Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

May 18, 2012

කලියුගය


නිදිමත බේරෙන දෙනෙත පරිගණක තිරෙයන් මුදාගත් පංකජ කෙටි නින්දක් බලන්නට නිදියහන වෙත ඇදී ගියේය. රුකියාවන් සොයන්නට  වෙහෙසෛමින් කාලය කා දමන දහවල් කාලයත් ලෝවටා  සැරිසරමින්  ගෙවන රාත්‍රි කාලයත් අතර විඩාපත්ව සිටි පංකජ විගස නිදි ගොවට පිවිසියේය.

ජීවිතය පුරාවට තමා විවේචනය කරමින් සිටින තාත්තාගේ තරහා පිරුණු  දෙනෙතින් ඔබ්බට යමක් සිතන්නට පංකජට අවැසිව තිබුනි.  දහවලේ සාභාගී වු සම්මුඛ පරීක්ෂනයේ  දි එයට මුහුණ දුන් ආකාරය පංජට සිහිනයක්  මෙන් විය.  එහීදි ඔහු සුදුසු කම් ලැබුවහොත්, රැකියාව කල යුත්තේ දුෂකර වන්නි ප්‍රදේශියේයි. එනයින් රැකියාව නොලැබේවායි යන සිතුවිල්ල පංකජගේ සිතෙහි හොල්මන් කරන්නට විය.

රැයෙහි ජීවිතය සුන්දර වග ඔහුට දැනුනි.  රසැති කතාවලින් , පෙම් රංගන වලින් මෙන්ම විරහා වේදනා වලින්ද සැදුම් ලත් මිතුදම්  සිත සනසාලීය. ඒ මිහිරියාව නිදි ලොවේදිත් පංකජගේ සිතුවිලි හැඩකරලනු ලැබීය.

ඔහු සිටියේ මිතුරන් සමඟින් බියර් කෑන් එකක් තොල ගාමිනි. ඉදිරි පස ක්‍රිඩා පිටිය වට කොටගත් ප්‍රෙක්ෂකා ගාරය තරුණ තරුණියන්ගෙන් පිරි ඉතිරි තිබුනි.  පංකජගේ දෙනෙත් නිතැනින්  ඉහල අහස වෙත ඇදි ගියේය.  කුරුළු පවුලට අයත් නෙවනා විරුපී සතුන්  විසින් සුදු පරවියෙකු වට කොට ගෙන  පරහ පිට පහර මෙන් සිටියෝය. ක්‍රිඩා පිටියෙන් අවධානය ඉවතටගත් සියල්ලෝම  අර විරූපි සතුන් උසිගන්වන්නට විය. අසරණ පරෙවියා කැබලි වි  අර කි  සතුන්ගේ අහරක් විය. පරෙවියාගෙන් කුස පුරවාගත් සතුන් ක්‍රිඩාංගනය වටා  පියඹා ගොස් අතුරුදහන් වන විට අකාශයේ කිසිඳු පරෙවි කුරුල්ලකු ඉතිරි වී නොතිබිනි.

සුහුවිලි ඇවිස්සි ගෙන මහ පෙළව කම්මපා වන  හඩක් නංවමින් විශාල එළ දෙනුන් තිදෙනෙක් ක්‍රිඩා පිටිය මැදට දිව අවෝය.  අවකාශය දුහුවිල්ලනේ වසා දමමින් වියරුවෙන් පිටිය පුරා දුවපනිමින් ඔවුන් පෙළහර දක්වද්දි කිඳුරියන් තුරුලේ සිටි සඳකිඳුරන් ඔවුන් අතැර එළ දෙනුන් පසු පසම දුවන්නට විය. එහි එකම ගොන් පොරයකි.  මොහොතකින් වලිගය පිටුසය සඟවා ගත් බැල්ලියන් මෙන් එළ දෙනුන් පසු බසිද්දි.  කුමරබඹසර බිඳී කිලිටි වුනු කිඳුරන් එකිනෙකා සමගින් මරාගන්නට විය.

පසුබා යන එළ දෙනුන්ට ඔවුගේ වරද පෙන්වා දෙන්නට උත්සහ කල නාඹර වෙළඹක්  එළදෙනුන්ගේ නින්දා වින්දාය. ඇයගේ තුරඟ රාජයා ඒ  දෙස බලා හිඳ මඳ සිනාවක් පා නිහඬ වුවේය. වෙළඹ නොපෙනී ගියාය.

පිටියෙ එක් කෙලවරක කපටි ඇස් ඇති අහික්ණ්ඨකයෙකු ගැඩවිලි පණුවෙකුට  නයි විස පොවමින් සිටියේය.  නයි විස පොවා ගැඩවිලි පණුවා අයිතිකරගන්නට  කපටියා සිහින  මවන්නට ඇත. එහෙත් නයි විසෙන් ඔද බැඳි ගැඩවිලි පණුවා මානික්‍යයක් පෙනයෙන් ගත් නාග රාජයෙකුට   දෙසට ඇදෙමින් සිටියේය. අහිකුණ්ඨකයා ක්‍රොධයෙන් වෙලී ගැඩවිලි පණුවාට දශ්ඨ කරන්නට  ගැරඩියෙකු උසිගැන්නුවේය. පාඩුවේ ගමන් කරමින් සිටි ගැඩවිලි පණුවා උසි ගැන්වී දශ්ඨ කරද්දි වැරදීමකින් අහික්ණ්ඨකයාගේ පුරුෂ නිමිත්තටම විස වැදුනේය. දැන් අහික්ණ්ඨකයා කෑගමසින් සිටී.

සිංහ දේනුවක් බල්ලෙකුගේ බොරු අසා සඳකිදුරියකට බැන වදිමින් සිටිද්දි. මේ සියලු දෑ දෙස විස්මයෙන් බලා සිටි පංකජගේ සිරුර තෙමා හරිමින් අහසින් අසිනි වරුසාවක් ඇද හැලිනි.

"ලොකු මල්ලි කීයේ ඉඳන්ද කතා කරන්නේ.... දැන් උදේ දහයත් පහු වෙලා.. තමුසෙට කෝල් හය හතකට වඩා ආවා... "

"මොනවා..... කාගෙන්ද..."

"ඊයේ ඉන්ටර්වීව් ගිය තැනින්.. බැරිම තැන මම පණිඩිඩේ අහගත්තා... තමුසෙට සඳුදා වන්නි යන්නම ලෑස්ති වෙලා එන්නලු....."

"මොකක්!"

"ඔව් .. ඇයි තමුසෙට යන්න බෑ..ද"

"නෑ... යනවා... කලියුගේ පටන් ගන්න කලින් මේ මායාවෙන් මිදෙන්න ඔනි බන් ලොක්කක්කේ....."

Apr 29, 2012

සිහිනය සියැසින්


සිහින ලොවක ජීවත් වීම සැබෑවට මුහුණ දීමට වඩා බෙහෙවින්ම කර්ෂකය, එහෙත් මම මේ සිහිනය දකින්නේ ආශාවෙනි. මගේ සිතත් සිතිවිලි සමුදායක් මටම අවනත නැති වු කලෙක මා විසින්ම මා හට දෙන්නා වු වේදනාව සතුටින් විඳ දරා ගන්නවා හැරනේනට අන් කිසිවක් කරන්නද.  කාලයක් ජීවිතයේම කොටසක්ව පැවති විශයානු බද්ධ පොත් පත් හා එහි වු විශය කරුණු මුළුමනින්ම මනසින් අතුරුදන්ව ඇති කලෙක නුදුරේ ඇති විභාගයට සුදානම් වීමේ අසාර්ථක උත්සහය ඇතැර, පරිඝණක තිරයේ වු රුව දෙබ බලා භාවනා කලෙමි.

මුහුනේ සිනාවකදු නොමැතිව  සිටින ඒ මුහුනේ රළු හැඩතල දෙස බලා සිටියදීම නොදැනි කාලය ගතවන්නට ඇත.
නුහුරු නුපුරුදු දුරක ඉඳන් ඔබ ඇවිත් සිත ලඟට හෙමින්......
ජංගම දුරකතනය බොහෝ වේලාවක් නාදවී තිබේ.. සිහින අතරේම ගීතයට සවන් දී සිටි මට ඇමතුමට පිළිතුරු දිය යුතු බව සිහිවුනේ හදිසියේය. ඇමතුම සංජලීගෙනි

හෙලෝ.... මම ඔනෑවට එපාවට පිළිතුරු දුනිමි.. සිතට තනිවන්නට අවැසි වෙලාවට මිතුරියන්ද ඇතැම්විට කරදරයකි.

මොට්ටියේ... දැන් කියේ ඉඳන්ද.. මම රිනිග් කරන්නේ.... කිසිත් නෙකියාම මිතුරිය මැසිවිලි නගන්නට වුවාය.

සොරි... සාගුවෝ... මම පාඩම් කර කර හිටියේ..... මම බොරුවක් කිවෙමි. පාඩම් කරන්නට කියා සිතුවද පොත ඇල්ලුවේ හෝ නැත..

ආ.... උඹට ඒක්සෑම් ලඟයි නේද..... හ්ම්ම්ම් එහෙනම් අද ප්ලෑන කැන්සල් කරන්න වෙයි....

මොන.... ?

නෑ නෙතුවෝ මම හිතුවේ පාක් එකේ එක්සිබිෂන් එකට යන්න... අළුත් මලක්  ගැන කියෙව්වා බන් රොස මලක් වගේ.. ජෙබරා වර්ගයක්ලු... මිතුරියගේ මල් පිළිබඳ  උමතුව විස්තර කරමින් ඇය කියා සිටියාය.

සීමිත මල් වර්ග කිහිපයකට හැරෙන්නට අනෙක් මල් වලට එතරම්  උනන්දුවක් නොදැක්වු නමුත් සංජලී සමඟ නිතර නිතර මල් ප්‍රදර්ශන නැරඹිමටමට මා හට සිදුවිය,  නොයෙකුත් විශේෂයන්හී දෙමුහුන් මල් පැල කොපමණ මුදලක් හො ගෙවා මිලදී ගැනීම ඇයගේ පුරුද්ද විය.

කමක් නෑ යමු... පොතේම හිරවෙලා පිස්සු වගේ.. මනස දැල්වෙමින් තිබියදී පැන් පොදන්  සොයන්නා මෙන් මම ඇගේ ගමනට එක්තු වීමට කැමැත්ත පල කලෙමි.

අන්නේ.... උම්ම්මා  සුද.... හිටපන්.. විනාඩි  පහෙන් මම එනවා මම ලෑස්ති වෙලා ඉන්නේ... සංජලි සතුටින් කෑ ගෑවාය.

හෙමීට වරෙන් පිස්සු මැන්ටලේ... අද මමයි රයිඩ් කරන්නේ....

අපෝ.. මේ බෑ.. බෑ... ස්කූටියේ බෑ.... උඹලාගේ අම්මා කැමති නෑ අපි ස්කූටියේ රස්තියාදුවේ යනවාට

නිකා හිටින්  එහෙනම්,   මට බෑ... බස් වල යන්න

ට්‍රයිෂෝ එකක යමු... ප්ලීස් ප්ලීස්..... සංජලී ඇවටිලි කරන්නට විය.

අම්මා මුකුත් කියන්නෑ... අනික ලඟටනේ.. මම කැමති කර ගන්නම්.. උඹ ස්කූටියේ වරෙන්.. නැත්නම් එපා ... මම නාගන්න යනවා.. ඇයට කිසිත් කියන්නට ඉඩ නොතියා දුරකතනය විසන්දි කලෙමි.

යලිත්  පරිඝණක තිරය මත වු රුවටම නොත් යොමු වද්දි සිතැඟි මට්ටු කරමින් යාන්තමට ඒ දෙතොල මත දෙතොල් ස්පර්ෂ කර පරිගණකයෙන් මෑත් වුනෙමි.  හිතාමතාම නොවුනත් කලක සිටන් පුරුද්දකට මෙන් එය සිදුවේ.

මනස කැලඹුනු බොහෝවිට කෙතරම් සීතල දිනයක්දැයි නොසලකා වතුර මල යටට වී පැය ගනනක් ගතකිරිම මසිතට සැනසිලි ගෙන දෙන්නකි. පියාගත් දෙනෙතින් යුතුව වතුර මල යට ගෙවෙන බොහෝ වේලාවන් හීදි  ලොවට පෙනෙන්නට හෙලිය නොහැකි කඳුලු සීතල වතුරේ  සේදී යයි.
නිවසේ විදුලී සීනුව නාද වන හඬත් සමඟ ඇසුණු කිංකිණි හඬින්  සංජලී පැමිණ ඇති බව නානකාමරයේ සිටියදිම මා හැඳින ගත්තෙමි.. 

සාගුවෝ.. කාමරේට පලයන්. දොර ඇරලා තියෙන්නේ.. ඇයගේ දෙපාගැටෙන හඬ කොරිඩෝවෙන් ඇසෙද්දි මම කෑ ගසා කීවෙමි.

අයියෝ.. උඹ තාමත් නානවද... සංජලී දොරෙන් පිටත සිට කෑ ගැවාය.

හිතුවද මාත් උඹ වගේ නාන්න කම්මැලියි කියලා...

ආ... උඹ ආවානේ අපේ ගෙදර.. මම නානවද නැද්ද බලන්න...

හරි හරි පලයන්.. කාමරේට... අම්මාට කියලා උඹට ඔනි දෙයක් හදාගෙන බීපන්..

මම කම්පියුට එක දානවා... කෙරිඩෝවෙන් ඇසුනු ඇගේ හඬ මගේ කාමර දෙසින් ඇසෙන්නට විය.

විනාඩි කිහිපයක් ගතකොට නා ගැනීමෙන් අතුරුව තෙත කෙස් වැටිය තුවායෙන් පිසදමමින් මම කාමරයට ගියෙමි. මට පිටුපා පරිඝණක තිරය දෙසටම නෙත්  යොමා සිටි සංජලී මා නුදුටුවාය. ඇය මගේ ඉලෙක්ට්‍රෙකික දින පොත කියවමින් සිටියාය, මා නානකාමරයට යාමට පෙර යමක් ලියමින් සිට එය එලෙසම තබා ගිය වග මා හට සිහිවුයේ මේ දැන්ය. සංජලීත් මාත් අතර වු මිතුදමේ ශක්තිමත් බව ඇයට මගේ දිනපොත කියවීමට ලොකු අනුබලයක් විය. ඇයත් මාත් අතර කිසිම විටෙක රහසක් කියා දෙයක් නොතිබුනි. නමුත් මා අනුහස්ට ඒකපාර්ෂවිය ලෙස ආදරය කල  බව ඇයට කියන්නට මා හට නොහැකි විය.

සංජලී කෙලෙස තේරුම් ගනිදැයි සිතාගැන්මට හො නොහැකිව මම නිහඬවම ගොස් ඇදෙහි වාඩි  වී පිටුපා සිටින ඇය දෙසම බලා සිටියාය. එවිට මා කාමරයට පැමිණ ඇති බව ඇයද දැන සිටියාය. එහෙත් මාගේ පැමිණිම වගකට නොගත් ඇය දිනපොතේ සියලුම සටහන් කියා නිම කලාය. ඇයට ඉඩදී මම සයනයේ උඩුබැලි අතට දිගාවී  දෙනෙත තදින් පියාගතිමි. කතාකල නොහැකි කඳුලක් හැමදාමත් ලෙස නෙත් කොනින් ගලා ගියේය.

දිනපොත කියවා නිමකල සංජලී නිහඬවම  ගොස් කාමරයේ දොර වසා පැමිණියාය. මා පසෙකින්  ඇඳේම දිගෑදුනු ඇය කිසිත් නෙකියා මා දෙසම බලා සිටින්නට වුවාය. ඇයට මුහුණ දි ගත නොහැකි වු මා දෙනෙත් තදින්ම පියාගෙන සිටියෙමි.

නෙතූ.... උඹ මුකුත් කියන්න එපා  කෙල්ලේ... මම සේරම කියෙව්වා... එදා ඉඳන් අද වෙනකල් සේරම.... ඒත් මේ හැටිම තනියම විඳව විඳව ඇයි උඹ මටවත් නොකිව්වේ කියලා විතරක් කියපන්.... ඇය සාවදානව අසද්දිත් මම නිහඬවම සිටියෙමි. ඇය නැවත කතා කලාය.

අනුහස් දන්නවා නේද....

ම්ම්ම්ම්ම්

ඇයි නෙතු උඹට ඇත්තට මුණ දෙන්න බැරි.. අනුහස් සහ උඹ කියන්නේ පාරවල් දෙකක යන දෙන්නෙක්.. අඩුමගානේ හන්දියකදි හරි උඹලා දෙන්නා එකට මුණ ගැහෙන්න පුළුවන් කමක් නෑ උඹලා දෙන්නා  ජීවිතේ දකින්නේ දෙවිදියකට.. උඹ පිස්සු හොන්තුවක්..දඟකාරම් වලට සීමාවක් නැති එකියන්.  අනුහස්  කියන්නේ ජීවිතේ සංකිර්ණව දකින නිහඬ කෙනක්...

අපි අතර නොගැලපීම් විතරක්ම කියන්න එපා සාගුවෝ.... මම ඒ හැම දෙයක්ම දැනගෙන තමයි අනුහස්ට ආදරේ කලේ... ඒ ඇරත්. මට  අනුහස්ව මගේම කියලා අයිති කර ගන්න උවමනාවක් නෑ..

මොකක්.... ?

ඔව්... මම ආදරේ දකින්නේ අනිත් උන් දකින විදියට නෙවී.. කොල්ලෙක් කෙල්ලෙක්ට කෙල්ලෙක් කොල්ලෙක්ට හරි ආදරෙයි කියලා කිව්වොත් හැම කෙනෙක්ම ඒක දකින්නේ.. ගොඩාක් සංකිර්ණ විදියට.. මුන් දෙන්නා  කසාද  බඳියි.. එකට ජීවත් වෙයි දරුවෝ හදයි... ඒත් ඒක ජීවත් වීම මිසක් ආදරේ නෙවෙයි නේද... ඔය විදියට ජීවත් වෙන මිනිස්සු අතරේ ආදරේ නෑ... ඒ මිනිස්සු අතරේ තියෙන්නේ කොලේක අත්සන් කරපු ගිවිසුමක් විතරයි.. මට ඔනි අනුහස්ව ඒගිවිසුම එක්ක මගේ ජීවිතේට හිර කර ගන්න නෙවයි.. ඒ නැතත් සාගුවෝ ආදරේ කියන්නේ හදවතට දැනෙන දෙයක්.. මම කාටහරි ආදරේනම් පරෙලා අනිත් මනුස්සයා මට ආදරේ කරන්න ඔනි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ.. හිතලා බලපන් මේලෝකේ දකින විදියේ ආදර බැඳිමකින් බැඳිලා ඉන්න දෙන්නෙත් ගේ ආදරේ තරාදිකට දාලා මැන්නොත් දෙපැත්ත සමානද .. නෑ නේද.. පොඩි හරි වෙනසක් තියෙනවා... මට මගේ ආදරේ තරාදියේ දෙපැත්ත සමානවෙන්න ඔනි නැහැ  මගේ පැත්තෙන් තරාදිය පහලම තියෙද්දි අනුහස්ගේ පැත්තෙන් උඩින්ම තියේවි.. ඒත් ඒක මට ආදරේ කරන්න ඒක ප්‍රශ්ණයක් නෙවී.

ඔය සේරම විකාර අදහස් විතරයි නෙතුවෝ.. මුළු ලෝකෙම උඹට හිනා වෙනවා.. උඹ ජීවත් වෙන්නේ විකාර අදහස් එක්ක.. උඹ ඔය හිතන බොළඳ විදියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. කාට නැතත් අනුහස්ට උඹ දැන් පරාල ඇනයක් වෙලා කියලා උඹට හිතෙන්නේ නැද්ද... ඌ උඹට අකමැති නිසානේ උඹව සත පහකට ගනන් ගන්නේ නැතිව ඉන්නේ.. මේ විකාර අත්ඇරලා දාපන්    නෙතුවෝ මම ආස නෑ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කොල්ලෙක් නිසා චාටර් වෙනවට.. 

උඹ කියන දේ මට තේරෙනවා සාගුවෝ.. මාත් හිතනවා සමහර වෙලාවට.. ඇයි මම මේ තරම් පාච්චල් වෙන්නේ කියලා.. ඒත්  මට හිතෙන්නේ මට දැනෙන්නේ වෙනස් විදියකට.. මම  කෙල්ලෙක් උනත්.. මේක  ලෝකෙටම කෑ ගහලා කියන්න මම ලැජ්ජා  වෙන්නේ නැහැ.. මම අනුහස්ට ආදරයි කියලා .. ඒත් මේක නිසා අනුහස්ව  කොතනකදිවත් අපහසුතාවයට පත් නොකරන්න මම හැමවෙලාවේම  පරෙස්සම්.. ඒ නිසා හිතට දැනෙන හැම දෙයක්ම හිතේම තියාගෙන මම ජීවත් වෙනවා.. අනුහස් ගැන කවදාවත් මට තරහක් හිතෙන්නේ නෑ සාගුවො... අනුහස් මේ ප්‍රශ්නෙදි හැසිරෙන විදියට මම කැමතියි ගොඩක් කැමතියි.. ගෑණුන්ගේ බොළඳ කම් ඉස්සරහා දණ ගහන නපුංසකයෙක්ට වඩා  මේ දකින්නේ මේ ලෝකේ ඉන්න අන්තිම ගෑණි කියලා ඒ ගැණි මත්තේ මැරෙන්න හදන පිරිමියෙක්ට වඩා ,කෙල්ලන්ව සතපහකට මායිම් නොකරන ආඩම්බරකාරයට මම කැමකතියි. මාත් එක්ක කතා නොකරන, මම විකාර නටද්දි නොදැක්කා වගේ අහක බලාගෙන එයාගේ වැඩක් බලානෙ ඉන්න අනුහස්ට මම ගොඩක් ආදරෙයි.  මට බින්දුවක් වත් ආදරේ නැති වුනත් මම මේ වෙද්දි මගේ ජීවිතේ ලස්සනම කාලේ එයාගේ ආදරේ වෙනුවෙන් කැප කරාලා ඉවරයි.. ආයි ජීවිතේට,  ජීවිතේ විඳින්න පුළුවන් මේ කාලේ මට ලැබෙන්නෑ තමයි... ඒත් හිතට එකඟව කරන ආදරයක් වෙනුවෙන්.. මම මගේ ජීවිතේ ලස්සනම කාලේ සහ මුළු ජීවිතේම විඳෙව්වා කියලා මතකයක් තියා ගන්න එක මට සතුටක්.... මම දකින ආදරේ පෙරලා උත්තර දෙන්න ඔනි දෙයක් නෙවී.. සමහර විට තව ටික දවසක් යද්දි අනුහස් වෙන කෙනෙක්ට ආදරේ කරයි. කසාද බඳියි, ළමයි හදයි.. ඒත් නෙතූවට ඒක ප්‍රශ්නයක් වෙන්නෑ සාගුවෝ... ඒ ඇයි දන්නවාද.. මම අනුහස්ට ආදරේ කලේ නොලැබෙන බව දැන දැන.. එයාව අයිති කර ගන්න එක ගොඩක් දුර දෙයක් උනා මට... දැන්  තව තවත් දුරයි... ඒත් ලැබුනොත් ඒ වෙලාවෙම මම හුසුම හිර වෙලා මැරෙයිද කියලා කවුද දන්නේ...... නුපුරුදු සිනාවක් නඟා ගනිමින් මා කීවෙමි... විසල් දෙනෙතින් යුතුව සංජලී මා දෙස බලා උන්නාය.

උඹේ මේ ආදරේ මට නම් මල සමයමක් නෙතුවෝ....  සියල්ල අසා අවසානයේ ඈ කිවාය..

අනුහස්ටත් එහෙමයි..... මේ මේ.. දැන් ඇති නේද... අපි යමුද.. උඹේ අර මල් පැලේ වෙන කවුරු හරි අරන් යාවි....  වේගයෙන් අඳෙන් නැගි සිටි මා කොට්ටයෙන් සංජලීට දමා ගැසුවෙමි.

උඹ හොඳ මූඩ් එකකද. ඉන්නේ..... සංජලී සුපරික්ෂාකාරීව මා දෙස බුලුවාය.

“sure ඇයි එහෙම නෑ කියලා උඹට පේනවද.. ...... සාගුවෝ... මම හිතින් විඳවන්නේ අදක ඊයේක ඉඳන් නෙවෙයි කියලා ඩයරිය කියවපු උඹ දන්නවා.. ඒ අතර කාලේ අපි මෙන තරම් පිස්සු නැටුවද කියලත් උඹ දන්නවා. හිතින් මම විඳවනවා කියලා මුල්ලකට වෙලා අඬ අඬ හිටියට මට ලැබෙන දෙයක් නෑ.. වේදනාව හිතේ තියාගෙන ජීවිතේ එන හැමදේටම මූණ දෙන්න මම පුරුදු වෙලා ඉන්නේ... එහෙම නැතිව බෑ.. ඉවරයක් නැති වේදනාවක් බදා ගත්තු කෙනෙකුට.. අනිත් එක මා එක්ක නටන්න  තියෙන පිස්සු නටලා ඉවර කරහන්.. මම දැන් ටික  ටික මාවම වෙනස් කරන් යනවා.. මට ඔනි අනුහස් තරමටම නිහඬ වෙන්න.. ඒත් මම  ජීවත් වුනු විදියට එකපාර එහෙම වෙන එක ලේසි නෑ...  

අපෝ..... ඇති ඇති උඹේ විකාර... ඔවා මට නම්  මල සමයන් විතරයි.. උඹට පිස්සු... හොඳටම පිස්සු... උඹේ හොඳ යාළුවා වෙච්චි මටත් හිනේනේ එහෙමයි..... ඒත්... වෙලාවකට හිතෙනවා.. අනුහස් නැති කරගෙන තියෙන්නේ. . මේ ලොකේ..  එයාටත් වඩා  රැඩිකල් විදියට හිතන කෙල්ලෙක් කියලා... සංජලී සිනාසෙමින් කීවාය.

නෑ.... සාගුවෝ.... එයා නැති කර ගන්න යන්නේ මේ ලෝකේ එයාට ගොඩක්ම ආදරේ කරන කෙල්ලව..........

හෝ... හේ. ඇත.. ඇති...  යමු.... යන ගමන් ඉතිරිය......

කිංකිණි සිනා හඬ නංවමින් අප දෙනෙවා ස්කූටරය වෙත දිව ගියෙමු.. 


නිර්මාණය සහ නිර්මාණ කරුවා යනු දෙදෙනෙකු බව මාවතේ වු පුවරුවක සටහන්ව තිබුණි . 

Mar 4, 2012

My dear Edward | ආදරණිය එඩ්වඩ්



එව්ඩඩ් !! .... එඩ්වඩ් ෆයර්ෆැක්ස්  රොචෙස්ටර්, මීදුම් අතරින් ඇවිත් අසුපිටින් ඇවිත් මා ඉදිරියේ ඇද වැටුණු ඔබ, මද අඳුරේ නඟරය දෙසට යමින් හිටපු මාව පේත්තුකාර බැල්මකින් රිදවලා ආඩම්බරකාර කතා කියපු ඔබ,

මම බලාපොරොත්තු වුනු  මාන්නක්කාර   නිවැසිප්‍රධානියා  එලෙසින්ම මවා පෙන්නපු රදළ කුලයේ මාන්නක්කාර ඉඩම් හිමියා එඩ්ඩඩ්!! කහපාටින් දැල්වෙන් ගිනිඋදුනට මුහුණ ලා මට පිටුපා හිටිය ඔබ.  දුඹුරුපාට ගුප්ත ඇස් වලින් කෙලින් මාදිහා  බලාන මා තේරුම් ගන්න උත්සහ කලා ඒත් මම ඔබේ දුඹුරු ඇස් ඉස්සරහා බිය උනේ නැහැ. පුංචි ප්‍රංශ කෙල්ලට උගන්වන්න ඔබේ නිවසට ආපු ගුරුවරිය මම, ඔබේ මාන්නක්කාර කතා ඉස්සරහා සෘජු ඇස්වලින් ඔබ  දිහා බලා උන්නු තරුණ අනාථ ගුරුවරිය මම ,

ගුප්ත අඳුරු නිවස පුරාවට ඔබ ඉන්නවා බවට සලකූණු පෙන්වමින් දහවල ගත  කරන ඔබ අඳුරු රාත්‍රියේ ගිනි උඳුන අසල මත පැන් වීදුරුව සමඟ  ජීවිතේ දුක සැප කතා කරන ඔබ. මත් මතින් දොඩමලුව තමා කඩවසම්දැයි මගෙන් ඇසුව ඔබ.. එඩ්වඩ්!!

ජීවිතේ කිසිම දිනක ඔබවන් ස්වාමියෙක්  නොපතපු මාව ඔබේ මනාලිය වන තැනට අසරණ කරන්න කොයි  තරම් නම් මායම් කලාද මගේ තරුණ හිත ගාව.

රදළ යුවතියන් සමඟ රඟමින්.  ඔවුන් ඉදිරියේ මා සමච්චල් කරමින්. ආඩම්බර කාර ඇස්වලින් මාගේ හිත අසරණ කරපු ඔබ..

එක හීතල හැන්දෑවක පොඳ වැස්සේ තෙමෙන් ගමන් මගේ ආදෙර් ඉල්ලපු එඩ්වඩ්, සුදුපාට  මඟුල් ඇඳුමෙන් සැරසුනු මාව මනාලිය කර ගන්න හීන දැකපු එඩ්වඩ්!!

ඒ ආඩම්බරකාර  දුඹුරු පාට ඇස් දෙකේ දිස්නය අහිමි වෙලත් මගේ උණුසුමින් මාව අඳුන ගන්න පුළුවන් තරමට මගේ හුස්ම පොදට ආදරේ කරපු ආඩම්බරකාර එඩ්වඩ්!!

මම ඔබේ ආදර ජේන්.




එඩ්වඩ්!! .......යෝර්කී රාජකීය පෙළපතේ ඔටුන්න හිමි 4වැනි  එඩ්වඩ් රජු. රාජකීය පැලැන්තියේ සිරිත් විරිත් පාගගෙන  ශ්‍රීමත් ජෝන් නයිට් වරයාගේ බිරිඳව අගමෙහෙසිය කරගත්...  රාජකීය අනංගයා.  එළිසබෙත් වුඩ්විල් රැජිනට රහසින් මගේ සෙනෙහස හොයාගෙන ආපු ආදරණිය පෙම්වතා..

ආදරණිය එඩ්වඩ්!!    වංශවත් ඉංග්‍රීසි නයිට් වරුන්, සාමි වරුන්,  මගේ ආදරේ පතාගෙන මගේ රෑපයට වශීවිගෙන මගේ අත පතදද්දි  ලන්ඩනයේ උදවිය මට කිව්වේ ලන්ඩනයේ රෝස කුසුම කියලා.

විවාහය ආදරය මායිම් නොකරපු මම විවාහ උනේ  වසර පහලොවක් වැඩිමහළු විලියම් සමඟ.. මගේ මනමාලයා ඔහු රන් කරුවෙක්,  ඒත් මගේ විවාහය ලන්සුවට තිබ්බේ ඔබේ ප්‍රංශ සංචාරය නිමවීමත් සමඟ එඩ්වඩ්, මම ඔයාට ආදරේ කලා වශි උනා.

මතකද ඔබ මා  ගැන කල හැඳින්වීම.

"ඇසුරේදී මන බඳින ඔනෑමදෙයකට ඉක්මනින් බුද්ධිමත් පිළිතුරක්  දීමට ඉවක් ඇති ගැහැණිය, ...... එසේම... ප්‍රීතිමත්ම , බුද්ධිමත්ම.. ජූජනීයම පෙම්වතිය..... "

මට එහෙම ආදරේ කරපු  ඔබ අවසන් හුස්ම හෙලුවේ මගේ ජීවිතේ අදුරක තනි කරලා බව ඇත්ත... ඔවුන් මට වෛර කලා.. ඔබේ පුතා ජූනියර් එඩ්වඩ් අවුරුදු පහක පොඩි එකා.. ඔබේ බිරිඳ එළිසබෙත් වුඩ්විල්..

ඔවුන් මාව සිරගත කලා.. ප්‍රසිද්ධ වෛශ්‍යාවකට මෙන් දඩුවම් කලා.. ඉරිදාවක ගල් බොරළු සහිත මාවතක සැහැල්ලු කබායක් සහ යට ගවොමක් සමණක් හැඳ ඉටිපිහනක් අතැතිව යන්න නියම කලා.. ඒ එඩ්වඩ් මම ඔබට ආදරේ කරපු පාපයට... ඒත් මම ලන්ඩනයේ රෝස කුසුම විදියට ඒ  දඩුවම ආත්මාභිමානයෙන් විඳදරා ගත්තා ඒ ඔබේ ආදරේ නාමයෙන්.. !!

මම ඔබේ ජේන් ෂෝ.



ප:ලි

මගේ හිතට වැදුනු නම් දෙකක් ඒ එඩ්වඩ් සහ ජේන්..

ඒ අය මට හුමුවුනු ආකාර දෙකක්.. මොහොතට ජේන් වෙන්න උත්සහ කලා පමණයි :) 


Jan 3, 2012

මුදලාලි ආතා.

සිලි සිලි හඬින් නද දෙන පන්සල් භූමිය ගොම්මන් අඳුරෙන් වැසී  යන්නට ගත වුයේ සුළු වේලාවකි. බෝධි පුජාවට සාභාගි වු  බැතිමතුන්  හෙමිහෙමින් ගල් පඩිපෙල බසිද්දි අත්තම්මාත් මමත් දෙදෙනා ගමන ඉක්මන් කෙරුවෙමු. එහෙත් අපේ අරමුණ කරා යන්නට අපගේ සුළු ප්‍රමාදය හේතුවිය. 

“අයියෝ.!! අන්න පාන් කඩේ බස් එකත් යනවා... දැන්  ඉතින් පයින් තමයි යන්න වෙන්නේ...!!“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.

“දැන් ඉතින් වෙන මොනවා කරන්නද සුදු දෝනි ඔන්න ඔහේ කතාවක් දාගෙන යමු.. හඳත් පායගෙන එනවනේ.. “ අත්තම්මා සැනසිලිදායක හැඬින් පවසා සාමාන්‍ය ගමනින් ගල් පඩි පෙල බසින්නට වුවාය.

පන්සලේ සිට නිවසට ඇති සැතපුම්  කිහිපය පාගමනින් යෑම කවදත් මට හිසරදයකි. පයින් ගමන ප්‍රිය නොකල නිසාම පන්සල් යෑම විශේෂිත පොහෝදිනකට පමණක් සීමා විය. එහෙත් අත්තම්මාට එය මහ දුරක් නොවේ ඇය සතියට දෙතුන් වරක්වත් පන්සල් ගියාය. මගේ තරුණ සිතිවිලි  ඇය විවේචනය කලේ විකාර වැඩ කරන්නියක් ලෙසිනි. නමුත් පන්සල් බිමට පය තෑබු විට සිතිවිලි වලට දැනෙන නිදහස හා ශන්ත බව මමද නොමසුරුව විඳ ගනිමි.

“ ගමේ අය එකතු වෙලා උඩහා කන්දේ පන්සලක් හදන්න නේද අත්තම්මා උන්නේ.... ඇයි තාම ඒක පටන් ගත්තේ නැත්තේ? “ පයින්ම නිවස කරා එන අතරතුරේ මම විමසිලිමත් වුවෙමි.

“ අර නාකි මනුස්සයා නඩු කියන්න පටන් ගත්තනේ..“ අත්තම්මා කිවේ නොරිස්සුමිනි.

“මොන...?“

“ඇයි අර මුදලාලි උන්දෑ.. ඉඩමට නඩු කියන්න පටන් ගත්තනේ..“

“මොකක්!! ඒ කැලෑවටත් අයිති කාරයෙක් ඉන්නවද.. අනේ හැබෑට.. ඔකේ තියෙන තරමක් තියෙන්නේ කැලෑ මීවනයි තිරුවාණා ගලුයිනේ.. ඔයාට මකතද  ඉස්සර චමරි අක්කයි මායි ඒ කන්දේ මීවන අතු කඩන්න යනවා..“  කුඩා අවදියේ සුන්දර මතකයන් අතරට යමින් මම පැවසීමි.

“හ්ම්ම්ම් තිරිවානා ගල් උනත් ඉඩම මිනිහට වටිනවා කියන්නේ... ඩොසරේ දාලා පාර කප්පපු දවසේ ආවේ ඔය සරමත් කරට අරන් මිනිස්සුනට බැනගෙන.. දැන් ඔන්න නඩු කියනවලු ගමේ මිනිස්සු එක්ක...“ අත්තම්මාගේ ස්වරයේ කලකිරිණු ස්වභාවයක් විය.

“ කවුද අත්තම්මා මුදලාලි උන්දෑ කියන්නේ...?“

“ඇයි ළමයෝ අහලා නැද්ද අර එළවලු තොග කඩේ පත්මේ මුදලාලිගේ තාත්තා.. ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි ආතා  කියලා“

“පත්මේ මුදලාලි කියන්නේ සල්ලි කාරයෙක්නේ.. ඉතින් ඔය මනුස්සයා කරන දන් පින වල හැටියට පුදුමයි ඔය ඉඩං කෑල්ලට ලෝබ උනා.“

“පත්මේ මුදලාලි දන් පින් කරාට මහ මනුස්සයා කුනු ලෝබයා.  කුඩු කේඩු කම් කරලමයි වයසට ගියේ...“

“ අනේ මන්දා.. ඒ ඉඩම ලැබුනනම් අපිටත් ගමට පන්සලක් තියෙනවා.. කොව්වර උනත් දැන් අපි යන්නේ අනුන්ගේ ගමක පන්සලකටනේ..“

“අනුන්ගේ වෙන්නේ කොයිද ළමයෝ.. මේක ඔයාගේ ආතාගේ ගම... මේ පන්සලට අපිටත් අයිතියක් තියෙනවා“

“ ඒ උනාට ඉතින් හැතැප්ම ගානක් පයින් බඩ ගාන්න ඔනිනේ...“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.

**ℓℓℓℓℓℓℓ**

“අන්න අප්පච්චිලා හෙට ලොකු පිනක් කර ගන්න යනවා..“ පොතකට මුහුන ඔබා සිටි මගේ හිස කෙස් වලට පොල්තෙල් අතුල්ලන අතර අම්මා කිවාය..

“හෙට ඉතින් පොසොන් පෝය වෙච්චි එකේ කවුරු කවුරුත් පින් තමා කරන්නේ..“ මම සරදම් කලෙමි..

“ විහිලු නෙවෙයි ළමයෝ... තකහනියක් පෙරේරා සර් ලඟට ගිහින් නැකත් බැලවේවා හෙට අර ලයිට් කණුව පල්ලෙහා ගල් ගොඩේ බෝධියක් හිටවනවා කියන්නේ,  ඔන්න දැන් උදැල්ක් උස්සගෙන ගියා වට පිටාව සුද්ද කරන්න.. ගමේ කොල්ලෝ සේරම එකතු වෙනවා කියන්නේ.“ 
අම්මා විස්තර කලේ ඇඟිලි තුඩු වලින් මගේ හිස සම්භානය කරමින්මය.

“එහෙනම් අම්මේ අපි ගිහින් උදව් කරමු.... හරි නෑනේ.. අනික අපේ අල්ලපු වැටනේ.. “ නැවුම් උනන්දුවකින් මා නැගී සිටියේ බෝ සෙවනක ගොම්මන් වාමය ගත කරන සුන්දඑ කාලය දුර ඇතක නොන බැව වැටහුනු නිසාවෙනි.

“ඔයා  ගිහින් කීදෙනකේද ඉන්නේ කියලා බලන්න.. එන ගමන් කඩෙන් බිස්කට් මොනවා හරිත් ගේන්න අපි තේ ටිකක් හදාගෙනම යමු..“ අම්මා කීවේ නැවුම් උනන්දුවකිනි.

“ හරි.... අපිත් පිනක් කර ගන්න එපායෑ.. ඔන්න බිස්කට් මගේ ගානේ..“ කියමින් මම මිටින් හල කිරිල්ලියකසේ  එම ස්ථානයට දිවගියෙමි.

ප්‍රධාන පාරට මුහුනලා පිහිටි ඉඩම විශාල කළු  ගලක් සහිත කටු පඳුරු පිරුණු භුමියකි. එය අයත් වුයේ ගමේ දුප්පත් තරුණ සහොදරයින් දෙනෙකුටය. කෙනෙකු කිරි හරකුන් සහ කුකුලන් ඇති කරමින්  කිරි හා බිත්තර වලින් ලැබෙන ආදායමින් ජීවත් වන අතර අනෙකා ගමේ වතු වල දවසේ පඩියට කුලී වැඩ කරමින් ජීවත් වෙයි.

උදාවු පොහෝදින  සෙත් පිරිත් හඬ මැද්දේ අභි නව බෝධිය රෝපණය කෙරිනි. එම අවස්ථාවට සාභාගී වු හිමි නම පවා  ඉඩම ලබා දුන් තරුණයින්ට පැසසු සේක.

**ℓℓℓℓℓℓℓ**

 බෝධිය කෙමෙන් වැඩෙනනට විය ප්‍රෙදශයේ දානපතීන් බුදු කුටියක් ඉදිකිරීමට නොමසුරුව ආධාර කලෝය. ගමේ මේසන් වරු තම තමන්ගේ විවේක වේලාවන්හීදි කැපවී වැඩ කරමින් බුදු කුටියේ වැඩ කලෝය. සියලු දෙනාගේ සිත් වල බලා පොරොත්තු පහන් දල්වමින් බෝධින් වහන්සේගේ රන්වන් පැහැයෙන් දළුලමින් වැඩුනු සේක්.. 

එහෙත් ගමේම ඊට විරුද්ද කල්ලියක් විය. ඔවුන් බෝධින් වහන්සේට කිරි වත් කොට නැවුම් දළු කරවන්නට සැලසුවෝය. එහෙත් සැදැහැතියන් නොසැලී දිවා රෑ වෙහෛසී බොධින් වහන්සේ රැක ගැනීමට කට යුතු යෙදුවෝය.

දිනක උදෑසන කාලයේ නිදි ගැට කඩමින් මිදුලේ තණ බිස්සේ සක්මන් කරමින් සිටි මට දෙවැට දෙසින් අත්තම්මාගේ  හඬ ඇසි විපරම් කලෙමි...

“ආ... නැන්දා.. මල ගෙදර යන්නේ නෑද?“ හරක් දක්කාගෙන  යමින් සිටි තරුණයා අත්තම්මාගෙනි ව්මසුවේය.

“කවුද.. පුතා.. ආරංචි උනේ නැහැනේ...“ අත්තම්මා කුතුහලයෙන් යුතුව ඔහු දෙම බලා ඇසුවාය.

“ඇයි මුදලාලි ආතා.. ඔන්න ඊයේ හවස පරලොව ගියාලු... “ සමච්චල් හඬන් කියා ඔහු හරකුන්ට කෙවිටෙත් තැලුවේය

“හැබෑට!! එහෙනම් යන්න වෙයි නේද... පුතා ඔය  ගමන්ම යනවද....“

“ දැන් බෑ නැන්දා.. අර උඩහා කන්දේ ඉඩම අරන් යනන් ඔනි.. උන්දෑගේ පෙට්ටියට දාන්න..“ සමච්චලයට කියා ඔහු හරකුන් දක්කාගෙන කන්ද පහලට ගියේය..

“ඔය මනුස්සයාට එහෙම කියන එක වැරදියි. පන්සල හදන්න ඉඩම කවුරුත් ඒ මනුස්සයාගෙන් ඉල්ලලා නැහැ. මේ  මිනිස්සු බලෙන් ගිහින් ඉඩම සුද්ද කරද්දි ඒ ආතා ඇවිත්.. ඇයි අහපු වෙලේ  අම්මා අප්පා මකත් කරලා කුණුහරුපෙන් බැනලා.. ඒකනේ ඔය ඉඩම දෙන්න බෑ කියලා තියෙන්නේ“ මෙතෙක් වෙලා පත්තරයට මුහුණ ඔබා සිටි අප්ච්චී කණ්නාඩි කුට්ටමට ඉහලින් බලමින් කීවේය. 

Nov 20, 2011

පියානෙනී මං ඔබේ ආදර දෝණි.

නිහඬ බිත්ති දෙරෙවා මාගේ ඉකිගැසීම ගුවන කරා ඇදී යන්නට ඇත. නිවසේ කිසිවෙකුත් නොමැති  අවස්ථාවක් සොයමින් සිට අද මේ වරය ලබා ගත්තේ කුමන පාපයකටදැයි මම සිතුවෙමි.

  නිවසේ අප සියලු දෙනාගේම ලියකියවිලි තාත්තා විසින් පරෙස්සම් කොට තිබු බ්‍රිෆ් කේසය මතට වැටී තිබුණු මගේ කඳුලු පැල්ලම් නිසා ඒ මත වු දුවිලි අංශු සේ දී ගොස් තිබුනි. දෑතට පොඩී වි තිබුනු අම්මාගේත් තාත්තාගේත් විවාහ සහතිකය නැවත වරක් බලන්නට මා බොඳවු දෙනෙත් පිසදා ගතිමි. විවාහය ලියාපදිංචි කල දිනය. මා උපන් වසරේම ජනවාරි නව වැනිදාවක බව යලිත් කියවා බලා සැක හැර ගතිමි. මගේ උපන්දිනය හා සසඳන කල ඒ ඊට මාස හයකට පෙර දිනකි. 

නිහඬව දෙනෙතින් ගලා යන කඳුලු අතරේ  දහසක් සිතිවිලි අතරේ මා අතරමන් විය..

"ඔය කෙල්ල අපේ පුතාගේ නෙවෙයි"

"අපේ ළමයින් උඹලා  කතා කරන්නේ නම කියලා ඒකිට විතරයි  සුදු මැණිකේ කියන්නේ.. ඒ උනාට ඔය සුදු මැණිකේ අපේ පොඩි අයියාගේ ළමයෙක් නෙවෙයි කියලා ඔය අම්මාම කියන්නේ.. "

"මොන විකාරද ඔය ඉන්නේ ආත්තම්මාගේ කපාපු පලුව වගේ.. අපේ සහොදරියෝ එක්කෙනක්ගේවත් දුවකට අම්මාගේ හැඩ පිහිටලා නෑ පොඩි අයියගේ දුවට ඇරෙන්න.. අනික බලන්න අක්කා අපේ පොඩි බබාගෙයි සුදු මැණිකේගෙයි ඇස් එකම වගේ.. අතපය එකම වගේ.."

"අපි නොදන්නවා යෑ ඔය කෙල්ලගේ අම්මා ඉස්කෝලේ යන කාලෙ ඉඳන් කීදෙනක් පස්සෙන් ආවාද කියලා. අනික ගමේ මිනිස්සු කියන කතන්දර ඔව්වා."

"හපෝ.. මෙයා අපේ පවුලේ කෙනෙක් නෙවේ මෙයාව හදා ගන්න ගත්තේ"

මෙකී නොකී අවලාද නොයෙක් වර සවන් වැකුනද මෙතෙක් ඒහි වගක් මා හට නොවුනද  ඇස් පනාපිට ඇති දෙයින් මම විපක්ෂතව කල්පනාවේ නිමග්නව උනිමි. 

මෙනවා උනත් මම මේක හිතේ තියාගෙන ඉන්නවා කවදා හරි ඇත්ත දැන ගන්න පුළුවන් වෙයි.. මා මටම කියා ගතිමි. 

දින සති මාස ගෙවුනේ වේගයෙනි. අම්මාගේ මෙන්ම තාත්තාගේ නොමද ආදරේ එකම හිමිකාරිය ලෙස මට කිසිදු හිත් වේදනාවක් නොවුනි. එහෙත් තනිවන බොහෝ වේලාවන්හීදි මගේ සැබෑ පියා කවුදැයි මගේ සිත විමසන්නට විය.  

"බලන්න සුදු දුව තාත්තලා පරම්පරාවේ කිසිම ගෑණු ළමයෙක් හරියාකාරව වෙඩින් එකක් අරගෙන ගියේ නැහැ ඔයා තමයි ඒ අඩුව පුරවන්න ඔනි ඒ නිසා ඔයා කවදා හරි කරන්න ඔනි අපි කියන දෙයක් තමයි.. "

අම්මා සෙනෙහසින් කියද්දි විහංග කෙරෙහි දළුලා වැඩුණු ප්‍රේමය සඟවාගෙන ඔහුව ප්‍රතික්ෂේප කලේ දෙමාපියන්ගේ සිහින හැබැවිම මගේ පෙම් සිහිනයට වඩා උතුම් බැවිනි. එහෙත් යම් දිනක යෝජිත විවාහයකට යාමේදි අත්තම්මාත් නැන්දලාත් කියන්නවු කතාව පරහකව සිටීදෝයි සිතෙහි හැම විටම තිබුනේ සාංකාවකි. ඉතින් මා දැඩි තීරනයක් ගතිමි. උසස් අධ්‍යාපනය නිම කරන්නට මෙරටදි හැකියාව හැකි නමුත් එබැව් සඟවා විදේශ ගත විටම දෙමාපිය අවසරය පතා සිටියෙමි. 

"ඔයාව තනියම රටකට යවන්න..?? කොහොමද පුතේ තාත්තයි මමයි එහෙම කරන්නේ ඔයාට යන්නම ඔනිනම් කසාද බැඳලා ඔයාගේ මහත්තයා එක්ක යන රටකට යන්න තනියමනම් ඔයාට මේ ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැ."

අම්මා තරයේ කියා සිටියාය. එහෙයින් මා අසරන උනෙමි.. විවාහයකට මගේ තුන්හිතක අදහසක් නැත්තෙන් නිහඪවම කාලයට ඉඩදී බලා සිටියෙමි.

සැමදා මත් එක ලෙස මා තාත්තාගේ සුරතලියම උනෙමි. ඉගෙනුම අතින් රැකියාව අතින් මා සාර්ථකත්වයේ හිනි පෙත්තට නගිත්ම ඔහුගේ දෑසේ දිදුලන කාත්කිය දෙස බලා මා සැනසුනෙමි.. ඉඳ හිට තම සොයුරන් සමඟ සාදයක් ගෙමිදුලෙහි පවත්වන ඔහු අදම් ඇනුවේ මගේ දස්කම් සහ යම් දිනක මා විවාහ කර දෙන අයුරුයි. ඇතැම් විට මට එවන් දේ දැනුනේ ඔහු බමන මතින් කියන්නා වු දේවල් පමණක් බවයි. 

එහෙත් හදිසියේ තාත්තාගේ මව අසනීප වුයෙන් මෙතෙක් කලත් තාත්තාගේ සොයුරාගේ නිවසේ උන් ඇය අප නිවසට කැඳවාගෙන විත් සාත්තු කරන්නට තරම් අම්මා කාරුණික වුවාය. එහෙත් කිසිදු මාර්ගථලයක් නොලබා සිටින මගේ කෙලෙස් සහිත සිත එය නොඉවසුවේ ඇය මා සම්පබන්ධව කියා ඇති දෑ නිතර මගේ සිතෙහි හොලමන් කල නිසා විය හැකිය. 


එහෙයින් ඇය සුවවී යන තුරුයි කියා අම්මාගේත් තාත්තාගේ අකමැත්ත පිටම මා අම්මාගේ මෑණියන් වු සුදු අත්තාම්මා වෙත ගියෙමි. එය සැබැවිත්ම අතිශය හිතුවක්කාර තීරනයක් වීම නිසා.  තාත්තා දුරකතනයෙන් හෝ මා හා කතා නොකරන්නට තරම් උරනව උන්නේය.  එහෙත් මා නොසැලී උන්නෙමි. යලිත් මා නිවසට එන්නේ අත්තම්මා සුවවී නිවසින් පිටව ගිය දිනක පමණක් බව තරයේ කියා මා සුදු අත්තම්මා සෙවනේ උන්නෙමි. 

මාස කිහිපයක් ඇවෑමෙන් අත්තම්මා සුවවී පිටව ගියායැයි කියා තාත්තා මා කැඳවා ගෙන යන්නප පැමිණියේය. ඔහුගේ මුහුනේ වෙනදා වු සතුට නොතිබිනි. එහෙත් දුරු කතර අතර මඟ ඔහු මට අවැසි සියල්ල තුටු සිතින් සපයා දුන්නේය. තිබහට පළතුරු බීමක් මෙන්ම අතුර මඟදි කෑමට බිස්කට් වර්ගද ගෙනැවිත් මා අත තමා යාබද අසුනේ ඔහු  ගමනාන්තය තෙක් පැමිණියේ නිහඬවමය. 

නිවසේ ප්‍රධාන දොරටුවෙන් අතුල් වත්ම බිත්තියේ විශාල පෙදෙසක් වසා සිටි මාගේ විශාල ප්‍රමාණයේ ඡායා රූපය දැක මගේ නෙතට කඳුලු නැගිනි. මම කිසිත් නොකියාම කාමරයට වැදුනේ මා හටම සිතින් සාප කරමිනි.

සිතිවිලි වලින් අපි එකිනකා පිළිබද නිතරම වැරදි අවබෝධයෙන් සිටියත් කිසිවිටෙකත් අප එකිනෙකා හා විවෘත්තව කතා නොකලෙමු. එහෙත් අත්තම්මා පතුරවන කට කතා මා දන්නා බව අම්මා මෙන්ම තාත්තාද දැන සිටියෝය.  ඇතැම් විට අම්මාගේත් තාත්තාගේත් එකිනෙකා කෙරෙහි වු සෙනෙහස මට හිසරදයක් විය. ඔවුන්ගේ ජීවිත වසාගෙන යම් රහසක් ඇතැයි මම නිතර සැක කලෙමි. නමුත් දිනක් තාත්තාගේ පැරණි දින පොත් ගොන්නක් කියවීමෙන් මට මා කෙරෙහිම ඇති වුයේ. විසල් පිළිකුලකි. කුඩා අවදියේ මා ගේ උදරයේ ශල්‍ය කර්මයක් කල අවස්ථාව පිළිබඳව හැඟම් බරව ඔහු දින පොතේ ලියා තිවු දෑ දැකිමෙන් සැබැවින්ම මා ඔහුගේ ලෙයින් උපන්  කෙනෙකුම බව තිර ලෙස දැන ගතිමි. අම්මාත් තාත්තාත් විවාහ වුයේ  පෙම් සබඳ කමක් මත බවත් අත්තම්මා එයට දැඩ් ලෙස විරුද්ධ වුනු බවත්. මා උපන් පසු ඇය වියරුවෙන් මෙන් අම්මාට අපහාස කල බවත්  බොහෝ විට සුදු අත්තම්මා කියා ඇත. 

ඉතින් මම සැනසීමි.  ඇතැම් දෙමායියන්ගේ වුවත් මුවින් පිටවන එක් කෘර වදනක් කෙනෙකුගෙ ජීවිතයට නොරිසි ලෙස බලපානා බව සිතිවිල්ලකම සිරකොට මම සිතිවිලි නිදහස් කලෙමි... මේ සිටින්නේ මාගේම තාත්තාය.. මම ඔහුගේ ලෙයින් උපන් වැඩිමහලු දියණියයි.. එය මෙලොව කිසිවෙකුගේ සම්ප්‍රප්ලාපයකට වෙනස් කල  නොහැක....


පිණි වැටී මල් පිපෙනා මහ පොළවේ 
අත් අල්ලා ඇවිඳින්නට සංසාරේ 
බලා ඉන්නවා තව දවසක් එන තුරා 
පියානෙනී මං ඔබේ ආදර දෝණි.









Nov 5, 2011

වීනා 2 කොටස


දින කිහිපයක ඇවෑමෙන් දිනක් වීනා මගේ කාමරයට පැමිණ මාහා කතාවට වැටුනාය. නොට් බුක් පරිගණක තිරය මත මගේ කවිසිතිවිලි අකුරු බවට පෙරලෙමින් තිබුනි.. මට දැනුනේ නොරිසුමකි.. මන්ද ඒ සිතිවිලි නැවතත් වතාවක් සිතට නොඑබෙන බැවිනි. ඒ ඇරත් ඇය පිළිබඳ අසන්නට ලැබුනු යම් යම් දේ නිසා මට ඇය හා කතා කිරිම එතරම් සතුටක් ගෙන නුදුනි, එහෙත්  මගේ කුරුටු කවි පොත පසෙකලා මා ඇය කියනා දෙයට ඇහුන් කන් දුනිමි.

“අක්කේ ඔයා ගෙන උදව්වක් ඉල්ල ගන්න කියලා මම ආවේ“ ඇය සුපුරුදු ලාලිත ස්වරයෙක් කීවාය..

“මොකක්ද උදව්ව මට පුළුවන් දෙයක් නම් කරන්නම්“ මම පෙරලා පිළීතුරු දුන්නේ සිත යට වූ සැකය සඟවා ගනිමිනි.

“මට රස්සාවක් හොයා ගන්න උදව් කරන්න පුළුවන්ද?“ ඇය බලාපොරොත්තු දෑසේ දල්වාගෙන ඇසුවාය.

“ඇයි ඔයා කීවා නේද ඔය කරන්නේ පාට්නර්ශිප් බිස්නස් එකක් කියලා ඇයි ඔයාලා බිස්නස් එක නතර කරන්නද යන්නේ??“ කිසිත් නොදන්නා අයුරින් මම ඇසුවේ ඇය අපට බොරු කල බව සිත යට තෙරපා ගෙනයි.

“නැ මට දැන් ලංකාවේ ඉඳලා ඇති වෙලා මට රට යන්නයි ඔනි.. ඔයාට පුළුවන්නම් මට හොඳ විශ්වාසවන්ත ඒජන්සියක් හොයලා දෙන්න...“ ඇය කීවේ මගේ නෙත් මඟ හරිමිනි.

රට යනවනම් ඔයා යන්න හිතන් ඉන්නේ මොන වගේ ජොබ් එකකටද ?“

“එහෙම කියලා නෑ ඔනි එකක් කරන්න පුළුවන්..මට දැන් ඔනි පුළුවන් තරම් ඉක්මනින් මේ පැත්තෙන් ඈතකට යන්න“ ඇයගේ ස්වරයේ විහාල කලකිරීමක් විය.

“මෙහෙමයි නංගි ඔයා රස්සාවක් කරන්නම යනවනම් යන්න වෙන්නේ මිඩ්ලීස් කන්ට්‍රි එකකට එහෙම ගිහින් හොඳ ජොබ් කරන්න හොඳ කොලිෆිකේෂන් වගේම එක්ස්පිරියන්ස්  තියෙන්න ඔනි. අනික සල්ලිත් ඔනිනේ..... ඔයා ලඟ අඩුම ගානේ ටිකට් එකටවත් සල්ලි තියෙනවද?“ මම විමසීමි..

“මට ගාමන්ට් එකේ වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙනවා සල්ලි තමයි ප්‍රශ්නේ දැන් සමහර ඒජන්සි වලින් පස්සේ සල්ලි ගෙවන්න පුළුවන් විදියට යන්න චාන්ස් දෙනවානේද.. මම ඒ වගේ තැනක් හොයන්නේ..“

“අනේ මන්දා නිකං යවන විශ්වාසවන්ත තැන් නම් හොයන එක ලේසි නැහැ. මම මගේ යාළුවන්ගෙනුත් අහලා බලන්නම්... මොකක්ද වැඩ කරපු ගාමන්ට් එක මම දන්නේ නෑනේ ඔයා කලින් වැඩ කලා කියලා එතකොට ඔයා ඒ ලෙවල් කලේ කොයි අවුරුද්දේදිද? “ මගේ පැනය හමුවේ ඇය නිහඬවිය.

“ඒක දිග කතාවක් ඔයාට අහන්න වෙලාව තියෙනවනම් මම කියන්නම් ...“   මොහෙතක නිහාඩියාව බිඳිමින් ඇය  කියද්දි මම පරිගණක තිරය දෙස බැලුවෙමි එය ස්ලීප් මෝඩ් එකට ගොස් ඇත.. එය පසෙකලා මම ඇය දෙසට හැරී ඇඳේ හරිබරි ගැසුනේ ඇයගේ කතාව ඇසිමටයි...

“හරි කමක් නෑ ..කියන්න. ඔයාගේ කතාව...“

“මම පුංචි කාලෙන්ම පටන් ගන්නම්..“ ඇය හඬ අවදි කලාය..

“හ්ම්ම්ම්ම්“

“මම ඉපදුනේ නුවර. මේ මගේ උපන් ගම .. ඒත් දැන් මෙහේ මට කාත් කුවුරුත් නෑ.. අයියා කෙනෙක් ඉන්නවා ඒත් එයා බැඳලා ඉන්නේ ඒයාගේ දෙවනි වයිෆ් මේ ඉන්නේ ........ එයා කැමති නෑ මම එයා දිහා ඉන්නවට.“

“එතකොට අම්මා තාත්තා?“

“මම පුංචි කාලේම අම්මා තාත්තවයි මාවයි අයියවයි දාලා රුසියාවට පැනලා ගිහින්.. අපි හිටියේ හන්තානේ ගෙදරක.. ඊට පස්සේ තාත්ත ආයිත් කසාද බැන්දා..  ඒ ගෑනිට දුවෙක් ඉපදුනාට පස්සේ ඒ ගැනි අයියටයි මටයි සලකන්නේ නැතිව ගියා.. තාත්ත හැම වෙලාවේම ඒ ගෑනි එක්ක රණ්ඩු උනා ඊට පස්සේ තාත්තා බොන්න පටන් ගත්තා. තාත්තා කලේ ලෑන්ඩ් සේල්ස්.. ඒකත් තාත්තගේ යාළුවෝ නැති කලා... පස්සේ තාත්තා මාවයි අයියවයි අරන් අර ගෑනිව ඩිවෝස් කරලා කොළඹ ගියා.. ඒත් අපේ දේපොල වලින් කොටසන් අර ගෑනිටයි ඒ නංගිටයි ලියන්න උනා අදටත් අපේ හන්තානේ ගෙදර ඒ දෙන්නා ඉන්නවලු..

ඊට පස්සේ තාත්තා ආයිත් කැලණියේ ගෑනියෙක්ව බැන්දා ඒ ගෑනිටත් ළමයි ඉන්නවා , තාත්තයි ඒ ගෑනු දරුවොයි අපේ ගෙදර පහල තට්ටුවේ ජීවත් වෙද්දි මායි අයියයි හිටියේ උඩ තට්ටුවේ, අපි පහලට ගියේ කන්න විතරයි.. ඔහොම ගිහින් මම අට වසෙරේ  ඉගෙන ගන්න  කාලේ අයියා බැඳලා නුවර ආවා. ඊට පස්සේ අර ගෑනි තාත්තා නැති වෙලාවට මට වෙනස් කම් කලා. සමහර දාට කන්නවත් නෑ එහෙම උනාම තාත්තා වියදමට දෙන සල්ලි වලින් කඩෙන් කෑම එකක් ගෙනත් මම කනවා.. 
අපරාදේ කියන්න බෑ අපේ තාත්තා මට පණ වගේ ආදරෙයි මම ඉල්ලන ගානක් දෙනවා පළවෙනි ගෑනිව ඩිවෝස් කලෙත් ඒ ගෑනි මට සලකපු නැති නිසා.. ඒත් මේ ගෑනිනම් ටිකක් තාත්තව බය කරන් හිටියේ තාත්තා ඒ ගෑනිට හොරෙන් තමයි මට සල්ලි දුන්නේ..  කොහොම හරි මම හොඳට ඔලෙවල් පාස් උනා  තාත්තා පුදුම සතුටකින් හිටියේ.. මට ඉගෙන ගන්න පුළුවන් කියලා කුඩම්මා මට හරියට ඉරිසියා කලා ..තාත්තා ඒත් මාව කොහොම හරි උස්ස් පෙළටත් ඉස්කෝලේට ඇතුල් කලා.

ඒත් අවාසනාවට අපේ තාත්තා දවසක් වාහනේ යද්දි ඇක්සිඩන්ට් උනා.. තාත්තාගේ කකුල කැඩිලා එක තැන් උනා.. ඒ වෙලාවේ තාත්තාගේ ගෑනි තාත්තව බලා ගත්තේ නෑ, බෙහෙත් වලටවත් සල්ලි නැ, මම ඉස්කෝලේ යෑම නවත්තලා ගාමන්ට් ගියා. ආජෝජන කලාපේ ... හවස ඇවිත් මේ අත්දෙකෙන් මගේ තාත්තට සාත්තු කලා “

ඇය දෑත් මිටමොලාවා මා හට පාමින් කීවාය මම නිහඬවම අසා සිටියෙමි

“ තෙල් ගාලා තවලා තාත්තාව තනියමම උස්සගෙන ගිහින් නාවලා කරලා හැම දේම කලේ මම. ඒ සාත්තුවටමද කොහේද තාත්තා ඉක්මනටම සනීප උනා.. ඒත් මම දිගටම වැඩ කලා.. ආයි ඉස්කෝලේ යන්න ආසාවක් මට තිබුනේ නැහැ.. මම පුළුවන් විදියට තාත්තට උදව් කලා දවසක් තාත්තා මගෙන් තේ එකක් ඉල්ලුවා මම කුස්සියට ගිහින් තේ හදද්දි අර ගැණි ඇවිත් මට බැන්නා එයාගේ කුස්සියට ආවා කියලා.. මමත් බැන්නා එදා අපි හොඳටම රණ්ඩු උනා.. අන්තිමේ තාත්තා ගත්තේ ඒ ගෑනිගෙ පැත්ත.... තාත්තා මට ගැහුවේ බෙල්ට් එකෙන් .. මට පණ වගේ ආදරේ කරපු මගේ තාත්තා අර ගෑනිගේ කේලාම් අහලා මාව පයින් ගහලා ගොදරින් එලියට ඇදලා දැම්මා.. ඒතකොට හොඳටම රෑවෙලා.. මට යන්න එන්න තැනක් නෑ.. අතේ පොඩි ගානක් තිබුනා.. ඒකත් අරන් මම කෝච්චියෙන් නුවරට ආවා..  අයියට කොල් කරලා මාව ගන්න ස්ටෙෂන් එකට එන්න කිව්වා..

මම අයියාගේ ගෙදර නැවතිලා රස්සාවක් හොයන්න ගත්තා ඒත් ලේසියෙන් රස්සාවක් හොයන්න බැරි උනා... ඔය අතරේ නෑනා මා එක්ක රණ්ඩු වෙන්න  පටන් ගත්තා...  එහෙ ඉන්න බැරිම තැන මම පුංචි කාලේ මට උගන්නපු ටීචර්  කෙනෙක් ලඟට ගියා. ටීචර් මට  SOS එකේ වැඩ අල්ලලා දුන්නා. ටීවර්ලාගේදිහා ඉඳන් වැඩට යන්න දුරයි ඒ නිසා මම වටදෙනිය පැත්තේ ගෙදරක බොඩ් උනා..“

“ඉතින් එහේ ඉඳලත් දුරයි. නේ...“ මම මැඳින් පැන්නෙමි..

“ඔව් ඒත් තවත් ටීචර්ට කරදර කරන්න හොඳ නෑ කියලා මට හිතුනා..එහේ ඉඳන් වැඩපලට බස් එකක් උදේ හවස එනවා ඒකේ තවත් ළමයි එනවා ඒ නිසා මම බස් එකේ යන්න එන්න පටන් ගත්තා. ඔය අතරේ තමයි මගේ ජීවිතේ අවුල් කරපු ඒ සිද්දිය උනේ..  දවසක්  මම මගේ ශිෆ්ට් එකේ වැඩ ඉවර කරද්දි දන්නේම නැතිව වෙලාව පහු වෙලා රෑ 10.00යන බස් එක ගිහින් මම යාඩ් එකට එනකොට තිබුනේ එකම එක බස් එකයි.. මම ඒකේ ඩැයිවර්ගෙන්  ඇහුවාම කිව්වා බස් එක ගියා එන්න අපි එක්ක යමු අපිත් සෙනඟ බස්සලා යන්නේ ඒ පැත්තට තමයි කියලා.. ඉතින් අපේම වැඩපොලේ ළමයි යන බස් එකක් නිසා මම නැංගා.. සෙනඟ සේරම බැහැලා අන්තිමේ මමයි ඩ්‍රැයිවරුයි විතරයි ඉතිරි  උනේ  ටිකක් දුරක් ගිහින් බලද්දි මට දැනුනා යන්නේ කවදාවත් නොගිය පාරක කියලා..  මම කෑ ගහලා නවත්තන්න කීවා.. ඉස්සරහට දුවගෙන ගිහින්  බස් එක නවත්තන්න කියලා ඒ කොල්ලට වැඳලා කීවා ඒත් ඌ ම කියපු කිසි දෙයක් ගනන් ගත්තේ නැහැ.. පාළු තැනක බස් එක නතර කරනකොටම මම පැනලා දුවන්න හැදුවා.. පැය බාගයක් විතර මම ඒ මිනිහා එක්ක පොරබැදුවා ඒත් අන්තිමේ මට කම්මුල් පාරක් ගහලා ඌ ඌට ඔනි දේ කර ගත්තා එදා රෑ මම හිටියේ ඌගේ ගෙදර.. ඒකගේ ගෑනි ඒකව දාලා ගිහින්.. පොඩි ළමයෙක් ඉන්නවා ඒ ළමයා බලාගෙන මට ඉන්නලු.. ඒත් මම ඌට අවනත උනේ නෑ.. මම පහුවදා බලෙන්ම ආපහු බෝඩිමට ගියා.. දවස් දෙකතුනකින් මම යද්දි වැඩපොලේ අයට අර මිනිහා මහා බොරු කතාවක් ගොතලා කියලා මගේ සුපවයිසර්ලා ඒහෙම මට හොඳටම බැන්නා මම ට්‍රාන්ස්පෝට් මැනේජර් හම්බවෙලා ඒ මිනිහා මට කරපු අපරාදේ කීවත් කවුරුත් මාව විශ්වාස කලේ නැහැ... ඒ මිනිහා.. මට අනිත් මිනිස්සු ඉස්සරහම හොඳටම ගහලා ගෙදර ඇදගෙන ගියා.. මම දවස් ගානක් ඒ මිනිහා ගාව හිටියා.. “

මගේ හකු අස්ථින් හිරවී උගර වියලී තිබුනි. මගේ රාත්‍රී ආහාරයද පසෙක සීතල වෙමින් තිබියදීම මම යලිත් විනා කියලා දේ අසා සිටියෙමි...

“ඒ මිනිහා හොඳ එකෙක් නෙවෙයි.. හැම තැනම  ගෑනු... මම ඉන්න බෑම කියද්දි අන්තිමේ ඒ මිනිහා මට යන තැනක යන්න කීවා.. මම ආපහු බෝඩිමට යද්දි ඩෝඩිමටත් හැමදේම ආරංචි වෙලා මට එහෙන් යන්න කිව්වා.. ඊට පස්සේ තමයි මම  යන්න එන්න නැතක් නැතිව ආයිත් මහපාරට වැටුනේ මට දැනුනා මට පිස්සු හැදිගෙන එනවා කියලා මම දයා නිවසට ඇවිත් එතන සිස්ටස්ලාට මගේ ප්‍රශ්නේ කීවා.. ඒ ගොල්ලෝ මගේ හිත හදලා මට වියදමට සල්ලිත් දීලා මම දැන් වැඩ කරන තැන මට වැඩ හොයලා දුන්නේ...“

ඇය කතාව එදිනට වනතුරු කියා නිහඬ වුවාය... මම කතාකරගන්නට නොහැකිව මගේ කවි පොත පෙරලමින් උන්නෙමි.. ඇය එය  මගෙන් ඉල්ලා ගත්තාය... මම අමාරුවෙන් හඬ අවදි කලෙමි...

“ඔයා අපිට කියපු දේවල් ගොඩක් බොරුනේ.. ඒකනේ බෝඩිමේ ආන්ටි උනත් ඔයාව විශ්වාස කරන්නේ නැත්තේ.... මීට පස්සේවත් යන තැන්වලට බොරුනොකියා ඇත්තම කියන්න හැම දේම නෙවෙයි.. කියන්න අමාරු ඒවා නොකියා.. පුළුවන් දේවල් විතරක් කියන්න.. මම ට්‍රයි කරන්නම්.. ඔයාට මොකක් හරි හොයලා දෙන්න...“

“ඔයාට ගොඩක් පින් අක්කේ... ඒත් මේ කතාව බෝඩිමේ අයට කියන්න එපා... “

“හ්ම්ම්මම් නෑ මම මේවා කියන්න යන්නේ නෑ.. “

“මේවා ලියන්නේ ඔයාද....“ ඇය මා ලියූ කවි ආශාවෙන් කිවයමින් ඇසුවාය.. මගේ මිතුරියකට දෙන්නට මා ලියු කවි කිහිපයක් මුද්‍රණය කොට තිබු ෆයිල් කවරය ඇය අත විය..

“ඔව්... මම බ්ලොග් එකක් ලියනවා ඒකේ ලියපු කවි වගයක් යාළුවෙක්ට දෙන්න ප්‍රින්ට් කලේ..“

“අනේ මේ ටික මට දෙන්නකෝ....මම ආසයි මෙහෙම ප්‍රින්ට් කරලා තියෙනවට..“ ඇය මුද්‍රිත කොල නැහැයට තබා සුවඳ විදිමින් කීවාය..

“හා ඔක ඔයා ගන්න.. මම යාළුවාට වෙන කොපියක් අරන් දෙන්නම්...“ මම නිහතමානිව ඇයට ඒවා දුනිමි.. ඇය ඒවාත් රුගෙන ආශාවෙන් ඇගයේ කාමරය වෙත දිව ගියාය..

සිතලව තිබූ.. බන් පත කෑවාට වඩා අත ගෑවෙමි.. මගේ මනසේ රුඳූනේ අම්මාවය... අම්මා කෙනෙකුගේ ආදරයෙන් ඈතට යන දියණියන්ගේ ඉරණම බෝහෝවිට වීනාගේ ඉරණම වැනිය.. ඒ අතින් මා කෙතරම් වාසනාවන්තවේදැයි මම අම්මාව ආදරයෙනි සිහි කරමින් කල්පනා කලෙමි... මගේ කල්පනාව බිඳිමින් වීනා නැවතත් දොර අබියසින් මතුවිනි...

“මේ මම ලියපු කිවි වගයක්.. ඔයා මට මේවා... ලස්සනට ටයිප් කරලා දෙනවද..“  ඇය කොල කිහිපය මා වෙත පාමින් ඇසුවාය...

“අද හෙට නම් බැරි වෙයි... මම ඉරිදට ටයිප් කරලා දෙන්නම්..“ ඇගෙන් ඒවා ගනිමින් මම කීවෙමි...

“හා කමක් නෑ... ඉරිදා රෑ තමයි මම මෙහේ ඉන්න අන්තිම දවස... සඳුදා ඉඳන් මට යන්න කියලා ඇන්ටි කිව්වා...“ ඇයගේ හඬෙහි දුකක් නොවිනි.. එහෙත් මට දුකක් දැනුනි ඇය යලිත් මහ පාරේය..

“හ්ම්ම්ම් ඔයා කොහේද යන්නේ...ඉතින්....“

“මේ ලඟ කොන්වන්ට් එකක් තියෙනවා මාසෙටම හාරදාහයි... කෑම නැතිව..“

“ඉතින් ඔයාලඟ සල්ලි තියෙනවද....දැන් ආන්ටිට හිටපු මාසෙට සල්ලි දෙන්න වෙනවානේ..“

“නෑ අක්කේ මට සඳුදා පඩි දෙනවා කිව්වා.. එතකල් ඉන්න වෙනවා.. මට හයදාහයි පඩි. ඇන්ට්ට දෙදහක් දීලා අනික කොන්වන්ට් එකට දෙනවා... මට ඔයාලඟ තියෙනවනම් සඳුදා දෙනකල් කීයක් හරි දෙන්න පුළුවන්ද බස් එකටවත් සල්ලි නෑ..“ ඇය බලා පොරෙත්තු දෑස දල්වා ඇසුවාය.. මා පසුම්බිය ගෙන බැලුවෙමි.. එහි  ඇත්තේ රුපියල් හැටක් පමණි..

“මගේ අතේත් නෑ බැන්ක් එකෙන් ගන්න ඔනි.. මම ඔපිස් ට්‍රාන්ස්පෝට් යන නිසා අතේ සල්ලි තියා ගන්නේ නෑ... මගේ ඒ ටී ඇම් කාඩ් එක නැති  වෙලා ඒක ගන්න ආයි නුවරඑළියේ බෑන්ක් එකටම යන්න ඔනි... මේක තියා ගන්න...“ මා අතවු අවසන් රුපියල් හැට ඇයට දුනිමි.

ඇය එයන රඅගෙන ඉහිල ගියේ මිටින් හල කිරිල්ලියක මෙනි.. මගේ ඇයගේ කවි කොලය කියවන්නට  ගතිමි...

ඇයි මා තනි වුනේ සුව පතලා තනි යහනේ
වෙයි සිතුවාද බොරු බව රෑ දුටු සිහිනේ
කොයි යම් දෙයක් තිර නැති සිතිවිලි මිදුනේ
ඇයි කඳුලක් බවට මගේ ජීවය අද වැටුනේ

පෙනි පෙනි සැඳැවේ අවරට ඇදෙන වලා
හනි හනිකටම ආයිත් නෙතු සඟල සලා
කනිසම වෙලද්දී කර්මය දොර මුලට වෙලා
මා පැතුම් හද තුල මගේ එකතු කලා

පරසිත් නොම දනී නෙත කඳුලු විසිරිලා
නොපෙනෙන ලෙසට මල්පාවඩ හැරාපියා
කෝ සෙව් මිනිස් කම් කොනැනත් නැති නියා
කවුරුත් මොඳයි මා වැඩියෙන් වැරදි කලා

මිනිසත් කම පමණි අත ඉතිරිව ඇත්තේ
දරුවන් වේදනා නෙත කඳුලැලි නැත්තේ
පිදුවත් ආදරය ඔබ නෑ පිලිගත්තේ
මා ගත්මගෙහි කිසිවිට වරදක් නැත්තේ

අයගේ අපහැදිලි සිංහල අකුරු අතරේ ඇය මා හා  නොකියු සියල්ල සිනමාපටයක් මෙන් මගේ මනසේ ඇදෙන්නට විය.. අසල් වැසියන් ගෙහිමි කාන්තාව හා කියු කතාවන් බොරු නොවේ.. අසළ මෙහෙනි ආශ්‍රමයේ සිල් මාතාව නිවසටම පැමිණ දුන්නා යැයි කියවුනු උපදෙස ඇය පිළිපැදීම ගැන ගෙහිමි කාන්තාවට සිත ප්‍රශංසා කලාය..

වීනා අබිසරුලියකි.. දෛවය විසින් ඇයගේමඟ වරදවා ඇත.. ඇය වැටුනු වලෙන් ගොඩ එන්නට උත්සහ කරන්නේ ඒ වලෙහි කටින්මට එහි කීමට තරම් වරදක් නැත.. මන්ද ඇයට උපදෙස් දෙන්නට ආරක්ෂා කරන්න කිසිවෙකුත් නැත...

උදාවුනු සඳුදාවේ වීනා බෝඩිම් නිවසින් යන්නට ගියාය ඒ කිසිදු මුදලක් ගෙහිමි කාන්තාවට නොදිය.... “අපොයි සල්ලි නැති උනාට කමක් නෑ.. මෙතන ගනිකා මඩමක්  ගානට වැටෙයි.. මෙහේ ඉන්නේ වැදගත් ගෑනු ළමයි... “ ඇය සැනසිලි සුසුම් හෙලමින් පාඩුව විඳ  ගත්තාය.

එහෙත් දින කිහිපයකට පසු වීනා මා සොයගෙන මගේ කාර්‍යාලයට පැමිණියාය ඒ යලින් ඇයට රැකියාවක් සොයා දෙන ලෙස අයදින්නටයි.. මම මහත් අපහසුතාවයට පත්වුනෙමි.. ඇයගේ විලාසිතාවත් ඇයගේ චරිතය විදා දක්වන්නට විය.. මම ඇය විවේක කාමරයට කැඳවා ගොස් දන්නා තරමින් උපදෙස් දුනිමි... අවසන යහපත්  ජීවිතයක් ගතකරන බවට ඇය පොරොන්දු  වුවාය.. එබැවින්  මාගේ කාර්‍යාල සගයෙකුගේ කුඩා දියනියක් බලා ගැනිමට  ඇයට  පැවරිමට කතා කොට දුනිමි.. ඒ සඳහා ඇය ඔහුගේ නිවසේ නැවිතිය යුතු බැවින්.. වැඩහිටියෙකු හෝ භාරකාරයෙකු නොමැති වීනා පොලිස් පොතේ ලියා තම නිවසේ නවත්වා ගැනීමට මගේ මිතුරා කැමැත්ත පල කලේය.. පසු දින ඇයට එන ලෙස දන්වා ඇය පිටත් කර හැරයත් ඇය යලිත් නොපැමිණියාය.

දින කිහිපයකට පසු දුරකතනයෙන් මා ඇමතු ඇය අනුරාධපුරයේ සිටින ඇයගේ මව මිය ගොස් ඇති බවත් අවමඟුලට යාමට  රුපියල් පන්දහසක් ණයට දෙන ලෙසත් ඉල්ලා සිටියාය.. විදේශයකයැයි කී මව අනුරාධපුරයේදි මිය යන්නේ කෙසේදැයි අසූ මා..  මා ලඟ මුදල් නැති බව කියා දුරකතනය විසන්දි කලෙමි..

ඊටත් පුස වීනා මා හට අවසන් වතාවට මුණ ගැසුනේ සොඳුරු රස්තියාදුවක යෙදෙමින් නුවර නගරයේ සාප්පු සවාරියේ යෙදෙමින් සිටියදීය.. ෆැෂන් බග් ආයතනයෙන් පිටවද්දිම ඇදහැලුනු ධාරානිපාත වරුසාව  තුරල් වන තුරු බෑග් කවුන්ටරයට මුවාවී සිටි මා අසලටම වීනා පැමිනෙන තෙක් මා ඇය  නුදුටුවාය...

මහ මඟ ඇය හා කිරීමට මට අපහසුවක් දැනුනි.. එහෙත් ඇය ලෙන්ගතුව මාහා කතා කලාය.. මිය ගිය අම්මා ගැන කිසිත් නොකීයාම ඇය රස්සාවක් සොයා යන බව කියමින් තම අයදුම් පතත් රැගෙන ෆැසන් බග් ආයතනය තුලට ගියාය.. එහෙත් පසුව මා හට දැන ගන්නට ලැබුනේ ඇයට එහිත් රැකියාව නොලැබුණු බවයි.. දැන්  ඇය දැන සිටි මාගේ දුරකන අංකය භාවිතයේ නැත මා අළුතින් ගත් අංකය දන්නේ සමීපතමයන් කිහිප දෙනක් පමණි.. වීනා රැකියවක් සොයා දෙන ලෙස කියා මා සොයනවා වන්නට ඇත.. ඇයට උපකාර කිරිමට නොහැකි වීම ගැන මා කනගාටු වෙමි එහෙත්.... ඇය වන්නියකට රැකියා සොයා දී ඇති ථලය කිම.. ඇය යලිත් සුපුරුදු රැකියාවටම යනු ඇත.. සුපුරුදු ලෙස බොරුවෙන්ම ජිවත් වනු ඇත.....

නම් ගම් මන:කල්පිතයි.....