May 1, 2011

මායාකාර ඇස් 8 (අවසන් කොටස)



යලිදු රැකියාවට නොයන්නෙමියි මා මටම සපථ කොටගෙන උන්නත් අම්මාගෙත් තාත්තාගෙත් අක්කලාගෙත් ප්‍රශ්න වලට උත්තර සොයන්නට මට බැරි විය.. දින දෙකකට පසු ලොක්කයියා පිටව යැම සිතට සහනයක් උවද ඔහු දෙස බල බලා විදවීම සියල්ලටම වඩා අපහසු කාර්යය වුවේය..  අසනීප ගතිය පෙන්වා කාමරයටම වී සිටියත් ඇතැම් විට අම්මා රැකියාවට නොයෑම පිළිබද දොස් කීවාය..
"දැන් කාලේ ඔය වගේ රස්සාවක් හොයා ගන්න ඒක ලේසිද වූටි දුව... ඔයා හම්බ කරන දෙයක්නේ ඔයාට.. අපි මහ ලොකු පොහොසත්තු නෙවෙයිනේ.." 

යි කියා නිතර අම්මා කන්කෙදිරි ගෑවාය. මම නෑසු කන්ව සිටියෙමි. කාමරයට වී හුදෙකලාව ගත කිරිම මාගේ මනස තවත් අවුල් කරන්නක් වුවත් කිසිවෙකුට මුහුන දීමේ සවියක් මාතුල නොවිනි. 

"චූටි දූව... ඉක්මනට එන්න... "  දිනක උදය වරුවේ කලබලයෙන් කාමරයට දිව ආ අම්මා  කීවාය.

"ඇයි අම්මා.." මම පුදුමයෙන් විමසීමි

"ඔයාගේ බොස් ඇවිත්... ඔයා‍ අසනීපෙන්  කීවම" අම්මා ආපසු යමින් කීවාය.. මම පුදුම උනෙමි.. ඇදුමකින් විලි වසාගෙන මා නිවසට පැමිණීමට තරම් ඉෂාන් තුල පෞර්ෂයක් ඇතැයි මම විශ්වාස නොකලෙමි.. 

ඉබි ගමනින් මා සාලයට යන විට ඔහු අම්මා සමග සුහදව ‍දොඩමින් උන්නේය.. ඒ මුහුණ දකිත්ම මට කේන්තිය වාවාගන්නට බැරි විය, ඒහෙත් මනා සංයමයකින් යුතුව මා මාවම පාලනය කොට ගතිමි.. කිසිත් නොදොඩා සාලයේ සීරුවෙන් හිටගෙන උන් මා ගෙන් ඉෂාන් මොන මොනවදෝ ඇසුවේය අම්මා අසල උන් නිසා තරහක් නොපෙන්වා උත්තර දෙන්නට මා වග බලා ගිතිමි. 

අම්මා කුස්සයිට යනතුරුත් සිර කොට සිටි කේන්තිය අම්මා සාලය පහු කරද්දිම පිට කලෙමි 

"ඇයි ආවේ.. මැරුණද බලන්නද.... නැත්නම් ආයිමත් මගේ මාළු කන්නද..." දත්මිටි කමින් මා අසද්දී ඔහු නොසෑලී මි දෙසම බලාසිටියේ.. මොහොතකින් ඒ දෙනෙත් කදුලින් තෙත් විය..

"මට සමාවෙන්න පබා.. මම දන්නේ නෑ මට මොනවා උනාද කියලා... ඔයාව මට අයිති කරගන්නයි ඔනි උනේ හොදින් නැත්නම් නරකින් හරි..  මම කරපු දේ ගැන මම දැන් විදවනවා.. ඔයා නැතිව ඔපිස් එකේ ඉන්න බැහැ.. සීට් එක පාළුවට ගිහින්.. වැඩත් හිර වෙලා.. ක්ලයන්ට්ස්ලා බනිනවා.. ඔයා කොයි තරම් වැදගත්ද කියලා දැනෙනකොට මම ඔයාව නැති කරන් ඉවරයි... මට සමාව දෙන්න පබා... මම කරපු වරද මට හදන්න දෙන්න... මම ඔයාව මැරී කරනවා.." ඔහු කියාගෙන ගියේය.. මම කිසිත් නොකියා ගල් ගෑසී උන්නෙමි...

ඒ අතර දොඩම් වීදුරුවක් අතැතිව අම්මා පාමිණියාය..

"පබා නැතිව ඔපිස් එකේ වැඩ සේරම හිරවෙලා.. සනීපෙන් ඉන්නවනම්.. ඔපිස් එකට එක්කන් යන්න ආවේ ආන්ටි.." කිසිත් නොවුනු ගනට ඔහු අම්මා සමග කීවේය..

"මාත් මේ ළමයට කීවා.. දැන් හොදටම සනීප නිසා.. අද වැඩට යන්න කියලා.. ගෙදර ඉදලා කම්මැලි වෙලාද කොහෙද..... සර් ආපු එකේ ඉක්මනට ලැහැස්ති වෙලා එන්න චූටි දුව..."

අම්මා කියද්දී... මට එයට විරුද්ද වන්නට හැකියාවක් නොතිබිනි.. ඒ අනූව එදින මම ඉෂාන් සමග කාර්්‍යාලයට ගියෙමි.. 
ඒ අනුව යලිත් සුපුරුදු ලෙස රැකියාවට යන්නට වීමි.. ඒහෙත් කිසිදු විටක ඉෂාන්ගේ පෙම්වතිය ලෙස පෙනී නොසිටින්නට වග බලා ගතිමි එහෙත් ඉෂාන් මට වඩා කපටියෙකු විය.. නිතරම සුපුරුදු බොරුව වු ක්ලයන්ට් මීටින් එකකැයි කියා මා කාර්්‍යාලයෙන් පිටතට කැදවාගියේය.. ගිරයට හසුවු පුවක් ගෙඩියක් වන් වු මා සියල්ල  ඉවසා සිටියෙමි.. මා මේ වැටී සිටින ලිදෙන් ගොඩ යා යුත්තේ ලිං කටින්ම බව මා දැන සිටියෙමි..... 
ඉෂාන් කිසිවෙකුම මා ඔහුගේ පෙම්වතිය බවක් නොකීවද මා වෙනුවෙන් මුදල් වියද්ම් කලේය.. ඔහුගේ මුළු ලොවම මා බව පෙන්වීමට ඔහු ගත් උත්සහය අතිෂය සාර්ථක විය.. මම ඔහුව විශ්වාස කරන්නට වීමි... 

ඉතින් මා අප දෙදෙනාගේ විවාහය ගැන සිහින දුටුවෙමි..  ඒ සිහින අතරේ ලොකු අයියාත් සමග කුඩාකල සිට සැදූ සිහින මාලිගා සිදි බිදී විසිරි යන්නට විය මගේ වෙනස දැක දෙතුන් වරක් ලොකු අයියා නිවසට පැමිණියද මා හැකි තාක් ඔහුව මග හැර සිටියෙමි... වෙනදා මෙන් ඔහුගේ තුරුලට පැන සුරතල් නොවුනෙමි..  ඔහු ගෙනෙනා රස කැවිලි පෙරේතියක් සේ ගිල නොදැමුවෙමි.. ‍මටවත් සිතා ගත නොහාකි ලෙස මා වෙනස් වී තිබිනි.. ලොකු අයියාට ඒ වෙනස කිසිසේත් දරාගන්නට නොහැකි විය... 

රාත්‍රී ආහාරයෙන් පහු සියල්ලම නින්දට ගිය පසු ඉස්තොප්පුවේ අදුරට වී කල්පනාවක උනා  මා සාලය හරහා මගේ කාමරයට යන්නට ගියෙමි.. නොසීතු ලෙස අදුරු සාලයේ උන් ලොකු අයියා මා ඔහු වෙත ඇද ගත්තේය..

"ඇයි සුදු හාමිනේ පපුව ගිනි තියන්නේ... ඇයි...???  මාත් මනුස්සයෙක්නේ දරාගන්න  පුළුවන් සීමාවක් තියෙනවා.. ඊට එහා අමාරුයි....." එසේ කියමින් ඔහු මා තුරුලට ගෙන ඉතිබින්දේය..  මගේ තුන් හිතම ඇවිලී යන සෙයක් මට දැනිනි මටත් වඩා අට වසරක් වැඩිමහලු වු ලොකු අයියා කුඩා දරුවෙකු මව් උණසුමක හඩනා ලෙස හඩද්දි මා හිරී වැටී ගියෙමි.. කිසිති නොදොඩා ඔහුගේ හිස සිපගත් මා කාමරයට දිව ගියෙමි...

*********************************************************
******************
*********

කෙමෙන් ලොක්කයියා සියල්ලන්ගෙන්ම ඈත වන්නට විය.. මගේ වෙනස ඔහුට දරාගන්නට බැරි වුවා සේම මට යලිත් යතා තත්වයට පත්වන්නට කල් දෙන්නට ඒසේ කරන බවක් ඔහු අවසන් වරම මා අමතා කීවේය...

"මම මොන ලෝකේ ගියන් මොනා කලත් හුස්ම වැටෙන්නේ උඹේ නමින් නංගියේ..  ඔනි තරම් කාලයක් ගනින්.. මම එනකල් මග බලන් ඉනනවා කියන එක විතරක් මතක තියා ගනින්"

 ඒසේ කියු ලොකු අයියා දුෂ්කර පලාතකට මාරුවක් ඉල්ලා එහි ගියේය.. 
ඒ අතර ඉෂාන්ගේ සුදුරුදු ජීවන රටාව කෙමෙන් වෙනස් වන්නට විය කාර්්‍යාලයට පැමිනෙනෙ ඔහු සුරතල් වදනින් මාරවටා ඔහුට අයත් රාජකාරි පවා මට පවරා නිතර  කාර්්‍යාලයෙන් පිටතට යන්නට විය... සියල්ල මම සම සිතින් ඉවසීමි.. ඉෂාන්ගේ අවංක භාවය පිළීබද ඒ වන විට මට කිසිදු සැකයක් නොවීය.. 

එහෙත් සිහිනෙකින් වත් අසන්නට නොසිතූ දෙයක් විවේක කාමරයේ කැම ගමින් උන් මගේ කණ වැකුණි... ඒ ඉෂාන්  නගරයේ ප්‍රස්ද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමග නුදුරු අනාගතයේ විවාහවන්නට යනබවත් මේ දිනවල ඔවුන් විවාහය සදහා සූදානම් වන බවත්ය... කමින් උන් බත් පත ඉස්පොල්ලේ ගියේය.. වහා කාර්්‍යාලයෙන් පිටත්ව ඉෂාන්ගේ අපාර්ට්මන්ට් නිවස කරා ගියෙමි ඔහුගේ වාසියටම මා වෙත දී තිබුණු අමතර යතුරින් දොර විවිරකර කිසිදු ශබ්දයක් නැසෙන්නට මා නිවස පුරා ඇවිද්දෙමි.. අවසන නිදන කාමරයේදී ඉෂාන්ගේ අනගරැගුම් සියැසින්ම දක්නට ලැබී.. මා සිහිසුන් උනෙමි...

මා දෙනෙත් විවර කරද්දී.. සාලයේ සැටියේ මා වැතිරි සිටිද්දී ඉෂාන් මා අසල දණ ඔබාගෙන උන්නේය.... යක්ෂෘවේසයෙන් ඔහු වෙත පැනගත් මා වියරුවෙන් කෑගසමින් ඔහුව සූරාකන්නට වීමි.. ඔහු වැරෙන් මාගේ දෑත අල්ලාගෙන ඉවසා සිටියේය... ඒහෙත් කොපයෙන් වියරුව උන් මාව පාලනය කරන්නට මට හැකියාවක් නොවුණි..
අසල වු  වීදුරු මල් බදුන බිදු‍නේත් එකපිට එක පහර කිහිපයක් ඉෂාන්ගේ පපුව සිදුරු කලේත් ඇසිපිය හෙලන වේගයෙනි.. 


මායාකාර ඇස් නිමාවක් නොවන අවසනක් දුටු වගයි

12 comments:

  1. වෙන්න තිබුනේ මෙයම නම්... වේගවත් නමුත් අවසානයට සාධාරණයක් කොට ඇතැයි සිතමි...

    ReplyDelete
  2. හ්ම්ම්...මට දුක ලොකු අයියා ගැන...පව්....ඉශාන් වගේ මිනිස්සුන්ට නම් ඔහොම වෙන්න ඕනේ..එක වැරදක් නැ.. ලස්සනයි අක්කා..

    ReplyDelete
  3. ලස්සන අවසානයක් දීලා තියෙනවා මේ කතාවට.. තව අළුත් කතාවක් ලියන්න අක්කේ..

    ReplyDelete
  4. මුල ඉදන්ම කියව්වා.. නියමයි අක්කේ කතාව

    ReplyDelete
  5. නියමයිනේ.මරු කතාව..........

    ReplyDelete
  6. ඇත්තටම මේ කතාවට මම එකතු උනේ මුල ඉඳලා නෙවෙයි මැදක ඉඳලා .. ඇත්තටම කතාව ලස්සනයි . කතාවට ඔයා දීපු අවසානය නියමයි..

    ඉතින් එතනින් පස්සේ මොනා වේවිද .. කියවන කෙනාට නිකම්ම හිතේවි ..

    ReplyDelete
  7. kathawa lassanai akka..awasanaya godak hodai..thawa kathawak ikmanata liyanna.....

    ReplyDelete
  8. ඉක්මන් නමුත් වෙන්න තිබුන අවසානයක්

    ReplyDelete
  9. වෙන්න තිබුන දේ ඒකම තමයි....... ඇයි ඉක්මනට ඉවර කලේ.....

    ReplyDelete
  10. අනේ ලොකු දෙයක් ඉවර උන එක.මම මේ අර pic එක දැකලා comment එකක් දාන්න කියලා හිතුනෙ.(කතාව කියෙව්වෙ නම් නෑ.හික්ස්.)pic එක දැක්කම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් බය හිතෙනවානෙ.අම්මේ....
    අර දවසේ විහිලු කතා ටිකක් එහෙම දාන්නකො.ඒවනම් නියමයි.මේකත් හොද ඇති.කම්මැලියි අප්පා කියවන්න.ඒක නිසා කියවන්න බෑ.sorry හොදේ.දවසේ කතා හැම එකක්ම වගේ කියෙව්වා.කියවන්න එකක් දැන් නෑ. :'(

    ReplyDelete
  11. මොකද්ද බොට හැදුන කුලප්පුව ඔක ඔච්චර ඉක්මනට ඉවර කරන්න අක්කෙ....... හ්ම්ම් මමත් හිතන් හිටිය අවසානෙ තාමා මේ.

    ReplyDelete
  12. හලෝ මේ තීම් එක අවුල්.සුදු පාට වැඩයි.ඔලුව රිදෙනවා.වෙනස් කරොත් හොදයි.

    ReplyDelete