෙයිනේ.. දැනට ඔවා ගන කල්පනා කරලා මොලේ මහන්සි කරන්න බෑනේ.. අහා.. මොලේ ගැන කියද්දි  මතක් උනේ ටර්ම් ටෙස්ට් ලඟයිනේ.. පහු ගිය ටිකේ පාඩම් අතපහු උනා.. පාඩම් කරන්න ඔනිනේ මම යනවා අක්කී.. 

මම ගියේ සෙනූ අක්කිගේ කොන්ඩෙන් අඳින ගමන් මම කියවපු දෙවල් කල්පනා කරන නිසාද කොහේදෝ එයාට ඒ ගැන වැඩිය ගානක් නෑ වෙන වෙලාවකනම් එයා මා එක්ක අනිවාර්යයෙන් රන්ඩු වෙනවා...


*************************
දවස් ගෙවෙන්නේ මහ පුදුමාකාර විදියට පාසෑල් වෑන් එකේ ගමන මුලින් වදයක් වගේ දැනුනට ඒකත් විනොද ජනක එකක් කියලා ටිකක් දවස් යද්දි මටම තේරුනා... පහුවදාත් අංජලීගේ බෑග් එක අරන් යන්න පොරොන්දු උනාට මොකද මට දොර ලඟ සීට් එකේ වාඩි වෙන්න වාන්ස් එකක් ලෑබුනේ නැහැ මල්ලිලා සෙට් එක මාව මහ ඉහලින් පිළි අරන් පිටිපස්සේ සීට් එකට ගත්තා..ටික දවසක් යද්දි මමයි වෑන් එකේ වීරයා.. මට ඔනි විදයටයි හෑම දේම උනේ.. ඩැයිවර් අයියත් තරුණ කෙනෙක් නිසා වෑන් ගමන ගොඩක් සුන්දර එකක් උනා.. සෙල්ලම් නොකරන දවසට හවස් වරුවෙත් මම වෑන් එකේ එන්න පුරුදු උනා.. ඇත්තමට හවස වෑන් ගමන ගොඩක් සුන්දරයි මඟ නතර කරලා  කඩචෝරු කන්න...  බර්ත් ඩේ පාටි දාන්න. වතුර ගහගන්න වගේ විකාර වැඩ ටිකක් හැමෝම වගේ අපේ වෑන් සෙට් එකත් පුරුදු වෙලා හිටියා..

මම හිටියේ පිටි පස්සේ සීට් එකේ මැද හරියේ මට කෙලින්ම ඉස්සරහින් අංජලී.. එයා එක්ක වෑන් එකට එන මෘදු සඳුන්  සුවඳ පාන්දර සීතල එක්ක නැහැ පුඩු වලට දැනුන පළවෙනි දවසේ ඉඳන් මගේ හිත හිරි වැටෙනවා වගේ දැනුනා.. උදේට වෑන් එකට ගොඩ වෙද්දි මුහුන වහන් කරන් එන පර්දා සාලුව ටික වෙලාවකින් ගලවදා බෑග් එකට ඔබා ගනිද්දි ලස්සනට දිලිහෙන ඒ කෙහෙරැලි දිහා බලන්න මම ආස වුනා.. අංජලීට තිබුනේ මේ ලෝකේ ලස්සනම කොන්ඩේ වෙන්න ඔනි.. එයා ගියේ ජාත්‍යන්තර පාසැලකට නිසා දිග කොන්ඩේ බැන්දේ තනි මිටකට... තද කළුපාට ඒ දඟර ගැහුණු කෙස් මිටිය මගේ එක අතකින් අල්ලන්න අමාරුයි.. ඒක හරියටම දැන ගත්තේ දවසක් අපි එකතු වෙලා අංජලීගේ කොන්ඩේ පේපර් රිබන් ගැට ගහලා නෝන්ඩියක් දුන්නු වෙලාවේ..

වෑන් එකේ වාඩි උනාට පස්සේ අංජුට සිහියක් නෑ.. ලඟ ඉන්න සිතුමි එක්ක වල් පල් කියවන එකයි වැඩේ.. තාරක මල්ලිගේ උපන් දිනේ දවසේ සරසන්න ගෙනාපු පේපර් රිබන් ටික පාට පාටින් එකතු කරලා අපි අංජලීගේ කොන්ඩේ සැරසුවා.. පොතක් ගන්න ඔනි කියලා ටවුන් එක මැද වෑන් එක නතර තර ගත්තු කෙල්ලෝ සෙට් එක බුක් ෂොප් එකට ගියේ සිහියක් නැතිව ඉඳලා කොන්ඩේ රිබන් වලින් සරසගත්ත අංජුත් එක්කරගෙන.. ආපහු එද්දි ජම්බු ගෙඩිය වගේ රතු වෙලා උන්නු අංජූ කලේ ආපහු පර්දා සාලුව ඔළුවට දාගෙන බෑග් එක අස්සේ ඹුණ හංගන් ගෙදර ලඟට යනකල් ගිය එක... සිතුමියි අප්සරයි කීවේ බුක් ෂොප් එකේ වැඩ කරන කෙනෙක් කියනකල් තුන් දෙනාම අංජුගේ කොන්ඩ සැරසිල්ල දැක්කේ නැහැ කියලා..ඊට  පස්සේ දවස් ගානක් යනකල් අංජු නෙව් පර්දා සාලුව අයින් කලේ.. ඒත් ඉතින් දවසක් දෙකක් යද්දි එයාටම අමතක උනා.. ඒත් එදායින් පස්සෙ මම අංජුට විහිලු කරන්න නොගියේ එදා බුක් ෂොප් සිද්දියෙන් පස්සේ ඒ මුණ මැලවිලා තිබුනා වගේ ආයේ දකින් මගේ යටි හිත අකමැති වුන නිසා වෙන්න ඇති

සිතුමි.. අප්සරා දෙන්නා අපි එක්ක කච කචේ දාගෙන ගියත් අංජු කවදාවත් අපි  එක්ක කතා කලේ නෑ ඒකටත් එක්ක කෙල්ලෝ එක්ක කියව එකමයි වැඩේ....ඔළුව වන වන ඇස් කරකව කරකව කියවද්දි මම එයාගේ සීට් එකට බර වෙලා හොරෙන් අහන් ඉන්නවා... ඔප එහන්න ඔනිවට මම හැදදාම බොරු ඔළුවේ කැක්කුමක් දාලා ඉස්සරහා සීට් එකේ පිටුපස ඇන්දට ඔළුව තියා ගන්නවා.. ඒ වෙලාවට දඟල දඟල කියවන අංජුගේ කොන්ඩේ මගේ නළලේ ලාවට ගෑවෙනවා.. මම හෙමින් මූණ උස්සලා ඒ කෙස් රැලි වලින් එන මුදු සුවඳ විඳ ගන්නේ හදවතින්මයි...

6 comments:

  1. ගොඩක් දවසකට පස්සේ ආයෙම කතාවේ තවත් කොටසක් ලියවිලා තියෙන්නේ. දැන් නම් කතාව හොඳින් ගලාගෙන යනවා. ඉතිරි කොටස කවදද දෙන්නේ. ඉක්මනට ලැබෙයි කියා හිතනවා.....

    ReplyDelete
  2. අම්මෝ මොකෑ අක්කේ ගොඩ කාලෙකට පස්සේ මේ කතාව ලිව්වේ ? මට ආයෙම කතව කියවන්න සිද්ද වෙනවා. කතාව මතක නෑ නේ. :(

    කමක් නෑ ආයෙම කතාව ලියන්න ගත්ත නේ. ඒ ඇති. ඊලඟ කොටස වැඩි කල් යන්න මත්තෙන් ලියන්න.

    මම නම් ආස නෑ යි හේට් ලව් ස්ටෝරීස් ෆිල්ම් එකට. ඒක මාර චාරට් සීන් එකක් නෙ. මම දන්න ගෑනු ලමේකුත් මැරෙන්න හැදුවා ඒ ෆිල්ම් එක ඉල්ලලා.

    ReplyDelete
  3. ලස්සන කතාව..මැවෙනවා කියවන් යද්දි...

    ReplyDelete
  4. @ ප්‍රියන්ත අයියා
    ගොඩ දවසක් ගියා තමයි අයියේ.. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් උනා ඒකයි.. :) දැන් බොහෝ දුරට හරි ගිහින්

    @ මධුරංග මල්ලි.. ප්‍රමාදයට සමා වෙන්න මල්ලි මම දන්නවයා ඔයා හැමදාමත් තවලම පැත්තේ එනවනේ

    @ස්තූතියි නිම්ෂා නගේ

    @හිස් අහස
    දිගටම කියවමු...

    ReplyDelete
  5. හංසි අක්කෙ මට ඉරාජ්ගෙ සිට්ටි මනිලා සින්දුව මතක් වෙනවා ...:D :D එල එල ඔහොම යමුකො

    ReplyDelete