Apr 9, 2011

මායාකාර ඇස් 6

 මායාකාර ඇස් 5


මම කෑහසාගෙන ඉවතට පැන්නෙමි.. "ඊයා.... අයින් වෙයින් අයින් වෙයල්ලා එකෙක් වත්.. මගේ ළගට එන්න එපා...."
හැකි වෙර යොදා කෑ ගැසීමි. මා වට කරන් උන් කිසිවෙකු හදුනාගන්නට හැකියාවක් මට නොවීය... "දෙවියන්ගේ නාමෙට මාව අත්ඇරපල්ලා.. කවුද උඹලා.... කවුද......" ඔවුන් කවුරුන්දැයි විමසුවත් මාහට මා හදුනන කිසිවෙක් ගැහ මතකයක් නොවීය.. මේ සියල්ලන්ම මිනිසුන් යන වගත් ඔවුන් සියල්ලන්ම මාගේ සතුරන් වගත් මා හට අනතුරක් කරන්නට යන වගත් පමණක් මට වැටහුණී.අත් පා හකුලාගෙන ඇදි විට්ටමට හේත්තු උනෙමි....


"පබෝදා... " කිසිවෙකු පැමීණ මුහුණට එබෙද්දි...මම හැස්සී ගියෙමි.. හැකි වෙර යොදා මුහුණ සගවා ගතිමි

"ක.ක..කවුද ප..බෝ..දා..." මම වෙව්වලන හිඩින් විමුවෙමි.. මම කිසිදු පබෝදා කෙනෙකු නොදනිමි. නොරුස්සනා බැල්මකින් යුතුව ඔහු දෙස බලාසිටියෙමි.
" පබෝදා කියන්නේ ඔයා... ඔයාගේ නම ඒ...."
"නම...?? මගේ...?" මම විපක්ෂීතව උන්නෙමි... මගේ නම කුමක්දැයි මම කල්පනා කරන්නට වීමි
"මම.. පබෝදා.. මේ කොහේද.... ඇයි මෙතන......කවුද ඔයා මම දන්නේ නැහැ මේ කවුරුත්...."  දහසකුත් එකක් ප්‍රශ්ණ සිත තුල නැගෙද්දී.. මා විපක්ෂිතව උන්නෙමි.
"පබොදා.. ඔයාට ටිකක් අසනීපයි.. ඔයාව සනීප කරන්න බෙහෙත් දෙන්න ඔනි... මේ ඉන්ජේක්ෂන් එක ඔයාට දෙන්න ඔනි.. ටිකක් දගලන්නේ නැතිව ඉන්න" කියම්න් එන්නත් කටුවත් රෑගෙන මා වෙතට පැමිනෙද්දි මම වහා ඇදෙන් පැන ශාලාව දිගේ වේගයෙන් දිව ගියෙමි.. හතර පස් දෙනෙක් පැමින මා අල්ලා ගද්දී ඔවුන්ගෙන් මිදෙන්නට මා ඔවුන් සමග පොර කෑවෙමි..සටනින් පරදින්නට අකමැති වු මා කෙනෙකු ගේ ගෙල මුල හැකි වෙර යොදා සපා කෑවෙමි.. මගේ ගෙල මුලින් සියුම් වේදනාවක් දැනෙද්දී.. මටන් නොදැනිම මගේ ශරීරය අප්‍රාණික වන්නට විය.. 

*************************************************************
**************************
දෙනෙත් විවර කරද්දී. බොදුවු ඡායාවක් ලෙස මා වැතිර උන් සැටියේ කෙනට වී බියර් විදුරුවක් තොල ගාමින් සිටි ඉෂාන් දැක මම වියරු වැටුනෙම්.. කොහෙන්දෝ ශරීරයට ආ ජව සම්පන්න බවකින් නැගී සිටි මා වේගයෙන් ඔහු‍ වෙත පැන ඔහු ඉදිරියේ වු බියර් බෝතලය අසල වු  ටී පොවේ ගසා කුඩු කලෙමි.. අතෙහි ඉතිරි වු වීදුරු කෑල්ලත් සමග ඔහු දෙසට පනින්නට වෙර යොදද්දීම මට පෙර ක්‍රියාත්මක වු  ඔහු මාගේ වැලිමිටට පහරක් ගසා එය බිම දැමුවේය.... එවිගසින් මාගේ හිස පිටුපසින් ඔහුගේ ශකිතිමත් වමත යවා හගේ කෙස් වැටිය තදින් ඩැහැ ගත් ඉෂාන් බියර් ගද වෑහෙන හුව හගේ මුවගටම ලං කොට කතා කලේය
"හරකියේ‍.... මාව මරලා... උඹ අනාථ වෙන්නද හද්නනේ... ඔය ආඩම්බර කම පැත්තකින් තියලා හිටපන් මා එක්ක... මේ ගෙවල් කම්පනීස්.. වාහන සේරම උඹට.... විහින් නැහෙන්නේ නැතිව ඉදපන්.... " යි ඔහු ගුගුලේය‍‍.....

" මැරෙන එක හොදයි මිස්ටර්....".යි වියරැවෙන් කෑ ගැසු මා.. නැත නැත විසිරි තිබු ඇගලුම් ගෙන ඉක්මනින් හැද වේගයෙන් පඩිපෙල බැස ගියෙමි...
මා පඩි පෙල බසින්නටත් පෙර වේගයෙන් වාහන අංගනය වෙත දවගිය ඉෂාන් මා ඔහු පසු කරද්දි කාරයේ දොර හැර මා ඒ තුලට ඇද ගත්තේය....

"උඹ මා එක්ක බුදියන්න ආපු බව සේරටම පෙන්නන් ආසද ... නටන්නේ නැතිව හිටපන්...ඔහොම..." සැර පරුෂ හඩකින් කියමින් රි‍මෝට් කන්ට්‍රොලය මගින් කාරයේ දොරගුලු ලෑ ඔහු.. හෙමින් නිවාස සංකීර්ණයේ ගේට්ටුව පසු කලේය..  දෙතුන් වරක් දොර විවර කර කාරයෙන් පිටතට පින්නට ගත් අසාර්ථක උත්සහයන්ගෙන් පසුව දෙ‍දණ මත හිස හොවාගෙන හඩන්නට වීමී.....

"මම නැති උනා.. විනාශ උනා... ඇයි සර් එහෙම කලේ...... ලස්සන මනමාලියෙක් වෙන්නේ කොහොමද මම.... ගෙදරට මුහුණ දෙන්නේ කොහොමද මම.... " කොපයෙන් පිපිරුනු සිතිවිලි සැනකින් නිවි මහත්වු ආත්මානුකම්පාවකින් යුතුව කීවෙමි.....

ඉෂාන්ගේ සුරත බරට මගේ කෙහේරැලි අතර දුවන්නට විය 
"මම ආදරෙයි පබා... ඔයාට ඔයාගේ ඔය ඇස් දෙකට.. මම ආදරේ නිසා ඉවසන් ඉන්න බැරි උනා ඔයාගේ ආඩම්බර කම... මොන විදියකින් හරි අයිති කරගන්නයි ඔනි උනේ..... මට සමා වෙන්න.. අපි බදිමු ඉක්මනට...." හඩමින් උන් මා ඔහු වෙත ගෙන තදින් පපුවට තුරුලු කරගනිමින් කිවේය... මගේ හිස ගිණි ඇවිලිනි. වැලි කෙලියේ සිටන් මට පෙම් කරන ලොක්කයියාගේ මුහුණ මැවී පනෙන්නට විය... අදින් පසු මට ඔහුගේ මුහුණ බලන්නට නොහැකි වනු ඇත. මම වහා ඉෂාන්ගේ ග්‍රහනයෙන් මිදුනෙමි. 

හදුනා ගත නොහැකි බලවේගයක් නිසා ලැබුනු ශක්තියකින් මා සිත පීරි යන්නට විය... අත් බෑගයේ වු කුඩා කණ්නාඩියත් පනාවත් ගෙන හිස පීරා ගතිමි.. කදුලු පැල්ලම් මැකෙන්නට මුහුණ පවුඩර් තට්ටුවකින් ආවරණය කොට ගෙන "මාව ඉස්සරහින් බස්සන්න සර්...." යි ධෛර්යය වන්ත ලෙස ඉෂාන් දෙස බලමින් කීමි...

"ආර් යූ ඔකේ පාබා..." ඔහු විමතියෙන් මා දෙසම බලා උන්නේ.....

"යා.. ෂුවර්.... සර්... ආම් ඔකේ.....  ජස්ට් කම් ඇන්ඩ් මීට් මයි පේරන්ට්ස්...." එක එල්ලේ ඉෂා‍න්ගේ දෙනෙත දෙස බලමින් කීමි.. මාගේ බැල්ම දාරා ගත නොහැකිව ඔහු ඉවත බලා ගත්‍තේය...

"ඔකේ අයි විල් කම් සූන්...." යි කියමින්.. අසල බස් නැවතුමින් මා කාරයෙන් බස්වා.. ඉෂාන් නොපෙනී ගියේ.... 

මා පමණක් නැවතී අවට ලෝකයම මා වටේ කැරකෙන්නාක් මෙන් විය... නිවසට යන්නේ කෙසේද අම්මා තාත්තා සහ අක්කලාගේ මුහුණු බලන්නේ කෙසේද... හදිසියේවත් මා ගැබ් ගතහොත් ඊට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්ණ දහසකින් මා සිති පිරී තිබුණි...

මාගේ පාසල් කාලයේ යෙහෙලියක් සේවය කරන බෙහෙත් පාමසියකට ගොඩවු මා සිනා මුසු මුහුනින් මද වේලාවක් ඇය හා කතා කරමින් සිටියෙම්....
"මොකෝ පබා මේ අවේලාවේ  අද ඔපිස් එකෙන් කලින් පැන්නද...." 
"ඔව් චතූ‍‍‍.... පොඩ  හද්සිසියක් මගේ යාළුවෙක්ට ඔපිස් එකේ.. ඒකිට පාමසියකින් ඉල්ලන්න ලැජ්ජයිලු.... බැදපු අළුත අනේ.. ඊයේ පෙඩී කේස් එකක් වෙලා..............................................................."  යි රහසින් කියා මම ඇයගෙන් උපත් පාලන පෙති කිහිපයක් මිලදී ගතිමි.....

" අදම දෙන්න ආපහු ගිහින් හරි.. ඊයෙනම් දැනටත් පරක්කු වැඩියි.... " 
මිතුරියට නොසෑහෙන ලෙස ස්තුති කල මා වහා අසල හොටලයට වැදී වතුරු වීදුරිවක් ඉල්ලාගෙන ඒයින් එක් වේලක පෙති කිහිපය ගිල දැමීමි... එසැනින් පැමිණි බසයක නැගි නිවසට යන විට අම්මා සහ පාසල ඇරී පැමිණි පොඩි අක්කා විමතියෙන් මා දෙස බලා උන්නෝය.....
"මොකෝ චූටි අද කලින්ම....." මා පසු පසින් කාමරයට එමින් අම්මා ඇසුවාය..... මට ඇයගේ මුහුණ බලන්නට හැකියාවක් නොවුනෙන් ඇදේ පෙරලි බිත්තිය පැත්තට හැරුනෙමි...

"ඇයි චූටි දුව... අසනීපයක්ද......" අම්මා හිස පිරිමිදමින් ඇසුවා......
"උණ වගේ අම්මා... ඇගපත රිදෙනවා....." මම රහසින් මෙන් කියද්දි වඩන කඩාගෙන ඉකිබිද්මු ආවේය.. වැරෙන් හැඩුම් නතරතරගතිමි....
"ඇග ටිකක් රස්නෙයි... ඉන්න මම  පස්පන්ගුවක් තම්බන්න.. ඇදුම් මාරු කරලා නිදා ගන්න... " යි කියමින්.. අම්මා කුස්සියිට ගියාය....
"අපි නොදන්න උණ මෙයාගේ.. ලොක්කයියා කොල් එකක් දෙන්න ඇති ආවා කියලා.. බොරු උණක් හදන් මෙයා ගෙදර.... අනේ ආච්චී.... " පොඩි අක්කා කියද්දී.. මම ගැස්සී ගියෙම්... 
"ලොක්කයියා ආවා.... " වහා ඇදෙන් පැන පොඩි අක්කාගේ ඇදෙහි වාඩි වෙමින් ඇගේ දෑතම අල්ලා ගතිමි... 

"අනේ බබා.... මගෙන් අහන්නේ.. අන්න ඉස්සරහා කාමරේ නිදි....." ඇය ඉගි මරමින් කීවාය.... මෙවන් තීරණාත්මක දිනෙක  ලොක්කයියාගේ පැමිණිම මට පුදුමයක් විය....මට මගේ දෙපා පාලනය කරගතනොහැකි විය.. වහා අමුත්තන්ගේ කාමරයට දිවයන විටත් නින්දෙන් අවදි වී ඇගමැලි කඩමින් උන් ලොක්කයියා මා දැක සිනාසුනේය... ඇදෙහි ඔහු වැතිර සිටිද්දී ඔහුගේ දෙපා අසල බිම වාඩි වි දෙපා බදාගෙන ඉකි ගසා හැඩීමි.....

"රත්තරනේ මොකද මේ...... කියන්න මට...... කියන්න...." වාහා ඇදෙන් පැන මා තුරුලට ගත් ලොක්කයියා කිසිත් සිතා ගත නොහැකිව ආවේගයෙන් ඇසීය.. මගේ හැඩුම් වැඩි වුවා ඇරෙන්නට.. අවසනක් නොවීය... අම්මාත් පොඩි අක්කාත් කාමරයට පැමිණිමත් මෙතෙක් කලක් වැඩිහිටියන්ට රහසක් වු අපේ ප්‍රේමයේ පළමු ඉගිය අම්මාට දක්නට ලැබීමටත් මාගේ වියරු හැසීරීම හේතුවිය....

මායාකාර ඇස් 7

11 comments:

  1. අන්තිමට කියල තියෙන ටික තේරුණෙ නෑනේ.. :(

    ReplyDelete
  2. මොනාද මේ.....කිසි අලුත් ගතියක් නෑ නෙ...
    ඇගේ වෛරය ෆිල්ම් එක වගෙ

    ReplyDelete
  3. ඒ කිවේ සිකා... ලොක්කයියා එක්ක ලව් ස්ටොරිය අම්මා දැනගත්තා කියලා....

    ReplyDelete
  4. @indi මුල ඉදන් කියවන්න..... ඉස්සරහ‍ට වෙනස් වෙයි... මන්දා.. මම ඇගේ වෛරය බලලා නැහැ.... :D

    ReplyDelete
  5. ලස්සනයි.. ඉතිරි කොටස් එනකන් බලන් ඉන්නවා..

    ReplyDelete
  6. Anonymous12:27:00 PM

    හරිම ලස්සනයි අක්කේ..මම කැමතියි මේ කතාව යන තාලේට..

    ReplyDelete
  7. @ මාරයියා.. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  8. @ දිනේෂ්... ලබන ඉරිදා මේ වෙලාවට.... :) පරක්කු වැඩි නැහැනේද.... :)

    ReplyDelete
  9. @ නිමේෂෘ ස්තූතියි නංගියා...

    ReplyDelete
  10. ම්..... කාතාව මා සිතුවාට වඩා වෙනස් අතකට යන හැගිමක් තියනවා.. කැමතියි මම එකට.. දිගටම ලියන්න හ0සි අක්කෙ ...:)

    ReplyDelete