Showing posts with label මගේ ජීවිතේ. Show all posts
Showing posts with label මගේ ජීවිතේ. Show all posts

Jun 24, 2012

Let us learn English හෙවත් ගනු කඩුව !!

එදිනෙදා ජීවිතයේදි ඉංග්රීසි භාෂාව ඔබට කොතරම් වැදගත්ද?. ඔබ නොයක් ආකාරයේ හේතු කියාවි. ඒ අතර මෙන්න මේ වගේ හේතු තියෙන්න පුළුවනි.
ඉංග්රීසි කියන්නේ විශ්ව භාෂාවක් වීම
රැකියාවේ භාවිතයට,
වෙනත් රටවල සංචාරයේදී,
වෙනත් ප්රාන්තවල සංචාරයේදී,
අත්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේදී.
ළමයින්ට පාඩම් කියලා දෙන්න.

මේ අතරින් අද මම කියන්නේ අවසන් හේතුව නිසා ඔබ ඉංග්රීසි දැනුම මුවහත් කර ගත යුතුමයි. ඉතින් ඔබත් තමන්ගේ දෙවැනි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න වෙහෙස වෙන කෙනෙකු නම් මම මේ සුදානම් වෙන්නේ ඔබට ඒ සම්බන්ධ උදව්වක් කරන්න.
ඔබ හිතන්නේ ඉංග්රීසි ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිය කුමක් කියලාද?

ප්රසිද්ධ ගුරුවරයෙකු වෙත යාමද එසේත් නැතිනම් ප්රසිද්ධ ආයතනයකට ගොස් ඉගෙන ගැනීමද. මම හිතන්නේ ඒ ආකාර දෙකට අමතරව ඔබත් යමක් කලයුතු වෙනවා, ඒ තමයි භාෂාව භාවිතය, ඔබ කෙතරම් දක්ෂ ගුරුවරයෙකු යටතේ ඉගෙනුම ලැබුවත් එයින් කිසිම පලක් වෙන්නේ නැති වෙයි ඔබ භාෂාව භාවිතා නොකරනවානම්..

ඒත් කොහොමද භාෂාව භාවිතා කරන්නේ.. ??? ඉගැනිමේ අරමුණින් ඔබ ඔබේ මිතුරන් අතරේ ඉංග්රීසි භාෂාව භාවිතා කලොත් ඇතැමෙක් ඔබව සරදමට ලක් කරන්න තියෙන ඉඩකඩ වැඩියි. ඇත්ත සමාජය එහෙමයි. අනෙකාගේ අවශ්යතාවය දෙස ඔවුන් බලන්නේ ඒ කෙනාට සිනාසීමට තවත් හොඳ විහිලුවක් විදියට වෙන අවස්ථා එමටයි..

ඉතින් ඇයි ඔබ කවුරුත් වෙනුවෙන් බලා සිටින්නේ.. ඔබට ඉංග්රීසි භාෂාව කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔබම පමණයි.. ඔබට වැරදුනු විටෙක ඔබ ඔබට සිනා නොවනවා ඇති.

හොඳයි , අතුරු කතා ඇති!! අපි යමු අද මම කියන්න හදන දේට..
ඒ තමයි ඔබටම ඔබේ ඉංග්රීසි දැනුම වර්ධනය කර ගන්න පුළුවන් ක්රම හතලිහක් ගැන මම කියලා දෙන්න උත්සහ ගන්නේ. මේ ක්රම හතලිහ ගැන අපිට කියලා දුන්නේ දැනට මම සේවය කරන පාසල හෙවත් නුවරඑළිය ලයිසියම් ජාත්යන්තර පාසලේ හිටපු විදුහල්පතිතුමියක් වන පී. ප්රකාෂ්පතී මැතිණිය. මෙයින් බොහොමයක් අදටත් මම උනත් භාවිතා කරන දේවල්.
සිංහල මාධ්යයෙන් ඉගෙන ගෙන උසස් පෙළට ඉංග්රීසි විශයට S සාමාර්ථයක් විතරක් ගත්තු මම, IDM ආයතනයේ Edexcel BTEC ඩිප්ලෝමාව හදාරන්න පළමු දිනයේ පනිත්තියට ගිහින් ඉංග්රීසියෙන් උගන්වන නිසා ආයිත් පන්ති යන්න බෑ කියාගෙන අඬාගෙන ගෙදර ආපු මම, ඒ බැජ් එකේ හොඳම සාමාර්ථය අරගෙන බැජ් ටොප් වෙන තරමට දියුණු උනෙත් අද ජාත්යන්තර පාසලක ගුරුවරියක් විදියට වැඩ කරන්න වාසනාව ලැබුනෙත්, මා විසින්ම මේ කියන උපක්රම බොහෝමයක් භාවිතා කරපු නිසා..

අදටත් ඉංග්රීසි කියන භාෂාව මම ඉගෙන ගන්නවා.. අළුත් ව්යාකරණ නීති, අළුත් වචන.... ඒ හැම දෙයකදීම මේ කියන ක්රම එකක් හරි භාවිතා වෙනවා...

ඔන්න එහෙනම් ක්රම 40

1. Write a news diary
එදිනෙදා අහන වැදගත් ප්රවෘත්ති ඉංග්රීසියෙන් ලියන්න උත්සාහ කරන්න.

2. Sign up for a regular English team
ඉංග්රීසි ඉගැන්වීම් කරන පන්තියක් හෝ වෙබ් අඩවියකට නිතර පිවිසෙන්න

3. Listen to English music

4. Read the lyrics of a song
ඉංග්රීසි ගීතවලට සවන් දෙන අතරතුර එහි ගී පද පොතක සටහන් කරන්න.. නැවත නැවත අසමින් සියළුම පද සටහන් කර ගන්න

5. Search only in English
අන්තරේජාලයේ සෙවීම් කරන විට ඉංග්රීසි පමණක් භාවිතා කරන්න

6. Read a book which already read, watches a movie which has dubbed in your own language with English subtitles.
ඔබ කියවා ඇති පොතක් ගෙන එහි පරිවර්තනය කියවන්න, එසේත් නැතිනම් චිත්රපටයක සිංහල හඬ කැවීමද නැවත නරඹන්න

7. Read the translation in English (skip first 10 pages)
ඔබ කියවන ඉංග්රීසි පොතෙහි මුල් පිටු 10 අත්හරින්න.. ඔබට කියවීමේ රුචිය වැඩිවනු ඇත, (හඳුන්වාදීම. පටුන, කතෘ ප්රකාශ වැනි දෑ ඔබගේ කියවීමේ රුචිය අඩු කරන්නේනම්)

8. Read a book with a lot of dialogs
දෙබස් බහුල පොත් කියවන්න.. ඡේද කියවීමේදී ඇතිවන කම්මැලිකම සහ තේරුම් ගැනීමේ අපහසුව මෙහිදී මඟ හැරෙනු ඇත

9. Read English language comic
ඉංග්රීසි බසින් ඇති විහිලු කතා කියවන්න.

10. Read English language entertainment guides
ක්රිඩා, සිනමා, සංගීතය වැනි අංශ පිලිබඳ දැන්වීම් මෙන්ම වෙළඳ දැන්වීම් ද ඉංග්රීසි බසින් ඇත්නම් ඒවා කියවන්න.

11. Read English language magazines
ඉංග්රීසි බසින් ප්රකාශනය වන සඟරා කියවීමට හුරුවන්න.

12. Teach your friends or children some English
ඔබගේ මිතුරෙකුට හෝ කුඩා දරුවන්ට ඉංග්රීසි භාෂාව උගන්වන්න

13. Have an English radio at home
නිවසේදී ඉංග්රීසි බසින් ප්රචාරණය වන ගුවන් විදුලි නාලිකාවන්ට සවන් දෙන්න

14. Try to create sentences with the work that you are doing
ඔබ කරමින් සිටින කාර්යය හා සම්බන්ධ කුඩා වාක්ය ඉංග්රීසියෙන් තනා ගන්න
(Now I am typing a blog post)

15. Watch English movies with English subtitles
ඉංග්රීසි චිත්රපට ඉංග්රීසි උපසිරැසි සමඟ බලන්න

16. Watch English movies with subtitles in your mother tongue
ඉංග්රීසි චිත්රපට ඔබගේ භාෂාවේ උපසිරැසි සමඟ බලන්න

17. Watch the same film over and over again
එකම ඉංග්රීසි චිත්රපටය නැවත නැවත බලන්න

18. Be realistic about your level
ඔබගේ දැනුම පිළිබඳ විමසිලිමත් වන්න. ඉංග්රීසි විෂය සම්බන්ධ විශේෂිත අයතනයකින් පාඨමාලාවක් හදාරා සහතික පත්රයක් ලබාගන්න

19. Be realistic about your reading level
ඔබගේ කියවීමේ හැකියාව පිළිබඳ විමසන්න. එය වැඩි දියුණු කරගන්න.

20. Graded readers
සරළ කියවීමේ පොත්. (පෙන්ගුවින් පොත්)

21. Read the whole thing with no help
සියල්ල තේරුම ගැනීමට උත්සාහ නොකර කියවා නිම කරන්න.

22. Read and learn everything
දෙවනුව සියල්ල කියවා තේරුම් ගන්න. (ශබ්දකෝෂයක ආධාරයෙන්)

23. Watch English children’s programs (Film / TV series)
කුඩා ළමුන් සඳහා සැකසූ රූපවාහිනී වැඩ සටහන් හා චිත්රපට නරඹන්න

24. Read English Children’s books
කුඩා ළමුන් සඳහා ලියූ පොත් කියවන්න

25. Keep vocabulary list (list of language to learn)
අළුත් වචන ලැයිස්තුවක් සකස් කර ගන්න

26. Go through your vocabulary list several times every day
වචන ලැයිස්තුව නැවත නැවත කියවන්න

27. Convert your vocabulary only in English
වචන ලැයිස්තුව ඉංග්රීසි භාෂාවෙන් පමණක් සකසාගන්න

28. Cross out and delete
ඔබ හොඳින් උගත් වචන ලැයිස්තුවෙන් ඉවත් කරන්න

29. Through everything and start it again in an interesting way
වචන ලැයිස්තුව ඉවත දමා, නවමු මාතෘකාවකින් නව ලැයිස්තුවක් සකස් කරන්න

30. Label the things is your surrounding (Home / Room/ Office)
නිවසේ, කාර්යාලයේ, කාමරයේ ඇති භාණ්ඩ ඉංග්රීසි භාෂාවෙන් නම් කරන්න

31. Label a drawing
චිත්රයක් හෝ පින්තූරක් ගෙන එහි ඇති දෑ ඉංග්රීසි භාෂාවෙන් නම් කරන්න

32. Keep a diary in English ( your own feelings)
ඔබේ සිතුවිලි ඉංග්රීසි භාෂාවෙන් ඩයරියක ලියන්න

33. Online Chat in English

34. Listen to the news in English

35. Read English language newspapers by referring to a dictionary
ශබ්දකෝෂයක ආධාරයෙන් ඉංග්රීසි පුවත්පත් කියවන්න

36. Write fictions in English
ඉංග්රීසි භාෂාවෙන් කෙටි කතා ලියන්න

37. Use a dictionary while watching a movie
ශබිද කෝෂයක ආධාරයෙන් ඉංග්රීසි චිත්රපට නරඹා තේරුම් ගන්න

38. learn some spelling rules
ව්යාකරණ නීති ඉගෙන ගන්න

39. learn as many words as you can, in the same category
එකම වර්ගයේ වචන හැකි තරම් ඉගෙන ගන්න (කුරුල්ලන්ගේ නම්, සතුන්ගේ නම්)

40. Set a goal (set a particular time to study)
ඉංග්රීසි භාෂාව වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දවසේ නියමිත වේලාවක් වෙන් කරවා ගන්න

Mar 10, 2012

ගිජු ලිහිණි ආදරය

නැවතිල්ලක් නැතිව දුවන ගමනේ  පුංචි විවේකයක් ලබන එකම දවස ඉරිදාව. ඒත් ඒ දවසටත්  ටිකක් වෙලාව යනකල් නිදා ගන්න වාසනාව නැහැ.  උදේ පාන්නදර පිරිත් අහන්න රේඩියෝව දැම්මහම පුරුදු වෙලාවටම ඇහැරෙනවා. පාන්දර තුනට.

ඒත් නින්දත් නොනින්දත් අතර ගෙවන ඒ වෙලාවත් වෙලාවකට සුන්දරයි.  ඉරිදාවේ අපේ ගෙදර රේඩියෝ කාල සටහන මෙහෙමයි. උදේම සිරසේ   පන්සිල් මළුව, ඊලඟට සිරස කවිබණ මණ්ඩපය. ඊලඟට විරිඳු සිරිත. උදේ පාන්දර තුනට දාන රේඩියෝව  නතර වෙන්නේ උදේ දහයට. ඊට පස්සේ තමයි අපේ ගෙදර අය ගෙදරින් එළියට යන්නේ.

සිරස කියන්ගේ පෞද්ගලික හේතුවක් නිසා මම අකමැති නාලිකාවක්., මම අහන්නේ හිරූ. ඒත් අහම්බෙන් අහන්න ලැබෙන ඉරිදාවේ වැඩ සටහන්  තුන නම් අවිවාදයෙන්ම මම කැමති වැඩසටහන්.

අද උදේ පනිසිල් මළුවට කතා කලේ යශෝදරා චරිතය ගැන. යශෝදරාවතේ එන කවි, ඒ වගේම යශෝදරා  චරිතය ගැන ලියැවුනු ගීත අතරේ පෙර ආත්ම භාවයන්ගේ ඉඳන් පැවත එන සිදුහත් යශෝදරා පුජනීය ආදර කතාව බොහෝම අර්ථවත් විදියට පැහැදිලි කලා.

ඒදේවල් අහගෙන ඉඳැද්දි  මට කල්පනා උන දේවල් මේ විදියට පෝස්ට් එකකින් ඔයාලා එක්ක බෙදාගන්නයි මම සූදානම් වෙන්නේ.

මේ කියන්න යන හැම දෙයක්ම මට  හැබෑවටම අහන්න දකින්න සහ විඳින්න ලැබුණු දේවල්. 

පළවෙනි කාතාව.

පහුගිය සතියේ මම උන්නේ  මිග්රේන් වැඩි වෙලා හොඳටම අමාරුවෙන්.  ඒක කිසිම විදියකින් සහනයක් ගන්න පුළුළුන් ලෙඩක් නෙවෙයි. ඒ වගේම මට ඒක ගොඩක් දරුණුවට බලපානවා. වෛද්‍ය උපදේශයට අනූව මට මිග්රේන් වැඩි උනාම  පැනඩෝල් පෙත්තක්වත් බොන්න තහනම්. ඒ මම කාලයක්  නිදි පෙති වර්ගයක ඇබ්බැහි වෙලා හිටි නිසා. කරන්න ඔනි එකම දේ හොඳින් විවේක ගැනීම. ඒත් ඉතින් මොන විවේකයක්ද..  ඉස්කෝලේ. ටියුෂන් ක්ලාස්, ගෙදර ආ‍වම පාඩම් කරන්න  ඔනි. ඔය දේවල් අතරේ විවේකයක් ලබන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. (අයියෝ මම මාතෘකාවෙන් පිට පැන්නා...)

 කියන්න ගියේ ඔය විදියට තදබල ඔළුවේ කැක්කුමක ඉන්න වෙලාවක ඉස්කොලේදි මම මගේ පර්ස් එක ඇද්දා මතකයි ඊට පස්සේ ඒක බෑග් එකේ තිබුනා. කවදාවත් මම මගේ පර්ස් එකේ සල්ලි හිස් කරගන්නේ නෑ හිස් වෙන්න වෙන්න කොහොම හරි වියදමට සෑහෙන්න අතේ තියා ගන්නවා.  ඊයේ අදේ පාන්දර ඇහැරිලා පාඩම් කරලා හතහමාර වෙද්දි ගෙදරින් පිටත් වෙන්න හිටියත් නොදැනීම වොලව ගියා.. ඉක්මනින් ක්ලාස් එකට යන්න ඔනිවට විනාඩි පහෙන් දහයෙන් ලෑස්ති වෙලා පාරට දුවද්දීම ආව බස් එකට නැංගා. බස් එකට සල්ලි දෙන්න ගියාට පස්සේ තමයි ඉතිරි හරිය. පර්ස් එකේ සත පහක් නෑ. ඉසින් කනින් දාඩිය වැටෙන්න ගත්තා මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ.  ඒ බස් එකේ අයව අප්පච්චි අඳුනනනවා ඒත් එහෙමයි කියලා නිකම් යන්න බෑනේ.. ඔය අතරේ බස් එකේ හිටියා මගේ student කෙනක්. Student කෙනෙක් කීවට එයා අපිටත් වඩා වැඩිමහල්  ළමයෙක්. මගේ පළවෙනි ඩිප්ලෝමා ක්ලාස් එකේ හිටපු ගෑණු ළමයෙකුගේ පෙම්වතෙක්. ඒ දෙන්නා එකටමයි ක්ලාස් ආවේ. අපේ ස්ටාෆ් එකේ අය විහිලු කලේ ඒ ළමයා ක්ලාස් එන්නේ ගෑණු ලමයාව බලා ගන්න ඔනිවට කියලා.

ඉතින් ඒ ළමයා මම පත්වුනු  අපහසුතාවය දැකලා බස් ගාස්තුව ගෙව්වා. ඊට පස්සේ මම එයාට මුව නොසෑහෙන්න ස්තුති  කරලා කතාවක් දාගෙන යනකොට අතේ මුද්දක් තියෙනවා දැකලා ඇහුවා. ඔයාලා මට   නොකියාම කසාදත් බැන්දාද කියලා.  ඒ වෙලාවේ මගේ මුනේ තිබුණු හිනාව තැනි උනේ එක තත්පරේට ඒ ළමයාගේ ඇසුවල කඳුලු පිරුණු නිසා.

“අනේ  නෑ මිස්.. මම තාම බැන්දේ නෑ දර්ෂි මාව දාලා ගියා“  කියලා කියද්දි මට මාරම දුකයි. කෙල්ලෙක් දාලා ගියා කියද්දි කොල්ලෙක් බස් එකක මහ සෙනඟක් මැද මේ විදියට ඇස්වලට කඳුලු පුරවාගන්නවා කියන්නේ මොන තරම් වේදනාවක් හිතේ තියාගෙන ඇතිද. ඊට පස්සේ මාත් ඉක්මනින් මාතෘකාව වෙනස් කලා.

ඔය කාරනේ මගේ හිත ගොඩක් රිදවලා තිබුනා.  උදේ ක්ලාස් එක ඉවර කරලා දවල් ක්ලාස් එක පටන් ගන්නකල් මට පැයක විතර පොඩි විවේකයක් ලැබුනා.  ඒ  වෙලාවේ උදේ වුනු සිද්දිය Institute එකේ වැඩ කරන මගේ student කෙනක් එක්ක කිව්වා. ඒ ධනංජය, කොල්ලාව එතනට රෙකමන්ඩ් කලෙත් මම නිසා මම ගියාම මගේ වටේ දැවටි දැවටි මෙහාන මොනවා හරි කියව කියව ඉන්නවා.

අද උදේ මට මෙහෙම වැඩක් උනා නුවන් තමයි උදව් කලේ .. මම දර්ෂි ගැන ඇහුවාම මෙහෙම කිව්වා මට මාර අප්සට් කියද්දීම.  ධනංජය  කිව්වේ..

“අයියෝ මිස් ඔයා දන්නේ නැද්ද  දර්ෂි කොළඹට ගිය ගමන් නුවන් අයියාට බූට් එක තිබ්බා. ඒ නැතත් මිස් තාම දන්නේ නෑ දර්ෂිගේ තරම.  මිස්ට මතකද මම ඒ දවස්වල  trainee  staff  එකේ ඉන්න කොට ශානි  එක්ක යාළු උනා. ඊට පස්සේ ශානි  කිව්වා එයා මා එක්ක යාළු උනේ නැත්නම් අනිවා දර්ෂි මගෙන් යාළු වෙන් අහන්නලු හිටියේ. දර්ෂිට ඒතරම් අමාරුවක් තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මිස් දන්නේ නැති. මිස්ට මතකද එයා තනියම මගේ යාළුවෙක්ට accounting package එක ඉගැන්නවා. එයා හැමදාම ක්ලාස් කලේ උඩ තට්ටුවේ ක්ලාස් එකේනේ. මරුවට උගන්නලා තියෙනවා මිස් මට පොරෙ ඒවාගේ  ෆෝටෝ වීඩියෝ සේරම පෙන්නුවා “

ධනංජය එහෙම කියද්දී මගේ  කන් සීතල වෙලා ගියා. මොකද දර්ෂි කියන්නේ මගේ student කෙනක් වගේම එයත් ස්ටාෆ් ගියේ මගේ රෙකමන්ඩේෂන් නිසා. ඊටත් වඩා දර්ෂිගේ තාත්තායි අපේ අප්ච්චියි දෙන්නා යාළුවෝ. ඒ හැම එකටම වඩා ඒ දවස් වල වැඩ ඇරිලා යද්දි හවස්  වෙන  හැමදාකම නුවන් දර්ෂිව එක්කරන් යන්න වැලිමඩ ඉඳලා නුවරඑළියේ ආවා. නුවන් වැඩ කලේ මාර්කටින් සයිඩ් එකේ නිසා එයා වැඩි හරිය හිටියේ ඔපිස් එකෙන් එලියේ. ඒක චාන්ස් එක්ක් කරන් පැය එකහමාරක් බස් එකේ ඇවිත් කෙල්ලව ගෙදරට එක්කරන් යන්න තරම් කැපවීමක් කරන්න පුළුවන් කොල්ලෙක්ට මේ කෙල්ල මෙහෙම චංචා කලා කියද්දී.. අනිත් හැමදේටම වඩා  ඒ දවස් වල දර්ශි හවස් වෙනකල් ක්ලාස් කලේ ඔය කියන ධනංජයගේ යාළුවාට.

“චික් මේ කෙල්ලෝ“ මට එකපාරට කියවුනා.  ඒත් මට මතක් උනේ මීට සති කිහිපයකට කලින් ධනංජය මා එක්ක කියපු කතාව.

දෙවැනි කතාව.

ඒදත් මම හවස ක්ලාස් එක පටන් ගන්නකල් ධනංජයගේ ලැප් ටොප් එකේ තිබුනු  ෆොටෝස්  බල බල හිටියේ. එතන තිබුනා මෙන්න මෙහෙම ෆෝටෝ එකක්.





ඔය කතාව ඇත්ත මිස්. මටත් ඔය වගේ එකම කෙල්ලයි හම්බ උනේ. ඒත්  එයා නැති උනාට පස්සේ  මම පිස්සෙක් වගේ කෙල්ලෝ එක්ක යාළු උනේ. ඔක්කකෝම කෙල්ලෝ 17ක්. දැන් මට වයස 22යි. කෙල්ලෝ එක්ක යාළුවෙන්න පටන් ගත්තේ 11 වසරේදි.. කොහොමද මිස් මගේ දක්ෂ කම.  ඔය අතරින් මම කෙලින්ම ගිහින් ඇහුවේ සොනාලිගෙන්  විතරයි (ධනංජය කියන හොඳ කෙල්ල) අනිත් හැම කෙල්ලෙක්ම මගෙන්  යාළුවෙන්න අහන තැනට මම උන්ව අසරණ කලා. ඒකල්ලා මට ඇති හිතුනාම අත්ඇරියා. දැන් කාලේ කෙල්ලෝ ඉස්සර වගේ නෑ මිස් සමහර කෙල්ලෝ ඉස්සරහා මට හිටගෙන ඉන්න විතරයි තිබුනේ උන් කරන්න ඔනි හැම දේම කරනවා.  ඔය අතරින් මට හම්බ උන විසේ  වැඩිම කෙල්ල මුස්ලිම් කෙල්ලෙක්.. ඒකි දවසක් මට කියපු කතාවකට මට ඒකිගේ කණ පැලෙන්න ගහන්න හිතුනා මිස්,  ඒකි කියනවා මා එක්ක දිගටම ඉන්නේ නැහැලු. ඒකි බැඳලා රට යනවාලු යන්න කලින් ඒකිට... ( කොල්ලට එතනින් එහාට කියාගන්න බෑ මා එක්ක,  මම එයාගේ ගුරුවරිය නිසා. ඒත් මම තේරුම් ගත්තා.  ඒක ඔයාලාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.)

ඉතින් මිස්  එහොම කෙල්ලෝ ඉන්න රටක කොල්ලෙක් කොහොමද සීරියස් ලව් කරන්නේ.  මම මේ ලඟදි නෙදර්ලන්ත කෙල්ලෙක් එක්ක යාළු උනා අපේ නැන්දලා හොටෙල් එකේ සතියක් හිටියා ඒ සතිය එක්කම ලව් එකත් ඉවරයි.

ඊට පස්සේ මම හැම දේම නතර කලා මිස්. දැන් ඇති. මම එකපාර කෙල්ලෝ පස් දෙනෙක් එක්ක යාළුවෙලා තියෙනවා. සිම් තුනකින් එකපාර මල් කඩලා තියෙනවා. ඒ හැම එක්කම එකපාර නතර කලා. පෙඩ්ඩක් නිවිසැනසිල්ලේ ඉන්න ඔනි මිස්. කොළඹ නුවර මෙහේ හැම පැත්තේම කෙල්ලෝ ආශ්‍රය කරලා මම දැන් හොඳට  උන්ව තේරුම අරන් ඉන්නේ. මෙහේම ඉන්නවා ඇරෙන්න ආයි මම ගෙදරින් පිට යන්නෑ මිස්.

ඒ වලොවේ නිහඬව  සේරම අහන්හිටියට මම තේරුම් ගත්තේ එකම දේ සමහර කෙල්ලෝ කරන දේවල් නිසා. කොල්ලෝ මොන විදියේ පහත් සිතිවිල්ලකද ඉන්නේ කෙල්ලෝ ගැන කියලා.

 ඔය වැරදි කරන කොල්ලොත් නැතිවා නෙවෙයි.

තුන්වැනි කතාව.

මේ කතාව අපේ ඉස්කෝලේ සර් කෙනක් ගැන. එයත් මගේ  student කෙනක්. අපේ ඉස්කෝලේට ආවේ මේ ලඟදි ඒත් මගේ රෙකමන්ඩේෂන්. දැන් මම බයේ ඉන්නේ එයා නිසා මගෙත් පටිරෝල් වෙයි කියලා.

මේකෙදි සිද්ද වුනු සිද්දියක් මම  one zero zero අඩවියටත් ලිව්වා. ඔය කියන සර් ඉස්කේලේයනකාලේ ( 9 වසරේ) ඉඳන් හරිම අහිංසක  කෙල්ලකේ එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒක මම දැන  ගත්තේ මේ ලඟදි.  ඒත් එයා ඒ සම්බන්ධය අතර තුර තවත් ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක නතර උනා. එයා  ගොඩක් දුක් වෙනා කියලා මා එක්කම කිව්වා. කෑම නොකා  ක්ලාස් කට් කර කර පිස්සු නැටුවා. ඒත් කතාවේ ඇත්ත  දන්න මම කිසිම දෙයක් නොකියා බලා හිටියා..

  ගිය සතියේ දවසක ඒ සර් මායි තව ටීචර් කෙනෙකුයි ඉන්න තැන අනිත් ටීචර්ට කියනවා “ටීචර් මට හොඳ කෙල්ලකේ  හොයලා දෙන්න.. ගමක හැඳුන අහිංසක කෙනෙක්“

මට යකා නැංගා ඒත් මම ඒක මට ඇහුනේ නැති විදියට හිටියා. එයා වෙන කෙල්ලෙක් හොයන්නේ අර ඉන්න අහිංසක කෙල්ලට තවත් වංචාවක් කරන්න නේද.. එතකොට ඉන්න කෙල්ල කවුද කියලා අහන්න මගේ කටට දෙතුන් වතාවක් හිතුනත්. මම සද්ද වහලා අහගෙන හිටියා.

ඒ තරුණ අයගේ ආදරේනේ.. අපි කතා  කලොත් මැදි වයසේ පරිනත අයගේ ආදරේ ගැන. මෙතන මැදි  වසය කිව්වේ අවුරුදු 30 පැන්න අය කියමුකෝ... ;)

( හරි හරි ඉතින් 30 පැනන් අපේ සෙට් එකේ අයට මට ගන්න  පොලු හොයන්න එපා ;) මම කියන්නේ විවාහක ගැහැණු ගැන :D)    

මම වැඩිවෙලාවක් ඉන්නේ කම්පියුටර් එක හෝ පොතක් පතක් එක්ක නිසා මට වැඩිය මිනිස්සුන් ආශ්‍රය කරන්න අවස්ථාවක් නෑ.. මම ඉස්සර  දැනන් උන්නේ ගෙදර අය සහ ඉස්කෝලේ අය විතරයි. ඊට පස්සේ වැඩ කරන තැන අය .. මුල රැකියාවේදී හැමමෝම සම වයසේ... ඊට පස්සේ රැකියාවේ  හමෝම  මට වඩා ටිකක් වැඩිමහලු අය එයාලා මට කිව්වේත් චූටි කියලානේ. ඊට පස්සේ ඉතින් සයිබරේ උදවිය තමා.. වර්චුවල් මිතුරන්.

ඔය කියන කැටගරිය ඇරෙන්න මට ඇසුරු කරන්න ලැබුණු අය බොහෝම සුළු පිරිසක්. ඒ අය මම ලිස්ට් කරන්නම්.

  1. අපේ  ගෙදර කුලියට හිටිය ශ්‍යාමලී ටීචර්
  1. මම දෙවැනියට වැඩ කරපු තැන මැනේජර් අක්කා.
  1. එතනම හිටිය කස්ටමර්  කෝඩීනේටර් අක්කා
  2. බොඩිමේ කරුණා ආන්ටි
  3. ෂගානා.  (නිමක් නැති කතාවේ ෂහීනා)
  4. බොඩිමේ මානෙල් ආන්ටි.
  5. බොඩිමේ මෝහනා අක්කා
  1. ඉස්කෝලේ ටීචර් කෙනක්.

මේ ඇරෙන්න ගැඹුරින් අධ්‍යයනය කරපු  කාන්තා චරිතයක් නැති තරම්.. (අම්මා, අත්තම්මා , පුංචි  සහ නැන්දා කියන චරිත මට හැමදාම සුදුයි හොඳයි. මම කතා කරන්නේ මගේ ජීවිතේට පිටින් ලන් වුනු චරිත ගැන)

අර මම උඩින් කියපු අට දෙනා අට විදියක්. ඒත් එයාලාගේ ජීවිත වල තිබුනු  වේදනාත්මක පැත්ත හරි වෙනස්.

  1. ශ්‍යාමලී අක්කා 

එයා ගුරුවරියක්, එයාලා අපේ ගෙදර හිටියේ අවසන් සටන කාලේ. එයාගේ මහත්තයා ඒ වෙද්දි ආර්මි එකේ කැප්ටන් කෙනෙක්.

එයා ඉස්කෝලේ යන කාලේ ආදරේ කරපු කෙනක් හිටියා. අපි කියමු එයා මහතුන්කියලා. ඒ කෙනා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ශ්‍යාමලී අක්කට දුවෙක් ඉන්නවා. ඒත්  ශ්‍යාමලී අක්කටයි ඒ මහතුන් කියන කෙනාටයි ෆෝන් එකෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ඇරෙන්න එයාට එන ගොඩක් දුරකතන ඇමතුම් ගුප්තයි. මම දන්නවා ඒ කතා කරන්නේ එයාගේ මහත්තයා මංජුල අයියා නෙවි කියලා.  මගේ කාමරේ ජනේලේ ඇරියොත් එයා දුරකතන සංවාද වලදි කියන ගොඩක් දේවල් මට ඇහෙනවා. ඔක අපේ අම්මා දන්න නිසා අප්පච්චීට කියලා ඔය කාලේ මගේ කාමරේ ජනේල් වලට ඇන ගැහුවා.

මංජුල අයියා උනත් හොඳ කෙනක් නෙවයි. එයාට යන යන තැන ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා. සතියෙන් සතියට අළුත් සිම් මාරු කරනවා. මේ දෙන්නා දන්නවා දෙන්නා කරන දේවල්.  ඒ නිසා හැම වෙලාවේම රණ්ඩු.. මම ජීවිතේට අහලා නැති කුනුහරුප වලින් බැන ගන්නවා මහ රෑ මැද. ඔන්න ඔය හේතුව නිසාම අපේ අප්පචිචිට ඒ දෙන්නට නියමිත කාලෙට කලින් ගේ බාර දීලා යන්න කියන්න උනා.



  1. මැනේජර් අක්කා

සමාජේ ගැන බොහෝම අපූරු දැනුමක් තියෙන කෙනක්. විවාහකයි, ලසස්න හුරතල් පුතෙක් ඉන්නවා. ඒත් වොලවකට ගුප්තයි.   එයා ඒ තරම් ලස්සන නැහැ. ඒත් හස්බන්ඩ් ගොඩක් ලස්සනයි. එයාට හැමවෙලාවේම හස්බන්ඩ්ව සැකයි. ෆෝන් එක කාර් එක හැම වෙලාවේම චෙක් කරනවා.

ඒත් අනිත් පැත්තෙන් එයා කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. හස්බන්ඩ්ගේම යාළුවෙක් එක්ක අනියම් සබඳකමක්. එයාට එයාගේ කතාව මුල ඉඳන් මට කියන්න උනේ. ඊමේල් එක්ක නිසා සිද්ද වුනු ටෙක්නිකල් පටලැවිල්ලකින් බේරෙන්න. ඒ  කතාව අහලා මම නිගමනය කලේ. මේ  තරම් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දි තියෙන කාලකණ්නි කම කියලා.

  1. කොර්ඩිනේටර් අක්කා.

එයා ගත්තොත් මගේ දැක්මේ හැටියට නරක කෙනක්  නෙවෙයි.. ඒත් විඳින්න තියෙන ජීවිතේ නිකරුනේ විඳවන කෙනක්. හස්බන්ඩ් එයාට වඩා වයසින් වැඩියි.  ළමයි එක්ක එයා හුදෙකලා වෙලා. හසබන්ඩ් එන්නේ සතියකට සැරයක්.. තනියම ජීවත් වෙන්න වෙලා.

ඔය වගේ ප්‍රශ්ණ තමයි එයාට තියෙන්නේ.  එයා බලාන ඉන්නවා කවදාහරි ප්‍රින්ස් චාමින් කෙනෙක් ඇවිත් එයාව අරන් යයි කියලා..

  1. කරුණා ආන්ටි

කරුනා ආන්ටි විවාහ වෙන්න ආදරේ  කරන්න ආසාවෙන් ඉන්න ඇති ඒත් දැන් වයස 55ක්. බෝඩිමේ  වැඩකාර කමටම එයාගේ ජීවිතේ ගෙවිලා ගිහින්.  ඒත් එයා දිහා මතුපිටින් බලන ඔනිම කෙනක්ට තේරෙනවා එයා හොද කෙනෙක් මුණ ගැහුනොත් දැන් උනත් විවාහ වෙන්න කෙසේවෙතත් අනෙකුත් අවශ්‍යතා පසුර ගන්න සුදානමින් ඉන්නේ කියලා.. ඒකට එයාට වරදක් කියන්න බෑ.. එයා දන්නෑ මේ සමාජේ ගැන එයා කූඩුවක හිරවුනු කුකුල් පැටියෙක් විතරයි.

  1. ෂගානා.

ෂගානාගේ කතාව මම කියන්නම ඔනිද... ඔයාලා දන්නවා.. බේබදු සැමියෙක් නිසා අදටත් විඳවන කෙනෙක් ෂගානා.

  1. මානෙල් ආන්ටි

පිරිමි කියන්නේ අමුතු සත්තු ජාතියක් කියන මානසිකත්වයේ ඉන්න කෙනෙක් තමයි මානෙල් ආන්ටි. බෝඩිමේ උඩ කොරිඩෝවෙන් පහලට වත්ත සුද්ද කරන පිරිමියාටවත්  එන්න ඉඩ නොදෙන මානෙල් ආන්ටි. ආදරේ කරන මිනිස්සුන්ව දකින්නේ වල් සත්තු ගානට.

  1. මෝහනා අක්කා

මෝහනා අක්කාගේ ගැනත් ඔයාලා ටික ටික දන්නවා. මායි ෂගානයි මෝහනා ගානේ පීට්සා කාපු කතාව මම දවසක් ඔයාලා එක්ක කිව්වානේ. මෝහනා කියන්නේ නැන්දම්මාගේ ප්‍රශ්ණ නිසා සැමියාව දාලා අව කෙනෙක්.. මෝහනාගේ සැමියා කියන්නේ බිරිඳයි අම්මයි අතරේ  කිරි බොන බබෙක්ගේ චරිතේ රඟපාන කෙනෙක්.

  1. ටීචර්.

මම කල්පනා කරන්නේ ඒ ගැන කියනවාද කියලා..  1.  සහ 2 චරිත වලට ගොඩක්ම සමානයි. එහෙම විතරක් කියන්නම්. වැරදිලා කවුරු හරි ඉස්කෝලේ ළමයෙක් මේක බැලුවොත් විනාසයි. ඒකයි.



මේ වගේ විශම චරිත අතරේ මම යශෝදරා කෙනක්  හෙව්වා.. ඒක මහා විහිලුවක් නේද. මට  මතකයි මම පුංචි කාලේ අපේ පුංචියි මමයි වත්තේ සෙල්ලම් කරන වෙලාවක කපා දාපු ගහක කොල ගොඩක් අස්සේ එයාගේ කරඹුවක බෝලයක් නැති උනා. එයා අඬ අඬ ඒ කරඹු බොලේ හෙව්වා.. හැමෝම කිව්වේ ඔය විශාල ගහේ  කොළගොඩ  අස්සේ කරඹු බොලේ හොයන එක විහිලුවක් කියලා..

ඉතින් ඒ වගේම තමයි. ආදරය කියන්නේ  කාමයට කියන තවත් සමාන පදයක් කියලා හිතන සමාජයක, රතුපාට ලේ වලින් ආදරේ මිනුම් දඬු හදාගත්ත සමජයක, ගිජු ලිහිණියෝ වගේ මස් වැදලි වලට වහවැටුනු සමාජයක. කෝ සිදුහත්ලා කෝ යශොදරාලා.

 ඉස්සර කාලේ රජවරුන්ට අන්ත:පුර තිබුනා. අපේ කාලේ අය හිතන්නේ ඒ රජවරු මහා වලත්තයෝ කියලා. ඒත් සිදුහත් කුමාරයාටත් අන්ත:පුරයක් තිබුනානේ. ලොව්තුරා බුදු බවට පත්වුනු උන්වහන්සේ වැරදි කාම සේවනයේ යෙදිලා නෑ අන්ත: පුර ස්ත්‍රීන් ලඟට ගිහින්. 

ඒත් දැන්කාලේ කොල්ලෝ අන්ත:පුර වගේ කෙල්ලෝ තියාන ඉන්නේ ආදරේ නිසාම නෙවෙයිනේ. එක එක  අවශ්‍යතා සපුරා ගන්න. සමහර විට ඒ කාමය වෙන්න පුළුළුන් එහෙමත් නැත්නම් ඒ මුදල් අරමුණක් වෙන්න පුළුවන්. ඒ දෙකම නැත්නම් වෙන මොකක් හරි වාසියක් නිසා වෙන්න පුළුවන්.

අදකාලේ සිදුහත් යශෝදරා අදර කතාව ලඟින් යන්න පුළුවන් එකම  ආදරකතාවක් නැහැනේ.

මේ ක  ගැන මම ඉස්කෝලේ යන කාලෙත් කල්පනා කලා. කෙල්ලෙක් කෙල්ලෙක් දෙන්නාට දෙන්නා දකිනවා. ආදරෙයිද අහනවා. ඔව්නම් ඔව් නෑ නම් නෑ.. එතනින් එහාට මොනවද තියෙන්නේ.. විකාර ලියුම් ලියාවි, SMS, E mail, මුණ ගැසිම්, ෆිල්ම්, ට්‍රිප්... ඔය හැමදේකම අවසානය මට එයා හරියන්නෑ.. එයා මගේ ටයිප් නෙවෙයි කියන එක. නෑ කිව්වොත්.. මොන විදියකින් හරි අර කෙල්ලගෙන් හරි කොල්ලාගෙන් හරි පළිගන්න එක තමයි එකම අරමුණ. 

ඊට ටික දවසකට පස්සේ  ඒ දේනනා තරම් නයි වෛරක්කාරයෝ දෙන්නෙක් තවත් නෑ. 

මේයන ක්‍රෙම්ද ආදරේ කියන්නේ.. නැහැ නේද.. ආදරේ ආත්ම ගානක් විඳින්න ඔනි දෙයක් නේද.. ඒත් ඇයි මිනිස්සු මේ ආදරේ නිසා විඳවන්නේ..

අන්තිමට මට කියන්න තියෙන්නේ

Why this Kolaweri කියලා තමයි !!