Jul 21, 2018

දරුවා සමඟ කාලය ගත කරන්න.




දරුවා හඳුනා ගැනීම ලිපි මාලාවේ දෙවැන්න, අද අපි කතා කරමු පොඩ්ඩෝ එක්ක කාලය ගත කරන්න පුළුවන් කොහොමද සහ එය දරුවාගේ මානසික වර්ධනයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක.
ඇතැමි විට රුකියාව නිසා, නැතිනම් ගෙදර දොරේ වැඩ කටයුතු නිසා අපි දවසේ බොහෝ වේලාවක් කාර්‍යබහුලයි. ඒ වැඩ අධික කම නිසාම සාමාන්‍ය කෙනෙක්ගේ කෝප ගැනීමේ සම්භාවිතාවයත් ඉතා ඉහලයි. “ඉහට උඩින් වැඩ මේ ළමය ඇඟේ එල්ලිලා” කියලා දෙමව්පියෝ චෝදනා කරන වාරත් අනන්තයි. ඒත් ඔබ දන්නවාද? ඔබේ දරුවා ඒ සොයන්නේ ඔබේ උණුසුම බව? ඔබේ ආදරය සහ දයාව බව? “your child always seek for your love and affection”.
එලෙස ආදරය පතා එක දරුවා ඔබේ කාර්‍යබහුල බව ඔබෙන් දුරස් කර තබනවාද? . එසේනම් අද සිට මේ පියවර අනුගමනය කර බලන්න.
 දවසේ එදිනෙදා කටයුතු දරුවා සමඟ කරන්න.
උදාහරණයක් ලෙස, උදෑසන අවදි වීමෙන් පසු ඇඳ සකස් කිරීමට කොට්ට පිළීවෙලට තැබීමට දරුවා සම්බන්ධ කරගන්න. කුස්සියේ රජාකාරිය කරන විට දරුවාද සම්බන්ධ කරගත හැකි ක්‍රියාකාරකම්හීදි දරුවාටත් රාජකාරී පවරන්න.(ශීතකරනයෙන් යමක් ගෙන ඒම, බෝංචි වැනි එළවළු පිරිසිදු කිරීම.....) නිවස පිරිසිදු කිරීමේදී දරුවාගේ සෙල්ලම් බඩු පිළීවෙලට තැබීම දරුවාට පවරන්න.
සැමවිටම නිවසේ එදිනෙදා කටයුතු දරුවාගේද වගකීමක් බව ඔහුට හෝ ඇයට දැනෙන්නට හැරීමෙන් දරුවා වගකීම බාරගැනීමෙන් අනාගතයේදී බැබලෙන තරුවක් වනු නියතයි.
 දරුවාගේ ක්‍රියාකාරකම් වලට ඔබත් එකතු වෙන්න.
දරුවා සෙල්ලම් කරන විට, ස්නානය කරන විට, කෑම කන විට ඔබත් ඔහුට හෝ ඇයට එකතු වෙන්න. දරුවා සමඟ ගීත ගායනය, අත්වැඩ ක්‍රියාකාරකම් වැනි සියල්ලට ඔබට හැකි උපරිම දායකත්වය ලබා දෙන්න. පාසල් වයසේ දරුවෙකු සමඟ නම් ඔබට ඔවුන්ගේ පාඩම් කටයුතු සමඟ එක්විය හැකියි.
 වීවේකී දිනයක දරුවා සමඟ බැහැරට යන්න.
මසකට හෝ වතාවක් විවේකී දිනයක දරුවා සමඟ ළමා උද්‍යානයකට, මුහුදු වෙරළකට හෝ නැදැ නිවසකට හෝ රැගෙන යෑමෙන් දරුවා ඒකාකාරී බවින් මිදී අළුත් අත්දැකීම් ලබා ගනු ඇති.
 දරුවා නිදා ගන්නේ වෙනමනම් සතියකට වතාවක් හෝ ඔබත් දරුවා සමඟ නිදාගන්න. ඔහුට හෝ ඇයට ඔබේ උණුසුම අත්විඳින්නට අවස්ථාව ලබා දෙන්න.
 දරුවාගේ විනෝදාංශයට ඔබත් එක් වන්න,
උදා හරණ: පොත් කියවීම, මුද්දර එකතු කිරීම, මල් පැළ සිටුවීම...

Image result for spend time with kids
ඉතාමත් වේගයෙන් ගතවන කාලය ගෙවී ගිය පහු වැඩිහිටි වන දරුවන් නැවත මෙලෙස සුරතල් නොපෙන්වනු ඇත. අද ඔහු හෝ ඇය ඔබ ගෙන් සොයනා උණුසුම නොසොයනු ඇත. ඔබේ දරුවාගේ මේ දිනය මේ මොහොත නැවත ගන්නට බැරි අගනා මොහොතකි. සැම තත්පරයක්ම ආදරණිය මතකයක් කරවීමට හැම විට දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන්න

Jul 20, 2018

ඔබේ දරුවාව හොඳින් හඳුනාගන්න


ඔබට දරුවන් කීදෙනෙක් සිටිනවාද? එක්අයෙක්? දෙදෙනෙක්? හෝ ඊට වැඩි ගනනක්? කේසේ උවත් පවුලේ හා මිතුරු මිතුරියන් ගේ දරුවන් හා සසඳන කල සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස් බව ඔබ නොදන්නවා නෙවේ. දරුවන් සීයයක් අධ්‍යනය කල විට ඔවුන් සිය දෙනා සිය ආකාරයක් බව පැහැදිලිව හඳුනාගත හැකියි.
මවගෙන්, පියාගෙන්,සහෝදර සහෝදරියන්ගෙන්, ආච්චි හා සීයානේ සමීප අනෙකුත් නෑදෑයින්ගෙන් දරුවා සෑම විටම වෙනස් පුද්ගලයෙකු බව සිතන්න. ඔහුට හෝ ඇයට සැමවිට ඔවුන්ගේ ආකාරයට සලකන්නට පුරුදු වෙන්න. උදාහරණයක් ලෙස නිවැසියන් සියලු දෙනාම මස්මාංශ අනුභවයට කැමැත්තක් දැක්වුවත් දරුවා එය අප්‍රිය කරයි නම් එය දරුවාගේ කැමැත්ත බව තේරුම් ගන්න. ඒවෙනුවට ආදේශක ආහාර දරුවාට ලබා දෙන්න.
ඔබේ දරුවාව හොඳින් තේරුම් ගැනීම තුලින් ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවයන් නිසිලෙස සපුරාලීමටත් එමගින් දරුවාගේ මානසික වර්ධනය නිවසතුලදී යහපත් ලෙස පවත්වාගෙන යාමටත් හැකිවනු ඇත.

Image result for understanding child
දරුවා නිසි ලෙස තේරුම් ගැනීමට පහත සරළ ක්‍රම අත්හදා බලන්න.
💖දරුවා සමඟ කාලය ගත කරන්න.
💖දරුවා කොතරම් සංවේදීදැයි හඳුනාගන්න
💖දරුවාගේ හැඟිම් සංවේදනාත්මකව සලකන්න (දරුවාගේ ඇසින් දකින්න)
💖දරුවාගේ වර්ධනය සම්බන්ධ ලිපි පොත් පත් කියවා අධ්‍යයනය කරන්න
💖සම වයසේ දරුවන් දෙස බලා අදහස් ලබා ගන්න
💖දරුවා සංනිවේදනය කරන විට ශබ්ද ලීලාව(tone), ශරීර භාෂාව (body Langage) හා අභිනය (expression) හොඳින් අධික්ෂණය කරන්න.
💖දරුවන් එකිනෙකටෙ වෙනස් ලෙස භාව ප්‍රකාෂණයන් දක්වන බව හඳුනාගන්න.
💖දරුවාගෙන් නිවැරදි ලෙස ප්‍රශ්ණ අසන්න. නිවැරදි වචන කතා කරන්න.
💖දරුවාට අධික ලෙස අවාධානය ලබා දෙන්න. ඒ බව දරුවාට හැගෙන්නට දෙන්න.
💖දරුවාගේ පරිසරය හා මිතුරු මිතුරියන් පිළීබඳ අවධානයෙන් සිටින්න.
ඉහත සියලුම ක්‍රමයන් පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීම් ඉදිරි ලිපිවලදී බලා පොරොත්තු වන්න.