Showing posts with label පිච්ච මල. Show all posts
Showing posts with label පිච්ච මල. Show all posts

Nov 25, 2010

පිච්ච මල V


පිච්ච මල IV කියවන්න............. මේ අවසන් කොටස.............

මං ඇස් අරිද්දි හිටියේ ලංකාවෙන්  ගොඩාක් දුර.... මටවත් හිතාගන්න බැරි ඉක්මනකින් කාලයත් ගෙවිලා තිබුණා අවුරුද්දක දිගු කෝමා තත්වයකින් මිදුණු මට ඉස්සෙල්ලාම මතක් වුනේ මගේ සුදු පිච්ච මලව.....
 මං කොහෙද මේ ඉන්නේ....... කේ මගේ සුද්දී.......කෝ එයා......
 මම රොහල් කාමරය දෙවනත් වෙන්න කෑගැහුවා.... ඒත් මාව වට කරන් හිටපු විදේශීය වෛද්‍යවරුන්ටවත් හෙදියන්ටවත් මම අහනදේ තේරුනේ නැහැ...ඒයාලට මම කියනදේ නොතේරෙන බව තේරුම් ගන්නවත් තරම් යහපත් මානසිකත්වයක මම හිටියේ නැහැ.....

මගේ ජිවිතේ ඒ මාරක අනතුරින්  බේරුණු එක ගැන මම දස දහස් වාරයක් පසුතැවුණා..කොටින්ම කියනවනම් මම ජිවත් වුනේ ඇවිදින මළ කදක් ගානට...හුසසම ගත්තු හැමමොහොතකම මම බලාපොරෙතේතු වුණේ මගේම මරණය.. ඒ මගේ අහිංසක පිච්ච මල  මගේ නොසැලකිලිමත් කම නිසා වුණ අනතුරෙන් මේ ලෝකෙන් සමුඅරන් ගියා කියල මට මගේ කන්දෙකටම අහන්න වුණ නිසා...

සම්පූර්ණ සුවය ලැබුවත් ආයෙමත් මම ලංකාවට නොආවෙත් මගේ පිච්ච මල නැතිව අපේ ආදරේ මතක සටහන් වලට මුහුණ දෙන්න  තරම් හයියක් හිතට නොතිබුණ නිසා...... මේ වතාවේ මම ආවේ අවුරුදු හයකට පස්සේ....එකම එක වතාවක් මගේ සුදු මැණිකගේ සොහෙ‍ානට වැදලා....මගේ හිතුවක්කාරකමට සමාවක් ඉල්ල ගන්න... දන්න දන්න හැම කනත්තකම හෙව්වත් මට මගේ කෙල්ලව හොයාගන්න බැරි වුණා...මම ඉබාගාතේ ඇවිද්දේ ඒකට...... හිත බිදුනේ මගේ  කෙල්ලගේ දෙම‍ාපියන්ගේ සොහොන් කොත් ළගවත් එයා නොහිටිය එකට..... දැනුයි මම දන්නේ ඒ ඇයි කියලා....මගේ වස්තුව තවම ජීවතුන් අතර........ඒත් ගොඩා...ක් දුර...හොයාගන්න බැරි තරම් දුරක.........

නිදි නොලබා ගෙවපු දුශ්කර රැයක් ගෙවෙද්දි මම කාමරයෙන් එළියට ආවේ දැඩි තීරණයක් අරගෙන... උත්පලා මාව ගහල පන්නා ගත්තත් කමක් නැහැ මම අද කොහොම හරි යනවා ඒ ගෙදරට ඒකයි අද දවසේ මම කරන පළමු සහ එකම දේ...

ගෙදර කවුරුවත් අළුත්  දවසට සූදානම් නැහැ... ඉරිද දවසක් නිසා වෙන්න ඇති. කාටත් නොකියම මම ගේට්ටුවන් පිට උනා එතකොටම මතුවුන ත්‍රීරෝද රියට ගොඩ වුණ මම විනාඩි පහලොවකට පස්සේ හිටියේ නෙත්මිලාගෙ ගෙදර ගේට්ටුව ළග.... ගෙදරකට යන්නමේ උදේ වැඩියි..ඒත් මේ දේ නොකර මට දවස පටන් ගන්න බැහැ.

මම ගේට්ටුවෙන් එබිලා බැලුවා, මට පිටුපාල කෙනෙක් මිදුල අතුගානවා... මැදි වයසේ පිරිමි කෙනෙක් ඒ කවුරුවෙන්න ඇතිද කියලා මම කල්පනා කලා. නෙත්මිගේ දෙමව්පියෝ ජිවතුන් අතර නැහැ.. ළග ළග අවුරුදු දෙකකදි ඒ දෙන්නාම ම්ය ගිහින්... එහෙනම් මේ කවුද... හතේ තිබුණු ප්‍රශ්නාර්ථය එහෙමම  තියෙද්දි මම ගේට්ටුව හොලවලා මම ඉන්න බව සැල කලා..

ඒ කෙනා ගේට්ටුව ළගට ආවේ ඉදලත් අරගෙන මූණේ  තිබුණේ විශාල විමතියක් උදේ හත වෙන්නත් කලින් ගේට්ටුව හොලවන මේ පිස්සා කවුද කියලා හිතන්න ඇති....
මේ.....උ..ත්පලා... ඉන්නවද...  නනල රැලි කරන් මා දිහා බලා උන්න කෙනාගෙන් මම ඇහුවා...

උත්පලා... ඒ කෙනාගේ මුහුණේ තිබුනේ විමතියක්...
ඔව්..... උත්පලා වීරසිංහ මං බලාපොරොත්තු දල්වගෙන බලාගෙනම හිටියා..........
එහෙම කෙනෙක් මෙහෙ නැහැ... මුණට දමල ගැහුවාවගේ දුන්නු පිළිතුරෙන් මම ගැස්සුනා..
 ඒ දවස් වල මම අපේ  ගෙදර ඉන්නවාට වැඩිවෙලාවක් හිටියේ මෙහේ ඒ නිසා ගේ වැරදුනේ නැති බව මට විශ්වාසයි

එහෙනම් නෙත්මි...........

නෑ.......... නෑ........... ඔය කියන කවුරුත්  මෙහෙ නැහැ......

ඒත්......මීට අවුරුදු හයකට කලින් එයාල මෙහෙනේ හිටියේ.......

මට මේ ගේයි ඉඩමයි සින්න වෙලා.. දැන් අවුරුදු තුනක්  වෙනවා.. ඔය කියන්නේ මීට කලින් මෙහෙ  කලින් හිටපු අය ගැන වෙන්න ඇති....

ඒ කිව් දෙයින් මම ගොළු වුණා.....ඒ කියන්නේ එයාල ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා... මට දැනුනේ මං අතරමං වෙලා ‍වගේ....සැහෙන වෙලාවකට පස්සේ වට පිට බලද්දීයි මට තේරුනේ මං පාරදිගේ ඉබාගාතේ ඇවිදන් ඇවිත් කියලාඒ වට පිටාව මට අද්රගන්න අමාරු උණේ නැහැ.... වැව රවුම........ තව ටික දුරක් ඇවිදන් ගියාම මට ගස් දෙබල ළගට යන්න පුළුවන්...

ඉස්සර මම මේ ගස්දෙබල ළග වාඩිවෙලා පැය ගනන් ඉන්නවා ඒ පරිසරය තවමත් එහෙමමයි මාත් මගේ පිච්ච මලත් නැති අඩුව විතරමයි තිබුණේ.......  ගස් දෙබල උඩ වාඩිවෙලා වැව් දිය දිහා  බලාගෙන ඉන්නකොට මට මගේ පිච්ච මල වෙනුවෙන් මම දුක් විදපු දවස් මතක් වුණා....අය්යා අක්කා හැමෝම මාව සනසවද්දිත් මම විදවපු විදවිල්ල......


  පොඩී...... යම්  ගෙදර....... මං කොච්චර නං හෙව්වද උඹව....  උරහිස මත බරට අත තියාගෙන

හිටියේ අය්යා.....මං නෝක්කඩෙුවට මුහුණ හංගා ගත්තා......

යමං පොඩියෝ ගෙදර........  අය්යාගේ හඩ  වේදනාබරයි.....

බෑ....... බෑ......බෑ......යන්න වද නොදී..... මං මගේ කෙල්ලව හොයාගෙන මිසක් ආයෙත් එන්නේ නැහැ...... මම දැඩි මුරණ්ඩු හඩකින් කිව්වා.... කිව්වා නෙවෙයි බෙරිහන් දුන්නා......

දැන් වෙලාව හතරත් පහුවෙලා.....පිස්සෝ දැන් යමන් ගෙදර හෙට හොයමු.... අය්යාගේ හඩ සන්සුන් ඒත් මමවත් මගේ හිතවත් සන්සුන් නැහැ.......

වද නොදී යන්න අය්යේ... .ය......න්......න........  මම අසරණ හඩකින් කිව්වා......

හරි යමන් දැන් හොයමු....... අය්යා බොහෝ වෙලාවකට පස්සේ ආවේගාත්මක හඩකින් කියද්දි මම ගැස්සුණා....

හොයන්න දෙයක් නැහැ.........ඔයා දන්නවා ඉන්න තැන........ මම ගස් දෙබලින් නැගිටලා ඇවිත් අය්යගේ උරහිසට අත බර කලා......


ඔව් දන්නවා.....යමන් මාත් එක්ක.....බලාගනින්  උඹේ...ඇස් දෙකෙන්ම........ ආවේගයෙන් කියාගෙනම අය්යා ගිහින් රියදුරු අසුනට බර උණා...

අපි අතර තිබුණේ දැඩි නිහඩ බවක්....මම කිසි දෙයක් ඇහුවෙවත් අය්යා කිසි දෙයක් කිව්වේවත් නැහැ..... ලෑලි ගෙවල් පේලියක කෙලවරේ කාර් එක නතර කරලා අය්යා බැස්සා.... මාත් එයාව අනුගමනය කලා.....දාස්පෙතියා මල් වවපු පුංච් ගෙමිදුලේ නතරවෙලා අය්යා දොර දිහාට අත දිගු කලා.... මම නොපැකිලී ගිහින් දොරට දෙතුන් පාරක් තට්ටු කලා..... සෑහෙන වෙලාවකට පස්සේ අවුරුදු තුනක විතර පුංච් පුතෙක් ඇවිත් දොර ඇරියා....ඒ මුනේ ලස්සක හුරතල් හිනාවක් ඇදුනා අය්යා දැකපු ගමන්......

කෝ..පැට්ටෝ අම්මියා... දරු පැටියා අය්යාට හුරුයි......

තාම ආවේ ලැ...අන්කල්....... හුරතල් හඩට මට ආදරේත් හිතුනා......මම හිටියේ කිසිදෙයක් හිතාගන්න බැරිව.......පොඩිඑකාව වඩාගෙන අය්යා ගේ ඇතුලට ගියා..මම ඔහුගේ පසුපසින්......

කෝ පුංච්... අය්යා ඇහුවේ  සාලේ පුටුවක වාඩිවෙන ගමන්....මගේ පන නැති වෙලා තිබුණු කකුල් වලට පණ ආවා....බබා උත්පලා‍ෙග්............

පුංච් කාමලේ.....ච්ත්ත අදිනවා...... පුදචි අත්පොඩිය ඇතුල් කාමරයක් දිහාට දිගුකරලා පොඩි එකා හුරතල් හඩකින් කියද්දි මට ඉබේටම ඒ පැත්ත බැලුනා.......
 අය්යා අතින් සන් කලා...මට කාමරේට යන්න කියලා ඒත් ඔහු දිහා පුදුමයෙන් බලාගෙන මම එහෙමම හිටියා.........

යන්න පොඩී නෙත්මි ඇති....... අය්යා කිව්වේ සන්සුන් හඩකින් ඒත්....මං ගල්වෙලා බලාගෙන හිටියා.......

කවුද ආවේ පුතූ...... කාමරේ ඇතුලෙන් ආවේ මගේ පිච්ච මලගේ හඩ.....

සුදාල අන්කල්....... පොඩි එකා මහ හයියෙන් කෑ ගැහුවා....... මං හිටියේ මං හිටියේ ඒ කාමරේ දොරට පිටුපාලා...වාඩිවෙලා....දොර ළගින් ඇහුන චිරි චිරි හඩට මම හැරිලා ඒ පැත්ත බැලුවා...

කොහොම නම් කියන්නද මම දැකපුදේ........සිද්දවෙන්නේ මොනාද කියලවත් හිතාගන්න බැරි  තරමට....මම කලබල  උණා..... මට උන් හිටි තැන් අමතක උණා....

මගේ අහිංසක පිච්ච මල.... මගේ....... සුරංගනාවි දොර......... .. .ළග.......රෝ......ද .......පු.....ටු......වක..... ................ ...... ........ මට බැලුනේ ඒ සුදු කකුල් දිහා.......ප්‍රාණයක් නැති වුනත් තාමත් ලස්සනයි......ඒදා වගේම.........ඒ මහුන බලන්න හයියක් නෙතිබුණ නිසාම ඒ අප්‍රාණික කකුල් දෙකේ මුහුණ හොවාගෙන මං ඇඩුවා....මතක නැහැ කොයි තරම් වෙලාවක්ද කියලා.....සුදු කිගු ඇගිලා වලින් මගේ හිසකෙස් අවුල් මගේ පිච්ච මලත් මාත් එක්ක තරගෙට ඇඩුවා....

මගේ සුදු මැණික.......කොහොමද මේ පව් ගෙවන්නේ මං......

ගොඩක්වෙලාවකට පස්සේ ඔළුව උස්සලා ඒ තෙත මූණ දෝතින්ම අරන් ඇහුවා මම..........
මා....ව... දා.....ල  ය..න්....න....... ඒ තොල්පෙති හෙමිහිට සැලුණා........
 කොහොමද.... සුදු මෑණික...............කොහොමද .....ඔයා දන්නවද මං විදවපු තරම....ඔයා නැතුව.......දන්නවා....අය්යට හුස්ම වැටෙන්නේ නෑ.......මැණික ඔයා නැතුව........ මගේ හඩ බිදුනා......

යන්.....න ලස්සනට ජීවත්වෙන්න....මගේ අය්යේ......... ඒ සුදු හීනි අතැගිලි අතරේ මගේ කම්මුල් හිරවුණා

කොහොමද ඉන්... නේ....ඔය කතාකරණ ඇස් නැතිව...... මං අසරණව ඒ ඇස් දිහාම බලාගෙන හිටියා......

සු.....ධා...ර...අ..ය්යේ....... උත්පලා කෑගහගෙන ලෙට ගොඩ වෙද්දි අපි හැමෝම ගැස්සිලා ඒයා දිහා බැලුවා.........

ඇයි......... ඇයි......... ඈත් වෙලා ඉන්න බැරි........අපේ ජීවිත වලින්......... ඇයි......... සු.....ධා...ර...අ..ය්යේ....... මෙයාව මෙහාට එක්කරන් ආවේ..... ඇයි......... ඔයා පොරෙ‍ාන්දු වුණා නේද......... මේ කෙල්ල...පිච්චි පිච්චි ජීවත්වෙන නිසයි මම ඊයේ රෑත් ඔයාට කෝල් කරල  කිව්වේ...මෙයාට අපේ හුළගක්වත් වදින්න ඉඩ තියන්න එපා කියලා............මේ මොනාද කලේ ඔයා.......

උත්පලා ආවේස වෙලා වගේ කෑ ගැහුවා......... මං බැලුවේ නෙත්මි දිහා.......ඒ ඇස් පියවිලා තිබුණත් දිග කදුලු පාරක් නොනවත්වා ඒ කම්මුල් දිගේ ගලාගෙන ගියා.........

උත්පලා.... ඔයාගේ නංගිගේ ඉල්ලීමට..මං මූට.....අපේ..ගෙදර අය‍ට....මහා...ලොකු බොරුවක් කිව්වා...... මේ වෙනකල් ඒ ‍ රහස රැකගෙනත් හිටිය.......ඔයා දන්නවද.... ඒ බොරුව නිසා..... සිහිය ආවට පස්සේ ගෙවුණ අවුරුදු පහම මේකා ජීවත් වුනේ ඇවිදින මළ කදක් ගානට......කී පාරක් දිවි නහ ගන්න හැදුවද.......ඒත් මං ඉවසුවා......නෙත්මිගේ ඉලිලීමට..... ඒත් ඊයේ ඔයාලම දන්නවනේ සිද්ද වුණ දේ.......ඉතින් මම තවත් කොහෙමෙද මේ බොරුව කරන්නේ.........උදේ ඉදන් මූ පාරක් පාරක් ගානේ පිස්සෙක් වගේ....ඇව්ද්දා නෙත්මිව හොයාගෙන..... ඉවසන්නම බැරි නිසයි....... මම මෙහාට එක්කරන් ආවේ........ උත්පලා නංගී මම කලේ වරදක්නම් මට සමාවෙන්න.....ඔයා ඔයාගේ නංගිට ආදරේ කරන තරම්ම මාත් මගේ මල්ලිට ආදරෙයි......... ඌ පිස්සෙක් වෙනවා මට උහුලන්න බෑ............

අය්යා කියාගෙන යන අතරේ මම එබුනේ ඒ සුදු මුහුණට.......
මේ ඇත්තද සුදු නෝනේ....ඔයාද මේ බොරුව ගෙතුවේ......... මටන් නොදැනී මගේ ගොරෝසු කම්මුල් දිගේ තවත් අළුත් කදුලු පාරක් ගලාගෙන ගියා........

ඔයාගේ ලස්සන ජීවිතේට බරක්වෙන්න ම‍හෙිත දුන්නේ නැහැ අය්යේ......ඔයා මරණේ ළගටම ගිහින් ආවේ.....ඔයාට ලස්සන අළුත් ජීවිතයක් ලැබෙනවටයි මම කැමති වුණේ....... ඒ හඩ අසරණයි....... මං ගොඩා..ක් වෙලා නිහඩව හිටියා....

දහ පාරක් මැරිල ඉපදුනත් මගේ ජීවිතේ ඔයා නැතුව ලස්සන නැහැ මගේ පිච්ච මල.......යමු මා එක්ක ඒ රටටම.....මං ඔයාව ආයෙත් ඔය කකුල් දෙකෙන් ඇවිද්දවනවා......



******------ පිච්ච මල මතෙකින් නිමාවිය ------******

Nov 21, 2010

පිච්ච මල IV

පිච්ච මල III  කියවන්න............. මේ සිව්වැනි කොටස.................

උදාවෙන හැම දවසකම නෙත්මි පාසැල් යන, පන්ති යන, මග අහුරගෙන කියපු කරපු දේවල් නියා......කොහොමහරි මට ඒ  පිච්ච මල මගේම කරගන්න පුළුවන් උණා..මගේම වෙලා හරියට ආදරේ උණා මට...... ඒත් මගේ හිතේවත් නොතිබුණු නපුරු කමක් මගේ පිච්ච මල ඉස්සරහදි මට ආරූඩ උණා... මම බොරුවට සැරකලා පස්සේ තනියම දුක් උණා... එයාව බය කරන් හිටියෙ මම, පුංචි මුව පැටියෙක් වගේ මං කියන හැමදේම කදුලුබෝල ඇස්දෙකෙන් ඉවසුවා මගේ අහිංසකී.....

නෙත්මි සාමාන්‍යපෙළ විභාගෙට ලෑස්තිවෙමින් හිටියේ...එයත් අක්කා වගේම හරි ආසා වුණා හොදට ඉගෙන ගන්න. ගොඩාක් මහන්සිවෙලා පාඩම් කලා ඒත් මට ආදරෙන් අන්ධ වෙලා තිබුණ මගේ හිතට එයාගේ ඉගෙනීමවත් විභාගේවත් වැදගත් වුනේ නැහැ. මට හැමතිස්සෙම ඔනි වුනේ වැව ළග ලස්දෙබල උඩට වෙලා ඒ කතාකරන ඇස් දිහා බලාගෙන ඉන්න.....එයාව බයිසිකලේ නංගගෙන පාරවල් පුරා කරක්ගහන්න

ඒ දවස අමතක නැ මට... පහුවුණ සතියක්ම පන්ති පන්ති කිය කිය නෙත්මි මාව අමතක උන ගානට හිටියට මම උන්නේ හිත නරක් කරගෙන .......මං ආසම සුදු මල් ගවුම ඇදගෙන.....දිග කොන්ඩේ තනි කරලට ගොතාගෙන....මගේ දිච්ච මල එන පාරේ මම රැකගෙන හිටියා....මාව දුටු හැටියේ ඒ මූණට මල් මල් හිනාවක් වැටුනා.....හිත හොදටම රිදිල තිබුන නිසාද කොහෙද මම අමනාපෙන් අහක බලා ගත්තා......මගේ ළගටම ඇවිත් නැවතුන මගේ පිච්ච මල දිහා මං බයිසිකලේ පැති කන්නාඩියෙන් හොරෙන් බලාගෙන හිටියා.
"අයියේ...තර..හ..ද............"  ඒ ඇස් වල කදුලු පිරිලා.....ඒත් මං හිටි විදියටම හිටියා........අනේ...ඒ සුදු දිගු අතැගිලි වලින් මගේ බාහුව තද වුණා...මම හැරුණ වේගෙට  ගැස්සුන කෙල්ල පසුපසට වීසි උණා......
"නගිනවා ඉතින්........." මම රුදුරු මුහුණවෙනස් නොකර හෙල්මට් එක දිගුකලා.....එයා.ඒක නොගෙන මහා අසරණ බැල්මකින් මා දිහාම බලාහිටියා...
"මාව යකා...අවුස්සගන්න එපි සුද්දී........." මං කෑගැහුවා.අහිංසකීගේ ඇස්දෙකෙන් වැස්සක් වගේ කදුළු වැටෙන්න ගියේ තත්පරයියි.....මට දුක හිතුනා ගොඩාක්......හෙල්මට් එක පැත්තකට දාල මම ඒ සුදු මුහුණ දෝතින්ම ගත්තා.............
"මට ඉන්න බෑ.......සුදු මැණික......ඔයාව ඔනි මට.....මගේ ළග ටික වෙලාවක් ඉන්න......." මං මහා අසරණ හඩකින් මිමිනුවා.......

"අද මට එක්සැම් එකක් අය්යේ........" ඒ ඇස් අසරණයි...ඒත් මට යන්න දෙන්න බෑ බෑ මයි.......

"මම දාන්නම් වෙලාවට .....අනේ සුදු පැංච් විනාඩි පහලොවක් ඉන්න.......අය්යා පව්නේ............." මං බැගැපත්වෙද්දි  එයා ඇස් වලින් "හා" කිව්වා.....
මහ පාර මැදදි ඒ මුහුණට එබුණු මම ඒ සුදු කම්මුල් වල මගේ ගොරෝසු කම්මුල්අතුල්ලලා ඒ කදුලු වලින් මගේ මුළු මුහුණම තෙමා ගත්තා........
"යමු.........." දඩිබිඩියේ බයිසිකලේ පණ ගන්වගෙන මම මගේ පිච්ච මලත් අරන් වැව රවුමේ ගස්දෙබලට ඉගිලුණා......

මගේ පිච්ච මල ලස්සනයි පුංච් සුරංගනාවියක් වගේ.....ඊටත් වඩා අහිංසකයි....මං කියන දේ අහනවා කීකරු හා පැටියෙක් වගේ....ඒකයි මම පපුව පුපුරන්න තරම් ආදරේ උණේ...........හැමසාමත් වගේ වැව රවුමේ ගස්දෙබල උඩට වෙලා ඒ ඇස් දිහා බපාගෙන ඒ පිවිතුරු මිනිස් සුවද විදගෙන ඉන්නකොට නොදැනීම වෙලාව ගත වුණා...... කෙල්ල බය වෙලා ...ඒ ඇස් බොදවෙලා....
"පොරොන්දු උණානේ මම බය වෙන්න එපා....විකාඩියකට කලින් පන්තියට දානවා....දන්නවනේ අය්යාගේ හැටි....ඉගිල්ලෙන්නම් මැණික.....නඩා ඉන්න....ඉවසන්න බැ මං නිසා අඩන එක....."


වේග සිමාව ඉක්මවල මම ගියා........"අනේ හෙමිහිට යමු අය්යේ...පරක්කු උණාට කමක් නැහැ..." පිච්ච මල කැ ගහනවා බයේ..... මම හයියෙන් හිනා උනා...."

"මීට වඩා හයියෙන් යන්න පුළුවන් මට..." වේගය කපාගෙන එන හුලං පාරට ඉව කරලා මම කැගැහුවේ පිටු පසට යාන්තමට හරිලා...........ආපහු හැරෙද්දි.....................ඉදිරියෙන් ආවේ රෝද දාසයේ ට්‍රක් එකක්............................................................................................ ..........................................*******************************************......................................................................................................................................................


පිච්ච මල V  කියවන්න............. මේ සිව්වැනි කොටස.............


Nov 20, 2010

පිච්ච මල III

පිච්ච මල II  කියවන්න............. මේ තෙවැනි කොටස.................

උත්පලා මගේ අඹ යාළුවා උණේ හෝඩ්යේදි අපි දෙන්නා වාඩි උණේ එක ළග සෙල්ලම් කලේ එකට කාලය ගෙවිල යද්දි වයසත් එක්ක හෝඩ්යේ තිබුණ යාළු කම ටික්ක අඩු උනත් එකි හැමදාමත් මගේ අඹ යාළුවාහැම පන්තියකදිම වගේ උසස් පෙළ පන්තියේදිත් මගේ සටහන් ලිව්වේ උත්පලා, ගෙදරින් ගේන බත් මුල මාත් එක්ක බෙදා ගත්තෙ එක කුස උපන් සහෝදරියක් වගේ..

තාත්තිට ඇතිවෙන්න සල්ලි තිබුණාඒ නිසාම මට ඉගෙන ගන්න තිබුණ උවමනාව අඩුවුණා.ඒත් උත්පලා නැහීගෙන පාඩම් කලා. මාවත් පාඩම් කොරව්වා... මම උසස් පෙළට ගත්තු අධිසම්මාන හතරම අයිති මට නෙවෙයි  උත්පලාට. 

අපිදෙන්නම සරසවි වරම් ලැබුවා... ඔය කාලේ මම හිටියෙම උත්පලාලගේ ගෙදර,  පුතෙක් නැති ඒ ගෙදර මම ලොකු පුතා වුණා.........ඒ දුප්පත් දෙමව්පියෝ මට සැළකුවේ තමන්ගෙම දරුවෙක්ට වගේ ඒත් ඒ ගෙදර උන්න පුංච් පිච්ච මල කවදාවත් මගේ ඇස් ඉස්සරහට ආවෙ නැහැ. මම ගේට්ටුවෙන් ඇතුල්වෙද්දිම නෙත්මි කාමරේට රිංගනවා..  කටුව ඇතුලේ හැංගෙන ඉබි පැටියෙක් වගේ. ඒ දවස් වල රංගයා කිව්වේ මං ඇස් වලින් ඒ පොඩි කෙල්ලව කනවා කියලා..... 
රංගයාගේ කතාව ඇත්ත වෙන්න ඇති... ඔනවට වඩා මම නෙත්මි දිහා බලාගෙන ඉන්නවා... මහ පාරෙදි ඉස්කෝලෙදි... එයාව දකින දකින හැම තැනදිම..................... මං ඒ අහිංසක පිච්ච මලට ආදරේ උණේ සාමාන්‍යය පෙල පන්තියේ ඉන්නකොට  එතකොට මගේ කෙල්ල අට වසරේ ....ඒ නිසාම එයාට මගෙ ආදරේ ගැන නොකියා මම එයාට හිතින් විතරක් ලං වුණා. 

"ද්ල් මචං...   මල වටේට බඹරු කැරකෙනවා වැඩියි.....ඉක්මනට නෙලා නොගත්තොත් උඹට සොරිම තමයි......" 

දවසක් රංගයා අනතුරු  හැගෙව්වා... මම මගේ හිතේ තිබුණ පුරුෂ ධෛර්යය ඉස්සරහට දාගෙන උසස් පෙළ සමත් උණාට තාත්තාගෙන් තෑගි ලැබුණ මොටර් බයිකලෙන් ගියා නෙත්මි ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට අතරමග පාලම හන්දියට... වෙලාවටත් කලින් ගිහින් ඔරලෝසුවට රව රවර ඉන්නකොට මගේ පිච්ච මල ඇතින් මතු උණා. 

මං නෙත්මි දිහාම බලාගෙන හිටියා අහම්බෙන් අපේ ඇස් හමු උණාම එයා පුරුදු විදියට මගෙන් හංගගෙන ඇස් බිමට බර කලා. මම සැලුනේ නැහැ. මගේ අහිංසක පිච්ච මල මවෙ පහු කරන් යන්න හද්දිම මං එයාගේ මග අහුරලා හිටගත්තා පැනල දුවන්න ඉඩනොදී ඒ බාහුව වැරෙන් අල්ලාගත්තා අනේ අහිංසක මුව පැටික්කියෙක් වගේ මගේ කෙල්ල වෙව්ලනවා. මම මගේ දකුණු අත ලිහිල් කලා, වෙව්ලන ඇගිලි ඒ දිලිනෙ කෙස් අතරින් යවලා මං ඒ ඇස් දෙකට එබුණා. 
"මං ගොඩාක් ආදරෙයි........ චූටි මැණික දන්නවා ඒක........" ඇසෙන නෑසෙන හඩකින් මම මිමිනුවා. ඒ බෝල ඇස් පිපිරිලා ලොකු කදුලු බින්දුවක් වැටුනා. මගේ අත් පණ නැති වුනා වගේ නෙත්මිගේ දකුණු බාහුව තද කරන් හිටපු මගේ වම් අත ගිලිහෙද්දි මගෙන් මිදුන කෙල්ල ඇතට දුවගෙන ගියා.....

පපුවට තුරුලු කරන් ආව ෆයිල් කවර ටිකත් අහුලගෙන මං එයාලගෙ ගෙදර ගියත් එදා දවසට ආයෙත් මට ඒ ඇස් මුණ ගැහුණේ නැහැ, මං ෆයිල් ටික ගැන කියපු බොරුව නිසා අහිංසක කෙල්ලට අම්මාගෙනුයි අක්කාගෙනුයි බැනුම් අහන්න උනු එක විතරයි උණ්.....



පිච්ච මල IV කියවන්න............. මේ තෙවැනි කොටස.................

Nov 5, 2010

පිච්ච මල II

 පිච්ච මල I  කියවන්න............. මේ දෙවැනි කොටස.................

මේසය අසල වාඩගෙන යමක් ලියම්න් උන් රුව අදුනගන්න අමාරු උනේ නැහැ මට..... හයියෙන් කැගහල මගේ වස්තුවගෙ නම කියන්න ඔනි උනත් මට වචන පිට උනේ නැහැ. මගේ නෙත්මි.....‍මගේ චූටි මැණික......හිත ඇතුලෙන් මිමිනුවත් ඒ වචන පිට කැගන්න බැරි වුනා.ඇය තවමත් එහෙමම මුහුණ ලියමින් උන් දෙයට නැඹුරු කරගෙන...

මට දැනුනා මාව දහඩියෙන් නැහැවෙනවා.... කකුල් වෙව්ලනවා.. මාව ඇදගෙන වැටෙයි කියන බයට මම උළුවස්සට වාරු උනා. ඒ එක්කම මේසය මතට වැටුණු මගේ හෙවනැල්ලට ගැස්සුනු මගෙ නෙත්මි ඇස් ඔසවලා දොර දිහා බැලුවා. අනේ...... ඒ ඇස් තත්පරේට බොදවෙලා ගියා.දොතින්ම මුහුණ වසාගෙන මහ හය්යෙන් එයා ඉකිබිදිද්දිත් මම ගොළු වෙලා බලාගෙන හිටියා.

"දිල්ශාර...................."  


පටුපසින් පැම්ණි කෙනෙක් මගේ නම කියල කතා කලා...මම ගැස්සිලා හැරිල බලද්දි
ඇස් ලොකු කරන් මා දිහා බලාගෙන හිටියෙ  උත්පලා... මගේ චූටි මැණිකගෙ අක්කා... මගේ පාසැල් මිතුරිය...

 "උ..ත්..ප..ලා... " මම අමාරුවෙන් අකුරු ගැලපුවා.

"දිල්ශාර... අපි ටිකක් එහාට යමු" උත්පලා අමුතුම හඩකින් කියාගෙන ඉස්සර උනා. නෙත්මි දිහා තව එකපාරක් හැරිලා බලපු  මමත් උත්පලා පසුපසින් ඇවිදන් ගියා.
උත්පලා නතර වුනේ කලාගාරයේ මිදුලෙ තිබුණ විශාල බට් අඹ ගහ යට.
"ද්ල්ශාර ඇයි මෙහාට ආවේ" රුදුරු හඩකින් උත්පලා ඇහුවෙ ඒ වගේම රුදුරු බැල්මකින් මාදිහා බලාගෙන.. මට උත්තර නැතිව ගියා.

"උත්පලා ම...ම.‍ මම ......" මං කතාකරන්න වචන හෙව්වා....
"කතාකරන්න එපා දිල්ශාර....කතා....කරන්න එපා..... වදින්නම්...... ....ය...න්....න........ .........ය...........න්න.. ..මෙතනින් යන්න............"  උත්පලා කතාකලේ හඩමින් වෙව්ලන අත්දෙක එකතුකරල මගේ දිහාට වදිම්න්අඩියෙන් අඩිය පසුපසට ගිය මම මටවත් හිතාගන්න බැරි වේගයකින් වාහන අංගනයේ නවතා තිබුණු කාරය ලගට ඇවිත් තිබුනා.

හිත සන්සුන් කරගන්න කොයිතරම් වෙලාවක් ගත උනාද කියල මට මතක නැහැ.මට ගෙදර ගේට්ටුවේන් එනවවත් මට මතක නැහැ. මට ගෙදරට ආව බවත් ම‍ට හැගුනේ පුංච් පුතා එක්ක මිදුලෙ සෙල්ලම් කරමින් උන් අය්යා ඇවිත් රියදුරු අසුන පැත්තෙන් දොරත් ඇරියට පස්සේ.

"පොඩ්ඩා........ ඇයි මේ.......... අවුලක්ද............." මම හිටපු වේශය දැකල අය්යා පුදුම විදියට කලබල උනා..... මට කතාකරගන්න බැහැ තරහින්..... දුකින්..........ආත්මානුකම්පිවෙන්......... මම මිරිකිලා හිටියේ. මුකුත් නොකියාම මම මගේ කැමරයට දුවගෙන ගියා..


දොරටත් අගුලු දාගෙන මට ඔනි උනේ තනිවෙන්න..ඒත් දොරට එහා පැත්තේ.ඉදන් ගෙදර හැමොම දොර අරින්න කියල කරන කන්නලව්ව ඉවස ගන්න බැරිම තැන මම කලේ දොර ඇරල දාල බැල්කනියට විවර උන දොරෙන් පිටවෙලා යන් එක, එයාලට තේරුම් ගන්න බැරි උනා මට තනිවෙන්න ඔනි වෙලා බව ඒනිසාම මට අය්යගෙන් බේරිල්ලක් නැති වුණා.

 රෑ කෑම මේසයේ අය්යත් මමත් තනිවෙනකල්ම මම නිහඩව හිටියා මට ඔනි උනේ අය්යගෙන් අහන්න එකම එක දෙයක්..  "ඇයි අය්යේ............මේ...........ම් තරම් ලොකු බොරුවක් කිව්වේ........"
 අවසානයේදි මං ඇහුවා. පුදුමයෙන් විසල් උන නෙත් මාදිහාට අය්යා මං දිහා බලාගෙන හිටියා. මමත් එක එල්ලේම අය්යා දිහා බලාගෙන හිටියා.. 

"පොඩී මොනව ගැනද මේ කියවන්නේ..මං මොකක්ද කියපු බොරුව ඔයාට"  අය්යගේ ඇස්වල තිබුණේ මහ පුදුමයක්.
මං කට ඇදකැරල සමච්චලේට හිනි වුණා.  ඒ හිනාව අය්යගෙ හිත දරුණු විදියට පාරපු බව මට ඒ ඇස් වලින් තේරුණා.


“ඔයා හිතුවද මම මැරිල ඉපදුනා කියලා අය්යේ...............නැ මං මැරි මැරී ජීවත් වුණා. ...........එකම දෙයක් නිසා  ඒ මගේ පණ ඩිංගිත්ත ජීවතුන් අතර නැ කියලා මේ කන්දෙකට අහන්න වුණ නිසා. .............ඇයි........ ඇයි............ඒ වගේ ලොකු  බොරුවක් කිව්වෙ මට ඇයි...................”
මම මගේම හිසකෙස් දොතින් අවුල් කරගෙන අය්යා දිහාට අනුකම්පා විරහිත බැල්මක් හෙලුවා...... මගේ ජීවිතේ උන්න ප්‍රතාපවත් පිරිමියා අසරණ පුංචි ළමයෙක් වගේ......මං දිහාම බලා හිටියා වචනයක් කතාකලේ නැහැ..... මම හැමදාම කොපිකරන්න උත්සහ තරපු ලොකු අය්යගේ පෞර්ශය......ඒ ප්‍රතාපවත් පිරිමි කම.....හැංගිලා ඒ මූණේ තිබුණේ මහා පරාජිත බවක්. නිහඩවම එයා කෑම මේසයෙන් ඉවත්වෙලා ගියා මට උත්තරයක් නොදීම.......
කැම කාමරයෙ තියෙන හැම බඩුවක්ම කුඩු පට්ටම් කරල මුළු ගේම දෙවනත් වෙන්න කෑ ගහන්න 
තරම් ආවේගයක් ආවත් මම මාවම පාලනය කරගත්තා.. මං කාමරේට ගියේ වලියකින් පැරදුන බලු පැටියෙක් වගේ. රැ  එලි වෙනකල් මට හිතන්නදේවල් ගොඩක් තිබුණා.....






පිච්ච මල III කියවන්න............. මේ තෙවැනි කොටස.................

Oct 11, 2010

පිච්ච මල I


ගෙදර ඉන්න කමිමැලි කමට පාරට බැස්සත්, කොහේ යන්නද මොනව කරන්නද කියල නිශ්ච්ත අරමුණක් මට තිබු නෙ නැහැ.
          අය්යගෙ අලුත්ම කාර් එක විශ්වාසෙන් මට දුන්නු නිසා හරි පරෙස්සමෙන් පැදෙව්වේ, මගේ ඉතිහාසයේ හැටියට මට පුදුමයි අය්ය යතුර දුන්නු එක ගැන....
          දිගු කාලයක් විදේශයක ඉදල පළමු වතාවට ගෙදරට ගොඩ උණු ගමන් මම දුවගෙන ගියේ මගේ මෝටර් සයිකල් එක බලන්න, ඒත් එත්න තිබුනේ මළකඩ කමින් තිබුන පරණ යකඩ ගොඩක් විතරයි.
ඒ අතරින් මැවිල පෙනෙන කදුලු මතකයන් අමතක කරන්න ඔනි නිසාම මම ආයෙත් ඒ පැත්තවත් බැලුවෙ නැහැ.
            ගෙදරටම කොටුවෙලා  ඉන්න එක හිතට වදයක් නිසයි එළියට ආවෙ‍‍‍‍, ඒත් ඒක ඊට වඩා හිතට වදයක් බව ටික වෙලාවක් යද්දි මටම ‍තේරුනා.  වට රවුම් වලින් කැරකිලා මම නැවතුනේ කලාගාරයේ වාහන අංගනයේ “නේත්‍රා කුලුදුල් සිතුවම් දැක්ම” නාම පුවරුව දුටු හැටියේම ඉබේටම වගේ මගේ දෙපා ශාලාව දෙසට ඇදුනා  


 “ගොඩාක් ස්තුතියි සර් මේ ප්‍රදර්ශනය බලන්න ආවට.........”  ප්‍රවේශ පත් කවුලුවෙන් ටිකට් පතක් සමග ස්තුතියකුත් ලැබුනා...එතන හිටපු කෙල්ලන්ගෙ ඇස් අමුතු විදියට මගේ දිහාට එල්ල වෙලා තිබුණා...මට දැනුණෙ අපහසුතාවයක් මම ඉක්මනින් එතැනින් ඉවත් වෙලා ප්‍රදර්ශණ භුමිය දෙසට ඇවිදන් ගියා.
“මුන් මාව කලිනි ඉදන් අදුනනවවත්ද” මගේ හිත මටම මිමිනුවා.....මගේ හිතේ තිබුනේ මහා චකිතයක්, එතැන හිටපු ගැහැණු ළමයි හතර දෙනාම ඇස් උඩ දාගෙන බලාගෙන හිටියෙ හරියට යකෙක්ට බය වෙලා වගේ..

ඒ ගැන හිතල තවත් මගේ හිතට මහන්සි නරන්න මට හිතුනෙ නැහැ මම ඒ සොදුරු සිතුවම් එකින් එක ආසාවෙන් බලාගෙන ගියා මට දැනුනේ මම අමුතුම ලෝ කෙක තනි වුනා වගේ. වම පිටාව ගැන මට අවධානයක් තිබුනේ නැහැ.

මම කලාකාරයෙක් නෙවෙයි ඒත් ඒ චිත්‍ර දැක්කහම මටත් කලාකාරයෙක් වෙන්න හිතුනා නිතර ඇහැට දකින්න ලැබෙන දේවල් හරි අපූරුවට සතුවම් වෙලා. මට දැනුනෙ මම ආයෙත් මගෙ සෙල්ලක්කාර කාලෙට දුවනව වගේ. මං කරක් ගහපු හැම තැනක්ම  මං ඒ චිත්‍ර වල දැක්කා

ශාලාවෙ කෙලවරට ඇවිදන් යද්දි දුටු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරි වුණා.  ඒ හිටියෙ මම විශාල ප්‍රමාණයේ සිත්‍රවම් පුවරුවක මාත් මගේ කුඩු පට්ටම් උණු මොටර් බයිසිකලයත්............දකිද්දි මට උන් හිටි තැන් අමතක උණා... මේතරම් අපූරුවට මගේ ශරිරයේ හැම ලකෂණයක්ම ඒ විදියටම සිතුවම් කලේ කවුද....මට අදහගන්න බැරි උණා.. සිතුවම ඉස්සරහ මම කොයි තරම් වෙලාවක් හිටියද කියල මට මතක නැහැ..මගේ උගුර කට තෙමාගන්න කටේ කෙල පොදක් වත් නැති බව මට තේරුණේ ගොඩක් වෙලාවකට පස්සේ .................

පිස්සුවෙන් වගේ මං දුවගෙන ගියේ ප්‍රවේශපත් කුටියට, එතැන උන්නු කෙල්ලන්ට මගේවෙනස තේරෙන්න ඇති මං එද්දි එයාල බයවෙලා බලාලෙන උන්නු හේතුව මම දැන් දන්න බව එයාලට තේරෙන්න ඇති.

"නංගි කවුද මේ චිත්‍ර ඇන්දේ" හතිදාගෙන දුවගෙන ආපු වේගයෙන්ම අහද්දි ඒ කෙල්ලෝ හතර දෙනාම ඇස් උඩදාගෙන බලාගෙන හිටියා..

"අනේ.....මට කියන්න කවුද..........." මගේ හිතේ තිබුණු චකිතය වචන එක්ක පිටවෙන්න ඇති. හතර දෙනාම එකපාරට හැරුනේ ඇතුල් කාමරය දිහාවට  කාටවත් මුකුත්ම කියන්නවත් ඉඩ නොතිය මම පිම්මේ දුවගෙන ගියා ඒ දිහාවට