මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jan 30, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 3 කොටස



කේතකී කාර්‍යාලයේ ගේට්ටුව අසලන් වහනයෙන් බැස ගිය පසුත් ඇය ප්‍රධාන දොර පසු කර යන තුරුම සේනක වාහනය නවතා බලා සිටියේය. කේතකීව උදෑසට කාර්‍යාලයට අරලවීමත් හවස ඇය ආපසු නිවස වෙන කැඳවාගෙන ඒමත් සේනකගේ දිනචර්‍යාවේම අංගයක් විය.

සකුන්තලාගේ සොයුරා වු සේනක කේතකී කුඩා කාලයේ සිට ඇයට බෙහෙවින් ආදරය කලේය.  සේනකගේ සෙනෙහස නිසාම ඔහු හැමවිටම කේතකීව නීති රීති වලින් සිර කර තැබුවේය. සකුන්තලා ඇතුළු සොයුරු සොයුරියන්ගේ දරුවන් සමඟ කාලය ගෙව් නිසාමදෝ.. සේනක විවාහ වුයේ මෑකතදීය. ඒත් පොඩි නෝනාගේ බලවත් පෙරත්තය නිසාය.

විවාහයෙන් පසුව මහගෙදරින් ඈතව වාසය කලත් මව සහ සොයුරු සොයුරියන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහු නොපිරිහෙලා ඉටු කලේය.  එහෙත් ඔහුගේ බිරිද ශ්‍යාමලී ඒ පිළිබඳව  වැඩි මනාපයක් නොදැක්වූවාය.

-**-

ගුඩ් මෝනිං මිස්... ප්‍රධාන දොරටුව අසල මුරකුටියේ සිටි සුනිල් කේතකී දැක අසුනින් නැගිට ආචාර කලේය.

වෙරි ගුඩ් මෝනිං අන්කල්... සුපුරුදු සිනාවෙන් ඔහුට සංග්‍රහකොට කේතකී ඉක්මන් ගමනින් පඩිපෙල ඉහලට දිව ගියාය.

ආ.. සුදු මිස් අදත් උදේම ඇවිත්.. ගුඩ් මෝනිං මිස්... කේතකීගේ කාර්‍යාල කුටිය අතුගාමින් උන් විමලා සුපුරුදු ලෙස කේතකීට ආචාර කලාය.

වෙරි ගුඩ්මෝනිං විමලෝ.. තම අත් බෑගය පුටුව මත තබා ජනෙල් නිරය විවර කරම්න්ම කේතකී සිනා මුසුව කීවාය.

මම අතුගාලා ඉවර වෙනකල් එලියෙන් ඉන්න මිස්... මේ දුවිල්ල හරි සැරයි..කාපට් එකේ දුවිලේ හරියට විස බීජ

අපෝ.. විසබීජ වලට මම බය නෑ.. විමලා දන්නවානේ.. මම ඉන්නේම විස බීජයක් එක්ක කියලා.. සැරපරුෂ කලමනාකරු සිහිවි කේතකී සිනා මුසුවු කීවාය.

හිහ්!! හිහ්!! හී..!!! මිස් නම් කියයි ඇහුනොත් හේම  ඉඳලා ඉවරයි අදත් උදේ පාන්දර.. කෝ කෝ.. කිව්වම අහලා එළියෙන් ඉන්න ... මහ හඬින් සිනාසෙමින් විමලා කියද්දි කේතකී පනාවත් රැගෙන විවේක කාමරය වෙත ගියාය.

උදෑසන කලබලයට මනාව පීරාගන්නට නෙහැකි වු කෙස්කළඹ පිරාගෙන කේතකී පැමිනෙන විට විමලා, කාර්‍යාල කුටිය පිරිසිදු කර අවසන්ව තිබුනි. පෞද්ගලික ආයතනයක් වු නිසාත් නිතර ගනුදෙනුකරුවන් කේතකීගේ කුටියට නොපැමිණුන නිසාත් කේතකී ඇයට ඇවැසි පරිදි කුටිය සකසා තිබුනාය. කුඩාකල සිටම ආශාකල ඩිස්නි සුර කුමරියන්ගේ පින්තූර කිහිපයක් රාමු කර බිත්තිවල රඳවා තිබු  අතර, කේතකීගේ පුටුව ඇයහා සමව අයිති කරගත් සෙල්ලම්  වලස් පැටියෙකුද කාර්‍යාලයේ විය. මේසය මත කෘත්‍රීම කානෙෂත් මල් පොකුරක් සහිත බඳුනක් තිබූ අතර, අසල රාක්කයෙ කේතකීගේ රාජකාරීන්ට අදාලා ලිපි ගොනු පිළිවෙලට ගොඩ ගසා තිබුණි.

මිස්.... යාබද කුටිය පිරිසිදු කරමින් සිටි විමලා වීදුරු දොරින් එබෙමින් කේතකී ඇමතුවාය.

ම්ම්ම්ම්... ලිපි ගොනු සහිත රාක්කය දෙසටම යොමා ගත් නෙත් ඇතිව සිටි කේතකී.. ගෙල හරවා විමලා දෙස බැලුවාය.

අද සමන්ති මිස්ගේ උපන්දිනේ..මට අමතක උනානේ මිස්ට ආව ගමන් කියන්න...

ආ..න්..නේ..... කෝ කෝ.. සමන්ති අක්කා ආවාද? කලබලයෙන් පිටතය පැමිනෙමින් කේතකී ඇසුවාය.

තාම නෑ මිස්.. නවය කිට්ටු කරලානේ එන්නේ...

අන්න විමලෝ.. එහෙනම් අනිත් අයටත් කියලා පටස් ගාලා රිසෙප්ෂන් එක ලඟ ලෑස්තිවෙන්න මම දුවලා ගිහින් මල් ටික අරන් එන්නම්... විගසින් තම කුඩා අත්පසුම්බියත් දුරකතනයත් අතට ගත් කේතකී වේගයෙන් පඩිපෙළ බැස රථගාල වෙත දිව ගියාය.

බණ්ඩාර.. එන්න ඉක්මනට... ලස්සන මල් එකට දුවලා එමු... වාහනයට පිටදී දුරකතන ඇමතුමක සිටි රියදුරු අමතමින්ම කේතකී ඉදිරි පසු  අසුනේ හරිබරි ගැසුනාය.

ආ... ඇයි මිස් උදේම...ලස්සන මල් යන්නේ... දුරකතන ඇමතුම විසන්ධි කොට රියදුරු අසුනට බරවු බණ්ඩාර සුපුරුදු ලෙන්ගතු කමින් ඇසුවේය.

අද සමන්ති අක්කාගේ උපන්දිනේ.. මටත් දැන් විමලා මතක් කලේ..

අයියෝ.. මිස් උදේ කිව්වනම් එන ගමන් ගේනවානේ.. අපරාදේ.. මිස් අන්තිම මොහෝතේ දුවන්නේ...

අන්නේ.. බන්..... මම කලින් දන්නවනම් ඉතින් කියනවනේ.. මටත් දැන් විමලා තමයි කිව්වේ.. අමතකම වෙලා හිටියේ...

ආ..... ඔව් නේද..... බණ්ඩාර සුපුරුදු මෝඩ සිනාව පාමින් වාහනය ඉදිරියට ධාවනය කලේය. ඒ අතර යලිත් ඔහුගේ දුරකතනය නාද විය.

බණ්ඩාරගේ ගෑණු ළමයා හරියට වද දෙනවා නේද..කේතකී ඉගිමරමින් කිසා බණ්ඩාරට සමච්චල් කලාය.

නෑ.. මේ වෙන එක්කෙනක් මිස්..හදිස්සියකට සල්ලි වගයක් ඉල්ලනවා... බණ්ඩාර තනමින් කීවේය.
මොකා?.. ගෑණු ළමයෙක්ද?

ඔව් මිස් දන්නේ නැද්ද.. මම කලින් ට්‍රයි කරපු එක්කෙනක්..

දැන් ඉතින් ඇයි  ඔයාගෙන් සල්ලි  ඉල්ලන්නේ... එයා ඔයාට අකමැති උනානේ...

ඒකනම් එහෙම තමයි මිස්.. ඒ උනාට ඉතින් උදව්වක් ඉල්ලුවාම නොකරත් බෑනේ..

අනේ.. මෝඩයෝ... ඔය සල්ලි ආපහු දෙයි කියලා ෂුවර්ද... කේතකී පුදුමයෙන් ඇස් විසල් කරමින් ඇසුවාය

දෙන්නේ නෑ කියලා මාත් දන්නවා මිස්.. ඒත් ඉල්ලුවාම බෑ කියන්න බෑනේ... අනික එයා දන්නවා මට හොඳ පඩියක් හම්බු වෙනවා කියලා

ගොඩාක් හිත හොඳ උනාමත් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි බණ්ඩාර.. කේතකී හැඟිම් බරව කීවාය.
ඒක වෙන්න ඇති මිසුත් හාමදාම දුකික් ඉන්නේ... අනිත් අයව සතුටු කරන්න මිස් මොන තරම් දේවල් කරනවද.. සුනිල් අයියට, විමලක්කට, මට , මිස් කොයිතරම් කරුණාවන්තද.. ඒත් ඔපිස් එකේ අනිත් අය මිස්ට කොයි තරම් ඉරිසියයිද මිස්.. මිස්ගේ වැඩ අවුල් කරන්නම ඔපිස් එන කීදෙනක්නම් ඉන්නවද.. ඒත් මිස් කවදාවත් කාටවත් වචනයක් කියනවා මම දැකලා නැහැ.. හැමෝටම එක විදියට සලකන්නේ.. මට ඉස්සෙල්ලා මිසුයි ඔය දැන් කියපු දේ හිතට ගන්න ඔනි.. බණ්ඩාර හැඟිම්බරව කියා බයාදු දෙස කේතකී දෙස බැලුවේය. ඒ වන විට ඔවුන් මල් වෙළඳ සල අසලට පැමිණ තිබුනි.

හ්ම්ම්ම්ම්.. ඇති ඇති පණ්ඩිත කම.. විනාඩි පහක් යයි ඔය අයිනෙන් පාක් කරන් ඉන්න.. මම පටස් ගාලා එනවා.. කියමින් කේතකී වාහනයෙන් බැස ගියාය.

සමන්තී වෙනුවෙන්ම සුන්දර මල් කළඹක් සකසා ගත් කේතකීත් බණ්ඩාරත්, නැවත වේගයෙන් කාර්‍යාලය වෙත ගියෝය. ඒ වන විට සියලු දෙනාම පිළිගැනිමේ කවුන්ටරය අසල  සමන්ති පැමිනෙන තුරු බලා සිටියෝය. කේතකී රැගෙන ආ මල් කළඹ සමන්තියේ සමීප යෙහෙලිය අතට දුන් කේතකී අන් අය අතරට එක් වූවාය.

තම උපන්දිනය දා කාර්‍යාල සුමිතුරන්ගේ උණුසුම් පිළිගැනීම  සමන්තිගේ සිත බෙහෙවින් සතුටු කලේය. සමන්තියේ දෑසේ සතුට දැක කේතකීද බෙහෙවින් සතුටු වුවාය.

-**-

සුපුරුදු ලෙස ලිපි ගොනුවල සිරවී සිටි කේතකීගේ අවධානය බිඳුනේ  මේසය මතවු දුරකතනයේ නාදයෙනි. ලිපි ගොනුව අත තබාගෙනම ඇය දුරකතනය ගෙලට සිර කර කතා කලාය

කේතකී හියර්...

ආ... ආන්ටී... ගුඩ් මෝනිං..

ගුඩ් මෝනිං මහී... කියන්න...

“Call from Colombo”

“okz connect it ” කේතකී කියද්දිත් මහි ඇයව පැමිණ තිබු ඇමතුම හා සම්බන්ධ කර අවසානය.

“Hello Kethakee hear…”

ආ.. මැට්ටී..... දුරකතන ජාලය හරාහා ඇදී ආ ගවේශාගේ හඬ කේතකීට හඳුනා ගත හැකි විය
.
අහ්!! ගල් ඉබ්බී.... උඹද....? කියු කියු.. ලිපි ගොනුවේ පිටු පෙරලමින්ට කේතකී පුටුවේ හරිබරි ගැසුනාය.

කම්මැලියි බන් අක්කේ... ගවේශා සුපුරුදු ලෙස ඇදෙන ස්වරයකින් කීවාය...

හෑ.. මොකා...!! දැන් උඹට කම්මැලියි කියලා මම පලිද.. වැඩ තියෙනවා පිස්සියේ... කේතකී ආදරයෙන් කියා සිනාසුනාය..

මොකක්ද බන් අක්කේ.. අපිට ඔපිස් එකේ මේ සා අධිවේගී දුරකතන පද්දතියක් දීලා තියෙන්නේ Branches අතරේ communication develop කරන්නනේ.. මොනවා මොනවා හරි කියනවකෝ... ගවේශා.. සුරතල් වුවාය..

මේ ගවේසෝ.. මගෙන් මුකුත් නාහා හිටින්.. Head office එකේ උඹලා අයිස් ගහනවා අපියි කටු කන්නේ මෙහේ.. වැඩ කරපන් වැඩ කරපන්.. කේතකී සිනාසෙමින් ගවේශාට තරවටු කලාය..

ඒ.. මේ මාර සීන් එකනේ...... ගවේශා ලොකු කතාවකට සැරසුනාය.

ආ.. අර අද උදේ බස් එකේ ලස්සන කොල්ලෙක් ලඟ වාඩි වෙලා ආපු සීන් එක නේද.. කේතකී ගත් කටටම ඇසුවාය.

උඹ කෝමැයි ඒක දන්නේ.. ගවේශා පුදුමයෙන් ඇසුවාය.

ඇයි බන් අද BBC News වලට කිව්වේ...” කේතකී සරදම් කලාය...

ඒ.. ඇත්ත කියනවා.. කොමද දන්නේ...

ඇයි බන් ගවේසෝ උඹ උදේට ටොයිලට් යන ඒකේ ඉඳලා.. රෑට නිදා ගන්න කලින් දත් මදින එකට එනකල් සේරම Facebook එකේ දානවනේ..   කේතකී මහ හඬින් සිනා සෙමින් කීවාය. ඇගේ සිනාවට යාබද කුටියේ සිටි අනුරංගී පවා හැරී බලද්දි ඇය සිනාව පාලනය කර ගත්තාය..

යනවා යනවා මැට්ටී..... ඒ මාර හැන්ඩ්සම් පොරක් බන් අක්කේ....

හැබෑට.. උඹට තිබුනේ  නොම්මරේ ඉල්ල ගන්න... අපාදේ නේ.... කේතකී නැවත නැවතත් ගවේශාට සමච්චල් කලාය.

සික්... කොහේද.. පොර පුම්බගෙන හිටියා මිසක්.. මා දිහා හැරිලා බැලුවේ නෑ  බන්...ගවේශා කනස්සල්ලෙන් කීවාය..

දෙන්නෙයි ෆ්‍රි ඇඩිවයිස් එකක්.....

දී කෝ බලන්න...

හැමදාම ඒ බස් එකටම නැගපන් අඩුම ගානේ එක දවසක් හරි ආයි සැට් වෙයිනේ..

අනේ මන්දා.. බන්...

බැරිනම් නටා ගනින්...

ඒ... ඒ...අක්කේ.... මාරම සීන් එකක් වෙමින් පවතී..... එක්වරම කතාව වෙනස් කල ගවේශා රහසින් මෙන් කීවාය..

මොකක්ද ගවී... කේතකීද පුදුමයෙන් මෙන් ඇසුවාය.

ඒ.. ඔයාගේ ලක්මාල් අයියා ඇවිත්.. බවන්ත අයියාගේ කැබින් එකේ... ගවේශා.. රහසින් මෙන් කීවාය..

ආහ්!! .ඇ....ත්...ත..ද.. කේතකී ගනනකට නොගෙන කම්මැලි ස්වරයකින් කීවාය. ඇයට ලක්මාල් ගේ නම ඇසීම පවා මානසික වදයක් විය.

ඒ දැන් බලමු පොර මා එක්ක කතා කරයිද කියලා.. ... අම්බේ... අන්න පොර මගේ කැබින් එකට එනෝ... ඒ.. ඒ... මම තියන්නම්.. ගවේශා කලබලයෙන් මෙන් කීවාය

ඒ.. ඒ.. ප්ලීස්.. කට් නොකර හිටු.. ප්ලීස් ප්ලීස්.... මම සුට්ටක් කට හඬ අහන්න... කේතකී බැගැපත් වුවාය. 

ගවේශා කිසිත් කියන්නට හෝ දුරකතනය විදන්ධි කරන්නට පෙර ලක්මාල් ඇය අසලට පැමිණියේය.

අලෝ.. සුදු නංගියා.. කොහෙමද ඉතින්.... ලක්මාල්ගේ කට හඬ දුරකතන ජාල හරහා පැමිණ කේතකීගේ සවන් පත් මෙන්ම හදවතද රිදවුවේය. ඇය වෙව්ලන සුරතින් රිසීවරය සිරකරගෙන අසා සිටියාය නමුත් ඇයට ඉන් පසු කිසිත් ඇසුනේ නැත. පසෙක තිබු. ඇයගේජංගම දුරකතනය නාද වෙද්දි ඇය රිසීවරය අතහැර ජංගම දුරකතනය අතට ගත්තාය. ඇමතුම බවන්තගෙනි.

Jan 23, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 2කොටස

“සුදු මැණිකේ නැගිටින්න... දැන් හයට ලඟයි....“ කේතකීට අත්තම්මාගේ හඬ ඇසුනේ සිහිනයක් මෙනි.

“හ්ම්ම්ම්ම්ම්.....“ කියමින් ඇය අනෙක් ඇලයට හැරී යලිත් නිදන්නට  වුවාය .

“ අනේ අනේ... අද යන්නේ නැද්ද.. රෑට රෑ වෙනකල් ඇහැරිලා ඉන්නවා. පාන්දර ජාමේ නිදාගෙන අපිටයි වදේ උදේට ඇහැරවන්න ගියාම... ඔනි එකක් කර ගන්න මම යනවා යන්න..“ පොඩි නොනා  කේතකීට දොස් පවරමින් යන්නට හැරානාය.

“ඇහැරිලා ඉන්නේ පොඩි නෝනේ.... ඔය හැටි තරහා ගන්න එපා.. ඔය මදෑ වයසට ගියා..“ කේතකී සුපුරුදු ලෙස අත්තම්මා සමඟ සුරතල් වූවාය.

“මාත් එක්ක කෝලම් කර කර ඉඳලා හරි යන්නේ නැහැ. ඉක්මනට ලෑස්ති වෙන්න දන්නවනේ ලොකු මාමාගේ තරම... බස් එකේ එන්න කියලා දාලා යයි. මට එහෙම කියාගෙන එන්න එපා ඔන්න ඊට පස්සේ..“ ජනෙල් තිරය ඇද කාමරයට මද ආලෝකය වැටෙන්නට සලස්වමින් පොඩි නෝනා කීවාය.

“අයියෝ.....ඔයා දන්නවද පොඩී.. මම හිතාන උන්නේ ලොක්කට මනමාලියෙක් ගෙනාවම සේරම මුලග්ගිනි අඩු වෙයි කියලා.. කොහේද.. තිබුනටත් වඩා වැඩි වෙලා වගේනේ..“  ඇඳෙන් පැන ජනේලයේ එල්ලෙමින් කේතකී සිනාසෙමින් කීවාය..

“ඔය හිනාව නැතිවෙයි ඇහුනනම්..යන්න යන්න ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න.. අන්තිම මොහොතේ දුවන්න ඉන්නේ නැතිව...“ පොඩි නොනා විධානාත්මක  ස්වරෙයක් කියද්දි කේතකී තුවායත් ගෙන මිදුලට පල්ලම් බැස්සාය.

සමන් පිච්ච ආරුක්කුවට යටින් වැටුනු අඩි පාර දිගේ ලිඳ වෙත යන ගමන කේතකීගේ දින චර්‍යාවේ සුන්දරතම අංගයකි. යන්තමින් හිරුමොදුවන උදෑසන කහ අන්දර වැටිය මතට වැටුණු පින්න අතගාමින් ඇවිදන් යන්නට කේතකී කවදත් ආශා කලාය. අත්තම්මා විසින් දෙපස වවන ලද කංකුං මුගුණු වැන්න, ගොටුකොල වැනි පලාවර්ග කොළ පැහැයෙන් බැබලීම කේතකීගේ සිතේ සතුට වැඩි කරන්නක් විය.

ඉඩම කෙලවරේ විශාල දිඹුල් ගස් දෙකක් අතර පිහිට ස්වභාවික ලිඳ වටා බැම්මක් ඉදිකර  ගස් වැටියට අතුරින් පහලට වැටෙන සේ සකසා තිබෙන බැවින් ඉතාමත්ම සුන්දර දසුනක් මවයි.

පාන්දර යැයි නොසලකා.. ගස් අතරින් වැටෙන සීතල වතුරෙන් කේතකී නෑවාය. හැකි සෑම දිනකම පාන්දරින් නා ගැනීමට කේතකී අශා වුවාය. එහෙත් නාගෙන නිවසට ගොඩවන විටම ඇයට අසන්නට ලැබුනේ අත්තම්මාගේත් අම්මාගේත් ගෝරණාඩුවයි..

“එනවකෝ හවසට ඔළුව බදාගෙන මම නම් හැරිලා බලන්නේ නැහැ.. අදම අප්පච්චිට කියන්න ඔනි.. ලිඳ වහන්න කියලා.. මෙයා දිය කිඳුරි වගේ ඒකේමයි.. ලෙඩ උනාම පොඩි බබා වගේ අපිටම වද දෙනවා..“ අම්මා නෝක්කාඩු කියමින් කුස්සිට ගියාය

“අපි දෙයක් කිව්වටනම් කවදාවත් අහන්නේ නෑ. අන්තිමේ ලෙඩ උනාම අපිත මයි වද විඳින්න ඔනි.. එයයිට මොකද දේවින් වහන්සේට වගේ අපි හැමදේම කරලා දෙනවනේ“ වියපත් සුදු මුහුණ රත් පැහැයට හරවාගෙන අත්තම්මා කීවාය..

“පොඩි නෝනේ.. පොඩි නෝනේ... දෙන්න කිරිත් එක්ක සමහන් එකක් මුකුත් වෙන්නේ නෑ.. ...අන්නේ...  මෙයාට තරහා ගියාම ලස්සන..“  තමාට පසුපස හරවා සිටි අත්තම්මාව වැලඳ ගෙන ඇගේ මුව සිප ගනිමින් කේතකී සුරතල් වුවාය.

“ඇති ඇති... කපටියා.. මොකක් හරි අණ්ඩ පාල වැඩක් කරලා උම්මා දිලා ෂේප් වෙන්න එනවා.. එන්වා යන්න ඔය කොන්ඩේ පිහ දාන්න තෙත කොන්ඩේ පිටින් ඒසී ඒකේ ඉඳලා පීසන හදාගන්නද යන්නේ.. අනික ඔය ඒ සී වලට කොන්ඩේ යනවා.. අපි මෙච්චර ඔක වවන්න මහන්සි වෙනවා මෙයාට කිසි ගානක් නෑ..“ අත්තම්මා කේතකීත් සමඟ ඇගේ කාමරට යමින් තව තවත් ඇයට දොස් පැවරුවාය.

කහපැහැති ටීවීටී තුවායෙන් අත්තම්මා හිස කෙස් පිස දමද්දි කේතකී කාර්‍යාලයට ඇඳිමට සුදු ඇඳුමක් තේරුවාය. කේතකීගේ උදෑසන ආහාරය රැගෙන කාමරයට පැමිණි අම්මා ඇය සූදානම් වන තුරු ඇයට කැව්වාය.

“මෙයාට හැමදේම කරලා දීලා අපියි මුලින් වැඩ වරද්ද ගත්තේ.. අම්මා ගිහින් කෑම එක ඔතන්න නැත්නම් ඒකත් දාලා තමයි අද දුවන්නේ..“ අවසන් බත්පිඩත්  කේතකීගේ මුවට ලන් කරමින් අම්මා කීවාය.

“අයියෝ.. අයියෝ.. වෙලා ගිහින් සුදු... මම කඩෙන් මෙනවා හරි ගන්නම්.. අරයට තද වෙයි.. අන්න වෑන් එක එනවා.. “ බඹ කිහිපයක් ඈතිනි පිහිටි ලොකු මාමාගේ නිවසේ ගේට්ටුව දෙස ජනේලයෙන් බලාගෙන කියූ කේතකී. ඉක්මනින් මුහුනේ පුයර බිඳක් තවරාගෙන සාලයට දිව ආවාය.

“නෑ නෑ.. කඩවල ජරාව කන්න ඔනිනෑ.. මෙන්න මම කෑම එක දාලා ඉවරයි..“ කෑම පෙට්ටිය සහ වතුර බෝතලය සහිත රෙදි බෑගය අතින් ගෙන සාලය හරහා කඩිසරව එමින් අත්තම්මා කීවාය.

අත්බෑගයත් පාවහන් යුගලත් බිම තබා බුදු කුටිය වැඳවැටුනු ඇය මිදුලේදීම අම්මාටත් අත්තම්මාටත් දණ  ඔබා වැන්දාය.

“මම යනවා පොඩ්ඩියේ.. අර මම ඊයේ ඇඳපු ටී ෂර්ට් එක පොඩ්ඩක් සෝදන්න හොඳේ.. “ ඇය අත්තම්මාව සිප ගනිමින් කීවාය..
“ඇති ඇති බටර්.. අන්න මාමා ආවා ...“ අත්තම්මා කේතකීගේ පහසින් මිදෙමින් කීවාය..

“ඔක්කේ.. බා....යි....“ ගේට්ටුව දෙසට දිව යමින් කේතකී කෑ ගැසුවාය...

කේතකී රැගත් සේනකගේ වැන් රථය නොපෙනී යන තුරුම පොඩි නෝනාත්, සකුන්කලාත් මිදුලෙහිම රැදුනෝය.

“ඇති යාන්නං යුද්දේ ඉවර උනා. අපිට උදේට කන්න මොනවා හරි හදන්ඩ ඔනි ලොක්කියේ. උදේට සුදු හාල් බත් කෑවම සීනි වැඩි වෙනවා.“  මිදුලේ වූ සිමෙන්ති බංකුව මත වාඩි වෙමින් පොඩි නෝනා කීවාය.

“ කැකුළු හාල් පිටි ඇති අම්මේ... ඉඳි ආප්ප දෙකක්වත් හදා ගමු.. කොහේද මේ සුදු මැණිකේගේ කෝලම්, කැකුළු හාල් කන්නේ නෑනේ.. දෙපාර දෙපාර උයන්න ගියාම එපා වෙනවා. අපි තමයි ඔය ළමයා ඔය හැටි හුරතල් කරලා වැඩේ වරද්ද ගත්තේ.“ පෙරදින හවස සෝදා තිබූ ඇඳුම් ම්දුලේ අන්දර වැටිය මත අතුරමින් සිටි සකුන්තලා කීවාය.

“ඔය සැප සේරම ගෙදර ඉන්නකල්නේ ලොක්කියේ.. කවුද දන්නේ එයාට මොන විදියේ මහත්තයෙක් හම්බ වෙයිද කියලා... හොඳ වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්... “ 

“නන්දන නම් කියන්නේ ඉක්මනට කාව හරි හොයලා සුදු මැණිකේගේ වැඩ කටයුතු ඉවරක් කරමු කියලා.. දැන් එයාගේ වයස හරි අම්මේ.. තව කල් තියාගෙන බැහැ..“

“හැමෝම ඔයාගේ නන්දන වගේනෑ ලොක්කී.. චූටිට සිද්ද වුනුදේ දැක්කනේ.. යෝජනා හතලිස් ගානක් ආවා.. කොච්චර හොඳ මිනිස්සු ආවාද.. අපියි වංශේ කබල් ගෑවේ.. අන්තිමේ හම්බ උනේ.. කුණු ලෝබයෙක්.. කෙල්ලටයි දරුවන්ටයි උදේට තේ එකක් බොන්න කිරි පිටි පැකට් එක්ක වත් ගේනේනේ නැති ලෝබයෙක්.. බැංකු පොත්වල සල්ලි පොදි ගහන්න විතරයි ලෝබ නැත්තේ.. සුදු මැණිකෙටත් එහෙම වෙනවට මම කැමති නෑ“ වියපත් දෙනෙත් වල මතුවු කඳලු කැට වීත්ත පොටින් පිස දමමින් පොඩී නෝනා කීවාය.

“එහෙම දෙන්නම් වාලේ දෙන්න දෙන්නේ නැ අම්මේ.. හොඳට හොයලා බලලා දෙන්නේ.. එදා මම කඩේට ගියවෙලාවේ ඉස්කෝලේ නැන්දා ඇහුවා සුදු මැණිකේ ගැන.. හසන්තලාගේ නෑ කෙනක්ට... චූටිගේ මඟුලෙන් පස්සේ මට නම් ඉස්කෝලේ නැන්දගේ යෝජනා තිත්ත උනා.. මම කීවා කෙල්ල තාම ඉගෙන ගන්නවා කියලා..“

“ඔය යෝජනා පසසේ යනවට වඩා මම නම් කියන්නේ කෙල්ලට කැමති කෙනෙක් හොයා ගන්න නිදහස දෙන්න කියලා. අනික.. ඔයා උනත් නන්දනව හොයා ගත්තා මිසක අපි නෙවෙයිනේ ඔයාට හොයලා දුන්නේ..“

“ඒක ඇත්ත තමයි අම්මේ.. ඒත් ඉතින් අම්මා කරපු දේ දුවත් කරන්න ඔනි කියලා නෑනේ.. පුතා උනත් කියන්නේ අක්කට අම්මලාම කවුරු හරි හොයලා දෙන්න කියලා අනික දැක්කනේ ලක්මාල් කරපු වැඩේ.. එයාට තාම තේරෙන්නේ නැ තනියම තීරණයක් ගන්න.. ලක්මාල් ගැන කියද්දි කොහොමද කිව්වේ..  අන්තිමේ කරන රස්සාවේ  ඉ දලා මිනිහා කෙල්ලට කියලා තියෙන්නේ බොරු... මෙයත් ගොන් ගහ වගේ ඒකා කියන හැමදේම විශ්වාස කලා.. සුදු මැණිකේ බොළඳ වැඩියි. අම්මේ..  අපිම එයාට කවුරු හරි හොයලා දෙන්න ඔනි.. නන්දනටත් වෙලාවකට එයා තාම අවුරුදු පහේ දහයේ කෙල්ල වගේ.. ඒත් ඉතින් ඓහම කියලා බැනේ.. හැමදාමන් අපිම හැමදේම කරලා දෙන්න ගියොත්. කවදා හරි කසාදයක් බැඳලා ගිය දවසකට අපිටත් යන්න වෙයි එයා එක්ක මහත්තයාගේ ගෙදරට..“  සකුන්තලාද පැමිණ පොඩි නෝනා අසල වාඩී වී  කීවාය..

“ලොක්කි හිතන්නේ ඔය කෙල්ල බැඳලා ගිය දාකටත් අපිට නිදහසේ ඉන්න පුළුළුන් වෙයි කියලද.. දරුවෙක් එහෙම ලැබෙන්න ඉන්න කොට අපිට තමයි විඳවන්න වෙන්නේ.. දැනටත් උණක් හෙම්බිරිසාවක් හැදුනත් එයාට වඩා වද විදින්නේ අපි දෙන්නානේ..“ පොඩි නෝනා සිනාසෙමින් කීවාය..

“ඒකනම් ඇත්ත අම්මේ නන්දනත් හැමවේලේම ඔක කියනවා.. අර පහුගිය දවසක රෝස කටුවකට අත සීරිලා තිබුනේ.. එවෙලේ නන්දන ගෙදර ආපු හැටියේ දුවගෙන ගිහින් කියනවලු.. අප්පච්චි අත කැපුනා.. ඉන්න බෑ දනවා බෙහෙත් දාන්න කියලා.. නන්දන හිනා වෙනවා  මා එක්ක කියලා.. මොකෙන් හරි හුරතල් වෙන්න බලන්නනේ කියලා..“ සකුන්තලාද සිනහවට එකතු වුවාය .. 


“කෙල්ල නන්දනගේ පණ.. අපි වගේ හැම වෙලාවේම හුරතල් කරේ නැතිවට නන්දනට කෙල්ල නැතිව ඉනන බෑ.. ඒදා උපනන්ද ආපු වෙලාවේ අයියලා මල්ලිලා තුන් දෙනා බෝතලේ හිස් කරලා ඉවර වෙනකල්ම කතාව කෙල්ලගේ මඟුල ගන්න විදියක් ගැන.. ශිවන්ත කෙල්ල ගෙන්නලා අහනවා කොල්ලෙක් ඉන්නවද.. ඉන්නවනම් බාප්පිට කියන්න පුතේ.. මම අප්පච්චිට කියලා කොහෝම හරි කරලා දෙන්නම් කියලා..“ 


“ශිවන්තත් හරියට මහන්සි  වෙනවා සුදු මැණිකෙට හොඳ තැනක් බලන්න .. නන්දනලගේ පවුලේ එක කෙල්ලෙක් හරියට දීගයක් ගියේ නෑනේ.. සේරම හිතුවක්කාර කමට ගියේ. උපනන්ද අයියත් එයාට ඉශ්ධ කර ගන්න බැරිවුනු බලාපොරාත්තු ඉශ්ඨ කරගන්න ඉන්නේ සුදු මැණිකෙගෙන්.. පෙනෙන්නේ නැද්ද උපන්නදයියලා දෝනියන්දෑගේ මනුස්සයා.. උපන්ගෙයි මෝඩයෙක්නේ.. මොකට මේ කෙල්ල ඔය යකා එක්ක පනලා ගියාද මන්දා.. අයියා ඒ ගැන ඉන්නේ පුදුම හිතේ ආමාරුවකින්..“ 


“එහෙමයි කියලා ඔයා සුදු මැණිකේව හිර කරන්න යන්න එපා.. ලොකු දුව..  ඔයයි නන්දනයි යාළු වෙලා කියලා නොදැන මම ඔයාට මඟුල් කතා කරලා අන්තීමේ ඔයා කාටත් හොරෙන් බැන්දා.. ඒතනදි ඔයාට වැරදුනේ නෑ තමා.. අන්තිමේ ඔයාලට විරුද්ධ වුනු මටත් කන්න බොන්න දෙන්න උනේ නන්දනට.. කේතකියි කේනුලයිත් සමාජෙට හොඳට හදන්න පුළුවන් උනේ නන්දනගේ ගතිගුන නිසා. .. අම්මට වගේ දුවටත් බැරි වෙන එක්ක නෑ. හොඳ මහත්තයෙක් හොයා ගන්න.. එයා කොහොමත් හොයන්නේ අප්පච්චිගේ ගතිගුණ තියෙන කෙනෙක්වනේ..“ පොඩි නෝනා මද සිනහවකින් මුව සරසා කියද්දි, සතුන්තලාද එය අනුමක කර සිනා සුනාය.. 



Jan 11, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 1 කොටස

කෙටි නින්දෙන් අවදි වුනු කේතකී මිදුලේ ලී බන්කුව උඩ සුපුරුදු ගොම්මන් මෙහෙයට වාඩි වුවාය.  අත රැඳ නවකතා පොතේ පිටු අතර සැඟවුනු සො දුරු ආදර කතාවට සම වැදී උන් ඇයට වට පිටාව ගැන නිනව්වක්  නොවිනි. යොවන් ආදර කතාවක් වු එහි සෙනෙහෙබර නව යොවුන් ආදරයේ මිහිරියාව විසින් ඇයව අපුරු මනෝලෝකයකට ගෙන ගොස් තිබුනි.  එක්වරම කන්පෙති කිති කැවී යද්දි ඇය ගැස්සි පසුපස බැලුවාය. ගෙදර ඇති කරන සුදු බළලාගේ වල්ගය අතින් ගෙන බළලා දෑත් මත හොවගෙන සිනාසෙමින් සිටි භාග්‍ය කොක් හඬලා සිනාසුනේය.

“කොහේද සුදු අක්කීයෝ හිටියේ... හෙහ් ... හෙහ්... හොඳට බය උනා නේද....“  සුදු පූසා උකුලට ගනිමින් භාග්‍ය කේතකී අසලින් වාඩි වෙමින් කීවේය.

“ ඔයාටනම් හිනා.. මම හොඳටම බය උනා මල්ලා ගහ උඩින් සතෙක් වත් වැටුනද කියලා..“  තිගැස්මට පසු සිහි එලවාගත් කේතකී  භාග්‍යගේ උරහිසට පහරක් ගසමින් කීවාය.

“ඔය තරමට බය තිබුනොත් ඇති අක්කියෝ.. කෝ.. බලන්න මොකක්ද කියවනනේ කියලා.. අපි නොදන කවුරු හරි ලව් ලෙටර් එකක් වත් හවලාදි කියලා..“ භාග්‍ය කේතකී අතවු පොත ඩැහැ ගනිමින් කිවේය.

“ හප්පෝ.. කවුරු නොදැන ලව් ලෙටර් කියෙව්වත් කොහොමද ඔයා නොදැන ලව් ලෙටර් කියවන්නේ.. අනේ පලයන් බන් යන්න විකාර කියවන්නේ නැතිව...“ මෙතෙක් වේලා භාග්‍ය අතවුන්  බළලා තම උකුල්තලයට ගනිමින් කේතකී ඇත බලාගෙන මිමිනුවාය..

“හ්ම්ම්ම්ම් මොනවද අක්කේ ස්පෙෂල් අද....? මට අදත් උදේ ලක්මාල් අයියා කෝල් කලා“  භාග්‍ය කේතකී ගේ මුහුණ මගහරිමින් කීවේය..
“ ඇහ්!!.. ඇත්තට.. මොකද කිව්වේ....“ කේතකී නැවුම් උනන්දුවකින් භාගය දෙස බලා ඇසුවාය.

“ විශේෂයක් නෑ අක්කී.. අළුත් බිස්නස් පටන් ගත්තලු. අක්කීගේ වෙඩින් එක කියලා බිසී කිව්වා“

“මම ගැන ඇහුවේ නෑ.....? “

“ඇහුවා.. ඇහුවා... සින්දු කිරිල්ලි සනීපෙන් ඉන්නවද කියලා ඇහුවා“  භාග්‍ය සිනාසෙමින් කීවේය..

“යන්න මල්ලා ඔයා මට බොරු කියනවා ....“ කේතකී නෝක්කාඩුවට මුහුණ හකුලා ගනිමින් කීවාය.

“ අනේ ඇයි ඉතින් මම මගේ අක්කියාට බොරු කියන්නේ සත්තයි අක්කී ඇහුවා...“ භාග්‍ය යාප්පුවෙන් කේතකීට ලන්වෙමින් කීවේය.

“ සින්දු කිරිල්ලි කියලම ඇහුවද?“ හිස් බැලුමෙන් අහස දෙස බලමින් කේතකී මිමිනුවාය..

“ඔව් සුදු අක්කී.. අයියණ්ඩියාට තාම කියවෙන්නේ එහෙම.... ආදරේ.. අක්කී ආදරේ.... ඔකට තමා ආදරේ කියන්නේ.....“ කේතකී අත උන්  බළලාගේ කන් පෙති පිරි මදින් භාග්‍ය කිවේ   මදහස රැ දි මුහුනින් කේතකී දෙස බලාගෙනමයි..

“ කෙහෙල්මල් ආදරේ ... එහෙමනම් නොකියාම දමලා ගාහලා ගියේ ඇයි.... “ කේතකී ගේ ස්වරයේ ආවේගයක් විය.

“එහෙමත් කියන්න එපා අක්කේ.. අයිණ්ඩියාට තාමත් නන්දුත්තරාව අමකත කරන්න බැහැ.. ඒක අපි කවුරු උනත් පිළිගන්න ඔනි.. අවුරුදු  හතකට කිට්ටු වෙන්න ආදරෙන් හිටපු දෙන්නෙක් එප පාර වෙන්වෙනවා කියන්නේ කාටඋනත් දාරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.“ භාග්‍ය සාවදානව කියාගෙන ගියේය..

මම නැහැ කියන්නේ නැහැ මල්ලියා.. නන්දුත්තරා කියන්නේ අයියගේ ජීවිතෙන් ඇත් කරන්න පුළුවන් මතකයක් නෙවෙයි. ඒත්.. එයාට,  මට මෙහෙම කරන්න වටිනනේ නැහැ.. ඔයාට කියන්න මට එහෙම කරන්න එයාට වටිනවද?...  මම එයාගේ අතිතේ අමතක කරන්න ගොඩක් උදව් කලා.. ඒත් ඉතින් එයා ලෑස්ති නෑනේ.. දකින දකින හැම එක්කෙනා එක්කම නන්දුත්තරා ගැන කියව කියව  නාහෙන් අඬනවා. අර.. තරම් මම ආදරේ කරද්දිත් එයා කියෙව්වේ නන්දුත්තරා එයාව දාගා ගිය එක විතරයි.. මම එයාගේ ජිවිතේට ඇවිත් එයාට ආදරෙන් ලඟට වෙලා ඉනන්වා කියන එක පිළිගන්න එයා කොයිම වෙලාවකවත් ලෑස්ති උනේ නැහැ.“ කේතකී වේදනාත්මක හඬින් කියා ඇත බලා උන්නාය. ඇයගේ ප්‍රකාශය හමුවේ භාග්‍යද මොහොතක් නිහඬවිය.

“ මම අයියාව සුද්ද කරන්න හදනවා නෙවෙයි අක්කී අයියා කියන්නේ සීයයට සීයක් සුදු චරිතයකුත් නෙවෙයි.. “ නිහඬතාවය බිඳිමින් බාග්‍ය බිඳුණු ගඩින් කීවේය.

“ඒක මම දන්නවා මල්ලී මමත් එක දවසක් හරි එයාට ආදරේ කලානේ කොයි තරම් නන්දුතරාගේ වැරදී කීවත් මට නම් තාමත් හිතෙන්නේ නන්දු මෙයාව දාලා ගියේ මෙයාගේම වරදක් නිසා කියලා“

“වෙන්න පුළුවන් අක්කී  මොකද අපි දන්නේ අයියා කියන දේවල් විතරයි නන්දුත්තරාගේ පැත්තෙන්  මොන මොන දේවල් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ  අක්කිට නන්දුත්තරාව මුණ ගැහිලා තියෙනවද..“

“නැහැ මල්ලා.. මම එයා ගැන අහලා විතරයි තියෙන්නේ.. ඒත් එයා  හිටි කැම්පස් එකේ මගෙත් යාළුවෙක් හිටියා මම  විස්තර හෙව්වා ඒත්..තාම හරි විස්තරයක් හම්බ උනේ නැහැ... අයියා පිස්සු බල්ලෙක් වගේ හොයන නිසා නනදුත්තරා හැංගිලා වෙන්න ඔනි..“ කේතකී මිදුලේ වු පහන් පැල අසල ඇවිද යමින් කීවාය

“මොකක්??!! ඇයි අක්කී නන්දුත්තරා ගැන විස්තර හොයන්න ගියේ අයියා දැන ගත්තොත් මොනවා වෙයිද.. දැනටත් අයියා හිතාගෙන ඉන්නේ අක්කි එයාට නරකක් නපුරක් කරනවා කියලා“ භාග්‍ය කිවේ නොරිස්සුම් හඬකිනි.

“අදරේ කරන එක නරකක් නපුරක්ද මල්ලී.. අනික එයයි මුලින් මට ආදරේ කියාගෙන ආවේ.. එයයි මට එයාගේ දුක කියාගෙන ආවේ “ තව බොහෝදෑ කියන්නට අවැසි උවත්  කේතකී නිහඬවුවාය.. ඇය බුදු කුටිය තුල වු පර මල් ඉවත් කර අසල වතුසුද්ද ගසෙන් මල් එකිනෙක ගෙන වට්ටිය සරසන්නට වුවාය.

“මම සුදු අක්කියාට කියලා තියෙනවනේ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපකියලා අපි වෙන  මොකක් හරි ගැන කතා කරමු අක්කේ අපරාදේ මමයි මෝඩ වැඩේ කර ගත්තේ ඔයාට මේක කියලා.“ භාග්‍ය පසුතැවෙමින් කීවේය..

“ඔයා කීවත් නැතත් මම ඒ ගැන හිතන වෙලාවට හිතනවා මල්ලියා... නොහිතා ඉන්න උත්සහ කරනවා බලමු හරි යයිද කියලා ...“ සුදු මල් එකිනෙක වට්ටියේ අහුරමින් කේතකී කීවාය.

“ඔයා කිව්වට කරන්නේ නෑනේ අක්කී.. මම දැක්කා පොතේ කවියක් කුරුටු ගාලා තිවුනා අයියා කවදා හරි එනකල් බලා ඉන්නවා කියාලා... අනේ මන්දා අක්කේ ඔයාට මේක කොහොම  තේරුම් කරන්නද කියලා.. ඔයා දන්නවා අයියා කරන වැඩ...අනේ.. මන්දා...“

“හ්ම්ම්ම්ම්... පේනවා මල්ලි කරන කියන හැමදේම පේනවා.... මම නන්දුත්තරාව හොයන්න ට්‍රයි කලේ අයියා එයා ආපහු ආවොත්වත්  මේ පිස්සු අත්අරලා හැදෙයි  කියලා... ඒත් එයා ආවත් අනේ මන්දා.....“

“අනේ මන්දා තමයි අක්කී.. දැන් ඇත් අපි මේ කතාව නතර කරමු අක්කී අප්සට් යන එක විතරයි වෙන්නේ “ භාග්‍ය  නිවස තුලට යමින්  කීවේය.
කේතකී සුදු වතුසුදු මල් පිරුණු මල් වට්ටිය බුදු කුටිය තුල තබා  බංකුව මත වු පොතත් රැගෙන භාග්‍ය පසුපසම නිවස තුලට ගියාය. 

Jan 3, 2012

මුදලාලි ආතා.

සිලි සිලි හඬින් නද දෙන පන්සල් භූමිය ගොම්මන් අඳුරෙන් වැසී  යන්නට ගත වුයේ සුළු වේලාවකි. බෝධි පුජාවට සාභාගි වු  බැතිමතුන්  හෙමිහෙමින් ගල් පඩිපෙල බසිද්දි අත්තම්මාත් මමත් දෙදෙනා ගමන ඉක්මන් කෙරුවෙමු. එහෙත් අපේ අරමුණ කරා යන්නට අපගේ සුළු ප්‍රමාදය හේතුවිය. 

“අයියෝ.!! අන්න පාන් කඩේ බස් එකත් යනවා... දැන්  ඉතින් පයින් තමයි යන්න වෙන්නේ...!!“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.

“දැන් ඉතින් වෙන මොනවා කරන්නද සුදු දෝනි ඔන්න ඔහේ කතාවක් දාගෙන යමු.. හඳත් පායගෙන එනවනේ.. “ අත්තම්මා සැනසිලිදායක හැඬින් පවසා සාමාන්‍ය ගමනින් ගල් පඩි පෙල බසින්නට වුවාය.

පන්සලේ සිට නිවසට ඇති සැතපුම්  කිහිපය පාගමනින් යෑම කවදත් මට හිසරදයකි. පයින් ගමන ප්‍රිය නොකල නිසාම පන්සල් යෑම විශේෂිත පොහෝදිනකට පමණක් සීමා විය. එහෙත් අත්තම්මාට එය මහ දුරක් නොවේ ඇය සතියට දෙතුන් වරක්වත් පන්සල් ගියාය. මගේ තරුණ සිතිවිලි  ඇය විවේචනය කලේ විකාර වැඩ කරන්නියක් ලෙසිනි. නමුත් පන්සල් බිමට පය තෑබු විට සිතිවිලි වලට දැනෙන නිදහස හා ශන්ත බව මමද නොමසුරුව විඳ ගනිමි.

“ ගමේ අය එකතු වෙලා උඩහා කන්දේ පන්සලක් හදන්න නේද අත්තම්මා උන්නේ.... ඇයි තාම ඒක පටන් ගත්තේ නැත්තේ? “ පයින්ම නිවස කරා එන අතරතුරේ මම විමසිලිමත් වුවෙමි.

“ අර නාකි මනුස්සයා නඩු කියන්න පටන් ගත්තනේ..“ අත්තම්මා කිවේ නොරිස්සුමිනි.

“මොන...?“

“ඇයි අර මුදලාලි උන්දෑ.. ඉඩමට නඩු කියන්න පටන් ගත්තනේ..“

“මොකක්!! ඒ කැලෑවටත් අයිති කාරයෙක් ඉන්නවද.. අනේ හැබෑට.. ඔකේ තියෙන තරමක් තියෙන්නේ කැලෑ මීවනයි තිරුවාණා ගලුයිනේ.. ඔයාට මකතද  ඉස්සර චමරි අක්කයි මායි ඒ කන්දේ මීවන අතු කඩන්න යනවා..“  කුඩා අවදියේ සුන්දර මතකයන් අතරට යමින් මම පැවසීමි.

“හ්ම්ම්ම් තිරිවානා ගල් උනත් ඉඩම මිනිහට වටිනවා කියන්නේ... ඩොසරේ දාලා පාර කප්පපු දවසේ ආවේ ඔය සරමත් කරට අරන් මිනිස්සුනට බැනගෙන.. දැන් ඔන්න නඩු කියනවලු ගමේ මිනිස්සු එක්ක...“ අත්තම්මාගේ ස්වරයේ කලකිරිණු ස්වභාවයක් විය.

“ කවුද අත්තම්මා මුදලාලි උන්දෑ කියන්නේ...?“

“ඇයි ළමයෝ අහලා නැද්ද අර එළවලු තොග කඩේ පත්මේ මුදලාලිගේ තාත්තා.. ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි ආතා  කියලා“

“පත්මේ මුදලාලි කියන්නේ සල්ලි කාරයෙක්නේ.. ඉතින් ඔය මනුස්සයා කරන දන් පින වල හැටියට පුදුමයි ඔය ඉඩං කෑල්ලට ලෝබ උනා.“

“පත්මේ මුදලාලි දන් පින් කරාට මහ මනුස්සයා කුනු ලෝබයා.  කුඩු කේඩු කම් කරලමයි වයසට ගියේ...“

“ අනේ මන්දා.. ඒ ඉඩම ලැබුනනම් අපිටත් ගමට පන්සලක් තියෙනවා.. කොව්වර උනත් දැන් අපි යන්නේ අනුන්ගේ ගමක පන්සලකටනේ..“

“අනුන්ගේ වෙන්නේ කොයිද ළමයෝ.. මේක ඔයාගේ ආතාගේ ගම... මේ පන්සලට අපිටත් අයිතියක් තියෙනවා“

“ ඒ උනාට ඉතින් හැතැප්ම ගානක් පයින් බඩ ගාන්න ඔනිනේ...“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.

**ℓℓℓℓℓℓℓ**

“අන්න අප්පච්චිලා හෙට ලොකු පිනක් කර ගන්න යනවා..“ පොතකට මුහුන ඔබා සිටි මගේ හිස කෙස් වලට පොල්තෙල් අතුල්ලන අතර අම්මා කිවාය..

“හෙට ඉතින් පොසොන් පෝය වෙච්චි එකේ කවුරු කවුරුත් පින් තමා කරන්නේ..“ මම සරදම් කලෙමි..

“ විහිලු නෙවෙයි ළමයෝ... තකහනියක් පෙරේරා සර් ලඟට ගිහින් නැකත් බැලවේවා හෙට අර ලයිට් කණුව පල්ලෙහා ගල් ගොඩේ බෝධියක් හිටවනවා කියන්නේ,  ඔන්න දැන් උදැල්ක් උස්සගෙන ගියා වට පිටාව සුද්ද කරන්න.. ගමේ කොල්ලෝ සේරම එකතු වෙනවා කියන්නේ.“ 
අම්මා විස්තර කලේ ඇඟිලි තුඩු වලින් මගේ හිස සම්භානය කරමින්මය.

“එහෙනම් අම්මේ අපි ගිහින් උදව් කරමු.... හරි නෑනේ.. අනික අපේ අල්ලපු වැටනේ.. “ නැවුම් උනන්දුවකින් මා නැගී සිටියේ බෝ සෙවනක ගොම්මන් වාමය ගත කරන සුන්දඑ කාලය දුර ඇතක නොන බැව වැටහුනු නිසාවෙනි.

“ඔයා  ගිහින් කීදෙනකේද ඉන්නේ කියලා බලන්න.. එන ගමන් කඩෙන් බිස්කට් මොනවා හරිත් ගේන්න අපි තේ ටිකක් හදාගෙනම යමු..“ අම්මා කීවේ නැවුම් උනන්දුවකිනි.

“ හරි.... අපිත් පිනක් කර ගන්න එපායෑ.. ඔන්න බිස්කට් මගේ ගානේ..“ කියමින් මම මිටින් හල කිරිල්ලියකසේ  එම ස්ථානයට දිවගියෙමි.

ප්‍රධාන පාරට මුහුනලා පිහිටි ඉඩම විශාල කළු  ගලක් සහිත කටු පඳුරු පිරුණු භුමියකි. එය අයත් වුයේ ගමේ දුප්පත් තරුණ සහොදරයින් දෙනෙකුටය. කෙනෙකු කිරි හරකුන් සහ කුකුලන් ඇති කරමින්  කිරි හා බිත්තර වලින් ලැබෙන ආදායමින් ජීවත් වන අතර අනෙකා ගමේ වතු වල දවසේ පඩියට කුලී වැඩ කරමින් ජීවත් වෙයි.

උදාවු පොහෝදින  සෙත් පිරිත් හඬ මැද්දේ අභි නව බෝධිය රෝපණය කෙරිනි. එම අවස්ථාවට සාභාගී වු හිමි නම පවා  ඉඩම ලබා දුන් තරුණයින්ට පැසසු සේක.

**ℓℓℓℓℓℓℓ**

 බෝධිය කෙමෙන් වැඩෙනනට විය ප්‍රෙදශයේ දානපතීන් බුදු කුටියක් ඉදිකිරීමට නොමසුරුව ආධාර කලෝය. ගමේ මේසන් වරු තම තමන්ගේ විවේක වේලාවන්හීදි කැපවී වැඩ කරමින් බුදු කුටියේ වැඩ කලෝය. සියලු දෙනාගේ සිත් වල බලා පොරොත්තු පහන් දල්වමින් බෝධින් වහන්සේගේ රන්වන් පැහැයෙන් දළුලමින් වැඩුනු සේක්.. 

එහෙත් ගමේම ඊට විරුද්ද කල්ලියක් විය. ඔවුන් බෝධින් වහන්සේට කිරි වත් කොට නැවුම් දළු කරවන්නට සැලසුවෝය. එහෙත් සැදැහැතියන් නොසැලී දිවා රෑ වෙහෛසී බොධින් වහන්සේ රැක ගැනීමට කට යුතු යෙදුවෝය.

දිනක උදෑසන කාලයේ නිදි ගැට කඩමින් මිදුලේ තණ බිස්සේ සක්මන් කරමින් සිටි මට දෙවැට දෙසින් අත්තම්මාගේ  හඬ ඇසි විපරම් කලෙමි...

“ආ... නැන්දා.. මල ගෙදර යන්නේ නෑද?“ හරක් දක්කාගෙන  යමින් සිටි තරුණයා අත්තම්මාගෙනි ව්මසුවේය.

“කවුද.. පුතා.. ආරංචි උනේ නැහැනේ...“ අත්තම්මා කුතුහලයෙන් යුතුව ඔහු දෙම බලා ඇසුවාය.

“ඇයි මුදලාලි ආතා.. ඔන්න ඊයේ හවස පරලොව ගියාලු... “ සමච්චල් හඬන් කියා ඔහු හරකුන්ට කෙවිටෙත් තැලුවේය

“හැබෑට!! එහෙනම් යන්න වෙයි නේද... පුතා ඔය  ගමන්ම යනවද....“

“ දැන් බෑ නැන්දා.. අර උඩහා කන්දේ ඉඩම අරන් යනන් ඔනි.. උන්දෑගේ පෙට්ටියට දාන්න..“ සමච්චලයට කියා ඔහු හරකුන් දක්කාගෙන කන්ද පහලට ගියේය..

“ඔය මනුස්සයාට එහෙම කියන එක වැරදියි. පන්සල හදන්න ඉඩම කවුරුත් ඒ මනුස්සයාගෙන් ඉල්ලලා නැහැ. මේ  මිනිස්සු බලෙන් ගිහින් ඉඩම සුද්ද කරද්දි ඒ ආතා ඇවිත්.. ඇයි අහපු වෙලේ  අම්මා අප්පා මකත් කරලා කුණුහරුපෙන් බැනලා.. ඒකනේ ඔය ඉඩම දෙන්න බෑ කියලා තියෙන්නේ“ මෙතෙක් වෙලා පත්තරයට මුහුණ ඔබා සිටි අප්ච්චී කණ්නාඩි කුට්ටමට ඉහලින් බලමින් කීවේය.