කවිකාර සිත බල කරයි
ලියන්නලු කවියක්
සිත් යාය සිහින අසරණයි
සිතේ නැහැ සිතිවිලි බිඳක්
ඔබ සිහිනයක් වගේ දුරයි
සිතට නෑ නිවනක්
ආදරෙයි මම ආදරෙයි
කියන්නට නැහැ ඉඩක්
අහස තරහින් මඟ හරියි
කියන්නට බැහැ දුකක්
වරු ගනන් දුක් අසා ඇතිවී
අහස මිතුදම් හැර ගිහින්
හංස ගීතයෙන් ඔබ්බට.. අද තවලමෙත් කවියක්.. පුංචි වෙනසකටත් එක්ක....














