Showing posts with label විකාර. Show all posts
Showing posts with label විකාර. Show all posts

Apr 29, 2012

සිහිනය සියැසින්


සිහින ලොවක ජීවත් වීම සැබෑවට මුහුණ දීමට වඩා බෙහෙවින්ම කර්ෂකය, එහෙත් මම මේ සිහිනය දකින්නේ ආශාවෙනි. මගේ සිතත් සිතිවිලි සමුදායක් මටම අවනත නැති වු කලෙක මා විසින්ම මා හට දෙන්නා වු වේදනාව සතුටින් විඳ දරා ගන්නවා හැරනේනට අන් කිසිවක් කරන්නද.  කාලයක් ජීවිතයේම කොටසක්ව පැවති විශයානු බද්ධ පොත් පත් හා එහි වු විශය කරුණු මුළුමනින්ම මනසින් අතුරුදන්ව ඇති කලෙක නුදුරේ ඇති විභාගයට සුදානම් වීමේ අසාර්ථක උත්සහය ඇතැර, පරිඝණක තිරයේ වු රුව දෙබ බලා භාවනා කලෙමි.

මුහුනේ සිනාවකදු නොමැතිව  සිටින ඒ මුහුනේ රළු හැඩතල දෙස බලා සිටියදීම නොදැනි කාලය ගතවන්නට ඇත.
නුහුරු නුපුරුදු දුරක ඉඳන් ඔබ ඇවිත් සිත ලඟට හෙමින්......
ජංගම දුරකතනය බොහෝ වේලාවක් නාදවී තිබේ.. සිහින අතරේම ගීතයට සවන් දී සිටි මට ඇමතුමට පිළිතුරු දිය යුතු බව සිහිවුනේ හදිසියේය. ඇමතුම සංජලීගෙනි

හෙලෝ.... මම ඔනෑවට එපාවට පිළිතුරු දුනිමි.. සිතට තනිවන්නට අවැසි වෙලාවට මිතුරියන්ද ඇතැම්විට කරදරයකි.

මොට්ටියේ... දැන් කියේ ඉඳන්ද.. මම රිනිග් කරන්නේ.... කිසිත් නෙකියාම මිතුරිය මැසිවිලි නගන්නට වුවාය.

සොරි... සාගුවෝ... මම පාඩම් කර කර හිටියේ..... මම බොරුවක් කිවෙමි. පාඩම් කරන්නට කියා සිතුවද පොත ඇල්ලුවේ හෝ නැත..

ආ.... උඹට ඒක්සෑම් ලඟයි නේද..... හ්ම්ම්ම් එහෙනම් අද ප්ලෑන කැන්සල් කරන්න වෙයි....

මොන.... ?

නෑ නෙතුවෝ මම හිතුවේ පාක් එකේ එක්සිබිෂන් එකට යන්න... අළුත් මලක්  ගැන කියෙව්වා බන් රොස මලක් වගේ.. ජෙබරා වර්ගයක්ලු... මිතුරියගේ මල් පිළිබඳ  උමතුව විස්තර කරමින් ඇය කියා සිටියාය.

සීමිත මල් වර්ග කිහිපයකට හැරෙන්නට අනෙක් මල් වලට එතරම්  උනන්දුවක් නොදැක්වු නමුත් සංජලී සමඟ නිතර නිතර මල් ප්‍රදර්ශන නැරඹිමටමට මා හට සිදුවිය,  නොයෙකුත් විශේෂයන්හී දෙමුහුන් මල් පැල කොපමණ මුදලක් හො ගෙවා මිලදී ගැනීම ඇයගේ පුරුද්ද විය.

කමක් නෑ යමු... පොතේම හිරවෙලා පිස්සු වගේ.. මනස දැල්වෙමින් තිබියදී පැන් පොදන්  සොයන්නා මෙන් මම ඇගේ ගමනට එක්තු වීමට කැමැත්ත පල කලෙමි.

අන්නේ.... උම්ම්මා  සුද.... හිටපන්.. විනාඩි  පහෙන් මම එනවා මම ලෑස්ති වෙලා ඉන්නේ... සංජලි සතුටින් කෑ ගෑවාය.

හෙමීට වරෙන් පිස්සු මැන්ටලේ... අද මමයි රයිඩ් කරන්නේ....

අපෝ.. මේ බෑ.. බෑ... ස්කූටියේ බෑ.... උඹලාගේ අම්මා කැමති නෑ අපි ස්කූටියේ රස්තියාදුවේ යනවාට

නිකා හිටින්  එහෙනම්,   මට බෑ... බස් වල යන්න

ට්‍රයිෂෝ එකක යමු... ප්ලීස් ප්ලීස්..... සංජලී ඇවටිලි කරන්නට විය.

අම්මා මුකුත් කියන්නෑ... අනික ලඟටනේ.. මම කැමති කර ගන්නම්.. උඹ ස්කූටියේ වරෙන්.. නැත්නම් එපා ... මම නාගන්න යනවා.. ඇයට කිසිත් කියන්නට ඉඩ නොතියා දුරකතනය විසන්දි කලෙමි.

යලිත්  පරිඝණක තිරය මත වු රුවටම නොත් යොමු වද්දි සිතැඟි මට්ටු කරමින් යාන්තමට ඒ දෙතොල මත දෙතොල් ස්පර්ෂ කර පරිගණකයෙන් මෑත් වුනෙමි.  හිතාමතාම නොවුනත් කලක සිටන් පුරුද්දකට මෙන් එය සිදුවේ.

මනස කැලඹුනු බොහෝවිට කෙතරම් සීතල දිනයක්දැයි නොසලකා වතුර මල යටට වී පැය ගනනක් ගතකිරිම මසිතට සැනසිලි ගෙන දෙන්නකි. පියාගත් දෙනෙතින් යුතුව වතුර මල යට ගෙවෙන බොහෝ වේලාවන් හීදි  ලොවට පෙනෙන්නට හෙලිය නොහැකි කඳුලු සීතල වතුරේ  සේදී යයි.
නිවසේ විදුලී සීනුව නාද වන හඬත් සමඟ ඇසුණු කිංකිණි හඬින්  සංජලී පැමිණ ඇති බව නානකාමරයේ සිටියදිම මා හැඳින ගත්තෙමි.. 

සාගුවෝ.. කාමරේට පලයන්. දොර ඇරලා තියෙන්නේ.. ඇයගේ දෙපාගැටෙන හඬ කොරිඩෝවෙන් ඇසෙද්දි මම කෑ ගසා කීවෙමි.

අයියෝ.. උඹ තාමත් නානවද... සංජලී දොරෙන් පිටත සිට කෑ ගැවාය.

හිතුවද මාත් උඹ වගේ නාන්න කම්මැලියි කියලා...

ආ... උඹ ආවානේ අපේ ගෙදර.. මම නානවද නැද්ද බලන්න...

හරි හරි පලයන්.. කාමරේට... අම්මාට කියලා උඹට ඔනි දෙයක් හදාගෙන බීපන්..

මම කම්පියුට එක දානවා... කෙරිඩෝවෙන් ඇසුනු ඇගේ හඬ මගේ කාමර දෙසින් ඇසෙන්නට විය.

විනාඩි කිහිපයක් ගතකොට නා ගැනීමෙන් අතුරුව තෙත කෙස් වැටිය තුවායෙන් පිසදමමින් මම කාමරයට ගියෙමි. මට පිටුපා පරිඝණක තිරය දෙසටම නෙත්  යොමා සිටි සංජලී මා නුදුටුවාය. ඇය මගේ ඉලෙක්ට්‍රෙකික දින පොත කියවමින් සිටියාය, මා නානකාමරයට යාමට පෙර යමක් ලියමින් සිට එය එලෙසම තබා ගිය වග මා හට සිහිවුයේ මේ දැන්ය. සංජලීත් මාත් අතර වු මිතුදමේ ශක්තිමත් බව ඇයට මගේ දිනපොත කියවීමට ලොකු අනුබලයක් විය. ඇයත් මාත් අතර කිසිම විටෙක රහසක් කියා දෙයක් නොතිබුනි. නමුත් මා අනුහස්ට ඒකපාර්ෂවිය ලෙස ආදරය කල  බව ඇයට කියන්නට මා හට නොහැකි විය.

සංජලී කෙලෙස තේරුම් ගනිදැයි සිතාගැන්මට හො නොහැකිව මම නිහඬවම ගොස් ඇදෙහි වාඩි  වී පිටුපා සිටින ඇය දෙසම බලා සිටියාය. එවිට මා කාමරයට පැමිණ ඇති බව ඇයද දැන සිටියාය. එහෙත් මාගේ පැමිණිම වගකට නොගත් ඇය දිනපොතේ සියලුම සටහන් කියා නිම කලාය. ඇයට ඉඩදී මම සයනයේ උඩුබැලි අතට දිගාවී  දෙනෙත තදින් පියාගතිමි. කතාකල නොහැකි කඳුලක් හැමදාමත් ලෙස නෙත් කොනින් ගලා ගියේය.

දිනපොත කියවා නිමකල සංජලී නිහඬවම  ගොස් කාමරයේ දොර වසා පැමිණියාය. මා පසෙකින්  ඇඳේම දිගෑදුනු ඇය කිසිත් නෙකියා මා දෙසම බලා සිටින්නට වුවාය. ඇයට මුහුණ දි ගත නොහැකි වු මා දෙනෙත් තදින්ම පියාගෙන සිටියෙමි.

නෙතූ.... උඹ මුකුත් කියන්න එපා  කෙල්ලේ... මම සේරම කියෙව්වා... එදා ඉඳන් අද වෙනකල් සේරම.... ඒත් මේ හැටිම තනියම විඳව විඳව ඇයි උඹ මටවත් නොකිව්වේ කියලා විතරක් කියපන්.... ඇය සාවදානව අසද්දිත් මම නිහඬවම සිටියෙමි. ඇය නැවත කතා කලාය.

අනුහස් දන්නවා නේද....

ම්ම්ම්ම්ම්

ඇයි නෙතු උඹට ඇත්තට මුණ දෙන්න බැරි.. අනුහස් සහ උඹ කියන්නේ පාරවල් දෙකක යන දෙන්නෙක්.. අඩුමගානේ හන්දියකදි හරි උඹලා දෙන්නා එකට මුණ ගැහෙන්න පුළුවන් කමක් නෑ උඹලා දෙන්නා  ජීවිතේ දකින්නේ දෙවිදියකට.. උඹ පිස්සු හොන්තුවක්..දඟකාරම් වලට සීමාවක් නැති එකියන්.  අනුහස්  කියන්නේ ජීවිතේ සංකිර්ණව දකින නිහඬ කෙනක්...

අපි අතර නොගැලපීම් විතරක්ම කියන්න එපා සාගුවෝ.... මම ඒ හැම දෙයක්ම දැනගෙන තමයි අනුහස්ට ආදරේ කලේ... ඒ ඇරත්. මට  අනුහස්ව මගේම කියලා අයිති කර ගන්න උවමනාවක් නෑ..

මොකක්.... ?

ඔව්... මම ආදරේ දකින්නේ අනිත් උන් දකින විදියට නෙවී.. කොල්ලෙක් කෙල්ලෙක්ට කෙල්ලෙක් කොල්ලෙක්ට හරි ආදරෙයි කියලා කිව්වොත් හැම කෙනෙක්ම ඒක දකින්නේ.. ගොඩාක් සංකිර්ණ විදියට.. මුන් දෙන්නා  කසාද  බඳියි.. එකට ජීවත් වෙයි දරුවෝ හදයි... ඒත් ඒක ජීවත් වීම මිසක් ආදරේ නෙවෙයි නේද... ඔය විදියට ජීවත් වෙන මිනිස්සු අතරේ ආදරේ නෑ... ඒ මිනිස්සු අතරේ තියෙන්නේ කොලේක අත්සන් කරපු ගිවිසුමක් විතරයි.. මට ඔනි අනුහස්ව ඒගිවිසුම එක්ක මගේ ජීවිතේට හිර කර ගන්න නෙවයි.. ඒ නැතත් සාගුවෝ ආදරේ කියන්නේ හදවතට දැනෙන දෙයක්.. මම කාටහරි ආදරේනම් පරෙලා අනිත් මනුස්සයා මට ආදරේ කරන්න ඔනි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ.. හිතලා බලපන් මේලෝකේ දකින විදියේ ආදර බැඳිමකින් බැඳිලා ඉන්න දෙන්නෙත් ගේ ආදරේ තරාදිකට දාලා මැන්නොත් දෙපැත්ත සමානද .. නෑ නේද.. පොඩි හරි වෙනසක් තියෙනවා... මට මගේ ආදරේ තරාදියේ දෙපැත්ත සමානවෙන්න ඔනි නැහැ  මගේ පැත්තෙන් තරාදිය පහලම තියෙද්දි අනුහස්ගේ පැත්තෙන් උඩින්ම තියේවි.. ඒත් ඒක මට ආදරේ කරන්න ඒක ප්‍රශ්ණයක් නෙවී.

ඔය සේරම විකාර අදහස් විතරයි නෙතුවෝ.. මුළු ලෝකෙම උඹට හිනා වෙනවා.. උඹ ජීවත් වෙන්නේ විකාර අදහස් එක්ක.. උඹ ඔය හිතන බොළඳ විදියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. කාට නැතත් අනුහස්ට උඹ දැන් පරාල ඇනයක් වෙලා කියලා උඹට හිතෙන්නේ නැද්ද... ඌ උඹට අකමැති නිසානේ උඹව සත පහකට ගනන් ගන්නේ නැතිව ඉන්නේ.. මේ විකාර අත්ඇරලා දාපන්    නෙතුවෝ මම ආස නෑ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කොල්ලෙක් නිසා චාටර් වෙනවට.. 

උඹ කියන දේ මට තේරෙනවා සාගුවෝ.. මාත් හිතනවා සමහර වෙලාවට.. ඇයි මම මේ තරම් පාච්චල් වෙන්නේ කියලා.. ඒත්  මට හිතෙන්නේ මට දැනෙන්නේ වෙනස් විදියකට.. මම  කෙල්ලෙක් උනත්.. මේක  ලෝකෙටම කෑ ගහලා කියන්න මම ලැජ්ජා  වෙන්නේ නැහැ.. මම අනුහස්ට ආදරයි කියලා .. ඒත් මේක නිසා අනුහස්ව  කොතනකදිවත් අපහසුතාවයට පත් නොකරන්න මම හැමවෙලාවේම  පරෙස්සම්.. ඒ නිසා හිතට දැනෙන හැම දෙයක්ම හිතේම තියාගෙන මම ජීවත් වෙනවා.. අනුහස් ගැන කවදාවත් මට තරහක් හිතෙන්නේ නෑ සාගුවො... අනුහස් මේ ප්‍රශ්නෙදි හැසිරෙන විදියට මම කැමතියි ගොඩක් කැමතියි.. ගෑණුන්ගේ බොළඳ කම් ඉස්සරහා දණ ගහන නපුංසකයෙක්ට වඩා  මේ දකින්නේ මේ ලෝකේ ඉන්න අන්තිම ගෑණි කියලා ඒ ගැණි මත්තේ මැරෙන්න හදන පිරිමියෙක්ට වඩා ,කෙල්ලන්ව සතපහකට මායිම් නොකරන ආඩම්බරකාරයට මම කැමකතියි. මාත් එක්ක කතා නොකරන, මම විකාර නටද්දි නොදැක්කා වගේ අහක බලාගෙන එයාගේ වැඩක් බලානෙ ඉන්න අනුහස්ට මම ගොඩක් ආදරෙයි.  මට බින්දුවක් වත් ආදරේ නැති වුනත් මම මේ වෙද්දි මගේ ජීවිතේ ලස්සනම කාලේ එයාගේ ආදරේ වෙනුවෙන් කැප කරාලා ඉවරයි.. ආයි ජීවිතේට,  ජීවිතේ විඳින්න පුළුවන් මේ කාලේ මට ලැබෙන්නෑ තමයි... ඒත් හිතට එකඟව කරන ආදරයක් වෙනුවෙන්.. මම මගේ ජීවිතේ ලස්සනම කාලේ සහ මුළු ජීවිතේම විඳෙව්වා කියලා මතකයක් තියා ගන්න එක මට සතුටක්.... මම දකින ආදරේ පෙරලා උත්තර දෙන්න ඔනි දෙයක් නෙවී.. සමහර විට තව ටික දවසක් යද්දි අනුහස් වෙන කෙනෙක්ට ආදරේ කරයි. කසාද බඳියි, ළමයි හදයි.. ඒත් නෙතූවට ඒක ප්‍රශ්නයක් වෙන්නෑ සාගුවෝ... ඒ ඇයි දන්නවාද.. මම අනුහස්ට ආදරේ කලේ නොලැබෙන බව දැන දැන.. එයාව අයිති කර ගන්න එක ගොඩක් දුර දෙයක් උනා මට... දැන්  තව තවත් දුරයි... ඒත් ලැබුනොත් ඒ වෙලාවෙම මම හුසුම හිර වෙලා මැරෙයිද කියලා කවුද දන්නේ...... නුපුරුදු සිනාවක් නඟා ගනිමින් මා කීවෙමි... විසල් දෙනෙතින් යුතුව සංජලී මා දෙස බලා උන්නාය.

උඹේ මේ ආදරේ මට නම් මල සමයමක් නෙතුවෝ....  සියල්ල අසා අවසානයේ ඈ කිවාය..

අනුහස්ටත් එහෙමයි..... මේ මේ.. දැන් ඇති නේද... අපි යමුද.. උඹේ අර මල් පැලේ වෙන කවුරු හරි අරන් යාවි....  වේගයෙන් අඳෙන් නැගි සිටි මා කොට්ටයෙන් සංජලීට දමා ගැසුවෙමි.

උඹ හොඳ මූඩ් එකකද. ඉන්නේ..... සංජලී සුපරික්ෂාකාරීව මා දෙස බුලුවාය.

“sure ඇයි එහෙම නෑ කියලා උඹට පේනවද.. ...... සාගුවෝ... මම හිතින් විඳවන්නේ අදක ඊයේක ඉඳන් නෙවෙයි කියලා ඩයරිය කියවපු උඹ දන්නවා.. ඒ අතර කාලේ අපි මෙන තරම් පිස්සු නැටුවද කියලත් උඹ දන්නවා. හිතින් මම විඳවනවා කියලා මුල්ලකට වෙලා අඬ අඬ හිටියට මට ලැබෙන දෙයක් නෑ.. වේදනාව හිතේ තියාගෙන ජීවිතේ එන හැමදේටම මූණ දෙන්න මම පුරුදු වෙලා ඉන්නේ... එහෙම නැතිව බෑ.. ඉවරයක් නැති වේදනාවක් බදා ගත්තු කෙනෙකුට.. අනිත් එක මා එක්ක නටන්න  තියෙන පිස්සු නටලා ඉවර කරහන්.. මම දැන් ටික  ටික මාවම වෙනස් කරන් යනවා.. මට ඔනි අනුහස් තරමටම නිහඬ වෙන්න.. ඒත් මම  ජීවත් වුනු විදියට එකපාර එහෙම වෙන එක ලේසි නෑ...  

අපෝ..... ඇති ඇති උඹේ විකාර... ඔවා මට නම්  මල සමයන් විතරයි.. උඹට පිස්සු... හොඳටම පිස්සු... උඹේ හොඳ යාළුවා වෙච්චි මටත් හිනේනේ එහෙමයි..... ඒත්... වෙලාවකට හිතෙනවා.. අනුහස් නැති කරගෙන තියෙන්නේ. . මේ ලොකේ..  එයාටත් වඩා  රැඩිකල් විදියට හිතන කෙල්ලෙක් කියලා... සංජලී සිනාසෙමින් කීවාය.

නෑ.... සාගුවෝ.... එයා නැති කර ගන්න යන්නේ මේ ලෝකේ එයාට ගොඩක්ම ආදරේ කරන කෙල්ලව..........

හෝ... හේ. ඇත.. ඇති...  යමු.... යන ගමන් ඉතිරිය......

කිංකිණි සිනා හඬ නංවමින් අප දෙනෙවා ස්කූටරය වෙත දිව ගියෙමු.. 


නිර්මාණය සහ නිර්මාණ කරුවා යනු දෙදෙනෙකු බව මාවතේ වු පුවරුවක සටහන්ව තිබුණි . 

Apr 3, 2012

ආදරයේ පැහැය | Color of the Love

සමහර  හැන්දෑවරුවල මහ හයියෙන් වහිනවා. දෙකට තුනට පටන් ගන්න අනෝරා වැස්ස  හවස හතර පහ වෙද්දි නැවතිනවා. මම ආසම අන්න ඒ වෙලාවට. වැහි වෙලාවේ  ඇඳට ගුලි වෙලා නිදාගෙන වැස්ස පායද්දි මිදුලේ තෙත තණකොල ගොල්ලේ ඇවිදින්න මම ගොඩාක් ආසයි.

ඒ මහා වැස්සට පස්සේ පරිසරය කොයිතරම්නම් නිහඬද. ඒ නිහඬ බව මම විදින්නේ හදවතේ ගැඹුරුම තැනකින්. වැස්ට හැංගිලා හිටිය කුරුළු රංචු  තම තමන්ගේ  රාත්‍රී නවාතැන් වලට යන්නේ අහස පුරාවට මිහිරි කන්කරච්චලයක් ඉතිරි කරගෙන. ඒත් ඒ  ගෝෂාව නිහඬ  බවට බාධාවක් නෙවෙයි.

මිදුලේ  ලස්සනට පිපිලා තිබුණු ඩේලියා මල් මැලවිලා සිනිදු පෙති වැහිදියට දියවෙලා. පිච්ච මල් වල සුවඳ සේදිලා ගිහින්. ඒත් මම වැස්සට ආදරෙයි. මැලවුනු මල් වෙනුවට අළුත් මල් ආයතේ පිපෙයි.. ඒත් වැස්ස නිසානේ..

වැහි   හැන්දෑවේ නිහඬ සුන්දරත්වය වැඩි කරන්න ඈත නැගෙන හිර අහසේ  දේදුන්නක් පායලා. ඉස්සර පුංචි කාලේ යාළුවෝ කතා වෙන්නේ දේදුන්න දිහාට ඇගිල්ල දික් කලාම දේදුන්න අතුරු දහන් වෙනවා කියලා. ඒ නිසා පුංචි කාලේ කවදාවත් දේදුන්නට ඇඟිල්ල දික් කලේ නැහැ.. ඒත් ටික ටික වයසින් වැඩෙනකොට ඒක ඇත්තක්ද කියලා බලන්න ඇඟිල්ල දික් කරලා බලනවා. ඒක මහා බොරු කතාවක්. දේදුන්න කියන්නේ  පරිසරයේ විද්‍යාත්මක සංසිද්දියක් විතරයි.

ඒ කොහොම උනත් දේදුන්නේ පාටකොයි තරම් ලස්සනද. පුංචි  කාලේදි ඉස්කෝලේ වැඩට පාට පෙට්ටියක් ගේන්න කියනකොට මම කියන දෙයක් තමයි. දේදුන්නේ පාට සේරම තියෙන පෙට්ටියක් ගේන්න කියලා. මගේ බොළඳ කතාවට අප්පච්චි හිනා වෙනවා. එදා මට එයා කිව්වේ නැහැ. දේදුන්නේ පාටින් පාට පෙට්ටි විකුනන්න නැහැ කියලා. වයසින් වැඩෙද්දි මම ඒක තේරුම් ගත්තා.

අපි හැමෝම එහෙමයි නේද.. පුංචි කාලේ අපි මවාගත්ත අපේම ලෝකෙක පුංචි පුංචි දේවල් එක්ක ජීවත් වෙලා වයසත් එක්ක අපිම පුංචි කලේ කරපු දේවල් වලට හිනා වෙනවා නේද...

මටත් එහෙම දෙයක් උනා.

ඉස්සර දේදුන්නේ පාට තියෙන පාට පෙට්ටිය  හෙව්වා වගේම. පාසැල් වයසේ මගේම  යෙහෙලියන් පෙම්වතියන් වෙනකොට මාත් හිතේ රූපයක් මවා ගත්තා කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක්ට මම ආදරේ කරනවා. මම මෙන්න මේ  තරම් ආදරේ කරනවා කියලා.  එක වයසකදි පන්තියේ පෙම්වතෙක් නැති  එකම කෙල්ල මම වෙද්දි  මනෝ චරිතයක් මවා ගත්තා. කතාවක් ගොතා ගත්තා. ඒ මටත් කෙනෙක් ඉන්නවා කියලා යාළුවන් ඉස්සරහා කියන්න.

නම නිසල් සූරිය බණ්ඩාර. මුණ ගැහෙන්නේ නුවර එළියේ ටියුෂන් ක්ලාස් එකේදී. ඒක හරියට මල් පත්තරේට ආදර කතාවක් වගේ. මාස ගානක් ඒ විහිලුව කරලා යාළුළුන්ව අන්දන්න පුළුවන් උනා. මමම ලියන කවි,  ලියුම් මගේ හොඳට යාළුවා දිල්ට කියලා ආයි ලස්සන කොල වල ලියවගෙන දිලුයි මායි දෙන්නා පන්තියේ අනිත් කෙල්ලන්ව හොඳට ඇන්දුවා.

මට තාමත් මතකයි අපි ඒ  ලියුම් වල ලියපුවා.

බබා ඔයාට  කොහාමද.. අද ඉස්කෝලෙ යන්න නැගිට්ටේ කියටද.. උදේට කෑවේ මොනවද.. අද මොනවද හොම් වර්ක් දුන්නේ.  එදා ක්ලාස් එකට ඔයා දැන්න ගවුමට මගේ පැටියා හරිම ලස්සනයි.. බ්ලා බ්ලා බ්ලා.. අන්න ඔය වගේ දේවල්...

ඉතින් ඔය ලියුම් කියවලා.. නිසල් කියන මනෝ චරිකට ඇත්තම චරිතයක් විදියට මවන්න අපිට පුළුවන් උනා.  පන්තියේ කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ නිසල් කවීට ඊලඟට එවන ලියුම කියවන්න. මොකද ඒ දවස් වල වැඩි ඉලෙක්ට්‍රොණික ආදර මෙවලම් තිබුනේ නැහැනේ. ජංගමදුරකතන  ඊමේල් වගේ දේවල්.

කාලයක් යද්දි මටත් එපා උනා ලියන්න. දිල්ටත් එපා උනා. අපි නිසල්ගේ කතාව එහෙමම අමතක  වෙන්න ඇරියා. ඒත් අදටත් මම දන්නවා  නදීශා මං ගැන පුදුම ඉරිසියාවකින් හිටියේ. අර චන්දන ලියනාරච්චිගේ ප්‍රේමය හැමදාමත් නිසලයි සින්දුවටත් එයා වෛර කලා මගේ නිසල් නිසා… :D

ඒ ඉස්කෝලේ යන වයසේ  පුංචි කෙල්ලන්ගේ ආදරේ. එයාලා ආදරේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. (ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ) දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. අහන්න දකින්න  ලැබෙන දේවල් එක්ක පාසල් යන යුවතියන් සමහර විවාහක ගැහැණුන්ටත් වඩා පරිනතයි.

ඒත් මට කියන්න ඔනි වුනේ ගොඩක්ම බොළඳ වසයක කෙල්ලෙක් ආදරේ කියලා බලා පොරාත්තු වෙන්නේ මොකක්ද කියන එක  කියන්න.

මුළු දවසම විනාඩියෙන්  විනාඩියට කතා කර කර ඉන්න එක. කරන කියන හැම දෙයක්ම කෙටිපණිවිඩයකින් හරි දැනුම් දෙක එක. බොළද ආදරේ කාලසටහනේ අනිවාර්‍යෙයන් තියෙන දෙයක්.  මාත් මේ ලඟක් වෙනකල්ම අන්න ඒ වගේ ආදරයක් ගොය ගොය අයාලේ ගිය චරිතයක් බව මගේ සිහින තවලම එක්ක ඉන්න ඔයාලා නොදන්න දෙයක් නෙවෙයිනේ...

ඒත් ටිකක් නැවතිල්ලේ කල්පනා කරලා බැලුවහම ආදරේ කියන්නේ  මොනම විදියකින්වත් තේර්මක් හොයන්න බැරි අකුරු හතරේ වචනයකත් විතරක්ම නේද කියලා හිතෙනවා. ආදරේ හරියට වතුර වගේ

මුලින් කිසිම පාටක් නැහැ.  ඒ ආදරේ පාට කරන්න පුළුවන් ආදරේ කියන බැදි  මෙදි එක්වෙන   දෙදෙනට. ගොඩාක්ම බොළඳ ආදරයක්නම් අපිට පුළුවන් ඒ ආදරේ රෝසපාටින් පාට කරන්න.  ඒත් ඒක මොන්ටිසෝරියක ළමයෙක් ටීචර්ට දෙන්න ඇඳපු  චිත්‍රයක් වගේ වෙයි නේද..

ආදරේ දි ගොඩක් බොළඳ දේවල් බලා පොරොත්තු වෙන කෙල්ලෝ කොල්ලෝ නිකරුනේ තමන්ගේ අනෙකට වද දෙනවා කියලයි මම හිතන්නේ ඔයා මෙහෙ ඉන්න.. මෙහෙ කරන්න.. කන්න කලින් මට sms කරන්න.. නිදා ගන්න කලින් මට සුබ පතන්න, උදේට නැගිටිද්දි මට ඔනි ඔයාගේ කට හඬ අහන්න.. තවත් ගොඩක් නීති රීති...

ඒත් ඒ රෝසපාට ආදරේ ටික දවසක් යද්දි දෙන්නගේම හිත්වලින් ඈතට ගිහින් තියේවි.. හැමදචාම එකට දේ එකම විදියට.. ජීවිතේට විවිධත්වයක් ඔනි නේද...

එහෙනම් අපි පාට  කරමුද  රතු පාටින්..

ඒත්.. තද රතු කියන්නේ ලේ වල පාට. ආදරේ කියන්නේ උතුරණ ලේ කැටිති වලට  ලෝබකම් කරන එක  නෙවෙයි.. හරියට වැම්පයර් කෙනෙක් වගේ.. සමහර විට තද  රතුපාටින් පාට කලොත් ඒත ගොඩාරියක් සරාගි වෙන්න පුළුවන්. අනෙක් කෙනාගේ  ශරීර අවයව වලට ලොබ වෙන එක හිත්වල ගිනි ගන්න රගික හැඟිම් වෙනුවෙන් ආදරේදි  බොළඳ වෙන එක. තමන්ගේ  හැඟිම් සන්සිඳවා ගැනීමමද ආදරේ  කියන්නේ.. නෑ ඊට එහා යන දෙයක් වෙන්න ඇති.

එහෙනම් ආදරේට සුදුසුම පාට සුදු පාටද...

සුදු කියන්නේ උදාසීන පාටක්..  නිසිම හැඩයක් නැහැ. ආදරයක් ජීවිතේට ගන්නේ  තනියම ජීවත් වෙනවාට වඩා ජීවිතේට කෙනක් අවශ්‍ය නිසා වෙන්න ඇති. ඒත් ඒ එන කෙනා  නමට ජීවිතේ ඉන්නවානම් ආදරේදි බලා පොරොතු වෙන කිසිම දෙයක් ඉටු වෙන්නේනැහැ නේද..


ආදරේට  සුදුසුම පාට මොකක්ද එහෙනම්.....

මටනම් ආදරේ තාමත්  තදම තද කළුපාටක් විතරයි...... අත් නොවිඳපු අත් නොදැකපු දෙයක......... හිස් මන්දාකිණියක්... ආදරේ පාට කළු!!!



ඔයාගේ ආදරේ පාට මොකක්ද....??



Mar 30, 2012

පඩු පැහැ සමනලයා

දහදියෙන් නැහැවුනු කම්මුල් තෙත මාත්තු කල ලේන්සුව කනප්පුව මත  තැබූ මා ප්‍රධාන දොරටුව විවර කර නිවස ඉදිරිපස පඩියේ වාඩි උනෙමි.  වේලාව හවස හතට කිට්ටු වන්නට ඇත. යාබද බොධි මළුව දෙසින් ඇසෙන ගාථා නාදය තවමත් බෝධි පුජාව අවසන් නොමැති වබට සාක්කී කීවේය. ගැඹුරු නින්දකින් පසු එක්වර අවදිව සිටි මා උන්නේ සිතිවිලි වලින් මෙන්ම කායිකවද මලානිකවය.






මේසය මත වු සමන් පිච්ච වට්ටිය බුදු කුටියේ තබා පහන් දැල්වු මම ගාථා මුමුනන්නට උත්සහ ගතිමි.. නැත.. කිසිදු ගාථාවක් මා හට මතක නැත. අසරණ සිතිවිලි විසිර යද්දී පිරිත් පැන් පොදකින් මුවත් හිසත් තෙතමාත්තු කරගත් මා නැවත සිමෙන්ති පඩිය මත වාඩි උනෙමි. 


කඳු මුදුනේ සිට බලනා කල නිම්නය පෙනෙන්නේ ඉතාමත්ම සුන්දර  ලෙසකටයි. කුඩා කල පටන් මේලෙස පරිසරය විඳින්නට හුරුව සිටි මා අවසන් වරට එසේ කල දිනය මට මතක නැත.. එහෙත්. අද මා යලිත් හිස් බැල්මෙන් කඳු බෑවුම දෙස බලා හිඳමි..


බෝ මළුවේ ගාථා නාදය නැවතිනි. නිවැසියන් විගසින් එන බවට එය සලකුණකි. මම හිස් බැල්මකින් අහසට නෙත් යොමා ගතිමි..
වැහි වලාකුළුවලිනි බරිත අහසේ තරුවක ඡායාවකදු නැත.. ඉඳ හිට ඇදෙන විදුලි රේඛාවක් හැරෙන්නට මුළු අහසම අන්ධකාරයෙන් වෙලී ඇත..


මා සිතද එවැනිම යයි මට සිතුනි.  ඉඳ හිට ඔබේ මතකය පැමිණියහොත් මිසක මගේ සිත තනිකරම අඳුරු අහසකි.


හෙමි හෙමින් නෙත් බැල්ම පෘතුවිය දෙසය  යොමද්දි වැරදීමකින් නෙත්සර වැදුනේ සීලිමේ දැල්වෙමින් තිබුණු විදුලි පහන දෙසටය. නොයෙක් ආකාරයේ කෘමි සතුන් විදුලි එලියට පොරකමින් ඒ වටා රැස්ව සිටී. පඩු පැහැ පියාපත් සහිත සමනලයෙක් විදුලි එළිය වෙනුවෙන් දරන වෙහෙස දෙස මා බොහෝ වේලාවක් බලාසිටියෙමි. 


තරුවක් ලෙසින් බබලන ඔබ ලබන්නට මමද ඒසා ප්‍රයත්නයක් දැරුවා මට මතකය. එහෙත් නොසැලෙන විදුලි එලිය සේම ඔබද නිහිඬවම සිටි අරුමය සිත රිදවීය.


ඔබට පෙනෙන්නට කියා  මම දඟකාරකම් කලෙමි. අනෙකුන් හා වාද කලෙමි.. ඒ ඔබේ අවධානය ගන්නට මිස ඒවා මට පුරුදු නිසාම නොවේ. ඒහෙත් ඒවා  ඔබට කිසිදු විශේෂයක් නොවන බව දැනී මම ඔහේ බලා සිටියෙමි.. ඔබ විදුලි එලිය සේම නිහඬව සිටියේය. දැන් මා හති වැටී සිටිමි.  මා අහිමි කරගත් ඔබ පසුතැවෙනවා දකින්නට සිටි මා,  මාවම රිදවාගෙන තනිවම විඳවමි. නිමාවක් නොපෙනෙන කායික රෝගත් අස්වැසිල්ලක් නොදෙන මානසික පීඩනයත් විසින් මා  පරාජිතයෙකු බවට පත්කොට ඇත. එහෙත්  තවමත් ඔබ  කොයිදැයි සොයන්නට මම වෙහෙසෙමි..


සිතිවිලි වල වේදනාව දරාගන්නට මොහොතකට පියා ගත් විවිර කරද්දී හති වැටුණු  පඩු පැහැ  සමනල් දේහය සිමෙන්ති පොළව මත අඟුරු වී තිබුනි. 



Mar 7, 2012

My Dear Ladies | හෙවත් පෞද්ගලික ලේකම්ගේ කතාව


 A Very good morning  to all of you, අද මම ගොඩාක් සන්තෝස වෙනවා සභාපති තුමා වෙනුවෙන් අපේ සමාගමේ  ladiesලා එක්ක කතා කරන්න ලැබීම ගැන, ones a year කෙනෙකුට ලැබෙන මේ chance එක මේ පාර  ලැබෙන්නේ මට කියලා දැනගත්තහම Oh !! I couldn't believe it, any way.

(ස්ට්‍රෙට් කරපු කොන්ඩේ දිගේ ඇඟිලි ටික යැවීම)

අද මම ඔයාලාව පර්සනලි ඇඩ්‍රස් කරන්න හඳන්නේ අපේ සමාගෙමේ ඉඳිරි දියුණුවට ඔයාලා අතින් වෙන්න පුළුළුන් mistakes කියන මාතෘකාවෙන්.

And You all know my dear ladies, ඔයාලා මම අපි හැමෝම මේ  සමාගමේ කකුලෙන් හිටගෙන ඉන්නේ අපේ 64 strategies  වලට පින් සිද්ද වෙන්න ඒ  නිසා, please give a big hand to our 64 strategies.

(ගහපියව් බොලව් අත්පුඩියක්.. තව ...... විසිල් !! විසිල්!! )

Oh... Thank you….. thank you so much  ඇන්ඩි අපි දැන් කතා කරලා බලමු එක එක ස්ට්‍රඅටර්ජීස් ගැන වෙන වෙනම

ඉස්සෙල්ලාම අපි කතා කරමු  අපේ දැක්ම ගැන තියෙන ටොපික්ස් ටික ගැන නෙතඟ බැල්ම  , ඇස කරකැවීම , ඇස්‌ විටින් විට පියවීම, ඇස්‌ නෙරවා බැලීම, වරින් වර බැලීම,  ඇස්‌ අඩක්‌ වසා බැලීම,  ඇස්‌ සම්පූර්ණයෙන් විටක වැසීම,  ඉවත බලා සිටීම.

ඔහ්!!  ඩෑම්.. ඔයාලා ඔය හැම දිවියකටම බලන්න It's ok..  ඒත් I know  ඔෆිස් එකේ ඉන්න හැන්ඩ්සම් බෝයිස්ලා දිහා බලුවට ඔයාලා වැඩ පාඩු කරන්නේනෑ කියලා... And another thing එහෙම බැලුවේ නැත්නම් සමහර ජෙන්ට්ලිමන්ලා ගස්සාගෙන යනවා මෙයාලා කිසිම වැඩක් කර ගන්න වෙන්නේ නෑ....

හැබැයි රජෝ.. බොස් දිහා බලන්න එපා... බොස්ගේ  වයිෆ් ඔව්වාට ආසම නෑ...
(සිතෙන්: මාත් නෑ)



ඔකේ ladies දැන් අනිත් කැටගරි එක, යමක්‌ සිඹගැනීම, නාසය අකුලුවා ගැනීම, සුසුම් හෙළීම, ඔෆ්කෝස් you have to do these things  හුස්ම ගත්තේ නැත්නම් මැරිලා යයිනේ.. අනේනේ ප්ලීස්.. අපේ කම්පනි එකට ඒ තරම සල්ලි නෑ එක පාර ගොඩක් අයගේ ෆියුනරල් වලට  වියදම් කරන්න,  අනිත් එක.. නෙක්ස්ට්  මන්ත් මායි බොසුයි  ෆොරින් ටුවර් එක්ක යන්න  ඉන්න නිසා ෆන්ඩ්ස් සේව් කරන්න ඔනි..

  And next කට කොනින් සිනාසීම, තොල පිට පෙරළා සිනාසීම, කොක්‌ හඬලා හයියෙන් සිනාසීම, තොලින් තොල පටලැවීම, බොරුවට කැස්‌සක්‌ ඇති කරගැනීම, දිව දික්‌කිරීම, දිව සපමින් සිටීම, දිව ඒ මේ අත නැටවීම, කාරා කාරා එය යටපත් කිරීම, රෙද්ද නැවත නැවත ඇඳීම ( ඩ්‍රෙස් එක ඇරේන්ජ් කිරීම සහ මේකප් නැතව නැවත දැමීම ),  පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම ඔහ්!!  මයි ගෝඩ් ( බොස් ;) )  ඇත්තටම මයි ඩියර් ලේඩීස් Do  have you time to do these things ?

නෑ මමනම් පිළි ගන්නේ නැහැ.. මම දන්නවා ඔයාලාට ඔව්වා කරනවාට වඩා කරන්න දේවල් ඔනි තරම් තියෙනවාද..  So මම මොඩරන් ටොපික්ස් ටිකකට යන්නම්..

දැන් කල්පනා කරන්න උදේම ඔෆිස් අව ගමන් ඔයාලා කරන්නේ මොනවද කියලා.  හස්බන්ඩ් ගෙයි බබාගෙයි  මදර් ඉන් ලෝ ගෙයි වැරදි කියනවා එක්කෙනක්.. ඔහ් නෝ....!! අනිත් කෙනා කියන්නේ එයාලාගේ හොඳ...

ඊලඟ දවසේ හොඳ කියපු කෙනා වැරදි කියලා වැරදි කියපු කෙනා හොඳ කියනවා....  Oh !! Shit.........  what a F**

Oh !! I apologize, sorry am so sorry, I forgot that  I have to be too professional .

(වතුර වීදුරුව පානය කර දෑගිලි වලින් නෙත් පොඩි කරගනිමින් මදක් නිහඬව සිටී)


And next ඔෆිස් එකේ ඉන්න ජෙන්ස්ලාගේ වයිෆිව ක්‍රිටිසයිස් කරන්නත් ඔයාලා  ටැලන්ට්ටඩ්නේ, .. අන්න ඒ ටැලන්ට් එක ඔයාලා ගන්න ඔන අපේ කම්පනි එක පැත්තෙන් ඇඩ්වාන්ටේජ් එකකට, If  you are smart :  try to criticize  our competitors, in front of  කස්ටමර්ස්,

And always be ජෙලර්සී... හැමෝටම  ඒත් not  to me ( වෙරෝනිකා දෙසට දෑස් සහ දඹරැඟිල්ල දිගුකොට) මම දන්නවා ඔයාලා මටත් ජෙලස් කියලා.. Who cares…. (සමව්වල් සිනාවක් මුවට නඟා ගනිමින්)  මම තවත් දන්නවා මට ජෙලස් වෙන්නේ coz  am too smart (සෙකට්‍රි නිල ඇඳුමේ කොලරය අතින් සකසමින්) ,
 ඇන්ඩ් ඔල් සෝ... ඔයාලා මට ජෙලස් වෙන්න වෙන්න මම ප්‍රවුඩ් වෙනවා. සෝ ප්ලීස් ස්ටොප් දැට්.

ඇන්ඩ් මිසිස් ග්ලැරීඩා. දිස් ඉස් පර්සනල් බට් අයි හැවු ටු සේ..

මම ප්‍රෙජෙක්ට් ABC එකෙන් අයින් උනේ මට එතන ඉන්න ඔනි නැති නිසා.. අයි ටෝල්ඩ් බොස් , දැට් අයි කාන්ට්. ඔයා ඒකට පස්සේ ඔළුව දාගත්තාට හිතන්න එපා ඔයා ලොකු වැඩක් කලා කියලා.. මට පේන්න උඩ පැන්නාට මම දන්නවා  you can’t  act like me. Coz am smarter than you.

ඒ නැතත් ඔයා හිතනවාද  මිස්ටර් පෝල් එක්ක වැඩ කරන්න ලැබීම ඩිස්නි කැරැක්ටර් එක්ක ලැබුනු වැඩක් කියලා. No my  dear, මිස්ටර් පෝල් ස්මාර්ට්නම්. මේ මිස් සෙකට්‍රි කවදාවත් එයාව රිජෙක්ට් කරන්නෑ.

අනික මිස් වෙරෝනිකා. I have enough work other than searching  gossips about you .. Nothing to  search since you are acting publicly, And for me you a just a water balloon, with just one pinch you will blast. සෝ ප්ලීස් ඔයා ගැන මම බොස්ට කේලාමි කියනවා කියලා තැන තැන කියන එක  නතර කරන්න. 

(ආඩම්බරයෙන් කාන්තාවන් දෙස බලමින්: කාන්තාවන් කටවල් ඇරගෙන සෙකට්‍රි නංගි දෙස බලමින්)

මද නිහැඬයාවක්

Oh  my dear ladies…..  ( අවිහංසක කෝමල සිනාවක් මුවට නගා ගනිමින්)

ප්ලීස් ඔයාලාගේ ටැලන්ට් සේරම අපේ කම්පනි එකේ දියුණුවටම යූස් කරන්න. මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ.. මට බොස් එක අපොයින්මන්ට් එක්ක තියෙනවා.. මාව අහගෙන හිටියාට ස්තූතියි!! THANK YOU SO MUCH

Wish you a happy Ladies day 2012 !!

(ඔපිස් කාමරය පිරෙන්නට මහා අත්පොලසන්නාදයක් සමඟ විසිල් හඬ!!)

ප:ලී
  තොප්පි කියා දෙයක් නැත!! සියලු කාන්තාවන් තමා ගැන සිතා සිටිනා තරමටම ඔවුන් පරිපුර්ණ නොවන්නේය. ඔබ යහපත් පර්පුර්ණ ගැහැනියක්නම් ඉහත විවේචනයට ලක්කල දුර්ගුනයන්ගෙන් මිදිය යුත්තේ වන්නෝය..


සැමට සුබ කාන්තා දිනයක් වේවා


ප: ප: ලී

අයියෝ.. මීට වඩා  ලියන්න තිවුනා..  හය වෙලා නොදෑනිම :( 

Mar 4, 2012

My dear Edward | ආදරණිය එඩ්වඩ්



එව්ඩඩ් !! .... එඩ්වඩ් ෆයර්ෆැක්ස්  රොචෙස්ටර්, මීදුම් අතරින් ඇවිත් අසුපිටින් ඇවිත් මා ඉදිරියේ ඇද වැටුණු ඔබ, මද අඳුරේ නඟරය දෙසට යමින් හිටපු මාව පේත්තුකාර බැල්මකින් රිදවලා ආඩම්බරකාර කතා කියපු ඔබ,

මම බලාපොරොත්තු වුනු  මාන්නක්කාර   නිවැසිප්‍රධානියා  එලෙසින්ම මවා පෙන්නපු රදළ කුලයේ මාන්නක්කාර ඉඩම් හිමියා එඩ්ඩඩ්!! කහපාටින් දැල්වෙන් ගිනිඋදුනට මුහුණ ලා මට පිටුපා හිටිය ඔබ.  දුඹුරුපාට ගුප්ත ඇස් වලින් කෙලින් මාදිහා  බලාන මා තේරුම් ගන්න උත්සහ කලා ඒත් මම ඔබේ දුඹුරු ඇස් ඉස්සරහා බිය උනේ නැහැ. පුංචි ප්‍රංශ කෙල්ලට උගන්වන්න ඔබේ නිවසට ආපු ගුරුවරිය මම, ඔබේ මාන්නක්කාර කතා ඉස්සරහා සෘජු ඇස්වලින් ඔබ  දිහා බලා උන්නු තරුණ අනාථ ගුරුවරිය මම ,

ගුප්ත අඳුරු නිවස පුරාවට ඔබ ඉන්නවා බවට සලකූණු පෙන්වමින් දහවල ගත  කරන ඔබ අඳුරු රාත්‍රියේ ගිනි උඳුන අසල මත පැන් වීදුරුව සමඟ  ජීවිතේ දුක සැප කතා කරන ඔබ. මත් මතින් දොඩමලුව තමා කඩවසම්දැයි මගෙන් ඇසුව ඔබ.. එඩ්වඩ්!!

ජීවිතේ කිසිම දිනක ඔබවන් ස්වාමියෙක්  නොපතපු මාව ඔබේ මනාලිය වන තැනට අසරණ කරන්න කොයි  තරම් නම් මායම් කලාද මගේ තරුණ හිත ගාව.

රදළ යුවතියන් සමඟ රඟමින්.  ඔවුන් ඉදිරියේ මා සමච්චල් කරමින්. ආඩම්බර කාර ඇස්වලින් මාගේ හිත අසරණ කරපු ඔබ..

එක හීතල හැන්දෑවක පොඳ වැස්සේ තෙමෙන් ගමන් මගේ ආදෙර් ඉල්ලපු එඩ්වඩ්, සුදුපාට  මඟුල් ඇඳුමෙන් සැරසුනු මාව මනාලිය කර ගන්න හීන දැකපු එඩ්වඩ්!!

ඒ ආඩම්බරකාර  දුඹුරු පාට ඇස් දෙකේ දිස්නය අහිමි වෙලත් මගේ උණුසුමින් මාව අඳුන ගන්න පුළුවන් තරමට මගේ හුස්ම පොදට ආදරේ කරපු ආඩම්බරකාර එඩ්වඩ්!!

මම ඔබේ ආදර ජේන්.




එඩ්වඩ්!! .......යෝර්කී රාජකීය පෙළපතේ ඔටුන්න හිමි 4වැනි  එඩ්වඩ් රජු. රාජකීය පැලැන්තියේ සිරිත් විරිත් පාගගෙන  ශ්‍රීමත් ජෝන් නයිට් වරයාගේ බිරිඳව අගමෙහෙසිය කරගත්...  රාජකීය අනංගයා.  එළිසබෙත් වුඩ්විල් රැජිනට රහසින් මගේ සෙනෙහස හොයාගෙන ආපු ආදරණිය පෙම්වතා..

ආදරණිය එඩ්වඩ්!!    වංශවත් ඉංග්‍රීසි නයිට් වරුන්, සාමි වරුන්,  මගේ ආදරේ පතාගෙන මගේ රෑපයට වශීවිගෙන මගේ අත පතදද්දි  ලන්ඩනයේ උදවිය මට කිව්වේ ලන්ඩනයේ රෝස කුසුම කියලා.

විවාහය ආදරය මායිම් නොකරපු මම විවාහ උනේ  වසර පහලොවක් වැඩිමහළු විලියම් සමඟ.. මගේ මනමාලයා ඔහු රන් කරුවෙක්,  ඒත් මගේ විවාහය ලන්සුවට තිබ්බේ ඔබේ ප්‍රංශ සංචාරය නිමවීමත් සමඟ එඩ්වඩ්, මම ඔයාට ආදරේ කලා වශි උනා.

මතකද ඔබ මා  ගැන කල හැඳින්වීම.

"ඇසුරේදී මන බඳින ඔනෑමදෙයකට ඉක්මනින් බුද්ධිමත් පිළිතුරක්  දීමට ඉවක් ඇති ගැහැණිය, ...... එසේම... ප්‍රීතිමත්ම , බුද්ධිමත්ම.. ජූජනීයම පෙම්වතිය..... "

මට එහෙම ආදරේ කරපු  ඔබ අවසන් හුස්ම හෙලුවේ මගේ ජීවිතේ අදුරක තනි කරලා බව ඇත්ත... ඔවුන් මට වෛර කලා.. ඔබේ පුතා ජූනියර් එඩ්වඩ් අවුරුදු පහක පොඩි එකා.. ඔබේ බිරිඳ එළිසබෙත් වුඩ්විල්..

ඔවුන් මාව සිරගත කලා.. ප්‍රසිද්ධ වෛශ්‍යාවකට මෙන් දඩුවම් කලා.. ඉරිදාවක ගල් බොරළු සහිත මාවතක සැහැල්ලු කබායක් සහ යට ගවොමක් සමණක් හැඳ ඉටිපිහනක් අතැතිව යන්න නියම කලා.. ඒ එඩ්වඩ් මම ඔබට ආදරේ කරපු පාපයට... ඒත් මම ලන්ඩනයේ රෝස කුසුම විදියට ඒ  දඩුවම ආත්මාභිමානයෙන් විඳදරා ගත්තා ඒ ඔබේ ආදරේ නාමයෙන්.. !!

මම ඔබේ ජේන් ෂෝ.



ප:ලි

මගේ හිතට වැදුනු නම් දෙකක් ඒ එඩ්වඩ් සහ ජේන්..

ඒ අය මට හුමුවුනු ආකාර දෙකක්.. මොහොතට ජේන් වෙන්න උත්සහ කලා පමණයි :) 


Dec 19, 2011

ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.


මහපාන්දර පටන්ගත් සිරි පොද වැස්ස නිමක් නැත. වැස්ස නිමවන තුරු සිටින්නට මට සිතක් නැත.. මුහුණට පුයර බිඳක් දමාගෙන හැඩවී මම ගෙයින් පිටවුනෙමි. කවදත් මා අශා කල රෝස පැහැති සුවිටරයත්  වුල් මෆ්ලරයත් මට උණුසුම  ගෙන  දුනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.

සිතල දෙසැම්බරය  වඩ වඩාත් සුන්දර කරවන නෙක පැහැති ඩේලියා මල් මාවත දිගේ මට සිනාසුනි..  සීතලෙන් පෝෂණය ලබන ඇත්තමේනියා , ඩේසි හා ජේබරාස් මල් හිහැහෙන අතර සීතලට දොස් පවරමින් රෝස සහ සමන් පිච්ච මල් සැගවී උන්හ.. එහෙත් වැට අද්දර කහ පිච්ච පඳුරේ අතරින් පතර මල් කිහිපයක් සීතල පරයා නැගි සිට මගේ මාවත් සරසන ලදි.  ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

වැස්සට සේදී ඔප ගැන්වුනු තාර පාරේ මින් පෙර දුවිලි බිඳක්හො තිබුනු බවට සලකුණක් නැත.. සැබැවින්ම එය බුමුතුරුණක් තරමට සුපිරිසිදුය. කළු පැහැති කාපට් ඇතිරු මාවත දෙපය යායම කොල පැහැයට හැරවී ඇත..  මසක් පමණ කලක් සිට නොනවත්වා වහින වැස්ස නිසා පෝෂණය වු පඳුරු ශාක මාවත දෙපසට නැවුම් සුන්දරත්වයක් එක්කොට ඇත. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

සීතල කපාගෙන පාළු පාර දිගේ පැමිණි බස් රථයට නැවතුම් සංඥාව දෙන්නට හකුලාගෙන සිටි සුරත දිගු කලෙමි. කම්මැලි ස්වරූපයෙන් පැමිණි බස් රථය කීරීස් හඬ නංවා මා ඉදිරි පිට නතර කරන ලදි. මා එයට නැඟුනෙමි.. බසය නැවත කම්මැලි විලාසයෙන් ගමන් අරඹිය. සීතලට ගුලිවි ගොළුවත රැකි නිහඬ මිනිසුන් සියල්ලම පාගේ රේඩියෝවේ වාදනය වන ගීතයන්ට සම වැදී උන්හ... “දෙතුන් වතාවත් ඔබ ඇමතූවෙමි.. සැප දුක සොයා බලන්න.. මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න.. “ ඉබේම වාගේ මම දුරකතනය ගෙන බැලුවෙමි. නිහඬ සිතිවිලි සේම දුරකතනයද නිසොල්මනේ විය. මාද අන් අය සේම සංගීතයට සමවැදී උන්නෙමි. උද්භිත උද්‍යානය අසලින් පිටුපස අසුන් වල සිටි ජෝඩු කිහිපයක් බසසෙන් බැස්සෝය. මා ඔවුන් දෙස බැලුවේ සීතලෙන් ගල් ගැසුනු සිතිවිල්ත් සමඟයි. මන්ද.. මෙවන් වු කම්මැලි සීතල දිනයක කොයිතරම් සුන්දර වුවත් විවෘත උද්‍යානයක ඇවිදින්නට මට නම් සිත් නොදේ...  වැව් ඉස්මත්තේද සීතල නොතකන සංචාරකයින් බයිසිකල් පදිමින් ඔබමොබ ඇවිදිමන් විනොද වෙමින් උන්නෝය. දුප්පත් ගොවියන්ට මින් පෙර තම හරකුන් සහ එළඵදෙනුන්ව පොෂණය කල තණ පිටිය අද සංචාරක පාරා දීසයක්ව ඇති අරුම බලා මම උදාසිනව උන්නෙමි.. කෘත්‍රිම මං මාවත් කාත්‍රීම ලී පාලම් නැතත් මින් පෙර මා දුටු වැව් ඉවුර , ගවයින් සහ පෝනියන්ගෙන් පිරී තිබෙන විට මීට වඩා සුන්දර ලෙස මට පෙනුන බව මතකය. එහෙත් දැන්  එය සුපිරි පන්නයේ වාහන වලින් පැමිනෙන දෙස් විදෙස් සංචාරයයින්ට උරුම වුනු සීතල පාරාදීසයකි. ... සිතිවිලි අතරේ සිටියදීම බස් රිය ගමනාන්තයට ලං විය. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

කුඩයට ඔරොත්තු නොදෙන හිරිපොද වැස්ස හමන්නේ සුලඟ සමඟ එක ඇලයකටය. ඉඳින් කොතරම් උත්සහ කලත් නොතෙමී සිටීම උගටහය. මා මෙන්ම වැස්සෙන් බේරෙන්නට පොරකන සීතල කබා පොරවා ගත් ගුප්ප මිනිසුන් අතරට මමද එක් වීමි. ඔරොත්තු නොදෙන සීතලට සහ පීඩාකාරි හිරිපොදට විරුද්දව නැඟි සිටින්නට මෙන් මිනිසුන් සුපුරුදු ලෙස තම තමන්ගේ රජ කාරි වල නිරතව උන්නෝය.. සයිවර් කඩය පහුකර යනවිට දැනුනු උණු වඩේ සුවඳ දිවගට කෙල බිඳුමෝදු කරවීය. එහෙත් හිස්ව  තිබුණු කුසට එවත් තෙල් සහින අහරක් නුසුදුසු බැවින් මම ගමන ඉක්මන් කලෙමි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

බේකරිය අසල උදෑසන පොරනුවෙන් ගත් පාන් බනිස් ආදිය පිරි කුඩා ලොරි රථය නවතා තිබුනි. සේවයකින් දෙදෙනකු සීතල පරදමින් එවා යුහුසුලුව රාක්ක වල අසුරමින් සිටියෝය. එළවළු සහ පළතුරු වෙලඳුන් ප්ලාස්ටික් පෙට්ටි වල ඇසුරු ද්‍රව්‍යයන් රැගෙන මධ්‍යම වෙළඳ පොල දෙසට ඇදෙමින් සිටියෝය. මාවත දිගේ ඇවිඳන් එන යුවතියන්ගේ ඇදුම් මොස්තර දෙස බලමින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

ස්ටෝබෙරි පෙට්ටියක් පුස් බයිසිකලයේ තබා ගත් වියපත් වෙළෙන්දෙකු දේශිය සංචාරකයින් පිරිසකට මැදිව උන්නේය. නියම ස්ටෝබෙරි රසය නොදන්නවුන් සේ ඔවුන් ඇඹුල් රසැති බාල ස්ටෝබෙරි අධික මුලදකට ගන්නට පොරබදිමින් සිටියෝය. ඒ දෙස බලා යමින් සිටි මම මල් කූඩයක් රැගෙන මල් කඩය වෙත යමින් සිටි කාන්තාවකගේ ඇඟේ නොහැපී බේරුනෙමි. ඇය සුහද ලෙස මා හා සිනාසුනේ ඇය අතවු සුන්දර මල් මිටියේ සිරි තවත් වැඩි කරමිනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

“සුභ උදෑසනක් පත්තර අයියේ.. මට රන්දිව අරන් තියන්න..“ මා පසුකරමින් කෑ ගසාගෙන ගියේ ඉදිරිපස කඩයක අයිති කරුවෙකි. ඔහු තම කඩය විවෘත කරන්නට දිවයන්නට ඇතැයි මම සිතුවෙමි.  බුලත් කොල වතුරේ පොඟවමින් අසුරන බුලත්වෙලෙන්දිය ගැන මෙන්ම සීතලේ ටයිප්රයිටරයත් සමඟ පදික වේදිකාවේ සිටින ලියන්නා ගැනද ශෝකි සිතිවිලි සිත පිරදේදි  මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

සීතල ඇඳුම් වලින් උණුසුම් වුනු දරුවන් අතරින් පතර පන්තිය පුරා විසිර සිටියෝය. ඔවුන්ගේ වෙනදා ජවය නැත්තේ සීතල විසින් ඔවුන් ගල් පිළිමයන් බවට පත්කර ඇති  හෙයිනි. වැඩිහිටි ළමුන් සඳහා වු මගේ පන්තියට ගෙඩවැදි ඔවුන් හා විශය කරුණු වල අතර මං උනෙමි. විවේක කාලය  රසවත් කලේ අපූරු කෝපි කෝප්යකිනි. පන්තිය නිමවා ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

මා දන්නා කල සිටම පාර අයිනේ  කෙටි ආහාර සාදන ලොරිය සුපුරුදු ලෙස එහි විය.  පුරුදු ලෙස ඔවුන්ගෙන් යමක් අම්මා වෙනුවෙන් මිලදී ගෙන යලිත් ගමන් ඇඹුවෙමි.  වැස්ස සැරවෙමින් තිබුනි.. සීතල මගේ මග අවුරන්නට විය. කෝපි කෝප්පයක් රස විඳිමේ ආශාවෙන් පෙලෙද්දි මා මිතුරු යුවලක් මුන ගැසුනි. ඔවුන් සමඟ අවන් හලට වැදි රස කතා සමඟ කෝපි කෝප්ය රස විඳ යලිත් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
සීතල දෙසැම්බරයේ පාළු හුදෙකලා මං මාවත් අතර තනි මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..

Dec 2, 2011

පාරෝ... ඔහ්!! පාරෝ..!!!

අද කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.. ලැබුනා කීවට බලෙන් වගේ ලබා ගත්තා එහෙම නැති උනොත් ස්පය්ඩර් මෑන් ඇවිල්ලා මේකේ පදිංචි වෙනවා.  හෙහ් එහෙම කොමද එයාට මේකේ පදිංචි වෙන් දෙන්නේ එයා දන්නවා යෑ මට තියෙන වැඩ. එව්වා ටික කර ගන්නත් මට වෙලාව නෑ උදේට ඉස්කෝලේ දුවනවා.. ඒකල්ලා අර දඟ මලු ටිකත් එක්ක යුද්දේ නටලා හවස එයාලාගේ උත්තර පත්තර ටික බලනවා.. (හෆු.. ඒක තමයි තනි ඇහැට ඇඬෙන සීන් කෝන් එක ඒක ගැන මම පස්සේ ඉතාම රසවත් ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා)

 ඉතින් හැන්දෑවේ 5 වෙනකල් ඒක කරලා එද්දි හයහමාරයි.. හනේ ඊට පස්සේ මල් තමා.... ඒකට මගේ ආසිරි මල්ලි නම් කියන්නේ අක්කිගේ මල්ටි ටාස්කිං කියලා. ඒ කොහොමද දන්නවද ෆෝන් එකෙන් කා එක්ක හරි කතා කර කර හරි හෙට් සෙට් එක දාගෙන බස් රේඩියෝ අහන ගමන් හරි.. බුකියේ කාත් එක්ක හරි වැට් කර කර  පාඩනුත් කරනවා.. ඒ අස්සේ තව මොකක් හරි වැඩක් සෙට් උනොත ඒකත් කරනවා.. සාමාන්යෙන් මොකක් හරි කෑමක් අනුභව කිරිම වගේ.. ඉතින් ඔන්න ඔය තරම් බිසී මම බොලොගේ පැත්තේ ටිකක් ආවේ නැහැ කියලා ස්පයිඩර් මෑන්ට පුළුවන්යෑ මේකේ පදිංචි  වෙන්න දෙන්න.


ඉතින් අද මම කියනන  යන්නේ මට හමුවුන තවත් චරිතයක් ගැන. එයා අපේ ඉස්කොලේ ටීචර් කෙනෙක්. ඇත්ත නම නොකියා මම එයාට පාරෝ කියන්නම් කෝ.. මොකෝ මේක දැක්කොත් හරි නෑනේ.. ;) මේක මම බුකියේ සෙයා කරන්නේත් නෑ කරුමෙකට හරි අපේ ඉස්කෝලේ ළමයෙක් ආවොත් හේම දුටු ගමන් දන්නවා කවුද කියලා... :)

ඉතින් පහුගිය දවසක මම හවස ක්ලාස් එකක් කරන ගමන් පොඩ්ඩක් ඔපිස් එක පැත්තට ගියා . එතකොට මම මේ කියන ටීචර් ප්‍රින්සිපල් සර් එක්ක බර කතාව.. සර් කියනවා ඒ ටීචර් උදේ ඉස්කෝලේ හිටියේම නැහැලු.. ටීචර් කියනවා එයා ආවාමලු.. මාත් ඉතින් පාඩුවේ පැත්තකට ගියා මොකෝ මට ඔවෑයේ වගක් තියෙනවා යෑ.. ඊට පස්සේ ආයි ටික වෙලාවකින් ළමයි අභ්‍යාස කරන වෙලාවේ මම 5 වසර පන්තියට ගියේ ඒකේ ඇසිස්ටන් ටීවර් එක්ක කයියක් දාගෙන ඉන්න... අනේ දෙවියනේ යනකොට අර මම කියපු ටීචරුත් එතන.. මම කෝමත් සෙට් එකක් එක්ක කෝපි කඩ දාන්න නොයන නිසා හෙමින් ආපහු හැරුනා.. එතකොටම අර ටීචර් මගේ පස්සෙන් දුවන් ආවේ නැතෑ.. ආනේ ටීචර් මම ඔයාව තමයි හෙව්වේ කියාගෙන.. මාත් ඇහුවා ඇයි කියලා.. බලද්දි මගේ පෙන් ඩ්‍රයිව් එක ඉල්ලන්න.. ඒක දීලා කොමැයි මගේ 10GB සින්දු කලෙක්ෂන් එක තියෙන්නේ ඒකෙනේ. මම ඉතින් ඇහුවා මොකක්ද ටීවර් කරන්න තියෙන්නේ කියලා ඉතින් කියපි... උදේ ආවේ නෑ ගෙදරදි පේපස් ටයිප් කරලා පේපස් ටික ඊමේල් එකේඇටෑච් කරලා තියෙනවා. ඔෆිස් එකේ නෙට් ස්ලෝ නිසා බාගන්න බෑ ගෙදර ගිහින් ඒ ටික දාගෙන එන්න ඔනි  කියලා... 

මට ඉතින් මගේ පෙන් ඩ්‍රයිව් එක ගෙදර ගෙනියන්න දෙන්න බෑනේ ඉතින් මම කීවා යමු  IT ලැබ් එකට මම ඩවුන්ලෝඩ් කරලා ඔපිස් එකේ මැසිමට ගෙනත් දාන්නම් කියලා.. ඔන්න ඉතින් යතුරත් ඉල්ලගෙන ගියා දෙන්නම  IT ලැබ් එකට සර්වර් දාලා රවුටර් ස්විච් එහෙම ඔන් කරලා නෙට් හදාගෙන මැසිමත් ඔන් කරලා ජී මේලට ඔපන් කරලා යුසර් නේම් එකත් ටයිප් කරලා පාස් වර්ඩ් එක ගහන්න කියලා දුන්නා.. ඒකත් ගැහුවා කියමුකෝ.. ඊමේල් 3ක් තියෙනවා ජී මේල් ටීම් එකෙන්, හෆු.. ඒක හැදුවටම පස්සේ ලොග් වෙලා නෑ.. ඒකේ ඇති පේපර් එකක් නෑ.. මම ඇහුවා කෝ ටීචර් පේපස් ටික කියලා..

"No teacher still I did't type even a single word"

අනේ ඉතින් @#$^&&*((&&^^$%$ @#$% මට ඒ ටීචර්ගේ දෙමාපියන් සිහි වුනා මම ක්ලාස් එකත් පැත්තක දාලා විනාඩි 15කට වඩා නාස්ති කරන්න කලින් ඔය හරුපෙ කියන්න තිබුනනේ කියලා.. ඊට පස්සේ ඉතින් මම ඒ ටිචර්ට ටයිප් කරන්න හෙට උදේට මම ඔපිස් එකේ මැසිටම දාලා දෙන්නම් කියලා හෙමින් සැරේ මාරු උනා. 

මම ඔක මාත් එක්ක වෑන් එකේ යන එන ටීචර්ට කියද්දි ඒ ටිචර්ට හොඳටම හිනා.. පාරෝ ටීචර්ගේ රස කතා ගොඩක් ඒවෙලාවේ මා එක්ක කිව්වා දැන් එව්වා මට මතක් වෙන්නේ නෑ හප්පා..:( 
හැබැයි ඉතින් මම දැන් කරන විස්තරෙ කියෙව්වම පාරෝ ඔයාලා ඉස්සරහා මැවිලා පෙනයි. 

ඇස් පියාගෙන මවාගන්න ට්‍රයි කරනනකෝ මම මේ කියන විදියේ කෙනෙක්ව..(හෝ හෝව්!! මෙක කියවලා ඇස් පියා ගන්න) 

උඩරට කුල කාන්තාවන්ගේ ඇඳුම.. ඔසරිය ඇඳලා.. ඒකත් අත් දිග හැට්ට වලට, සාරියට යටින් දිග ඩාන්සින් ජීන් එකක් ඇඳලා.. ඔසරි නෙරිය ලඟින් ඉන පේනවට ඇතුලෙන් තවත් ඇඳුමක් ඇඳලා. මුස්ලිම් යුවතියන් දාන ස්කාෆ් එකක් දාලා.. කකුල් දෙකට සපත්තු දාලා ඉන්න කෙනක් මවාගන්න ට්‍රයි කරන්නකෝ... දැන් මෙයාගේ මුණ මුසලිම් එතනින් ගියාම ශරීරය උඩරට සිංහල, කකුල් දෙක වෙස්ටන්..  කොමද ඉස්ටැයිල් එක.. හික් හික්.. මට නම් හිනා යනවා අලෝ.....

විහිලුවට නෙවෙයි යාළුවනේ ඒ ටීචර් අඳින්නේ එහෙම.. ඒ ඇඳුම නිසාම ඉස්කෝලේ එයා චරිතයක් වෙලා ඉන්නේ.. මමත් තාමත් කල්පනා කරන්නේ ඇයි එයා එහෙම අඳන්නේ කියලා.. දන්න හැටියටනම් එයා බැඳලා ඉන්නේ සිංහල කෙනක්වලු.. හැබැයි මම හිතන්නේ ඒ ටීචර් මටත් වඩා අවුරුදු දෙක තුනක් බාලයි..

ඉතින් මේ ටීචර් ඔය ඇඳුම ඇඳලා දණහිස ලඟට දිග ලෝගුවක් වගේ ජැකට් එකක් දානවා.. යා.. යා..  ඩ්‍රැකියුලා දාන ජාතියේ එකක් තමා.. ඔකත් දාගෙන ඉසකෝලේ එන්නේ නවයට නවය හමරට විතර හැබැයි ඉතින් එයාගේ ගෙදරට ඉස්කෝලේ ඉඳන් මීටර් දෙසීයක්වත් දුර නැහැ.

 හෆු... මුනේ හිනාව... උදේම පළවෙනි පීරියඩ් එක ඉවර වෙද්දි එයා එනවා ඒ හිනාවත් එක්ක.. හැබැයි ඉතින් දිනපතා ප්‍රින්සිපල් සර්ගේ බැනුම් මුරේ ඇහුවම මුණ ආයි ස්ටෝබෙරි වෙනවා. 

ඔන්න දවසක් අපේ ටීචර් කෙනෙක් ඔපිස් එකට යනකොට අපේ ඩිරෙක්ට්‍රස් මැඩම් පාරෝ ටීචර් එක්ක කතාකර කර ඉන්නවලු...

"පාරෝ හැමදාම ඔයා එන්න පරක්කු වෙනවා නේද?"

" නෑ මැඩම් මම හැමදාම අටයි කාලට එනවා.." 

@@## හි.... හි... මැඩම් මොනවද කියන්නේ කියලා අහන්නවත් ඒ ටීචර්ට වෙලාවක් නෑ.. හිනාව හිර කරගෙන ටීචර් ඔපිස් එකෙන් එළියට දුවගෙන ඇවිල්ලා.. ඇයි හත් දෙයියිනේ අටට පටන් ගන්න ඉස්කෝලේට අටයි කාලට එන එකත් පරක්කු වීමක් කියලා මෙයාට තේරෙන්නේ නැති හැටි..

ඔන්න ඉතින් මට තව කතාවක් කියන්න මතක් උනා..  අපේ මියුසිකල් ෂෝ ප්‍රැක්ටිස් දවස් වල  කොයර් ප්‍රැක්ටිස් කලේ අපේ පාරෝ ටීචර් ඉතින් ඔකේ උගුරෙන් සින්ග් කරන කොටසක් ප්‍රැක්ටිස් කරන්න ගිහින් ටීචර් ලමයින්ට කිව්වලු කට ඇතුගට අත දාගෙන සින්දුව කියන්න පුරුදු වෙන්න කියලා.  ඔය අස්සේ ඇවිත් අපේ දෙක වසරේ ටීචර්ට කතා කරලා ප්‍රැක්ටිස් වලට උදව් කරන්න එන්න කියලා ඉතින් අපේ දෙක වසරේ ටීචර් කිව්වලු පන්තියේ ළමහයි වැඩ නිසා එන්න විදියක් නෑ කියලා... ඒ ගමන මේ ටීචර් කියනවලු

"ටීචර් ඔයාට හොඳට සින්ග් කරන්න පුළුවන්නේ ඔයා මෙන්න මේ වගේ කට ඇතුලට අත දාන්නකෝ" 

 කියලා එයා කට ඇතුලට අත දාලා පෙන්නුවාලු.. අනෙ අර ටීචර්ට නේද මලේ මල් හත හත පැනලා.. අපිත් එක්ක කියනවා..

"මට මොලේ අමාරුවක් තියනවට යෑ කට අස්සේ අත දාන්නේ@#$%^%$$##@" කියලා.

කොහොම කොහොම හරි ඔය ප්‍රැක්ටිස් ඉවර වෙලා අන්තිම දා පෙර පුහුණුව වෙලාවේ උස ළමයි කිහිපදෙනක් ඉස්සරහා පේලියට දාලා පොඩි ළමයින්ව පිටිපස්සට දාලා ළමයි පේලි ගස්සලාලු ස්ටේජ් එකේ... ඔන්න දැන් මැඩම් ඇවිත් කියනවලු..
"උස ළමයි පිටි පස්සට දාන්න කොට ළමයි ඉස්සරහට දැන්න නැත්නම් කැතයිනේ" කියලා.... අනේ ඉතින් මෙන්න මෙයා කියපි. 

"I am not considering the height madam I am considering voice"

කියලා... අනේ ඉතින් කොහොම හරි මැඩම්ගේ වචනෙට අන්තිමේ උසේ පිලිවලට ළමයි ටික පෙල ගස්වලා තිබුනා...

ඔන්න ඔය වගේ ඇම්ඩා වැඩ කරන මේ ටීචර් ගැන අදත් අපි ටිකක් කතා කරලා ලේ ටික පිරිසිදු කර ගත්තා.. ඔය අතරේ.. ටිචර් කෙනෙක් කියපි 

"පව් ඉතින් පාරෝ.. ඔය වගේ හැසිරෙන්නේ මොකක් හරි ප්‍රශ්ණයක් ඇති එයා මැරී කරලත්නේ ඉන්නේ.."

ඒක අහන් ඉඳලා තව ටිචර් කෙනක් කියපි " yes..... yes..... she is having a  problem.......... :D :D  her husband is not coming home in the night"

සිනා සාගරේක ස්ටාෆ් රෑම් එක පිරෙද්දි තවත් ටීචර් කෙනෙක් ඔකට පොහොර දාපි.. ඔව් අනේ එදා කියනවා "two nights he wont come" පව්.. ඇස් වල කඳලුත් තිබුනා" කියලා..... ;)




ඔය අස්සේ මමත් හොඳම විහිලුවක් කරලා... ළමයගේ පේපර් එක පැත්තක තියලා මාර්කිං ස්කීම් එකේ හරිදාගෙන දාගෙන ගිහින් බලද්දි ළකුණු 100න් 100යි :) :) 

හිනා වෙලා බඩ රිදෙන කතාව පැත්තක තියමු කෝ කෝම කෝම හලි මම හෙමින් මාරු උනා.. වැඩිහිටියන්ගේ කතා මැද පොඩි හිටි මම මක් කරන්නද  කියලා හික් හික්...