Jul 2, 2011

සෙනෙහස


නිල් මිණී  දෙනෙතට එබීගෙන
මොළ කැටි අතැගිලි අල්වාගෙන
සිඟිති හසරැල‍් පොදක වෙලීගෙන
ගියා මම බොහෝදුර
දරාගන්නට බැරි සෙනෙහසින්
මගේ පුතේ ඔබ එක්ක.
නුඹත් අප අතරට එන බැව්
දැනුනු දා පටන් , බලාගෙනම උන්නා මම
කියා ගන්නට  නොතේරෙන නොඉවසිල්ලකින්
මගේ පැහැයම  මගේ දෙනෙතම
අරන් නුඹ එනතුරාවට අම්මාගේ උකුල් තලයට
වෙලා මගේ මුළු ලෝකයම.
ඇත්තමයි නුඹ නිසා මමත් දැන් අප්පච්චි කෙනෙක්
දැනෙන්නේ නැ මොළකැටි නුඹට
මගේ සෙනෙහසේ තරම
කිසිදාක කියාගත්ත බැරිවන මගේ පිය සෙනෙහස
නොලියනු ඇත කවි ගී නුඹ
පිය සෙහෙට හෙට දින
බලා ඉඳින්නම් එහෙත් සුරතල් වනු බලා ඔබ
මගේ මැණිකගේ උකුල් තලය මත

පසුවදන************

සිහින තවලමේ සිය වැනි ගැල අද තවලමට එක්කල වගයි.. මෙතෙක් ආ ගමනේ ගැල් හැ බැඳුනු ඔබ සැමට තුති පුදමි.. ඉතින් අපි යමු ශතකය පසු කර....




34 comments:

  1. සියවැනි ගැලට උනුසුම් සුභ පැතුම්. ගැල් දස දහස් ගණනින් ඇද යන්න දිරිය ශක්තිය ලැබේවා. හැමදාම අප තවලම සමගයි.
    (ඔන්න පළවෙනි කේක් කෑල්ල මම කෑවා)

    ReplyDelete
  2. අඩෝ සුභ පැතුම් අක්කා (හෆෝ කවියක්නේ ඒකනං කියෙව්වේ නෑ)

    ReplyDelete
  3. සුභ පැතුම් සමඟින්..!! :)

    ReplyDelete
  4. සුභ පැතුම් අක්කේ! :)

    ReplyDelete
  5. හදවතින්ම සුභ පැතුම් අක්කා.... ඔව් ඔව් අපි දෙන්නාගෙන්ම තමයි....

    ReplyDelete
  6. කෝ කේක්....? උඩ තියෙන එක මදී... හොදටම මදි... කැරට් කේක් එකක් ඕනි අපි දෙන්නටම....

    ReplyDelete
  7. ඔන්න මාත් කේක් කෑල්ලක් කාලාම සුබ පතනවා.
    අක්කගේ බ්ලොග් එකේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා !!! ඒ වගේම අක්කගේ අනාගතයත් සුබ වෙන්න කියලා පතනවා

    ReplyDelete
  8. දහසක් ගැල් අදින්නට තෙද බල යොධ විර
    පැතුම ලැබෙන්නයි තුන් රුවනේ පිහිටින් හංසියට
    සිරි මල්ලි හැමදා තවලමෙ එන,
    එලෙසම පතමි සුභ පැතුමන් හද තුටින.............:))

    සිය වෙනි ෆලොවර් විදියට තවලමට ගොඩ වැදුන සිරි මල්ලිට තවලමෙ සිය වෙනි ගැල කෙතරම් සතුටක් ගෙන දෙනවද කියලා අමුතුවෙන් හංසි අක්කට කියන්න ඔනෙ නැ නේ... අය ලැජ්ජා වෙන්නෙ මොකටද ඔන්න මම කේක් කැලි දෙකක්ම ගත්ත .....:D :D

    ReplyDelete
  9. සුදු හංසී අක්කට මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  10. සුභ පැතුම්....

    ReplyDelete
  11. එල එල දිගටම කරමු..ජයවේවා !!!

    ReplyDelete
  12. හා........ඕයේ ඕජායේ..෴
    සුබ පැතුම් 100 වේනි සටහානට....෴

    ReplyDelete
  13. මානස විලේ ජල තල මත පිහිනාලා...
    සුසිනිඳු ඔබේ තටු තාලෙට නලවාලා...
    හංසිය අපේ සියවෙනි සටහන තියලා....
    ආසිරි පතමි මම දෑතම එක්කරලා...

    ReplyDelete
  14. සියක් ගව් පසු කල තවලමට සුවහසක් ගව් දුර යෑමට ආසිරි!

    ReplyDelete
  15. උණුසුම් සුභ පැතුම් හංසියේ....

    ReplyDelete
  16. සුභ පැතුම් සුදු අක්කා...දිගටම ලියන්න

    ReplyDelete
  17. ස්තූතියි ප්‍රියන්ත අයියේ... ඔයා හැමදාමත් එවනනේ ඉතින් ඒ නිසා පඟවෙනි කැල්ල ගත්තම මක් වෙනවද

    ReplyDelete
  18. ස්තූතියි කිඩෝ මල්ලි... අයියෝ කවිත් කියවන්න ළමයෝ..

    ReplyDelete
  19. ස්තූතියි ලිෂාන් අයියේ..

    ReplyDelete
  20. ටැන්කෝ.. පූෂ් මලේ

    ReplyDelete
  21. ටැන්කෝ හසියෝ.. ආ... හාවි නගාටත් ටැන්කෝ.....

    ReplyDelete
  22. අඩේ.. කැරට් කේක් 200 පෝස්ටි එකෙන්

    ReplyDelete
  23. බොහෝම ස්තූතියි මධුරංග මල්ලි

    ReplyDelete
  24. අනේ.. ටැන්කෝ.. සිරී මල්ලී.. ඔයා ඉතින් හදවතිනම මා සමඟයිනේ......

    ReplyDelete
  25. ස්තූතියි දිනේෂ්........

    ReplyDelete
  26. danulatb ස්තූතියි ඔයාටත්

    ReplyDelete
  27. ස්තූතියි තාරක..

    ReplyDelete
  28. එළ එළ චාටර් කොල්ලෝ ටැන්කෝ වේවා

    ReplyDelete
  29. ස්තූතියි දඟ මල්ලී.. ˙·٠•●♥ හිරු එළිය ♥●•٠·

    ReplyDelete
  30. ස්තූතියි සඳ සාව්යේ...

    ReplyDelete
  31. ටී.බී. හේරත් ස්තූතියි ඔයාටත්

    ReplyDelete
  32. ස්තූතියි නචි අයියා...

    ReplyDelete
  33. ටැන්කෝ සීනි නඟේ........

    ReplyDelete