Mar 27, 2011

මායාකාර ඇස් 5

 මායාකාර ඇස් 4

ඉෂාන් පවරන සියලු  රාජකාරි මම අකුරටම ඉටු කලෙමි. ඔහු ඊට බොහෝ ඇළුම් කල බව මට වැටැහුණි. ඇතැම් විට ඔහු මා  යමක් කියනා විට නිසොල්මනේ මාදෙසම දරාගතනොහැකි බැල්මකින් බලා සිටී..  ඇතැම් විට අහේතුකවම මද හසරැල්ලකින් සැහැල්ලු බැල්මකින් මා දෙසෙම බලා සිටි... හැම විටම වෙනස් වන පුළු ගතිගුන වලින් යුතු ඔහුගේ ක්‍රියාවන් මම ඒ තරමි ගනනකට නොගතිමි.



එක් දිනයක මා හට එදින පැවරණූ රාජකාරි අවසන් කරන විට නොසිතු ලෙස රෑ ‍බෝවී තිබුනි.. ෆයිල් කවරයෙන් නෙත් ‍ඔසවන විට මා නෙත ගැටුනේ පුදුමාකාර බැල්මකින් මා දසෙම බලා සිටිනා ඊෂාන්ය.. මමද මොහෙතක් ඔහු දෙස බලා සිටින්නට ඇත...

"වෙඩි තිබ්බනම් හොද නැද්ද මට..." එකවරම ඔහු අසද්දි මම ගැස්සි නෙතු බිමට බර කලෙමි.. ඔහු පැමිණ මාගේ මේසේ දැතම තබාගෙන මා දෙසට නැඹුරුවිය.

"සර්" මම කිසිත් සිතා ගන්න බැරිව නැගීසිටියෙම්...

"මායාකාර ඇස් දෙකක් තියෙන්නේ බලද්දි හිරිවැටිලා යනවා... පිස්සු ආච්චි.. දන්නවද වෙලාව.. හයහමාරයි.. එනවා මම ගෙදරින් බස්සන්ම්...."  පවසමින් ඔහු තම බැගයද රැගෙන පිටත් විය..  මට උන්හිටිතැන් අමතක විය අම්මා දෙලොව රත්වී මා සොයනවා ඇත ක්‍රියා විතරහිත කොට තිබු ජංගම දුරකතනය ක්‍රියාත්මක කර මම වහා ලොකු අක්කා ඇමතුවෙමි ..

"චූටි නංගි.. කොහේද අනේ ඉන්නේ.. අම්මා හොදටම බය වෙලා..."
 මා සිතු ලෙසට මුළු නිවසම ගිනිගෙන තිබුනි .

"අනේ ‍ලොක්කක්කේ වැඩ ඉවර කරද්දි වෙලාව යනවා දැනුනේ නැහැ... අනේ... සර් මාව බස්සන්නම්ලු.. මොකද කරන්නේ...." මම වචන සොයමින් කතා කලෙමි.

" අනේ මන්දා චූටී ඔයාගෙත් වැඩ .. දැන් තනියම එන්නත් බැහැ.. තාත්තා එනකල් ඔයාට ඔ‍තන ඉන්නත් බැහැ... ගෙදරටම එන්න එපා මමයි තාත්තයි හන්දියේ ඉන්නම්.. එන්න...සර් එක්ක වෙන මොනා කරන්නද දැන්"
ලොක්කක්කා කේනිතියෙන් කියා දුරකතනය විසන්දි කලාය.

අත් බෑගයත් රැගෙන පඩිපෙල බසිද්දි වාහන අංගනයේ සිට මාදෙසම බලා සිටින ඉෂෘන් දුටු මා ගැස්සුනෙමි..  දින කිහිපයක සිටම ඔහු මෙලෙස  මාදෙසම බලා සිටි අවස්ථා කිහිපයකත් මෙලෙසම මා දැවුනෙමි...  නිහඩවම ඔහුගේ කාරය අසලට ගොස් සිට ගනිද්දි ඉදිරි වම් පස දොරටුව විවර කොට ඔහු ගොස් රියදුරු අසුනට බරවිය..

කාරය තුල වු සුවද නැහැපුඩු කඩාගෙන යද්දි ලයාන්විත ගීතයක් පසුබිමින් වාදනය විය. ඒ රිද්මයට ස්ට්රියන් වීලට තට්ටු කරමින් රිය පදවන ඔහු සිටියේ අමුතුම ලෝකයක වල්මත් වීය... නුහුරු හැගීම් අතර උන් මට අවැසිව තිබුනේ..ඉක්මනින් කාරයෙන් බැසගන්නටයි...

"සර් මාව හන්දියෙන් බස්සන්න...."
  නිවෙසට හැරෙන හන්දිය පෙනි පෙනි මම කිවෙමි.. ඔහු එක්වරම හැරී මාවෙත බැලුවේය...

"බය වෙන්න එපා ගෙදරට එන්නේ නැහැ තේ බොන්න.. ඊට වඩා වැදගත් විදියට එන්න ඉන්නේ..."  අමුතුම බැල්මක් මවෙත හෙලා ඔහු කිය...

" නැහැ සර් මේ මේ තාත්තයි අක්කියි හන්දියේ ඉන්නම් කීවා... ඒකයි..." මම වචන ගැලපුවෙමි.. එහෙත් හන්දියට යනවිට ඔවුන් එහි නොඋන්නෝය.. ඉෂාන් ජයග්‍රාහි ලෙස මදෙස බැලීය. ලැජ්ජාවෙන් රතු වු මා දෙනෙත් පමණක් ඔසවා ඔහු දෙස බැලීමි... එක්වර තම පපුවට අතක් තබාගත් ඔහු දෙනෙත් පියා ගත්තේය....

"ඔහොම බලන්න එපා මොඩ කෙල්ල.. මාව පිව්චෙනවා..." මොහෙතකින් ඔහු  හැගුම්බරව කීවේය.. මටත් පෙර මා ක්‍රියාත්මක වී  වේගයෙන් දොර විවර කර වාහනයෙන් බැස්සෙමි.. කිසිත් සිතාගන්නට නොහැකිව ඉෂාන් බලා සිටිත්දී  මම යන්නම් සර් කියාගෙන පාළු මාවත දිගේ ඉදිරියට දිව ගියෙමි..

කිසිවෙකුගේ ඇගේ හැප්පීමෙන් මම ගැස්සී නැවතුනෙමි...
"චූටි නංගි මොකද මේ උඩ බලාගෙන දුවන්නේ..."  ලොක්කක්කා කෑ ගැසුවාය..

"ඇයි පුතේ කරදරයක්ද මොකද මේ දාඩිය දාගෙන...." තාත්තා ද කලබලයෙන් මෙන් ඇසුවේය...

"න්න්නෑහැ තා..තා ..ත්තේ රෑ වුනු නිසා කළුවරේ බය උනා ඔ..ඔය දෙන්නා නැති නිසා...." මම ගොත ගසුවෙමි...

***************************************************************************************************************

දින කිහිපයක් යන තුරු ඉෂාන් මා හා රාජකාරියට අමතර දෙයක් කතා නොකලේය.. ඇතැම්විට මා හට යම් යම් දේ විස්තර කිරිමට දමයන්තට බාර කලේය.. එයින් මම සැනසුනෙමි.. ඔහු මාගේ ආයතන ප්‍රධානියාය.. අනවශ්‍ය ඇගැලුම් කමක් අවශ්‍යම නැත..

"පබා  දහයට  ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් මාත් එක්ක යන්න ලැහැස්තිවෙන්න.. " දිනක් මා කාර්යාලයට විත් විනාඩි කිහිපයක් යද්දි ඔහු කිවේය... මම දවසේ වැඩ සටහන සහිත ලිපි ගොනුව ගෙන බැලීමි..

"ඒකේ නැහැ.. මීටින් එක හදිස්සියේ වැටුනේ.. " ඒක් වරම සැර පරුෂ හඩකින් ඔහු කියද්දි මම ගැස්සි ඔහු දෙස බැලිමි... එක්වරම මද සිනා නැගෙද්දි ඔහු වහා තම මුහුණ සගවා ගත්තේය..

දහය වන විට අවැසි ලිපි ගොනුත් ඔහුගේ ලැප්ටොප් පරිඝනකයත් ගෙන මම ඔහු පසුපස වැටුනෙමි.. සුපුරුදු ලෙසටම ඉදිරිපස අසුනේ සුපුරුදු අපහසුතාවයෙන්ම ගමන් ගතිමු...

විශාල ගොඩනැගිල්ලක රථ ගාලේ වාහනය නැවතිනි.. මම විස්මයෙන් යුතුව වටපිට බැලීමි.. මින් පෙර කිසි දිනෙක හමුවක් සදහා මෙවන් ගොඩනැගිල්ලකට ආබවක් මට මතක නැත..

"අපාර්ට්මන්ට් තියෙන්නේ යමු..උඩට .." ඔහු විදුලි සොපානය දෙසට යමින් කීය.. මම ඔහු පසුපස වැටුනෙම්.. පාළු කොරිඩොවක් දිගේ ගමන් ගනිද්දි සිත නන්නාදුනන චකිතයකින් පිරි ගියේය.. එහෙත් ඔහුගෙන් කිසිත් අහන්නට මට අයිතියක් නොවීය.. ඒනිසා නිහඩවම ඔහු පසුපස ඇදුනෙමි..

තම අතවු යතුරතින්  කොරිඩොව කෙලවරේ වු දොරක් විවර කල ඔහු මට ඇතුලු වන්නට ඉව හැර යලිත් දොර වසා දැම්මේය.. උගුර වියලි දෙනෙත් විසල් වද්දි වචන ගපනු නොහැකිව මම ඉෂාන් දෙසම බලා උන්නෙමි..

"මිනිහා එනකල් ඉන්න වෙනාවා.. වාඩි වෙන්න.. මේක මගේ ගෙදර... පබාගේ කියලා හිතන්න..."  ඇතුළු කාමරයකට ඔහු නොපෙනි යද්දි  අසල වු සුවපහසු සැටියට මම කඩා වැටුනෙමි.. මේ පවත්වන්නට යන්නේ කුමන ආකාරයේ හමුවක්දැයි සිතමින් සිතිවිලි සමග  තරග කරද්දි.. ඉතා කෙටි කලිසමකින් හා නිරුවත් උඩු කය සහිතව ඔහු පැමීනියේ බීම වීදුරුවක්ද අතැතිවයි. 

හදවත ස්පන්ධනය වන වේගයෙන්ම ඉසින් කනින් දහදිය වැක්කෙරෙද්දි මම ‍ඔහු අතවු බීම විදුරුව වෙව්ලන සුරතින් ගතිමි.. එහෙත් එය ‍බොන්නට ප්‍රිය තාවයක් මට නොවීය...

"පබා... අහන්න.......මිටින් එකක් නැහැ... මට ඔයා එක්ක කතා කරන්නයි ඔනි ටිකක්....."
බීම විදුරුව දොතට සිරකරගෙන උන් මා දෙඅත ඔහුගේ ශක්තිමත් දැත් අතර සිරකරගනිමින් කියද්දි ඉබේටම මා අතවු වීදුරුව බිම වැටී බිදී ගියේය..
ඇතිවු කම්පනයට මට කෑ ගසා හැඩිනි.. පාළු නිවසක අඩ නිරුවත් පිරිමියෙකු ඉදිරිපිට අසරණව උන්මා කොටියෙකු ඉදිරියේ දිවියදින අහංසක හා පාටියෙක් මෙන් හැඩුවෙමි...

"මට.. ය..න්‍‍‍‍....න දෙන්න සර්.. බුදු බව අත්වෙයි... ම..ට යන්න දෙන්න... " ඔහු දෙසට වදිමින් ඉල්ලා සිටිද්දි වියරැව නැගී සිටි ඔහු...

" බැල්ලියේ... උඹව කන්න ගෙනාවේ නැහැ මම මෙතනට..  ටිකක් කතා කරන්නයි ඔනි මට..." මගේ දිගු කෙස්වැටිය ගෙල පිටුපසින් දැත් යවා රිදුම්දෙන ලෙස සිර කරගනිම්න් මගේ දෙනෙතට එබී ඔහු ගිගිරුවේය... ඒ දරදඩු ග්‍රහනය නිසා අප්‍රණිකවු මා වත එහෙමම සුවපහසු සොපාව මතට කඩා වැටිනි. මම හැකිවෙර යොදා කැ ගසා හැඩීමි.. මාගේ බෙරිහන්දීම නතර තරන්නටදෝ ඔහු දරුනු අතුල් පහරකින් මට දමා ගුසුවේය... ඉතින් මා සිහියත් අසිහියත් අතර අප්‍රිණිකව වැතිර උන්නෙමි...

සෙනෙන් රැකි යෞවනයේ සොදුරු වත්කම් සියල්ල බලහත් කාරයෙන්ම ඔහු උදුරා ගනිද්දි කොටි දෙනක මෙන් ඔහුව සූරා කෑවෙමි ඇතැම් විට ඔහුව සපා කෑවෙමි.. එහෙත් කෙමෙන් මාකෙරේ ඔහු දරුණු වුවා මිසෙක ගැලවුමක් නෙවීය.. අසරණ මා බේරාගන්නටද කිසිවෙකුත් නොවීය...

"මට ඔනි උඹව............ කැමැත්තෙන් එන්න බැහැනේ උඹට.. දැන් ඉතින් මැරෙනකල් වැටිලා ඉදහන් මගේ ළග..... පරට්ටී... බලපන් අදින් පස්සේ උඹේ ආඩම්බර කමට වෙනදේ....."

වියරුවෙන් ගුගුරා සිනාසුනු ඉෂාන්ව හැකි වෙර යොදා කොනිත්න්නට පමණක් මට හැකිවිය........


මායාකාර ඇස් 6

10 comments:

  1. Ammo sudu hansi mama meka kiyawala bayawela inne...
    lassanai hungak..
    eth hariyata baya hithenawa...

    ReplyDelete
  2. මේක ලිවුවේ සුදු හංසිද කියන එකයි මට තියෙන ප්‍රශ්නය.........
    ලස්සනයි...........

    ReplyDelete
  3. එක පාරක් බලලා හැරිලා ගියා..මොනවත් ලියන්න බැරිවම..එත් ආයෙමත් ආවා බැළුවා කියලා කියලාවත් යන්න...

    ReplyDelete
  4. මායාකාර ඇස් 2වන කොටස කියවා නිම කල විට මා ඉදිරියෙදි මෙවැනි සිදුවිමක් වෙවි යැයි අපෙක්ෂා කලා.. මගෙ සිතුවිල්ල නිවැරදියි... :))

    මෙලෙස මෙ කාථා0ගය දිග හැරිම මා හට නම් පුදුමයට කාරනයක් නොවෙ... මෙ තමා සුදුහ0සියගෙ දක්ෂතාවය... දිගටම ලියන්න සුදුහ0සි අක්කේ......... :))

    ReplyDelete
  5. Anonymous1:24:00 PM

    ලස්සනයි කතාව..එත් අද එක නම් ...එ මනුස්සයා එහෙම උනේ කොහොමද ... පුදුම සතෙක්...

    ReplyDelete
  6. Anonymous7:43:00 PM

    අනේ මට විටමින් එක කිට්ටු කරන්නෝ... මේවා කියෙවුවම හාට් ඈටෑක් හෙදෙන්න වගේ...

    සිදා... නියමයි ආ...

    ReplyDelete
  7. මෙහෙම මිනිස්සු ඉන්න පුලුවන් ද ?.... අනේ මන්දා....
    කතාව ලස්සනයි... දිගටම ලියන්න.....

    ReplyDelete
  8. ස්තූකියි හැමොටම.....

    ReplyDelete
  9. කෙල්ලෙක්ට රැකියාවට ගියාම වෙන්න පුළුවන් දෙයක්....ලස්සනයි සුදු අක්කේ....ඉකමනට ඉතිරිය ලියන්න....

    ReplyDelete
  10. දැනුයි මේ පෝස්ට් එක කියෙව්වේ.. හ්ම්ම් බලමු අනික් එකත්

    ReplyDelete