Showing posts with label නිමක් නැති කතාව. Show all posts
Showing posts with label නිමක් නැති කතාව. Show all posts

Feb 6, 2011

නිමක් නැති කතාවේ නිමාවක් නොවන අවසන



නිවී ගිය පහන් සිල
ඉතිරිකල දුක වැළද
හඩන්නම් ඉතින් මම
නොආවත් යලිදු නුඹ

සන්තකය අහිමි වුණ
යලිදු ඉල්ලනා සිත
සනසවන්නම් ඉතින්
මතක් කර ඔබේ රුව

නුඹ සිනහ විදින්නට
නුඹෙන් පැතු බිළිදු රුව
සිහිනයක් ලෙස මියැද
පාරවයි තවත් සිත

යලිදු ‍මෙහි නොපැමිණෙන
හිමියනේ කියන් මට
කිමද මම කරපු පව
මේලෙස වෙන්වී යන්න

ඉතින් මම හැඩීමි... දින සති ගනන් හැඩීමි... සිහින සියල්ල සුණු විසුණු කොට ඔහු ජීවිතයෙන් සමු ගත් මොහොත සිහි කර කර හැඩීමි.... ඔහුගේ මූණු පොතට එබී බලන කල හට දෙස් කියා කවි දහස් ගනන් ගියවි තිබුණි. හැම පදයක්ම මගේ සිත  දරුණු ලෙස රිදවන්නට උයෙන් මම තාවකාලිකව මුහුණු පොතින් සමු ගතිමි.
ඔහුගෙන් ටිකකලකට වෙන් වුයේ ඔහුට දඩුවමක් දෙන්ට මිස හැර යන්නට නෙවන බව දන්නේ මා පමණී.... මාගේ මිතුරා සමග පරුෂ වචනයෙන් දොස් කියාගෙන එම දුරකතන ඇමතුම්ද පටිගත කොට අවසන්වරට ලියූ ලිපිය සමග තබා තිබුණි... ඒ සියල්ලක්ම මා වැරදි බවට ලොවට හගවන්නට ඔහු ගත් අති සාර්ථක උත්සහයන් විය....
හැඩුම්.. හැරහුම් මැද තනිවු මට අවසන උරුම වුයේ මානසික අසහනය පමණි. විදවීමේ අවසනක් නෙමැති කල මම මානසික වෛද්‍ය වරයෙකු හමු උනෙමි. එක දිගට මාස තුනක් බෙහෙත් පාවිච්ච්යෙන් පසු තරමක සුවයක් සහනයක් ලැබුවෙමි.
ඒහෙත් ඔහුගේ මරණයෙන් පස්වන දිනයේදී..  ඉරපතල ලෙස රොගාතුරව ඇදටම කොටුවූ අප්පාත්, මා ගැනම සිතමින් සිතින් වද විදන අම්මාත් වෙනුවෙන් කරන්නට බොහො දේ ඉතිරිව තිබිණ.. මාස ගනනකින් නිවසට කිසිම ආදායමක් නෙලැබිණි... ඉතිරිව තිබූ සන්තකයත් වියදම් වෙමින් තිබුණි. මගේ ඉගෙනුම මග නතරවිය.

ජිවිතයේ ලස්සනම කාලය ගෙවී යමින් තිබේ... මම තීරණයක් ගතිමි. ලන්ඩනයේ සිටින බාප්පා ළගට ගොස් ඉගෙනීම අවසන් කර ඇම්මාත් සමග නැවත කැනඩාවට ගොස් අළුත් ජීවිතයක් ආරම්භ කරන්නට සිතුවෙමි
 ඒහෙත් ඔහුගේ මතකයන්ගෙන් මිදිම ලෙහෙසි පහසු දෙයක් නොවීය
ඔහු යලින් නොඑනා බව සිතා සනසාගන්නා සිත එක තත්පරයෙන් බිදී වැටෙන්නේත් පිස්සියක මෙන් මා කෑගසා හඩන්නේත් එකටය....
නමුත් සිතට දිරි ගෙන මම තීරණයක් ගතිමි ඒ අනුව මෙලෙස මම ලන්ඩන් බලා යමි

උදාවෙන හෙට දවස ‍කෙලෙස වනු ඇත්දැයි කවමත් නොදනිමි... ගෙවීගිය අතීතයේ ගිනි කදු තවමත් සක්‍රීයය... ඔහුගේ සොයුරන් පිස්සු බල්ලන් මෙන් තවමත් මා සොයයි... ඒ මාද ඔහු වෙතම යවන්නටය... ඒසේ වන්නේ නම් එයද එක්තරා සතුටකි...

ඒහෙත් තවමත් මා සිතන්නේ
“ඔයා හිටියනම් මට හයියක් නේද” යන්නයි....



ඇය ජීවතුන් අතරය එහෙත් තවමත් මළවුන් අතර සිටින ඔහුට පෙම් කරයි.... ෂගානා අක්කේ.... තවත් ලියන්න හයියක් නැහැ මට කී නො කී හැම දේම නුඹ වෙනුවෙන්මයි...... මගේ එකම පැතුම නුඹට ලස්සන හෙට දිනක්.......

Jan 31, 2011

නිමක් නැති කතාව හතරවන කොටස

සංජේ ගේ මන්ද මානසික හැසිරීම නිසාම ඔහු අතහැර යලිත් මඩකලපුවට පැමිණි මා දුරකතනයෙන්  ඔහුට කතාතර සුවදුක් විමසුවේ ඔහු කුමණ ආකාරයෙන් මට හිරිහැර කලත් මම බොහොසෙයින් ඔහුට ආදරය කල ගිසාය. ඒහෙත් ඔහුගේ ප්‍රත්චාරය ඉතාමත්ම පහත් එකක් විය'

"ෂගානා උඹට විතරක් කොහොමද යාපනෙන් පිට යන්න අවසර ලැබුණේ මෙහෙ කිසිම කෙනෙක්ට නොලැබුණු චාන්ස් එකක් උඹට ලැබෙන්නනම් උඹ අනිවාර්යයෙන්ම හමුදා කදවුරේ ගණීකා කම් කරන්න ඇති ඒකයි උන් උඹ කියපු ගමන්ම මඩකලපුවට යන්න දුන්නේ"
යි කියමින් නවත් අසැබි වදන් යොදා ඔහු මට බැන වැදුනේය. එවදන් ඇසීමට නොකැමති වු මා ඉන්පසු ඔහු හා කතා කිරීම නතර කලෙමි.

මට දික්කාසාද වීමට ඇවැසි බව කියා ඔහුව මෙල්ල කරන්න සිතූවත්  කිසි දිනෙක දික්කසාද නඩුවක් නොදැමීමි.  එහෙත් නිතර නිතර දුරකතනය ඔස්සේ ඔහු මා සමග කතා කලේය... විටෙක කුඩා දරුවෙකු මෙන් හඩමින්ද විටෙක අන් මිනිසුන් පාවා දෙම්න් මට නිනිදා කරමින්ද ඔහු මා මානිසකව තලා පෙලා දැමීය.... එහෙත් ඒ වනවිටත් මට අවැසිව තිබුනේ නැවත ඔහු හා සුන්දර ජීවිතයක් ආරම්භ කරන්නටයි එහෙත් ඔහුගේ ක්‍රියා කලාපය එන්න එන්නම අසාමාන්‍ය විය. කැනඩාවේ සිටින අප්පාටත් මගේ අනෙකුත් නැදැයින්ටත් දුරකතන ඇමතුම් දී වියරුවෙන් ක්‍රියා කිරිමට පටන්ගත් නිසාවෙන් මම මගේ දුරකතන අංක සියල්ල වෙනස් කලෙමි. ඔහුට මා ඇමතිය හැකි මාර්ග සියල්ල වසා දැමුවෙමි. එහෙත් ඔහුට හොරෙන් ඔහු ගැන සොයා බැලුවෙමි. හෙරොයින් හා  මත්පැන් බාවිත කරමින් ඔහුගේම ශරිරයට කැපුම් තැවාල සිදුකරගනිමින් මාව නැවතත් ඔහුවෙත ගෙන්වාදෙන මෙන් මගේත් ඔහුගේත් මිතුරන් ඉදිරියේ බැගෑපත් වන හැටිත් මටදැන ගන්නට ලැබුණි.


මම මගේ ප්‍රංශයේ සිටින මිතුරකු ලවා ඔහුට ඒසේ නොකරණ ලෙස ඉල්ලීමක් කලෙමි.. එහෙත් අවසානයේ ඔහු මාහා මගේ මිතුරා අලලා මුසාවාදයක් ගොතා තිබුණි.


මගේ සෑම උපන්දිනයකම ඔහු පුරුද්දක් ලෙස ලේ දන් දුන්නේය...... ඒසේම මා ඔහු සමග අනාපව සිටින කල ලෙයින් ලියූ ලියුම් කිහිපයක්ම මට එවා තිබුණි....

එහෙත්


පසුගිය වසරේ මගේ උපන්දිනය උදාවත් සමග ගෙල වැලලාගෙන ඔහු දිවියෙන් සමුගෙන තිබුණි....   දේහය අසල වු ලිපියෙහි ලියා තිබුනේ
 
"මගේ ෂගානා මගෙන් අයින් වෙලා වෙන කෙනෙක්ව බදින්න ලැහැස්තියි... මට ඒත දරාගන්න බරි නිසා මම ජීවිතේ නැති කරගන්නවා"

කියායි... ඒ  ඈසු ම‍ට සිහිසුන් නැතිවිය.... ඔහුගේ වරදට දඩුවමක් ලෙස කතා නොකර සිටියාට මම ඔහුගෙන් ඈත් වන්නට කිසිදු උත්සහයත් නොගතීමි... ඔහු වෙනුවෙන් මම කැප කල දේද බොහොය... එහෙත් ඔහු අවසන් වරට ලියා තිබූ දෙයි නිසාවෙන් මට අවසන් වතාවටහෝ ඒ මුහුණ බලන්නට නොහැකිවිය...මන්ද
 "මඩකලපුවේ තරුණිය නිසා යාපනයේ වෙද සිසුවා දිවිනහගෙන" යැයි කියමින් මහත් ආන්දෝලනයක් ඇතිවීම නිසා... මට යාපනයට යෑමට නොහැකි වීමයි.

Jan 29, 2011

නිමක් නැති කතාව 3 කෙටස

රුසියාවේ සිට යලිත් මව්බිමට පැමිණි සංජේගේ හැසිරීම්වල අසාමාන්‍ය වෙනසක් තිබුණි. වෙස මිනිසුන් අලලා ඔහු මගෙන් නෙයෙකුත් විකාර ප්‍රශ්ණ අසන්නට විය.. .. අප යන මගතොටෙහි පොකුටු හිසකේ ඇති පුද්ගලයෙකු හමු වුවහොත්,

"ෂගානා ඔයා ඒ එක්කෙන් එක්ක යාළු වෙලා නම් මේ වෙද්දි ඔයාට ලැබෙන බබාට පොකුටු කොන්ඩයක් තියෙයි" යැයි ඔහු කිවේ ද්වේශයක් හිත පුරවාගෙනයි...  එවන් විට මම හිරි වැටී ගියෙමි... සැමියෙකු බිරිදකගෙන් කිසිදින නොඅසන තරමේ කතා ඔහු මගෙන් අසා තිබේ එහෙත් මම ඉවසුවෙමු ඔහු කෙරෙහි ඇති ආදරය නිසාම ඉවසුවෙමි.

දිනක් රැයේදී ඔහු බියර් එකක් බීමට අවැසි බව කීමෙන් අප දෙදෙනාම අම්මාට ගොස් හොරෙන් බියර්  ඒ ඔහු තනිවම ගියහොත් අමිමා සැක කරන බැවිනි. බියර් බොතලය රැගෙන නිවසට පැමිණි මා ඉක්මනින් නින්දට වැටුනෙම්ග ඔහු කාමරයේ සිට බියර් බෝතලය හිස් කරන්නට පටන් ගත්තේය.. පසදින මා අවදි වුයේ මදක් පමාවිය... රැකියා ස්ථානයට යන්නට පරක්කු වන බැවින් මම ලිහි ලහියේ සූදානම් වන්නට සිතා තැඩපත ඉදිරියට ගියෙමි දුටු දෙයින් මම හිරිවැටීගියෙමි. මගේ මුළු ශරීරය පුරාවටම පර්මනන්ට් මාකර් එකකින් ඔහු පෙම් කවි ලියා තිබුණි. මම කේනිතියෙන් ඇවිලුනෙමි. ලියා තිබුණේ  පෙම් කවක් වුවද රැකියාවට යන්නට පරක්කු වී සිටි මා  ජීවිතයේ පළමු වතාවට ඔහු හා රණ්ඩු වුනෙමි. ඔහු තරයේ කියා සිටියේ රාත්‍රියේ මගේ ශරීරය පුරා කවි ලිවේ ඔහු නොවන බවයි... එහෙත් බියර් මතින් කිසිවෙකු මෙවන් ක්‍රියාවක් නොකරන බව මම දැන උන්නෙමි.

ඔහුගේ මන්ද මානසික ක්‍රියා උත්සන්න වන්නේ ඉගෙනීම මග නතරවුනු නිසාදෝයි සිතම්න් මම රැකියාවෙන්ද ඉවත් වී ඔහු හා යලිත් යාපනයට ගියෙමි. ඒ ඔහු හා මා තනිවම ජීවත් වුනු පළමු අවස්ථාවයි.

යාපනයේදී මා ගතකල අවදිය තරම් අපුල අවදියක් ගතකිරීමට මගේ ජිවිතයේ කිසි දිනෙක මම බලා පොරෙත්තු නොවුනෙමි.

ඇතැම්දිනවල  ඔහු මහරෑ වැල්ලට ගොස් ධීවරයන් හමුවී මුදල් ගනුදෙනු කලේය... ඒ කුමකටද බව අදවනතුරුත් මම නොදනිමි. ඒවන් දිනවල  රාත්‍රියේ ඔහු නිදාගන්නේ ඇද අසල විශාල කඩුවක් තබාගෙනය.  මම ඇසුවිට ඔහු කියන්නේ ඒ ඔහුගේ ආරක්ෂා‍වට බවයි. එහෙත් උදෑසනට‍

"කවුද මේක මෙතැන තිබිබේ" කියා ඔහුම අසයි...
"ඇයි ඔයාමනේ තියා ගත්තේ" යි මම කියූ විට කිසිවිටෙකත් ඔහු මා විශ්වස නොකරයි... රැයෙහි කරන දෙය ඔහුට උදෑසනට අමතකය....

අනෙක් කරුණ වයේ කිසිදු කායික බැදීමක් සදහා ඔහු මාහා එකග නොවීමයි.... විවාහ වී හතරවැනි අවුරුද්දේ මම දරුපැටියෙකුගේ සෙනෙහස කැදැල්ලට ගෙන එන්නට දෑරු හැම උත්සහයකටම ඔහු එකසේ විරුද්ධ විය.

" බබාලා ඔනි නැහැ... බබෙක් අපි අතරට ආවොත් ඔයා මං ගැන බලන්නේ නැතිවෙයි" අසාධාරණ ලෙස ඔහු කියා සිටියේය.

ඔහු වෙද විදුහලට ගිය පසු දහවල් කාලයම තනිව නිසේ සිටින මා පළමු වතාවට මානසික ආතතිය සදහා වෛද්‍යවරයෙකු හමුවී බෙහෙත් ගතිමි.

දිනක් මහ රැයේදී වෙරි මතින් නිවසට පැමිණි ඔහු නිවසේ ප්‍රධාන විදුලි ස්ව්චය නිවා දමා මාවත් නිවසින් පිටතට දමා දොරවසා දැම්මේය... මම ඉකිබිදිමින් හඩමින් ඇදසිටියත් මුළු රැයම පොට්කොවට වී සිටීමට මට සිදුවිය... උදෑසනම හඩමින් ප්‍රධාන හමුදා කදවුරට දිවගිය මා හැකි ඉක්මනින් මාව යලිත් මඩකලපුවට යවන ලෙස ඉල්ලා සිටියෙමි... මගේ හැඩුම් විලාදසය දුටු කරුණාවන්ත හමුදා නිලධාරින් හදිසි අවස්ථාවක් ලෙස සළකා ඉක්මනින් මා මඩකලපුවට පිටත් කිරිමට පියවර ගත්තෝය.
   

Jan 24, 2011

"නිමක් නැති කථාව - 2 කොටස"

සංජේ ගෙන් මට ලැබුණු සෙනෙහසෙහි අඩුවක් නොදැනුනද......  ළද බොළද යුවතියනවූ මා.. අපගේ මධුසමයදා... ළදැරියක මෙන් හැඩුවෙමි.... හේතුව වුයේ..... මහන්සියි යැයි පවසමින් ඔහු කලින්ම නිනිදට යෑමයි.

මගේ අම්මා මධුසමය පිළිබද කිසිත් නොඇසීමත් ඔහුගේ අම්මා මා සමග අමනාපයෙන් උන් නිසා කිසිත් නොවිමසිමත් සිතට සහනයක් වුවද මම මානසිකව කැළඹි උන්නෙම්.....

හිත රීදී තිබුනත්  ඒ දින කිහිපය සැනසිල්ලේ ගෙවී ගියේය.... සුපුරුදු ලෙස ඔහු ඉක්මනින් නින්දට යයි දහවල් කාලයට වඩා අමුතු රතුපැහැ බවත් රාත්‍රියට ඔහුගේ දෙනෙතෙහි විය එසේම අමුත් මත් බවකින් සිටියේය.... එහෙත් මම කිසිත් නොඇසීමි........ වයස විසි එකක යුවකියක වු මට... මගේ විවාහය නිසා ඇතිවු එකම වෙනස වුයේ.... මගේ කාමරට ඔහු පැමිනීම පමණකි....  සුපුරුදු ලෙස අම්මා සමග හුරතල් වෙමින් සිටි මගේ ලොකය ගිනිගන්නට සතියක් තරම්වත් කල් ගත නොවීය. දිනක් ඔහු නිවසට පැමිණයේ හතරපයිනි..  ඒ තරමට ඔහු බීමත්ව උන්නේය... ඔහු මට කියා තිබුනේ ඔහු කිසිදිනක මත්පැන් බී නැති බවකි... එහෙත් එදින පටන් ගත් ඔහුගේ බීමත් දිනචරියාව කිසිදු දිනයක වෙනසත් නොවීය

 විවාහයෙන් පසු දෙවන සතියේ ඔහු යලිත් යාපනය විශ්ව විද්‍යාලය බලා පිටත් විය... මා සුපුරුදු ලෙස නිවසේ තනි වුනෙමි. කාලය ගෙවි ගියේ නෙසිතන වේගයකිනි.... ඔහු උන්නේ...යාපනයේය මම උන්නේ මඩකලපුවේය...  ඔහු අප නිවසට පැමිණියේ නිවාඩුවකට පමණි. එහෙත් ඔහු මා සේවාස්ථානයට මට රහසේ දුරකතන ඇමතුම් දී මා පිළිබද සොයා බලන බව දැනගත් වෙලේ මා කැළඹුනෙමි. 

මැදියම් රාත්‍රි‍යේ  ආරක්ෂක අංශයට දුරකතනයෙන් අමතන  ඔහු ආරක්ෂක නිලදාරීන්ගෙන් නොමනා දේ අසා ඇති බව මට කීවේ මගේ කළමණාකාරිණියයි.... ඉතින් මට තවත් එහි රැකියාව කරන්නට තරම් මානසිතක්වයක් නොතිබුනෙන් මම රැකියාවෙන් ඉල්ලා අස්වී... වෙනත් රැකියාවකට ගියෙමි....  යාපනයේ සිටින හිතවතුන්ගෙන් ඔහු ගැන අසන්ට ලැබුනේ... යහපත් තොරතුරු නොවේ....  දවසම බීමතින් සිටින ඔහු විභාග සියල්ලම එක පිට එක අසමත්වන බව මිතුරන් විසින් මට දන්වනු ලැබීය..... එහෙත් ඹහු කෙරෙහි වු සෙනෙහස මදකදු අඩු නොවුයෙන්  මම ඒ කිසිවක් විශ්වාස නොකලෙම්..... කුඩාකල සිට ඔහුගේ අධ්‍යාපන දස්කම් ගැන මම අසා තිබුනෙමි හැම විටම ඔහු පළමුවැනියාය.... චෙස් ක්‍රීඩාවෙහිද දක්ෂයෙකි.... එසේම ඔහු දක්ෂ ලේඛකයෙකි.... ජාත්‍යන්තර පුවත්පත්වල පවා ඔහුගේ ඇතැම් ලිපි පළවී තිබේ.... 

දිනක් හදිසියේ මා ඇමතු ඔහු කියා  සිටියේ....

" ෂගානා... සංවිධානෙන් මාව මරන්න හදනවා මම ලියපු ලිපියක් නිසා.... මගේ ජීවිතේ බේර ගන්න නම් මම ලක්ෂ තුනක් දෙන්න ඔනි පුළුවන් තරම් ඉක්මනට මට ඒ සල්ලි එවන්න....."
 

ඔහු කලබලයෙන් කියද්දි.. මම ගැස්සුනෙම්... මට මාගේ සැමියා නැති කරගනත නොහැක. වහාම මම ඔහුගේ ගිනුමට වැඩිපුර මුදල් දැමුවෙමි..  දින කිහිපයකට පසු ඔහු යලිත් කිවේ... නිතර වැඩිපුර මුදලක් ලග තමා ගත යුතු බවය.... එබැවින් මම වෙනදාට ඔහුගේ ඉගෙන්ම වෙනුවෙන්  යවන මුදල වැඩිකලෙමි. එහෙත් ඉගෙනුමද මග නතර කොට ඔහු මඩකපලුවට පැමිණයේ යාපනයේ තවත් සිටින්නට නොහැකි බව කියමින. මම එයත් ඉවසුවෙමි.... දවල් දවසට මම රැකියාවට ගිය විට ඔහු කාමරයට වී මුළු දවසම මත්පැන් බොන බව අම්මා මා සමග කිවාය... ප්‍රතම වරට මම ඔහු හා ගැටුමක් ඇතිකර ගතිමි..... මම ඔහුට මුදල් නොදී සිටීමට තීරණය කලේ මෙම‍ ගැටුමෙන් පසුවයි... එහෙත් ඉන් ඔහුගේ බීමත් කම දුරු කරන්නට මට නොහැකි විය, මගේ රන් ආභරණ සොරකම් කිරීමටත් බැංකුවෙන් ඒ ටී එම් කාඩ්පතෙන් මුදල් ගැනිමටත් ඔහු රහසේ පුරුදු විය..... ඇතැම් මාස වල මගේ මුළු පඩියම මටත් හොරා ඔහු ඒ ටී එම් හරහා ඔහු රැගෙන තිබුනෙන් ගෙදර වියදම් සදහා කැනඩාවේ සිටි අප්පාගෙන් සල්ලි ඉල්ලා ගැනීමට සිදුවිය... බීමතින් නිවසේ ඇති කරගන්නා ප්‍රශ්ණ සියල්ලමට හේතුව ඔහුට වෛද්‍ය උපාදිය අවසන් කිරිමට නොහාකිවීමදෝ හැගුණු හෙයින් ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ඔහුව රුසියාට යැවිමට අප්පා විශාල මුදලක් වියදම් කර පහසුකම් සැලසුවේය... පවුලේ එකම දරුවා වු මගේ සැනසුම වෙනුවෙන් අප්පා එය කලත් සිද්ද වුයේ පිනින රිලවෙකුට ඉනිමං බැදීමකි..... වසරක් පුරා.... නේවාසිකාගාරයට වී බිමතින් විකාර කල ඔහුව වෛද්‍ය විදුහල විසින් නැවත ලංකාවට එවනු ලැබීය.

Jan 23, 2011

නිමක් නැති කථාව - 1 කොටස..

ලන්ඩන් බලා පිටත්වන ගවන් යානයේ අසුනට බරවූ මා දෙනෙත් පියා ගතිමි. 
මා යන්නේ හෙට දවස සොයා නොවේ.. දෙමපියන් ජීවත් කරන්නට අරමුණක් සොයාගෙනයි.
ඉගෙනිම කැපකොට ආසාවෙන් පටන්ගත් විවාහ ජිවිතය විසින් නන්නත්තාර කර දැමුණු ම‍ාගේ ජීවිය අරමුණක් කරා මෙහෙය විමට දැන් මම පමා වුවත්
ජීවිතයේ සැදෑසමයේ සිටින දෙමව්පියන් වෙනුවෙන් මම  ජීවිතය යල්ත් වරක් මුල සිටන් පටන් ගන්නට සිතුවෙමි.

මගේ ජිවිතයේ හිරිමල් යෞවනය ගෙවුනේ කැනඩාවේ විදේශිය මිතුරු මිතුරියන් අතරේය... ශ්‍රීලංකාවේ උපන් මා අගය කල අනුගමනය කල සදාචාරාත්මක පිළවෙත් නිසාවෙන් ඔවුන් ඉදිරියේ මම විහිලුකාරියක් විමී
මගේ සිතුම් පැතුම් ඔවුන්ගේ සිතුම් පැතුම් හා බලන කල අහස පොළව මෙන් එකිනෙකට වෙනස් විය.

කැනඩාවේ ප්‍රාතමික අධයාපනය අවසන්කර උසස් අධයාපනය සදහා ඉන්දියාවට ගොස් සිටින කල කල්කටාවේ තෙරේසා මව්තුම්යගේ  අශ්‍රමයට බැදී... අසරණයන්ට පිහිට වේන්නට සිතා උන්නත් අම්මාගේත් අප්පාගේත් බලවත් ඉල්ලීම නිසා..... 
ඉගෙනීම මග නතර කොට යලිත් ශ්‍රීලංකාවට පැමිනියෙමි. ජිවිතයේ වසන්තයේ නිමාව එය බව දැන උන්නානම් ......

නොසිතූ දිනයක නොසිතූ මොහොතක මගේ පෑනේ මිතුරු  සංජේ අප නිවසට පැමිණයේත් 
"අම්මා මම ෂගානාව බදින්න කැමතියි" කියා කිවේත් මටවත් සිතාගන්න නෙහැකි ලෙසයි. 

සංජේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකි. යාපනයේ උපන් ඔහු ‍වැදගත් පවුලක පුරුකකි.... හදිසියේ ඔහු ගෙන ආ විවාහ යෝජනාව  තෙරේසා මව් ආශ්‍රමයට වහවැටී උන් මා නිවසෙහි රදවාගන්නට අම්මාට රුකුලක් විය.  ඉතින් මට විරුද්ධ වන්නට කාරනාවක් නොවීය...... අපි ‍විවාහපේක්ෂිත පෙම්වතුන් වීමු.
එකල මම රාජ්‍ය නොවන සංවිධානයක සේවය කලෙම්..... අප නිතර දුරකතනයෙන් කතා කලෙමු..... දිනයේ වැඩි වේලාවක් අප කතා කලෙමු.... ඔහු පොඩි දරුවෙකු සේ කියවීය... ඇතැම් රාත්‍රීන්වල.... ඔහු කතා කරදිදී... මට  මහන්සියට නින්ද ගෙස් තිබුණි. ඔහු පොඩි දරුවෙක් ලෙස එවන් විට ඉකිබිද හැඩුවේය. මට ඔහු සෙවනේ දැනුනේ සදාතනික සෙනෙහසකි 

මුළු දිවියම සතුටින් පිරිණු එකක් වේ යැයි සිතුවෙමි. 

තරු පහේ හොටලයේ කතොලික සහ හින්දු සිරිත්වලට අනුව දෙදිනක් මහ ජයට ගත් විවාහ උන්සවයෙන් පසු මනාලියක් වී මම  ඔහුගේ නිවසට ගියෙමි.......

 

Jan 14, 2011

"හිතට දැනෙන කතාවක්"

වෙලාවකට මම මහා විකාර දෙවල් හිතනවා..... මම තනිවෙලා කවුරුත් නැහැ මට... මට ආදරේ කරන්න කෙනෙක් නැහැ.... බෝඩිමේ මම තනියම.... එයා මගේ හිත රිදවනවා...
ඒ වගේ දෙවල්.... ඉතින් මම දුක් කවි ලියනවා... අඩනවා... බ්ලොග් පොස්ට් ලියනවා......

හ්ම්ම්ම්ම් ඒත් ඊයේ මට මං ගැන ගෙඩාක් ලැජ්ජා හිතුනා.... මගේ බොළද කම ඔනිවට වඩා වැඩියි.... ඒක මට හොදටම තේරුණා.... මට මොනාද තියෙන ප්‍රශ්ණ...... මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ දිහා බගන කොට....

මට දවසක් අපේ ඔපිස් එකේ අයියා කෙනෙක් කිව්වා...
"නංගි...  මගේ යාළුවෙන් මඩකලපුවේ  ඉදන් එනවා.. මාසෙකට නවතින්න තැනක් නුවරින් හොයා දෙන්න පුළුවන්ද..." කියලා.... මමත් බොඩිමේ තනියමයි හිටියේ මම කිව්වා මගේ රූම් එකේ ඉඩ තියෙනවා.. ඒක ෂෙයා කරන්න කැමතිනම් එන්න කියන්න කියලා.... ඒ අනූව ... එයා  ආවා....
මම එයාට.. ෂගානා කියල කියන්නම්..... මම කියන්න යන කතාව ඇත්ත එකක් උනත් මට එයාගේ ඇත්ත නම කියන්න බැහැ මොකද එයා මගේ මූණු පොතේ යාළුවෙක් දැන්.
 ෂගානාට සිංහල වඩනයක් වත් බැහැ... ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවන් ඉතා හොදින් කතා කරන්න පුළුවන්... එයා නුවරට ආවේ.. දෙසැම්බර් 31 වැනිදා...  ඒයා කෙලින්ම මගේ ඔපිස් එකට ආවා... මුලින්ම දකිද්දි මම පුදුම උණා... ඒයා සාම්ප්‍රදායික දමිල තරුණියක් නෙවෙයි.... කොටින්ම කිව්වොත් ගොඩක් වෙස්ටන් කෙල්ලක්....කොන්ඩේ රිබොන්ඩින් කරලා‍‍‍.... කලර් කරලා... කොටට ඇදලා...
මම ඔයාට අදුනන ත්‍රීවීලර් එකක බොඩමට යැව්වා... හේතුව... එයාට සිංහල බැහැ... පාරවල් හොයා ගන්නත් අමාරුවෙයි කියලා මම හිතුවා...

ඒත් මම හවස යද්දී.. ඒයා කාමරෙත් පිලිවෙලට අස්කරලා... ඉංග්‍රීසි වචනයක් නොදන්න බොඩ්මේ ආන්ට්ගෙත් හිත දිනාගෙන හිටියා... එයා බොඩ්මේ ආන්ට් එක්ක කතා කලේ හස්ත මුද්‍රවෙන්...
දෙසැම්බර් 31 මම ගෙඩක් දුකින් හිටියේ... පහුවදාට උදාවෙන අළුත් අවුරුද්ද ගැන දෙගිඩියාවෙන්......
අළුත් අවුරුදු උදාවේ එයාට ගොඩාක් යාළුවෝ කතා කලා... සුභ පැතුවා.... එයාගේ අම්මා.. පැය ගනනක් එයා එක්ක කතා කලා... මට ටිකක් ද්‍රවිඩ භාෂාව තේරෙනවා.... ඒ කතා කරන දේවලින් මට හිතුනේ එයා පුංචි එකියක් වගේ හැමදේම අම්මා එක්ක කියනවා කියලා.

ෂගානා නුවර ආවේ  උඩරට මනාළියන් අන්දන්න පුරුදු වෙන්න... උදේ වරුව සැලොන් එකේ ඉගෙනගෙන හවස්වරුවම කාමරේට වෙලා නිදා ගත්තා මේ දවස් දාහතරම.... රෑට එයා බෙහෙත් පෙති අහුරක් බොනවා... මම ඇහුවම ඇයි කියලා.... ඒයා කිව්වේ ඒයාගේ ශරිරයේ හොමොන නිපදවෙන්නේ නැතිලු.... ඔනි කරන හැම හෝමෝනයක්ම පිටතින් ගන්න ඔනිලු... තව‍.... ඔපරේෂන් හතරක් කරා කිව්වා...... 

එයා ටිකක් මහතයි..... ඒ හෝමොන අසමතුලිත තාවය නිසා...  
ඊටඅමතරව මම හිතන්නේ  පුංච් දේට පවා ඔනිවට වඩා හිනාවෙන නිසා කියලා. 

එයා එන්න කලින් මගේ රූමා වෙලා හිටියේ... යාපනේ අක්කා කෙනෙක් අක්කා කිව්වට එයා වයස 42ක  අක්කා කෙනෙක්.. බැදල මාස තුනකින් නැන්දම්ම නිසා හබී ගෙන් වෙන් වෙලා.. ඒ කාලේ නැන්දම්මා ගහලා කොන්දේ අමාරඅවකුත් තියෙනවලු... ඒක වාසියක් කරන් කවදාවත් රෙදි සේදුවේ නැහැ... එකක් කිලිටි වෙද්දි අළුත් එකක් අරන් අර කිලිටි ඇදුම බැග් එකකට දානවා...(ඒ අක්කට තිබුණා.. ලොකු ‍ට්‍රැවලින් බෑග් 6ක්... ගොඩක් තිබුණේ කිලිටි රෙදි... ආයේ එයා කිසිම දෙයක් වීසි කරන්නේ නැහැ... කුණු එකතු කරන මානසික ලෙඩෙක් එයා (මට හිතුන විදියට) ඉතින් ඒ පරණ රූමාගේ කුණු කන්දල් එයා යද්දි ගෙනිච්චේ නැහැ... ඒවා කාමරේ පැත්තක ගොඩ ගහල තිබුණා.... ඒය ගෙනියන්න එයා ආවේ නැහැ.... ඉතින් ෂගානා අක්කිට මේක කරදරයක්... එයා ‍බොඩ්මේ ආන්ට්ට කියලා කියලා (මමයි ට්‍රාන්ස්ලේටර් අතිනුත් දැම්මා මටත් ඒ කුණු ලොඩ හිසරදයක් නිසා....) අරයව ගෙන්න ගත්තා.... ඒ පහුගිය සදුදා.... ඒ අක්කා ඇවිත් තියෙන්නේ.... හවස හතරට... මම ගියේ හයට.... ඒ යනකොට දේනනා කතාව.... ද්‍රවිඩ බසින්.... ෂගානා අක්කා මගේ මුහුණ දහා බැලුවා... ඇසි දෙක ලොකු කලා... ඉගියෙන් කිව්වෙමෛයා වාතයක් වෙලා ඉන්නේ කියලා මම පැන්නා මැද්දට
"අක්කී ඔයාගේ බඩු ටික ගන්නේ කවදද..."
"අනේ බබා... මම පර්ස් එක ගෙනත් නැහැ.... මට ත්‍රීවීලර් එකක යන්න සල්ලි නැහැ... මම හෙට උදේම එන්නම්..... ම්ම්ම්ම්ම්ම් ඒත ඔයාලට ඩිස්ටර්බි වෙයි නේද... මම හෙට ඇවිත් ගන්නම්......දවස ඇතුලත" ඒ කතාව අපි දෙන්නටම ඇල්ලුවේ නැහැ... ආයේ අපි ඇස් වලින් කතා කලා......  තීරණයක් ගත්තා.....
" නෑ අක්කා... දැන්ම අස් කරමු... පැක් කරලා එළියෙන් තිබ්බම ඔයාට ලෙහෙසියි අරන් යන්න.... " 
අපි දෙන්නම අඩි බිඩියේ.. ඒයාගේ සේරම බඩු ඇහිරුවා... කුස්සියේ බිත්තිය මුල්ලට.... දැන් කොහොම හරි අරන් යන්න ඔනිනේ.... 
" අනේ.... ඔය දෙන්න හරියට මහන්සි උණා... මේ යෝගට් එක බෙදාගෙන කන්න මම පස්සේ මොනා හරි අරන් දෙන්නම්.... " ඒකත් අර බඩු ගෙනියන්න තිබුණ බාල ගිරි දෝසේම තමා....... 
" අපිට පිට්සා ඔනි...." අපි දෙන්නා එක හඩින් කිව්වා.......
ඒකට කැමති වෙලා එයා ගියා..... අපි දෙන්නා රූ 11ත් පහු වෙනකල් හිනා වුනා... ඒ යාපනේ අක්කා කියපු දේවල් වලට.... අවුරුදු 12කට කලින් එයාව පන්න ගත්ත හස්බන්ඩ් ගැන ඒයාට ක්‍රශ් වෙලා ඉන්න කොල්ලෝ ගැන... පැය දෙකක් ෂගාන අක්කා එක්ක කියලා.... අන්තිමේදි එයා කිව්වේ.... "මෝහනා ප්‍රශ්ණ මවාගෙන..... මට තියෙන ප්‍රශ්ණ දන්නවනම් එයා දිවිනහගෙන මේ වෙනකොට..... මොහනාට හස්බන්ඩ් නැහැ..... කොන්ද රිදෙනවා.... ඒක විතරයි තියෙන්න්... හැමදේටම..... ඒත් ..... ඊට වඩා ප්‍රශ්ණ තියෙන අය මේ ලොකේ ඉන්නවා....." 
ෂගානා අක්කා කියද්දි මම කල්පනා කලා..... ෂගානා අක්කගේ තාත්තා (අප්පා) කැනඩාවේ‍.... රොහලක ඇවිදින්න බැරිව..... අම්මා.... ගංවතුරෙන් අනාථ වෙලා මේ වෙද්දී.. මඩකලපුවේ... ගෙදරට හානියක් නැහැ....ඒත් කන්න කෑම නැහැ.... .. බෙහෙත් ගන්න යන්න බැහැ... (ෂගානාගේ අම්මා වකුගඩු රෝගියෙක්) . ෂගානා විතරයි පවුලේ ඉන්නේ.... එයා පෙබරවාරි මාසේ ලන්ඩන් යනවා.....වැඩිදුර ඉගෙන ගන්න.... මනාලියන් හැඩ ගන්වන්න ඉගෙනගන්නේ එහේ ගිහින් රැකියාවක් විදියට කරන්න....   ෂගානා කියන විදියට එයාලට දැන් කිසිම ආදායමක් නැහැ... එයා වයස 18ක් වෙනකල් ඉගෙනගෙන තියෙන්නේ කැනඩාවේ.. කතෝලික පාසලක... ඒයාට කල්කටාවේ තෙරේසා මව් තුමියගේ ආශ්‍රමයට යන්න ඔනි උනත් පවුලේ එකම දරුවා නිසා අවසර ලැබිල නැහැ..... හිත වෙනස් කරන්නයි ලංකාවට ඇවිත් තියෙන්නේ... දැන් අප්පා අසනිප නිසයි... ආපහු ලන්ඩනයට යන්නේ.... මුළු පවුලම බලාගන්න ඔනි මෙයයි.... කැනඩාවේ ගෙදර එයාට අයිති වෙන්නේ තව අවුරුදු අටකින් ඒ වෙනක්ල කැනඩාවේ බැංකුවකට ණය ගෙවන්නත් තියෙනවලු.... 
ඒතරම් ප්‍රශ්ණ හිතේ තියාගෙන කෑ ගහ ගහ හිනාවෙන කෙනා පේස් බුක් ඒකේ තිබුණ කවියක් නිසා ගොඩක් සැලුනා... ඒ කවිය එයා ගැනලු.... අම්මා එක්ක අඩ අඩා කිව්වා මට ඇහුණා... මට කියලා  ඒකේ ප්‍රින්ට්අව්ට් එකක් ගත්තා දෙමළ අකුරු නොදන්න මට ඒ කවිය කියවන්න බැරි වුණා.... 

බදාදා... ඒයා මාත් එත්ත කටුගස්තොට එරීනා සිනමාෂාලාවේ තිවුණ "මන්නදනම්බු" ච්ත්‍රපටය බලන්න ගියා....ඒ කතාවේ හැටියට... පෙම්වතා පෙම්වතියව නිකරුනේ සැක කරනවා... ඒ බේබදු පෙම්වතාගේ වැඩ වලට මුළු සිනමා ශාලාවම  හිනාවෙද්දී... ෂගානා හරිම සංවේදීව උපේක්ෂා සහගතව ඒ දිහා බලා හිටියා...... මම බලා පොරොත්තු වුනේ එයා මහ හයියෙන් හිනාවෙයි කියලා... ඒත් ටිකක්වත් හිනාවුනේ නැහැ....
ඊයේ අපි දේන්නා ගියා පේරාදෙනිය මල් වත්තට ඔකිඩ් මල් බලන්න..... ඒ ගමනෙදි මගදි ෂගානා ....
"මම ආසයි ඔයා මගේම නංගියෙක් උනානම්.... ඒත් මම හරි අවාසනාවන්තයි ... මට සහොදර සහොදරියෝ නැහැ....  මම ඔයාගෙන් හංගපු රහසක් කිව්වොත් මාත් එක්ක තරහ වෙනවද" ඇහුවා......
"නැහැ අක්කී.... කියන්න... මම එහෙම තරහ වෙන කෙනෙක්  නෙවෙයි......"  මම කිව්වා....
"බට් ඩෝන්ට් ටෙල් දැට් අය් ඇම් පාවම්.....(ඒත් මම පව් කියලා කියන්න එපා.....)"
ඒහෙම පටන් අරන් ඒයා මට දිග.... කතාවක් කීවා.....  හිනා වෙවී.... ඒත් හිත ඇතුලෙන් අඩමින්.... ඒක අහපු මමත් ගොඩක් සසල උනා....
මට දැන් ඒ කතාව කියන්න වෙලා මදි..... හෙට ඉදන් මම සිහින තවලමේ... ෂගානාගේ කතාව කොටස් වශයෙන් ලියනවා............ඒක මේ සමාජේ ඔයාට මට ගොඩක් වැදගත් වගේම යමක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් නිසා........

ප:ලී..... මොහනා තවමත් පිට්සා ගෙනාවේ නැත... හෙට ගෙනෙනවා ඇති......