Dec 14, 2011

ගඟ ගැඹුරුයි පරෙස්සමින්!!

පහුගිය දවසක මම ගොසිප් අඩවියේ සැරි සරනකොට  වෙනස් ආකාරයේ ලිපියක් හම්බ උනා.. ෆේස්බුක් තුලින් ඇතිවූ පෙමනිසා ගුරුවරිය අමාරුවේ  කියලා ටික කාලෙක ඉඳන් පේස් බුක් ආදර කතා ගැන ලිපියක් ලියන්න කරුණු හොය හොය හිටි මට ඒක හරි අපුරු ප්‍රවෘත්තියක් උනා.. මොකද මම කතා කරන්න ගිය මතෘකාවට හොඳින්ම ගැලපෙන උදාහරණය මේක වීම.
හැබැයි ඉතින් කමෙන්ට් ටික කියවගෙන ගියාම නම් ඇත්තටම මට හිතුනා අර ගුරුවරිය  තමන්ටම ලොකු හානියක් කර ගත්තා කියලා.
අර කියන්නා වගේ එක කමෙන්ටුවක තිබුනා එයා කරපු ලොකුම වරද සල්ලි දීලා පොලිසි ගිය එක කියලා..
එයා පොලිසි ගියාගෙන් එයා ගැන ලිපියක් ගොසිප් සයිට් එකේ පල වුනා  අපේ හැමෝම එයාට කියන්න පුළුවන් නරකම දේවල් කියලා බැන්නා දොස් කිව්වා පරිභව කලා.. ඒත් කිසිම කෙනෙක් එයාගේ පැත්තෙන් හිතුවේ නැහැ නේද?


ඇත්ත... කතාව සහතික ඇත්ත. එයා ඒ  කරපු දේ වැරදියි. ගුරුවරියක් විදියට විවාහයට කලින් පෙම්වතාත් එක්ක උනත් හොටලේකට ගිහින් ඒ වගේ හැසිරුණාම ඒක සමාජයට නරක ආදර්ශයක්.
ඒ විතරක් නෙවෙයි මගේ මතයට අනූවනම් කිසිම කෙල්ලෙක් කිසි සේත්ම කරන්න හොද නැති දෙයක් මේක.. තමන්ගේ පෙම්වතා උනත් තමන් එක්ක යන්නේ හැඟිම් ඇවිස්සුණු පිරිමියෙක් කියන දේ අමතක කරලා ගිහින් ජීවිතේට කැලැල් ඇති කරගෙන පස්සේ කාලෙක විඳවනවට වඩා ඒවැනි අවස්ථා ආදරෙන්ම චාටු බහක් කියලා මඟහරින්න තරම් ගෑණු නුවනක් නැත්නම් ඒ වගේ කෙල්ලක්ට කියන්න පුළුවන්  ගොන් ගහක් කියලා..
අනිත් කතාව තමයි.. මම ඔය කලින් කතා කරපු දේ අනිත් පැත්ත සිද්වෙන අවස්ථාත් එමට ඇති.  මොකද  දැන්  අපේ රටේ සමාජය විශමයි ගොඩක් බටහිර පැත්තට නැඹුරු වෙලා.. සමහර සහෝදරියෝ පුල පුලා බලාගෙන ඉන්නේ තමන්ගේ පෙම්වතා අර වගේ යෝජනාවක් කරන්නේ කොයි වෙලාවේද කියලා උඩ පැනගෙන යන්න ..

ගැහැණු කමට නින්දා කරන ඒ වගේ අය එක්ක ඉස්සරහට යන මේ සමාජේ හොඳ චරිතවත් කෙනක්ටවත් හොඳ ජීවිතයක් ගතකරන්න අමාරු තත්වයක් ඇති වෙලා තියෙන්නේ..
ගැහැණියක් සතුව තිබිය යුතු හැඩම ආභරණය වෙන්න ඔනි අහිංසක කම ඒක ලැජ්ජාව බය කියන දේත් එක්ක ඔප නැංවිලා තියෙන්නත් ඔනි.. එත් කියන්නත් කණගාටුයි සමහර සහෝදරියන් ලඟ මේ කියන කිසි දෙයක් නෑ..

ඇත්ත සාමාන්‍යය මානුශිය ගැඟිම් කියන දේවල් තියෙන්න ඔනි.. ආදරය.,රාගය , සතුට කේන්තිය වගේ දේවල්.. ඒත් ඒ දේවල් අවශ්‍යය වෙලාවට ප්‍රෙයෝජනයට අරන් අනවශ්‍යය වෙලාවට අහක දාන්න පුළුවන්ම් ඒත තමයි නියම ගැහැණු කම..

මම කියන කතාවේම තවත් පැත්තක් තියෙනවා.. ගැහැණියක් අහිංසක වෙන්න ඔනි කියලා මම කිව්වනේ  ඉතින් ඒ අහිංසක කමම සමහර වෙලවට පිරිමි ප්‍රෙයෝජනයට ගන්න පුළුළුන්.. ඉතින් වැදගත්ම දේ අහිංසක කම ලඟ පුංචි නපුරු කමක් තියා ගන්න.. ඒ කියන්නේ කෙලින්ම යමක් ප්‍රතික්ෂේප කිරිමේ හැකියාව වගේම..  අසාධාරණයේදි කතා කිරිමේ හැකියාව වගේම අනවශ්‍යය තර්ජනයකදි නොබියව මුහුණ දිමේ හැකියාව..

දැන් ඉහත සදහන් කතාවේ කතා නායිකාව දිහාට යමු... හැමෝම කිව්වේ ඒ ගුරුවරිය හොඳ චරිතයක් නැති කෙනක් කියලා.. පිරිමියෙක් ඉස්සෙල්ලාම මුණ ගැහුනා කියලා සමහරු කිව්වා..

 මම මෙහෙම කිව්වොත්.. එයා බොළඳයි මෝඩයි ඔනිවට වඩා අහිංසකයි..
කෙනෙක පේස් බුක් එකේ හමු වෙනවා.. ගොඩක් චැට් කරනවා විශ්වාසයක් ගොඩ නගා ගන්නවා ඊට පස්සේ ආදරේ ප්‍රකාශ කරනවා.. අර කතා කරපු දේවල් එක්ක එයා විශ්වාස කරනවා මේ කෙනා ඇත්තටම මට ආදරෙයි කියලා.. ඉතින් අළුත් පෙම්වතුන් හමුවෙන්න දිනයක් දා ගන්නවා.. එයාලා හමු වෙනවා.. කොහෙට හරි ගිහින් නිදහසේ කතා කරමු කියනවා.. ගුරුවරියට ප්‍රශ්ණයක්.. ප්‍රසිද්ද තැන් වල ගැවසෙන්න ආමරුයි සිසු දරුවනගේ ඇස් ගැටෙන්න පුළුවන්.. ඉතින් මෙයාලා ලොජ් එකකට යනවා.. ඒ අවස්ථාවෙන් අර නරුම මනුස්සයා ප්‍රෙයෝජන ගන්නවා.. ගුරුවරියට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ.. මොකද එයා ආදරෙන් අන්ධ වෙලා..  අන්තිමට ඒ මනුස්සයා විශ්වාස කරනවා.. ඓහමත් නැතනම්.. එයා අසරණයි හැඩි දැඩිපිරිමියෙක් එක්ක පොර බදන්න එයා දුර්වල වැඩියි. සමහර විට එයාට දරුණු විදියට තර්ජනය කරන්නත් ඇති මරණයව වගේ දේවල් කියලා.

ඊට පස්සේ එයාගේ අකමැත්නෙත් නමුත් කවදා හරි කසාද බඳින පොරොන්දුව පිට පොටෝ ගන්න ඇති..
මම මේ උපකල්පන ඉදිරිපත් කලේ මම අහලා දැකලා තියෙන සත්‍යය සිදුවීම් වලින් . මගේ තවලමේ යාළුවන්ට මතක ඇති මුල් කාලේ මගේ පේස් බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක් ආවා.. අන්තිමේ මම කොහොම හරි ඒක රිකවර් කර ගත්තා නමුත් හැක් කරපු මිනිස්සු පස්සේ  රහස් පොලිසියෙන් වගේ පන්නලා මම ගොඩක් විස්තර හොයා ගත්තා..

මේ කියන සිද්දිය වගේම සිද්දි තුනක් මට හමු වුනා.. ඒ අයගෙ ඇත්ත නම් සහ අනන්‍ය තාවයක් හෙලි නොකර මම ඒ කතා තුන කියන්නම්..

මේ සිද්දි තුනටම සම්බන්ධ පුද්ගලයා එක්කෙනක්.  ඒ අමනුස්සයාත් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යය ආයතනයක වැඩ කරන එකෙක් හැබැයි වැඩ කරනවා කිව්වට මම හොයලා බලද්දි ඒ ආයතනයේ එහෙම එකෙක් නෑ.. ඉඳලා තියෙනවා දැන් නැහැ.
මට මුලින්ම හමුවුනු කෙනා වෛද්‍ය සිසුවියක්.. එයාව මුණු පොත හරහා සම්බන්ධ කර ගන්න මටගොඩක් මහන්සි වෙනන්න සිද්ද වුනා අන්තිමේ මම  අමාරුවෙන් එයාගේ දුරකතන අංකය ඉල්ලගෙන කතා කලා විස්තරේ සේරම එයා අඬ අඬා මා එක්ක කිව්වා

එයාට සිද්ද වෙලා තියෙන්නේ මේ ගුරුවරියට සිද්ද වුනු දේමයි..  මුණු පොත හරහා මුණ ගැසීම. ඉක්මනින් පෙම්වතුන් වීම වගේම එයාට ලැගුම් හලට එක්කරන් ගිහින් තියෙන්නේ ආවේ නැත්නම් ඇසිඩ් ගහනවා කියලා  බය කරලා. ඊට පස්සේ හැම විදියකින්ම ඡායාරූප ගැනීම.. ඒ ඡායා රූප පේස් බුක් වෙන එක් කරන බවට තර්ජනය කිරීම.  ඒ වැනි තර්ජන කරමින් තමන්ට ඔනි ඔනි වෙලාවට ලැගුම් හල් වලට අරන් යෑම. හැකි පමණ මුදල් ගැනීම.
මුදල් නොදුන් වෙලාවට අර ඡායා රූප විශ්ව විද්‍යාලය පුරා පතුරණ බවට තර්ජනය කිරීම.
ඔය වගේ දේවල් ගොඩක් කිය කිය එයා පැය ගානක් ඇඬුවා.. නීතිය ඉස්සරහට යන්න එයා බය වුනා.. ඒ එයාගේ ගෛෟරවය රැක ගන්න දෙමාපියන්ගෙ ගෛෟරවය රකින්න
දෙවැන්නා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගුරුවරියක්.  විවාහ ගිවිස ගෙන සිටි කෙනක්. පදිංචිය කුරුණැගල ප්‍රෙද්ශයේ. ඉතාම අඩු වයසක කෙනෙක්.  ඇය සමඟ මම මුණු පොත හරහා චැට් කලා..
මම : එයාව මුණ ගැහුනේ කොහොමද? FB ?
ඇය: FB
මම: චැට් කරපු පළවෙනි දවසේම ආදරේ කිව්වද? ඔයා මෝඩයා වගේ නම්බර් එක දුන්නද? දිගටම කෝල් කරලා මැසේජ් කරලා දෙන්නා ගොඩක් තං වුනා නේද?
ඇය:  ඔව් දෙයියනේ ඔව්
මම: මට ඔයාව ඔනි බබා කියලා ඇඬවද?
ඇය: hmmm
මම: ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මම මැරෙනවා කිව්වද? 
එයාගේ ජීවිතේට මොනවා හරි කර ගන්නවා කිව්වා නේද?
ඇය: මේවට උත්තර දෙන්න මම දන්නේ නෑ ඔයා මට කෝල් කරොත් මම ඒ හැම දේම කියන්නම්.. ඉස්සෙල්ලා කියන්න කවුද ඔයා.. මේවා කොහොමද දන්නේ? මට දැන් කාවවත් ෂුවර් නැහැ.
මම: ඔයා දන්නේනෑ..
ඇය: මට හරිම බයයි.. ඔයා එක්ක කතා කරා කියලා දැන ගත්තොත් මාව මරයි
මම: ඔයා ඇයි ඔය තරම් එයාට බය වෙන්නේ
ඇය: එයා ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා එයාට පුළුවන් ඔනිම වෙලාවක ඒවා එලියට දාන්න.
මම: ඒ කියන්නේ ඔයා එයාව මීට් වෙලා තියෙනවා
ඇය: හපෝ... කීපාරක්ද.. සීයක් විතර තියෙනවා..අපි මීට් වෙන හැම දාම එයා පොටෝ ගහනවා
මම: ඇයි එහෙනම් ඔයා වෙන කෙනක්ව මැරී කරනන  යන්නේ?
ඇය:
?
එයාට හම්බ වෙනකොට මම මැරී කරලා හිටියේ
මම: ඇයි ඔයා ඔය තරම් මෝඩ?
ඇය: මේ මාස දෙකට කොයිතරම් ප්‍රශ්ණ වලට මුහුණ දුන්න දන්නේ මම විතරයි.  මම හරිම මෝඩයෙක්..
මම: මැරී කරලා ඉදැද්දි ඇයි ඔයා එයා එක්ක යාළු උනේ ඔයා ඔයගේ හස්බන්ඩ්ට කරලා තියෙන්නේ ලොකු වංචාවක්
ඇය:  මම දන්නවා  මම නොවැන්ද ටික විතරයි එයා එක්ක යාළු වෙන්න බෑ කියලා
මම: එහෙනම් ඇයි නංගි තවත් ඒක පස්සේ යන්නේ එයා දන්නවානේ ඔයා මැරීඩ් කියලා..

ඇය: මට දැන් ගැලවීමක් නෑ අක්කේ..
මම: මේක කියන්න
ඇය : මොනවද?
මම: ඔයා එයා එක්ක කොහේම හරි ගිහින් වැරදි දෙයක් කරලා තියෙනවද?
ඇය: mat ekata uttara denna be
behe
මම : මම කාටවත් කියන්නේ නැහැ.
ඇය: e ey
මම: කියන්න නංගී
ඇය: මම ඔයාට කෝල් කරන්නම්...

ඇය මාත් එක්ක දුරකතනෙන් කතා කලා.. ඇයගේ වචන මෙහෙමයි..
දවසක් මම උදේ වැඩට යන්න ලෑස්ති වෙලා ටවුන් එකට ආවා.. එයා ලඟට ඇවිත් කතා කරනකල් මම දන්නේ නෑ අක්කේ.. කලින් කිය කිය හිටියේ එනවා  කියලා.. ඒත් මම විශ්වාස කලේ නැහැ ඔය තරම් දුර ඉඳලා ඔය වෙලාවට එයි කියලා.. එයා එක්ක මීගමු යමුම කියලා කිව්වා. මම බෑ කියද්දි කිව්වා යාළුවෝ එක්ක ඇවිත් ඇසිඩ් ගහලා මගේ මුණ කැත කරනවා කියලා.. අපේ ගෙදර නම්බර් එක නංගිගේ නම්බර් එක පවා එයාට මම දීලා තිබුනා.. එයා ඒ නම්බර් ඩයල් කර කර එතන විකාරයක් කලා.. අන්තිමේ බයටම මම ගියා.  අපි ගියේ මීගමුවේ ලොජ් එකකට එතන එයාට ගොඩක් පුරුදු තැනක් වගේ .. බස් එකෙන් බහිද්දිම ත්‍රිව්ල් එකක් ඇවිත් ලඟ නතර කලා..
එදා  මම නොවැන්ද ටික විතරයි ඒත් එයා ආසාවනගෙන් විනාස වුනු මිනිහෙක්.. සේරම දේවල් උනාට පස්සේ පැය දෙකක් විතර හොඳට නිදා ගත්තා.  ඒ මුළු කාලේම මම එයාගේ මුණ දිහා බලාගෙන හිටියේ ඒ මුණ .. එයා කරන ඒවට එයාට හොඳට නින්දවත් යන්නේ නැහැ විඳවනවා.ඒක මම ඒ මුනෙන් දැක්කා..



ඇය තවත් බොහෝ දේවල් කීවා.. ඇය දුන්නු මුදල් ප්‍රමාණ ඒවා දෙන්න ඇය ඇයගේ රන් ආභරණ උකස් කල බව හැම දේම..

අවසානේ ඇය ඒ නරුම මනුස්සයාගෙන් බේරිලා විවාහ උත්සවය ගත්තා ඊට පස්සේ ඇය කිසිම දිනක මට හමු වුනේ නැහැ ඇයගේ දුරකතන අංක සියල්ල භාවිතයෙන් තොරයි.

මට හමුවුනු තෙවැන්නිය විශ්ව විද්‍යාල සිසුවියක්. වාසනාවට ඇයව මට හමුවන විට ඇය ඔහුගේ ප්‍රේමයට පැටලුනා විතරයි.. මුණු පොත හරහා හඳුනා ගත් ඇය ඔහු මුණ ගැසිලා තිබුනේ ඔහුගේ මාධ්‍ය ආයතනයෙන් සංවිධානය කල වැඩමුළුවකදි.. ඒ හෙත් ඔවුන්ට තනිවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඇත්තෙන්ම සතුටුයි ඇය ඔහුගෙන් බේරුනා.. ඇය පැමිණ දිනක් මා මුණ ගැසිලා කලින් යුවතියන් සමඟ කල වැට් සහ අනෙකුත් පින්තූර බලලා නිදහස් කිරිල්ලියක් වගේ හිත නිදහස් කරගෙන ගියා..
ඒ සියලු දේවල් හොයා ගත්තත්  මගේ මුණු පොත නැවත් මට ලබා ගන්න හැකිවීම නිසා.. මම ඒ සිද්දි දාමයෙන් ඉවත් වුනා..

එහෙත් ඊට පසුව අපි නොදැන යුවතියක් කීදෙනකුනම් ඒ වංචාකාරී පුද්ගලයාට රැවටෙන්ට ඇතිද?
මුණු පොතට ඇබ්බැහි වුනු ආදරණිය සොයුරියන් වෙනුවෙන් මම මේ කතාව කිව්වේ ඔවුන්ට මේ සමාජේ විශම තාවය මොහොතකට මතක් කරන්න.


මුණු පොත නරක නැහැ.. ඒත් ඒ හරහා හමුවන අය අතර විකෘති අදහස් තියන මිනිස්සු අනන්තවත් ඉන්න පුළුවන්..

හරි වේගෙන් ආදරේ ප්‍රකාශ කරන අය , ප්‍රේමයකින් දරුණු වේදනාවක් විඳින  බව පෙන්නගෙන විරහ දුක් කවි කියන අය,  ඒ වගේම සිල් රෙද්ද පොරවගෙන ඉන්න සමහරුත් විශ්වාස කරන්න අමාරුයි.. හැබැයි ඔය අතර ඉතාමත් හොඳ මිනිසුන්  ඉන්නවා 90%ක්ම. එහෙත් අර 10% අර හැම කෙනක්ටම වඩා ප්‍රබලයි..
කෙනෙක් තමන් එක්ක හැම තිස්සේම වැට් කරනවනම්.. ආදරේ කියනවනම්.. ඒ පුද්ගලයා මේ වගේද කියලා හොයන්න...

සමහර වෙලාවට එයා ඔයාගේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍යය ලෙස ගොඩ වදියි, ඔයාව තනි කරන්න බලයි.. යාළුවන්ගෙන් ඈත් කරයි.. බොරු නීති දායි. ඔයාට ගොඩක්ම ආදරේ කරන ඔයාගේ එකම ආරක්ෂකයා ගේ චරිතය බලෙන්ම භාර ගනියි. ඒත් ඇතැම් විට ඔයා දන්නේ නැහැ ඔයා රැවටිලා කියලා.. මොකද ඔයාගේ හිත ආදරේට ලෝබයි..

ඒත් ඔය ආදරවන්තයා ඔයා එක්ක මහ රෑට දුරකතන සංවාද දෙද්දි කියන ආදර කතා වල යටි අරුත විකෘති කාමාශාවක් කියලා ඔයා දැන ගන්නකොට ඔයා ගොඩක් පරක්කු වැඩියි.

කියනවනම් උපකල්පන කෝටියක් කියන්න පුළුවන් මට.. එහෙත් දයාබර සොයුරියන්ට කියන්න තියෙන්නේ

මුණු පොත හරහා ආදරේ කරනවනම් නොදන්න නදැකපු කෙනෙක්ට කවදාවත් හිත දෙන්න එපා.. තමන් දන්න දකලා තියෙන අඩුම ගානේ තමන්ගේ යාළුවෙක්ගේවත් යාළුවෙක් වුනු කෙනක්ව තෝර ගන්න

ගැහැණු කම කියන්නේ වීදුරු බඳුනක් වගේ පරිස්සම් කරන්න ඔනි දෙයක්...

හිතන්න... එක පාරට වඩා දහස් පාරට වැඩිය.....

මේක ලියන්න මාව අසරණ කරපු නංගියේ... අහන්න.... අක්කා මේවා කිව්වේ ඔයාට ආදරේට!!

14 comments:

  1. ඇත්ත කතාව... මේ වගේ සිද්ධි තමයි බලන බලන හැම තැනම තියෙන්නේ.. මම කියන්නේ ටිකක් කල්පනාකාරිව කවුරුත් වැඩ කරන්න ඕනි මොකද? සමාජ වෙබ් අඩවියක් භාවිතා කරන කෙනෙක් ඒ ගැන ටිකක් කල්පනා කරලා වැඩ කරන්න ඕනිමයි... ඒහෙම වුනොත් කාටවත් කිසිම කරදරයක් වෙන එකක් නැ... පෞද්ගලිකත්වය හැමවෙලේම ආරක්ෂා කර ගන්න බලන්න එත කොට කාටවත් මෙහෙම වෙන්නේ නැ.. අනික අපි දන්න කියන අය එක්ක චැට් කරන්න පෙස් බුක් භාවිතා කරන්නේ නැනේ.. උදාහරණයක් විදියට මගේ ඔෆ්ස් එකේ අය පෙස් බුක් ඉන්නවා අඩුම තරමේ මම ඒ කිසිම කෙනෙක් ඇඩ් කර ගෙන වත් නැහැ... දැන් ඉස්කෝලේ යන ළමයි තමයි මෙකේ වැඩිම හරියක් ඉන්නේ එහෙම අය මොකෝ එයාගේ පන්තියේ යාළුවෙක් ඉදියා කියලා හායි මචං කොහොමද අහනවද නෑ.. එක තමයි සත්‍ය ස්වභාවය ඉතින් මේ හැම දෙයක්ම අධ්‍යනය කරලා ඔය පුස් බැදිලා තියෙන මොල ගෙඩි වලින් ටිකක් කල්පනා කරලා බලලා පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත්තනම් කාටවත් කිසිම කරදරයක් වෙන්නේ නැ...

    ReplyDelete
  2. ඔයා මෙහෙම ලියපු එක හුගක් හොදයි අක්කේ.ඔව් කෙල්ලො හුගක් අය මෝඩයි.ආදරේ ඉස්සරහ විශේෂයෙන්.පව් ඉතින්.යාළුවෙන්න කලින් ටිකක් විස්තර එහෙම හොයලා බෑලුවනම් හුගක් හොදයි.මම දන්න ළමයෙක් හිටියා.එයා AL වලට ආව විතරයි.මිස් කෝල් එකකින් යාළුවුනේ.එයා ඉස්කෝලෙ පන්ති වලට ආවත් අර කොල්ල ගැන කියනවා.පන්ති වලදි මෙයා හුගක් වෙලාවට අරයට ටෙක්ස්ට් කරනවා.පස්සෙ පස්සෙ පන්ති එනකොට මීට් වෙන්න ගියා.අපි විස්වාශ කරන්නෙපා කිව්වට ඇහුවෙ නෑ.ගෑණු ළමයගෙ ගෙදරිනුත් කැමති වෙලා හිටියෙ.ඉතින් අපි මුකුත් කිව්වෙ නෑ පස්සෙ මොකද වැඩිහිටියො කැමති නිසා.මේ දෙන්න රෙජිස්ටර් වෙලා කාටත්ම නොකිය.පස්සෙ පන්ති ආවෙත් නෑ ඉස්කෝලෙ ආවෙත් නෑ.ඒ කොල්ලා ආමි එකේ ඉදල තියෙන්නෙ.කසාද බැදලා ලමයෙකුත් ඉන්නවලු.වයිෆ් ඇවිත් දෙන්නටම බැනලා පොලිසි ගිහින්.මේ ගෑනු ලමය වස බිව්වා ඊට පස්සෙ.කොල්ලා ගැන හොයල බලපු නැති එකේ වරද.

    ReplyDelete
  3. Anonymous6:51:00 AM

    ගොඩාක් වැදගත් ලිපියක් අක්කේ.. මූණුපොත හරහා සිද්දවෙන සම්බන්දතා ඔන්න ඔය වගේ තමා... මේක කොල්ලොන්ටත් පොදු දෙයක්.. මේ වගේ නරුමයෝ නිසා පිරිමි සංහතියම කැතවෙනවා..
    අහු උනොත් ඇත්තමයි හිරේ ගියත් කැතිගාලාදානවා කාලකන්නි...

    ReplyDelete
  4. අක්කා මේ ගැන ලියපු එක හොදයි.. මම ටික කාලෙකට උඩදී වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ වෙන්න ඕන.. හෙස්බුක් එකේ හිටපු ලස්සන කෙල්ලෙක්ව මරලා දාපු නිවුස් එකක්.. ඒක කියන්නේනම් ෆේස්බුක් එකේ ඇයට අදරේ කරපු පෙම්වතෙක් ඇය ඔහුව මගහරිද්දි මේ දේ නිවසටම ඇවිත් කලාය කියලා.. සමාජජාලයන්වල අරමුණ හොද දෙයක් උනත් ඒවාට එන අයගේ අරමුණනම් සමහර වෙලාවට හොද නැති වෙන්න පුළුවන්..

    ReplyDelete
  5. ගොඩක් වැදගත් ලිපියක්. ඇත්තටම මෙවැනි දේවල් අද සමාජයේ, අපි නොදැනුවත්ව අනන්තවත් සිදු වෙනවා. විශේෂයෙන් ගැහැණු ළමයින් මෙවැනි සමාජ ජාල හරහා ආදර සබදතා ඇති කරගන්නවිට බොහොමත්ම පරිස්සම් විය යුතුයි.

    ReplyDelete
  6. ඔයාට ගොඩක් ස්තූතියි මේවගේ ලිපියක් ලිව්වට.

    ReplyDelete
  7. අප්පේ මතක් කරන්නෙපා ඔය ඔන්ලයින් කේස්! බොරු කියන්න ලේසිම ක්‍රමේ තමයි ඔය චැට් කියන්නේ. මූණ පේන්නේ නැති නිසා ඕන දෙයක් ටයිප් කෙරුවැකි.

    "තමන් දන්න දකලා තියෙන අඩුම ගානේ තමන්ගේ යාළුවෙක්ගේවත් යාළුවෙක් වුනු කෙනක්ව තෝර ගන්න"
    ඔය කතාවත් වැරදියි. මට බොරු කළේ දැකලා කතාකරලා තිබ්බ කෙල්ලෙක්මයි.

    කොහොම උනත් ඉතිං ඕවායින් යාළු වෙලා කසාද බැඳලා සතුටින් ඉන්න අයත් ඉන්නවා. කරන දෙයක් ටිකක් කල්පනාවෙන් කළානම් ඕවා දුර දිග යන්නේ නෑ. තර්ජනය කිරීම් හෝ තම්න්ගේ ප්‍රතිරූපයට හානි වෙන දෙයක් කෙනෙක් කරනවානම් නීතියෙන් කටයුතු කරන්නම වෙනවා. වෙන කරන්න දෙයක් නෑනේ.

    ReplyDelete
  8. ගොඩක් වටින ලිපියක් නංගි.. :) ඔයාලා වගේ යාළුවෝ ලැබුණෙත් මේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා..:) ඒ වගේ මිතු දමක් තියා ගන්න උත්සහ කරන අය අතර මේ වගේ කාළකණ්නිත් දුලබ නෑ.. එක ගැන ඇත්තටම කණගා‍ටුයි..තාක්ෂණය දියුණු වෙන කොට සදාචාරය බල්ලට යනවා නේ..උගතුන්ට වුණත් වරදින තැන්.. එක තමයි හැමදාම වගේ කියන්න තියෙන්නේ..හිතට වඩා බුද්ධියට ඉඩ දෙන්න..

    ReplyDelete
  9. එක පාරක් වැරදුනාම නම් වැරදුනාම තමයි!ෆෝන් නම්බර් එකක් තියනවා නම් කෙල්ලෙක් අල්ලන එක ගේමක් නෙවෙයි කියල ම්ගේ යාලුවෝ අනන්ත කියනවා..බොරු නෙවෙයි..සහතික ඇත්ත..උන් කියන ඒවා උන් ඔප්පු කරලත් පෙන්නනවා!බලන්න..තත්ත්වය කොච්චර භයානකද කියලා!

    ReplyDelete
  10. හිතන්න ගොඩක් දේවල් මේ ලිපියේ ඉතුරු කරලා සුදු හංසි අක්කා.

    ReplyDelete
  11. ගොඩක් වටින ලිපියක් මේක.ඒ වගේම ඔයා ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නෙ.එහෙම අයට උදව් කරන්න පුලුවන් එක ලොකු දෙයක්. :))

    ReplyDelete
  12. මේවට ගොඩක් අහුවෙලා තියෙන්නේ ඉගෙනගත්තු අය.ඒක එහෙමනම් අනිත් අය ගැන කොහොම කතාද?

    හොද කාලෝචිත ලිපියක් අක්කේ.

    කොහොම උනත් මම නම් කියන්නේ ගෑණු ලමයෙක් තමන්ගේ පුද්ගලික ජායාරූප ෆේස්බුක් එකට අප්ලෝඩ් නොකරන තරමට හොදයි

    ReplyDelete
  13. අගේ ඇති ලිපිය හංසි අක්කේ. ආද කාලෙ ගොඩක් උදවිය ගඟ උඩින් බලලා ගැඹුර මනින්න හදනවා අක්කේ... එත් හිතනවට වඩ ගඟ සිය ගුණයක් ගැඹුරුයි කියලා තෙරෙන්නෙ ගඟට බැස්සම. කොච්චර උගත් කෙනෙක් උනත් හැගීම් වලට වහල් වන අවස්ථා අනන්තයි. හදවතින් තීරණ නොගෙන බුද්ධියෙන් තීරන ගැනිම කෙතරම් කාලොචිතද , සධාරණද යන්න අපිට මොනවට මෙ අහන දකින සිද්ධින් වලින් පැහැදිලි වෙනවා. අපි හැමොටම බොහොම වටිනවා අක්කේ මෙ කරුණු ටික .
    .
    හික්zz අක්කි මට හිතෙනවා මෙ පොස්ට් එක ප්‍රින්ට් කරලා බත්තරමුල්ල, රාජගිරිය පැත්තෙ තාප්ප වල අලවන්න .....ආ 17 පානදුර බස් එකෙත් අලවන්න ඔනි අක්කි .....

    ReplyDelete
  14. මං බ්ලොග් පැත්තට ආධුනිකයෙක්..මූණු පොතේ කණ්ඩායමේ පෝස්ට් බල බල යද්දි ගොඩවුනේ...මේ පෝස්ට් එකේ කතා සියගනනින් අදත් වෙනව කියන දේ දැනෙද්දි ලොකු දුකක් ඇතිවෙන්නෙ...ආදරය රාගය වෙනුවට කාමය හඹායෑමේ විපාක විඳින්නෙ අසරණ ගැහැනුන්...

    හැබැයි මමත් ආදරය හොයාගත්තේ ෆේස්බුක් එකෙන්ම තමයි...ඒ උනාට ඒකට මිතුරු මිතුරියන්ගෙ අතරමැදි හවුලකුත් තිබ්බා...මොනවා උනත් අපි මුණගැහෙන්න කළින් ආදරය කළා...මටත් තරමක අමුත්තක් දැනුනා මගේ කතාවෙ අඩුවක් වගේ දෙයක් හිත කියන නිසා... ෆේස්බුක් ආදරය දරුණු බවක් පේනවා... ඒ උනාට ඒ අතරෙ ලස්සන ආදර කතාත් තියෙනව... මේ කතාව අක්කෙක් අදකාලෙ නංගි කෙනෙක්ට දෙන්න පුලුවන් වටින උපදෙසක්...

    ReplyDelete