Jul 19, 2011

වලාවෙන් වැසුණු සඳ පස්වන කොටස

වේගයෙන් ගෙවිලා යන කාලයත් එක්ක නොදෑනීම අගෝස්තු නිවාඩුවත් ආවා.. පසලේ නිවාඩු උනත් ටියූෂන් ක්ලාස් තියෙන නිසා මට ගෙදර ඉන්න පුළුවන් උනේ හරියටම දවස් දෙකයි.. ගිය පයින් ආපහු කෙළඹ එන්න මම තීරණය කලා. ගෙදර ගිය දවසේ ඉඳන් මගේ මුළු හිතම තෝන්තු වෙලා  ආපහු යන්න කියලමයි මගේ හිත මට කීවේ.. ඒත් ඒ මොන හේතුව නිසාද කියලනම් මම දන්නේ නැහැ.

වෙනදා වගේ පරණ යාළුවෝ එක්ක එකතු වෙලා පරේ ක්‍රිකට් සෙලල්ම් කරන්න යන්න මට හිත දුන්නේ නැහැ.. ඒ වෙනුවට හවස් වරුවේ මම පොතක් අරන් ගල් පඩිපෙල පල්ලෙහා තියෙන සමර් හට් එකට ගියා , එතන බංකුවක වාඩි වෙලා අනිත් බංකුව උඩ කකුල් දෙක තියාත්තු මම පොතේ පිටු එකින් එක පෙරලුවා... සංකීරන විශය කරුණු අතර අතරමන් වෙලා මම ගියේ සිතින් ගොඩාක් ඈතකට....

විඳින වින්දන නෙත් ඉමේ
රඟන රංගන පපුතුරේ
චන්චලයි විසිරෙනා සිතිවිලි
නුඹ මගේ පෙම් මන්සලේ

අංගනා නෙත් රංගනේ
නෙතුපියන් හැඩ බලමිනේ
දෙතොල් මදහස නඟන මියු රස
විඳිමි දෙතොලින් උනුසුමේ 

අසුණු මිහිරැති හද නදේ
සන්සලයි නෙතු කැන් ඔබේ
දෙනෙත් යායේ අතරමන් වෙමි
අසමි හද හඩනා ස්වරේ 
 කැරලි ගැහිච්ච තද කලු පාට කෙහෙරැලි අතර මගේ ඇඟිලි තුඩු දිව ගියේ හරි ආදරෙන් ...   ඒ නලල් තලයෙන් පටන් ගත් මගේ දෙතොල් අසිහියෙන්‍ වගේ ගේ සුදු ගෙල පිටුපස දක්වාද ඇදීගියා.. ඒ දිග හිනි අතැඟිලි මගේ කෙටි කෙස් අතරේ ඇදුනේ මගේ දෙතොල් ඒ දෙතොල්එක්ක ගැටෙන ලතාවටමයි


අසිහියෙන් උන්නු මම එකපාරට හෙලකින් වැටෙන්න යනවා වගේ දැනෙද්දි මම ඇස් ඇරලා බැලුවා.. වාඩි වෙලා හිටිය බංකුවෙන් වැටිලා තණ බිස්සේ  වැටුනු විදිය කවුරු හරි දකින්න කලින් මම ඉක්මනින් නැගිට්ටා..  දවල් හීන දක්න හිතට තද නින්දක් උවමනා වෙලා කියලා දැනුනු නිසා මම හෙමින් හෙමින් කාමරේට ගිහින් සැප නින්දකට සම වැදුනේ මගේ දවල් හීනේ ඉතිරි හරිය බලන ගමන්මයි..


හීනි මිදුමක් එක්ක පොද වැස්ස වැටෙද්දි මම ඇහැරුනේ හැන්දෑවේ හයට විතර.. කොයි තරම් නිදා ගත්තත් නව නවත් පොරෝනේ යටට ගුලි වෙන්නමයි හිත.. ඒ අතරේ අඩ නින්දේ දකින හීන නිසා මගේ හිත හිරි වැටිලා යනවා... අමාරුවෙන් නැගිටගෙන ඇඳ පැත්තකට කොට්ටේ හේත්තු කරන් වාඩි වෙලා කල්පනා කලේ හවස ඉඳන් දිගටම දැක්ක හීනේ ගැන.. ඔය කතාව අංජු දැන ගත්තනම් මට වස විලි ලැජ්ජාව.. 


ඉස්‍කෝලේ නිවාඩු  දෙන දවසේ අපේ අන්තිම දවසේ පාටිය මතක් වෙද්දි මට එක පාරටම හිනාවක් ගියා.. කෑම බාති බීම ජාති ටවුන් එකෙන් අරන් පාළු හැරියක තග් තලාවක් ිට්ටුව වැන් එක තනර කරලා දාන පාටිය හැම වාරෙකට අවසාන දවසේ සිරිතක් විදියට කරනවලු ඒ මගේ ප්‍රතම අත්දැකීම..  අන්තිමේ පාටිය ඉවරවෙන්නේ හැමෝම නිල් වතුර නාගෙන චාන්ස් වැදෙද්දි උඩ පැන පැන ගන්න නිසා මාත් පොර වගේ පුළුවන් තරම් අංජුව නිල් වලින් නෑව්වා.. අනිත්මේ එයාගේ ලා දුඹුරුපාට යුනිෆෝම් එක නිල් පාට උනා ඒ වෙලාවේ ඒ ඇස් වල තිබුන දෙවල් මතක් කර කර ඔනි තරම් දවසක් සැනසෙන්නන පුළුවන්


"අනේ අනේ හවස් වරුවම නිදා ගත්තා නේද.. හරිම ලස්සනයි ළමයා පාඩම් කරන හැටි ඇයි පොඩි පුතා තාත්තා කේන්ති ගස්සන වැඩම කරන්නේ තඅන් හතර පාරක් කාරේට ඇවිත් බලලා ගියේ.."




"අනේ අම්මා.. ගෙචර ඉන්න දවසටවත් ටිකක් නිදා ගන්න නැද්ද.. අනික මම රැට පාඩම් කරනවනේ.." අම්මගේ උකුලේ ඔළුව තියා ගන්න ගමන් මම බොරු හුරතලයක් මවා ගත්තා.

"තාමසත් පොඩි බබෙකේ වගේ අනේ අනේ කම්මැලි නෙවි වොෂ් එකක් දාගෙන  පාඩම් කරන්න තව අවුරුද්දයි මහනිස් වෙන්න තියෙන්නේ ඊට පස්සේ ඔයා නිදහස්" . 


"නිදහස්.. ඒ කියන්නේ.. මට පියාඹගෙන යන්න අවසර තියෙනවද...හහ් හහ් හ‍ා.... :" මම මහ හයියෙන් හිනා වේගෙන ඇඳෙන් බිමට පැන්නා.. පැනන්ට වඩා දොර ලග ඉන්න කෙනා දැත්තම ඇ‍ඳෙවන් වැටුනනම් හොඳයි කියලා හිතුනා...


"හරිම අපූරඅයි හැසිරිම.. එක පාරිනි දෙපාරින් පාඩමක් ඉගෙන ගන්න බැරිද උඹට.. මෙකක්ද මේ වලු බූත හැසැරිස මේක ගෙදරක් මිසක් සත්තුවත්තක් නෙවේ.. මී හරකෙක් වගේ බෙරිහන් දෙන්නේ"  තාත්තා ඝර්ජනා කරද්දි මම පූස් පැටියෙක් වගේ අහගෙන අන්නා.. ඔය වගේ තව තව මෝනවදෝ කියවලා තාත්තා ගියායින් පස්සේ ම ආයිත් හෙමින් අම්මා ලගට කිට්ටු උනා..


"අම්මේ......" ටික වෙලාවක් නිහඩව ඉඳලා මම කතා කලා...


"ම්ම්ම්ම්.." අම්මා උන්නේ වෙන කල්පනාවක..


"ඇයි තාත්තට බැරි හොඳ කුඹුරක් කරන්න.. හොඳ මී හරක් දෙන්නෙක් ඉන්නවා.. ඉඩමක් හොයන් කරන්න කියන්නකෝ..." මම මූන පුලුටු කරන් කියද්දි අම්මට හයියෙන් හිනා ගියා...

6 comments:

  1. කතාවනම් කියෙව්වෙ නෑ.දන්නවනෙ කම්මැලියා කියලා.කවියනම් පට්ටම පට්ට..
    දෙවනි කවි පංතිය පොඩ්ඩක් පැහැදිලි නෑ වගේ.පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ.. =))

    ReplyDelete
  2. අංගනා නෙත් රංගනේ
    නෙතුපියන් හැඩ බලමිනේ
    දෙතොල් මදහස නඟන මියු රස
    විඳිමි දෙතොලින් උනුසුමේ


    දෙතොලේ සිනහව දෙ‍තොගින් රස විඳිම


    කතාවත් කියවන්න මල්ලි

    ReplyDelete
  3. ගෙඩර ඉන්න දවසට නිදාගන්නවා ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නේ. කතාව පට්ට.

    ReplyDelete
  4. Anonymous6:51:00 AM

    ලස්සනයි අක්කේ..ආසාවෙන් කියොන ලස්සන කතාවක්--

    ReplyDelete
  5. හරි ඔය ලියවෙන්නේ දැන් අපූරුවට. හෙමින් ලස්සනට ලියන් යමු. අපි එනවානේ කියවන්න...

    ReplyDelete
  6. Anonymous9:14:00 AM

    "ඇයි තාත්තට බැරි හොඳ කුඹුරක් කරන්න.. හොඳ මී හරක් දෙන්නෙක් ඉන්නවා.. ඉඩමක් හොයන් කරන්න කියන්නකෝ..."

    මට නිකන් සැකයි සැකයි වගේ මේ වචන ටික ඇත්තටම කාගේද කියලා:-)

    ReplyDelete