Showing posts with label මට හමුවු චරිත. Show all posts
Showing posts with label මට හමුවු චරිත. Show all posts

Mar 10, 2012

ගිජු ලිහිණි ආදරය

නැවතිල්ලක් නැතිව දුවන ගමනේ  පුංචි විවේකයක් ලබන එකම දවස ඉරිදාව. ඒත් ඒ දවසටත්  ටිකක් වෙලාව යනකල් නිදා ගන්න වාසනාව නැහැ.  උදේ පාන්නදර පිරිත් අහන්න රේඩියෝව දැම්මහම පුරුදු වෙලාවටම ඇහැරෙනවා. පාන්දර තුනට.

ඒත් නින්දත් නොනින්දත් අතර ගෙවන ඒ වෙලාවත් වෙලාවකට සුන්දරයි.  ඉරිදාවේ අපේ ගෙදර රේඩියෝ කාල සටහන මෙහෙමයි. උදේම සිරසේ   පන්සිල් මළුව, ඊලඟට සිරස කවිබණ මණ්ඩපය. ඊලඟට විරිඳු සිරිත. උදේ පාන්දර තුනට දාන රේඩියෝව  නතර වෙන්නේ උදේ දහයට. ඊට පස්සේ තමයි අපේ ගෙදර අය ගෙදරින් එළියට යන්නේ.

සිරස කියන්ගේ පෞද්ගලික හේතුවක් නිසා මම අකමැති නාලිකාවක්., මම අහන්නේ හිරූ. ඒත් අහම්බෙන් අහන්න ලැබෙන ඉරිදාවේ වැඩ සටහන්  තුන නම් අවිවාදයෙන්ම මම කැමති වැඩසටහන්.

අද උදේ පනිසිල් මළුවට කතා කලේ යශෝදරා චරිතය ගැන. යශෝදරාවතේ එන කවි, ඒ වගේම යශෝදරා  චරිතය ගැන ලියැවුනු ගීත අතරේ පෙර ආත්ම භාවයන්ගේ ඉඳන් පැවත එන සිදුහත් යශෝදරා පුජනීය ආදර කතාව බොහෝම අර්ථවත් විදියට පැහැදිලි කලා.

ඒදේවල් අහගෙන ඉඳැද්දි  මට කල්පනා උන දේවල් මේ විදියට පෝස්ට් එකකින් ඔයාලා එක්ක බෙදාගන්නයි මම සූදානම් වෙන්නේ.

මේ කියන්න යන හැම දෙයක්ම මට  හැබෑවටම අහන්න දකින්න සහ විඳින්න ලැබුණු දේවල්. 

පළවෙනි කාතාව.

පහුගිය සතියේ මම උන්නේ  මිග්රේන් වැඩි වෙලා හොඳටම අමාරුවෙන්.  ඒක කිසිම විදියකින් සහනයක් ගන්න පුළුළුන් ලෙඩක් නෙවෙයි. ඒ වගේම මට ඒක ගොඩක් දරුණුවට බලපානවා. වෛද්‍ය උපදේශයට අනූව මට මිග්රේන් වැඩි උනාම  පැනඩෝල් පෙත්තක්වත් බොන්න තහනම්. ඒ මම කාලයක්  නිදි පෙති වර්ගයක ඇබ්බැහි වෙලා හිටි නිසා. කරන්න ඔනි එකම දේ හොඳින් විවේක ගැනීම. ඒත් ඉතින් මොන විවේකයක්ද..  ඉස්කෝලේ. ටියුෂන් ක්ලාස්, ගෙදර ආ‍වම පාඩම් කරන්න  ඔනි. ඔය දේවල් අතරේ විවේකයක් ලබන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. (අයියෝ මම මාතෘකාවෙන් පිට පැන්නා...)

 කියන්න ගියේ ඔය විදියට තදබල ඔළුවේ කැක්කුමක ඉන්න වෙලාවක ඉස්කොලේදි මම මගේ පර්ස් එක ඇද්දා මතකයි ඊට පස්සේ ඒක බෑග් එකේ තිබුනා. කවදාවත් මම මගේ පර්ස් එකේ සල්ලි හිස් කරගන්නේ නෑ හිස් වෙන්න වෙන්න කොහොම හරි වියදමට සෑහෙන්න අතේ තියා ගන්නවා.  ඊයේ අදේ පාන්දර ඇහැරිලා පාඩම් කරලා හතහමාර වෙද්දි ගෙදරින් පිටත් වෙන්න හිටියත් නොදැනීම වොලව ගියා.. ඉක්මනින් ක්ලාස් එකට යන්න ඔනිවට විනාඩි පහෙන් දහයෙන් ලෑස්ති වෙලා පාරට දුවද්දීම ආව බස් එකට නැංගා. බස් එකට සල්ලි දෙන්න ගියාට පස්සේ තමයි ඉතිරි හරිය. පර්ස් එකේ සත පහක් නෑ. ඉසින් කනින් දාඩිය වැටෙන්න ගත්තා මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ.  ඒ බස් එකේ අයව අප්පච්චි අඳුනනනවා ඒත් එහෙමයි කියලා නිකම් යන්න බෑනේ.. ඔය අතරේ බස් එකේ හිටියා මගේ student කෙනක්. Student කෙනෙක් කීවට එයා අපිටත් වඩා වැඩිමහල්  ළමයෙක්. මගේ පළවෙනි ඩිප්ලෝමා ක්ලාස් එකේ හිටපු ගෑණු ළමයෙකුගේ පෙම්වතෙක්. ඒ දෙන්නා එකටමයි ක්ලාස් ආවේ. අපේ ස්ටාෆ් එකේ අය විහිලු කලේ ඒ ළමයා ක්ලාස් එන්නේ ගෑණු ලමයාව බලා ගන්න ඔනිවට කියලා.

ඉතින් ඒ ළමයා මම පත්වුනු  අපහසුතාවය දැකලා බස් ගාස්තුව ගෙව්වා. ඊට පස්සේ මම එයාට මුව නොසෑහෙන්න ස්තුති  කරලා කතාවක් දාගෙන යනකොට අතේ මුද්දක් තියෙනවා දැකලා ඇහුවා. ඔයාලා මට   නොකියාම කසාදත් බැන්දාද කියලා.  ඒ වෙලාවේ මගේ මුනේ තිබුණු හිනාව තැනි උනේ එක තත්පරේට ඒ ළමයාගේ ඇසුවල කඳුලු පිරුණු නිසා.

“අනේ  නෑ මිස්.. මම තාම බැන්දේ නෑ දර්ෂි මාව දාලා ගියා“  කියලා කියද්දි මට මාරම දුකයි. කෙල්ලෙක් දාලා ගියා කියද්දි කොල්ලෙක් බස් එකක මහ සෙනඟක් මැද මේ විදියට ඇස්වලට කඳුලු පුරවාගන්නවා කියන්නේ මොන තරම් වේදනාවක් හිතේ තියාගෙන ඇතිද. ඊට පස්සේ මාත් ඉක්මනින් මාතෘකාව වෙනස් කලා.

ඔය කාරනේ මගේ හිත ගොඩක් රිදවලා තිබුනා.  උදේ ක්ලාස් එක ඉවර කරලා දවල් ක්ලාස් එක පටන් ගන්නකල් මට පැයක විතර පොඩි විවේකයක් ලැබුනා.  ඒ  වෙලාවේ උදේ වුනු සිද්දිය Institute එකේ වැඩ කරන මගේ student කෙනක් එක්ක කිව්වා. ඒ ධනංජය, කොල්ලාව එතනට රෙකමන්ඩ් කලෙත් මම නිසා මම ගියාම මගේ වටේ දැවටි දැවටි මෙහාන මොනවා හරි කියව කියව ඉන්නවා.

අද උදේ මට මෙහෙම වැඩක් උනා නුවන් තමයි උදව් කලේ .. මම දර්ෂි ගැන ඇහුවාම මෙහෙම කිව්වා මට මාර අප්සට් කියද්දීම.  ධනංජය  කිව්වේ..

“අයියෝ මිස් ඔයා දන්නේ නැද්ද  දර්ෂි කොළඹට ගිය ගමන් නුවන් අයියාට බූට් එක තිබ්බා. ඒ නැතත් මිස් තාම දන්නේ නෑ දර්ෂිගේ තරම.  මිස්ට මතකද මම ඒ දවස්වල  trainee  staff  එකේ ඉන්න කොට ශානි  එක්ක යාළු උනා. ඊට පස්සේ ශානි  කිව්වා එයා මා එක්ක යාළු උනේ නැත්නම් අනිවා දර්ෂි මගෙන් යාළු වෙන් අහන්නලු හිටියේ. දර්ෂිට ඒතරම් අමාරුවක් තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මිස් දන්නේ නැති. මිස්ට මතකද එයා තනියම මගේ යාළුවෙක්ට accounting package එක ඉගැන්නවා. එයා හැමදාම ක්ලාස් කලේ උඩ තට්ටුවේ ක්ලාස් එකේනේ. මරුවට උගන්නලා තියෙනවා මිස් මට පොරෙ ඒවාගේ  ෆෝටෝ වීඩියෝ සේරම පෙන්නුවා “

ධනංජය එහෙම කියද්දී මගේ  කන් සීතල වෙලා ගියා. මොකද දර්ෂි කියන්නේ මගේ student කෙනක් වගේම එයත් ස්ටාෆ් ගියේ මගේ රෙකමන්ඩේෂන් නිසා. ඊටත් වඩා දර්ෂිගේ තාත්තායි අපේ අප්ච්චියි දෙන්නා යාළුවෝ. ඒ හැම එකටම වඩා ඒ දවස් වල වැඩ ඇරිලා යද්දි හවස්  වෙන  හැමදාකම නුවන් දර්ෂිව එක්කරන් යන්න වැලිමඩ ඉඳලා නුවරඑළියේ ආවා. නුවන් වැඩ කලේ මාර්කටින් සයිඩ් එකේ නිසා එයා වැඩි හරිය හිටියේ ඔපිස් එකෙන් එලියේ. ඒක චාන්ස් එක්ක් කරන් පැය එකහමාරක් බස් එකේ ඇවිත් කෙල්ලව ගෙදරට එක්කරන් යන්න තරම් කැපවීමක් කරන්න පුළුවන් කොල්ලෙක්ට මේ කෙල්ල මෙහෙම චංචා කලා කියද්දී.. අනිත් හැමදේටම වඩා  ඒ දවස් වල දර්ශි හවස් වෙනකල් ක්ලාස් කලේ ඔය කියන ධනංජයගේ යාළුවාට.

“චික් මේ කෙල්ලෝ“ මට එකපාරට කියවුනා.  ඒත් මට මතක් උනේ මීට සති කිහිපයකට කලින් ධනංජය මා එක්ක කියපු කතාව.

දෙවැනි කතාව.

ඒදත් මම හවස ක්ලාස් එක පටන් ගන්නකල් ධනංජයගේ ලැප් ටොප් එකේ තිබුනු  ෆොටෝස්  බල බල හිටියේ. එතන තිබුනා මෙන්න මෙහෙම ෆෝටෝ එකක්.





ඔය කතාව ඇත්ත මිස්. මටත් ඔය වගේ එකම කෙල්ලයි හම්බ උනේ. ඒත්  එයා නැති උනාට පස්සේ  මම පිස්සෙක් වගේ කෙල්ලෝ එක්ක යාළු උනේ. ඔක්කකෝම කෙල්ලෝ 17ක්. දැන් මට වයස 22යි. කෙල්ලෝ එක්ක යාළුවෙන්න පටන් ගත්තේ 11 වසරේදි.. කොහොමද මිස් මගේ දක්ෂ කම.  ඔය අතරින් මම කෙලින්ම ගිහින් ඇහුවේ සොනාලිගෙන්  විතරයි (ධනංජය කියන හොඳ කෙල්ල) අනිත් හැම කෙල්ලෙක්ම මගෙන්  යාළුවෙන්න අහන තැනට මම උන්ව අසරණ කලා. ඒකල්ලා මට ඇති හිතුනාම අත්ඇරියා. දැන් කාලේ කෙල්ලෝ ඉස්සර වගේ නෑ මිස් සමහර කෙල්ලෝ ඉස්සරහා මට හිටගෙන ඉන්න විතරයි තිබුනේ උන් කරන්න ඔනි හැම දේම කරනවා.  ඔය අතරින් මට හම්බ උන විසේ  වැඩිම කෙල්ල මුස්ලිම් කෙල්ලෙක්.. ඒකි දවසක් මට කියපු කතාවකට මට ඒකිගේ කණ පැලෙන්න ගහන්න හිතුනා මිස්,  ඒකි කියනවා මා එක්ක දිගටම ඉන්නේ නැහැලු. ඒකි බැඳලා රට යනවාලු යන්න කලින් ඒකිට... ( කොල්ලට එතනින් එහාට කියාගන්න බෑ මා එක්ක,  මම එයාගේ ගුරුවරිය නිසා. ඒත් මම තේරුම් ගත්තා.  ඒක ඔයාලාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.)

ඉතින් මිස්  එහොම කෙල්ලෝ ඉන්න රටක කොල්ලෙක් කොහොමද සීරියස් ලව් කරන්නේ.  මම මේ ලඟදි නෙදර්ලන්ත කෙල්ලෙක් එක්ක යාළු උනා අපේ නැන්දලා හොටෙල් එකේ සතියක් හිටියා ඒ සතිය එක්කම ලව් එකත් ඉවරයි.

ඊට පස්සේ මම හැම දේම නතර කලා මිස්. දැන් ඇති. මම එකපාර කෙල්ලෝ පස් දෙනෙක් එක්ක යාළුවෙලා තියෙනවා. සිම් තුනකින් එකපාර මල් කඩලා තියෙනවා. ඒ හැම එක්කම එකපාර නතර කලා. පෙඩ්ඩක් නිවිසැනසිල්ලේ ඉන්න ඔනි මිස්. කොළඹ නුවර මෙහේ හැම පැත්තේම කෙල්ලෝ ආශ්‍රය කරලා මම දැන් හොඳට  උන්ව තේරුම අරන් ඉන්නේ. මෙහේම ඉන්නවා ඇරෙන්න ආයි මම ගෙදරින් පිට යන්නෑ මිස්.

ඒ වලොවේ නිහඬව  සේරම අහන්හිටියට මම තේරුම් ගත්තේ එකම දේ සමහර කෙල්ලෝ කරන දේවල් නිසා. කොල්ලෝ මොන විදියේ පහත් සිතිවිල්ලකද ඉන්නේ කෙල්ලෝ ගැන කියලා.

 ඔය වැරදි කරන කොල්ලොත් නැතිවා නෙවෙයි.

තුන්වැනි කතාව.

මේ කතාව අපේ ඉස්කෝලේ සර් කෙනක් ගැන. එයත් මගේ  student කෙනක්. අපේ ඉස්කෝලේට ආවේ මේ ලඟදි ඒත් මගේ රෙකමන්ඩේෂන්. දැන් මම බයේ ඉන්නේ එයා නිසා මගෙත් පටිරෝල් වෙයි කියලා.

මේකෙදි සිද්ද වුනු සිද්දියක් මම  one zero zero අඩවියටත් ලිව්වා. ඔය කියන සර් ඉස්කේලේයනකාලේ ( 9 වසරේ) ඉඳන් හරිම අහිංසක  කෙල්ලකේ එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒක මම දැන  ගත්තේ මේ ලඟදි.  ඒත් එයා ඒ සම්බන්ධය අතර තුර තවත් ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක නතර උනා. එයා  ගොඩක් දුක් වෙනා කියලා මා එක්කම කිව්වා. කෑම නොකා  ක්ලාස් කට් කර කර පිස්සු නැටුවා. ඒත් කතාවේ ඇත්ත  දන්න මම කිසිම දෙයක් නොකියා බලා හිටියා..

  ගිය සතියේ දවසක ඒ සර් මායි තව ටීචර් කෙනෙකුයි ඉන්න තැන අනිත් ටීචර්ට කියනවා “ටීචර් මට හොඳ කෙල්ලකේ  හොයලා දෙන්න.. ගමක හැඳුන අහිංසක කෙනෙක්“

මට යකා නැංගා ඒත් මම ඒක මට ඇහුනේ නැති විදියට හිටියා. එයා වෙන කෙල්ලෙක් හොයන්නේ අර ඉන්න අහිංසක කෙල්ලට තවත් වංචාවක් කරන්න නේද.. එතකොට ඉන්න කෙල්ල කවුද කියලා අහන්න මගේ කටට දෙතුන් වතාවක් හිතුනත්. මම සද්ද වහලා අහගෙන හිටියා.

ඒ තරුණ අයගේ ආදරේනේ.. අපි කතා  කලොත් මැදි වයසේ පරිනත අයගේ ආදරේ ගැන. මෙතන මැදි  වසය කිව්වේ අවුරුදු 30 පැන්න අය කියමුකෝ... ;)

( හරි හරි ඉතින් 30 පැනන් අපේ සෙට් එකේ අයට මට ගන්න  පොලු හොයන්න එපා ;) මම කියන්නේ විවාහක ගැහැණු ගැන :D)    

මම වැඩිවෙලාවක් ඉන්නේ කම්පියුටර් එක හෝ පොතක් පතක් එක්ක නිසා මට වැඩිය මිනිස්සුන් ආශ්‍රය කරන්න අවස්ථාවක් නෑ.. මම ඉස්සර  දැනන් උන්නේ ගෙදර අය සහ ඉස්කෝලේ අය විතරයි. ඊට පස්සේ වැඩ කරන තැන අය .. මුල රැකියාවේදී හැමමෝම සම වයසේ... ඊට පස්සේ රැකියාවේ  හමෝම  මට වඩා ටිකක් වැඩිමහලු අය එයාලා මට කිව්වේත් චූටි කියලානේ. ඊට පස්සේ ඉතින් සයිබරේ උදවිය තමා.. වර්චුවල් මිතුරන්.

ඔය කියන කැටගරිය ඇරෙන්න මට ඇසුරු කරන්න ලැබුණු අය බොහෝම සුළු පිරිසක්. ඒ අය මම ලිස්ට් කරන්නම්.

  1. අපේ  ගෙදර කුලියට හිටිය ශ්‍යාමලී ටීචර්
  1. මම දෙවැනියට වැඩ කරපු තැන මැනේජර් අක්කා.
  1. එතනම හිටිය කස්ටමර්  කෝඩීනේටර් අක්කා
  2. බොඩිමේ කරුණා ආන්ටි
  3. ෂගානා.  (නිමක් නැති කතාවේ ෂහීනා)
  4. බොඩිමේ මානෙල් ආන්ටි.
  5. බොඩිමේ මෝහනා අක්කා
  1. ඉස්කෝලේ ටීචර් කෙනක්.

මේ ඇරෙන්න ගැඹුරින් අධ්‍යයනය කරපු  කාන්තා චරිතයක් නැති තරම්.. (අම්මා, අත්තම්මා , පුංචි  සහ නැන්දා කියන චරිත මට හැමදාම සුදුයි හොඳයි. මම කතා කරන්නේ මගේ ජීවිතේට පිටින් ලන් වුනු චරිත ගැන)

අර මම උඩින් කියපු අට දෙනා අට විදියක්. ඒත් එයාලාගේ ජීවිත වල තිබුනු  වේදනාත්මක පැත්ත හරි වෙනස්.

  1. ශ්‍යාමලී අක්කා 

එයා ගුරුවරියක්, එයාලා අපේ ගෙදර හිටියේ අවසන් සටන කාලේ. එයාගේ මහත්තයා ඒ වෙද්දි ආර්මි එකේ කැප්ටන් කෙනෙක්.

එයා ඉස්කෝලේ යන කාලේ ආදරේ කරපු කෙනක් හිටියා. අපි කියමු එයා මහතුන්කියලා. ඒ කෙනා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ශ්‍යාමලී අක්කට දුවෙක් ඉන්නවා. ඒත්  ශ්‍යාමලී අක්කටයි ඒ මහතුන් කියන කෙනාටයි ෆෝන් එකෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ඇරෙන්න එයාට එන ගොඩක් දුරකතන ඇමතුම් ගුප්තයි. මම දන්නවා ඒ කතා කරන්නේ එයාගේ මහත්තයා මංජුල අයියා නෙවි කියලා.  මගේ කාමරේ ජනේලේ ඇරියොත් එයා දුරකතන සංවාද වලදි කියන ගොඩක් දේවල් මට ඇහෙනවා. ඔක අපේ අම්මා දන්න නිසා අප්පච්චීට කියලා ඔය කාලේ මගේ කාමරේ ජනේල් වලට ඇන ගැහුවා.

මංජුල අයියා උනත් හොඳ කෙනක් නෙවයි. එයාට යන යන තැන ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා. සතියෙන් සතියට අළුත් සිම් මාරු කරනවා. මේ දෙන්නා දන්නවා දෙන්නා කරන දේවල්.  ඒ නිසා හැම වෙලාවේම රණ්ඩු.. මම ජීවිතේට අහලා නැති කුනුහරුප වලින් බැන ගන්නවා මහ රෑ මැද. ඔන්න ඔය හේතුව නිසාම අපේ අප්පචිචිට ඒ දෙන්නට නියමිත කාලෙට කලින් ගේ බාර දීලා යන්න කියන්න උනා.



  1. මැනේජර් අක්කා

සමාජේ ගැන බොහෝම අපූරු දැනුමක් තියෙන කෙනක්. විවාහකයි, ලසස්න හුරතල් පුතෙක් ඉන්නවා. ඒත් වොලවකට ගුප්තයි.   එයා ඒ තරම් ලස්සන නැහැ. ඒත් හස්බන්ඩ් ගොඩක් ලස්සනයි. එයාට හැමවෙලාවේම හස්බන්ඩ්ව සැකයි. ෆෝන් එක කාර් එක හැම වෙලාවේම චෙක් කරනවා.

ඒත් අනිත් පැත්තෙන් එයා කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. හස්බන්ඩ්ගේම යාළුවෙක් එක්ක අනියම් සබඳකමක්. එයාට එයාගේ කතාව මුල ඉඳන් මට කියන්න උනේ. ඊමේල් එක්ක නිසා සිද්ද වුනු ටෙක්නිකල් පටලැවිල්ලකින් බේරෙන්න. ඒ  කතාව අහලා මම නිගමනය කලේ. මේ  තරම් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දි තියෙන කාලකණ්නි කම කියලා.

  1. කොර්ඩිනේටර් අක්කා.

එයා ගත්තොත් මගේ දැක්මේ හැටියට නරක කෙනක්  නෙවෙයි.. ඒත් විඳින්න තියෙන ජීවිතේ නිකරුනේ විඳවන කෙනක්. හස්බන්ඩ් එයාට වඩා වයසින් වැඩියි.  ළමයි එක්ක එයා හුදෙකලා වෙලා. හසබන්ඩ් එන්නේ සතියකට සැරයක්.. තනියම ජීවත් වෙන්න වෙලා.

ඔය වගේ ප්‍රශ්ණ තමයි එයාට තියෙන්නේ.  එයා බලාන ඉන්නවා කවදාහරි ප්‍රින්ස් චාමින් කෙනෙක් ඇවිත් එයාව අරන් යයි කියලා..

  1. කරුණා ආන්ටි

කරුනා ආන්ටි විවාහ වෙන්න ආදරේ  කරන්න ආසාවෙන් ඉන්න ඇති ඒත් දැන් වයස 55ක්. බෝඩිමේ  වැඩකාර කමටම එයාගේ ජීවිතේ ගෙවිලා ගිහින්.  ඒත් එයා දිහා මතුපිටින් බලන ඔනිම කෙනක්ට තේරෙනවා එයා හොද කෙනෙක් මුණ ගැහුනොත් දැන් උනත් විවාහ වෙන්න කෙසේවෙතත් අනෙකුත් අවශ්‍යතා පසුර ගන්න සුදානමින් ඉන්නේ කියලා.. ඒකට එයාට වරදක් කියන්න බෑ.. එයා දන්නෑ මේ සමාජේ ගැන එයා කූඩුවක හිරවුනු කුකුල් පැටියෙක් විතරයි.

  1. ෂගානා.

ෂගානාගේ කතාව මම කියන්නම ඔනිද... ඔයාලා දන්නවා.. බේබදු සැමියෙක් නිසා අදටත් විඳවන කෙනෙක් ෂගානා.

  1. මානෙල් ආන්ටි

පිරිමි කියන්නේ අමුතු සත්තු ජාතියක් කියන මානසිකත්වයේ ඉන්න කෙනෙක් තමයි මානෙල් ආන්ටි. බෝඩිමේ උඩ කොරිඩෝවෙන් පහලට වත්ත සුද්ද කරන පිරිමියාටවත්  එන්න ඉඩ නොදෙන මානෙල් ආන්ටි. ආදරේ කරන මිනිස්සුන්ව දකින්නේ වල් සත්තු ගානට.

  1. මෝහනා අක්කා

මෝහනා අක්කාගේ ගැනත් ඔයාලා ටික ටික දන්නවා. මායි ෂගානයි මෝහනා ගානේ පීට්සා කාපු කතාව මම දවසක් ඔයාලා එක්ක කිව්වානේ. මෝහනා කියන්නේ නැන්දම්මාගේ ප්‍රශ්ණ නිසා සැමියාව දාලා අව කෙනෙක්.. මෝහනාගේ සැමියා කියන්නේ බිරිඳයි අම්මයි අතරේ  කිරි බොන බබෙක්ගේ චරිතේ රඟපාන කෙනෙක්.

  1. ටීචර්.

මම කල්පනා කරන්නේ ඒ ගැන කියනවාද කියලා..  1.  සහ 2 චරිත වලට ගොඩක්ම සමානයි. එහෙම විතරක් කියන්නම්. වැරදිලා කවුරු හරි ඉස්කෝලේ ළමයෙක් මේක බැලුවොත් විනාසයි. ඒකයි.



මේ වගේ විශම චරිත අතරේ මම යශෝදරා කෙනක්  හෙව්වා.. ඒක මහා විහිලුවක් නේද. මට  මතකයි මම පුංචි කාලේ අපේ පුංචියි මමයි වත්තේ සෙල්ලම් කරන වෙලාවක කපා දාපු ගහක කොල ගොඩක් අස්සේ එයාගේ කරඹුවක බෝලයක් නැති උනා. එයා අඬ අඬ ඒ කරඹු බොලේ හෙව්වා.. හැමෝම කිව්වේ ඔය විශාල ගහේ  කොළගොඩ  අස්සේ කරඹු බොලේ හොයන එක විහිලුවක් කියලා..

ඉතින් ඒ වගේම තමයි. ආදරය කියන්නේ  කාමයට කියන තවත් සමාන පදයක් කියලා හිතන සමාජයක, රතුපාට ලේ වලින් ආදරේ මිනුම් දඬු හදාගත්ත සමජයක, ගිජු ලිහිණියෝ වගේ මස් වැදලි වලට වහවැටුනු සමාජයක. කෝ සිදුහත්ලා කෝ යශොදරාලා.

 ඉස්සර කාලේ රජවරුන්ට අන්ත:පුර තිබුනා. අපේ කාලේ අය හිතන්නේ ඒ රජවරු මහා වලත්තයෝ කියලා. ඒත් සිදුහත් කුමාරයාටත් අන්ත:පුරයක් තිබුනානේ. ලොව්තුරා බුදු බවට පත්වුනු උන්වහන්සේ වැරදි කාම සේවනයේ යෙදිලා නෑ අන්ත: පුර ස්ත්‍රීන් ලඟට ගිහින්. 

ඒත් දැන්කාලේ කොල්ලෝ අන්ත:පුර වගේ කෙල්ලෝ තියාන ඉන්නේ ආදරේ නිසාම නෙවෙයිනේ. එක එක  අවශ්‍යතා සපුරා ගන්න. සමහර විට ඒ කාමය වෙන්න පුළුළුන් එහෙමත් නැත්නම් ඒ මුදල් අරමුණක් වෙන්න පුළුවන්. ඒ දෙකම නැත්නම් වෙන මොකක් හරි වාසියක් නිසා වෙන්න පුළුවන්.

අදකාලේ සිදුහත් යශෝදරා අදර කතාව ලඟින් යන්න පුළුවන් එකම  ආදරකතාවක් නැහැනේ.

මේ ක  ගැන මම ඉස්කෝලේ යන කාලෙත් කල්පනා කලා. කෙල්ලෙක් කෙල්ලෙක් දෙන්නාට දෙන්නා දකිනවා. ආදරෙයිද අහනවා. ඔව්නම් ඔව් නෑ නම් නෑ.. එතනින් එහාට මොනවද තියෙන්නේ.. විකාර ලියුම් ලියාවි, SMS, E mail, මුණ ගැසිම්, ෆිල්ම්, ට්‍රිප්... ඔය හැමදේකම අවසානය මට එයා හරියන්නෑ.. එයා මගේ ටයිප් නෙවෙයි කියන එක. නෑ කිව්වොත්.. මොන විදියකින් හරි අර කෙල්ලගෙන් හරි කොල්ලාගෙන් හරි පළිගන්න එක තමයි එකම අරමුණ. 

ඊට ටික දවසකට පස්සේ  ඒ දේනනා තරම් නයි වෛරක්කාරයෝ දෙන්නෙක් තවත් නෑ. 

මේයන ක්‍රෙම්ද ආදරේ කියන්නේ.. නැහැ නේද.. ආදරේ ආත්ම ගානක් විඳින්න ඔනි දෙයක් නේද.. ඒත් ඇයි මිනිස්සු මේ ආදරේ නිසා විඳවන්නේ..

අන්තිමට මට කියන්න තියෙන්නේ

Why this Kolaweri කියලා තමයි !!









Mar 6, 2012

බට්ටියි අයියලා දෙන්නායි


කාර්‍යබහුල දවසක්.. ඒ වගේම හිත සැනසුන,  හිත රිදුන දවසක්.. හිත සැනසුනේ පොඩි උන්ගේ දඟකාරකම්  නිසා.. හිත රිදුනේ අද ක්ලාස් එකේ දවසේ බයිට් එක මම වීම නිසා.. හොම් වර්ක් නොකර අන්තිම මොහෝතේ ලියපු අකුරු ඇක්සිඩන්ට් වෙලා කියලා සර් පටන් ගත්ත නෝන්ඩි කිරිල්ල ඉවර වුනේ ඊලග සතියට ගෙදර වැඩ දේදදී කවීට අන්තිම මොහෝතේ  ඇක්සිඩන්ට් වෙච්චි අකුරු වලින් ලියන්න ප්‍රශ්ණයක් දෙන්න ඔනි කියලා...

කොයින්දෝ ආව සැහැල්ලුවක් හිතට දැනුනේ සනීපෙට.. හැමදාම පන්තියේ හොඳම ළමයා නොවී දවසක් හරි නරකම ළමයා වීමත් එක අතකට හොඳයි... ඒත් අවිවේකි බව  ශරීර ශක්තිය හීන කරලා,  ගෙදරට ගොඩ උනේ මහන්සිය පිටින්ම වෙලාට පහයි හතලිස් පහයි.. ඇදුම් මාරු කර ගන්න  හිතාන ඇඳ උඩින් ඉඳගත්තා විතරයි මතක,, අත්තාම්මා ඇවිත් සුදූ නැගිටින්න නැගිටින්න.. මෙන්න ඔයා බලන්න යාළුවෝ ඇවිත් කියද්දී.. මම උඩ විසි වෙලා ඇහැරුනේ.. ඇස් ඇරලා විනාඩියක් දෙකක් කල්පනා කරද්දියි මතක් උනේ මම පන්ති ඇරිලා ආව ගමන් තාම උදේට ඉස්කෝලේට ඇඳපු සාරිය පිටින් නේද කියලා,

නිදි මතේම සාලෙට යද්දි සැටිය  උඩ කෙල්ලෙකුයි කොල්ලෙකුයි.. ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ ඔලෙවල් කරපු මේ කොල්ලා බැඳලාවත්ද... ක්ෂණිකව හිතට ආවේ එමෙ දෙයක්.. ඒත් කෙල්ල දිහා හොඳින් බලද්දියි මතක් උනේ මීට අවුරුදු ගානකට කලින් කාටත් නොකියා ගමෙන් ගිය පොඩි කෙල්ල කියලා...

මම දන්නවා ඔයාලාට කිසි දෙයක් පැහැදිලි නැහැ කියලා... ඉන්න මම පැහැදිලි කරන්නම්..

මට ඉස්සර පෙරපාසැල් යන්න නැගිටින්නේ හතහමාරත් පහුවෙලා..  මට මතකයි මගේ රෝසපාට බේබි කප් එකට අපේ පුංචි හදලා තියෙන කිරි එක.. එක හුස්මට ඒක බීලා පොරපාසලට දුවන්නේ අඬ අඬා...


දවල්වෙනකල් ඉගෙන ගෙන  දොළහා කිට්ටුව පුංචි මාව එක්කරන් යන්න එන්නේ තවත් කෙනෙක් එක්ක.. ඒ තමයි සමන්ති, අපේ අල්ලපු වත්තේ ඉන්න දුප්පත් ගෑණු ළමයා.. පුංචිනම් කියන්නේ එයා මට වැඩිමහල් කියලා.. ඒත් මල්ලිටයි මටයි දෙන්නාටම සමන්ති මල්ලී කෙනෙක්.. අපේ සෙල්ලම් වල අතිරේක චරිත සේරම කරන්න උනේ සමන්තිට.. මට මොන්ටිසෝරියට ගේන්න කියන දේවල් ලෑස්ති  කලේ සමන්ති..  හවසට අපේ ගෙදර ඇවිත් වත්ත පුරා ඇවිදලා ඉඟුරු මල්.. රෑකුමාරි  මල් වල සුදුපාට ගෙඩි, අන්දර ගෙඩි , අන්නදර මල්... ඔය වගේ දේවල් හොයන්න වත්ත පුරා මා එක්ක යන්න ආවේ සමන්ති..

හොරා පොලිස් සෙල්ලම කරද්දි හැමදාම හොරා උනෙත් සමන්ති... අල්ලන සෙල්ලම කරද්දි අපිව අල්ලන්න උනෙත් එයාටමයි.. ඒ දේවල් වලින් එයා සතුටු උනා.. මම මොන්ටිසොරියේ ඉගෙන ගන්න දේවල් හවසට සමන්ති මගෙන් අහ ගත්තා.. ඒත් වැරදිලාවත් සමන්ති අපේ ගෙදර ඉන්න බව එයාගේ අම්මාට ආරංචි උනොත්  අපේ පුංචිට හොඳ වචන වලින් බැනගෙන සමන්තිගේ අම්මා එනවා.. සමන්තිගේ අම්මා කැමති උනේ නැහැ සමන්ති ඉගෙන ගන්නවාට. ඒ නිසා සමන්තිට ඉස්කෝලේ යන්න බැරි උනා.. ඒකයි එයා හවසට ආවේ මට උදව් කරන්න..

සමන්තිගේ අම්මා විමලාවතී.  හොඳින් ඉගෙන ගෙන ගුරුපත්වීමක් ලබන්න තරම් වාසනාවන්ත වුනු කෙනක්.. ඒත් දුප්පත් කම නිසාම එයාලාට ඒ කාලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගමේ  ලොකු මිනිස්සුන්ගේ යටතේ.. ඒ නිසාම සමන්තිගේ අම්මාට ඉස්කෝලේ හාමිනේ කෙනක් වෙන්න බැරි වෙලා.. එයාගේ පත්වීම ගියේ ගමේම ලොකු පවුලක විමලරත්න කෙනෙක්ට. අවසානයේ සිද්දවුනේ සමන්තිගේ අම්මාට පිස්සු හැඳුන එක. සමන්තිගේ අම්මා හිටියේ එයාගේ අයියා ගාව.. පිස්සු නංගිගෙන්  නිදහස් වෙන්න ගමේම හිටිය අමන මෝඩම මනුස්සයෙක්ට කසාද බන්දලා දීලා ඒ අය ගමෙන් ගියා..

සමන්තිට එයාට වැඩිමහල් අයියා කෙනක් හිටියා  තව මල්ලි කෙනෙකුත් හිටියා ඒ වෙද්දී  එයාගේ අම්මා තවත් ළමයෙක් ලැබෙන්න හිටියේ..  සමන්ති මගෙන් ඉල්ලගෙන යන ගිය පොත් පෑන් පැන්සල් සේරම අම්මාට පිස්සුව වැඩි අනාම අපේ කඩුල්ල ලඟට ගෙනත් දාලා යනවා.. සමන්ති ආයිත් ඇවිත් ඒවා අරන් ගිහින් හංගලා තියා ගන්නවා..

අම්මාගේ උමතු බවයි තාත්තාගේ මෝඩ කමයි හේතු වෙන්න ඇති, සමන්තිලා පවුල එන්න එන්න ලොකු උනා. අයියා, සමන්ති, ලොකු මල්ලී, ලොකු නංගි, මල්ලී සහ නංගි විදියට පවුලේ  ළමයි හය දෙනෙක් වෙද්දි. පවුල බර වැඩි උනා.. කෑම බෑම අතිනුත් ගොඩක් අමාරු උනා.. සමහර දාට එයාලා මිරිස් වතුරෙන් දිය කරලා බත් කාපු දවස් තිබුනා.. අම්මා පිස්සුවෙන් බනින නිසා එයාලා අපේ ගෙදරින් උනත් කෑම කන්න බය උනා. ඔයා කාලේ  සමන්තිගේ ලොකු අම්මා කෙනෙක් ඇවිත්  අයියාවයි සමන්තිවයි ලොකු නංගිවයි ගමෙන් අරන් ගියා.. ගමේ ඉතිරි උනේ සමන්තිගේ මල්ලීලා දෙන්නායි නංගියි විතරයි.

එයාලා ඉගෙන ගත්තේ පොලොන්නරුවේ ඉස්කොලෙක.. අයියා ඉගෙන ගෙන කොළඹ ආවා.. මම ඒ ලෙවල් කරන කාලේ දවසක සමන්ති ආවා අපේ ගෙදර අහම්බෙන්.. එයා වෙනස් වෙලා.. අඳුන ගන්න බැහැ..  ඒ එයා කසාද බැන්දා කියලා අපේ ගදෙර අයිට කියලා යන්න.. ඔලෙවල් වලින් පස්සේ එයා විවාහ වෙලා. ගමට ආව ගමන් එයා දුවගෙන ආවේ මාව බලන්න. එදත් මම සමන්ති වෙනුවෙන් දුක් උනා.. මම දන්නවා එයා මට වඩා ඉගෙන ගන්න් දක්ෂයි...

 සමන්තිගේ මහත්තයායි සමන්තියි ගමේ ඉන්න නංගිටයි මල්ලිලාටයි ඉගෙනගන්න උදව් කලා.. ලොකු මල්ලි ඔලෙවල් හොඳින් පාස් උනා.. ඔය අතරේ සමන්ති කාටත් නොකියාම එයාලාගේ නංගිව ගමෙන් අරන් ගිහින් තිබුනා.. ඒකට හේතුව අම්මාගේ  උමතු ගතිය වැඩිවීම.. එ වගේ කෙනෙක් එක්ක ගෑණු ළමයෙක් තියන්න අමාරුයි.. සමන්තිගේ නංගිට අපි කියන්නේ බට්ටි කියලා.. හරිම හුරු බුහුටි කෙල්ල.. ඒ පවුලේ ඉන්න ලස්සනම ළමයා. එයාව ගමෙන් ගෙනියන්න ඒකත් හේතුවක්.. අම්මාට පිස්සුනම්, තාත්තා මොඩයෙක්නම් දුවකට හවුහරණක් නෑ කියන දේ සමන්ති තේරුම් ගන්න ඇති.

අපේ අම්මා බට්ටිට හරි ආදරෙයි.. සීතල දවසට රෑට ගිනි තපින්න පොල්කටු ගෙනියන්න හැමදාම බට්ටි එනවා.. එයාලා ඉන්නේ පොඩි කාමර දෙකක බිමට ගොමගාලා  බිත්ති මැටි ගහලා වහල ටකරන් වහලා.. ඒක දැක්කහම ඇත්තටම දුකයි.. අපේ දිහා ඒ වගේ ගෙදරක රෑ ගෙවන එක ලේසි දෙයක් නෙවෙයි..

මට අඳින්න බැරි ඇඳුම් සේරම අම්මා දෙන්නේ බට්ටීට, එයාට ඒවා  ලොකුයි ඒත් එයා ඒවා ඇඳගෙන ඇවිත් අම්මාට පෙන්වනවා.. ඒක අම්මාට ලොකු සතුටක්..

බට්ටි ගමෙන් ගියා කියලා අපේ අම්මා උන්නේ හරිම දුකෙන්, මටත් පාළුවක් දැනුනා තමයි ඒත් කාලයත් එක්ක බට්ටි අපිට මතකයක් විතරයි.

බට්ටිගේ අයියලා දෙන්නාගේන්  ගමේ හිටිය ලොකු අයියා ඒ ලෙවල් විභාගෙත් හොඳට පාස් උනා. පොඩි අයියා ඔලෙවල් වලින් පස්සේ මැලිබන් එකේ වැඩට ගියා.. මම හිතන්නේ රත්මලානේ වෙන්න ඔනි. ලොකු මල්ලී සුසන්ත හොඳින් ඉගෙන ගත්තත් එයාට කරන්න උනේ ගමේ කුලී වැඩ.. ඒ ළමයාට රස්සාවක් හොයන්න මම නොගත් උත්සහයක් නෑ.. ඒත් ඒ ළමයා කිව්වේ අක්කා මට කොන්ක්‍රීට් අනලා ගෙදර වියදම හෙයන්න පුළුවන් හොඳ රස්සාවක් කරනවාට වඩා කියලා.. කොල්ලා ඒ වැඩ කරන ගමන්ම  බාහිර උපාධියත් පටන් ගත්තා.

පොඩි එක්කෙනා නිතර ගමට ආවාම අපේ ගෙදරට අනිවාර්‍යෙයන් ඇවිත් අම්මා හදන තේ එක්ක බීලා ගියා. ඉඳලා හිටලා ඒ දෙන්නාගෙන් එක්කෙනක් සමන්තිලා දිහා යනවානම් අපේ අම්මාට කියලා මොනවා හරි කැවිල්ලක් හදාගෙන ගියා.

ඉතින් අද මාව බලන්න ඇවිත් හිටියේ බට්ටියි බට්ටිගේ පොඩි අයියායි.

බට්ටි මේ සැරේ ඔලෙවල් ලියලා.. දැන් කෙල්ල හිටියාට වඩා ලස්සනයි, බට්ටිව සමන්තිට කරදරයක් කරන්න බැහැ කියලා පොඩි කොල්ලා රස්සාවෙන් අයින් වෙලා ගමට ඇවිත්. කොළඹ වැඩ කරන කාලේ ජංගම දුරකතන අළුත්වැඩියා කරන්න ඉගෙන ගෙන , සල්ලි පුළුවන් තරම් ඉතිරි කරගෙන, දැන් ගමේ පොඩියට කමියුනිකේෂන් එකක් පටන් ගන්න යන්නේ . දෙන්නා ගමට ඇවිත් තියෙන්නේ ඊයේ හවස.. මම බස් එකෙන් බහැලා එනවා දැකලා තමයි ඇවිත් තියෙන්නේ,

ඇත්තටම මට දැනුනේ පුදුම සතුටක් හැමදෙටම වඩා  පොඩි එකාගේ හිතේ හයිය..නංගියෙක් වෙනුවෙන් පොඩි වයසක ඉන්න අයියා කෙනෙක්ට උනත් කොයිතරම් ලොකු වගකීමක් දැනෙනවා .

දෙන්නා ගොඩක් දේවල් කතා කලා.. අළුත් බිස්නස් එක ගැන අම්මාව දොස්තර කෙන්ට පෙන්වන එක ගැන, ඒ අතර වැදගත්ම දේ උනේ. නංගිව පරෙස්සම් කරන එක ගැන...

අයියලා දෙන්නා නංගිට පන වගේ ආදරෙයි.. බට්ටි මේ ලොකේ ඉන්න වැසනාවන්තම නංගියෙක්.. ඒ සහෝදර කම දිහා බලලා හිත හදාගෙන මම මගේ ගැන හිතලා ආයි පුංචියට හිත රිදෝගත්තා.. පවුලක ලොකු ළමයා වෙලා.. වගකීම් ගොඩක් එක්ක හිර වෙනවට වඩා නංගියෙක් උනානම් අයියා කෙනක් ඉන්න.. අද මාත් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනක් නේද කියලා..
















Mar 4, 2012

My dear Edward | ආදරණිය එඩ්වඩ්



එව්ඩඩ් !! .... එඩ්වඩ් ෆයර්ෆැක්ස්  රොචෙස්ටර්, මීදුම් අතරින් ඇවිත් අසුපිටින් ඇවිත් මා ඉදිරියේ ඇද වැටුණු ඔබ, මද අඳුරේ නඟරය දෙසට යමින් හිටපු මාව පේත්තුකාර බැල්මකින් රිදවලා ආඩම්බරකාර කතා කියපු ඔබ,

මම බලාපොරොත්තු වුනු  මාන්නක්කාර   නිවැසිප්‍රධානියා  එලෙසින්ම මවා පෙන්නපු රදළ කුලයේ මාන්නක්කාර ඉඩම් හිමියා එඩ්ඩඩ්!! කහපාටින් දැල්වෙන් ගිනිඋදුනට මුහුණ ලා මට පිටුපා හිටිය ඔබ.  දුඹුරුපාට ගුප්ත ඇස් වලින් කෙලින් මාදිහා  බලාන මා තේරුම් ගන්න උත්සහ කලා ඒත් මම ඔබේ දුඹුරු ඇස් ඉස්සරහා බිය උනේ නැහැ. පුංචි ප්‍රංශ කෙල්ලට උගන්වන්න ඔබේ නිවසට ආපු ගුරුවරිය මම, ඔබේ මාන්නක්කාර කතා ඉස්සරහා සෘජු ඇස්වලින් ඔබ  දිහා බලා උන්නු තරුණ අනාථ ගුරුවරිය මම ,

ගුප්ත අඳුරු නිවස පුරාවට ඔබ ඉන්නවා බවට සලකූණු පෙන්වමින් දහවල ගත  කරන ඔබ අඳුරු රාත්‍රියේ ගිනි උඳුන අසල මත පැන් වීදුරුව සමඟ  ජීවිතේ දුක සැප කතා කරන ඔබ. මත් මතින් දොඩමලුව තමා කඩවසම්දැයි මගෙන් ඇසුව ඔබ.. එඩ්වඩ්!!

ජීවිතේ කිසිම දිනක ඔබවන් ස්වාමියෙක්  නොපතපු මාව ඔබේ මනාලිය වන තැනට අසරණ කරන්න කොයි  තරම් නම් මායම් කලාද මගේ තරුණ හිත ගාව.

රදළ යුවතියන් සමඟ රඟමින්.  ඔවුන් ඉදිරියේ මා සමච්චල් කරමින්. ආඩම්බර කාර ඇස්වලින් මාගේ හිත අසරණ කරපු ඔබ..

එක හීතල හැන්දෑවක පොඳ වැස්සේ තෙමෙන් ගමන් මගේ ආදෙර් ඉල්ලපු එඩ්වඩ්, සුදුපාට  මඟුල් ඇඳුමෙන් සැරසුනු මාව මනාලිය කර ගන්න හීන දැකපු එඩ්වඩ්!!

ඒ ආඩම්බරකාර  දුඹුරු පාට ඇස් දෙකේ දිස්නය අහිමි වෙලත් මගේ උණුසුමින් මාව අඳුන ගන්න පුළුවන් තරමට මගේ හුස්ම පොදට ආදරේ කරපු ආඩම්බරකාර එඩ්වඩ්!!

මම ඔබේ ආදර ජේන්.




එඩ්වඩ්!! .......යෝර්කී රාජකීය පෙළපතේ ඔටුන්න හිමි 4වැනි  එඩ්වඩ් රජු. රාජකීය පැලැන්තියේ සිරිත් විරිත් පාගගෙන  ශ්‍රීමත් ජෝන් නයිට් වරයාගේ බිරිඳව අගමෙහෙසිය කරගත්...  රාජකීය අනංගයා.  එළිසබෙත් වුඩ්විල් රැජිනට රහසින් මගේ සෙනෙහස හොයාගෙන ආපු ආදරණිය පෙම්වතා..

ආදරණිය එඩ්වඩ්!!    වංශවත් ඉංග්‍රීසි නයිට් වරුන්, සාමි වරුන්,  මගේ ආදරේ පතාගෙන මගේ රෑපයට වශීවිගෙන මගේ අත පතදද්දි  ලන්ඩනයේ උදවිය මට කිව්වේ ලන්ඩනයේ රෝස කුසුම කියලා.

විවාහය ආදරය මායිම් නොකරපු මම විවාහ උනේ  වසර පහලොවක් වැඩිමහළු විලියම් සමඟ.. මගේ මනමාලයා ඔහු රන් කරුවෙක්,  ඒත් මගේ විවාහය ලන්සුවට තිබ්බේ ඔබේ ප්‍රංශ සංචාරය නිමවීමත් සමඟ එඩ්වඩ්, මම ඔයාට ආදරේ කලා වශි උනා.

මතකද ඔබ මා  ගැන කල හැඳින්වීම.

"ඇසුරේදී මන බඳින ඔනෑමදෙයකට ඉක්මනින් බුද්ධිමත් පිළිතුරක්  දීමට ඉවක් ඇති ගැහැණිය, ...... එසේම... ප්‍රීතිමත්ම , බුද්ධිමත්ම.. ජූජනීයම පෙම්වතිය..... "

මට එහෙම ආදරේ කරපු  ඔබ අවසන් හුස්ම හෙලුවේ මගේ ජීවිතේ අදුරක තනි කරලා බව ඇත්ත... ඔවුන් මට වෛර කලා.. ඔබේ පුතා ජූනියර් එඩ්වඩ් අවුරුදු පහක පොඩි එකා.. ඔබේ බිරිඳ එළිසබෙත් වුඩ්විල්..

ඔවුන් මාව සිරගත කලා.. ප්‍රසිද්ධ වෛශ්‍යාවකට මෙන් දඩුවම් කලා.. ඉරිදාවක ගල් බොරළු සහිත මාවතක සැහැල්ලු කබායක් සහ යට ගවොමක් සමණක් හැඳ ඉටිපිහනක් අතැතිව යන්න නියම කලා.. ඒ එඩ්වඩ් මම ඔබට ආදරේ කරපු පාපයට... ඒත් මම ලන්ඩනයේ රෝස කුසුම විදියට ඒ  දඩුවම ආත්මාභිමානයෙන් විඳදරා ගත්තා ඒ ඔබේ ආදරේ නාමයෙන්.. !!

මම ඔබේ ජේන් ෂෝ.



ප:ලි

මගේ හිතට වැදුනු නම් දෙකක් ඒ එඩ්වඩ් සහ ජේන්..

ඒ අය මට හුමුවුනු ආකාර දෙකක්.. මොහොතට ජේන් වෙන්න උත්සහ කලා පමණයි :) 


Dec 14, 2011

ගඟ ගැඹුරුයි පරෙස්සමින්!!

පහුගිය දවසක මම ගොසිප් අඩවියේ සැරි සරනකොට  වෙනස් ආකාරයේ ලිපියක් හම්බ උනා.. ෆේස්බුක් තුලින් ඇතිවූ පෙමනිසා ගුරුවරිය අමාරුවේ  කියලා ටික කාලෙක ඉඳන් පේස් බුක් ආදර කතා ගැන ලිපියක් ලියන්න කරුණු හොය හොය හිටි මට ඒක හරි අපුරු ප්‍රවෘත්තියක් උනා.. මොකද මම කතා කරන්න ගිය මතෘකාවට හොඳින්ම ගැලපෙන උදාහරණය මේක වීම.
හැබැයි ඉතින් කමෙන්ට් ටික කියවගෙන ගියාම නම් ඇත්තටම මට හිතුනා අර ගුරුවරිය  තමන්ටම ලොකු හානියක් කර ගත්තා කියලා.
අර කියන්නා වගේ එක කමෙන්ටුවක තිබුනා එයා කරපු ලොකුම වරද සල්ලි දීලා පොලිසි ගිය එක කියලා..
එයා පොලිසි ගියාගෙන් එයා ගැන ලිපියක් ගොසිප් සයිට් එකේ පල වුනා  අපේ හැමෝම එයාට කියන්න පුළුවන් නරකම දේවල් කියලා බැන්නා දොස් කිව්වා පරිභව කලා.. ඒත් කිසිම කෙනෙක් එයාගේ පැත්තෙන් හිතුවේ නැහැ නේද?


ඇත්ත... කතාව සහතික ඇත්ත. එයා ඒ  කරපු දේ වැරදියි. ගුරුවරියක් විදියට විවාහයට කලින් පෙම්වතාත් එක්ක උනත් හොටලේකට ගිහින් ඒ වගේ හැසිරුණාම ඒක සමාජයට නරක ආදර්ශයක්.
ඒ විතරක් නෙවෙයි මගේ මතයට අනූවනම් කිසිම කෙල්ලෙක් කිසි සේත්ම කරන්න හොද නැති දෙයක් මේක.. තමන්ගේ පෙම්වතා උනත් තමන් එක්ක යන්නේ හැඟිම් ඇවිස්සුණු පිරිමියෙක් කියන දේ අමතක කරලා ගිහින් ජීවිතේට කැලැල් ඇති කරගෙන පස්සේ කාලෙක විඳවනවට වඩා ඒවැනි අවස්ථා ආදරෙන්ම චාටු බහක් කියලා මඟහරින්න තරම් ගෑණු නුවනක් නැත්නම් ඒ වගේ කෙල්ලක්ට කියන්න පුළුවන්  ගොන් ගහක් කියලා..
අනිත් කතාව තමයි.. මම ඔය කලින් කතා කරපු දේ අනිත් පැත්ත සිද්වෙන අවස්ථාත් එමට ඇති.  මොකද  දැන්  අපේ රටේ සමාජය විශමයි ගොඩක් බටහිර පැත්තට නැඹුරු වෙලා.. සමහර සහෝදරියෝ පුල පුලා බලාගෙන ඉන්නේ තමන්ගේ පෙම්වතා අර වගේ යෝජනාවක් කරන්නේ කොයි වෙලාවේද කියලා උඩ පැනගෙන යන්න ..

ගැහැණු කමට නින්දා කරන ඒ වගේ අය එක්ක ඉස්සරහට යන මේ සමාජේ හොඳ චරිතවත් කෙනක්ටවත් හොඳ ජීවිතයක් ගතකරන්න අමාරු තත්වයක් ඇති වෙලා තියෙන්නේ..
ගැහැණියක් සතුව තිබිය යුතු හැඩම ආභරණය වෙන්න ඔනි අහිංසක කම ඒක ලැජ්ජාව බය කියන දේත් එක්ක ඔප නැංවිලා තියෙන්නත් ඔනි.. එත් කියන්නත් කණගාටුයි සමහර සහෝදරියන් ලඟ මේ කියන කිසි දෙයක් නෑ..

ඇත්ත සාමාන්‍යය මානුශිය ගැඟිම් කියන දේවල් තියෙන්න ඔනි.. ආදරය.,රාගය , සතුට කේන්තිය වගේ දේවල්.. ඒත් ඒ දේවල් අවශ්‍යය වෙලාවට ප්‍රෙයෝජනයට අරන් අනවශ්‍යය වෙලාවට අහක දාන්න පුළුවන්ම් ඒත තමයි නියම ගැහැණු කම..

මම කියන කතාවේම තවත් පැත්තක් තියෙනවා.. ගැහැණියක් අහිංසක වෙන්න ඔනි කියලා මම කිව්වනේ  ඉතින් ඒ අහිංසක කමම සමහර වෙලවට පිරිමි ප්‍රෙයෝජනයට ගන්න පුළුළුන්.. ඉතින් වැදගත්ම දේ අහිංසක කම ලඟ පුංචි නපුරු කමක් තියා ගන්න.. ඒ කියන්නේ කෙලින්ම යමක් ප්‍රතික්ෂේප කිරිමේ හැකියාව වගේම..  අසාධාරණයේදි කතා කිරිමේ හැකියාව වගේම අනවශ්‍යය තර්ජනයකදි නොබියව මුහුණ දිමේ හැකියාව..

දැන් ඉහත සදහන් කතාවේ කතා නායිකාව දිහාට යමු... හැමෝම කිව්වේ ඒ ගුරුවරිය හොඳ චරිතයක් නැති කෙනක් කියලා.. පිරිමියෙක් ඉස්සෙල්ලාම මුණ ගැහුනා කියලා සමහරු කිව්වා..

 මම මෙහෙම කිව්වොත්.. එයා බොළඳයි මෝඩයි ඔනිවට වඩා අහිංසකයි..
කෙනෙක පේස් බුක් එකේ හමු වෙනවා.. ගොඩක් චැට් කරනවා විශ්වාසයක් ගොඩ නගා ගන්නවා ඊට පස්සේ ආදරේ ප්‍රකාශ කරනවා.. අර කතා කරපු දේවල් එක්ක එයා විශ්වාස කරනවා මේ කෙනා ඇත්තටම මට ආදරෙයි කියලා.. ඉතින් අළුත් පෙම්වතුන් හමුවෙන්න දිනයක් දා ගන්නවා.. එයාලා හමු වෙනවා.. කොහෙට හරි ගිහින් නිදහසේ කතා කරමු කියනවා.. ගුරුවරියට ප්‍රශ්ණයක්.. ප්‍රසිද්ද තැන් වල ගැවසෙන්න ආමරුයි සිසු දරුවනගේ ඇස් ගැටෙන්න පුළුවන්.. ඉතින් මෙයාලා ලොජ් එකකට යනවා.. ඒ අවස්ථාවෙන් අර නරුම මනුස්සයා ප්‍රෙයෝජන ගන්නවා.. ගුරුවරියට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ.. මොකද එයා ආදරෙන් අන්ධ වෙලා..  අන්තිමට ඒ මනුස්සයා විශ්වාස කරනවා.. ඓහමත් නැතනම්.. එයා අසරණයි හැඩි දැඩිපිරිමියෙක් එක්ක පොර බදන්න එයා දුර්වල වැඩියි. සමහර විට එයාට දරුණු විදියට තර්ජනය කරන්නත් ඇති මරණයව වගේ දේවල් කියලා.

ඊට පස්සේ එයාගේ අකමැත්නෙත් නමුත් කවදා හරි කසාද බඳින පොරොන්දුව පිට පොටෝ ගන්න ඇති..
මම මේ උපකල්පන ඉදිරිපත් කලේ මම අහලා දැකලා තියෙන සත්‍යය සිදුවීම් වලින් . මගේ තවලමේ යාළුවන්ට මතක ඇති මුල් කාලේ මගේ පේස් බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක් ආවා.. අන්තිමේ මම කොහොම හරි ඒක රිකවර් කර ගත්තා නමුත් හැක් කරපු මිනිස්සු පස්සේ  රහස් පොලිසියෙන් වගේ පන්නලා මම ගොඩක් විස්තර හොයා ගත්තා..

මේ කියන සිද්දිය වගේම සිද්දි තුනක් මට හමු වුනා.. ඒ අයගෙ ඇත්ත නම් සහ අනන්‍ය තාවයක් හෙලි නොකර මම ඒ කතා තුන කියන්නම්..

මේ සිද්දි තුනටම සම්බන්ධ පුද්ගලයා එක්කෙනක්.  ඒ අමනුස්සයාත් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යය ආයතනයක වැඩ කරන එකෙක් හැබැයි වැඩ කරනවා කිව්වට මම හොයලා බලද්දි ඒ ආයතනයේ එහෙම එකෙක් නෑ.. ඉඳලා තියෙනවා දැන් නැහැ.
මට මුලින්ම හමුවුනු කෙනා වෛද්‍ය සිසුවියක්.. එයාව මුණු පොත හරහා සම්බන්ධ කර ගන්න මටගොඩක් මහන්සි වෙනන්න සිද්ද වුනා අන්තිමේ මම  අමාරුවෙන් එයාගේ දුරකතන අංකය ඉල්ලගෙන කතා කලා විස්තරේ සේරම එයා අඬ අඬා මා එක්ක කිව්වා

එයාට සිද්ද වෙලා තියෙන්නේ මේ ගුරුවරියට සිද්ද වුනු දේමයි..  මුණු පොත හරහා මුණ ගැසීම. ඉක්මනින් පෙම්වතුන් වීම වගේම එයාට ලැගුම් හලට එක්කරන් ගිහින් තියෙන්නේ ආවේ නැත්නම් ඇසිඩ් ගහනවා කියලා  බය කරලා. ඊට පස්සේ හැම විදියකින්ම ඡායාරූප ගැනීම.. ඒ ඡායා රූප පේස් බුක් වෙන එක් කරන බවට තර්ජනය කිරීම.  ඒ වැනි තර්ජන කරමින් තමන්ට ඔනි ඔනි වෙලාවට ලැගුම් හල් වලට අරන් යෑම. හැකි පමණ මුදල් ගැනීම.
මුදල් නොදුන් වෙලාවට අර ඡායා රූප විශ්ව විද්‍යාලය පුරා පතුරණ බවට තර්ජනය කිරීම.
ඔය වගේ දේවල් ගොඩක් කිය කිය එයා පැය ගානක් ඇඬුවා.. නීතිය ඉස්සරහට යන්න එයා බය වුනා.. ඒ එයාගේ ගෛෟරවය රැක ගන්න දෙමාපියන්ගෙ ගෛෟරවය රකින්න
දෙවැන්නා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගුරුවරියක්.  විවාහ ගිවිස ගෙන සිටි කෙනක්. පදිංචිය කුරුණැගල ප්‍රෙද්ශයේ. ඉතාම අඩු වයසක කෙනෙක්.  ඇය සමඟ මම මුණු පොත හරහා චැට් කලා..
මම : එයාව මුණ ගැහුනේ කොහොමද? FB ?
ඇය: FB
මම: චැට් කරපු පළවෙනි දවසේම ආදරේ කිව්වද? ඔයා මෝඩයා වගේ නම්බර් එක දුන්නද? දිගටම කෝල් කරලා මැසේජ් කරලා දෙන්නා ගොඩක් තං වුනා නේද?
ඇය:  ඔව් දෙයියනේ ඔව්
මම: මට ඔයාව ඔනි බබා කියලා ඇඬවද?
ඇය: hmmm
මම: ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මම මැරෙනවා කිව්වද? 
එයාගේ ජීවිතේට මොනවා හරි කර ගන්නවා කිව්වා නේද?
ඇය: මේවට උත්තර දෙන්න මම දන්නේ නෑ ඔයා මට කෝල් කරොත් මම ඒ හැම දේම කියන්නම්.. ඉස්සෙල්ලා කියන්න කවුද ඔයා.. මේවා කොහොමද දන්නේ? මට දැන් කාවවත් ෂුවර් නැහැ.
මම: ඔයා දන්නේනෑ..
ඇය: මට හරිම බයයි.. ඔයා එක්ක කතා කරා කියලා දැන ගත්තොත් මාව මරයි
මම: ඔයා ඇයි ඔය තරම් එයාට බය වෙන්නේ
ඇය: එයා ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා එයාට පුළුවන් ඔනිම වෙලාවක ඒවා එලියට දාන්න.
මම: ඒ කියන්නේ ඔයා එයාව මීට් වෙලා තියෙනවා
ඇය: හපෝ... කීපාරක්ද.. සීයක් විතර තියෙනවා..අපි මීට් වෙන හැම දාම එයා පොටෝ ගහනවා
මම: ඇයි එහෙනම් ඔයා වෙන කෙනක්ව මැරී කරනන  යන්නේ?
ඇය:
?
එයාට හම්බ වෙනකොට මම මැරී කරලා හිටියේ
මම: ඇයි ඔයා ඔය තරම් මෝඩ?
ඇය: මේ මාස දෙකට කොයිතරම් ප්‍රශ්ණ වලට මුහුණ දුන්න දන්නේ මම විතරයි.  මම හරිම මෝඩයෙක්..
මම: මැරී කරලා ඉදැද්දි ඇයි ඔයා එයා එක්ක යාළු උනේ ඔයා ඔයගේ හස්බන්ඩ්ට කරලා තියෙන්නේ ලොකු වංචාවක්
ඇය:  මම දන්නවා  මම නොවැන්ද ටික විතරයි එයා එක්ක යාළු වෙන්න බෑ කියලා
මම: එහෙනම් ඇයි නංගි තවත් ඒක පස්සේ යන්නේ එයා දන්නවානේ ඔයා මැරීඩ් කියලා..

ඇය: මට දැන් ගැලවීමක් නෑ අක්කේ..
මම: මේක කියන්න
ඇය : මොනවද?
මම: ඔයා එයා එක්ක කොහේම හරි ගිහින් වැරදි දෙයක් කරලා තියෙනවද?
ඇය: mat ekata uttara denna be
behe
මම : මම කාටවත් කියන්නේ නැහැ.
ඇය: e ey
මම: කියන්න නංගී
ඇය: මම ඔයාට කෝල් කරන්නම්...

ඇය මාත් එක්ක දුරකතනෙන් කතා කලා.. ඇයගේ වචන මෙහෙමයි..
දවසක් මම උදේ වැඩට යන්න ලෑස්ති වෙලා ටවුන් එකට ආවා.. එයා ලඟට ඇවිත් කතා කරනකල් මම දන්නේ නෑ අක්කේ.. කලින් කිය කිය හිටියේ එනවා  කියලා.. ඒත් මම විශ්වාස කලේ නැහැ ඔය තරම් දුර ඉඳලා ඔය වෙලාවට එයි කියලා.. එයා එක්ක මීගමු යමුම කියලා කිව්වා. මම බෑ කියද්දි කිව්වා යාළුවෝ එක්ක ඇවිත් ඇසිඩ් ගහලා මගේ මුණ කැත කරනවා කියලා.. අපේ ගෙදර නම්බර් එක නංගිගේ නම්බර් එක පවා එයාට මම දීලා තිබුනා.. එයා ඒ නම්බර් ඩයල් කර කර එතන විකාරයක් කලා.. අන්තිමේ බයටම මම ගියා.  අපි ගියේ මීගමුවේ ලොජ් එකකට එතන එයාට ගොඩක් පුරුදු තැනක් වගේ .. බස් එකෙන් බහිද්දිම ත්‍රිව්ල් එකක් ඇවිත් ලඟ නතර කලා..
එදා  මම නොවැන්ද ටික විතරයි ඒත් එයා ආසාවනගෙන් විනාස වුනු මිනිහෙක්.. සේරම දේවල් උනාට පස්සේ පැය දෙකක් විතර හොඳට නිදා ගත්තා.  ඒ මුළු කාලේම මම එයාගේ මුණ දිහා බලාගෙන හිටියේ ඒ මුණ .. එයා කරන ඒවට එයාට හොඳට නින්දවත් යන්නේ නැහැ විඳවනවා.ඒක මම ඒ මුනෙන් දැක්කා..



ඇය තවත් බොහෝ දේවල් කීවා.. ඇය දුන්නු මුදල් ප්‍රමාණ ඒවා දෙන්න ඇය ඇයගේ රන් ආභරණ උකස් කල බව හැම දේම..

අවසානේ ඇය ඒ නරුම මනුස්සයාගෙන් බේරිලා විවාහ උත්සවය ගත්තා ඊට පස්සේ ඇය කිසිම දිනක මට හමු වුනේ නැහැ ඇයගේ දුරකතන අංක සියල්ල භාවිතයෙන් තොරයි.

මට හමුවුනු තෙවැන්නිය විශ්ව විද්‍යාල සිසුවියක්. වාසනාවට ඇයව මට හමුවන විට ඇය ඔහුගේ ප්‍රේමයට පැටලුනා විතරයි.. මුණු පොත හරහා හඳුනා ගත් ඇය ඔහු මුණ ගැසිලා තිබුනේ ඔහුගේ මාධ්‍ය ආයතනයෙන් සංවිධානය කල වැඩමුළුවකදි.. ඒ හෙත් ඔවුන්ට තනිවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඇත්තෙන්ම සතුටුයි ඇය ඔහුගෙන් බේරුනා.. ඇය පැමිණ දිනක් මා මුණ ගැසිලා කලින් යුවතියන් සමඟ කල වැට් සහ අනෙකුත් පින්තූර බලලා නිදහස් කිරිල්ලියක් වගේ හිත නිදහස් කරගෙන ගියා..
ඒ සියලු දේවල් හොයා ගත්තත්  මගේ මුණු පොත නැවත් මට ලබා ගන්න හැකිවීම නිසා.. මම ඒ සිද්දි දාමයෙන් ඉවත් වුනා..

එහෙත් ඊට පසුව අපි නොදැන යුවතියක් කීදෙනකුනම් ඒ වංචාකාරී පුද්ගලයාට රැවටෙන්ට ඇතිද?
මුණු පොතට ඇබ්බැහි වුනු ආදරණිය සොයුරියන් වෙනුවෙන් මම මේ කතාව කිව්වේ ඔවුන්ට මේ සමාජේ විශම තාවය මොහොතකට මතක් කරන්න.


මුණු පොත නරක නැහැ.. ඒත් ඒ හරහා හමුවන අය අතර විකෘති අදහස් තියන මිනිස්සු අනන්තවත් ඉන්න පුළුවන්..

හරි වේගෙන් ආදරේ ප්‍රකාශ කරන අය , ප්‍රේමයකින් දරුණු වේදනාවක් විඳින  බව පෙන්නගෙන විරහ දුක් කවි කියන අය,  ඒ වගේම සිල් රෙද්ද පොරවගෙන ඉන්න සමහරුත් විශ්වාස කරන්න අමාරුයි.. හැබැයි ඔය අතර ඉතාමත් හොඳ මිනිසුන්  ඉන්නවා 90%ක්ම. එහෙත් අර 10% අර හැම කෙනක්ටම වඩා ප්‍රබලයි..
කෙනෙක් තමන් එක්ක හැම තිස්සේම වැට් කරනවනම්.. ආදරේ කියනවනම්.. ඒ පුද්ගලයා මේ වගේද කියලා හොයන්න...

සමහර වෙලාවට එයා ඔයාගේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍යය ලෙස ගොඩ වදියි, ඔයාව තනි කරන්න බලයි.. යාළුවන්ගෙන් ඈත් කරයි.. බොරු නීති දායි. ඔයාට ගොඩක්ම ආදරේ කරන ඔයාගේ එකම ආරක්ෂකයා ගේ චරිතය බලෙන්ම භාර ගනියි. ඒත් ඇතැම් විට ඔයා දන්නේ නැහැ ඔයා රැවටිලා කියලා.. මොකද ඔයාගේ හිත ආදරේට ලෝබයි..

ඒත් ඔය ආදරවන්තයා ඔයා එක්ක මහ රෑට දුරකතන සංවාද දෙද්දි කියන ආදර කතා වල යටි අරුත විකෘති කාමාශාවක් කියලා ඔයා දැන ගන්නකොට ඔයා ගොඩක් පරක්කු වැඩියි.

කියනවනම් උපකල්පන කෝටියක් කියන්න පුළුවන් මට.. එහෙත් දයාබර සොයුරියන්ට කියන්න තියෙන්නේ

මුණු පොත හරහා ආදරේ කරනවනම් නොදන්න නදැකපු කෙනෙක්ට කවදාවත් හිත දෙන්න එපා.. තමන් දන්න දකලා තියෙන අඩුම ගානේ තමන්ගේ යාළුවෙක්ගේවත් යාළුවෙක් වුනු කෙනක්ව තෝර ගන්න

ගැහැණු කම කියන්නේ වීදුරු බඳුනක් වගේ පරිස්සම් කරන්න ඔනි දෙයක්...

හිතන්න... එක පාරට වඩා දහස් පාරට වැඩිය.....

මේක ලියන්න මාව අසරණ කරපු නංගියේ... අහන්න.... අක්කා මේවා කිව්වේ ඔයාට ආදරේට!!