Showing posts with label ආදර කතාව. Show all posts
Showing posts with label ආදර කතාව. Show all posts

May 18, 2011

ආදර කතාව 7 හෙවත් අවසන් කොටස


වැරෙන් නෙත් හරින බුවා තුමානන්
වටපිට බලමින් කැරකෙයි විගසින්
ඔහු මේ සිටිනා තැන ගැන අසමින්
කෑමොර දෙයි උන්මාදෙකු විලසින්

විගසින් දුව එන මිතුරු බුවානන්
තොරතුරු පවසයි කියා කතාවක්
බූවී පෙර රැයෙහි කිව් දේ අසලා
බුවාගේ හදවත මිදෙයි බුවීගෙන්

බුවා
පෙම් කරනා කල සුරගන විලසේ
බැන්දම ඇය යක්සනියක් වුයේ
නිවසේ වැඩපල ඇය නෑ දන්නේ
බීලා නටන්නට පමණද දන්නේ

යාළු බුවා
උඹේ අමාරුව සනීප වෙන්නට
උඹම නේද විගහට බැද ගත්තේ
වෙන වෙන උන් හා කා බී නටලා
උඹ අගුපිල් වල දා ඇය යන්නේ

බුවා
ඒ කල ඇය හුරතල් ලද බොළදී
බැන්දට පසුවයි වෙනසක් වුවේ
තවදුරනම් බැහැ මේ ලෙස යන්නට
විගසින් තීන්දුවක් ගනිමී

බුවන් මෙලෙස සාකඡ්චා කරතී
බුවී ගෙදර පාටියකට හැරෙති
බුවා මිතුර සමගින් එහි යනවිට
බුවීගේ මිතුරන් රොත්තම දකිතී

බුවාගේ ඉහමොල තව තව රත්වී
බුවී කෙරේ තරහම තව උපදී
තමන්ගේ ඇගලුම් මල්ලට දාගෙන
තම නිවසින් උව ඔහු පිටව යතී

බුවීට පසුදින වෙරි හිදෙනා විට
බුවා පිටවු බව මිතුරන් කියතී
දුරකතනෙන් සැමියා අමතන ඇය
මැවුනු සිනාවෙන් කතාව කරතී

බුවී
ඩාලිං පැටියෝ කොයිද ඔබ ගියේ
ඊයේ පාටිය අතර තුරේ
උදේ ඉදන් මම සෙව්වා සැම තැන
ඇදුම් කැඩුම් හේමත් නෑනේ

බුවා:
නොනා මහත්තයා දැන්ද නැගිට්ටේ
උන්නද මලාද නෑ දන්නේ
නොබැද උන්නනම් මීට හොදයි බොල
ආයේ නෑ පස් පාගන්නේ

බූවී:
මොකටද මේ හැටි කල බල වෙන්නේ
මිතුරන් හා ඒක් වුනු පමණින්
ඔයාඑන තුරුත්පාටිය තිවුනා
ජොයින් නොවුනේ එහි ඔයාමනේ

බුවා:
දිනක් ඉවසුවා දෙකක් ඉවසුවා
තව ඉවසන්නට මට බැරිය
ගෙදර වැඩත් මමමනේ කරන්නේ
නුඹට එහි කිසිත් වග නැතිය

බුවී:
ගේ දොර වැඩ පල මම දන්නේ නැහැ
එය මාගේ වරදක් නොමවේ
ගෙදර සිටින කල ඩෑඩී එය කලා
මට  ඒවා පැවරුවේ නැහැනේ

බුවා:
දීගෙක ආවේ ඩෑඩී හැරදමා
මට බිරිදක් වන්නට නේදෝ
නොම දන්නේ නම් ඉගෙනගන්නවත්
නුඹ හට ආසාවක් නැතිදෝ

බුවී
ඉගෙන ගන්න මට ඔනි කමක් නෑ
මෙහෙකරුවෙක් නිවසට ගන්නේ
ඩෑඩිගේ නිවසේ අතට පයට මට
හැම දේටම මෙහෙයට ඉන්නේ

බුවා:
එහෙනම් මා හට නුඹෙන් පලක් නෑ
මෙහෙකරු සහේට මම ගන්නේ
ඩෑඩී සමග නුඹ හුරතල් වෙනු මැන
මම නුඹේ මෙහෙකුවෙකුද නොවේ

බුවී:
පෙම් කරනා කල මෙහෙම කීවේ නැහැ
මම යමි ආපසු ඩැඩී කරා
නුඹට අවැසි මාගෙන් වැඩ ගන්නයි
මම නොම වෙමි දාසිය නුඹටා

බුවා:
දාසී බිරියක් වෙන්නට බැරි නුඹ
කෙලෙසද මවකගේ තැන ගන්නේ
නුඹ හා සමගින් තව ඉන්නට බැහැ
දික්කසාදයට සැරසෙන්නේ

බුවී:
දික්කසාදයත් මට සැන සිල්ලක්
තව නුඹ හා ඉන්නට බැරි‍ය
මගේ නිදහසට සීමා පනවන
නුඹ හා යුග දිවි ථල නැතිය

බුවා:
නුඹ කියනා තුරු නොව මම සිටියේ
අප අහසයි පොළවයි වැනිවේ
හදිස්සියේ යුගදිවියට ආවෙන්
මේ දුක් ගිනි මම උහුලන්නෙ

ඒලෙස වදනින් දබරව දෙදෙනා
දෙපසට වෙන් වීලා යන්නේ
මාස ගනන් නඩු කියලා අවසන
දික්කසාදේ ලියවා ගන්නේ

උමතුයි සෙනෙහස අන්ධයි සැමවිට
මිතුරනි එය තේරුම් ගන්නේ
දෙදෙනෙක් එක්වන පමනින් කිසිවිට
ආදරයක් ඇති නොම වන්නේ

දාසී බිරියක්  වන්නට බැරිකල
සැමියන් නිවසින් පිටවන්නේ
බිරියන් අතමයි සැමවිට සැම තැන
පවුලේ සමගිය පවතින්නේ




ආදර කතාව මින් අවසන්

May 17, 2011

ආදර කතාව 6 හෙවත් විවාහ ජීවිතය 2 කොටස

බුවා උදෑසන හතරට නැගිටියි
උදේට දවල්ට කෑම උයා දෙයි
ගේ දොර පිරිසිදු කර තියලා යයි
බුවී සැපට උඩ දාගෙන නිදියයි

බුවා දහවලේ වැඩටම වෙහෙසෙයි
බුවී සැලොන් වල කාලේ ගෙවාලයි
බුවාගේ සැලරිය බුවීට ඉවරයි
ඉතිරි වෙන සතෙන් බුවා හොදට බොයි

නයිට් ක්ලබ් වලට බර්ත් ඩේ වලට
බුවී තුමිය හැමදාමත් සැට් වෙයි
බුවත් එහි ගිහින් හොදහැටි මත් වෙයි
දෙදෙනම මැදියම නිවස කරා යයි

ආයිත් පසුදින ඒ ලෙසටම වෙයි
දෙදෙනට නොදෑනි දවස ගෙවී යයි
මිතුරන් සියල්ල පොරට සිනාසෙයි
බුවීගේ සර්වන්ට් වෙලා යැයි කියයි

යාළු බුවා
අපිත් එක්ක උඹ පොරක් නම් තමයි
ඒ උනාට ගෑනිට බයනේ
උදේට දවල්ට රෑට උයන්නෙවත්
රෙදි සොදන්නෙත් බයටමනේ

බුවා
කෙල්ලතාම හුරතල් වෙනවා බන්
පුරුද්ද අත්හැරුමට බැහැනේ
ගෙදර වැඩක් ඇය ඉගෙන ගන්නේ නැහැ
සෙනේ නිදා මට තමයි වදේ

යාළු බුවා
ලක්ෂරි නිවසක තනිවම හිටි නුඹ
අහවල් දේටද බැද ගත්තේ
අපිත් එක්ක හොද හැටි බීලා උඹ
සුද්දා වගේ නොවේදෝ උන්නේ

බුවා
මගේ ලක්ෂරි ලොව ඇයටම දුන්නා
ගොනෙක් වගේ දැන් මම ඉන්නේ
අද නම් මම බොතලයම බොනවා
මේ දුක අමතක කල යුතු වේ

සිතේ පිඩනය නැති කරගන්නට
බුවා හොදට බී මත් වන්නේ
නයිට් ක්ලබ් එකෙත් දොර අභියස හිද
බුවී බුවා හට අමතන්නේ

බුවී
ඩාලින් වෂ්තුව කොයිද ඔයා පන
පික් කරන්න එන්නැද්ද අනේ
මටත් ටිකක් වෙරි උනා පනේ අද
හැකි විගෂින් ඔබ එනවානේ

යාළු බුවා
බුවාට බීලා සිහිය නැති වෙලා
බාර් එක ලගට එන්න නගේ
අපේ උන්ට නැගිටින්නට බෑ වෙරි
කොල් කරන්නම උන්නේ අනේ

බුවී
මොකක් කියනවද මටත් වෙරි වෙලා
එන්න බැරිව මම මේ ඉන්නේ
ට්‍රයිෂෝ එකක් ගෙන මම ගෙචරට යමි
බුවා ඔහෙම දා පලයන්නේ


බුවාව  දාලා බුවී ගෙදර යයි
බුවාට යන මං නැති වෙන්නේ
යාළු බුවා ගේ කරින් ගිහිල්ලා
පසුදින උදයෙම ඇහැරෙන්නේ




මෙලෝ රහක් නැති ආදර කතාවේ ඉතිරිය තෙක් මතු සම්බන්ධයි

May 11, 2011

ආදර කතාව 5 හෙවත් විවාහ ජීවිතය 1 කොටස

රැයෙහි පාටි දැමු බුවා තුමානන්
ඇගමැලි කඩමින් ඇහැරෙද්දී
අමාවකේ හද මෙන් මුව සකසන්
බුවී හිදියි ඇද ඉස්මත්තේ


බුවා:
රත්තරනේ ඔබ කලින් නැගිට්ටද
තවමත් අළුයම නොවෙද පනේ
ඊයේ චුට්ටක් වැඩි වුවා මට
අමනාපෙන් පසු නොවනු මැනේ


බුවී:
ඉර දෙන්නං තරු දෙන්නං කීවා
මේ ගෙට මම තනිවම ආවේ
මනමාලිය වුනු මා තනි කරලා
කොයි නිවසෙද පෙර රෑ හිටියේ


බුවා:
බොසා එක්ක පොඩි අඩියක් ගැහුවා
නොදැනිනි කාලය යනවා පනේ
උදේ වෙලා යැයි මට දැනෙනා විට
සොයා ඔබව මම ආමි මෙසේ


බුවී:
හනිමුන් යන්නට හොටෙල් බුක් කරා
සුරංගනා ලොව මැව්වානේ
මුළු රෑ තනියම මම නිදි වැරුවා
බොසත් එක්ක නුඹ මොකද කලේ


බුවා:
තේරුම් ගන්නට බැරි ඇයි සොදුරිය
බොසා නිසයි මම මෙහි ඉන්නේ
මේ ගෙය කාර් එක අපිට තියෙන්නේ
බොසා ෂේප් එකේ හිටියොත්නේ


බුවී:
‍බොසා එක්ක නොව කසාද බැන්දේ
මා එක්කයි නුම නොදනීද
මුළු රෑ මා මෙහි තනියම යන වග
නුඹ හට සිතනේ වත් නැතිද


බුවා:
ප්‍රමොෂන් එකේ වැඩ ගැන කීවා
පැය ගනනක් මගේ බොස් උතුමා
බොත්ල් හතරම හිස්වන තුරුවත්
තිබුනේ නැ ඒ ගැන දැනුමක්


බුවී:
සමුදුරු වෙරලේ සුන්දර තැනකට
හනිමුන් යන්නේ කවදද දැන්
අදවත් එහි යමු අපි අප වෙනුවෙන්
වෙන්කල යුතුමයි එක දවසක්


බුවා:
හෙට උදයේ සිට ඔපිස් යා යුතුයි
ඩාලින් එය තේරුම් ගන්න
ටික දිනකින් යමු වීක් එන්ඩ් එකක
එතකල් වස්තුව ඉවසන්න


බුවී:
මොනවද ඩාලින් ඔයා කියන්නේ
හොටම ඔපිස් යා යුතුමයිදෝ
සතියක් වත් ඇයි නිවාඩු නැත්තේ
ඊයේ බැන්ද බව නොම දත්දෝ


බුවා:
බදින්න හදිස්සි උනේ ඔයාටයි‍
නිවාඩු ගන්නට බැරිය මට
තේරම් ගන්නට බැරිනම් ඔබ හට
මා හට කරන්න දෙයක් නැත






පැත්තක් අල්ලන් බුවී අඩනවා
නෑසුනු ගානට බුවා ඉන්නවා
උදේට කෑමත් නැ ඉව්වෙත් නෑ
දෙන්නම දවල්ට එළීයට යනවා

විවාහ ජීවිතයේ ඉතිරිය තෙක් මතු සම්බන්ධයි 

May 10, 2011

ආදර කතාව 4 හෙවත් හනිමුන් යෑම

විගස විවාපත් බුවා තුමානන්
මනමාලිය හා සිටිනා විටදින්
නාද වුනා ඔහුගේ දුරකතනය‍
බොසා එහා පිට ඉදන් කතාවෙන්


බොසා:
මිස්ටර් බුවා ඔබ අද මෙහි නාපු නිසා
මම සිතුවා දුරකතනෙන් ඇමතුමටා
මයි කන්ග්‍රැඩුලේෂන් විශ් ඔල් බෙටා
ප්‍රමෝෂන් එකක් ඔහේට දුනිමි මෙමා


බුවා:
කොහොම තෑන්ක්ස් කරමිද නොම  දනිමි සර් 
හදිස්සියේ බැන්ද නිසයි නාවෙ සර්
මගෙන් වෙන්න ඔනෑ මොනවාද සර්
මගේ ඩියුටි මම අකුරට කරමි සර්

බොසා:
නොකියම බැන්දදමිස්ටර් බුවා ඉතින්
සුභ විවාහ දිවියක් යැයි කියමි මමත්
එන්නට හැකිද ඔපීසියට හවස් අතෙන්
ප්‍රමෝෂන් ලියමු අදදින ගන්න ඇවිත්

බුවා:
දිවි දෙවනි නෑ මේ රැකියාවත් එක්කන්
පැය දෙකතුනක් තුල එන්නෙමි සෑර් ඉතින්
ලියුමත් අරන් පාටිත් දෙනවා සතුටින්
සෙට් වෙමු සෑර් ඇවිත් ඉන්න බාර් එකෙන්

බුවී:
කවුද ඩලා හදිස්සියේ කොල් කලේ
හරි සතුටින් ඔය වගේ ඇයි හිනැහෙන්නේ
දැනගන්නට ඉවසුම් නැතිවයි ඉන්නේ
ලේ පුව්වන් නැතිව ඉතින් කියපන්නේ


බුවා:
ඩලා ඔයාගේ ලක් එක නොවේද මේ
ප්‍රමොෂන් එකක් දීලා මට මෙදිනේ
බොසා කතා කලේ එන්න කියා අනේ 
කව ටිකක්න් යන්න ඔනි ඒ පැත්තේ


බුවී:
හරි සතුටුයි පැටියෝ උඩ පනිමි මම 
අදම ගියොත්  හනිමුන් යන්නේ කො‍හොම
මුහුද අයිනේ තරුහොටලේ යන්න මට
වෙන දවසක ඔප්යි ගියොත් හොද නැද්ද


බුවා:
අවුරුදු හතරක් හිටියා මෙය දෙනකල්
වෙන දවසක හිනමුන් යමු ඩලා ඉතින්
හැමට වඩා ජොබ් එක මට වටී ඉතින්
සමා වෙන්න පැටියෝ දුක් නොදී ඉතින්





මෙලසෙ කතා කී අපේ බුවා තුමා 
බොසා සමහ පාටියකට යන්න ගියා
පසු දින උදයේ අවා නිවස කරා
බුවී කියනවා ඇත පෙම්වත් මිහිරි කතා 


 විවාහ දිවිය තෙක් මතු සම්බන්ධයි....







May 9, 2011

ආදර කතාව 3 හෙවත් වෙඩිම

අපේ ආදර බර ඒ සුදු බුවයි බුවියි
අද බදිනවා මිතුරනි මම කියම් තුටින්
වෙඩිමට ඉන්නේ අවමෙන් කස්ටිය පිරිසක්
දෙදෙනා තුටින් ඉපිලෙයි වියදම් නැතියෙන්


බුවා :
මගේ ප්‍රෙන්ඩ් බුවා රෙජිස්ටාර් කැදවන්න
උදේරැයින් ගියා බබා දන්නවද
අප් ඩීටේල් අහලා පැය ගනනක්ය
ඇයි තව නැත්තේ වෙලාව මට වදයක්ය


බුවී:
ඉවසුම් මටත් නෑ ඩාලින් දන්නවද
අද සිට අපිත් පවුලක් යැයි සිතෙන කොට
රෙජිස්ටාර් එනු ඇත ඔබ ඉවසන්න
ම්තුරන් සමග පොටෝ ෂුට් කරමු අප


බුවා:
සුන්දරයේ ඔබගේ මන්ගල මාලේ
ඊයේ හවස ගොස් මම අර ගත්තානේ
ඩිසයින් කීපයක් විය එම සාප්පුවේ
මට සිත ගිය එකයි මා අරෙගන ආවේ


බුවී:
ඩිසයින් ඇත ඇති පදමට ඩලා ඉතින්
අදට මේක පළදිමි මම සතුටු සිතින්
පසුව අරන් දෙන්න ආස එකක් ඉතින්
ඔයා දුන්නදේ මට වැඩි නෑනේ ඉතින් 


යාළු බුවා
හද්ස්සියේ බදින්න බොට හැදුන විසේ
මමයි කට්ට කන්නේ මහ පාර දිගේ
රෙජා අරන් අවා ඌ කාර් එකේ
වරෙන් පව් නොදි බද්න්න මගේ පුතේ


රේජීස්ටාර්
මනාල යුවල දැන්  අසුනින් නැගිටින්න
මා කියනා වචන ආපසු කියවන්න
ඔබ දෙදෙනා යුග දිවියට යන මෙදින
සාක්ෂී වන මෙන් සැමගෙන් ඉල්ලන්න


බුවා
සුන්දර බුවී මගේ සුරතල් මනමාලි
අද දින සිටන් මම  කරගමි මගේ බාරී
දිවි ඇති තුරා රකිනෙමි සුන්දර දේවී
සාක්සි වන මැන මිතුරන් සැම එක්වී


බුවී
ආදර බුවා සමගින් කුල ගෙයට යමී
යහපත් ලෙසින් ඔහුගේ මම බිරිය වෙමී
පතිනිය වෙලා යන්නට අවසර පතමී
සියලු දෙනම මට සාක්ෂි වනු මැනවී


රෙජිස්ටාර්
යහපති යුවතිපති අද දින විවාපත්
දෙපොට කැපෙන පිහියකි මේ විවාහෙත්
පරිස්සමෙන් පරිහරනය කරොතින්
ඇඹුලත් අතත් බේරෙනු ඇත එය දැනගන්

බුවා සහ බුවී
රෙජිස්ටාර් මහතුනි මිතුරනි හිත් ගත්
ස්තූතියි ආවට හදිසියේ වුවත්
කෑම බීම සංග්‍රහ ඇත භුක්ති විදින්
පින්තූරත් ගන්න එන්න පවුල් පිටින්






හනීමුන් යෑම  තෙක් මතු සම්බන්දයි... ;) ;) ;)















May 7, 2011

ආදර කතාව 2 හෙවත් වෙඩිමට පෙර

බුවී:
ඩැඩී ඔබට කියන්න මට දෙයක් ඇත
හෙට උදේට කරකාරෙට බදිමි මම
දැවැද්දට දෙන දේවල් අර ගන්න
ෂොපින් යමුද අද හවසට අපි දෙදෙන


ඩැඩී:
දුවේ උඹේ මොලේ හිලක් ඇතුවාද
තවදුරටත් මටනම් ඉවසිය නොහැක
හෙට බදින්න බොට ඇති තදියම කිමද
මේ අරුමැක්කේ දැවැදි කොහෙන් බොල

ආදර කතාව 1 කොටස

බුවා:
අංජනයකි නෙත් ලග ඔබ මගේ සංජනා
ගව්සිය දහසක් ඇවිදින් සොයා‍ ගත්තේ මා
නෙත් සර පහසින් මන් මත් කරන අංගනා
නුඹ නැතිනම් මට ජිවය නැතිය කිසි දිනා


බුවී: 

නෙත් සර බැල්මෙන් සනසමි රත්තරන් ඔයා
නුඹ වෙනුවට මම කැප වෙමි ජීවිතේ පුරා
අහසින් වැටෙනා තරුවක රන්දලා මෙමා
සබද ඉතින් මා රකින්න මේ භවේ පුරා