Showing posts with label වලාවෙන් වැසුණු සඳ. Show all posts
Showing posts with label වලාවෙන් වැසුණු සඳ. Show all posts

Jul 26, 2011

වලාවෙන් වැසුනු සඳ වේගවත් අවසන

මනූ අයියාගේ කර පිටින් ගෙදර ඇවිත් අපි ගෙදර අයට කිවේ වැලලේ බයිසිකලෙන් වැටුනා කියලා විතරයි.. ඊට එහා යමක් දැනං හිටියනම් ඒ සෙනූ අක්කා විතරයි... දවස් ගානක් පුංචි අම්මා තම්බලා දුන්න වෙනවැල් ගැට බීල යාන්තම් අතේ පයේ වේදනාව දුරු කර ගත්තා. ඒත් හැම වෙලාවෙම් කල්පනා උනේ මට සිද්ද වුනු නව නිංගිරාව ගැන.. දැන් කොමද ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ කලිසමක් ඇඳගෙන ස්කූල් වෑන් එකේ යන්නේ අංජු අනිත් කෙල්ලන්ට මේ වෙද්දි ගින්න පත්තු කරලා ඇත්තේ අනේ අහිංසක මට සිද්ද වුනුදේ කියලා හිතලා මම නෙවේ ආයිනම් වෙරළ පැත්තේ ගියේ... ඒත් ඔය අතර කාලේ මට අංජුව මතක් නොවුනාමත් නෙවෙයි ගෙවෙන හැම තත්පරේකම මගේ සිතිවිලි වල පැටලිලා උන්න නිසාමද කො‍යිද මට දැනුනේ එයා මා ලඟම ඉන්නවා වගේ.

ඉස්කෝලෙ පටන් ගත්තට පස්සේ ඉස්සෙල්ලාම දවසේ මම තරම් ගොළු කෙනෙක් ස්කූල් වෑන් එකේ ඉන්න නැතිව ඇති, බොරු හිසේ කැක්කුමක් මවාගෙන සීට් එකේ ඇන්දට හේත්තු වෙලා  ඇස් පියාගෙන උන්නත් සිතිවිලි දඟ කලේ අංජුගේ සුපුරුදු සඳුන් සුවඳ එක්ක.. කොයි තරම් උවමනාව තිබුනත් මම නෙවේ අංජු වෑන් එකෙන් බහිනකල් ඇස් ඇරියේ.. හවසක් පුරුදු විදියට මම බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලට නතර උනා...

පහුවදත් මට ඔනි උනේ ස්කූල් වෑන් එක මඟ හරින්න ඒත් ගේට්ටුව ලඟට ඇවිත් හෝන් එකට තඩි බාද්දි මට නොයා ඉන්න බැරි උනා.. සුපුරුදු විදියට පිටි පස්සට හේත්තු වෙලා ඉදෑද්දි ‍ටික වෙලාවක් යනකොට අංජුගේ සඳුන් සුවඳන් වෑන් එක පිරිලා ගියා... 

"පහන් අයියා.. පහන් අයියා.. නැඟිටින්නලු..." පොඩි උන් මාව හොලවලා ඇහැරවද්දි මම හෙමින් ඇස් අරලා‍ බැලුවා.. වෑන් ‍එක නතර කරලා සුපුරුදු පාසැල් නිල ඇදුමෙන් නැතිව ලා කහ පාට සල්වාර් ඇඳුමක් ඇඳ ගත්තු අංජලී දොර ලඟ.. මගේ දිහාට පොතක් දිගුකරන් ඉන්නවා.. හැමෝගේම ඇස් මගේ දිහාවට අංජුගේ යාළුන්ගේ ඇස් වල කඳුලු.. අංජුගේ ඇසුත් තෙත් වෙලා.. කිසිත් හිතා ගන්න බැරි වුනු මම අංජු අතේ තිබුනු පොත ගත්තා... වෑන් එකේ දොර වැහුනෙත් හැමෝම අංජලී දිහාට අත වනලා සමු දුන්නතේ හිතා ගන්න බැරි වේගෙකින්... මට ඔනි උනේ තනි වෙන්න.. වෑන් එකේ ඉස්සරහා සීට් එකේ හිටපු පොඩ් දෙන්නව පස්සට දාලා මම අසංක අයියා ලඟින් වාඩි උනා.. පොත දිග හැරලා බලන්න දහස් වාරයක් හිතුනත් මේ ඒකට සුදුසු තැන නෙවෙයි කියලා මගේ හිත කීවා..

"ගනන් ගන්න එපා මල්ලි.. ඔය කෙල්ලන්ගේ ඉරනම අපි හිතනවට වඩා වෙනස් සහ වේගවත් විදියට විසඳෙනවා" අසංක අයියා කියද්දි මම කටත් ඇරන් මුණ දිහා බලා හිටියා හැරෙන්න කිසි දයෙක් කීවේ නැහැ

විවේක වෙලාවේ ඉස්කෝලේ කෙරවලේ බට් අඹ ගහ යටට එළුවාවත් ඇදන් ගිය මම අංජලී දුන්න පොත හෙමින් පෙරලුවා...

සින්ඩරෙල්ලා තීම් එකෙන් හදපු කෙල්ලෝ පාවිච්චි කරන නෝට් බුක් එකක ඉස්සෙල්ලාම අංජුගේ බැග් එක මගේ උකුලට දාපු තැන ඉඳන් අප අතර වුනු සිදුවීම් එකින් එක ඉංග්‍රීසියෙන් සටහන් කරලා තිබුනා.. අවසානේ මට වෙරලේදි ගුටි කන්න වුනු සිද්දියත් ඊට පසු සිදුවුනු දෙවලුත් ලියුමක් විදියට ලියලා තිබුනෙත් ඉංග්‍රිසියෙන්මයි මගේ ඉංග්‍රීසි දැනුම දියුණු මට්ටමක තිබුනත් එයා පාවිච්චි කරලා තිබුන සමහර වචන හොයන්න එළුවා දුවගෙන ගිහින් ඩික්ෂනරියකුත් ගනෙත් දුන්නා..

අවසානේ බොඳ වුනු නිල් පෑන් තීන්තෙන් ලියලා තිබුනේ රිසාන් නැමැති ඥාති වරයා එහෙමත් නැත්නම් එදා වෙරලේදි මට ගුටි ඇන්න හාදයා අංජුගේ ඉගෙනීමත් මග නතර කරලා එයා විවාහ කර ගන්න පුළුවන් වයසට එනකල් ගෙදර හිර කරපු බව, ඒකට ප්‍රධාන හේතුව එදා වෙරලෙදිත් ඊට පසුත් මං වෙනුවෙන් අංජු ගෙදර කතා කිරිම...

අපි දෙන්නම අපි දෙන්නට නොදැන කාලයක් ආදරේ කරපු නිසාමද කොහේද මගේ හිතට ඒවා කියවද්දි ලොකු වගකීමක බරක් දැනුනා.. පුළුවන් තරම් ඉක්මනින් මට ඔනි උනේ අංජුව බලන්න..   ඉස්කෝලෙ අවසන් වෙන්න කලින් එළුවගේ උදව්වෙන් තාප්පෙන් පැනගත්තු මම නතර උනේ අංජුගේ ගෙවල් ලඟ පටු පාරේ.. විසි තිස් ගමනක් බැල්කනිය දිහා බලන් ඒ මේ අත යන්න ඇති නෝට් බුක් එක මගේ අත් වල දාඩියටම පොඩි වෙලා.. මගේ ඇස් මටත් ඉස්සර වෙලා... අවසන් වතාවට තෙත ඇස් වලට ඒ මුණ දකින්න ලැබුනේ ගේට්ටුවේ ග්‍රීල් අතරින්... පුදුමය පිරුණු ඇස් වලින් මං දිහා බලාගෙන හිටිය අංජු  ඈතින් එන වාහන සද්දෙට ගැස්සිලා ගෙට දුවන් ගියේ යන්න කියලා මට අතින් සන් කරන ගමන්මයි.. ඒත් එතනින් පිට වෙන්න මගේ හිත වගේම දෛවයත් ඉඩ දුන්නේ නෑ.. ගේට්ටුවේ ග්‍රීල් වල  එල්ලිලා හටපු මට යන්න අමතක උනා...

අවසානයේදි ගේට්ටු පියන් වල එල්ලිලා හිටිය මම සුපිරි කැබ් එකේ ආපු රිසාන් සහ ඔහුගේ මිතුරන් සමග බහින් බස් වීමකටත් පැටලුනා.. ඒක කෙවර උනේ  මාස ගනනකට රෝහල් ගත වෙන්න තරම් දරුනු පහර දීමකින් 

තාත්තා නොගිය තැනක් නෑ.. නොකරපු දෙයක් නෑ.. ඒත් මම මට පහර දුන්න අය ගැන වචනයක් කීවේ නැහැ මට ඔනි උනේ නැහැ මගේ අහිංසක අංජලීට කරදරයක් වෙනවා දකින්න... රිසාන් කියන්නේ  මට අයිති නැති මගේ කෙල්ලගේ හස්බන්ඩ් වෙන්න ඉන්න කෙනා, මම ගුටි කෑවේ මගෙත් කට හොඳ නැති නිසා, ආපහු ගෙදර ගිය මට මාස දෙක තුනක්ම ඇවිදින්න පුළුවන් උනේ අයියගේ හරි තාත්තාගේ හරි වාරුවෙන්... නොහිතපු විදියට මගේ ඉගෙනිම අතර මග වැටුනා.. තාත්තට ඔනි උනේ සනීප වුනු ගමන් ආපහු මාව ගමේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියට ඇතුලත්   කරන්න ..

ඒත් හැම දේම වෙනස් උනේ සෙනූ අක්කගේ කෝල් එකකින්... " මල්ලි රෝසියි එයාගේ යාළුවෙකුයි ඇවිත් ඉන්නවා එයා  ඔයා එක්ක ස්කූල් වෑන් එකේ ගියාලු... අංජලීගේ යාළුවෙක්ලු  එයා කියනවා අංජලීට ඔයාව සෙනසුරාදා හවස එදා වෙරළේ සෙල්ලම් කරපු තැනදි මුණ ගැහෙන්න ඔනි කියලා...."

සෙනූ අකිකා කියද්දි මට ඔනි උනේ පියාඹගෙන කොළඹට එන්න.. ඒත් සෙනසුරාදා ගමනට අම්මාගෙන්වත් තාත්තාගෙන් වත් මට අවසර නොලැබෙන බව මම හොඳටම දන්නවා.. ඒ අය තාමත් හොයන්නේ අර තරම් ද‍රුණු විදියට මට ගැහුවේ කවුද ඒ මොකටද කියන එක.. ඒක සිද්ද වුනේ ගෑණු ළමයෙක් නිසා කියලා දන්නවනම් ඒකත් මුස්ලිම් ගෑනු ළමයෙක් නිසා කියලා දන්නවනම් ඒ අයගෙන් මොන විදියේ ප්‍රති චාරයක් ලැබෙයිද කියන්න මම  දන්නේ නැහැ අනිත්මේ මම තීරණය කලා කාටත් නොකියා කොළඹ එන්න.. ඒ වෙද්දි මට පුදුරු විදියට ඇවිදන් යන්න ශක්තිය  තිබුනා.. මම ගෙදරින් එළියට බැස්සේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් පාඩම් කරන්න පොත් ටික ඉල්ලන් එනවා කියලා.. එහෙම කියපු මම ඉන්ටර්සිටියේ නැඟලා කොළඹ ආවා.. සුපුරුදු වෙරළ තීරයට වෙලා අංජු එනකල් මඟ බලා හිටියා... 

ලා රෝස පාට සල්වාර් ඇඳුමක් ඇඳගෙන මුහුණ පර්දාවෙන් කවර් කරගෙන ඈත වෙරලේ අංජු එන දිහා මම බලන් හිටියේ හිත පිරිලා ගිය ආදරේකින්

ආපු ගමන් මුකුත් නොකියාම මගේ පපුවට හේත්තු වෙලා අඬන්න ගත්ත කෙල්ල කැඩිච්ච සින්හලෙන් කීවේ.. රිසාන් කියන්නේ නමගිය මැරයෙක් බවත් රිසාන් සමඟ විවාහයෙන් පස්සේ දුක් විඳින්න බැරි බවත්  එයාව මට පුළුවන් දිහාකට අරන් යන්න පුළුවන්නම් මේ දැන්ම අරන් යන්න කියලත් විතරයි..

වචන වලින් අහස් මාලිගා හැදුවේ නැතත් අපි දෙන්නට ‍ දෙන්නා  එකිනෙකාට දක්වපු ආදරේ බැම්ම මේ වෙලාවේ හයියට දැනුනා..  මම අංජුව මගේ පපුවට තුරුලු කරන් කල්පනා කලේ කොහේ යන්නද මොනවා කරන්නද කියලා අවස්ථාවේ හැටියට අංජුව ආපහු ගෙදර යවලා මට සැනසිල්ලේ ඉන්න බැහැ වගේම මට එයාව අරන් යන්න තැනක් තිබුනෙත් නෑ.. 



"ඒයි... ෆාතිමා...." යටිගිරියෙන් ඇහුණු කට හඬට අංජු ගැස්සලා ඔළුව ඉස්සුවා අපි දෙන්නාම එකවර බැලුවේ කට සද්දේ ඇහුනු ඈත වෙරල දිහා... ඒ පැත්තෙන් අපි දිහාට දුවගෙන ආවේ රිසාන් සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්... වෙරලේ දුවගෙන ගිහින් අපි දෙන්නට ආරක්ෂා වෙන්න තැනක් නෑ.. සිද්ද වෙන එකම දේ තනි මට පහර දිලා අංජුව ඇදන් යන එක... අපි දෙන්නා අපි දෙන්නාගේ ඇස් දිහා බලන් මොහොතකට තීරණයක් ගත්තා අපි දෙන්නට දැනුනේ එකම දේ වෙන්න ඇති ... ඉමක් කොනක් හොයා ගන්න බැරි අගක් මුලක් නැති  ක්ෂිතිජය දිහා බලාගෙන අපි එක හුස්මට මුහුද දිහාට දුවගෙන ගියා.. රිසාන් හා ඔහුගේ මිතුරන් අපි එක්ක තිබුනු පරතරේ හැටියට කිසි කෙනෙක් අපි ලඟට ලන් වෙන්න හිතන්නත් කලින් අපි දෙන්නා  ගැඹුරු මුහුදේ අනත්තය දිහාට දිව්වා

Jul 24, 2011

වලාවෙන් වැසුනු සඳ හයවන කොටස

ඉක්මනින්ම ආපහු ආවේ පන්ති යන්න කියලා උනත් හැමදාම මට පන්ති තිබුනේ නැහැ... ගොඩක් වෙලාවට කලේ ගෙදරට වෙලා පොල් රුප්පාව දිහා බලන් කල්පනා කරපු එක මනස්ගාත කල්පනා කරන අතරේ හිත ඇදිලා ගියේ එකම දිහාවකට අංජලී.. කොතනින් පටන් ගත්තත් ඉවර වෙන්නේ අංජු ලඟින්.. 

සිතිවිලි තෝන්තු වුන එක හවස් යාමෙක අයියගේ බයිසිකලෙත් අරන් මම ගියා වෙරල පැත්තට.. අංජුගේ ගෙවල් පහු කරද්දි ඉබේටම වගේ ඇස් ගියේ උඩු මහලේ බැල්කනියට.. නැහැ කිසිම ඡායාවක් නැහැ.. ආපහු හැරිලා රවුමක් යන්න හිතුනත් හිත පාලනය කරගෙන වෙරල පැත්තට පැද්දා..
මගේ හිතේ හිනා මල් දසදහස් ගනනක් පුබුදු කරන් අංජුයි තව ගෑහැනු ළමයෙකුයි වෙරල අයිනේ පොල්  රුප්පාවේ බැඩ්මින්ටන් සෙල්ලම් කරමින් හිටියා.. වෙරල දිහාට නොයා එතන නතර වෙන්න කියලා හිත කීවත් කෙල්ලෝ දෙන්නා ඉස්සරහා නෝන්ඩි වෙන්න  බැරි කමක් හිතට දැනුන නිසා පොල් ගහක් පාමුල බයිසිකලේ නතර කරලා මම වෙරලේ සුදු වැලි මත්තේ ඇවිදන් ගියා...

ඒ උනත් හිත දුවන්නේම පොල්රුප්පාව පැත්තට අංජු මාව දැක්කේ නැති බව මට සියයට සියයක්ම විශ්වාසයි ඒ නිසා පොල් ගස් වලට මුවා වෙලා ඒ මුහුන රසවිඳින්න මට තහනමක් නැහැ.. නොදෑනිම  මගේ කකුල් ඇදිලා ගියේ පොල්රුප්පාව පැත්තට ... තරමක ඈතින් උනත් මට කෙල්ලෝ දෙන්නගේ සිනහව හොඳින්ම ඇහුනා එයාලා කතා කලේ ඉංග්‍රීසියෙන්. අංජුගේ කැඩ්ච්ච සිංහල උච්චාරණය මතක් වෙලා මට හිනි හිනාවක් නැගුනා..  පොල් කඳට පිට දීගෙන ඒ දිහා කොයි තරම් වෙලාවක් බලා හිටියද කියලා මට මතක නෑ  

"මොනවද බලන්නේ යාළුවා..."  

කවුදෝ ඇවිත් පිටට තට්ටුවක් දාද්දි මම උඩ විසි වෙලා පිටු පසට හැරුනා... තරමක උස මහත කොල්ලෙක් මට වඩා අවුරුදු හය හතක් වැඩි මහල් ඇති...  ඒ උනාට යකෝ මම බලන ඒවා මොනවද හොයන්න එයා කවුද? 

"මගේ ඇස් දෙකට පේන එව්වා ඇයි ප්‍රශ්ණයක්ද..."
මගේ හැකර කට මට ඉස්සර උනා...

"අඩෝව් ඇස් දෙක උඹේ උනාට බලන්නේ මගේ කෙල්ල දිහා.. අන්න ඒකයි ප්‍රශ්නේ..." 
කියාගෙන පොර මගේ කන පැලෙන්න පාරක් ගහපි..ඒ යකාගේ කඩ හඩේ සද්දෙට වටේ පිටේ දෙතුන්දෙනක් හිටි ගමන් මතු උනා.. මම කර කියා ගන්න දෙයක් නැතිව පොර දිගා තරහෙන් පුපුරන ඇස් වලින් බලා හිටියා.. මගේ කන් පෙත් රතු වෙන පාටක් දැනුනේ අංජුයි එයාගේ යාළුවයිත් ඒ සෙනඟ ගොඩේ ඉන්නවා දැකලා... 

ඉතින් කොහොමද මම ඉවසන්නේ මාත් ඇන්නා පොරගේ හොම්බට කෙල්ල ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි කමටම.. මට අනිත් පැත්ත හැරෙන්න ඉඩක් නැහැ වට කරගෙන නෙලන්න පටන් ගත්තේ නැද්ද කොල්ලෝ සෙට් එකක්ම...
"kaka Stop it... please....." 

හතර පස් දෙනෙක්ට යට වෙලා හිටිය මට ඒ හඩ ඇහුනේ හීනන් වගේ... ගිනි ගොඩක හිටිය මට ඒ හඬ තවත් කට හඬ කිපයක් එක්ක මං වෙනුවෙන් වාද කරනවා  අපහැදිලිවට ඇහුනා ඒත් ඒ කිසිවක් මතකයේ ඉතිරි උනේ නෑ...

Sorry.......!!! Sorry!!! I am So Sorry !!!!! 

මාව වට කරන් හිටිය කොල්ලෝ ටික අයින් වෙද්දි මගේ ලග දණ ඔබාගෙන අංජු රහසින් වගේ කියෙව්වා.. මගේ ඔළුවට වැදුනු පහරක් නිසා මම ඒ වෙලොවේ අංජුව පෙනුනේ දැල් බැඳුනු ඇස් පියන් අතරන්...

"කමක් නෑ.. ඔයා යන්න මෙතනින්..." ඇස් දෙක කඩා වැටෙද්දි මම යාන්තමට වචන ගලපා ගත්තා 

කොයි කතරම් වෙලා  ගත උනාද මට මතක නැහැ ආපහු ඇස් අරිද්දි මගේ වටේ ගමේ දෙතුන් දෙනෙක් වට වෙලා හිටියා ඒ අතරින් මතුවුනු මනූ අයියා දැක්කම මට  කර කියා ගන්න දෙයක් නැතිව ගියා...
"නැගිටපන් පොඩ්ඩෝ... මේක උන්ගේ ගම.. අපේ උනානම් දනියි කරනදේ..." මනූ අයියා කීවේ වෙව්වලක කටහඬකින්..

මනූ අයියට වත්තන් වෙලා ආපහු යන්න හැරෙද්දියි මම දැක්කේ මගේ අත්වල තුවාල වුනු තැත් අංජු ඇඳන් හිටිය ‍සල්වාර් ඇඳුමේ ෂෝල් එකෙන් වෙලලා තියෙනවා.. 

මට දැනුනේ දරා ගන්න බැරි තරමේ ලෙන්ගතූ හැඟිමක්.. කොල්ලෝ මට ගහනකොට ඒ මැද්දට පනලා කෑ ගහපු හැටි වගේම මට සිහිය නැති වුනු වෙලාවේ මගේ තුවාල වෙලපු හැටි මගේ හිතේ අංජු ගැන තිබුන ආදරේ දෙගුන තෙගුන කලා



Jul 19, 2011

වලාවෙන් වැසුණු සඳ පස්වන කොටස

වේගයෙන් ගෙවිලා යන කාලයත් එක්ක නොදෑනීම අගෝස්තු නිවාඩුවත් ආවා.. පසලේ නිවාඩු උනත් ටියූෂන් ක්ලාස් තියෙන නිසා මට ගෙදර ඉන්න පුළුවන් උනේ හරියටම දවස් දෙකයි.. ගිය පයින් ආපහු කෙළඹ එන්න මම තීරණය කලා. ගෙදර ගිය දවසේ ඉඳන් මගේ මුළු හිතම තෝන්තු වෙලා  ආපහු යන්න කියලමයි මගේ හිත මට කීවේ.. ඒත් ඒ මොන හේතුව නිසාද කියලනම් මම දන්නේ නැහැ.

වෙනදා වගේ පරණ යාළුවෝ එක්ක එකතු වෙලා පරේ ක්‍රිකට් සෙලල්ම් කරන්න යන්න මට හිත දුන්නේ නැහැ.. ඒ වෙනුවට හවස් වරුවේ මම පොතක් අරන් ගල් පඩිපෙල පල්ලෙහා තියෙන සමර් හට් එකට ගියා , එතන බංකුවක වාඩි වෙලා අනිත් බංකුව උඩ කකුල් දෙක තියාත්තු මම පොතේ පිටු එකින් එක පෙරලුවා... සංකීරන විශය කරුණු අතර අතරමන් වෙලා මම ගියේ සිතින් ගොඩාක් ඈතකට....

විඳින වින්දන නෙත් ඉමේ
රඟන රංගන පපුතුරේ
චන්චලයි විසිරෙනා සිතිවිලි
නුඹ මගේ පෙම් මන්සලේ

අංගනා නෙත් රංගනේ
නෙතුපියන් හැඩ බලමිනේ
දෙතොල් මදහස නඟන මියු රස
විඳිමි දෙතොලින් උනුසුමේ 

අසුණු මිහිරැති හද නදේ
සන්සලයි නෙතු කැන් ඔබේ
දෙනෙත් යායේ අතරමන් වෙමි
අසමි හද හඩනා ස්වරේ 
 කැරලි ගැහිච්ච තද කලු පාට කෙහෙරැලි අතර මගේ ඇඟිලි තුඩු දිව ගියේ හරි ආදරෙන් ...   ඒ නලල් තලයෙන් පටන් ගත් මගේ දෙතොල් අසිහියෙන්‍ වගේ ගේ සුදු ගෙල පිටුපස දක්වාද ඇදීගියා.. ඒ දිග හිනි අතැඟිලි මගේ කෙටි කෙස් අතරේ ඇදුනේ මගේ දෙතොල් ඒ දෙතොල්එක්ක ගැටෙන ලතාවටමයි


අසිහියෙන් උන්නු මම එකපාරට හෙලකින් වැටෙන්න යනවා වගේ දැනෙද්දි මම ඇස් ඇරලා බැලුවා.. වාඩි වෙලා හිටිය බංකුවෙන් වැටිලා තණ බිස්සේ  වැටුනු විදිය කවුරු හරි දකින්න කලින් මම ඉක්මනින් නැගිට්ටා..  දවල් හීන දක්න හිතට තද නින්දක් උවමනා වෙලා කියලා දැනුනු නිසා මම හෙමින් හෙමින් කාමරේට ගිහින් සැප නින්දකට සම වැදුනේ මගේ දවල් හීනේ ඉතිරි හරිය බලන ගමන්මයි..


හීනි මිදුමක් එක්ක පොද වැස්ස වැටෙද්දි මම ඇහැරුනේ හැන්දෑවේ හයට විතර.. කොයි තරම් නිදා ගත්තත් නව නවත් පොරෝනේ යටට ගුලි වෙන්නමයි හිත.. ඒ අතරේ අඩ නින්දේ දකින හීන නිසා මගේ හිත හිරි වැටිලා යනවා... අමාරුවෙන් නැගිටගෙන ඇඳ පැත්තකට කොට්ටේ හේත්තු කරන් වාඩි වෙලා කල්පනා කලේ හවස ඉඳන් දිගටම දැක්ක හීනේ ගැන.. ඔය කතාව අංජු දැන ගත්තනම් මට වස විලි ලැජ්ජාව.. 


ඉස්‍කෝලේ නිවාඩු  දෙන දවසේ අපේ අන්තිම දවසේ පාටිය මතක් වෙද්දි මට එක පාරටම හිනාවක් ගියා.. කෑම බාති බීම ජාති ටවුන් එකෙන් අරන් පාළු හැරියක තග් තලාවක් ිට්ටුව වැන් එක තනර කරලා දාන පාටිය හැම වාරෙකට අවසාන දවසේ සිරිතක් විදියට කරනවලු ඒ මගේ ප්‍රතම අත්දැකීම..  අන්තිමේ පාටිය ඉවරවෙන්නේ හැමෝම නිල් වතුර නාගෙන චාන්ස් වැදෙද්දි උඩ පැන පැන ගන්න නිසා මාත් පොර වගේ පුළුවන් තරම් අංජුව නිල් වලින් නෑව්වා.. අනිත්මේ එයාගේ ලා දුඹුරුපාට යුනිෆෝම් එක නිල් පාට උනා ඒ වෙලාවේ ඒ ඇස් වල තිබුන දෙවල් මතක් කර කර ඔනි තරම් දවසක් සැනසෙන්නන පුළුවන්


"අනේ අනේ හවස් වරුවම නිදා ගත්තා නේද.. හරිම ලස්සනයි ළමයා පාඩම් කරන හැටි ඇයි පොඩි පුතා තාත්තා කේන්ති ගස්සන වැඩම කරන්නේ තඅන් හතර පාරක් කාරේට ඇවිත් බලලා ගියේ.."




"අනේ අම්මා.. ගෙචර ඉන්න දවසටවත් ටිකක් නිදා ගන්න නැද්ද.. අනික මම රැට පාඩම් කරනවනේ.." අම්මගේ උකුලේ ඔළුව තියා ගන්න ගමන් මම බොරු හුරතලයක් මවා ගත්තා.

"තාමසත් පොඩි බබෙකේ වගේ අනේ අනේ කම්මැලි නෙවි වොෂ් එකක් දාගෙන  පාඩම් කරන්න තව අවුරුද්දයි මහනිස් වෙන්න තියෙන්නේ ඊට පස්සේ ඔයා නිදහස්" . 


"නිදහස්.. ඒ කියන්නේ.. මට පියාඹගෙන යන්න අවසර තියෙනවද...හහ් හහ් හ‍ා.... :" මම මහ හයියෙන් හිනා වේගෙන ඇඳෙන් බිමට පැන්නා.. පැනන්ට වඩා දොර ලග ඉන්න කෙනා දැත්තම ඇ‍ඳෙවන් වැටුනනම් හොඳයි කියලා හිතුනා...


"හරිම අපූරඅයි හැසිරිම.. එක පාරිනි දෙපාරින් පාඩමක් ඉගෙන ගන්න බැරිද උඹට.. මෙකක්ද මේ වලු බූත හැසැරිස මේක ගෙදරක් මිසක් සත්තුවත්තක් නෙවේ.. මී හරකෙක් වගේ බෙරිහන් දෙන්නේ"  තාත්තා ඝර්ජනා කරද්දි මම පූස් පැටියෙක් වගේ අහගෙන අන්නා.. ඔය වගේ තව තව මෝනවදෝ කියවලා තාත්තා ගියායින් පස්සේ ම ආයිත් හෙමින් අම්මා ලගට කිට්ටු උනා..


"අම්මේ......" ටික වෙලාවක් නිහඩව ඉඳලා මම කතා කලා...


"ම්ම්ම්ම්.." අම්මා උන්නේ වෙන කල්පනාවක..


"ඇයි තාත්තට බැරි හොඳ කුඹුරක් කරන්න.. හොඳ මී හරක් දෙන්නෙක් ඉන්නවා.. ඉඩමක් හොයන් කරන්න කියන්නකෝ..." මම මූන පුලුටු කරන් කියද්දි අම්මට හයියෙන් හිනා ගියා...

Jul 16, 2011

වලාවෙන් වැසුණු සඳ සිව්වන කොටස

හැන්දෑ වරුවේ  පොල් ගස්  අස්සෙන් හෙමින් හෙමින් ඉර බැහැගෙන යද්දි  බැල්කණියට ආවම වටේ පොල් වත්ත පුදුම තරම් ලස්සනට පෙනුනා.


හැන්දෑ වරුවේ ලස්සන විඳින්න මම ගියේ බැල්කනියේ පිටුපස්ස කොටසට.. පොල් ගස් යාය මැඳින් ඉර බරහරගෙන යද්දි පුදුම ලස්සනයි ඒ මිහිර විඳින්න වෙරළටම යන්න ඔනි.. අර කෙල්ලටනම් යන්න පුළුවන් ඇති මොකද උන්ගේ ගෙවල් තියෙන්නේ මුහුද කිටුටුවනේ.. ඒත් ඇයි මට මේ වෙලාවේ ඒ කෙල්ල මතක් උනේ.. එයා  ඉර බහිනවා බල්න්න යන එකට මට මොකෝ.. සමහර විට ගෙදරම පේනවා ඇති ඉර බහිනවා.. අනේ අනේ මටත් හිතෙන දේවල්.. අදම දැක්ක කෙල්ලක්ගේ විනෝදාංශ ගැන හීන මවන්නේ.. අනික ඉර බහින පායන එක මට විශේෂයක් උනාට එයාට විශේෂයක් නෙවෙයි වෙන්න ඇති.. මටත් පිස්සු හෑදිලද මන්දා එහෙම හිතාගෙන ආපහු කාමරේට යන්න හැරෙද්දි අක්කා පිටිපස්සේ..

පොල් වත්ත දිහා බලන් මොකද හප්පේ ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ.. ගමේ දාලා ආපු කෙල්ලක්වත් මතක් උනාද....?

මොන කෙල්ලොද හලෝ අපිට..... ඔකනේ කියන්නේ යන්නේම රොන්ග් සබ්ජෙක්ට් එකට... චික්.. අයි හේට් ලව් ස්ටෝරීස්........ බලලා තියෙනවා නේද ඒ ෆිල්ම් එක..  මම දැක්කා ඔයාගේ කලෙක්ෂන් එකේ තියෙනවා.. ඔයත් අන්න ඒ කෙල්ල වගේ... ඒ නැතත් ඔයා නම් ජීවත් වෙන්නේ හිනිදි සිනමාව කියන්නේ ඇත්තක් කියලා හිතන් ඒ ලෝකේ... මම සෙනූ අක්කට සරදම් කලා
ආ... ෆිල්ම් වල වෙන හැම දේම ඇත්ත නෙවෙයි.. හැබැයි ඒ හා සමාන දේවල් ඇත්ත ලෝකේ වෙනවා.. ඔයා ඇයි ඒක අමතක කරන්නේ.. හරි වෙන්නේම නෑ කියමු ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලා අනිතිමේ දි ආදරේ කියන්නේ ඇත්තක් කියලා පිලිගත්තා නේද අන්න ඒ වගේ.. ඔයත් කවදා හරි දවසක කෙනෙක්ට පන වගේ ආදරේ කරන්න පටන් ගත්තහම දද අද මේ වෙලාවේ කීවා කියලා මතක් කර ගන්නකෝ.... සෙනූ අක්කා කියද්දි මම හිනා උනා.. 
ආදරේ කියන්නෙ මොන වගේ හැඟීමක්ද.. අම්මා අප්පච්චි ගැන දැනෙනවා වගේ.. නැත්නම් අයියා අක්කා ගැන දැනෙනවා වගේ.. එහෙමත් නැත්නම් කොල්ලෝ සෙට් එකේ එවුන් ගැන දැනෙනවා වගේ.. අනේ මන්දා.. ඔක කවදා හරි දැනෙයිනේ.. දැනට ඔවා ගන කල්පනා කරලා මොලේ මහන්සි කරන්න බෑනේ.. අහා.. මොලේ ගැන කියද්දි  මතක් උනේ ටර්ම් ටෙස්ට් ලඟයිනේ.. පහු ගිය ටිකේ පාඩම් අතපහු උනා.. පාඩම් කරන්න ඔනිනේ මම යනවා අක්කී.. 

මම ගියේ සෙනූ අක්කිගේ කොන්ඩෙන් අඳින ගමන් මම කියවපු දෙවල් කල්පනා කරන නිසාද කොහේදෝ එයාට ඒ ගැන වැඩිය ගානක් නෑ වෙන වෙලාවකනම් එයා මා එක්ක අනිවාර්යයෙන් රන්ඩු වෙනවා...


*************************
දවස් ගෙවෙන්නේ මහ පුදුමාකාර විදියට පාසෑල් වෑන් එකේ ගමන මුලින් වදයක් වගේ දැනුනට ඒකත් විනොද ජනක එකක් කියලා ටිකක් දවස් යද්දි මටම තේරුනා... පහුවදාත් අංජලීගේ බෑග් එක අරන් යන්න පොරොන්දු උනාට මොකද මට දොර ලඟ සීට් එකේ වාඩි වෙන්න වාන්ස් එකක් ලෑබුනේ නැහැ මල්ලිලා සෙට් එක මාව මහ ඉහලින් පිළි අරන් පිටිපස්සේ සීට් එකට ගත්තා..ටික දවසක් යද්දි මමයි වෑන් එකේ වීරයා.. මට ඔනි විදයටයි හෑම දේම උනේ.. ඩැයිවර් අයියත් තරුණ කෙනෙක් නිසා වෑන් ගමන ගොඩක් සුන්දර එකක් උනා.. සෙල්ලම් නොකරන දවසට හවස් වරුවෙත් මම වෑන් එකේ එන්න පුරුදු උනා.. ඇත්තමට හවස වෑන් ගමන ගොඩක් සුන්දරයි මඟ නතර කරලා  කඩචෝරු කන්න...  බර්ත් ඩේ පාටි දාන්න. වතුර ගහගන්න වගේ විකාර වැඩ ටිකක් හැමෝම වගේ අපේ වෑන් සෙට් එකත් පුරුදු වෙලා හිටියා..

මම හිටියේ පිටි පස්සේ සීට් එකේ මැද හරියේ මට කෙලින්ම ඉස්සරහින් අංජලී.. එයා එක්ක වෑන් එකට එන මෘදු සඳුන්  සුවඳ පාන්දර සීතල එක්ක නැහැ පුඩු වලට දැනුන පළවෙනි දවසේ ඉඳන් මගේ හිත හිරි වැටෙනවා වගේ දැනුනා.. උදේට වෑන් එකට ගොඩ වෙද්දි මුහුන වහන් කරන් එන පර්දා සාලුව ටික වෙලාවකින් ගලවදා බෑග් එකට ඔබා ගනිද්දි ලස්සනට දිලිහෙන ඒ කෙහෙරැලි දිහා බලන්න මම ආස වුනා.. අංජලීට තිබුනේ මේ ලෝකේ ලස්සනම කොන්ඩේ වෙන්න ඔනි.. එයා ගියේ ජාත්‍යන්තර පාසැලකට නිසා දිග කොන්ඩේ බැන්දේ තනි මිටකට... තද කළුපාට ඒ දඟර ගැහුණු කෙස් මිටිය මගේ එක අතකින් අල්ලන්න අමාරුයි.. ඒක හරියටම දැන ගත්තේ දවසක් අපි එකතු වෙලා අංජලීගේ කොන්ඩේ පේපර් රිබන් ගැට ගහලා නෝන්ඩියක් දුන්නු වෙලාවේ..

වෑන් එකේ වාඩි උනාට පස්සේ අංජුට සිහියක් නෑ.. ලඟ ඉන්න සිතුමි එක්ක වල් පල් කියවන එකයි වැඩේ.. තාරක මල්ලිගේ උපන් දිනේ දවසේ සරසන්න ගෙනාපු පේපර් රිබන් ටික පාට පාටින් එකතු කරලා අපි අංජලීගේ කොන්ඩේ සැරසුවා.. පොතක් ගන්න ඔනි කියලා ටවුන් එක මැද වෑන් එක නතර තර ගත්තු කෙල්ලෝ සෙට් එක බුක් ෂොප් එකට ගියේ සිහියක් නැතිව ඉඳලා කොන්ඩේ රිබන් වලින් සරසගත්ත අංජුත් එක්කරගෙන.. ආපහු එද්දි ජම්බු ගෙඩිය වගේ රතු වෙලා උන්නු අංජූ කලේ ආපහු පර්දා සාලුව ඔළුවට දාගෙන බෑග් එක අස්සේ ඹුණ හංගන් ගෙදර ලඟට යනකල් ගිය එක... සිතුමියි අප්සරයි කීවේ බුක් ෂොප් එකේ වැඩ කරන කෙනෙක් කියනකල් තුන් දෙනාම අංජුගේ කොන්ඩ සැරසිල්ල දැක්කේ නැහැ කියලා..ඊට  පස්සේ දවස් ගානක් යනකල් අංජු නෙව් පර්දා සාලුව අයින් කලේ.. ඒත් ඉතින් දවසක් දෙකක් යද්දි එයාටම අමතක උනා.. ඒත් එදායින් පස්සෙ මම අංජුට විහිලු කරන්න නොගියේ එදා බුක් ෂොප් සිද්දියෙන් පස්සේ ඒ මුණ මැලවිලා තිබුනා වගේ ආයේ දකින් මගේ යටි හිත අකමැති වුන නිසා වෙන්න ඇති

සිතුමි.. අප්සරා දෙන්නා අපි එක්ක කච කචේ දාගෙන ගියත් අංජු කවදාවත් අපි  එක්ක කතා කලේ නෑ ඒකටත් එක්ක කෙල්ලෝ එක්ක කියව එකමයි වැඩේ....ඔළුව වන වන ඇස් කරකව කරකව කියවද්දි මම එයාගේ සීට් එකට බර වෙලා හොරෙන් අහන් ඉන්නවා... ඔප එහන්න ඔනිවට මම හැදදාම බොරු ඔළුවේ කැක්කුමක් දාලා ඉස්සරහා සීට් එකේ පිටුපස ඇන්දට ඔළුව තියා ගන්නවා.. ඒ වෙලාවට දඟල දඟල කියවන අංජුගේ කොන්ඩේ මගේ නළලේ ලාවට ගෑවෙනවා.. මම හෙමින් මූණ උස්සලා ඒ කෙස් රැලි වලින් එන මුදු සුවඳ විඳ ගන්නේ හදවතින්මයි...

Jun 30, 2011

වලාවෙන් වැසුණු සඳ, තෙවන කොටස

සති ගානක පන්ති තහනමකට පස්සේ ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න හිතේ පොඩි ලැජ්ජාවක් නොතිබුනා නෙවෙයි ඒත් ඉනින් ඌරන්ට මොන සෞඛයද කියලා හිතලා හෙමිහිට පන්තිය දිහාට පල්ලම් බැස්සා හොස්ටල් එක ළඟින් යද්දි නිකමට වගේ මම කලින් උන්නු කාමරේ දිහා බලද්දි හිතේ පොඩි දුකකුත් ඇති වුනා අපි උන්නු හෝල් එක තිබුනේ දෙවැනි තට්ටුවේ මායි තව කොල්ලෝ හය දෙනෙකුයි තමයි ඒකේ හිටියේ...  දැන් එතැන හිටි අයගෙන් පස් දෙනෙක්ටම හොස්ටල් එක තහනම් වගේම තුන් දෙනෙක්ට ඉස්කෝලෙත් තහනම් කිසි වරදකට පැටලුනේ නැත්තේ දුම්මා විතරයි ඒකා පොත් ගුල්ලා නිසා අපි එක්ක වැඩි ආස්සරයක් නෑ අපි පිස්සුවක් කෙලිද්දි මිනිහා තනියම පොතක් බලා ගත්තේ තනියම බුදු වෙන්න වගේ.. එකම ක්ලාස් එකේ හිටියත් අපි සෙට් එක මිනිහා එක්ක කතා කලෙත් බොහොම අඩුවෙන්.
“හල්ලෝ.. පහනා.. උඹ ආවද මචෝ"  කොහේදෝ ඉඳන් පාත් උනේ අපේ  එළුවා
“අඩේ එළුස් කොහොමද විස්තර මචෝ.."  මම එළුවගේ කරට අත දාන ගමන් ඇහුවා..
“එහෙමම තමයි බන් කණ සාක්කුවේ..." එළුවා ඊයේ රෑ දාපු සොට් එකේ වෙරි පිටින්මද කොහෙදෝ කියලා ඇහැක් ගැහුවා..
“තෝ වගේ වාසනාවන්තයෙක්.. මට ඉරිසියයි බොල“ මම කිවේ එළුවගේ කොන්දට  පාරක් ගහන ගමන්.
“මට වඩා උඹ වාසනා වන්තයි පහනා ඔපිෂියලි සත් දෙකක් ගෙදර ආතල් එකක් ගත්තා..“
“යකෝ මොන ආතල්ද හිරේ දැම්මා වගේ යකෝ බැනුම් අහ අහ එපා උනාමට“
“බැනුම් මොනාද බන්.. හැමදාම අහන එකනේ.. හිටපන් මම උඩට ගිහින් එන්නම්.. උඹ පලයන් පන්තියට අන්න බෙල් එකත් ගැහුවා “ කිව්වත් වගේම එවවා කියද්දිම බෙල් එක දෙවැනි පාරටත් වැදුනා.. තුන් වෙන් පාර වදින්න කලින් ක්ලාස් එකේ නොහිටියොත් සෙනවියා මාව අද ෂුවර්එකටම තම්බගෙන කනවා.. සෙනවියා කියන්නේ අපේ පන්ති බාර ගුරුවරයා වගේම ඉස්කෝලේ විනය බාර ගුරුවරයා කාලෙකින් ඇවිත් අදත් සෙනවියාගෙන් බැනුම් අහන්න බැරි නිසා මම අඩියට දෙකට පිඩිපෙල බැස්සා..

සෙනවියා ඉන්නවා අපේ ක්ලාස් එකට උඩින් බිත්තිය මුල්ලේ.. සිරාවටම ඔකා ඔය හැංගිලා පන්තිය දිහා බලන් ඉන්නේ වරදක් අල්ල ගන්න මිනිහට කොල්ලන්ගේ වරදක් අල්ලන් බනින්න බැරි උනොත් එදාට කෑවේ නැහැ වගේ වෙන්න ඔනි.. අනේ අසරනයෝ ටික අද මම කොහොම හරි බේර ගන්නවා කියලා හිතලා මමත් සෙනවියා නොදැක්ක ගානට පනිත්යේ දොරෙන් ඇතුල් වුනා..

"ආයුබෝවන්!!!" කියාගෙන් මාව දැක්ක ගමන් මුළු පන්තියේම  කොල්ලෝ ටික නැගිට්ටේ නැතැ මට කින්ඩියට.. හපොයි දෙවියනේ මට කට හොල්ලන්න  චාන්ස් එකක් නොදුන්න හැටි මේ කුජීතයෝ ටික .... ආයි හුස්ම ගන්න ඉඩක් නොදි සෙනවියා පැන්නේ නැද්ද පන්තිය මැදට   දුණු  හී අමොරගෙන.. (දුනු හි කිවේ පොරගේ වේවැලට) 

"මොකාද ආයිබොවන් කීවේ.. කියාපියව්.. මොකාටද උඹලා ආයුබෝවන් කීවේ..." සෙනවියා පන්තිය ඉස්සරහා ඉදන් මේඝ ගර්ජනා කුංච නාද හැම එකක්ම කරනවා... එකෙකන් කතා නෑ. මාත් උන්න තැන එහෙමම ගල් ගැහිලා හිටියේ.. අනේ අසරන මම එක චා කේස් එකකින් පස්සේ ඉස්කෝලේ ආපු පලමු දවස.. අනේ මාව බේර ගන්න බුදු තාත්තේ.. (හපොයි.. එතකොට කවුද තාත්තගෙන් මාව බේර ගන්නේ)..

කොහොම කොහොම හරි පළවෙනි පීරියඩ් එකේ මැදක් යනකල්ම සෙනවියා බැන්නත් කවුරුත් ඉදිරි පත් වුනේ නැ මමයි ආයුබෝවන් කීවේ කියලා....... මටත් හිටන් ඉදලා එපා උනා ඒත් ඉතින් මොනවා කරන්නද සෙනවියා කව්වොත් ඉන්න එපැයි.. අන්තිමේ කවුරුත් කතා නැති නිසා මුළු පන්තියම ප්‍රින්ස්පල් ලඟට අරන් ගියා.. එතනත් පැයක් දෙසනාව අහලා අන්තිමේ දඩුවම ප්‍රකාශයට පත් කලා.. ඉන්ටවල් වෙනකල් මුළු පනිත්යට දණ ගහගෙන ඉන්න ඔනි.. මම සහ එළුවා බේරුනා.. එළුවා  මට පස්සේ පන්තියට ආපු නිසා පරක්කුවට විතරයි එළුවා අහුවුනේ.. 

පනිතියට‍ ගිය එළුවයි මමයි බඩවල් අල්ලන් හිනා වුනේ දුම්මා අඩපු විදියට කොල්ලන්ව දණ ගස්සද්දි දුම්මාට ඇඩුනා... මට මතක හැටියට මීට කලින් කරපු කිසිම ඩස්පි වැඩකට දුම්මා හවුල් නෑ අපි විතරයි අහු වුනේ.. 
කොල්ලෝ ටික කටු කන අතරේ මමම එළුවගේන් පාඩු වුන පාඩම් ටික එහෙන් මෙහෙන් කවර් කර ගත්තා..

එදා දවස කොල්ලෝ එකාට එකා බුම්ම ගන්නවා පස්සේ අන්තිම පිරියඩ් එකේ අපි  සේරම පන්තිය දෙක වෙන්න හිනා වුනේ ආයි කිසිම දවසක සෙනවියාටවත් ආයු‍බෝවන් කියන්නේ නෑ කියලා හිතාගෙන..

හවස බාස්කට් බෝල් ප්‍රැක්ටිස් යද්දිත් කොල්ලෝ ටික වෙනසක් නැතිව මාව පිලි ගත්ත එක මට සතුටක් වුනා.. මාව ඉස්කෝලෙන් අයින් නොකරන්න තවත් හේතුවත් උනේ මම නැතිව ටීම් එක රන් කරන්න බැරි වීම වෙන්න ඇති.. මම ආසාවෙන් කියලා කරපු එකම දේ ඉස්කෝලෙන් පස්සේ සෙල්ලම් කරන එක තමයි.. 

මම හවස නැවතිලා සෙල්ලම් කරන වග තාම තාත්තා නොදන්න නිසා හවස ස්කූල් වෑන් එකේ නොයා සුපුරුදු බසයේ යන්න පුළුවන්.. 
********* පහන් හැමදාමත් හවස ප්‍රැක්ටිස් ඉදීවිද... **************



Jun 10, 2011

වලාවෙන් වැසුණු සඳ 2 කෙටස


"ඒයි.. කම්මැලියා ඉස්කෝලේ යන්නේ නැද්ද..."
සෙනූ අක්කාගේ කට හඬයි ජනේලේ කර්ටින් එක ක්‍රීස් ගාලා ඇදපු සද්දෙයි එකම වගේ කියලා මට දැනුනේ.. හිමිදිරි හීතලේ  පොරෝනය අස්සේ ගුලි වෙලා හිටි මම  අක්කා කියපු දේ අහුනේ නැහැ වගේ තව තවත් නින්දට ලෝබ කමේ ගුලි උනා..
"නැගිටිනවා මල්ලී... බබාව ගන්න ස්කූල් වෑන් එක මග එනවා ඇති"
සෙනූ අක්කා උදේ පාන්නදර කියලා බලන්නේ නැතිව මට වදේ ගහනවා මම ඇහුනේ  නෑ වගේ නිදි පාටක් පෙන්නගෙන හිටියා...
"ඕනි එකක් මම යනවා ඉස්‍කෝලේ යන්න බැරි උනොත් මහප්පගෙන් හොඳ කනේ පාරක් වදී..."
අන්තිමේ කේන්තියෙන් කියාගෙන සෙනුරි අක්කා කා‍මරෙන් ගියාට පස්සේ මම හෙමිහිට නැගිටලා නානකාමරේට වැදුනා.
මහ පාන්දර ඉඳන්ම වැටුනු වැස්සේ සීතලත් එක්කම මාත් උදේම නාගෙන ඉස්කෝලේ යන්න ලැහැස්ති උනා.. දඩිබිඩියේ කෑම කාමරේ හරහා දුවද්දි බාප්පා බලහත්කාරෙන්ම වගේ මාව වාඩි කෙරෙව්වා.. කවදා කාපු ඉඳිආප්පද කියලා මගේ ඉතිහාසේ පළමු වතාවට උදේට කෑවා..
ඊටත් පස්සේ අර කියාපු රාජකීය රථය හෙවත් ස්කූල් වෑන් එක එන්න තව විනාඩි පහක් විතර පරක්කු උනා.. ‍මම කලින් ලෑස්ති වුනු එක ගැන මටම හිතින් බැන බැන මිදුලේ මල් බංකුවේ වාඩි වෙලා හිටියා..
සොනූ අක්කා ෆුල් ට්‍රැක් කිට් එකක් ගහගෙන සපත්තු දාගෙන මිදුලේ ව්‍යායාම කරනවා.. ඒක දැකලා මට හතර හිනා.. ව්‍යායාම වලට කරන්නේ හින්දි ෆිල්ම් වල ඩාන්සින් ස්ටෙප්ස් .... එකට යස නමකුත් කිව්වා.... මමත් කල්පනා කලේ නිවාඩු දවසට සෙනූ අක්කා එක්ක මිදුලේ නටන්න.. වටේ පිටේ මිනිස්සුන්ට ඒක ගානක් නොවුනත් ගෙදර අයට හරි ලාමක ටින් ටින් ආතල් එකක් ලැබෙයිනේ..
ඔය කල්පනාවෙන් ඉන්නකොට සුදු වෑන් එකක් ඇවිත් ගේට්ටුව ඉස්සරහා නතර කලා.. පුංචි අම්මා මාව ඇරලවන්න ගේට්ටුව ගාවට ආවේ හරියට පහේ පන්තියේ ළමයෙක් ඉස්සෙල්ලාම ස්කූල් වෑන් එකේ යනවා වගේ.. විලි ලැජ්ජාවේ  පණ යද්දි මම  වෑන් එකේ  දොර ඇරලා ළඟම තිවුන තනි සීට් එකේ වාඩි උනා.. පොල් පටවන්න පුළුවන් සයිස් එකට ලඟින් ලඟින් දාලා තිවුන සීට් නිසා මම  වගේ අතපය හතර දික් වෙච්ච එකෙක්ට වාඩි වෙන්න පුළුවන් එකම සීට් එක ඒක විතරයි.
වැන් එකේ හිටියේ  ඔ()ලෙවල්වත් කරපු නැති පොඩි කොල්ලෝ ඒ කියන්නේ හයේ හතේ පන්ති වල ඉන්න පොඩි බට්ටෝ.. අනේ ඉතින් කාට කියන්නද මගේ දුක  කියලා.. මාත් මගේ පාඩුවේ සද්ද වහලා උන්නා.
බාප්ලාගේ ගෙවල් පාර පහු කරලා වෑන් එක තවත් අතුරුපාරකට හැරෙව්වා.. මම මීට කලින් එක පාරක් ආව වෙලාවක අයියලා එක්ක බීව් එකට ගියේ මේ පාරේ වගේ මතකයි පාර දෙපැත්තේ තිබුනේ තට්ටු තුන හතරේ සුපිරි ගෙවල්.. බලන්න ලස්සනයි ඒ ගෙවල් පේලිය..
ගෙවල්  සිහියෙන් ඉන්න කොට එකපාරටම  කවුදෝ මගේ ඔඩොක්කුවට බෑග් එකක් දැම්මා.. මම උඩවිසි වෙලා බලද්දි  වෑන් එක නතර කරලා මුස්ලිම් ගෑණු ළමයෙක් වෑන් එකට එයාගේ බඩු පටවනවා.. පේන විදියටනම් යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට වෙන්න ඔනි.. ස්කූල් බෑග් එක දාලා ඊට පස්සේ අහක බලාගෙනම තව  රෝස පාට රෙදි බෑග් එකක් දැම්මා.. දැණුනු රස්නේ හැටියටනම් ඒ එයාගේ කෑම එක වෙන්න ඔනි ඊළගට තව පොත් ටිකක් අතින් අරන් වෑන් එකට ගොඩඋනා.. බඩු ලෝඩ් එක අරන් ආව අනිත්  කෙනා කෙල්ලගේ අක්කා වෙන්න ඔනී....




ගෙදර අයට ටටා පාරක් හේම දාලා කෙල්ල වෑන් එකට ගොඩ වෙද්දි තමා නෝන්ඩි  සීන් එක.. මෙයාගේ බෑග් සේරම මගේ ගාව.. මත් ටිකිරි මොලේ භාවිතා කලා කෙල්ලව ටිකක් බයිට් කරන්න... තනියම උනත් මට ඔය වගේ එව්වා සිම්පල්මම මගේ පාඩුව බෑග් දෙක හයියෙන් අල්ලගෙන ජනේලෙන් එලිය බලන් ගියා.. කෙල්ල ගිහින් මට එහා පැන්නේ සීට් එකේ වාඩි උනා.. ඊට එහායින් උන්නු කෙල්ල පිටි පස්ස සීට් එකේ හිටපු කෙල්ලෝ දෙන්නා එක්ක සෙට් වෙලා හූ කිය කිය හිනා වෙනවා..
"‍මොකෝ අංජු අක්කා  උනේ......" . මට පිටිපස්සෙන් සීට් එකේ හිටිය  කොල්ලා මායි කෙල්ලයි අතරින් ඔළුව දාලා ඇහුවා.. යන්තම් ඒ පැත්තට ඔළුව හරවලා බලද්දි කෙල්ල පරදාවෙන් මුළු මූණම වහගෙන ඉන්නවා
මට පව් කියලත් හිතුනා වෙනදට මේ සීට් එකේ කවුරුත් නැති නිසා වෙන්න ඇති කෙල්ල  බලන්නේ නැතිව බෑග් එක වීසි කලේ..
වෑන් එකේ හිටිය කෙල්ලෝ කොල්ලෝ සේරම කෙල්ලට නොන්ඩිය දානවා.. මම කිසිත්  නොවුනු ගනනට බෑග් එක තියාගෙන හිටියා..
"එක්ස්කියුස් මී.. මගේ බෑග් එක දෙනවද..." හීනි හඬකින් කෙල්ල අහද්දි මම ඇහුනේ නැ වගේ හිටියා.. මම හිනාව නතර කරන් හිටියේ බොහොම අමාරුවෙන්
අන්තිමේ කෙල්ලගේ ඉස්කෝලේ ලඟට ඇවිත් බහිද්දි ආයි කෙල්ල සොරි කියලා බැග් එක ඉල්ලුවාම මට නොදී බැරි උනා..
"හෙටත් දෙන්න මම අරන් එන්නම්..." බෑග් එක දෙන ගමන් මම නක්කලේට කියද්දි වෑන් එකේ හිටිය කොල්ලෝ සෙට් එකට හයියෙන් හිනා වුනා ..

Jun 4, 2011

වලාවෙන් වැසුණු සඳ 1 කොටස

තේ ගස් යාය මැදින් ගලාගෙන එන දියපාර දිහා බලන්න මට වෙලාවක් නෑ මම බලා උන්නේ මගේ සුදු කෙල්ලගේ  දිග ඇස් දෙක දිහා, හීනි ඇහිබැමට යටින් පියවුණු ඇස්වල ඝණට වැඩුණු  දිග ඇස් පිහාටු දිහා කොයිතරම් ‍වෙලාවක් බාලකා හිටියද කියලා මට මතක නැහැ. මගේ පපුවට හා පැටියෙක් වගේ තුරුල් වෙලා  හිටියට මේ වෙනකල් ඒ ලස්සන ඇස් ඇරියේ නැහැනේ මේ කෙල්ල.. 

ඒත් මගේ හිත පුදුමාකාර ආදරේකින් පිරුණා.. මම හෙමිහිට නෙළුම් පෙත්තක් වගේ ලස්සන ඒ ඇස් පියනට දෙතොල් ලං කලා..

"පහන්..... මී හරකෙක් වගේ නිදියන්නේ නැතිව නැගිටිනවා.."

බුදු අම්මෝ... තාත්තා කොයිනද පාත්  උනේ.. තාත්තගේ සද්දෙට උඩ වීසි වෙලා ඇහැරුණු මම වට පිට බලද්දි මම හිටියේ ලස්සන තේ යායේ නෙවෙයි.. ගනි මද්දහනේ මහ පාර අයිනේ නතර කරලා තිබුන තාත්තාගේ කාර් එකේ..

අත්දෙකින්ම ඇස් දෙක පිහදාන ගමන්  කම්මැලි විදියට ඇඹරි ඇඹරි සීටි එකේ හරිබරි ගැහෙද්දි තාත්තා කාර් එකෙන් බැහැලා යන්න ගියා. 

"ඉන්නවා ඔහෙම මම බැංකුවට ගිහින් එනකල්" මගේ පැත්තේ වීදුරුවට තට්ටු කරලා කියද්දි මට දැනුනේ මමත් තාත්තගේ ඉස්කෝලේ ළමයෙක් කියලා.

අපේ තාත්තා අපේ පැත්තේ ප්‍රසිද්ද ඉස්කෝලෙක විදුහල් පති තුමා, ඉස්කෝලෙට විතරක් නෙවේ ගෙදරටත් එයා ප්‍රින්සිපල්ම  තමයි ඉස්කෝලේ ප්‍රශ්ණ වලටත් එක්ක අම්මට සැර කරනවා වගේම මෙඩිකල් කොලේජ් ඉන්න අයියට සැර කරන්නෙත් තාමත් ඒ ලෙවල් කරන මට සැර කරණවා වගේමයි..

මං තරම් තාත්තගෙන් ගුටු කාපු පුතෙක් මේ මිහිපිට නැතිව ඇති කියලා තමයි අපේ අම්මා හැම වෙලාවේම කියන්නේ. තාත්තට ඉස්කෝලෙදිවත් මම වගේ දඩබ්බර ළමයෙක් මුණ ගැහිලා නැහැ කියලා ඊයේ තාත්තා බාප්පා එක්ක ෆෝන් එකෙන් කතා කරද්දිත් කියනවා මට ඇහුනා.. කතාවනම් සහතික ඇත්ත තමා.. මුලින්ම මම ගියේ තාත්තගේ ඉස්කෝලේට කොයිතරම් අණ්ඩපාලයෙක් උනත් හොඳින් ඔලෙවල් පාස් වුනු නිසා තාත්තා මාව කොළඹ ඉස්කෝලෙට දැම්මා, ස්කූල් හොස්ටල් එකේ.. යාළුවෝ ගොඩාක් එක්ක මම නිකම් හැසිරුනේ අළුත අත්තටු ලැබුණු කුරුල්ලෙක් වගේ.. මම මගේ නිදහස උපරිම වින්දා.. ඒ අතර වැඩිපුර තිබුනේ නරක වැඩ.. හොස්ටල් එකේ තාප්පෙන් පැනලා ගිහින්  බීච් එකේ රහමෙර පාටි දාන වැඩේ ඉස්කෝලෙට අහුවුනු දා තමයි නිදහස විඳීමේ රසට වේවැල් පාරේ රසයත් එකතු  උනේ... 

අපිත් එක්ක ඒ ගමන ගිය අයගෙන් බොහොමයකට පාසැලට සමු දෙන්න සිදු වුනත්  අධ්‍යාපන ප්‍රගතියයි තාත්තගේ විදුහල්පති කමයි නිසා මට දිගටම ඉස්කෝලේ ඉන්න අවසර ලැබුණත් ආපහු පාසැල් නේවාසිකාගාරේ පස් පාගන්නනම් අවසර තිබුනේ නැහැ.  ඒ අනූව මට  සඳුදා ඉදන් ඉස්කෝලේ යන්න අද මේ විදියට කොළඹ බාප්පලා දිහා නතර වෙන්න යන්න සිද්ද වුනා..


***********************************************************************
********************************
‍***************

බාප්පලා  ගෙදර මට අළුත් තැනක් නෙවෙයි.. පුංචි කාලේ හැම ඉස්කෝලේ නිවාඩුවකටම අයියයි මමයි හිටියේ බාප්පලා දිහා.. සෙනුරි අක්කයි මනුක අයියයි දෙන්නත් මට ආදරෙයි හැබැයි ඉතින් මට රෝසිගේ නම කියලා විහිලු කරන එක තමා ඒ දෙන්නගේ ඉවසන්න බැරි ගුණාංගය.

රෝසි කියන්නේ පුංචි අම්මාගේ මල්ලිගේ දුව එයාලා ඉන්නේ  බාප්පලාගේ ගෙදරට ගෙවල් දෙකකට එහා . හැබැයි ඉතින් රෝසිගෙ වැඩේ සෙනුරි අක්කා එක්ක කියව කියව මුළු දවසම එහේ ඉන්න එක තමයි..  රෝසිත් මගේම වයස එයාට ගෙදරට කියන නම රෝසි උනාට එයාගේ නම වෙන මොකක්ද එකක් ඒ නම නම් කවදාවත් මට මතක හිටින්නේ නැහැ.. 

මම ගියාම රෝසිගේ වැඩේ මොකක් හරි එකක් කියාගෙන මාත් එක්ක කතාවට එන එක.. අනිත් මොන අණ්ඩ පාල වැඩේ කලත් ගෑණු ළමයි කියන්නේ නම් මට අල්ලන සබ්ජෙක්ට් එකක් නෙවෙයි.. සෙනුරි අක්කා අරෙන්න මම කතා බහ කරන්න කැමති අපේ නැන්දගේ දුව ගිම්හානි අක්කා එක්ක විතරමයි..

දණ්ඩනීති සංග්‍රහය ව‍ගේ නීති මාලාවක් පණවලා තාත්තා මාව බාප්පලා ගෙදර ඇරලවලා ආපහු ඉක්මනින්ම ගියේ අම්මා තනියම ගෙදර නිසා. ඒ නීති වලින් හැම එකක්ම ඉවසන්න පුළුවන් උනත් මට ස්කූල් සර්විස් එකක ඉස්කෝලේ යන්න වෙනවා කියන එකනම් ඉවසන්නම බැරි උනා.. හෝඩියේ කොල්ලෙක් වගේ දැන් ඉතින් පලයන්කෝ පොඩි එවුන් යන ස්කූල් වෑන් එකක... කේන්තියට මගේ  කන් රතු වෙලා ඇස් දෙක පුපුරලා කඳුලකුත් පැන්නා.. මම එහෙමම ඇදට පැනලා බිත්තිය දිහාට රවාගෙන හිටියා..

"අහා.. පොඩි මල්ලියා.. මොකෝ මේ.. " සෙනුරි අක්කා ඇඳෙන් වාඩි වෙලා මගේ කොණ්ඩේ අවුල් කරනවා.. මම අක්කගේ අත අරන් පැත්තනකට දැම්මා.. 

"මේ මොකද හරියට මම කරපු දෙයක් වගේ.. " අක්කා රිදෙන්නේ නැති වෙන්න මගේ පිටට පාරක් ගහන ගමන් කීවා..

"ඉන්න දෙන්නකෝ අක්කේ..." මම බිත්තිය පැත්ටම හැරිලා කීවේ ඇස්  දෙකේ කඳුලු දැක්කොත් අක්කගෙන් උනත් නොන්ඩි කන්න වෙන නිසා.

"මම වඩාගෙන හිටියා ඇයි වදේ.. ඔයා ඉන්නකෝ.. මේ මේ... ඔය ඇඳට අළුත් රෙදි දාන්න ඔනි.. ටිකක් අයින් වෙන්න.. ඊට පස්සේ ඔනි එකක් කරගන්න " 
 අක්කා මාව අඳෙන් බ්මට අඳලා දාන්න කලින් මම නැගිටලා  ජනේල් කූරුවල එල්ලුනා..

"පොඩි මල්ලි මේ බලනවා රෝසි මේ සෙට් එක මැහුවේ.. ඔයාගේ ඇඳට දාන්න කියලා දුන්නා..." සෙනුරි අක්කා කොට්ට උර දෙකකුයි ඇඳ ඇතිරිල්ලකුයි පෙන්නලා මට කීවා.. මගේ හිතේ තිබුන කේන්තිය දෙක තුන උනා..

"ඔනි නෑ අක්කේ අම්මා ම‍ට ඒවා සේරම ලෑස්ති කරලා දුන්නා අනික හොස්ටල් එකේ පාවිච්චි කරපු ඒවා තියෙනවානේ..." මම මුණ වැල ගෙඩියක් කරන් කියද්දි සෙනූ අක්කා මගේ දිහාම බලන් හිටියා..

"ඇයි ඉතින් මොකද වෙන්නේ මේක දාපුවාම.." එහෙම කියලා එයා ඇඳ ඇතිරිල්ල එලුවා මටත් ඉතින් නිකම් ඉන්න බෑනේ මම ඉක්මනට පැනලා ඒක පැත්තකට වීසි කලා...

"මොකද හලෝ වෙලා තියෙන්නේ.. පිස්සුද ඔයාට..." අක්කා පුදුමෙන් මගේ දිහා බලාගෙන හිටියා

"ඔයාට මේක පාව්ච්චි කරන්නම ඔනිනම්.. ගිහින් බල්ලගේ කූඩුවට දාන්න.. එලලා දෙන්න... බව්වා සැපට නිදියයි.. ඒත් මට නම් එපා..." මම දුෂ්ඨ වනිදියට කියලා අහක බලා ගත්තා...

"අහා... ඇත්තද... ඔයා ඔයා ගැන හිතන් ඉන්න විදියහරිම සොක් හප්පා..මම අදනේ දන්නේ.. ඔයා ඔයාවම දාගෙන ඉන්න තත්වය..ඒත් ඉතින් පව් අර කෙල්ල....ඒ කෙල්ල පණ නහගෙන ආදරේ කරන්නේ ඔය වගේ කෙනෙක්ටද... ??" සෙනූ  අක්කා කේනිතියෙන් කියාගෙන ගියා. අන්තිමට කියපු දේට මගේ යකා ඩබල් උනා..

"එක්ස්කියුස් මී... ආදරේ කරන්නේ...?? කවුද කවදද කීවේ එයාට මට ආදරේ කරන්න කියලා...??" සෙනූ අක්කගේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන ගමන් මම ඇහුවේ යකෙක් වගේ.. සෙනු අක්කා පැරදිලා මූන බිමට නවාගෙන හිටියා

" මේ මොන විකාර කතාවක්ද අක්කේ..  මම හීනෙකින් වත් හිතපු දෙයක් නෙවෙයි මේක.... " ගොඩක් වෙලාවකට පස්සේ මම සන්සුන් හඩින් කියලා අක්කව අත්ඇරියා..

"සොරි මල්ලියා.. ඉට් ජස්ට් එ ඉමැජිනේෂන්.." එහෙම කියපු සෙනූ අක්කා යන්න හැරුනා..

"ප්ලීස් අක්කේ.. රෝසියි මායි සම්බන්ධ කරලා විහිලු කරන්න එපා.. එයා මම හොයන ටයිප් නෙවේ.. නිකම් බොරුවට එයාට බලාපොරොත්තු දෙන්න එපා.. ඒක පව්.. මම ආස නෑ කිසි කෙනෙක්ගේ හිතක් රිදවන්න.. ‍මට මේ ජීවිතේ හරි නිදහස්.. ඒක ගෙවන්න ඔනි ප්ලීස්.."  අක්කා යන්න කලින් ඒ ටික කියා ගන්න මට පුළුවන් උනා...

ඊට පස්සේ හවස් වෙනකල්ම මම කාමරෙන් එළියට ආවේ නැහැ.. හවස මනුක අයියා වැඩ ඇරිලා ඇවිත් මාව ඇහැරවනකල් මට හොඳ නින්දක් ගියා.. 

"අහා.. ලොක්කා.. ජල්ලියක් මාට්ටුලු නේ..." මනූ අයියා මගේ පිටට රිදෙන්න පාරක් ගහන ගමන් ඇඳේ පැත්තකින් වාඩ් උනා...

"සික්.. කියලා වැඩක් නැ අයියේ.. චාටර්...." මම නිදි මතේම කීවා...

"චාටර් ...?? .. කවුද යකෝ චාටර්.. උඹනේ.. යකෝ.. අහු නොවෙන්න ගේමක් දෙන්න බැරි හැටි අම්මපා..." අයියා දිගටම මට වදේ ගහනනවා.. මොනා කරන්නද.. ඉවසනවා ඇරෙන්න...

" විලි ලැජ්ජිවේ සන්තොසේ බෑ අයියේ..." මම ඇඳෙන් නැගිටලා ඇඟමැලි කඩන ගමන් කීවා..

"කොල්ලා හෙට ඉඳන්  ස්කූල් සර්විස්ලු යන්නේ නේද...." මනු අයියගේ පල් හිනාවට මට පෙළව ලගන් යන්න හිතුනා..

"ආයිත් අහලා සැප සැප සුර සැප.. බස් වල තෙරපෙන්න ඔනි නෑ.. බස් නැතිව චා වෙන්න ඔනි නෑ... පින් කරන්න ඔනි ඔව්වා ලබන්න..." නොන්ඩිය වහගන්න මාත් පොර ටෝක් එකක් දුන්නා..

"අනේ බන් උඹත්.. දැන් එහෙමවත් කියපන්..." මනුක අයියා මහ හයියෙන් හිනා උනා....