නිල් මිණී දෙනෙතට එබීගෙන
මොළ කැටි අතැගිලි අල්වාගෙන
සිඟිති හසරැල‍් පොදක වෙලීගෙන
ගියා මම බොහෝදුර
දරාගන්නට බැරි සෙනෙහසින්
මගේ පුතේ ඔබ එක්ක.
නුඹත් අප අතරට එන බැව්
දැනුනු දා පටන් , බලාගෙනම උන්නා මම
කියා ගන්නට නොතේරෙන නොඉවසිල්ලකින්
මගේ පැහැයම මගේ දෙනෙතම
අරන් නුඹ එනතුරාවට අම්මාගේ උකුල් තලයට
වෙලා මගේ මුළු ලෝකයම.
ඇත්තමයි නුඹ නිසා මමත් දැන් අප්පච්චි කෙනෙක්
දැනෙන්නේ නැ මොළකැටි නුඹට
මගේ සෙනෙහසේ තරම
කිසිදාක කියාගත්ත බැරිවන මගේ පිය සෙනෙහස
නොලියනු ඇත කවි ගී නුඹ
පිය සෙහෙට හෙට දින
බලා ඉඳින්නම් එහෙත් සුරතල් වනු බලා ඔබ
මගේ මැණිකගේ උකුල් තලය මත
පසුවදන************
සිහින තවලමේ සිය වැනි ගැල අද තවලමට එක්කල වගයි.. මෙතෙක් ආ ගමනේ ගැල් හැ බැඳුනු ඔබ සැමට තුති පුදමි.. ඉතින් අපි යමු ශතකය පසු කර....
සියවැනි ගැලට උනුසුම් සුභ පැතුම්. ගැල් දස දහස් ගණනින් ඇද යන්න දිරිය ශක්තිය ලැබේවා. හැමදාම අප තවලම සමගයි.
ReplyDelete(ඔන්න පළවෙනි කේක් කෑල්ල මම කෑවා)
අඩෝ සුභ පැතුම් අක්කා (හෆෝ කවියක්නේ ඒකනං කියෙව්වේ නෑ)
ReplyDeleteසුභ පැතුම් සමඟින්..!! :)
ReplyDeleteසුභ පැතුම් අක්කේ! :)
ReplyDeleteහදවතින්ම සුභ පැතුම් අක්කා.... ඔව් ඔව් අපි දෙන්නාගෙන්ම තමයි....
ReplyDeleteකෝ කේක්....? උඩ තියෙන එක මදී... හොදටම මදි... කැරට් කේක් එකක් ඕනි අපි දෙන්නටම....
ReplyDeleteඔන්න මාත් කේක් කෑල්ලක් කාලාම සුබ පතනවා.
ReplyDeleteඅක්කගේ බ්ලොග් එකේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා !!! ඒ වගේම අක්කගේ අනාගතයත් සුබ වෙන්න කියලා පතනවා
දහසක් ගැල් අදින්නට තෙද බල යොධ විර
ReplyDeleteපැතුම ලැබෙන්නයි තුන් රුවනේ පිහිටින් හංසියට
සිරි මල්ලි හැමදා තවලමෙ එන,
එලෙසම පතමි සුභ පැතුමන් හද තුටින.............:))
සිය වෙනි ෆලොවර් විදියට තවලමට ගොඩ වැදුන සිරි මල්ලිට තවලමෙ සිය වෙනි ගැල කෙතරම් සතුටක් ගෙන දෙනවද කියලා අමුතුවෙන් හංසි අක්කට කියන්න ඔනෙ නැ නේ... අය ලැජ්ජා වෙන්නෙ මොකටද ඔන්න මම කේක් කැලි දෙකක්ම ගත්ත .....:D :D
සුදු හංසී අක්කට මගෙනුත් උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteසුභ පැතුම්....
ReplyDeletesubapethum hansiye
ReplyDeleteඑල එල දිගටම කරමු..ජයවේවා !!!
ReplyDeleteහා........ඕයේ ඕජායේ..෴
ReplyDeleteසුබ පැතුම් 100 වේනි සටහානට....෴
මානස විලේ ජල තල මත පිහිනාලා...
ReplyDeleteසුසිනිඳු ඔබේ තටු තාලෙට නලවාලා...
හංසිය අපේ සියවෙනි සටහන තියලා....
ආසිරි පතමි මම දෑතම එක්කරලා...
සියක් ගව් පසු කල තවලමට සුවහසක් ගව් දුර යෑමට ආසිරි!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් හංසියේ....
ReplyDeleteසුභ පැතුම් සුදු අක්කා...දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි ප්‍රියන්ත අයියේ... ඔයා හැමදාමත් එවනනේ ඉතින් ඒ නිසා පඟවෙනි කැල්ල ගත්තම මක් වෙනවද
ReplyDeleteස්තූතියි කිඩෝ මල්ලි... අයියෝ කවිත් කියවන්න ළමයෝ..
ReplyDeleteස්තූතියි ලිෂාන් අයියේ..
ReplyDeleteටැන්කෝ.. පූෂ් මලේ
ReplyDeleteටැන්කෝ හසියෝ.. ආ... හාවි නගාටත් ටැන්කෝ.....
ReplyDeleteඅඩේ.. කැරට් කේක් 200 පෝස්ටි එකෙන්
ReplyDeleteබොහෝම ස්තූතියි මධුරංග මල්ලි
ReplyDeleteඅනේ.. ටැන්කෝ.. සිරී මල්ලී.. ඔයා ඉතින් හදවතිනම මා සමඟයිනේ......
ReplyDeleteස්තූතියි දිනේෂ්........
ReplyDeletedanulatb ස්තූතියි ඔයාටත්
ReplyDeleteස්තූතියි තාරක..
ReplyDeleteඑළ එළ චාටර් කොල්ලෝ ටැන්කෝ වේවා
ReplyDeleteස්තූතියි දඟ මල්ලී.. ˙·٠•●♥ හිරු එළිය ♥●•٠·
ReplyDeleteස්තූතියි සඳ සාව්යේ...
ReplyDeleteටී.බී. හේරත් ස්තූතියි ඔයාටත්
ReplyDeleteස්තූතියි නචි අයියා...
ReplyDeleteටැන්කෝ සීනි නඟේ........
ReplyDelete