Aug 13, 2011

මොන්ගල් වාහිනී නිවේදක වර්ණ රාත්‍රිය.


මේ ටිකේ සුද්දිට සෑහෙන්ඩ බීසි ගෙදර ඇවිත්නේ.. හේතු රාසියයි.. එකක් තමා මහනුවර පෙරහැරට ඔපිසියේ නිවාඩු වීම.. සහ බෝඩිටම් කාමර පෙරහැර බලන්න ඒන අයට  දවෙස් කුලියට දීලා ඉන්න තැනක් නෑ  නොවෑ.

ඉතින් සුද්දි ගෙදර ඇවිත් බරට වැඩ මොනාද ඉතින් වැඩ... උයන්න, ගේ මොබ් කරන්න, මල් පැල බලන්න, ඔව්වා තමා.. ඔය අස්සෙ ඉතින ඉඳලා හිටලා සැප නින්දවල් හේමත් දානවා  උදාහරණයක් වසයෙන් කීවොත් අද උදේ අටහමාරට නිදාගෙන 12ට නැගිටලා උයලා කාලා 2 ඉඳන් හතරාමාර වෙනකල් දොයිය ගත්තා.. ඒත් මදි වගේ.. කොහේද සුද්දිගේ මල්ලියි මස්සිනයි දෙන්නා එකතු වෙලා අලිගැට පේර පැක් එකක් දාලානේ සුද්දිගේ මුණ සුදු මදි කියලා.. හික් හික් හරි අපූරු බියුටීෂියන්ලා දෙන්නා ගානවනම් ගාපියව්කෝ වතුර අලිගැට පේර ගාලා... අපරාදේ මම නිදා ගන්න කලින් හිතාගෙන හිටියේ ඇහැරිලා ඒ අලිගැට පේරේ කන්න.. සික්... :D

දැන් ඔය කතා අස්සේ සුද්දි නිකමට වගේ ටීවීත් බලනවා මොකෝ මේ පැත්තේ ජාල ගතවෙන්න ගියාම ගොඩ වෙලාවක් යනවා ඒතරම් 3 ජී සිග්නල් තියෙනවා.. ඒ නිසා වැඩිය සුද්දි ගෙදරදි ජාල ගත වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් කම්මැලි කමක් ආවොත් කරන්නේ ටී වී බලන එක, ඒකත් ටෙලි නාට්ටයක් වත් තමා.. ඊයේ ඒ කියන්නේ  සිකුරාදා හවස් යාමයේ සුට්ටක් ටී වී බලන්න කියලා දැම්මා ටී වීය  අපිට හරියට පේන එකම වැනලය තමා මොන්ගල් වාහිනිය. එහෙම කිවොත් ඉතින් හැමෝම දන්නවනේ  මොකක්ද කියලා. ඉතින් 2ට විතර මයේ හිතේ මම දාද්දිම පටන් ගත්තා ගුඩු ආප්ටර්නුන්ද ඊවිනිනිග්ද කියලා වැඩ සටහනක්..  තද  රෝස පාට ඇඳුමක් ඇඳන්  යසට තිබ්බ කොන්ඩෙ බලෙන් කෙලින් කරපු නංගි කෙනෙක් (වෙන්න ඔනි) ඔන්න වැඩ සටහන පටන් ගත්තා. දැන් මෙයා කියන්න යන්නේ දිරිය කාන්තාවක් ගැන. දැන් එයා ඒ කියන දිරිය කාන්තාව ආ..දරයෙන් පිළිගත්තා මැදැරියට, ඊට පස්සේ ඒ දිරිය කාන්තාවගේ මිණිබිරීවත් ආ.....දරෙන් පිළිගත්තා.. ඊළඟට මිණිබිරීගේ මහත්තයා එයාවත් ආ............දරෙන් පිළිගත්තා, අවසාන වශයෙන් ඒ දිරිය ආච්චි අම්මා ගැන ලෝකෙට කියපු පත්තර වාර්තාකාරතුමා එයාවත් මේ නිවේදක නංගි ආ...............................................දරෙන් පිළිගත්තා.... බුදු අම්මේ එයා පිළිගත්ත ආදරණිය විදියට මට විනාඩි පහක් විතර හිනා..  නිවේදක නංගියේ බොළඳ කම නොවෙන්න වැඩ සටහනේ අන්තර්ගතයනම් අපරාදේ කියන්න බෑ,  වැඩ සටහන නම් වටිනවා හැබැයි වැඩිය කවුරුත් ටී වී නොබලන හවස් වරුවක නෙවෙයි උදේ වරුවකට.. ඒකත් කමක් නෑ කියමුකෝ.. දැන් මේ දිරිය ආත්තම්මා ඇස්  දෙකම නොපෙනිලත් ඇස් දෙකම නොපෙනෙන එයාගේ මිණිබිරිය උපාධිධාර්ණියක් තත්වයට උගන්නපු කෙනෙක්. ඉතින්  ඇගේ කතාව අපි කාට උනත් ගොඩක් වටින ආදර්ශමත් කතාවක්.. හැබැයි ඉතින් මුළු රටකට ඒ පනිවිඩය ගෙනියද්දි නිවේදකයා හෝ නිවේදිකාව ඒක ඉදිරිපත් කරන විදියෙන් ඒ කතාව විහිලුවක් වීම සහ නොවීම බලපානවා මේක සුද්දිගේ පෞද්ගලික මතයක්. 

දැන් තමයි කතාවේ හොඳම හරිය. අර දෘශ්යාබාධිත සහෝදරිය තමන්ගේ උපාධී සහතිකය ගන්න වෙලාවේ එයාගේ අම්මා ආත්තම්මා දෙන්නට බලන්න වෙන්නේ නෑ කියලා හිතද්දි දැණුන හැඟිම මොන වගේද කියලා අර  සුකුරුත්තං නිවේදිකාව ඇහුවා හරි මොලේ ඇති ප්‍රශ්ණයක්. ඒ ගැහැණු ළමයා දුන්න උත්තරේ පැහැදිලියි නොදැක්කත් මගේ නම කියනවා එයාලාට ඇහෙන බව දන්නවා ඒත් ඒක ඉක්මනින් ඉක්මනින් කියවීම නිසා මග ඇරුනද කියලයි දුක් වුනේ කියලයි. ඒ උත්තරේ අහගෙන දැන් මේ නිවේදිකාව කියනවා.. “අපි දැන් යොමු වෙමු අම්මා ගැන කියන ලස්සන ගීතයකට“ 

ආව් ආව් දැන් සුද්දිත් සැදී පැහැදී බලන් ඉන්නවා සින්දුව අහන්න....

ඔන්න මියුසික් යනවා.... අප්පට සිලි ඉරාජ්.. පියානෝ එකක් ගහනවා.. හෑහ්!!  ඒ අස්සේ කොල්ලෙක් පාන් පෙට්ටයක් බැඳන් යනවා.. ඔය අතරේ කොල්ලෙක් කාර් එකක් ලඟ වැනෙනවා.. දැන් ඔන්න  සින්දුවේ වචන පටන් ගත්තා...

සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කලේ......

සුද්දිට ඉතින් #$$%%@%^^&^%$# තමා නිවේදිකාව එක්ක,  ඇයි යකෝ!!!! .....  අනේ මන්දා වරද නිවේදිකාවගේද නිශ්පාදන කණ්ඩායමගේද කියලා.. ඒත් හත් දෙයියනේ ලයිව් වැඩසටහනක් කරනකොට කලින් ප්ලෑන් එකක් නැතිවද අප්පා මේ අභිමානවත් ආයතන වැඩ කරන්නේ.. 

අර දවසක් අපේ රත්ගම මල්ලි කීවේ චාටර් වාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ  සුන්දරත්වය අනේ ඉතින් මුන්ගේ අනිත් වැඩ සටහනුත් ඊට දෙවැනි නෑ.. 

අනේ කාලේ වනේ වාසේ... කියලා අපෙ ආත්තම්මා කියනවා වගේ මුන් මෙන්න ඒ පාර අර විකාරේ දාගෙන ඉරිදා උදේට ලයිව් සන්ඩේ මොකක්ද කරනවලු..  බලමු ඇහැරුනොත් ඒ විකාරේ කොහොම එකක් වෙයිද කියලා. ඔකේ යන සෝ හැම එකක්ම වගේ මෝඩ ආතල්නේ ඒකත් එහොම එකක් වෙන්ටෑ  අපරාදේ උදේ පාන්දර හොඳට සීතලට පෙරවගෙන නිදා ගන්න තියෙන වෙලාව ;)

දැන් ඉතින් අහන්ඩලාකෝ ලබන අවුරුද්දේ දස්සම නිවේදක සම්මානේ යන්නෙත් අර මොන්ගල් වාහිනියටමැයි කියලා... අනේ මගේ කට....!@@#

14 comments:

  1. ඒක නම් ඇත්ත. මාත් බලන් ඉන්නේ අපේ ටීවී එක ඉක්මනට කැඩෙයිද කියල. දැන් ඔය කොයි වාහිනියත් එක වගේ. මටත් මේ ටීවී බැලිල්ල නම් ඇති වෙනවා ඔය වගේ ප්‍රෝග්‍රම් නිසා. මොනව කරන්නද අපිට ඕන විධියට ටීවී නෑනේ. ඒත් ඕවා බලන්න SMS යවන්න. ඒවාට චියර් කරන්නත් පිරිසක් ඉන්නවානේ. අපි බලන්නේ මොංගල් වාඑිනී කියල ගේ ඉස්සරහා බෝඩ් ඉලලන අයත් ඉන්නවාද කොහේද...:D

    ReplyDelete
  2. උදේට ඔව්වා යන්නැ සුද්දි අක්කේ එක චැනල් එකකවත්. උදේට යන්නෙම බියුටි කචල් සහ එක එක දේවල් ප්‍රමෝට් කරන වැඩ සටහන්. ඒක ඕවට වඩා සා........ටර්.......... එකම නිළිය එකක පෙන්නන එක නෙමෙයි අනිත් ලයින් එකේ ගෑවම ගුණයි කියන්නේ. අපිට මොලේ කොලොප්පන් ඒවා බැලුවම. ඇයි ඔය මොන්ගල් වාහිනියේ ලිප නැතුව උයනවා බලලා නැද්ද? හිනාවේ පණ යනවා. හික්ස්.......

    ආ ගණන් ගන්න එපා මේක ලංකාවනේ. චූටි චූටි ලොකු මිස්ටේක් වෙනවා. :D

    ReplyDelete
  3. @ හාවි
    මලා ලිප නැතිවත් උයනවාද?
    මම හිතන්නේ හාවි බලන්න ඇත්තේ කොමඩි ප්‍රෝග්‍රම් එකක් වෙන්න ඇති. නැතිනම් ඒ වායේ ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා නොදන්න දෙයක් තියේද?...:D

    ReplyDelete
  4. Anonymous10:37:00 AM

    හික්ස් මාර වැඩසටහනක්නෙ අක්කත් බලල තියෙන්නෙ.. හිහි
    වෙලාවට අපේ වාහිනිය කැඩිල.. තාත්ත කිව්ව විභාග ඔක්කොම ඉවරවෙනකල් හදන් නෑ කියල.. නැත්නං ඉතිං මාත් ඕකෙ තමයි.. :D

    ReplyDelete
  5. ඕක කක්කා වාහිනියක්...හේම නලීන් මහත්තයලා ඕක කරපු කාලේ කොච්චර ලස්සනට තිබ්බ නාලිකාවක්ද...
    අර මෝඩ උනහපුලු බුද්ධික මදන ගොබිලා කනවා නාලිකාවම..
    නිව්ස් නෙමේ දැන් කියන්නේ...ගොන් පානවා අම්බානෙක..
    උන්ගේ ආතල් උන්ටම ආතල් නේ...
    එක එක ස්ටාර් වල විනිශ්චය කරන්න ගොන් ලොන්තපෝල් බූරුවෝ ගෙන්නගෙන එතනින් අසූචි උලාගන්නවා...
    ලැට් වලක්ම තමා දැන් මේක...සුද්ද කරන්න නම් වෙන එකෙක් එන්න වේවි...

    ReplyDelete
  6. Anonymous11:09:00 AM

    අනේ වාසනාවන් මම නම් ටිවි පැත්ත පලාතේ යන්නේ නැ..මට ඇලජික්..

    ReplyDelete
  7. මටනම් ඕවා ඇලජික් !!!!
    අපරාදේ අලිගැට පේර ටික. මූනේ ගෑවට පස්සේ හූරලා අරන් කන්න තිබ්බා.

    ReplyDelete
  8. හපොයි ඒක ගැනනම් කියලා වැඩක් නැත....

    ReplyDelete
  9. ඔවට ඉඩ නොදී නොකර කොහොමද ආසියාවේ ආශ්චර්යය කරන්නේ? සින්දුව වුණත් අවුලක් නැහැ. අනාගත අම්ම කෙනෙක් ගැන නේ කියන්නේ.

    ReplyDelete
  10. ඕවානම් මොනවද මේ ලගදි මම ඔන්ලයින් රේඩියෝ එකක චාට් ෂෝ එකක් ඇහුවා, ආදරණිය නිසාන් සනී හරි මොකක් හරි නම...

    එකේ හිටිය නිවේදිකාව කියපු බොලඳ කතා ඇහුවා නම්, විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ... :D :D

    ReplyDelete
  11. සුද්දි උදේ පාන්දර 8ට විතර නෑගිටල වෙන්න, 8.30ට නිදගත්තෙ

    ReplyDelete
  12. මොන්ගල්වාහිනිය බලන්නෙත් මොන්ගල් උදවියලූ :P

    ReplyDelete
  13. රූපවාහිනියෙ මොනව පෙන්නුවත් දුරස්ථ පාලකය තියෙන්නෙ තමන්ගෙ අතේනෙ...

    ReplyDelete
  14. හොඳ ලිපියක් සුදු හන්සියේ. මැවිලා පෙනුනා ඔයා මුනේ අලිගැට පේර ගාගන රූපවාහිනිය දිහා බලා ඉන්න හැටියි ඔයාගේ ගෙදර ජීවිතේ ලස්සනට ආදරෙන් ගෙවිලා යන හැටියි...

    හැබැයි ලිපියේ මාතෘකාව දැක්ක හැටියේ මට හිතුනේ ඔයාලගේ අර මොකක්ද program වගේ එකක් කියලා. අපොයි අය්යයි, නංගියි එකතුවෙලා මට ගහන්ට එපෝ.....:)

    විහිලුවක්වත් තේරෙන්නේ නැද්ද?:D:D:D

    ReplyDelete