Showing posts with label මට එරෙහි මම. සිහිනය සියැසින්. Show all posts
Showing posts with label මට එරෙහි මම. සිහිනය සියැසින්. Show all posts

Feb 9, 2012

නිහඬ වුනා මම මොහොතකට



මන්දාරම් වැස්ස එදා වගේම වහිනවා. ඒ වැස්සේ තෙමි තෙමී නටපු පුංචි කෙල්ල අදත් ඒ වැස්සට තෙමෙනවා.. එදා වැහැපු වැස්සමයි.. එදා දැනුනු සීතලමයි. .. ඒ හිරිකඩමයි.. ඒ හිතමයි..


සිත දුවයි පන්සල් මාවතේ...
නෙතු සැලෙයි සිතිවිලි මාරුතේ...
මං සොයද්දී ජිවීතේ...
මඟහැරී මල් වසන්තේ..


හෙම්බත් වුනු සිතුවිලි වලට විරාමයක් දෙන්න මොහොතක් නිහඬ වුනා මම මොහොතකට .. ඇස් දෙක පියාගෙන.. හිතට සැහැල්ලුවේ පාවෙලා යන්න ඉඩ හැරියා.. ඒත් වගකීම් වලින් බරවුනු හිත එතනමයි... නෑ කිසි නිවනක්....


සින්දු කිරිල්ලී පියඹා ඒවී හන්තානට.... ඒත් අද නොවේ!!! නුදුරු දිනෙක.....

Feb 5, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 5 කොටස

දැඩි සීතලෙන් දෙපා හිරි වැටෙද්දි කේතකී පොරෝණය තුලට තව තවත් ගුලි වුවාය. පාන්දරම හන්තාන නිම්නය වැසි දෙව්දුවට යටත් වි ඇත. සති අන්තය පටන් ගත් බැවින් කේතකී පෙර දින රැයේ නිදි යහනට වැටුනේ සෑම සිකුරාදාවකම සිතට දැනෙන අපුරුතම සැහැල්ලු බවත් සමහිනි. රැය ගෙවී යනවා ඇයට නොදැනෙන්නට ඇත්තේ නින්ද සුවපහසු වු නිසාම විය හැක.

හන්තාන නිම්නයට වැසි වැටෙන පාන්දර යාමයේ සුන්දරත්වය වචනයෙන් කියනවාට වඩා විඳය යුත්තකි.  මීදුම් තිරයෙන් වැසී ගිය හන්තාන කන්දත් හැල්මේ ගලායන මහවැලියත් සිප හමා එන සීතල සුළං කැරලි ජනෙල් වීදුරුව මෙපිට සිට කේතකීට සුන්දර හිරිහැරයක් කරයි.

මෙවන් වැහිබර පාන්දර යාමයක දැනෙන දැඩි නිදිබරබව කේතකී කවදත් ලෝබකමින් වැලඳගත්තකි. පොරෝනය තුල සිටි බූල් වලස් පැටියා ලයට තුරුළු කරගත් ඇය දෑස් පියා යලි නිදන්නට වුවාය. පසුබිමින් ඇසෙන වැසි බිදිති වල ගීතවත් නාදය සහ වැහි සීතල විසින් නින්දත් නොනින්දත් අතර වු සුන්දර මිටියාවතක කේතකීව අතරමන් කොට තිබුනි.

ඒ මිහිරියාව විසින් තද නින්දකට ඇද දමනු ලැබූ කේතකී අවදි වුයේ උදෑසන නවයත් පසුවු පසුය.  ලාහිරු රැස් වියැකී  සැඩ හිරු රැස් කෙමෙන් කාමරයට එබෙද්දී  ඇයජනෙල් තිර මෑත් කර ආලෝකය වින්දාය.

ආ...නේනා හාමු නැගිට්ටද... මම මේ ආවේ පස්ස පැත්තට දෙකක් දීලා ඇහැරවන්නසකුන්තලා කාමරයට එබෙමින් කීවාය.

ගුඩ් මෝනිං ලොකු බබා..හ්ම්ම්ම්ම්ම්ම්.. කම්මැලියි අනේ....දෑත් දෙපසට විහිදා කම්මැලි ස්වරූපයක් මවමින් කේතකී කීවාය.

කම්මැලි කම යන්නත් එක්ක අන්න ආත්තම්මා කොළ කැඳ හඳනවා ගිහින් උදව්වක් කරන්න.. මම ගේ අතුගානකල්.. කේතකීගේ කාමරය තුලට පැමිනෙමින් සකුත්තලා කීවාය.

අම්මී ඔය හදන්නේ මගේ කාමරෙත් අතුගාන්නද.... කේතකී කලබලයෙන් ඇසුවාය.

ඔව්.... ඇයි??සකුන්තලා පුදුමයෙන් කේතකී දෙස බලා සිටියාය.

න්....නෑ අනේ... මම පස්සේ අස්කරලා අතුගාන්නම් කියලා උන්නේ.. පොත් රාක්කේ අස් කරන්න ඔනි..

අපෝ.. මේ.... ඔයා කම්මැලි කමේ අස් කරනකල් මට ඉන්න බැහැ සුදු.. මම අතුගාගෙන යන්නම් ඔයා පොත් රාක්කේ අස්කරලා ආයිත් අතු ගාන්න.... දැන් ගිහින් මුණ සොදගෙන ඇදුම් මාරුකරලා ඉන්න.. අප්පච්චිගෙන් බැනුම් අහන්නේ නැතිව...

සකුත්තලා අතුගාමින්ම කියද්දී, කේතකී තුවායත් රැගෙන කාමරයෙන් පිටවුනාය. කුස්සිය හරහා  යන අතරතුර, පහත් පුටුවක වාඩිවී කෑඳට කොළ තෝරත අතරම ගුවන් විදුලියේ ධර්ම දේශණයට සවන් දෙමින් සිටි පොඩී නෝනා හා සුපුරුදු ලෙස සුරතල් වුවාය.

අපෝ.... තාම මූණ සෝදලත් නෑ නේද.. එන්න එපා මාව ඉඹින්න.. යන්න මැණික මට මේ බණ කතාව අහන්න දීලා... පොඩී නෝනා කේතකීගේ ග්‍රහණයෙන් මිදෙමින් කීවාය.

ආ... හේමද... එන්න එපා ආයි මගෙන් කිස් ඉල්ලන්න... තලායි මම තලාම තලායි පොඩී එක්ක... බොරුවට පොඩි නෝනා දෙසට රවමින් කේතකී කුස්සීයේ දොරෙන් ලිඳ දෙසට හැරුනාය.

යසයි ගෑණු ළමයා මූණ සෝදන්න යන වෙලාව.. මිදුලේ උඳුපියලිය පලස මත සක්මන් කරමින් උන් නන්දන කේතකී දැක කීවේය. බයාදු සිනහවකින් අප්පච්චීට සංග්‍රහ කල ඇය ඉක්මන් ගමනින් ලිඳ වෙත ගියාය.

ලිඳ ලඟ පරිසරයේ සුන්දරත්වය  නිසාම  නිවාඩු දිනයන්හී මුහුණ සේදීමට කේතකීට වැඩි වෙලාවක් ගතවෙයි.. අනෙකුත් දිනයන්හී රාජකාරියට යෑමේ කලබලය විසින් ඇයට මගහැරෙන වින්දනය සති අන්තයේ ඇය රිසි ලෙස වින්දාය.

-**-

සුදු පුතේ අද මොකක් හරි විශේෂ වැඩක් දාගෙනද ඉන්නේ...

කේතකී ආපසු මුහුණ සෝදා පැමිනෙන විට සාලයේ පුටුවක හාන්සී වී පත්තරය බලමින් අන් අප්පච්චී ඇයව ඇමතුවේය

 “න්..න්නෑ අප්පච්චී....  සාලට මැද නැවතුනු කේතකී නන්දන දෙසට හැරී කිවාය.

ආ.. හොඳයි එහෙනම් ඇඳුම් මාරු කරලා , උදේට කාලා එහෙම එන්නකෝ අපි දෙන්නා පොඩි වැඩක් කරන්න... තම අතවු පත්තරයට මුහුණ ඔබාගත්වනම නන්දන කීවේය.

පාසැල් ගුරුවරයෙක් වු නන්දන බොහවින්ම නිහඬ පුද්ගලයෙකි. පාසලට නිමවී නිවසට පැමිනෙන වෙලේ පටන් කුමක් හො කාරියක නිරතව සීටිම ඔහුගේ පුරුද්දයි. ඇතැම් දිනෙක දහවල් කාලයේ නිදා ගැනීම හැරෙන්නට මොනයම් හෝ දෙයක් නොකොට නිකරුනේ කාලය ගෙවන්නට ඔහු නොකැමතිය. ඉඳ හිට පොතක් පත්තරයක් බැලුවද, ඔහු වඩාත් ප්‍රිය කලේ වත්තේ පිටියේ වැඩක් හෝ සකුන්තලාගේ කාරියට උදව්වීමටයි. එයින් නිවසේ කෑම පිසීමට ඇවැසි දර පලා සකස් කීරම නන්දන ආශාවෙන් කල කාරියකි.

උදැසත  තේ වෙනුවට අත්තම්මා පිළියෙල කල කොළකැඳ කෝප්පය පානය කල කේතකී සැහැල්ලු ඇඳුමක් ලාගෙන සාලයේ සිටි නන්දන සොයා ගියාය..

හරි අප්පචීචී.... ආවා.... නන්දන අසුන්ගෙන සිටි පුටුවේම අසුන් ගනිමින් කේකතී කීවාය.

ආ.. ආවද... අපි දෙන්නා අද සාලේ ටිකක් වෙනස් කරමු... හැමදාම එකම විදියට දැකලා එපා වෙලා.. පත්තරය හකුලා දමා පුටුවෙන් නැගිටිමින් නන්දන කීවේ නැවුම් ජවයක්ද සමඟයි. කේතකීද කැමැත්තෙන්ම හිස වනා අප්පච්චී අනුව නැගී සිටියාය. මාස කිහිපයකට වරක් ගේදොර බඩු භාන්ඩ අසුරා ඇති පිළිවෙල වෙනස් කිරීම නන්දන කවදාත් සතුටින් කල දෙයකි. බොහෝවිට කේතකී හෝ කේනුල ඔහුට උදව් කරයි.

අප්පච්චී සමහ එක්වී  පැය කිහිපයක්  ගතකොට සියලුම ගෘහ භාන්ඩ පිස දමා නැවුම් ලෙස සකසා නිම කල කේතකී  තම කිලිටි ඇඳුම් ද රුගෙන නැවතත් ලිඳ කරා ගියාය. දහවල් හිරු රුස් වලින් ලිඳ අවට උණුසුම වැඩි කරද්දී.. දිඹුල් ගස් අතරින් මතුවන නැවුම් දිය දහරින් සැනහුනු කේතකී දිගු වරලසින් ජලය වැස්සෙද්දීම සෝදා නිම කල ඇඳුම් අව්වේ දමා කෑම මේසයට වැඩි වුවාය.

දහවල් අහාරයෙන් පසු සුපුරුදු ලෙස සකුත්තලා නින්දට ගිය අතර නන්දන සමාජ සත්කාරයක් සඳහා නිවසින් පිටව ගියේය.  පොඩි නෝනා පැරණි පොතක් බලා තාලයට ජන කවි ගායනා කරද්දී. කේතකී තම පරිඝණකය ඉදිරියට වී ඇය බෙහෙවින් ආශා කල හින්දි චිත්‍රපටයක් නැරඹුවාය.


ටිං ටොං!! කණ අසලින්ම ඇසුණු භාග්‍යගේ හඬට චිත්‍රපටයේ දැහැන් ගතව උන් කේකකී ගැස්සී හැරුණාය.

අහ්!! මල්ලි බබා.. එකතල්ම දැක්කේ කෑ අනේ.... චිත්‍රපටය ධාවනය වීම තාවකාලිකව නවතා කේතකී භාග්‍ය දෙසට හැරුණාය..

අක්කී බිසී වගේ... අසලවු පුටුවෙන් වාඩි වෙමින් භාග්‍ය කතාව ඇරඹුවේය.

මොන බිසීද මල්ලීයාස්... අම්මා නිදි අප්පච්චී කොයිදෝ ගියා.. මම ඉතින් කම්මැලි කමටත් එක්ක මේක බලන්න ගත්තා...

හප්පෝ.. මේක අක්කී දැන් බලන කී වෙනි වතාවද.... මට මතකයි අක්කී මේක මුලින්ම බලලා උඩ පැන පැන හිටියා... භාග්‍ය කේතකීට සරදම් කරමින් කීවේය...

හිහ්... හිහ්!! හී..... දැන් ඒ පිස්සුව නෑ හලෝ... ආයි බලන්න ආස හිතුනා බැලුවා... පෙර දිනක තමාම කී කතාවක් සිහිවී කේතකී මහ හඬින් සිනාසෙමින් කීවාය.

ඒක එහෙමනම් හොඳයි සුදු අක්කියෝ... මම අක්කට ආදරේ නිසා කියන්නේ... ලක්මාල් අයියා අක්කිට හොඳ නෑ... ඊට වඩා ගොඩක් හොඳ කොල්ලෙක් අක්කිට ලැබෙයි.. ඒක මට සීයයට දෙසීයක් විශ්වායසි.. මගේ අක්කී නිකං එයා නිසා හිත රදවා ගන්නවට මම නම් කැමති නැහැ. .. භාග්‍ය හැඟීම්බර ලෙස කීවේය.

මාත් කාලයක් විශ්වාස කලා තමයි මල්ලා.. කවදා හරි දවසක ලක්මාල් අයියා ආයිත් එයි කියලා.. එයා තරම් හොඳ කෙනෙක් ආයි මේ ලෝකේ නෑ කියලත් මම විශ්වාස කලා.. ඒත් මම කෝල් කරද්දී කවදාවත් ආන්සර් නොකරපු.. මගේ එකම එක එස් එම් එස් එකකටවත් උත්තර නොදීපු එයාගේ හිත කොයි තරම් ගල් හිතක්ද කියලා මම තේරුම අර ගත්තා... අනික.. ලක්මාල් අයියා කෝච්චියක්නම් මම එක ස්ටේෂන් එක්ක විතරයි මල්ලයෝ... මට එහෙම ටෙම්පරි ස්ටේෂන් එකක්  වෙන්න ඹනි නෑ.. මට ඔනි ගමනාන්තයක් වෙන්න... කවදා හරි කවුරු හරි කෙලක් ඒ වී මගේ ගාව ගමනාන්තය හදාගෙන.  ඒ දවස එනකලු බලමු.... අමාරුවෙන් සිනාසෙමින් කේතකී කීවාය.

අන්න.. ඔය ඉන්නේ මගේ අක්කීයා... අන්න ඒ වගේ හිතන්න අක්කීයෝ....ඇත්තම කීවොත් මම චුට්ටක්වත් කැමති නෑ මගේ අක්කී ලක්මාල් අයියා වගේ කෙනක්ගේ වෙනවට..

ඔබ බොරු කියන්නේ.. හොර ගෙඩියා.. ඔයානේ එයා එක්ක ට්‍රිප් යන්නේ... කතා කරන්නේ....

ඒ ගිහින් පොරව දන්න නිසා තමයි සුදු අක්කියෝ කියන්නේ.. එයා නරක කෙනක් නෙවෙයි.. කොල්ලා හොඳ එකා.. ඒත් මගේ අක්කිට හොඳ නෑ... අව්‍යාජවත් සහෝදරත්වයක් භාග්‍යෙගේ  හඬෙහි විය. කේතකී ඔහු හා ආදරයෙන් සිනාසුනාය.

ම්ම්ම්ම ඔයා කියන නිසා විශ්වාස කරන්න ඔනිනේ... ඒ නැතත් මගේ දුක සෙල්ලමක් කර ගන්න නිසා මට දැන් ඇත්තටම ලක්මාල්ව පේන්න බැහැ මල්ලා....

ඇති.. අක්කියෝ.. ඔය ඇති.... අපි වෙන මොනා හරි කතා කරමු..... මොනවද හවස ප්ලෑන්.... කතාව වෙනතකට ගෙනයමින් භාග්‍ය ඇසුවේය.

ම්ම්ම්ම්... හ...ව..ස... එහෙමට මුකුත් නෑ... අපි යමුද පන්සල්....

ආච්චී අම්මවත් එක්කගෙන යමු.. කොහේද යන්නේ... මාළිගවට?..

අන්නේ දුරයිනේ මල්ලාස්... අපි ලඟට යමු.....

එහෙනම් ගැටඹේ යමු... අක්කි ආසයිනේ.....

බෑ.....!!! මම ආස නෑ....!!!! ඔයා දන්නවා නේ ඇයි කියලා.....

ආ.... ඔව් ඔව්.. දැන්ම අමතක කරපු මාතෘකාව ආයි ඹනි නෑ... හරි.. අපි ගැටඹේ යන්නේත් නෑ... අපි යමු හන්දියේ බොධියට.. කොතන ගියත් එකම ආනිසංසේනේ...

ම්ම්ම්.... යමු ගිහින් චේන්ජ් කරන්න ඉක්මනට එන්න. මම පොඩීව ලැස්ති කරන් මල් කඩලා රෙඩි වෙන්නම්.. නැවුම් සතුටකින් උඩපනිම්න් කේතකී කැහැවාය..


භාග්‍ය පිටවී ගිය පසු , මල්වටියත් දෑතත් දෝවනය කරගත් කේතකී තණකොල ගොල්ල හරහා වත්තේ ඇවිදිමින් මල් කැඩුවාය. හන්තාන නිම්නයේ පිහිටි ඇයගේ නිවස වටා පිහිටි විශාල ඉඩම පුරාවට නොයෙක් වර්ගයේ ගස් වවා තිබුනත් වීහාල ඉඩ ප්‍රමාණයක අරක්ගෙන සිටියේ තණ කොලත් ඒ අතර වැඩුණු ඩැන්ඩිලයන් පඳුරුත්ය. කහ පැහැයෙන් මල්ල පිපී හැඩවෙන ඩැන්ඩිලයන් මල් යායේ ඇවිදින්ට මෙන්ම විවේක වෙලාවන්හීදි ඒ මත වැතීර පොතක් බලන්නටත් කේතකී බොහෝසේ ඇළුම් කලාය.. බුදු පුදට ගෙන නොයන මලක් වුවත් ඩැන්ඩිලයන් මල් පොකුරක්ම කඩා ගත් කේතකී පුංචි ළදැරියක මෙන් දුව පනිමින් වත්තේ මල් පදුරු ගානේ ඇවිද්දාය.

-**-

සවස් වරුවට තවත් සුන්දරත්වයක් එක්කරමින් බාග්‍යත් කේතකීත් දැල්වු කහපැහැති පහන් වැටිය පින්පාටින් බබලන්ට විය. අත්තම්මා විසින් සකස් කල සුවඳ කුඩු බහාලු පැන් කලයත්,  හවස් වරුවේ වත්ත පුරා ඇවිදිමින් නෙලාගත් මල් අසුරා සකස් කල මල් වට්ටිත්, සුවඳ වර්ග හතකින් යුත් සුවඳ කුරු වල සුවඳන්. බෝමළුවේ සිලි සිලියත් එක්ව ඇති වු මනරම්  බවට වශිවී උන් කේතකී වැලි මළුවේ වාඩිගෙන දෙනෙත් පියා ගත්තාය. දැඩි ලෙස ඇලී ගැලී නොගියද දෙනෙත් පියාගෙන භාවනාවට සමවැදීම සිතට සැනසුම බලා දෙන අපූර්වතම ව්‍යායාමයක් බව කේතකී අත්දෑක්මෙන්ම දැන උන්නාය..  බොමළුවේ සිලි සිලි නඳට කන්දීගෙන බොහෝ වේලාවත් දෙනෙත් පියාගනෙ සිටින්නට කේතකී කවදත් ආශා කලාය.

අක්කීයෝ..... ඇති නේ.... යමු ගෙදර.... භාග්‍ය කේතකීගේ කණ අසලම සිට රහසින් ඇසුවේය.. කේතකී දෙනෙක් විවර කල බැලුවාය..

යන්නත් බෑ වගේ...... හිතට පුදම සැහැල්ලුයි...කේතකී ලෝබ කමින් කීවාය...

ඒක නම් ඇත්ත අක්කීයෝ....හැමදාම පුළුවන්නම් එන්න හිතෙනවා.... භාග්‍යද වශීවී ගිය හඩකින් කීවේය.

අපි රේස් එකක් දුවනවා මල්ලා... හති වැටිලා ඇඬලා කියලා අපිවත් දන්නැ.. ඒත් ඒ රේස් එකේ අපි දිව්වේ නැත්නම් අපිට ජීවත් වෙන්නත් බෑ... ඔයා දැකලා තියෙනවද පිට රටවල කුළු හරක් එක්ක මිනිස්සු රේස් දුවනවා.. අපිත් වැටිලා ඉන්නේ අන්න ඒ වගේම රේස් එකකට.. දිව්වේ නැත්නම් අපි ඉවරයි... කේතකී හැඟුම්බරව කීවාය

Jan 31, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 4 කොටස

“Good morning අයියේ.. කේතකී ගේ ඇමතුම් විලාශයෙන්ම ඇය අවුල් වී ඇති බව බවන්ත හඳුනා ගත්තේය.

“Good morning කේතූ... මොකෝ.. සනීප නැද්ද.. බවන්ත විමසිලිමත් විය.

ම්... න්නෑ... ඇයි එහෙම ඇහුවේ... යලිත් සාමාන්‍ය තත්වයට පත්වීමේ ආසර්ථක උත්සහයක යෙදෙමින් කේතකී කිවාය.

නෑ ළමයෝ.. කට හඬ වෙනස්.. ඒකයි ඇහුවේ..

ආ.... මේ ටිකක් හෙම්බිරිස්සාව වගේ.. ඒකයි... කේතකී බොරුවක් කීවාය.

හරි ඉතින් එහෙම කිව්ව නිසා පිළිගන්නම්කෝ.. හැබැයි ඉතින් දැන් ටිකකට කලින් මට ගවී ගේ කැබින් එක පැත්තෙන් ආව සද්ද වල හැටියටනම් කේතූට කිසි ලෙඩක් තිබුනේ නැහැ.. බවන්ත සිනා සෙමින් කීවේය..

අයියා.. හදිස්සියේ කතා කලේ....

ආ.. ඒක අමතක උනානේ... මේ.. අර ලක්මාල් ජෙම්ස් ප්‍රෙජෙක්ට් එකේ ඩොකියුමන්ට් මුකුත් ඔයා මෙහෙට එව්වේ නෑ නේද..

නැහැ අයියේ.. ඒක අපි මෙහ්මනේ ෆය්නලයිස් කලේ.. සේරම තියෙන්නේ මෙහේ... මාතෘකාව ලක්මාල්ම වුනු බැවින් කේතකී මැලවුනු හඬින් කීවාය.

අනේ මන්දා මූට පිස්සුද කියලා.. ඔන්න මෙහෙට ඇවිත් receipt ඉල්ලනවා...

ආ.... අර චෙක් එකේ වෙන්න ඇති අපි ඒකට receipt issue කලේ නෑනේ clear වෙනකල්.. ඒක මෙහේ.. Accounts section එකේ තියෙන්නේ.

පොර කොළඹ ආපු ගමන් ආවාලු.. දැන් ඉතින්  මොකද කරන්නේ..

කැමතිනම් ඇවිත් Accounts section එකෙන් ගන්න කියන්න නැත්නම් මම ඔහේට currier කරන්නම් කියන්න

අනේ.. නංගි මම පොරට ෆෝන් එක දෙන්න ඔයාම කියනවද.... බවන්ත ඇසුවේ යටි අරමුණක්ද ඇතිවය

ආයි... ඔය ටික කියන්නත් මම ඔනියෑ.. අයියාම කියන්න..අනික................................. කියන්නට ගිය දේ නවතා කේතකී මදක් නිහඬව සිටියාය.

අන්නේ.. Sorry නංගියෝ... ඇත්තටම මට අමතක උනා...  බවන්ත කේතකී සහ ලක්මාල් අතර සිදුවු සියල්ල තමා දන්නා බව අඟවන්න මෙන් කීවේය.

අහ්! අවුලක් නෑ..ඔක මොකක්ද අයියේ....   කේතකී සැහැල්ලු හඬින් කීවාය.

ඒක නෙවෙයි අර textile වැඩේ කොහොමද.. ඔයා script එකක් හැදුවද... බවන්ත කතාවදිග් ගස්සනට සිතා අළුත් මාතෘකාවක් පටන් ගත්තේය.

“Script හදන්න තාම project proposal දුන්නේ නෑනේ...කේතකී නුවමනාවෙන් කීවාය.

අයියෝ.. තාම නැද්ද.. බලන්නකෝ ඉතින් ඉන්නකෝ මමවත් ඇවිත් ඒක ඉවරක් කරන්න.. අනුරංගිටත් වැඩ වැඩියිනේ.. එයාට නැති ඒව ඉඳන් බදාගෙන නිසා මුකුත් කියන්නත් බෑ.

ඉතින් අයියේ ඔයාට පුළුවන්නේ ජෙස්මින් එක්ක එකතු වෙලා ඔහේදි කරන්න.. අනික ලේසියිත් නේ දෙපැත්තට යන්න එන්න ඔනෑත් නෑ.. කේතකී ගැලවිජ්ජාවක් සෙව්වාය

ජෙස්මින්නම් හොඳයි තමා ඒත් එයා අපේ section එකේ නෙවෙයි නේ.. හොඳම යාළුවා උනාට මම කැමති නෑ කරදර කරන්න.. ලබන සතිය දිහාට මම එන්නම්කෝ ඔය පැත්තේ.. ඔයයි අනුරංගියි එකක් මට ඒ වැඩේ ලේසියි බවන්ත කේතකීට කිසිත් කියන්නට ඉඩ නොතියා කීවේය.

ම්............ මම තියන්නම් අයියේ.. වැඩ ගොඩයි......... බවන්ත අළුත් මාතෘකවක් පටන් ගන්නට මත්නේ කේතකී  කීවාය

“හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් හොඳයි හොඳයි.... සුබ දවසක් එහෙනම්..

ඔයාටත්..... එසේ කියා කේතකී වහා ඇමතුම විසංදි කලාය

ගවේශා සමඟ කතා කොට මේසය මත තෑබු රිසිවරය යලිත් දුරකතනය මතම තබා කේතකී ලිපි ගොනුව වෙතට මුහුන යොමු කලාය. බොඳවුනු අකුරු පේලි ඇරෙන්නට කිසිටක් අගේ මනසේ නොවිනි. එක්වරම ලක්මාල්ගේ කටහඬ අසන්නට සිතුනේ මන්දැයි ඇය කල්පනා කලාය.. අනවශ්‍ය දෙයක් කොට තමාගේම සිත රිදවා ගැනීම පිළිබඳ ඇය තමාටම දොස් පවරා ගත්තාය...  යලිත් දුරකතනය නාද දෙද්දී ඇය දුරකනත තිරය දෙස   බලා සුසුමක් හෙළුවාය. ඇමතුම ගවේශාගෙනි. ඇමතුමට පිළිතුරු නොදී  නාද වෙන්නට හැර කේතකී යලින් ලිපි ගොනුවට මුහුණ ඔබා ගත්තාය. ගවේශාගෙන් ඇමතුම් කිහිපයක්ම පැමිණි නමුත් ඒවාට පිළිතුරු දෙන්නට කේතකීට සිත් නොවීය.. ඇය දැන් රස කර කියනු ඇත්තේ ලක්මාල් ඇය හා පැවසු දේවල්ය.. එය කේතකී ගේ සිත රිදවයි දැනටත් රිදී තිබෙන සිත යලි යලිත් රිදවා ගන්නට ඇය කැමති නැත.

යලිත් රැහැන් දුරකතනය නාද වෙද්දි කේතකී බරවු සිත් ඇතිවම එයට පිළිතුරු දුන්නාය.

“Hello kethakee ”

ඇයි බන් phone answer නැත්තේ... එහා කෙලවරේ උන්නේ ගවේශාය ඇය කොපයෙන් මෙන් කේතකීව ඇමතුවාය.

අහ්!! Sorry කෙලී... silence දාලා තියෙන්නේ බෑග් එකේ... කේතකී බොරුවක් කීවාය

කෙහෙල් මල තමා.... මම බය උනා මොකද කියලා.. ගවේශා කේන්තියෙන් කීවාය.

මම වැඩක හිරවෙලා ගවී.. මම පස්සේ ඔයාට ගන්නම්.... ගවේශා කතාව පටන් ගන්නටත් පෙර කේතකී කිවාය

හා..කෝ... හාකෝ.... මේ මේ අක්කේ.... උඹ අප්සට් ගියේ නෑනේ...නේද.. මම අරයට හොඳට දෙහි කැපුවා...

නෑ බන් පිස්සුද... මොන අප්සට්ද...all iz well ”

එහෙනම් ඇති.. උඹව අප්සට් කරලා මට බෑ අර බාග අයියගෙන් බැනුම් අහන්න...  .ගවේශා  භාග්‍ය සිහිකර කීවාය. ලක්මාල් නැමැති මාතෘකාව කේතකීට සිහිකිරිම පිලිබඳ ගවේශා දෙතුන් වරක් බාග්‍යෙගන් බැනුම් ආසාගෙන තිබුනි.

මගේ මල්ලිට එක එක එව්වා කියන්න එපා හොඳඳ.....කේතනී සිනාසෙමින් කීවාය...

අන්න එහෙම හිනා වෙලා ඉන්නවකෝ අක්කේ... ගවේශාද සතුටින යුතුව කීවාය..

කඳලු නොම දත් මගේ දෑසට
කඳලු දුන් ඔබ යන්න ගියදා
සිනාසෙන්නට ඉගෙන ගත්තෙමි
නෙතේ කඳුලෙන් පාර අසලා කේතකි මුවගට ආ පද තාලයකට කීවාය..

මං කවිකාරිලු මං කවිකාරිලු.... අගෙයි අගෙයි..  කඳුලු ගැනම කියන එකක් නොවුනනම්..

පණ්ඩිත කම් කියන්නැතිව හිටපන්.. මමයි මෙතන අක්කා කේතකී සරදම් කලාය

උඹ අක්කා උනාට මෙතන තොත්තම තොත්ත බබා වගේ හැසිරෙන්නේ උඹනේ බන් අක්කේ

මගෙන් අහගන්න එපා ගවේසියෝ....

සිකේ.... මොකක්ද බන් අපේ අම්මා තාත්තා තියපු නම කැත කරන්නේ නිකම් හරි ඔකේ අකුරු අඩුවෙන් ඇහුනනම් නින්දාවනේ බන් අක්කේ..

හි හි.. අඩේ නියම නම බන්.... කේතකී සියලු දුක් සංකා අමතක කොට ගවේශිට සරදම් කලාය

පල පල කේ..ත....ලේ...... ගවේශිද පොඩි එකියක සේ වාදයට පැටලුනාය.

අවුලක් නෑ බන් හදිස්සියට වතුර ටිකක් හරි උණු කර ගන්න පුළුන්නේ...

අනේ බන්... අක්කේ.. ඇයි බන් මේකේ සීනියර් Project Coordinator කෙනෙක් වෙලත් උඹට ටිකක් වැදගත් විදිට හැසිරෙන්න බැරි.. ගවේශා සිනාසෙමින් කීවාය.

උමලා වගේ උන්නේ මං ආස්සරේ කරන්නේ.....දැන් ඔක තියපන් මට වැඩ තියෙනවා..

හා.. හා.. බුදු සරණයි...

බුදුසරණයි පොඩ් කෙල්ලේ... ආදරයෙන් කියා කේතකී දුරකතනය විසන්දි කලාය
.
ගවේශි සමඟ කතා කිරීම කේතකීගේ අවුල් සිතිවිලි නිරවුල් කරන්නක් විය.. ඇය ගැඹුරු කල්පනාවකින් යුතුව යලිදු ලිපි ගොනු අතරේ නති උනාය. 

Jan 29, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 3 කොටස



කේතකී කාර්‍යාලයේ ගේට්ටුව අසලන් වහනයෙන් බැස ගිය පසුත් ඇය ප්‍රධාන දොර පසු කර යන තුරුම සේනක වාහනය නවතා බලා සිටියේය. කේතකීව උදෑසට කාර්‍යාලයට අරලවීමත් හවස ඇය ආපසු නිවස වෙන කැඳවාගෙන ඒමත් සේනකගේ දිනචර්‍යාවේම අංගයක් විය.

සකුන්තලාගේ සොයුරා වු සේනක කේතකී කුඩා කාලයේ සිට ඇයට බෙහෙවින් ආදරය කලේය.  සේනකගේ සෙනෙහස නිසාම ඔහු හැමවිටම කේතකීව නීති රීති වලින් සිර කර තැබුවේය. සකුන්තලා ඇතුළු සොයුරු සොයුරියන්ගේ දරුවන් සමඟ කාලය ගෙව් නිසාමදෝ.. සේනක විවාහ වුයේ මෑකතදීය. ඒත් පොඩි නෝනාගේ බලවත් පෙරත්තය නිසාය.

විවාහයෙන් පසුව මහගෙදරින් ඈතව වාසය කලත් මව සහ සොයුරු සොයුරියන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහු නොපිරිහෙලා ඉටු කලේය.  එහෙත් ඔහුගේ බිරිද ශ්‍යාමලී ඒ පිළිබඳව  වැඩි මනාපයක් නොදැක්වූවාය.

-**-

ගුඩ් මෝනිං මිස්... ප්‍රධාන දොරටුව අසල මුරකුටියේ සිටි සුනිල් කේතකී දැක අසුනින් නැගිට ආචාර කලේය.

වෙරි ගුඩ් මෝනිං අන්කල්... සුපුරුදු සිනාවෙන් ඔහුට සංග්‍රහකොට කේතකී ඉක්මන් ගමනින් පඩිපෙල ඉහලට දිව ගියාය.

ආ.. සුදු මිස් අදත් උදේම ඇවිත්.. ගුඩ් මෝනිං මිස්... කේතකීගේ කාර්‍යාල කුටිය අතුගාමින් උන් විමලා සුපුරුදු ලෙස කේතකීට ආචාර කලාය.

වෙරි ගුඩ්මෝනිං විමලෝ.. තම අත් බෑගය පුටුව මත තබා ජනෙල් නිරය විවර කරම්න්ම කේතකී සිනා මුසුව කීවාය.

මම අතුගාලා ඉවර වෙනකල් එලියෙන් ඉන්න මිස්... මේ දුවිල්ල හරි සැරයි..කාපට් එකේ දුවිලේ හරියට විස බීජ

අපෝ.. විසබීජ වලට මම බය නෑ.. විමලා දන්නවානේ.. මම ඉන්නේම විස බීජයක් එක්ක කියලා.. සැරපරුෂ කලමනාකරු සිහිවි කේතකී සිනා මුසුවු කීවාය.

හිහ්!! හිහ්!! හී..!!! මිස් නම් කියයි ඇහුනොත් හේම  ඉඳලා ඉවරයි අදත් උදේ පාන්දර.. කෝ කෝ.. කිව්වම අහලා එළියෙන් ඉන්න ... මහ හඬින් සිනාසෙමින් විමලා කියද්දි කේතකී පනාවත් රැගෙන විවේක කාමරය වෙත ගියාය.

උදෑසන කලබලයට මනාව පීරාගන්නට නෙහැකි වු කෙස්කළඹ පිරාගෙන කේතකී පැමිනෙන විට විමලා, කාර්‍යාල කුටිය පිරිසිදු කර අවසන්ව තිබුනි. පෞද්ගලික ආයතනයක් වු නිසාත් නිතර ගනුදෙනුකරුවන් කේතකීගේ කුටියට නොපැමිණුන නිසාත් කේතකී ඇයට ඇවැසි පරිදි කුටිය සකසා තිබුනාය. කුඩාකල සිටම ආශාකල ඩිස්නි සුර කුමරියන්ගේ පින්තූර කිහිපයක් රාමු කර බිත්තිවල රඳවා තිබු  අතර, කේතකීගේ පුටුව ඇයහා සමව අයිති කරගත් සෙල්ලම්  වලස් පැටියෙකුද කාර්‍යාලයේ විය. මේසය මත කෘත්‍රීම කානෙෂත් මල් පොකුරක් සහිත බඳුනක් තිබූ අතර, අසල රාක්කයෙ කේතකීගේ රාජකාරීන්ට අදාලා ලිපි ගොනු පිළිවෙලට ගොඩ ගසා තිබුණි.

මිස්.... යාබද කුටිය පිරිසිදු කරමින් සිටි විමලා වීදුරු දොරින් එබෙමින් කේතකී ඇමතුවාය.

ම්ම්ම්ම්... ලිපි ගොනු සහිත රාක්කය දෙසටම යොමා ගත් නෙත් ඇතිව සිටි කේතකී.. ගෙල හරවා විමලා දෙස බැලුවාය.

අද සමන්ති මිස්ගේ උපන්දිනේ..මට අමතක උනානේ මිස්ට ආව ගමන් කියන්න...

ආ..න්..නේ..... කෝ කෝ.. සමන්ති අක්කා ආවාද? කලබලයෙන් පිටතය පැමිනෙමින් කේතකී ඇසුවාය.

තාම නෑ මිස්.. නවය කිට්ටු කරලානේ එන්නේ...

අන්න විමලෝ.. එහෙනම් අනිත් අයටත් කියලා පටස් ගාලා රිසෙප්ෂන් එක ලඟ ලෑස්තිවෙන්න මම දුවලා ගිහින් මල් ටික අරන් එන්නම්... විගසින් තම කුඩා අත්පසුම්බියත් දුරකතනයත් අතට ගත් කේතකී වේගයෙන් පඩිපෙළ බැස රථගාල වෙත දිව ගියාය.

බණ්ඩාර.. එන්න ඉක්මනට... ලස්සන මල් එකට දුවලා එමු... වාහනයට පිටදී දුරකතන ඇමතුමක සිටි රියදුරු අමතමින්ම කේතකී ඉදිරි පසු  අසුනේ හරිබරි ගැසුනාය.

ආ... ඇයි මිස් උදේම...ලස්සන මල් යන්නේ... දුරකතන ඇමතුම විසන්ධි කොට රියදුරු අසුනට බරවු බණ්ඩාර සුපුරුදු ලෙන්ගතු කමින් ඇසුවේය.

අද සමන්ති අක්කාගේ උපන්දිනේ.. මටත් දැන් විමලා මතක් කලේ..

අයියෝ.. මිස් උදේ කිව්වනම් එන ගමන් ගේනවානේ.. අපරාදේ.. මිස් අන්තිම මොහෝතේ දුවන්නේ...

අන්නේ.. බන්..... මම කලින් දන්නවනම් ඉතින් කියනවනේ.. මටත් දැන් විමලා තමයි කිව්වේ.. අමතකම වෙලා හිටියේ...

ආ..... ඔව් නේද..... බණ්ඩාර සුපුරුදු මෝඩ සිනාව පාමින් වාහනය ඉදිරියට ධාවනය කලේය. ඒ අතර යලිත් ඔහුගේ දුරකතනය නාද විය.

බණ්ඩාරගේ ගෑණු ළමයා හරියට වද දෙනවා නේද..කේතකී ඉගිමරමින් කිසා බණ්ඩාරට සමච්චල් කලාය.

නෑ.. මේ වෙන එක්කෙනක් මිස්..හදිස්සියකට සල්ලි වගයක් ඉල්ලනවා... බණ්ඩාර තනමින් කීවේය.
මොකා?.. ගෑණු ළමයෙක්ද?

ඔව් මිස් දන්නේ නැද්ද.. මම කලින් ට්‍රයි කරපු එක්කෙනක්..

දැන් ඉතින් ඇයි  ඔයාගෙන් සල්ලි  ඉල්ලන්නේ... එයා ඔයාට අකමැති උනානේ...

ඒකනම් එහෙම තමයි මිස්.. ඒ උනාට ඉතින් උදව්වක් ඉල්ලුවාම නොකරත් බෑනේ..

අනේ.. මෝඩයෝ... ඔය සල්ලි ආපහු දෙයි කියලා ෂුවර්ද... කේතකී පුදුමයෙන් ඇස් විසල් කරමින් ඇසුවාය

දෙන්නේ නෑ කියලා මාත් දන්නවා මිස්.. ඒත් ඉල්ලුවාම බෑ කියන්න බෑනේ... අනික එයා දන්නවා මට හොඳ පඩියක් හම්බු වෙනවා කියලා

ගොඩාක් හිත හොඳ උනාමත් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි බණ්ඩාර.. කේතකී හැඟිම් බරව කීවාය.
ඒක වෙන්න ඇති මිසුත් හාමදාම දුකික් ඉන්නේ... අනිත් අයව සතුටු කරන්න මිස් මොන තරම් දේවල් කරනවද.. සුනිල් අයියට, විමලක්කට, මට , මිස් කොයිතරම් කරුණාවන්තද.. ඒත් ඔපිස් එකේ අනිත් අය මිස්ට කොයි තරම් ඉරිසියයිද මිස්.. මිස්ගේ වැඩ අවුල් කරන්නම ඔපිස් එන කීදෙනක්නම් ඉන්නවද.. ඒත් මිස් කවදාවත් කාටවත් වචනයක් කියනවා මම දැකලා නැහැ.. හැමෝටම එක විදියට සලකන්නේ.. මට ඉස්සෙල්ලා මිසුයි ඔය දැන් කියපු දේ හිතට ගන්න ඔනි.. බණ්ඩාර හැඟිම්බරව කියා බයාදු දෙස කේතකී දෙස බැලුවේය. ඒ වන විට ඔවුන් මල් වෙළඳ සල අසලට පැමිණ තිබුනි.

හ්ම්ම්ම්ම්.. ඇති ඇති පණ්ඩිත කම.. විනාඩි පහක් යයි ඔය අයිනෙන් පාක් කරන් ඉන්න.. මම පටස් ගාලා එනවා.. කියමින් කේතකී වාහනයෙන් බැස ගියාය.

සමන්තී වෙනුවෙන්ම සුන්දර මල් කළඹක් සකසා ගත් කේතකීත් බණ්ඩාරත්, නැවත වේගයෙන් කාර්‍යාලය වෙත ගියෝය. ඒ වන විට සියලු දෙනාම පිළිගැනිමේ කවුන්ටරය අසල  සමන්ති පැමිනෙන තුරු බලා සිටියෝය. කේතකී රැගෙන ආ මල් කළඹ සමන්තියේ සමීප යෙහෙලිය අතට දුන් කේතකී අන් අය අතරට එක් වූවාය.

තම උපන්දිනය දා කාර්‍යාල සුමිතුරන්ගේ උණුසුම් පිළිගැනීම  සමන්තිගේ සිත බෙහෙවින් සතුටු කලේය. සමන්තියේ දෑසේ සතුට දැක කේතකීද බෙහෙවින් සතුටු වුවාය.

-**-

සුපුරුදු ලෙස ලිපි ගොනුවල සිරවී සිටි කේතකීගේ අවධානය බිඳුනේ  මේසය මතවු දුරකතනයේ නාදයෙනි. ලිපි ගොනුව අත තබාගෙනම ඇය දුරකතනය ගෙලට සිර කර කතා කලාය

කේතකී හියර්...

ආ... ආන්ටී... ගුඩ් මෝනිං..

ගුඩ් මෝනිං මහී... කියන්න...

“Call from Colombo”

“okz connect it ” කේතකී කියද්දිත් මහි ඇයව පැමිණ තිබු ඇමතුම හා සම්බන්ධ කර අවසානය.

“Hello Kethakee hear…”

ආ.. මැට්ටී..... දුරකතන ජාලය හරාහා ඇදී ආ ගවේශාගේ හඬ කේතකීට හඳුනා ගත හැකි විය
.
අහ්!! ගල් ඉබ්බී.... උඹද....? කියු කියු.. ලිපි ගොනුවේ පිටු පෙරලමින්ට කේතකී පුටුවේ හරිබරි ගැසුනාය.

කම්මැලියි බන් අක්කේ... ගවේශා සුපුරුදු ලෙස ඇදෙන ස්වරයකින් කීවාය...

හෑ.. මොකා...!! දැන් උඹට කම්මැලියි කියලා මම පලිද.. වැඩ තියෙනවා පිස්සියේ... කේතකී ආදරයෙන් කියා සිනාසුනාය..

මොකක්ද බන් අක්කේ.. අපිට ඔපිස් එකේ මේ සා අධිවේගී දුරකතන පද්දතියක් දීලා තියෙන්නේ Branches අතරේ communication develop කරන්නනේ.. මොනවා මොනවා හරි කියනවකෝ... ගවේශා.. සුරතල් වුවාය..

මේ ගවේසෝ.. මගෙන් මුකුත් නාහා හිටින්.. Head office එකේ උඹලා අයිස් ගහනවා අපියි කටු කන්නේ මෙහේ.. වැඩ කරපන් වැඩ කරපන්.. කේතකී සිනාසෙමින් ගවේශාට තරවටු කලාය..

ඒ.. මේ මාර සීන් එකනේ...... ගවේශා ලොකු කතාවකට සැරසුනාය.

ආ.. අර අද උදේ බස් එකේ ලස්සන කොල්ලෙක් ලඟ වාඩි වෙලා ආපු සීන් එක නේද.. කේතකී ගත් කටටම ඇසුවාය.

උඹ කෝමැයි ඒක දන්නේ.. ගවේශා පුදුමයෙන් ඇසුවාය.

ඇයි බන් අද BBC News වලට කිව්වේ...” කේතකී සරදම් කලාය...

ඒ.. ඇත්ත කියනවා.. කොමද දන්නේ...

ඇයි බන් ගවේසෝ උඹ උදේට ටොයිලට් යන ඒකේ ඉඳලා.. රෑට නිදා ගන්න කලින් දත් මදින එකට එනකල් සේරම Facebook එකේ දානවනේ..   කේතකී මහ හඬින් සිනා සෙමින් කීවාය. ඇගේ සිනාවට යාබද කුටියේ සිටි අනුරංගී පවා හැරී බලද්දි ඇය සිනාව පාලනය කර ගත්තාය..

යනවා යනවා මැට්ටී..... ඒ මාර හැන්ඩ්සම් පොරක් බන් අක්කේ....

හැබෑට.. උඹට තිබුනේ  නොම්මරේ ඉල්ල ගන්න... අපාදේ නේ.... කේතකී නැවත නැවතත් ගවේශාට සමච්චල් කලාය.

සික්... කොහේද.. පොර පුම්බගෙන හිටියා මිසක්.. මා දිහා හැරිලා බැලුවේ නෑ  බන්...ගවේශා කනස්සල්ලෙන් කීවාය..

දෙන්නෙයි ෆ්‍රි ඇඩිවයිස් එකක්.....

දී කෝ බලන්න...

හැමදාම ඒ බස් එකටම නැගපන් අඩුම ගානේ එක දවසක් හරි ආයි සැට් වෙයිනේ..

අනේ මන්දා.. බන්...

බැරිනම් නටා ගනින්...

ඒ... ඒ...අක්කේ.... මාරම සීන් එකක් වෙමින් පවතී..... එක්වරම කතාව වෙනස් කල ගවේශා රහසින් මෙන් කීවාය..

මොකක්ද ගවී... කේතකීද පුදුමයෙන් මෙන් ඇසුවාය.

ඒ.. ඔයාගේ ලක්මාල් අයියා ඇවිත්.. බවන්ත අයියාගේ කැබින් එකේ... ගවේශා.. රහසින් මෙන් කීවාය..

ආහ්!! .ඇ....ත්...ත..ද.. කේතකී ගනනකට නොගෙන කම්මැලි ස්වරයකින් කීවාය. ඇයට ලක්මාල් ගේ නම ඇසීම පවා මානසික වදයක් විය.

ඒ දැන් බලමු පොර මා එක්ක කතා කරයිද කියලා.. ... අම්බේ... අන්න පොර මගේ කැබින් එකට එනෝ... ඒ.. ඒ... මම තියන්නම්.. ගවේශා කලබලයෙන් මෙන් කීවාය

ඒ.. ඒ.. ප්ලීස්.. කට් නොකර හිටු.. ප්ලීස් ප්ලීස්.... මම සුට්ටක් කට හඬ අහන්න... කේතකී බැගැපත් වුවාය. 

ගවේශා කිසිත් කියන්නට හෝ දුරකතනය විදන්ධි කරන්නට පෙර ලක්මාල් ඇය අසලට පැමිණියේය.

අලෝ.. සුදු නංගියා.. කොහෙමද ඉතින්.... ලක්මාල්ගේ කට හඬ දුරකතන ජාල හරහා පැමිණ කේතකීගේ සවන් පත් මෙන්ම හදවතද රිදවුවේය. ඇය වෙව්ලන සුරතින් රිසීවරය සිරකරගෙන අසා සිටියාය නමුත් ඇයට ඉන් පසු කිසිත් ඇසුනේ නැත. පසෙක තිබු. ඇයගේජංගම දුරකතනය නාද වෙද්දි ඇය රිසීවරය අතහැර ජංගම දුරකතනය අතට ගත්තාය. ඇමතුම බවන්තගෙනි.