මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 30, 2011

සෑබෑ වූ සිහිනය

හීනයක් දකින්න කාට උනත් පුළුවන් ඒත් ඒක හැබෑ කර ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක්ටද... එහෙම හීනයක් හැබෑ උනොත් ඒක මොන තරම් ලොකු වාසනාවක්ද...

පුංචි කාලේ මම හින දැක්කේ හොඳින් ඉගෙන ගන්න.. කවුරු හරි ඇහුවොත් ඉගෙනගෙන ඉවර වෙලා මොනවද කරන්නේ කියලා, පුංචි කමට මම කියනවා “මම ඩොක්ටර් නෙකේ වෙනවා“  කියලා.. ඒත් ඒ හිනෙට පන  දෙන්න මට පනින්න තිබුණු කඩ ඉම් වලින් හරියාකාරව පැන ගත්තේ සාමාන්‍ය පෙල කඩඉම විතරයි.. මුළු ඉස්කෝලෙම පළවෙනියා වෙන්න හීන මවාගෙන ඒ පිම්ම පැන්නත් පුළුවන් උනේ හතර වෙනියා වෙන්න.. ඒකත් එක සතුටක්.. ඒත් ඒ හිනේ මට නැති වුනේ මගේ අසනිපය නිසා මාස ගනනක් ඉස්කෝලේ යන්න බැරි වීම නිසා බව මම දැනන් හිටියා.. ඒ නිසා වැඩි දුකක් නෑ

ඊට පස්සේ ඒ ලෙවල් කඩ ඉම, ඒතනදි මගේ හීනෙට මම ගොඩක් ලන් උනා. මගේ ලේඛන හැකියාව දිහා බලපු හැමෝමත් නිර්මාණ හැකියාව නිසාත් හැමෝම මට කිවේ කලා අංශය තෝර ගන්න කියලා.. ඒ උනත් මට මගේ හීනෙ වෙනුවෙන් වෙහෙසෙන්න ඔනි උනා ඒ නිසා මම විද්‍යා අංශය තොර ගත්තා මොකද මම දැන ගෙන හිටියා මම  ඒ පිම්ම හරියාකාරව පැන්නනම්  මගේ පළවෙනි හිනෙම හැබැ කරගත්තා වෙනවා කියලා. 

මම ගොඩක් වැරදි කලා  මම මටම උන පොරොන්දුව කඩ කිරිම ,  උනන්දුව අඩුවීම කම්මැලි වීම නිසා අන්තිමේ මගේ හීනේ මගෙන් ගිලිහිලා ගියා...

කල්පනා කරලා බලන්න කෙනෙක් මුළු ජීවිත කාලයක් එකම හීනයක් වෙනුවෙන් වෙහෙසෙනවා ඒක පෙනි පෙනි නැති වෙලා යද්දි මොනවා කියලා කරන්නද... ඒත් මට පරාද වෙන්න බෑ මම ඒ වෙලාවේ මගේ ජිවිතේ අරමුණු වෙනස් කලා... 

විද්‍යා පොත් පත් සෛල රූප සටහන්, ඇට සැකැලි රූප සටහන්, ජීවන චක්ර, ආවර්ථිතා වගුව, නියම, එක්ක හිර වෙලා තුබුණු මගේ ජිවිතේ මම ඔබ්ජෙක්ට්ස්, මෙතර්ඩ්ස්, ඇරේස්, ඩී ඇස් ඩී ඩයග්රම්ස්,ප්සියුඩෝකොඩ්ස් වගේම මදර් බෝඩ්ස්   ඩේටා කේබල් වලට කොටු කලා  පුංචි පුංචි පොත් වල කුරුටු ගාපු කවි වෙනුවට පොටෝ ෂොප්, කොරල්, ඔටෝ කැඩ් වලින් නිර්මාණ කරන්න ගත්තා. 

වෙද නලාවක් අරන් වාට්ටු ගානේ යන්න හිතපු මම, ඔසරියක් ඇඳන් පොත් මිටියක් තුරුලු කරන් පුංචි උන්ගේ පන්ති ගානේ ගියා.. හවසට ඇවිත් ඉවරයක් නැති ලිපි ගොනු ගොඩන වැඩ කලා... ඒ අළුත් වෙනස ලස්සනයි සුන්දරයි ඒත් හීනයක් වගේ කාලය ගෙවිලා යද්දි කාලය විසින් ඒ ජීවිතෙන් මාව ඇත් කලා.. මුකුත් වැඩක් නැතිව හිස් කොම්පියුටර් ලැබ් එකක පිටි පස්සේ හිටන් ඉන්න කෙනෙක්ට..

ආයිමත් ජීවිතේ අළුත් වෙනසක් හොයාගෙන අළුත් රැකියාවකට අයී ටී ගැන වැඩි දැනුමක් නැති මිනිසුන් ගොඩකට අයි ටී සපොට් කරන්න, ඒයාලා කරන එකම දේ උදේට ඔපන් කරන වෙබ් බ්රව්සරය හැන්දෑවට ක්ලොස් කරන එක..  ඉතින් මගේ ජිවිතෙත් ඒ ගොඩටම වැටුනා.. උදේ පහේ ඉඳන් මුළු දවසමත් රෑයත් ගෙවලා අනිත් දවසේ පාන්දර දෙක වෙනකල් වැඩ කරපු මම නවය පහ වැඩ කොටසක කාර්‍යභාරයක් නැති එක්සකටිව් කෙනෙක් වෙලා, හැම එකම කරන්න ඔනි ඒත් කරන්න දෙයක් නෑ නිකම්ම ඉඳලා වැටුපක් ගන්නවා..

බිදිලා විසිරිලා ගිය හීන දිහා මම බලා උන්නා.. මම නිකම්ම නිකන් රූකඩයක් වෙනවා ටිකෙන් ටික.. ජීවිතේ ගැන අළුත් බලා පොරොත්තුවක් දකින්න ඔනි උනා... මොකක්ද අවසානය හිටියට වඩා තවත් පහලට වැටීම...

අවුරුද්දක් හරියටම අවුරුද්දක් උනා මම නිකමෙක් වෙලා 


මම හිටියේ දුකින් ගොඩක් දුකින්..ඒත් එක දවසක මම හීනයක් දැක්කා මුළු ජිවිතේටම අමතක නොවන හීනයක් අමතක කරන්නත් බැරි හිනයක් ඒ වගේ හීන කිහිපයක් මගේ මතකයේ තියෙනවා.. ඒවා සේරම දුක්බරයි මේ ෙවලාවේ ඒවා කියන්න යන්නේ නැහැ මම, මොකද  ඒහීන දුක් බර උනත් හැබෑ උනේ නැහැ.. ඒත් මම පහුගිය සඳුදා රෑ දැකපු හීනය හැබෑ උනා පහුවදා පාන්දර වෙද්දි.. පුදුමයි පුදුමෙනුත් පුදුමයි.. 

ඔයාලාට මං ගැන පුදුමයි නේද රෑ දැකපු හීනේ පහුවදා පාන්දර වෙද්දිම හැබැ කර ගත්තට.. ඔයාලා හිතනවද මම වාසනාවත්ත උනා කියලා ඒ හිනේ හැබෑ කර ගන්න හිනයක් හැබෑ කර ගනන වාසනාවන්ත වෙන්න ඔනි.. ඇත්ත...


ඒත්
මම හීනෙන් දැක්කේ මගේ හීන සේරම බිඳිලා යනවා.. මට මගේ හීනේ අහිමි වෙලා යනවා..... තවත් ඔයාලා කියනවද හීනයක් හැබෑ කර ගන්න තරම් මම වාසනාවන්ත උනා කියලා...



හීන සුන්දරයි රස කර කර දකිද්දි ඒත්  හැබෑ නොවන හීන අතරන් හැබෑ වෙන හීනත් තියෙනවා.. ඒ ගැන හිතලා අළුත් හීනයක් දිකන්න බයයි ඇයි දන්නවද මීට පස්සේ මම කැමති නෑ හීන හැබෑ වෙනවට 

ආදරණිය නිශාන්තය...........



ආදරණීය හිත්වලට ආදරයෙන් ගොඩ වෙන්න බස් රේඩියෝ අපි අදහස් කලා, ඉතින් එකතු වන්න මේ ඉරිදා රාත්‍රී අට වෙනකොට නිශාන්තය සමඟින්.. 

ආදරණීය නිශාන්තය නමින් සෑම ඉරු දිනක රාත්‍රී අටේ කනිසමට බස් රේඩියෝ මගින් ප්‍රේමණිය ගී එකතුවක් ගෙන එන්න අපි අදහස් කලා‍ ඉතින් එකතු වන්න බස් රේඩියෝව සමඟින් 

ආදරණිය නිශාන්තය වෙන්වන්නේ ආදරණිය ඔබ වෙනුවෙන්මයි ...  බස් රේඩියෝ බ්ලොග් අඩවියේ නිශාන්තය වෙනුවෙන් එම සතියේ වෙන්වන පොස්ටුවට කමෙන්ටුවක් වශයෙන් ඔබගේ ආදරණීය සටහන් තබා යා හැකියි.. ඒ සමඟම ඔබට අවැසි ගීතයත් සටහන් කරන්න.. ගීතය මෙන්ම අදහසද බස් රේඩියෝ අපි ඔබ වෙනුවෙන් සයිබර් ගුවනට මුසු කරන්නම්...

ඉතින් එක්වන්න  ආදරණිය නිශාන්තය සමඟ 

ගීතය හා ගායකයා සමග ඔබ එකතු කරගන්නා අයත් කමෙන්ටුවක ලියා යන්න. එදාට අපි එනවා ඔබේ ගී සමග

Jul 26, 2011

වලාවෙන් වැසුනු සඳ වේගවත් අවසන

මනූ අයියාගේ කර පිටින් ගෙදර ඇවිත් අපි ගෙදර අයට කිවේ වැලලේ බයිසිකලෙන් වැටුනා කියලා විතරයි.. ඊට එහා යමක් දැනං හිටියනම් ඒ සෙනූ අක්කා විතරයි... දවස් ගානක් පුංචි අම්මා තම්බලා දුන්න වෙනවැල් ගැට බීල යාන්තම් අතේ පයේ වේදනාව දුරු කර ගත්තා. ඒත් හැම වෙලාවෙම් කල්පනා උනේ මට සිද්ද වුනු නව නිංගිරාව ගැන.. දැන් කොමද ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ කලිසමක් ඇඳගෙන ස්කූල් වෑන් එකේ යන්නේ අංජු අනිත් කෙල්ලන්ට මේ වෙද්දි ගින්න පත්තු කරලා ඇත්තේ අනේ අහිංසක මට සිද්ද වුනුදේ කියලා හිතලා මම නෙවේ ආයිනම් වෙරළ පැත්තේ ගියේ... ඒත් ඔය අතර කාලේ මට අංජුව මතක් නොවුනාමත් නෙවෙයි ගෙවෙන හැම තත්පරේකම මගේ සිතිවිලි වල පැටලිලා උන්න නිසාමද කො‍යිද මට දැනුනේ එයා මා ලඟම ඉන්නවා වගේ.

ඉස්කෝලෙ පටන් ගත්තට පස්සේ ඉස්සෙල්ලාම දවසේ මම තරම් ගොළු කෙනෙක් ස්කූල් වෑන් එකේ ඉන්න නැතිව ඇති, බොරු හිසේ කැක්කුමක් මවාගෙන සීට් එකේ ඇන්දට හේත්තු වෙලා  ඇස් පියාගෙන උන්නත් සිතිවිලි දඟ කලේ අංජුගේ සුපුරුදු සඳුන් සුවඳ එක්ක.. කොයි තරම් උවමනාව තිබුනත් මම නෙවේ අංජු වෑන් එකෙන් බහිනකල් ඇස් ඇරියේ.. හවසක් පුරුදු විදියට මම බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලට නතර උනා...

පහුවදත් මට ඔනි උනේ ස්කූල් වෑන් එක මඟ හරින්න ඒත් ගේට්ටුව ලඟට ඇවිත් හෝන් එකට තඩි බාද්දි මට නොයා ඉන්න බැරි උනා.. සුපුරුදු විදියට පිටි පස්සට හේත්තු වෙලා ඉදෑද්දි ‍ටික වෙලාවක් යනකොට අංජුගේ සඳුන් සුවඳන් වෑන් එක පිරිලා ගියා... 

"පහන් අයියා.. පහන් අයියා.. නැඟිටින්නලු..." පොඩි උන් මාව හොලවලා ඇහැරවද්දි මම හෙමින් ඇස් අරලා‍ බැලුවා.. වෑන් ‍එක නතර කරලා සුපුරුදු පාසැල් නිල ඇදුමෙන් නැතිව ලා කහ පාට සල්වාර් ඇඳුමක් ඇඳ ගත්තු අංජලී දොර ලඟ.. මගේ දිහාට පොතක් දිගුකරන් ඉන්නවා.. හැමෝගේම ඇස් මගේ දිහාවට අංජුගේ යාළුන්ගේ ඇස් වල කඳුලු.. අංජුගේ ඇසුත් තෙත් වෙලා.. කිසිත් හිතා ගන්න බැරි වුනු මම අංජු අතේ තිබුනු පොත ගත්තා... වෑන් එකේ දොර වැහුනෙත් හැමෝම අංජලී දිහාට අත වනලා සමු දුන්නතේ හිතා ගන්න බැරි වේගෙකින්... මට ඔනි උනේ තනි වෙන්න.. වෑන් එකේ ඉස්සරහා සීට් එකේ හිටපු පොඩ් දෙන්නව පස්සට දාලා මම අසංක අයියා ලඟින් වාඩි උනා.. පොත දිග හැරලා බලන්න දහස් වාරයක් හිතුනත් මේ ඒකට සුදුසු තැන නෙවෙයි කියලා මගේ හිත කීවා..

"ගනන් ගන්න එපා මල්ලි.. ඔය කෙල්ලන්ගේ ඉරනම අපි හිතනවට වඩා වෙනස් සහ වේගවත් විදියට විසඳෙනවා" අසංක අයියා කියද්දි මම කටත් ඇරන් මුණ දිහා බලා හිටියා හැරෙන්න කිසි දයෙක් කීවේ නැහැ

විවේක වෙලාවේ ඉස්කෝලේ කෙරවලේ බට් අඹ ගහ යටට එළුවාවත් ඇදන් ගිය මම අංජලී දුන්න පොත හෙමින් පෙරලුවා...

සින්ඩරෙල්ලා තීම් එකෙන් හදපු කෙල්ලෝ පාවිච්චි කරන නෝට් බුක් එකක ඉස්සෙල්ලාම අංජුගේ බැග් එක මගේ උකුලට දාපු තැන ඉඳන් අප අතර වුනු සිදුවීම් එකින් එක ඉංග්‍රීසියෙන් සටහන් කරලා තිබුනා.. අවසානේ මට වෙරලේදි ගුටි කන්න වුනු සිද්දියත් ඊට පසු සිදුවුනු දෙවලුත් ලියුමක් විදියට ලියලා තිබුනෙත් ඉංග්‍රිසියෙන්මයි මගේ ඉංග්‍රීසි දැනුම දියුණු මට්ටමක තිබුනත් එයා පාවිච්චි කරලා තිබුන සමහර වචන හොයන්න එළුවා දුවගෙන ගිහින් ඩික්ෂනරියකුත් ගනෙත් දුන්නා..

අවසානේ බොඳ වුනු නිල් පෑන් තීන්තෙන් ලියලා තිබුනේ රිසාන් නැමැති ඥාති වරයා එහෙමත් නැත්නම් එදා වෙරලේදි මට ගුටි ඇන්න හාදයා අංජුගේ ඉගෙනීමත් මග නතර කරලා එයා විවාහ කර ගන්න පුළුවන් වයසට එනකල් ගෙදර හිර කරපු බව, ඒකට ප්‍රධාන හේතුව එදා වෙරලෙදිත් ඊට පසුත් මං වෙනුවෙන් අංජු ගෙදර කතා කිරිම...

අපි දෙන්නම අපි දෙන්නට නොදැන කාලයක් ආදරේ කරපු නිසාමද කොහේද මගේ හිතට ඒවා කියවද්දි ලොකු වගකීමක බරක් දැනුනා.. පුළුවන් තරම් ඉක්මනින් මට ඔනි උනේ අංජුව බලන්න..   ඉස්කෝලෙ අවසන් වෙන්න කලින් එළුවගේ උදව්වෙන් තාප්පෙන් පැනගත්තු මම නතර උනේ අංජුගේ ගෙවල් ලඟ පටු පාරේ.. විසි තිස් ගමනක් බැල්කනිය දිහා බලන් ඒ මේ අත යන්න ඇති නෝට් බුක් එක මගේ අත් වල දාඩියටම පොඩි වෙලා.. මගේ ඇස් මටත් ඉස්සර වෙලා... අවසන් වතාවට තෙත ඇස් වලට ඒ මුණ දකින්න ලැබුනේ ගේට්ටුවේ ග්‍රීල් අතරින්... පුදුමය පිරුණු ඇස් වලින් මං දිහා බලාගෙන හිටිය අංජු  ඈතින් එන වාහන සද්දෙට ගැස්සිලා ගෙට දුවන් ගියේ යන්න කියලා මට අතින් සන් කරන ගමන්මයි.. ඒත් එතනින් පිට වෙන්න මගේ හිත වගේම දෛවයත් ඉඩ දුන්නේ නෑ.. ගේට්ටුවේ ග්‍රීල් වල  එල්ලිලා හටපු මට යන්න අමතක උනා...

අවසානයේදි ගේට්ටු පියන් වල එල්ලිලා හිටිය මම සුපිරි කැබ් එකේ ආපු රිසාන් සහ ඔහුගේ මිතුරන් සමග බහින් බස් වීමකටත් පැටලුනා.. ඒක කෙවර උනේ  මාස ගනනකට රෝහල් ගත වෙන්න තරම් දරුනු පහර දීමකින් 

තාත්තා නොගිය තැනක් නෑ.. නොකරපු දෙයක් නෑ.. ඒත් මම මට පහර දුන්න අය ගැන වචනයක් කීවේ නැහැ මට ඔනි උනේ නැහැ මගේ අහිංසක අංජලීට කරදරයක් වෙනවා දකින්න... රිසාන් කියන්නේ  මට අයිති නැති මගේ කෙල්ලගේ හස්බන්ඩ් වෙන්න ඉන්න කෙනා, මම ගුටි කෑවේ මගෙත් කට හොඳ නැති නිසා, ආපහු ගෙදර ගිය මට මාස දෙක තුනක්ම ඇවිදින්න පුළුවන් උනේ අයියගේ හරි තාත්තාගේ හරි වාරුවෙන්... නොහිතපු විදියට මගේ ඉගෙනිම අතර මග වැටුනා.. තාත්තට ඔනි උනේ සනීප වුනු ගමන් ආපහු මාව ගමේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියට ඇතුලත්   කරන්න ..

ඒත් හැම දේම වෙනස් උනේ සෙනූ අක්කගේ කෝල් එකකින්... " මල්ලි රෝසියි එයාගේ යාළුවෙකුයි ඇවිත් ඉන්නවා එයා  ඔයා එක්ක ස්කූල් වෑන් එකේ ගියාලු... අංජලීගේ යාළුවෙක්ලු  එයා කියනවා අංජලීට ඔයාව සෙනසුරාදා හවස එදා වෙරළේ සෙල්ලම් කරපු තැනදි මුණ ගැහෙන්න ඔනි කියලා...."

සෙනූ අකිකා කියද්දි මට ඔනි උනේ පියාඹගෙන කොළඹට එන්න.. ඒත් සෙනසුරාදා ගමනට අම්මාගෙන්වත් තාත්තාගෙන් වත් මට අවසර නොලැබෙන බව මම හොඳටම දන්නවා.. ඒ අය තාමත් හොයන්නේ අර තරම් ද‍රුණු විදියට මට ගැහුවේ කවුද ඒ මොකටද කියන එක.. ඒක සිද්ද වුනේ ගෑණු ළමයෙක් නිසා කියලා දන්නවනම් ඒකත් මුස්ලිම් ගෑනු ළමයෙක් නිසා කියලා දන්නවනම් ඒ අයගෙන් මොන විදියේ ප්‍රති චාරයක් ලැබෙයිද කියන්න මම  දන්නේ නැහැ අනිත්මේ මම තීරණය කලා කාටත් නොකියා කොළඹ එන්න.. ඒ වෙද්දි මට පුදුරු විදියට ඇවිදන් යන්න ශක්තිය  තිබුනා.. මම ගෙදරින් එළියට බැස්සේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් පාඩම් කරන්න පොත් ටික ඉල්ලන් එනවා කියලා.. එහෙම කියපු මම ඉන්ටර්සිටියේ නැඟලා කොළඹ ආවා.. සුපුරුදු වෙරළ තීරයට වෙලා අංජු එනකල් මඟ බලා හිටියා... 

ලා රෝස පාට සල්වාර් ඇඳුමක් ඇඳගෙන මුහුණ පර්දාවෙන් කවර් කරගෙන ඈත වෙරලේ අංජු එන දිහා මම බලන් හිටියේ හිත පිරිලා ගිය ආදරේකින්

ආපු ගමන් මුකුත් නොකියාම මගේ පපුවට හේත්තු වෙලා අඬන්න ගත්ත කෙල්ල කැඩිච්ච සින්හලෙන් කීවේ.. රිසාන් කියන්නේ නමගිය මැරයෙක් බවත් රිසාන් සමඟ විවාහයෙන් පස්සේ දුක් විඳින්න බැරි බවත්  එයාව මට පුළුවන් දිහාකට අරන් යන්න පුළුවන්නම් මේ දැන්ම අරන් යන්න කියලත් විතරයි..

වචන වලින් අහස් මාලිගා හැදුවේ නැතත් අපි දෙන්නට ‍ දෙන්නා  එකිනෙකාට දක්වපු ආදරේ බැම්ම මේ වෙලාවේ හයියට දැනුනා..  මම අංජුව මගේ පපුවට තුරුලු කරන් කල්පනා කලේ කොහේ යන්නද මොනවා කරන්නද කියලා අවස්ථාවේ හැටියට අංජුව ආපහු ගෙදර යවලා මට සැනසිල්ලේ ඉන්න බැහැ වගේම මට එයාව අරන් යන්න තැනක් තිබුනෙත් නෑ.. 



"ඒයි... ෆාතිමා...." යටිගිරියෙන් ඇහුණු කට හඬට අංජු ගැස්සලා ඔළුව ඉස්සුවා අපි දෙන්නාම එකවර බැලුවේ කට සද්දේ ඇහුනු ඈත වෙරල දිහා... ඒ පැත්තෙන් අපි දිහාට දුවගෙන ආවේ රිසාන් සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්... වෙරලේ දුවගෙන ගිහින් අපි දෙන්නට ආරක්ෂා වෙන්න තැනක් නෑ.. සිද්ද වෙන එකම දේ තනි මට පහර දිලා අංජුව ඇදන් යන එක... අපි දෙන්නා අපි දෙන්නාගේ ඇස් දිහා බලන් මොහොතකට තීරණයක් ගත්තා අපි දෙන්නට දැනුනේ එකම දේ වෙන්න ඇති ... ඉමක් කොනක් හොයා ගන්න බැරි අගක් මුලක් නැති  ක්ෂිතිජය දිහා බලාගෙන අපි එක හුස්මට මුහුද දිහාට දුවගෙන ගියා.. රිසාන් හා ඔහුගේ මිතුරන් අපි එක්ක තිබුනු පරතරේ හැටියට කිසි කෙනෙක් අපි ලඟට ලන් වෙන්න හිතන්නත් කලින් අපි දෙන්නා  ගැඹුරු මුහුදේ අනත්තය දිහාට දිව්වා

Jul 24, 2011

වලාවෙන් වැසුනු සඳ හයවන කොටස

ඉක්මනින්ම ආපහු ආවේ පන්ති යන්න කියලා උනත් හැමදාම මට පන්ති තිබුනේ නැහැ... ගොඩක් වෙලාවට කලේ ගෙදරට වෙලා පොල් රුප්පාව දිහා බලන් කල්පනා කරපු එක මනස්ගාත කල්පනා කරන අතරේ හිත ඇදිලා ගියේ එකම දිහාවකට අංජලී.. කොතනින් පටන් ගත්තත් ඉවර වෙන්නේ අංජු ලඟින්.. 

සිතිවිලි තෝන්තු වුන එක හවස් යාමෙක අයියගේ බයිසිකලෙත් අරන් මම ගියා වෙරල පැත්තට.. අංජුගේ ගෙවල් පහු කරද්දි ඉබේටම වගේ ඇස් ගියේ උඩු මහලේ බැල්කනියට.. නැහැ කිසිම ඡායාවක් නැහැ.. ආපහු හැරිලා රවුමක් යන්න හිතුනත් හිත පාලනය කරගෙන වෙරල පැත්තට පැද්දා..
මගේ හිතේ හිනා මල් දසදහස් ගනනක් පුබුදු කරන් අංජුයි තව ගෑහැනු ළමයෙකුයි වෙරල අයිනේ පොල්  රුප්පාවේ බැඩ්මින්ටන් සෙල්ලම් කරමින් හිටියා.. වෙරල දිහාට නොයා එතන නතර වෙන්න කියලා හිත කීවත් කෙල්ලෝ දෙන්නා ඉස්සරහා නෝන්ඩි වෙන්න  බැරි කමක් හිතට දැනුන නිසා පොල් ගහක් පාමුල බයිසිකලේ නතර කරලා මම වෙරලේ සුදු වැලි මත්තේ ඇවිදන් ගියා...

ඒ උනත් හිත දුවන්නේම පොල්රුප්පාව පැත්තට අංජු මාව දැක්කේ නැති බව මට සියයට සියයක්ම විශ්වාසයි ඒ නිසා පොල් ගස් වලට මුවා වෙලා ඒ මුහුන රසවිඳින්න මට තහනමක් නැහැ.. නොදෑනිම  මගේ කකුල් ඇදිලා ගියේ පොල්රුප්පාව පැත්තට ... තරමක ඈතින් උනත් මට කෙල්ලෝ දෙන්නගේ සිනහව හොඳින්ම ඇහුනා එයාලා කතා කලේ ඉංග්‍රීසියෙන්. අංජුගේ කැඩ්ච්ච සිංහල උච්චාරණය මතක් වෙලා මට හිනි හිනාවක් නැගුනා..  පොල් කඳට පිට දීගෙන ඒ දිහා කොයි තරම් වෙලාවක් බලා හිටියද කියලා මට මතක නෑ  

"මොනවද බලන්නේ යාළුවා..."  

කවුදෝ ඇවිත් පිටට තට්ටුවක් දාද්දි මම උඩ විසි වෙලා පිටු පසට හැරුනා... තරමක උස මහත කොල්ලෙක් මට වඩා අවුරුදු හය හතක් වැඩි මහල් ඇති...  ඒ උනාට යකෝ මම බලන ඒවා මොනවද හොයන්න එයා කවුද? 

"මගේ ඇස් දෙකට පේන එව්වා ඇයි ප්‍රශ්ණයක්ද..."
මගේ හැකර කට මට ඉස්සර උනා...

"අඩෝව් ඇස් දෙක උඹේ උනාට බලන්නේ මගේ කෙල්ල දිහා.. අන්න ඒකයි ප්‍රශ්නේ..." 
කියාගෙන පොර මගේ කන පැලෙන්න පාරක් ගහපි..ඒ යකාගේ කඩ හඩේ සද්දෙට වටේ පිටේ දෙතුන්දෙනක් හිටි ගමන් මතු උනා.. මම කර කියා ගන්න දෙයක් නැතිව පොර දිගා තරහෙන් පුපුරන ඇස් වලින් බලා හිටියා.. මගේ කන් පෙත් රතු වෙන පාටක් දැනුනේ අංජුයි එයාගේ යාළුවයිත් ඒ සෙනඟ ගොඩේ ඉන්නවා දැකලා... 

ඉතින් කොහොමද මම ඉවසන්නේ මාත් ඇන්නා පොරගේ හොම්බට කෙල්ල ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි කමටම.. මට අනිත් පැත්ත හැරෙන්න ඉඩක් නැහැ වට කරගෙන නෙලන්න පටන් ගත්තේ නැද්ද කොල්ලෝ සෙට් එකක්ම...
"kaka Stop it... please....." 

හතර පස් දෙනෙක්ට යට වෙලා හිටිය මට ඒ හඩ ඇහුනේ හීනන් වගේ... ගිනි ගොඩක හිටිය මට ඒ හඬ තවත් කට හඬ කිපයක් එක්ක මං වෙනුවෙන් වාද කරනවා  අපහැදිලිවට ඇහුනා ඒත් ඒ කිසිවක් මතකයේ ඉතිරි උනේ නෑ...

Sorry.......!!! Sorry!!! I am So Sorry !!!!! 

මාව වට කරන් හිටිය කොල්ලෝ ටික අයින් වෙද්දි මගේ ලග දණ ඔබාගෙන අංජු රහසින් වගේ කියෙව්වා.. මගේ ඔළුවට වැදුනු පහරක් නිසා මම ඒ වෙලොවේ අංජුව පෙනුනේ දැල් බැඳුනු ඇස් පියන් අතරන්...

"කමක් නෑ.. ඔයා යන්න මෙතනින්..." ඇස් දෙක කඩා වැටෙද්දි මම යාන්තමට වචන ගලපා ගත්තා 

කොයි කතරම් වෙලා  ගත උනාද මට මතක නැහැ ආපහු ඇස් අරිද්දි මගේ වටේ ගමේ දෙතුන් දෙනෙක් වට වෙලා හිටියා ඒ අතරින් මතුවුනු මනූ අයියා දැක්කම මට  කර කියා ගන්න දෙයක් නැතිව ගියා...
"නැගිටපන් පොඩ්ඩෝ... මේක උන්ගේ ගම.. අපේ උනානම් දනියි කරනදේ..." මනූ අයියා කීවේ වෙව්වලක කටහඬකින්..

මනූ අයියට වත්තන් වෙලා ආපහු යන්න හැරෙද්දියි මම දැක්කේ මගේ අත්වල තුවාල වුනු තැත් අංජු ඇඳන් හිටිය ‍සල්වාර් ඇඳුමේ ෂෝල් එකෙන් වෙලලා තියෙනවා.. 

මට දැනුනේ දරා ගන්න බැරි තරමේ ලෙන්ගතූ හැඟිමක්.. කොල්ලෝ මට ගහනකොට ඒ මැද්දට පනලා කෑ ගහපු හැටි වගේම මට සිහිය නැති වුනු වෙලාවේ මගේ තුවාල වෙලපු හැටි මගේ හිතේ අංජු ගැන තිබුන ආදරේ දෙගුන තෙගුන කලා



Jul 23, 2011

අහා....!!!

ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....


එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න 




ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම ලොකුම ලොකු කේක් එකක් ගෙනාවා...


අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී.. ඔන්න හේනම් කේක් දුන්නා හොදද...




මගේ හැප් බර්ත් ඩේ එකට සුභ පතපු හැමෝටම බොහෝම ස්තුතියි ...!!!!






ඔන්න තෑග්ගකුත් හම්බ උනා... නැත්කෝ.. මධූ අයියේ... දීපිකා නංගී.....


Jul 19, 2011

වලාවෙන් වැසුණු සඳ පස්වන කොටස

වේගයෙන් ගෙවිලා යන කාලයත් එක්ක නොදෑනීම අගෝස්තු නිවාඩුවත් ආවා.. පසලේ නිවාඩු උනත් ටියූෂන් ක්ලාස් තියෙන නිසා මට ගෙදර ඉන්න පුළුවන් උනේ හරියටම දවස් දෙකයි.. ගිය පයින් ආපහු කෙළඹ එන්න මම තීරණය කලා. ගෙදර ගිය දවසේ ඉඳන් මගේ මුළු හිතම තෝන්තු වෙලා  ආපහු යන්න කියලමයි මගේ හිත මට කීවේ.. ඒත් ඒ මොන හේතුව නිසාද කියලනම් මම දන්නේ නැහැ.

වෙනදා වගේ පරණ යාළුවෝ එක්ක එකතු වෙලා පරේ ක්‍රිකට් සෙලල්ම් කරන්න යන්න මට හිත දුන්නේ නැහැ.. ඒ වෙනුවට හවස් වරුවේ මම පොතක් අරන් ගල් පඩිපෙල පල්ලෙහා තියෙන සමර් හට් එකට ගියා , එතන බංකුවක වාඩි වෙලා අනිත් බංකුව උඩ කකුල් දෙක තියාත්තු මම පොතේ පිටු එකින් එක පෙරලුවා... සංකීරන විශය කරුණු අතර අතරමන් වෙලා මම ගියේ සිතින් ගොඩාක් ඈතකට....

විඳින වින්දන නෙත් ඉමේ
රඟන රංගන පපුතුරේ
චන්චලයි විසිරෙනා සිතිවිලි
නුඹ මගේ පෙම් මන්සලේ

අංගනා නෙත් රංගනේ
නෙතුපියන් හැඩ බලමිනේ
දෙතොල් මදහස නඟන මියු රස
විඳිමි දෙතොලින් උනුසුමේ 

අසුණු මිහිරැති හද නදේ
සන්සලයි නෙතු කැන් ඔබේ
දෙනෙත් යායේ අතරමන් වෙමි
අසමි හද හඩනා ස්වරේ 
 කැරලි ගැහිච්ච තද කලු පාට කෙහෙරැලි අතර මගේ ඇඟිලි තුඩු දිව ගියේ හරි ආදරෙන් ...   ඒ නලල් තලයෙන් පටන් ගත් මගේ දෙතොල් අසිහියෙන්‍ වගේ ගේ සුදු ගෙල පිටුපස දක්වාද ඇදීගියා.. ඒ දිග හිනි අතැඟිලි මගේ කෙටි කෙස් අතරේ ඇදුනේ මගේ දෙතොල් ඒ දෙතොල්එක්ක ගැටෙන ලතාවටමයි


අසිහියෙන් උන්නු මම එකපාරට හෙලකින් වැටෙන්න යනවා වගේ දැනෙද්දි මම ඇස් ඇරලා බැලුවා.. වාඩි වෙලා හිටිය බංකුවෙන් වැටිලා තණ බිස්සේ  වැටුනු විදිය කවුරු හරි දකින්න කලින් මම ඉක්මනින් නැගිට්ටා..  දවල් හීන දක්න හිතට තද නින්දක් උවමනා වෙලා කියලා දැනුනු නිසා මම හෙමින් හෙමින් කාමරේට ගිහින් සැප නින්දකට සම වැදුනේ මගේ දවල් හීනේ ඉතිරි හරිය බලන ගමන්මයි..


හීනි මිදුමක් එක්ක පොද වැස්ස වැටෙද්දි මම ඇහැරුනේ හැන්දෑවේ හයට විතර.. කොයි තරම් නිදා ගත්තත් නව නවත් පොරෝනේ යටට ගුලි වෙන්නමයි හිත.. ඒ අතරේ අඩ නින්දේ දකින හීන නිසා මගේ හිත හිරි වැටිලා යනවා... අමාරුවෙන් නැගිටගෙන ඇඳ පැත්තකට කොට්ටේ හේත්තු කරන් වාඩි වෙලා කල්පනා කලේ හවස ඉඳන් දිගටම දැක්ක හීනේ ගැන.. ඔය කතාව අංජු දැන ගත්තනම් මට වස විලි ලැජ්ජාව.. 


ඉස්‍කෝලේ නිවාඩු  දෙන දවසේ අපේ අන්තිම දවසේ පාටිය මතක් වෙද්දි මට එක පාරටම හිනාවක් ගියා.. කෑම බාති බීම ජාති ටවුන් එකෙන් අරන් පාළු හැරියක තග් තලාවක් ිට්ටුව වැන් එක තනර කරලා දාන පාටිය හැම වාරෙකට අවසාන දවසේ සිරිතක් විදියට කරනවලු ඒ මගේ ප්‍රතම අත්දැකීම..  අන්තිමේ පාටිය ඉවරවෙන්නේ හැමෝම නිල් වතුර නාගෙන චාන්ස් වැදෙද්දි උඩ පැන පැන ගන්න නිසා මාත් පොර වගේ පුළුවන් තරම් අංජුව නිල් වලින් නෑව්වා.. අනිත්මේ එයාගේ ලා දුඹුරුපාට යුනිෆෝම් එක නිල් පාට උනා ඒ වෙලාවේ ඒ ඇස් වල තිබුන දෙවල් මතක් කර කර ඔනි තරම් දවසක් සැනසෙන්නන පුළුවන්


"අනේ අනේ හවස් වරුවම නිදා ගත්තා නේද.. හරිම ලස්සනයි ළමයා පාඩම් කරන හැටි ඇයි පොඩි පුතා තාත්තා කේන්ති ගස්සන වැඩම කරන්නේ තඅන් හතර පාරක් කාරේට ඇවිත් බලලා ගියේ.."




"අනේ අම්මා.. ගෙචර ඉන්න දවසටවත් ටිකක් නිදා ගන්න නැද්ද.. අනික මම රැට පාඩම් කරනවනේ.." අම්මගේ උකුලේ ඔළුව තියා ගන්න ගමන් මම බොරු හුරතලයක් මවා ගත්තා.

"තාමසත් පොඩි බබෙකේ වගේ අනේ අනේ කම්මැලි නෙවි වොෂ් එකක් දාගෙන  පාඩම් කරන්න තව අවුරුද්දයි මහනිස් වෙන්න තියෙන්නේ ඊට පස්සේ ඔයා නිදහස්" . 


"නිදහස්.. ඒ කියන්නේ.. මට පියාඹගෙන යන්න අවසර තියෙනවද...හහ් හහ් හ‍ා.... :" මම මහ හයියෙන් හිනා වේගෙන ඇඳෙන් බිමට පැන්නා.. පැනන්ට වඩා දොර ලග ඉන්න කෙනා දැත්තම ඇ‍ඳෙවන් වැටුනනම් හොඳයි කියලා හිතුනා...


"හරිම අපූරඅයි හැසිරිම.. එක පාරිනි දෙපාරින් පාඩමක් ඉගෙන ගන්න බැරිද උඹට.. මෙකක්ද මේ වලු බූත හැසැරිස මේක ගෙදරක් මිසක් සත්තුවත්තක් නෙවේ.. මී හරකෙක් වගේ බෙරිහන් දෙන්නේ"  තාත්තා ඝර්ජනා කරද්දි මම පූස් පැටියෙක් වගේ අහගෙන අන්නා.. ඔය වගේ තව තව මෝනවදෝ කියවලා තාත්තා ගියායින් පස්සේ ම ආයිත් හෙමින් අම්මා ලගට කිට්ටු උනා..


"අම්මේ......" ටික වෙලාවක් නිහඩව ඉඳලා මම කතා කලා...


"ම්ම්ම්ම්.." අම්මා උන්නේ වෙන කල්පනාවක..


"ඇයි තාත්තට බැරි හොඳ කුඹුරක් කරන්න.. හොඳ මී හරක් දෙන්නෙක් ඉන්නවා.. ඉඩමක් හොයන් කරන්න කියන්නකෝ..." මම මූන පුලුටු කරන් කියද්දි අම්මට හයියෙන් හිනා ගියා...

Jul 16, 2011

වලාවෙන් වැසුණු සඳ සිව්වන කොටස

හැන්දෑ වරුවේ  පොල් ගස්  අස්සෙන් හෙමින් හෙමින් ඉර බැහැගෙන යද්දි  බැල්කණියට ආවම වටේ පොල් වත්ත පුදුම තරම් ලස්සනට පෙනුනා.


හැන්දෑ වරුවේ ලස්සන විඳින්න මම ගියේ බැල්කනියේ පිටුපස්ස කොටසට.. පොල් ගස් යාය මැඳින් ඉර බරහරගෙන යද්දි පුදුම ලස්සනයි ඒ මිහිර විඳින්න වෙරළටම යන්න ඔනි.. අර කෙල්ලටනම් යන්න පුළුවන් ඇති මොකද උන්ගේ ගෙවල් තියෙන්නේ මුහුද කිටුටුවනේ.. ඒත් ඇයි මට මේ වෙලාවේ ඒ කෙල්ල මතක් උනේ.. එයා  ඉර බහිනවා බල්න්න යන එකට මට මොකෝ.. සමහර විට ගෙදරම පේනවා ඇති ඉර බහිනවා.. අනේ අනේ මටත් හිතෙන දේවල්.. අදම දැක්ක කෙල්ලක්ගේ විනෝදාංශ ගැන හීන මවන්නේ.. අනික ඉර බහින පායන එක මට විශේෂයක් උනාට එයාට විශේෂයක් නෙවෙයි වෙන්න ඇති.. මටත් පිස්සු හෑදිලද මන්දා එහෙම හිතාගෙන ආපහු කාමරේට යන්න හැරෙද්දි අක්කා පිටිපස්සේ..

පොල් වත්ත දිහා බලන් මොකද හප්පේ ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ.. ගමේ දාලා ආපු කෙල්ලක්වත් මතක් උනාද....?

මොන කෙල්ලොද හලෝ අපිට..... ඔකනේ කියන්නේ යන්නේම රොන්ග් සබ්ජෙක්ට් එකට... චික්.. අයි හේට් ලව් ස්ටෝරීස්........ බලලා තියෙනවා නේද ඒ ෆිල්ම් එක..  මම දැක්කා ඔයාගේ කලෙක්ෂන් එකේ තියෙනවා.. ඔයත් අන්න ඒ කෙල්ල වගේ... ඒ නැතත් ඔයා නම් ජීවත් වෙන්නේ හිනිදි සිනමාව කියන්නේ ඇත්තක් කියලා හිතන් ඒ ලෝකේ... මම සෙනූ අක්කට සරදම් කලා
ආ... ෆිල්ම් වල වෙන හැම දේම ඇත්ත නෙවෙයි.. හැබැයි ඒ හා සමාන දේවල් ඇත්ත ලෝකේ වෙනවා.. ඔයා ඇයි ඒක අමතක කරන්නේ.. හරි වෙන්නේම නෑ කියමු ඒත් ඒ ෆිල්ම් එකේ කොල්ලා අනිතිමේ දි ආදරේ කියන්නේ ඇත්තක් කියලා පිලිගත්තා නේද අන්න ඒ වගේ.. ඔයත් කවදා හරි දවසක කෙනෙක්ට පන වගේ ආදරේ කරන්න පටන් ගත්තහම දද අද මේ වෙලාවේ කීවා කියලා මතක් කර ගන්නකෝ.... සෙනූ අක්කා කියද්දි මම හිනා උනා.. 
ආදරේ කියන්නෙ මොන වගේ හැඟීමක්ද.. අම්මා අප්පච්චි ගැන දැනෙනවා වගේ.. නැත්නම් අයියා අක්කා ගැන දැනෙනවා වගේ.. එහෙමත් නැත්නම් කොල්ලෝ සෙට් එකේ එවුන් ගැන දැනෙනවා වගේ.. අනේ මන්දා.. ඔක කවදා හරි දැනෙයිනේ.. දැනට ඔවා ගන කල්පනා කරලා මොලේ මහන්සි කරන්න බෑනේ.. අහා.. මොලේ ගැන කියද්දි  මතක් උනේ ටර්ම් ටෙස්ට් ලඟයිනේ.. පහු ගිය ටිකේ පාඩම් අතපහු උනා.. පාඩම් කරන්න ඔනිනේ මම යනවා අක්කී.. 

මම ගියේ සෙනූ අක්කිගේ කොන්ඩෙන් අඳින ගමන් මම කියවපු දෙවල් කල්පනා කරන නිසාද කොහේදෝ එයාට ඒ ගැන වැඩිය ගානක් නෑ වෙන වෙලාවකනම් එයා මා එක්ක අනිවාර්යයෙන් රන්ඩු වෙනවා...


*************************
දවස් ගෙවෙන්නේ මහ පුදුමාකාර විදියට පාසෑල් වෑන් එකේ ගමන මුලින් වදයක් වගේ දැනුනට ඒකත් විනොද ජනක එකක් කියලා ටිකක් දවස් යද්දි මටම තේරුනා... පහුවදාත් අංජලීගේ බෑග් එක අරන් යන්න පොරොන්දු උනාට මොකද මට දොර ලඟ සීට් එකේ වාඩි වෙන්න වාන්ස් එකක් ලෑබුනේ නැහැ මල්ලිලා සෙට් එක මාව මහ ඉහලින් පිළි අරන් පිටිපස්සේ සීට් එකට ගත්තා..ටික දවසක් යද්දි මමයි වෑන් එකේ වීරයා.. මට ඔනි විදයටයි හෑම දේම උනේ.. ඩැයිවර් අයියත් තරුණ කෙනෙක් නිසා වෑන් ගමන ගොඩක් සුන්දර එකක් උනා.. සෙල්ලම් නොකරන දවසට හවස් වරුවෙත් මම වෑන් එකේ එන්න පුරුදු උනා.. ඇත්තමට හවස වෑන් ගමන ගොඩක් සුන්දරයි මඟ නතර කරලා  කඩචෝරු කන්න...  බර්ත් ඩේ පාටි දාන්න. වතුර ගහගන්න වගේ විකාර වැඩ ටිකක් හැමෝම වගේ අපේ වෑන් සෙට් එකත් පුරුදු වෙලා හිටියා..

මම හිටියේ පිටි පස්සේ සීට් එකේ මැද හරියේ මට කෙලින්ම ඉස්සරහින් අංජලී.. එයා එක්ක වෑන් එකට එන මෘදු සඳුන්  සුවඳ පාන්දර සීතල එක්ක නැහැ පුඩු වලට දැනුන පළවෙනි දවසේ ඉඳන් මගේ හිත හිරි වැටෙනවා වගේ දැනුනා.. උදේට වෑන් එකට ගොඩ වෙද්දි මුහුන වහන් කරන් එන පර්දා සාලුව ටික වෙලාවකින් ගලවදා බෑග් එකට ඔබා ගනිද්දි ලස්සනට දිලිහෙන ඒ කෙහෙරැලි දිහා බලන්න මම ආස වුනා.. අංජලීට තිබුනේ මේ ලෝකේ ලස්සනම කොන්ඩේ වෙන්න ඔනි.. එයා ගියේ ජාත්‍යන්තර පාසැලකට නිසා දිග කොන්ඩේ බැන්දේ තනි මිටකට... තද කළුපාට ඒ දඟර ගැහුණු කෙස් මිටිය මගේ එක අතකින් අල්ලන්න අමාරුයි.. ඒක හරියටම දැන ගත්තේ දවසක් අපි එකතු වෙලා අංජලීගේ කොන්ඩේ පේපර් රිබන් ගැට ගහලා නෝන්ඩියක් දුන්නු වෙලාවේ..

වෑන් එකේ වාඩි උනාට පස්සේ අංජුට සිහියක් නෑ.. ලඟ ඉන්න සිතුමි එක්ක වල් පල් කියවන එකයි වැඩේ.. තාරක මල්ලිගේ උපන් දිනේ දවසේ සරසන්න ගෙනාපු පේපර් රිබන් ටික පාට පාටින් එකතු කරලා අපි අංජලීගේ කොන්ඩේ සැරසුවා.. පොතක් ගන්න ඔනි කියලා ටවුන් එක මැද වෑන් එක නතර තර ගත්තු කෙල්ලෝ සෙට් එක බුක් ෂොප් එකට ගියේ සිහියක් නැතිව ඉඳලා කොන්ඩේ රිබන් වලින් සරසගත්ත අංජුත් එක්කරගෙන.. ආපහු එද්දි ජම්බු ගෙඩිය වගේ රතු වෙලා උන්නු අංජූ කලේ ආපහු පර්දා සාලුව ඔළුවට දාගෙන බෑග් එක අස්සේ ඹුණ හංගන් ගෙදර ලඟට යනකල් ගිය එක... සිතුමියි අප්සරයි කීවේ බුක් ෂොප් එකේ වැඩ කරන කෙනෙක් කියනකල් තුන් දෙනාම අංජුගේ කොන්ඩ සැරසිල්ල දැක්කේ නැහැ කියලා..ඊට  පස්සේ දවස් ගානක් යනකල් අංජු නෙව් පර්දා සාලුව අයින් කලේ.. ඒත් ඉතින් දවසක් දෙකක් යද්දි එයාටම අමතක උනා.. ඒත් එදායින් පස්සෙ මම අංජුට විහිලු කරන්න නොගියේ එදා බුක් ෂොප් සිද්දියෙන් පස්සේ ඒ මුණ මැලවිලා තිබුනා වගේ ආයේ දකින් මගේ යටි හිත අකමැති වුන නිසා වෙන්න ඇති

සිතුමි.. අප්සරා දෙන්නා අපි එක්ක කච කචේ දාගෙන ගියත් අංජු කවදාවත් අපි  එක්ක කතා කලේ නෑ ඒකටත් එක්ක කෙල්ලෝ එක්ක කියව එකමයි වැඩේ....ඔළුව වන වන ඇස් කරකව කරකව කියවද්දි මම එයාගේ සීට් එකට බර වෙලා හොරෙන් අහන් ඉන්නවා... ඔප එහන්න ඔනිවට මම හැදදාම බොරු ඔළුවේ කැක්කුමක් දාලා ඉස්සරහා සීට් එකේ පිටුපස ඇන්දට ඔළුව තියා ගන්නවා.. ඒ වෙලාවට දඟල දඟල කියවන අංජුගේ කොන්ඩේ මගේ නළලේ ලාවට ගෑවෙනවා.. මම හෙමින් මූණ උස්සලා ඒ කෙස් රැලි වලින් එන මුදු සුවඳ විඳ ගන්නේ හදවතින්මයි...

Jul 10, 2011

මම මොනාද කියන්න ඔනි

සුදු හංසිට මේ දවස් වල තවලම පැත්තේ එන්නම බැරි උනානේ හේතුව අධික කාර්‍යබහුලත්වය. ලොකු අයියා නම් හැම වෙලාවේම බැන්නා යන්න තවලමට ගිහින් කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න අලුතින් ගැලක් ලියන්න කියලා ඒත් හංසිට දැන් තමයි වෙලාවක් ලැබුනේ තවලම පැත්තේ එන්න
 ඒ ආවෙත් කෙනෙක්ගේ කදුලක් හැමෝම එක්ක බොදා ගන්න 

අද හංසි කියන්න යන්නේ එයාගේ වයසේම එයාට ගොඩක්  ලග කෙනෙක් ගැන හංසි පුංචි කාලේ ඉඳන්ම දන්න හංසිගේ ලඟම යාළුවෙක් හංසිට හැම වෙලාවෙම අමතක වෙනවා එයා කියන යාළුවා හංසි එක්ක ඉන්න බව ඒ ඇයි දන්වද ඒ කෙනයි හංසියි කියන්නේ දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් වගේ.. ඉතින් මේ කියන යාළුවාගේ නම නෙතූ.. නෙතු ඉන්නේ ගෙරින් ඈත රැකියාවක් කරන්න ගිහින් නෙතූ කියන්නේ ගෙදරට ලොඩක් ලැදි කෙනෙක් නෙතූගේ අම්මා රැකියාවක් කරන්නේ නෑ අප්පච්චි රජයට අනුබද්ද සමාගමක රැකියාව කරනවා නෙතු සහොදරයෙක් ඉන්නවා  එයා තවම ඉගෙන ගන්නවා අම්මා අප්පචිචි මල්ලි තමා නෙතුගේ ජිවිතේ 
ඒ අය ඇරෙන්න තමන්ගේ කියන්න ඉනනේ හොඳම යාළුවෝ කිහිප දෙනෙක තමයි 

නෙතු හංසිත් එක්ක කියපු කතාව ඔයාලා එකක බෙදාගන්න හිතුවා ඒ නෙතූ මගෙන් අහපු එක ප්රශ්ණයක් නිසා.. ඒ මොකක්ද දන්නවද මම ජිවිතේ බින්දුවට වැටුනෙත් ඔයා මා එක්ක ඉන්නවද කියලා..

 ඒත් ඇයි නෙතු ඒ වගේ වෙන්නේ ඒයා හොඳ රැකියාවක් කරනවා එයාගේ දෙමව්පියෝ එයා නිසා සතුටු වෙනවා එයා ගෙදර වියදම් පවා බලනවා මල්ලිගේ ඉගෙනිමට උදව් කරනවා එයත් පුළුපුළුවන් විදියට ඉගෙන ගන්නවා.. ඒ රැකියාව නෙතුට ආභරණයක් කියලයි හැමෝම කියන්නේ අවුරුදු පහක් නෙතු මේ අංශයේ වැඩ කරනවා එන ආයතනයක අවුරුදු හතරකුත් තවත් ආයතනයක අවුරුද්දකුත් ඒත් නෙතූ කියන්නේ එයාට තව දුරටක් රැකියාව කරන්න බැහැ කියලා හේතුව එයාගේ කාර්‍යය මණඩලයේ ඉන්න කලමනාකාර වරියගේ සහ ඝණකාදිකාරිවරයාගේ ඇනුම් බැනුම්..

 මම හොඳින් දන්වා නෙතු කියන්නේ ගොඩක් දක්ෂ කෙකෙන් ඔනිම බොස් කෙනෙක් කැමති වෙන විදියේ චරිතයක්... නිහතමානි, අවංක, කරුණාවන්ත කෙනෙක් තමන්ට පවරන වැඩ නොපිරිහෙලා වඩාත් හොඳට කරන කෙනක්.. ඒත් නෙතූ කියන විදියට එයාගේ මැනේජර් වරිය එයාට සලකන්නේ හරිම පහත් විදියට නෙතුගේ නිහතමානිත්වය ප්රයෝජනයට අරන් එයා නෙතුගෙන් එයාගේ පෞද්ගලික වැඩ පවා කර ගන්නවලු.. ඒත් නෙතූ කියන්නේ එයා ඒවා කරන්නේ හරිම සතුටින් කියලා ඒ ගැන අහිතක් නෙතූගේ තුන් හිතකවත් නෑ ඒත් පොඩ්ඩ වැරදුනු ගමන් නෙතූට මේ කියන මැනේජර් වරිය ආයතනයේ එකවුන්ටන් වරයත් එක්ක එකතු වෙලා අමාණුශි ලෙස බනිනවලු කාත් කවුරුත් නැතිව තනියම බෝඩිම් කාමරේක ඉන්න ගමන් ජීවිතේ ජය ගන්න උත්සහ කරන අසරණ කෙල්ලට මේවා දරාගන්න අමාරුයි, ඇත්ත ඒක මට දැනෙනවා තදින්ම මොකද මමත් ගෙවන්නේ ඒහා සමාන ජීවිතයක් නිසා.

ඉතින් නෙතූ මගෙන් අහන ප්රශ්ණය මම මේ රැකියාවෙන් අයින් වෙන්නද නැත්නම් ඉන්නද කියන එක, එයා කියන විදියට මේ සති දෙකම එක දිගට නිකරුනේ එයා බැනුම් ඇහුවා කියලා ඒ එක්කම එයාට කොහොමටවත් කවර් කරන්න බැරි ටාර්ගට් එකක් දුන්නා කියලා..... නෙතුගේ රැකියාවේ ස්වභාවය දන්න මම දන්නවා ඒක මොන විදියකින්වත් කරන්න අමාරු දෙයක් කියලා ඒත් මම නෙතූගේ ගෙදර තත්වය දන්න නිසා එක පාරට මට කියන්න බැහැ  දමලා ගහලා යන්න කියලා නෙතූ ලබා ගන්න චේතනය තමයි මේ දවස් වල ගෙදර එකම ආදායම නෙතූගේ අප්පචිචිට හරියාකාරව වැටුප් ගෙවන්නේ නැහැ ඒ වගේම නෙතු මේ රැකියාවෙන් අයින් වුනු විගස එයාට වෙන තැනක් හොයා ගන්න එකත් පහසු දෙයක් නෙවෙයි 

නෙතූ ඉන්නේ ප්ර්ශ්න ගොඩක් මැද ඒ මොනවා උනත් රැකියාවෙන් අයින් වෙලා ගෙදර ගියොත් අම්මා අප්පචිචි නෙතූගේ හිත රිදවන එකක් නෑ.. ඒත් නෙතූ ජීවිතේ බින්දුවටම වැටෙනවා ආයි හැම දේම බින්දුවේ ඉඳන් පටන් ගන්න වෙනවා ඒකට කොයි තරම් කාලයක් යයිද දන්නේ නැහැ.. ගෙඩක්ම දුක නෙතූ හිතන්නේ මේ රැකියාව නැත්නම් එයා සත පහකට වැඩක් නැති කෙනෙක් වෙනවා කියලා... නෙතූට ලොකු හීනයක් තියෙනවා එයා දවසක එයාගේ හීන කුමාරයා හොයාගෙන ලස්සන ජීවිතයක් පටන් ගන්නවා කියලා ඒත් ජීවිතේ ලොකුම ලොකු කඩඉමක් ලඟ ඉඳන් බින්දුවට වැටෙන්න එයාට බයයිලු..

මම මොනාද නෙතූට කියන්න ඔනි.. ඉන්න කියන්නද යන්න කියන්නද.........  

Jul 2, 2011

සෙනෙහස


නිල් මිණී  දෙනෙතට එබීගෙන
මොළ කැටි අතැගිලි අල්වාගෙන
සිඟිති හසරැල‍් පොදක වෙලීගෙන
ගියා මම බොහෝදුර
දරාගන්නට බැරි සෙනෙහසින්
මගේ පුතේ ඔබ එක්ක.
නුඹත් අප අතරට එන බැව්
දැනුනු දා පටන් , බලාගෙනම උන්නා මම
කියා ගන්නට  නොතේරෙන නොඉවසිල්ලකින්
මගේ පැහැයම  මගේ දෙනෙතම
අරන් නුඹ එනතුරාවට අම්මාගේ උකුල් තලයට
වෙලා මගේ මුළු ලෝකයම.
ඇත්තමයි නුඹ නිසා මමත් දැන් අප්පච්චි කෙනෙක්
දැනෙන්නේ නැ මොළකැටි නුඹට
මගේ සෙනෙහසේ තරම
කිසිදාක කියාගත්ත බැරිවන මගේ පිය සෙනෙහස
නොලියනු ඇත කවි ගී නුඹ
පිය සෙහෙට හෙට දින
බලා ඉඳින්නම් එහෙත් සුරතල් වනු බලා ඔබ
මගේ මැණිකගේ උකුල් තලය මත

පසුවදන************

සිහින තවලමේ සිය වැනි ගැල අද තවලමට එක්කල වගයි.. මෙතෙක් ආ ගමනේ ගැල් හැ බැඳුනු ඔබ සැමට තුති පුදමි.. ඉතින් අපි යමු ශතකය පසු කර....