May 18, 2012

කලියුගය


නිදිමත බේරෙන දෙනෙත පරිගණක තිරෙයන් මුදාගත් පංකජ කෙටි නින්දක් බලන්නට නිදියහන වෙත ඇදී ගියේය. රුකියාවන් සොයන්නට  වෙහෙසෛමින් කාලය කා දමන දහවල් කාලයත් ලෝවටා  සැරිසරමින්  ගෙවන රාත්‍රි කාලයත් අතර විඩාපත්ව සිටි පංකජ විගස නිදි ගොවට පිවිසියේය.

ජීවිතය පුරාවට තමා විවේචනය කරමින් සිටින තාත්තාගේ තරහා පිරුණු  දෙනෙතින් ඔබ්බට යමක් සිතන්නට පංකජට අවැසිව තිබුනි.  දහවලේ සාභාගී වු සම්මුඛ පරීක්ෂනයේ  දි එයට මුහුණ දුන් ආකාරය පංජට සිහිනයක්  මෙන් විය.  එහීදි ඔහු සුදුසු කම් ලැබුවහොත්, රැකියාව කල යුත්තේ දුෂකර වන්නි ප්‍රදේශියේයි. එනයින් රැකියාව නොලැබේවායි යන සිතුවිල්ල පංකජගේ සිතෙහි හොල්මන් කරන්නට විය.

රැයෙහි ජීවිතය සුන්දර වග ඔහුට දැනුනි.  රසැති කතාවලින් , පෙම් රංගන වලින් මෙන්ම විරහා වේදනා වලින්ද සැදුම් ලත් මිතුදම්  සිත සනසාලීය. ඒ මිහිරියාව නිදි ලොවේදිත් පංකජගේ සිතුවිලි හැඩකරලනු ලැබීය.

ඔහු සිටියේ මිතුරන් සමඟින් බියර් කෑන් එකක් තොල ගාමිනි. ඉදිරි පස ක්‍රිඩා පිටිය වට කොටගත් ප්‍රෙක්ෂකා ගාරය තරුණ තරුණියන්ගෙන් පිරි ඉතිරි තිබුනි.  පංකජගේ දෙනෙත් නිතැනින්  ඉහල අහස වෙත ඇදි ගියේය.  කුරුළු පවුලට අයත් නෙවනා විරුපී සතුන්  විසින් සුදු පරවියෙකු වට කොට ගෙන  පරහ පිට පහර මෙන් සිටියෝය. ක්‍රිඩා පිටියෙන් අවධානය ඉවතටගත් සියල්ලෝම  අර විරූපි සතුන් උසිගන්වන්නට විය. අසරණ පරෙවියා කැබලි වි  අර කි  සතුන්ගේ අහරක් විය. පරෙවියාගෙන් කුස පුරවාගත් සතුන් ක්‍රිඩාංගනය වටා  පියඹා ගොස් අතුරුදහන් වන විට අකාශයේ කිසිඳු පරෙවි කුරුල්ලකු ඉතිරි වී නොතිබිනි.

සුහුවිලි ඇවිස්සි ගෙන මහ පෙළව කම්මපා වන  හඩක් නංවමින් විශාල එළ දෙනුන් තිදෙනෙක් ක්‍රිඩා පිටිය මැදට දිව අවෝය.  අවකාශය දුහුවිල්ලනේ වසා දමමින් වියරුවෙන් පිටිය පුරා දුවපනිමින් ඔවුන් පෙළහර දක්වද්දි කිඳුරියන් තුරුලේ සිටි සඳකිඳුරන් ඔවුන් අතැර එළ දෙනුන් පසු පසම දුවන්නට විය. එහි එකම ගොන් පොරයකි.  මොහොතකින් වලිගය පිටුසය සඟවා ගත් බැල්ලියන් මෙන් එළ දෙනුන් පසු බසිද්දි.  කුමරබඹසර බිඳී කිලිටි වුනු කිඳුරන් එකිනෙකා සමගින් මරාගන්නට විය.

පසුබා යන එළ දෙනුන්ට ඔවුගේ වරද පෙන්වා දෙන්නට උත්සහ කල නාඹර වෙළඹක්  එළදෙනුන්ගේ නින්දා වින්දාය. ඇයගේ තුරඟ රාජයා ඒ  දෙස බලා හිඳ මඳ සිනාවක් පා නිහඬ වුවේය. වෙළඹ නොපෙනී ගියාය.

පිටියෙ එක් කෙලවරක කපටි ඇස් ඇති අහික්ණ්ඨකයෙකු ගැඩවිලි පණුවෙකුට  නයි විස පොවමින් සිටියේය.  නයි විස පොවා ගැඩවිලි පණුවා අයිතිකරගන්නට  කපටියා සිහින  මවන්නට ඇත. එහෙත් නයි විසෙන් ඔද බැඳි ගැඩවිලි පණුවා මානික්‍යයක් පෙනයෙන් ගත් නාග රාජයෙකුට   දෙසට ඇදෙමින් සිටියේය. අහිකුණ්ඨකයා ක්‍රොධයෙන් වෙලී ගැඩවිලි පණුවාට දශ්ඨ කරන්නට  ගැරඩියෙකු උසිගැන්නුවේය. පාඩුවේ ගමන් කරමින් සිටි ගැඩවිලි පණුවා උසි ගැන්වී දශ්ඨ කරද්දි වැරදීමකින් අහික්ණ්ඨකයාගේ පුරුෂ නිමිත්තටම විස වැදුනේය. දැන් අහික්ණ්ඨකයා කෑගමසින් සිටී.

සිංහ දේනුවක් බල්ලෙකුගේ බොරු අසා සඳකිදුරියකට බැන වදිමින් සිටිද්දි. මේ සියලු දෑ දෙස විස්මයෙන් බලා සිටි පංකජගේ සිරුර තෙමා හරිමින් අහසින් අසිනි වරුසාවක් ඇද හැලිනි.

"ලොකු මල්ලි කීයේ ඉඳන්ද කතා කරන්නේ.... දැන් උදේ දහයත් පහු වෙලා.. තමුසෙට කෝල් හය හතකට වඩා ආවා... "

"මොනවා..... කාගෙන්ද..."

"ඊයේ ඉන්ටර්වීව් ගිය තැනින්.. බැරිම තැන මම පණිඩිඩේ අහගත්තා... තමුසෙට සඳුදා වන්නි යන්නම ලෑස්ති වෙලා එන්නලු....."

"මොකක්!"

"ඔව් .. ඇයි තමුසෙට යන්න බෑ..ද"

"නෑ... යනවා... කලියුගේ පටන් ගන්න කලින් මේ මායාවෙන් මිදෙන්න ඔනි බන් ලොක්කක්කේ....."

6 comments:

  1. කරකවලා අතෑරියා වගේ.... අම්මෝ... ඒත් හරිම නිර්මාණශීලියි...

    ReplyDelete
  2. මොනවහරි කිව්වද? :-)


    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. මට හිතා ගන්න බැරි උනා මේ මොකක් ගැනද කියලා..

    ReplyDelete
  4. //කලියුගේ පටන් ගන්න කලින් මේ මායාවෙන් මිදෙන්න ඔනි//

    හ්ම් ඒක ඇත්ත..මටත් මේක කියෙව්වාම කලියුගේ තමයි මතක් වුනේ..

    ReplyDelete
  5. මට දුක අර අහිකුන්ඨකයා ගැන හංසි අක්කෙ .. අලෙ මදැයි මෙකා කෙලවගත්තනේ අහවල් එකටම :D දැන් ඉතින් ගැණිට දෙන්න වෙන්නෙ ගැඩවිලෙක් අල්ලලා තමා ...... :D :D :D :D

    අක්කි මට බැරි වෙයිද අර කිඳුරියව පොඩ්ඩක් හම්බෙන්න, මොකද අර අර සිංහ ධේනුවට ගතු කිව්ව සුනඛයා මොකාද කියලා අහගන්න :D :D

    ReplyDelete
  6. Casinos Near me - MapYRO
    Casinos 부천 출장안마 Near 속초 출장안마 Me · Closest Casinos Near Me 의정부 출장샵 · Red Rock Casino and Hotel · Beau Rivage 양주 출장안마 Casino & Spa · Hollywood Casino at Charles Town 제주도 출장샵 Races · Hard Rock Casino

    ReplyDelete