Mar 20, 2011

මායාකාර ඇස් 4

 මායාකාර ඇස් 3

"කම්මැලි කෙල්ල නැගිටින්නයි කීවේ.... අමතක උනාද අද ඉස්සෙල්ලාම වැඩට යන දවස" ලොකු අක්කා සුපුරුදු  ලෙස කිති කවා මා අවදි කලාය... තද නින්දේ උන් මා  අඩවන්ව දෙනෙත් විවර කල බලා  යලිත් නින්දට වැටුනෙමි.

"මම කැමතියි වෙලාවට වැඩ කරන අයට...  ඊළග සදුදු උදේ අටහමාර වෙද්දි ඔපිස් එකේ ඉන්න...." ඉශාන් ගපල්ලත්තිගේ හඩ සිහිනයෙන් මෙන් සිහි වුනෙන් මම උඩ වීසී වි ඇහැරුනෙමි....

"අනේ.... හයහමාරත් උනාද.... අටහමාරට යන්න බැරිවෙයිද ලේක්කක්කේ.... " මගේ කම්මැලි නින්දට මම දොස් පවරමින් නැගි සිටියෙමි..

"මූණ සෝදගෙන ලැහැස්ති වෙන්නකෝ... අද පළවෙනි දවසේම පරක්කු  උනොත් ඒක ඔයාට හරිනැහැ. මම කවන්නම් ලැහැස්තිවෙනකල්..." අම්මා පැමිණ මා නිදා උන් ඇද සකසමින් කීවාය.

මම වහා දිවගොස් මුව දොවා පැමිණ සුදානම් උනෙමි.. අම්මා බත් පිඩෙන් පිඩ කැව්වාය...
"නාකි හුරතල්..." පොඩි අක්කා ඔව්චම් කලාය...  මම ඇයට ඇද කලෙමි.

ඩ්‍රීම්ස් ආර්ට් ඇඩ්වර්ටයිසින් හි රැකියාවට යන පළමු දිනයේ නිවසේ සොදුරු කලබැගැනිය අවසන මම ලොකු අක්කාත් සමග පාරට බැස්සෙමි.. අක්කාගේ සේවාස්ථානයක් මගේ සේවා ස්ථානයත් වුයේ දෙඅතක වුවත් ලොකු අක්කා පළමු දවසේ මා ඇරලවා ප්‍රමාද වී රුකියාවට යන්නට තරම් කාරුණික වුවාය.

"චුට්ටි හැමදාමනම් මේ සෙල්ලම තියාගන්න ඔට්ටු නැහැ හොදද... "
ඩ්‍රීම්ස් ආර්ට් ඇඩ්වර්ටයිසින් ගේට්ටුව අසලට මා ඇරලවා ලොකුඅක්කා නෝක්කාවු කිවේ තරහින් නොවේ...

අක්කාව පිටත් කොට මම ආයකනය ඇතුලට ගියෙමි.  පැමිණ සිටියේ පිළිගැනිමේ නිලධාරිනිය පමණකි.

"ගුඩ් මොනිං ඔයා.. පබෝදද...."  මවාගත් සිනහවකින් යුතුව ඇය වාඩි වී උන් තැනින් නැගිට්ටාය.

"ඔව්............" මම අව්‍යාජවත් සිනහවකින් යුතුවකීවෙමි...

"ම්ස්ටර් ගලප්පත්ති  ඊයේ හවස නිව්සීලන්ඩි  ගියා ආයේ එන්නේ සතියකින් මේ ඔයාගේ වර්ක් සමරි එක .. මේකේ තියෙනවා කරන්න ඔනි දේවල් සේරම... එන්න ඔයාගේ සීට් එක පෙන්නන්න..."
ගිරවියක සේ කියමින් ඇය ඇතුලු කාර්යාලය දෙසට ගියාය. මම ඇය පසුපස වැටුනෙමි.

සුවපහසු කාර්යාල කාමරයකට මා කැදවා ගේස් ඇය මගේ අසුන පෙන්වුවාය.  ඇය දුන් ෆයිල් කවරයත් ගෙන අසුනට බරවු මා මොහොතකට සිතිවිලි නිදහස් කරගන්නට උත්සහ කලෙමි.

පිටුවෙන් පිටුව කියවාගෙන යත්දී මා හට පැවරී ඇති රාජකාරි මැනවින් අවබොදවන්නට විය.. යමක් පිලිබද සිතෙහි කිසියම් පැනයක් හටගත්විට ඊළග ඡේදයේ එයට විස්තරාත්මක පිළිතුරක් විය. ඉතාපැහැදිලිව ලියා තිබුනු ලිපිගොනුව කියා අවසන ඒම සතියට මා කල යුතු කාර්යයන් සහිත වෙනමම ලිපි ගොනුවක් විය. එහි මුල්ම කාර්යය වුයේ මට අවැසි පරිදි මාගේ කාර්යාල කාමරය  සකසා ගිනීමයි.

වැඩකටයුතු වල නියෑලි සිටින විට දවසින් අඩක්ම ගත වනවා නොදැනින. මම දිවා ආහාරය ගැනීමට සේවක විවේක කාමරයට ගියෙමි. මා එහි යන විට පිළිගැනීමි කවුන්ටරයේ වු යුවතියත් තවත් තරුණයෙකුත් සිවා අහාරය ගනිමින් උන්නෝය..

"අහා.. මිස්ටර් දමයන්ත මේ  පබෝදා.... මිස්ටර් ගලප්පත්තිගේ ඇසිස්ටන්ට් අදයි ඉස්සෙල්ලාම  ආවේ....."
 පිළිගැනීමේ නිලධාරිනිය එහි උන් තරුණයාට මා හදුන්වා දුන්නාය. මම ඔහු හා සුහදව සිනා සෙමින් අසුන් ගතිමි. 


"හායි.... ..  අපෝ... යාන්තම් ඇති  මිස්ටර් ඉෂාන් මගේ ඉල්ලීම ඉමු කලා... තනියම වැඩ ටික කරගන්න බැහැ එයාට ඒක තේරුම් ගන්න.. දැන්නම් මිනිහා ටිකක් රිලැක්ස් වෙයි... තනියම සේරම කරන් ගියාම මිනිහට තරහා යනවත් වැඩියි.. ඔන්න කෞෂී අද ඉදන් අපි දෙන්නට බැනුම් අඩුවෙයි...."
ඔහු මහ හඩින් සිනාසෙමින් කීවේය..

" ඒකියන්නේ මට බැනුම් වැඩි වෙයිද....." මම සිහින් හඩිනි ඇසීමි.

"ඒ ඔයා වැඩ කරන විදියට.. එයාට ඔනි ‍පර්ෆෙක්ට් කෙනෙක් වැරදි අඩු වෙන්න ඔනි.. වැඩේ පැහැදිලි වෙන්න ඔනි"  දමයන්ත කියද්දි මට සිහි උනේ ඔහු ලියාගොස් තිබු ලිපි ගොනුවයි.

මද සිනා පා නිහඩවු මා කල්පනා ලොවක තනි උනෙමි...

මගේ ප්‍රතම රැකියාවේ ප්‍රථම දිනය ඒසේ නව පරිසරයට හුරු වෙමින්ම ගෙවී ගියේය..  දෙවන දිනයේ සිට ඒ දිනට මා කල යුතු දේවල් ඊමේල් පනිවිඩයක් හගින උදැසනින්ම මට දැනගන්නට ලැබුණි. මම ඒ අනුව වැඩ කලෙමි. හවසට මා කල කී දෑ ගැන ඉෂාන් ගලප්පත්තිට වාර්ථාවක් දියයුතු විය... ඒ සේ දෙසතියක් ගෙවී යනවා නොදැනින...

උදාවු ඒ සදුදා දිනයේ උදාසන මට ඊමේල් පනිවිඩය ලැබී නොතිබිනි. පරිඝණක තිරයෙන් මිදී දෙනෙත් ඔසවද්දීම.. මා ඉදිරිපසන් ගමන් ගත්තේ ඉෂාන් ගලප්පත්තිය.. වහා නැගිට
"ගුඩ් මොනිං සර්.." යි කීවෙමි... 


අමුතු බැල්මකින් මාදෙස බලා හිද "මොනිං" කියා වේගයෙන් ගොස් ඔහුගේ අසුනට බරවිය..

මොහොතකින්








" පබා.. " යි කියා මා අමතද්දි  ස්ව්‍යංක්‍රීයව  මා ඔහුගේ මේසය අසල හිට ගතිමි... 


"ඇයි හිටගත්තේ.... මම මෙතන ඉදන් කතා කරද්දි ඔයාට ඇහෙනවනේ... ඔයාගේ සීට් එකේ ඉදන් අහන් ඉන්න... නැගිටින්න වාඩි වෙන්නවත් කාලේ නහස්ති කරනවට මම කැමති නැහැ.." අතින් මාගේ මේසය පෙන්වමින් ඔහු මේසට මත වු ලිපි ගොනුවටම නෙත් යොමාගෙන කීවේය....

උපදෙස් දෙන පරිඝනකයක් මෙන් ඔහු කියවාගෙන යයි......යාන්ත්‍රිකව  මම ඒවා කරමි.  පබා මේ ස්ක්‍රිප්ට් එක වෙක් කරන්න... අර රිපොට් එක හදන්න... ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් විනාඩි පහෙන් ලැහැස්ති වෙලා කාර් එක ළගට එන්න.... දිනය පුරාම ඔහු  දෙන උපදෙස් පිළිපදිමින් ඔහු කියනා දෙයක් කරමින්. වයින් කරන ලද බොනික්කියක මෙන් හැසිරෙමි...

"පබා.... කන්න... දෙකයි වෙලාව..."
විටෙක ඔහු කියයි... මම නෙත් ඔසවා බලමි. අමුතුම බැල්මකින් ඔහු මා දෙසම බලා හිදියි... මම වහා නෙත් සගවා ගනිමි.
මා හදුනාගත් අයුරින්නම් ඉෂාන් ගලප්පත්ති යනු සැරපරුෂ වෙනස්ම අකාරයක මිනිසෙකි. එවන් අයෙකුගෙන් මුදු මොලොක් වඩන ඇසිම පුදුමකි....


මායාකාර ඇස් 5

13 comments:

  1. හම්ම්ම්ම්.. ඇති යාන්තන් පෝස්ට් එක දැම්මා..
    ඉතින් ඊට පස්සේ....

    ReplyDelete
  2. ඉතිරියත් ඉක්මනට දාන්න අක්කා

    ReplyDelete
  3. ම් නරකම නෑ.....
    මේක මෙගා ටෙලියකට හොඳයි.
    මොකද කියන්නෙ

    ReplyDelete
  4. කියවමි...බොහෝම ඉවසීමෙන් යුතුව...

    ReplyDelete
  5. හරිම ලස්සනයි කතාව...

    ReplyDelete
  6. අප්පේ..ඇති යන්තම් අක්කාට අපිව මතක් වෙලා.. ඉතුරුවා ත් ඉක්මනට දාන්න අක්කියා... :)

    ReplyDelete
  7. ඉතින් ඊට පස්සෙ..කෝ... ලියන්නැද්ද ඇ............

    ReplyDelete
  8. ඇයි ඔයා අරුන්දතී ලියන්නේ නැත්තේ.....මට එක බලන්න ඕන.....මේකත් හොඳයි...එත් මට අරුන්දතී ඕන....

    ReplyDelete
  9. ඉතුරුටික ඉතුරු ටික කො ලියනු නගේ ලස්සනයි මේක

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඉතිරි ටිකත් කියවන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා.....

    ReplyDelete
  12. @ සිකා ඉතින් ඊට පස්සේ.... මායාකාර ඇස් 4 මග එනෝ..... :)

    @ චූටි නංගා ඉක්මනට ලියනවා මගේ නංගෝ..

    @සහන් මේක කෙටි කතාවක් විදියට පටන් ගත්තේ මට පේ‍න්නේ නව කතාවක් වෙන හැඩයි.. එහෙම උනොත් මෙගා නාට්‍යයක්ම වෙයි...හී.. හී..

    @මාරයියා අයියණ්ඩියේ.. අගයම් ඔබේ ඉවසීම.. බුදු අයියේමාර බිසි මේ දිනවලතත එයානේ කීවේ නිකා නොඉද බසී වෙන්න කියලා.. දැන් බ්ලොග් එක ලියන්න වෙලාව හොයන්න වෙලා.. ඒත් මම ලියනවා කටු කාගෙන....:) :) :)

    @ දිනේෂ් .. ස්තූතියි යාළු..

    @නිමේෂෘ... ඔයාලව එහෙම අමකත වෙනවද නංගියෝ... අරුන්දතීත් ලියන්නම් දිගම දිග පොස්ට් එකක්..

    @පතන් අයියා.. ලියනවා අලො.. ‍ඉක්මනට ලියන්නම්.... :) :)

    @ සදුනි.. අරුන්දතී ලියනවා නංගි බබාස්.. ලියලා තියෙන්නේ ටයිප් කරන්න වෙලාව හොයනවා.. මේක කොල වල ලිය ලිය ඉන්නෑ කෙලින්ම ටයිප් කරනවා.. ඒකයි නගා...වෙලාව ආපු ගමන් දෙන්නම් දිග පොස්ට් එකක්

    @ඉලන් අයියා.. ස්තූතියි අයියේ....ඉක්මනට ලියන්නම්

    @ නවී.. ඉක්මනට ලියන්නම් සෟතූතියි මේ පැන්නේ ආවට....

    ReplyDelete
  13. හම්මේ යාන්තං කියන දෙයක් අහන එකෙක් හම්බ උනාමද මංදා..
    ලොකු දෙයක්..එහෙනං තව ටිකක් ඉවසලා බලං ඉඥ්ඥං...

    ReplyDelete