May 10, 2012

Press conference with නොකිලිටියාවේ කුමරිය


සුබ මධ්‍යහනක් හිතවත් මාධ්‍ය සහෘද්දයනි අද ඔබ අප හමුවේ අමු අමුවේ තමන්ගේ කතාව කියන්නට පැමිණ තිබෙන්නේ නොකිලිටියාවේ ඔටුන්න හිමි කුමරිය  කීගිරිල් ගැදිරෙලෝනා කුමරියයි.

නොකිලිටියාව අප කවුරුත්  දන්නා  සමුද්දිමත් දේශයක්, නවීන තාක්ෂණය සමඟ  ඉදිරියට යන නොකිලිටියාව  දේශයේ මීලඟ ඔටුන්න හිමි කුමරිය වන්නේ අද ඔබ හමුවේ කතා කරන කීගිරිල් ගැදිරෙලෝනා මෙනවියයි.  ඇ ගෙන් ඇසිය යුතු ප්‍රශ්න සියල්ල මේවන විටත් ඇයගේ පුද්ගලික ලේකම් වරයා වන යැමිටෝ ඇකුටෝන්නා මහතා වෙත ඔබ මේ වනවිටත් බාරදී තිබෙනවා. ඇය සූදානම් ඔබ හමුවේ අදහස් දක්වන්න.

නිවේදක : මුල්ම පැනය; මෙනවිය ඔබගේ පවුල් පසුබිම විස්තර කරන්න

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය : ඔහ්!!  නෑත්ක්ස් මට මේ චාන්ස් එක දුන්නට ඇක්චුවලි අපේ ඩෑඩ් තමයි මේ වෙද්දි නොන්ඩර්ට් කින්ග්, මම එයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්. නොන්ඩර්ට් කන්ට්‍රි එක  ගොඩක් ඒන්ෂන් දවස් වල ඉඳන් රූල් කරලා තියෙන්නේ අපේ ජෙනරේෂන් එකේ අය තමා.

(ප්‍රෙක්ෂකාගාරයෙන් බාධාවක්.. අතුරු ප්‍රශ්ණයක්)

සමාවෙන්න කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි රූල් කලේ බාගේ අඩි රූලෙන්ද මීටරේ කොදුවෙන්ද.. ?

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය:  ඔහ්!! නෝ නෝ නෝ.... රූල් කලා කිව්වේ අපේ අය තමා එහේ කින්ග්ස්ලා.. පලාණය පලාණය කලේ අපේ අය කියලායි මම කිව්වේ.

නිවේදක: ඔව්  කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි මීලග ප්‍රශ්නයත් අතුරු ප්‍රශ්ණයක්.. ඔබ කැමති ඔබව කුමන නමින් හඳුන්වනවාටද ?

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය: ඔ මහි ගෝඩ්... ! (කොමල සිනා පා ) ආ... මම ආසයි මාට කිගී කියනවාට ඒක මගේ පෙට් නේම් එක  ඒක තමායි

නිවේදක: එහෙනම් මෙනවිය මේ අවස්තථාවේ සිට මම ඔබ තුමියට කිගී කියා ආමන්ත්‍රණය කරන්න අවසරද

කිගී: ෂුවර්...!! සූවර් වයි නොට් ඔයාට කැමති දෙයක් කියන්න නිවේ....... (කුමරියගේ මුහුන වපර විලාසයක් ගනි ඒ ඇය එක ඇසක් පුංචි කිරිමට තැත් කල නිසාවෙනි)

නිවේ: හොඳයි කිගී ඔයා දැන් මට කියන්න ඔයා ආදරය දකින්නේ කොහාමද කියලා.

කිගී: ආදරය.. ඔහ්!! ආදරය.. ආදරය තරම් උතුම් දෙයක් මේ ලොකේ තවත් නෑ නිවේ.. කිගීගේ ජීවිතේ ලොකුම දේ තමයි ආදරය ආදරය නැත්නම් කිගීට හුස්ම ගන්නත් බෑ ඇත්තම කිව්වොත් මෙයා කිගී කියන්නේ ආදරේ කරන්න ගියාම පිස්සු හැදිලා වගේ ආදරේ කරන කෙනක්.. ඔයා දැකලා තියෙනවාද අනර්කලී, බිම්මා බිසව්. අශොකමාලා. වගේ අය. ආදරේ නිසා මොන තරම් දේවල් කලාද.. කිගිත් එහෙමයි.. කිගිගේ තාත්තා කිගීට හොයන්නේ කිගී වගේම ආදරේ විශ්වාස කරෙන කෙනක්ව මේ දවස් වල තාත්තා කිගීට කෙනක් හොයනවා.. කැමතිනම් ඇප්ලයි කරන්න පුළුවන්

නිවේ: ඒකනම් ගොඩක් හොඳ ආරංචියක් වේවි අපේ  කොල්ලෝ සෙට් එකට. අපි කියමුද කිගී අයදුම් කරන්න ඔනි විදිය

කිගී: KGM <ස්පේස්> Iliketodie   කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට

නිවේ: ඔව් ඒක ගොඩක් හොඳ ආරංචියක්, ඔයාලා කැමතිනම් කිගීගේ ස්වාමිපුර්ෂයා වෙන්න එහෙමත් නැතිනම්  නොකිලිටියාවේ අනාගත රජු වෙන්න මෙන්න අවස්ථාව , කිගී මොනවද විශේෂ කුසලතා ඔයා බලා පොරොත්තු වෙන.

කිගී: හොඳ පළළ උරහිසක් තියෙන්න ඔනි, හොඳට උයන්න පුළුවන් වෙන්න ඔනි, වාහන සොදන්න, කඩේ යන්න, රෙදි සෝදන්න, බල්ලෝ නාවන්න, ගේ අතු ගාන්න වගේම අපේ ඩැඩීගේ රුවුල කපන්නත් වෙන්නේ එයාට තමයි.

නිවේ: සමාවෙන්න කිගී ඔයා හොයන්නේ ගෙදරට මෙහෙකරුවෙක් නෙවීනේ

කිගී: වට් නොන්සන්ස් මෙයා. දැන් කාලේ හස්බන්ඩ්ලා ඔය සේරම කරන්න ඔනි. ඔවට මට කොයින්ද වෙලා මෙයා , මගේ ෂෙඩූල් එකේ හැටියට උදේ පාන්දර දහයට නැගිටලා ඇරොබික්ස් කරන්න ඔනි පැයක්. ඊට පස්සේ බ්‍රෙක්ෆස්ට් ඊට පස්සේ මම යනවා බයිසිකල් පදින්න, ඇවිත් ලන්ච් ගන්නවා  ලන්ච් එකෙන් පස්සේ සැලෝන් යන්න ඔනි හයට ඒක ඉවර වෙන්නේ ඊට පස්සේ මම යනවා මෙඩිටේෂන් වලට රෑ නවයට ඒක ඉවර කරලා එහෙමම ක්ලබ් එකට යනවා  ඊලඟ දවසේ පාන්දර මට වෙනවා මෙයා ගෙදර එද්දි  ආම් සෝ බිසී ...... ඒකයි.

නිවේ: ඔව් ඉතින් කුමාරිකාවක් උනාම කාර්‍යබහුල වෙනවා තමයි. ඉතින් කිගී මට කියන්නකෝ ඔයා මීට කලින් කාටවත්ම ආදරේ කරලා නැද්ද.

කිගී: වයි නොට් මෙයා මම ගොනුස්සෙකුට ආදරේ කලානේ..

නිවේ: මොකා !! ?? ගෝනුස්සෙකුට. ???

කිගී : යා යා මෙයා එයා මට මීට් උනේ ෆේස්  බුක් එකෙන්.. ප්‍රොෆයිල් එකට දාලා තිබුනේ ඒකෝන් වගේ බ්ලැක් ඇමරිකන් ලුක් ගයි කෙනක්ව.. මාර හැන්ඩ්සම් මෙයා හරිම ස්වීට්. මම එයා වෝල් එකේ ලියන හැම එක්කම කියෙව්වා. ලයික් කලා , එයා දැනගත්තා මම එයාට කැමතියි කියලා එයා  හැමදාම රෑට රෑට මා එක්ක චැට් කලා.. ඒ චැට් මා ගාව තාමත් සුරක්ෂිතව තියෙනවා. අපි කොච්චර චැට් කලාද කියනවානම් අනේ නිවේ ඔයාට කියන්න සමහර දාට එයා  ටොයිලට් යද්දිත් ලැප් එක අරන් යනවා මාත් එහෙමයි මෙයා.. හරිම ස්වීට් ඒ කාලේ.. මම ගොඩාක් හැපී  එකේ හිටියේ වාව්.... (මොහොතක්  දෙනෙත් පියා අතීතය  මෙනෙහි කරයි)

චැට් කරලා කරලා අන්තිමේ අපි ලවර්ස්ලා උනා. එයා හැම වෙලාවේම වීඩියෝ කොල් ගන්න කොට අපේ ඩැඩී ලොකේ වගේ ගිහින් ගෙනාපු ගොල්ඩ්, ඩයමන් , ජෙම් කාවින්ග්ස් වලින් හදපු ජුවලරීස් දාගෙන මම හිටියේ. අපේ අළුත් බෙන්ස් එකට හේත්තු වෙලා අපේ අළුත් ගෙදර හොඳට පේන තැනකට වෙලා මම එයාට  වීඩියෝ කොල්ස් ගත්තේ ඒ උනාට එයා හැමදාම  වීඩියෝ එකට පේන්න ඉන්නකොට පෙන්නුවේ ගෝනුස්සෙක් විතරමයි. ඒකයි මම ආදරේට ගෝනුස්සා කිව්වේ ඒත් අන්තිමේ එයා ඇත්තම ගෝනුස්සකේ උනා.. ඉහි ඉහි ඉහි..( කිගී හොටු පෙරමින් හඬයි.. ලේකම් කඳුලු පිසියි. ඔඩියන්ස් එකත් හඬයි... සෝක බරිත මොහොතකි)

නිවේ: අඬන්න එපා කිගී ප්ලීස්... කියන්න ඇයි එයා  ගෝනුස්සකේ වගේ උනේ කියලා....

කිගී: එයා දෙකයි හැත්තෑ පහේ ලොසින්ජරයක් කන්න කියලා මගෙන් සල්ලි ගත්තා. මට චංචා කලා, මට බොරු කලා, වෙන කෙල්ලක් එක්ක චැට් කරනවා මගේ අතටම අහු උනා.. එයා මහා බොරුකාරයෙක් වංචාකාරයෙක් මගෙන් යාළුවෙන්න ඇහුවා. මහ දුෂ්ඨයෙක්, ඇත්තමයි නිවේ, මට පස්සේ හිතුනේ මං වගේ කුමාරිකාවකට නොගැලපෙන කෙනක්ට මම මොකට ආදරේ කලාද කියලා මම හරියට මෝඩ උනා බොරුකාරයෙක්ට අහුවෙලා මම අපේ ෆැමිලි එකට ඉන්සල්ට් කලා... මම මටම ඇත්තටම හේට් කරනවා නිවේ.. මට මැරෙන්න ඔනි.... මේ දැන් මැරෙන්න ඔනි.....

ලේකම්: ප්ලීස් නිවේ මල්ලි.. අපේ  කිගී හරි සෙන්සිටිව් මෙයා.. එයාට කවුරුත් කවදාවත් බැනලා නෑ.. එයාට බැනුම් අහලා පුරුදු නෑ.. ඒ වගේම තමයි එයාගේ හිත කවුරුත් රිදවලා නෑ..  එයා හැමවෙලාවේම අනිත් අය වෙනුවනේ හිටියේ එහෙම කරන මෙයාට හිත රිදෙන ප්‍රශ්ණ වලින් දමලා ගහන්න එපා නිවේ... ඔයාට පින් සිද්ද වෙයි.. මගේ ලේ කකියනවා මගේ කිගී මැඩම්ට කවුරු හරි හිතරිදෙන දෙයක්  කියද්දි.. ප්ලීස් ප්ලීස් මට කියන්න මගෙන් අහන්න ඔය ප්‍රශ්ණ ... වඳින්නම් කිගී මැඩම්ට නම් හිත රිදෙන්න දෙන්න එපා.... (ලේකම් පොළවේ පස් කමින් හඬයි)

කිගී: අඬන්න එපා ලේකි අයි නෝ යු ලව් මී.... (ලෙකම් කිගිගේ පෙතුල ලෙව කයි)

ලේකම්: යූ ආර්ද බෙස්ට් කිගී.. ඔයා තරම් කෙනෙක් තවත් නෑ...

කිගී: තෑන්ක්ස්  ලේකී  (පාවෙන හාදුවක් දෙයි.. ලෙකම් සිහිසුන් වෙයි)

නිවේ: ඔව් මිත්‍රවරුනි අපේ සංවාදය දැන් ඉතාමත් සංවේදී  මොහොතකට ඇවිත් ඒ නිසා අපි අවසාන වශයෙක් කීගිගෙන් අහමු ඇයි අද මේ වගේ Press conference  එකක් තියන්න හිතුවේ.

කිගී: ඇක්චුවලි නිවේ මට අද කරන්න වෙන වැඩක්  තිබුනේ නෑ.. මම දන්නවා ඔයාලාටත් මගේ ඒවා අහනවා  තරම් සතුටක් නෑ කියලා  ඒකයි

නිවේ: අනිවාර්‍යෙයන්ම. කිගී අපි තවත් දවසක මේ වගේම හමු වෙමු.. අවසාන වශයෙන් දෙයක් කියන්න තියේද..

කිගී : ෂුවර් ..... මතකනේ  ඔයාලාට KGM <ස්පේස්> Iliketodie   කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට 

බායි බායි.. අයි ලව් යූ ඔල්......


අවසානයේ තිරය වැසිනි..... සියල්ලෝම සතුටින් විසිර ගියෝය.




මේකත් බලන්න.....

අපි වෙනුවෙන් අපි

ස්ටේටස් එක හොරකම් කලේ මගේ මරණය අයියාගෙනි :D

Anushka Lakmal - බනියා (https://www.facebook.com/anushka.lakmal?ref=ts) අපි හැමෝම දන්නා බ්ලොග් සහෘදයෙක්..

බනියාගේ චරිතයට හානි වන ලෙස ෆෙස්බුක්හි පිස්සු "හැදෙන සඳ (PissU HaDena SaDa)" (https://www.facebook.com/pisssu.hadena.sada) නම් පිටුවක් මාර්ගයෙන් මඩ ප්‍රචාරයක් මේ වන විට කෙරීගෙන යනවා.. අපේම සොහොයුරෙක් වන බනියා එවං දෙයක් නොකරන බව එම මඩ ප්‍රහාරය දෙස බැලු සැනින් වටහාගන්නට පුළුවන්.. එම මඩ ප්‍රහාරහ සදහා සබැදිය..
(https://www.facebook.com/anushka.lakmal/posts/322675214468005)

තව දුරටත් ඔවුන් විසින් එම පිටුවේ පල කර ඇති පොස්ටුවේ බනියට පක්ෂපාතිව දමන කමෙන්ටු ඉවත් කරමින් සිටිනවා. එම පොස්ටුවෙන් ඔවුන් බනියව රිපෝට් කරන්න කියා ඉල්ලා තිබෙනවා.

අපි ඔබ ඒකට බ්ලොග් ලියන්නනං වශයෙන් බනියා වෙනුවෙන් ඉදිරිපත් විය යුතු වෙලාවයි මේ.. ඔබත් බනියා මෙවැනි දෙයක් කෙදිනවකත් නොකරනවා යැයි සිතනවා නම් මෙමෙ තුප්පහි පේජ් ඒකරිපෝට් කරන්න.. මෙම පණිවිඩය අපේ බ්ලොග් ලියන යාළුවන් අතර බෙදාගන්න.. — at බනියා වෙනුවෙන් මල අතට ගෙන.





25 comments:

  1. රිදෙන්නම දීල තියනව. අනෙ සාධු..දන්නෝ දනිති. නොදන්නෝ දන්න අයගෙන් අසා දැනගනිති ! නැද්ද හා. මේ ගෝනුස්සව සම්භන්ධ උන එකනං දුකයි. අනේ ඒ අහිංසකය කාටත් කිසි කරදරයක් නෑ හරි හුරතල් මං එකෙන් නොවැ ඉන්නෙ. මේ මේකටත් බලු පැටවු කුරුල්ලො හෙම වහයිද ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සීන මල්ලි මේකේ මම විතරයි ඉන්නේ පාළුගෙයි වලන් බිඳින්න බය වෙන්න එපා :D

      Delete
  2. මේකේ ඉතින් ඇත්ත කතාව මම නොදනී.. ඒත් ලියලා තියෙන විදිහනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රබන්ධයක් මල්ලි..
      ස්තූතියි ඔයාගේ අදහසට ! :D

      Delete
  3. අකර් නලි අක්කව මතක් වුනා

    සුපිරි !

    ReplyDelete
    Replies
    1. හි හි මටත් එයාව මතක් උනා.. අර මේ දවස්වල අතුරුදාන් වෙලා ඉන්න අයියා කෙනක් සම්බන්ධ කතාවක් මේ වගේම ගියානේද හික් හික්

      Delete
  4. මටත් අර දිනේෂ්ගෙ කමෙන්ට එකම තමා දාන්න තියෙන්නෙ. නියමයි...

    ReplyDelete
  5. ඔය ගෝනුසු අයියා හරිම බයානකයි..... දවසක් ඒ අයියා ගූගලේ පොටෝවක් සෙයා කොරලා තිබ්බා, ඒක දැකපු දා ඉඳන් අපේ ගෙදර බල්ල බත් කන්නෑ.. වෙරි ටෲ මෙයා යෑස්ස්ස්...

    ReplyDelete
    Replies
    1. ගොනසු අයියා දැක්කාම අපේ ගෙදර ඉන්න කාවෝ පොත් කන්නේත් නෑ මෙයා :D

      ටැංකිව් ආවාට ;D

      Delete
  6. 11:50:00 PM ට කටමන්ට් කර තිබූ ඇනෝ වෙත

    නම් වශයෙන් බ්ලොග් කරුවන්ට මඩ ගැසීමේ අදහසකින් තොරව හුදෙක් විනෝදය සඳහා පමණක් ලීවෙමි.
    ඇනෝ වශයෙන් හෝ අදහස් දැක්වීම ගැන ස්තූතියි
    නමුත් බ්ලොග් කාරියකගේ නමක් සඳහන් බැවින් ඔබේ කමෙන්ටුව ඉවත් කිරීමට සිදුවිය.

    ස්තූතියි නැවත එන්න !

    ReplyDelete
    Replies
    1. නමක් නැතත් කාට හරි මඩ ගැසීමේ අදහසින් ලියන ලද්දක්.

      Delete
    2. මේ සමාජේ ජීවත් වෙන චරිත නිසා ඔයාට එහෙම හිතෙන එක ගැන පුදුමයක් නෑ අසරණයෝ!

      මට උනත් කිගීගේ සමහර ලක්ෂන තියෙනවා :D :D

      ස්තූතියි ආවාට !!

      Delete
  7. අනේ මන්ද අප්ප......:/

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා අගිනි :D

      ස්තූතියි ආවාට :D

      Delete
  8. අනේ අපි දන්න ගෝනුසු අයියා නම් හරී හොදායි,,,එයා නම් ඔයි වගේ දෙයක් තුන් හිතකින්වත් කරලා නෑ,,ඒක නම් මට ටක්කෙටම කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ගොනුසු අයියා ටිකක් විස්සොපෙන් හිටියේ එයාගේ නම පානිච්චි කලාට.. ඒ උනාට එයා වීලු දන්න නිසා කමක් නෑ කිව්වා.. හික් හික් ඔයා කියන එක හරි ගෝනුසු අයියා ඇල්වතුරත් නිවලා බොන්නේ :D

      Delete
  9. හෆොයි මෙයා හොයන්නෙ ගෙදර වැඩපල කරලා බල්ලවත් නාවගෙන ඉන්න පුලුවන් කෙනෙක් නේ.. ගෝනුස්සෙක් උනත් පොඩ්ඩක් මොළයක් තිබිල තියනව.. හික්ස්ස්

    ReplyDelete
  10. සිද්ධිය කුමක්දැයි නොදනි....

    නමුත් ලියා තිබෙන අයුරු ලස්සනයි....

    ReplyDelete
  11. ම්ම්ම්... මට මේකෙ තේරුම තේරෙන්නම් නෑ.. ඒත් සුදු අක්කෙ ලියලා තියෙන විදියනම් සුපර්!!!:D

    ReplyDelete
  12. Anonymous12:56:00 AM

    ඔයාටනම් ලොකු මානසීක රෝගයක් තියෙනවා කියලා මේක කියවන අයට තේරුම් ගන්න පුලුවන්. ඒකට බෙහෙත් ගන්න. ඇත්තටම කියන්නෙ. පරක්කු වෙන්න කලින්. ඔයා මේක රිමූව් කරයි, ඒත් මම කියන දේ ඔලුවෙ තියාගන්න. ගිහින් ඔයා හොඳ මානසික දොස්තර කෙනෙක් හම්බෙන්නෙ. තව කල් දාන්න එපා. අනික් අයට වෛර කරන්න් කලින් ඔයා ඔයාට ආදරේ කරන්න ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ යාළුවා ! :D :D

      Delete
  13. @ තාරා , තොටියා , සිතුවිලි හා හිතූ වෙත !

    ස්තූතියි ළමායි.. :D :D :D

    ReplyDelete
  14. Anonymous11:29:00 PM

    සුදු හංසි නම වෙනස් කරලා නරකද මඩ හංසි...නැත්නම් චීත්ත හංසි වගේ එකක් දා ගත්තනම්. මොකද සුදු කියන වචනෙට ඔයා ගැලපෙනවා මදීව‍ගේ.....ආ අංගොඩ යන්න ඕන සේරම ලෑස්ති කරලා කියන්නම්. ඉක්මනටම එහේ නතර නොකලොත් මේ බ්ලොග් වල වැදගත් අයට ඔයාගෙ පිස්සුවලින් නරකක් වෙන්න පුළුවන්..ලැජ්ජවෙන්න කෙල්ලෙක් වෙලා මෙහෙම කරනවට....

    ReplyDelete
  15. මා දයාබර ඇනෝනිමස්...

    සමාජයේ අපට හමුවන චරිත ඇසුරෙන් නිර්මාණයක් කිරිමෙන් ඔබට මෙතරම් කලබල වීමට තරම් හේතුව නොදනිමි.

    බ්ලෙග් හරහා මිනිසුන් රවටන
    නොයෙක් බොරු කතා කියන
    මිනිසුන්ගේ චරිත අමු අමුවේ විනාශ කරන, යුගයක මෙම නිර්මාණයෙන් ඔබට සිදුවු අපහසුතාවය කුමක්දැයි මා නොදනිමි

    එහි ඔබට හෝ ඔබ හඳුනන යමෙක් අරඹයා යමක් කියා ඇති බවට පැහැදිලි සාධක ඇතිනම් ඒවා සමඟ පැමිණ කතා කරනවාට වඩා
    මෙලෙස සැඟවී පහර දිම ලැජ්ජාවට කරුණකි..

    මෙහි සැබෑ චරිත කිහිපයක ඇතැම් චරිත ලක්ෂන හස්‍යඋපාදක ලෙස ඉදිරි පත් අර ඇති බව සැබෑය.

    එය හුදෙක් සිදුවුයේ අදාල මගේ මිතුරාගේ අනු දැනුම පිට බව මා මෙන්ම මාගේ සමීපතම මිතුරන් ගනනාවක්ම දන්නා කරුණකි.

    ඒ හැර එක ගැහැණු චරිතයක් අරඹයා නොව සමාජයේ පොදු ගැහැණිය අරඹයා ලියූ මෙම නිර්මාණයට ඔබ විසල් සාධාරණත්වයක් කර ඇත
    ...

    ඒ ගැන මා සතුටු වෙමි.. මන්ද
    මගේ නිර්මාණය ඔබට රිදවුවා යනු.. මෙම නිර්මාණය තුලින් විවේචනයට ලක්කල දුර්වල ගැහැණු ගති ලක්ෂන ඔබ තේරුම් ගෙන ඒ අරඹයා සිත රිදවාගෙන ඇත..

    ඇතැම් විට මාගේ ලියුම් කියුම් ඔබට විකාරයක් වනු ඇත..

    මානසික රොහල් ගැන කතාකරනවාට වඩා සුදුසුම.. මගේ පිස්සු විකාර නොකියවා සිටීම නොවේද...

    සුදු හංසී ගේ සිහින තවලම යනු.. හුදෙක් හිට්ස් හා කමෙන්ට් අරඹයා ලියන්නක් හෝ තමන්ගේ පැටිකිරියාව ලොවට පෙන්වන්ට අර අඳින අඳබාල උත්සහයක් නොවේ..

    සිතුවිලි නිදහසේ මුදා හැරීමකි.. එය කියවීම නොකියවීම ඔබ තීරණය කල යුතුය.. නොකියුවා කියා මා අමනාප නොවනවා සේම...

    තමන්ගේ සැබැ නාමයෙන් ඉදිරි පත් විය නොහැකි ඔබලාගේ මෙවත් ප්‍රතිචාර සඟවා.. සුදු චරිතයක් විමටද මා උතසහ නොකරමි..

    මම හොඳ අසන්නට කැමැතිවා මෙන්ම නරක අසන්නටද මගේ මනස හුරු කරගත් කෙනක්මි...

    ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට !

    ReplyDelete
  16. Anonymous3:45:00 AM

    @ ඇනෝ - අපිට හිතා ගන්න පුලුවන් උඩ ඇනෝ ඔයා කවුද කියලා,,ඔයා අනුන්ගේ නම් වෙනස් කර ගන්න ඉස්සල්ලා ඔයාට හොදයි ඔය නම,,ඔයා හිතන් ඉන්නේ ඔයා මහ කෙරුම්කාරයෙක් කියලා වෙන්න ඇති,, ඔයා හැම තැනම දාන කමෙන්ට් වලින් ඔයාගේ සල්ලි ,බලය පෙන්න පෙන්න ඇවිදින එකේ,,මෙතෙන්ටත් නමින්ම එන්නකෝ

    ReplyDelete