මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Nov 12, 2011

මම ලියූ වැදගත් ලිපියක් නැවතත්

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්


වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන්වු දේශපාලනික වටපිටාවක් මැදින් ගලා යන බැවින්, තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ඇතැම් ක්‍රියාවන් විමසුමට ලක් කිරීමේදි මා හා උරන නොවන ලෙස මුලින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

මෙහි සටහන් වන කරුණු ඔනෑම අවස්ථාවක සංවාදයට විවෘත වන අතර තම තමන්ගේ අදහස් අඩුවැඩි ලෙස කමෙන්ටු මඟින් එක්කිරීමේ අවකාශයද ඔබ හට හිමිවනු ඇත.

තිස් වසරකට අධික කාලයක් පැවති ඊලාම් යුද්ධය අවසන්ව ගෙවී ඇත්තේ ඉතාමත් සුළු කාලයක් වුවද යුද්ධයේ කුරිරු මතක සටහන් මේවන විට හිරු දුටු පිණිබිඳුසේ වේගවත් සංවර්ධනය හමුවේ අප හට අමතකව ගොසිනි.. එසේම එක් දේශපාලන පක්ෂයකට හා  පුද්ගලයින් කිහිප දෙනෙකුට පමනක් යුද්ධය නිමා කිරීමේ ගෞවරයද හිමිවී අවසානය. මෙය සැබෑ වීරයන් සිරගත ව දුක් විඳින කල නිලදරුවන් සුරසැප විදින විස්මිත ලෝකයක් බවට පත්වු කැළල හැරෙන්නට යුද්ධයෙන් සිරිලකට වෙනත් කැලලක් ඇති වී නොමැත. පොදුරදමඩුලු සමුලුව එයට සාක්ෂියකි.

අනෙක් අතට කර්නල් ගඩාෆිගේ මරණය සිදුවු ආකාරය ලොව පුරා වීඩියෝ දර්ශන වලින් පෙන්වද්දි අප රටෙහි ත්‍රස්තයන් මර්දනය කල ආකාරය ඉතාමත්ම මානව හිතවාදීය.. එය අනෙක් කතාවකි. මා අද කතා කරන්නේ ඊලාම් යුද්ධයට පසු  අද සිරි ලක ගැනයි..

2009ට පෙර දකුණේ ගම්මාන වල දෙමාපියන්ගේ හදවත් ගින්නෙන් නොඇවිලුනු වෙලාවක් සොයන්නට බැරිවිය.. විශේෂයෙන් අවසන් සටන පැවති කාලයේ කොහේ කොයි මොහොතක හමුදා පුතෙකුගේ නිසල සිරුරක් රැගත් ජීප් රථයක් මතුවේවිදැයි ඔවුන් බියෙන් පසු වූවෝය, එමෙන්ම සියලූම ලක් වැසියන් කුරිරු යුද්ධයේ අවසනක් සොයන්නට වෙර දරණ වීර පුතුනට හදවත් වලින් ආශිර්වාද කරමින් කුරිරු ත්‍රස්ත නායකයාගේ මරණය ප්‍රාර්ථනා කලෝය.. එය එසේම සිදුවිය..

ඒ අප රට ලත් දෙවන නිදහස විය.. ලක් වැසියා ඒ නිදහස සැමරු ආකාරය මා ඔබට කිව යුතු නැත... විදේශයක සිට පැමිණ මාතෘ භුමිය වැඳ නමස්කාර කරමින් හරසර කල ජනපති තුමන්ට මෙන්ම  එවකට සිටි යුදහමුදාපති ඇතුලු ත්‍රිවිධ හමුදාවන්ද ජනතාවගේ සැබෑ විරයන්  බවට පත්වුවෝය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම නිදහසේ අසිරිය සැමරු හැටි සිහිකරන්නට මම මෙන්ම ඔබත් කැමති වනු ඇත..

එහෙත් අභාග්‍යයකි.. නීරස දේශපාලයේ අඳුරු හෙවනැලි විසින් ජාතික වීරයන් බිලිබා ගැනිමේ කූට ව්‍යාපාරයක් ඇතිවිය. යුධ ශිල්පයෙහි කෙල පැමිණි නමුත් දේශපාලනයේ ළදරුවකු වු හිටපු හමුදාපති වරයා අභාග්‍ය සම්පන්න ලෙස සිරගත වුවේ දේශපානයේ වරද නිසා මිසක ඔහු කල වරදක් නිසා නොවන බව ප්‍රසිද්ධ රහසකි.. බල තණ්හාව විසින් වීරයන් වනසයි යන්න මනාව පැහැදිලි කල අවසන් ජනපතිවරණය විසින් මිනිසුන්ගේ මිනිසත් කම පවා වෙනස් කරන්නට සමත්වී ඇත.. එක් උදාහරණයක් පමණක් කියමි.

ත්‍රස්තයන්ගේ ප්‍රධානතම ක්‍රියාකාරී ස්ථානයක් වු . කිලිනොච්චි නගරයේ ඉදිකරවා ඇති. රණවිරු ස්මාරකය ඉදිරියට එක් වරක් හෝ ඔබ ගොස් ඇත්නම් එහි ඉදිරිපස ගලෙහි කොටා ඇති අකුරු පෙල කියවන්නට ඇත.. ඔබ ඔබේ  හදවතින් විමසා බලන්න එහි එකම නමත් අමතක කොට ඇත... එය හිතා මතා කල බව පැහැදිලිය.. මන්ද වත්මන් හමුදාපති ඔවුනට මතක් වුවේනම් සැබැවින්ම යුධ ජයග්‍රහනයේ පුරෝගාමියෙකු වු හිටපු යුධ හමුදාපතිවරයා අමතක වීම අරුමයකි.
යුධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරුවත් දේශපාලුවන් හෝ ලේකම් වරුන් නොව සැබැවින්ම යුධබිමෙහි එඩිකම් පෑ රණවිරුවන්ය.. එය අමතක කල සමාජයක අපි අද නිදහසේ සිටීම ගැන සැබැවින්ම මම පුදුමයට පත්වෙමි.. එය සිදුවුයේ මෙසේය..
පසුගිය දිනෙක මම උතුරු ප්‍රෙද්ශයේ චාරිකාවක් ගියෙමි. එහිදි තවමත් රාජකාරියේ සිටිමින් සිවිල් ජනතාවගේ එදිනෙදා දිවිපැවැත්ම සාමකාමීව පවත්වාගෙන යෑමට උපකාර කරන සොල්දාදුවන් අතර විශේසිත කණ්ඩායමක්  නාගදීප පුදබිමට බෝට්ටුවට ගොඩවන ජැටියේදි මට මුණ ගැසුනි.. ඔවුන් අත පොත් කිහිපයක් විය බැතිමතුන්ට ඒවා පෙන්වමින් කතාකරන ඔවුගේ මුහුණු, ඔවුන් නොතකා යන බැතිමතුන් දැක අඳුරුවන සැටිය මම දුටිමි.. ඔවුන් අසලට යන්නට  සිත බල කලත්  මා යා යුතු බොට්ටුව පිටත් වීමට කාලය පැමිණි බැවින් ඒ හමුව පසුවට කල් තබා ගතිමි..




නාගදීප පුද බිමෙදීද අපූරු සිදුවීමක් සිදුවිය. එක් දමිල තරුණයෙක් යාපනය නගරයට යාමට බොට්ටුවක් පැමිනෙන තුරු එහා ජැටියේ සිටින අවස්ථාවේ හදිසියේ ඔහු රොගාතුර විය.. සැබැවන්ම ඔහු අපස්මාර රොගියෙකි.. හදිසියේ රෝගී වු ඔහුට අපේ නාවික සෙබලුන් උපකාර කරද්දි සහෝදර දමිල ජනතාව පිළිකුලෙන් අහකට වී බලා සිටියෝය.. කිසිවෙකු උදව්වට නොපැමිණි කල මදක් කෝප වු සෙබලෙකු බැන වැදුනේ මේ උඹලාගේ ගමේ එකෙක් ඉක්මකට බාරකාරයින්ට එන්න කියාපියව් මේ මනුස්සයා ගැන අපි දන්නේ නැහැනේ..  කියායි. ඒ හඩින් අවදි වු ගම් වැසියන් වහා තරුණයාගේ පියා කැඳවුවෝය.. සුවය ලබමින් සිටි ඔහු නැවත පියාට භාර දුන් සෙබලුන් සුපුරුදු ලෙස ගිනි අව්වේ තම රාජකාරියේහි යෙදුනෝය.

නැවත මෙගොඩ පැමිනි මා වහ වහා යටකී පොත්පත් විකිණු සෙබලුන් සිටි තැනට ගියෙමි.. හමුදා වීරයන්ට කවදත් ආදරය කල මාගේ සහොදරයාද මා හා එක්විය.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා යන්නෙන් ලියවුනු එම පොත, යුධ හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් තම අත්දැකිම් අලලා ලීයුවකි.. ඒ ඇසූ සැනින් වහා එය මිලදී ගන්නට මමත් මගේ බාල සොයුරාත් එකවිට තීරණය කලෙමු.. එසේම මොහොතක්  සුහදව ඔවුන්හා කතා කොට ඒ මුහුනු සිනාවෙන් බර කොට අප එතැනින් පිටත් වීමු..

නඩයේ සියල්ලන් අපට උසුලු විසුලු කලෝය.. ඔවුන් කීවේ දේශපාලුවන්ගේ  උදම් ඇනීම් බලන්නට අධික මිලක් ගෙවා නොවටිනා පොතක් මිලදී ගත් බවයි,  ඇතැම් විට හමුදා සොල්දාදුවන් පින්පත්තරකාරයන්ගේ තරමට බාල්දු කොට පොත දෙස රවා බලා පිටත්ව ගිය දේශමාමක ජනයා සිතන්නට ඇත්තේ එයම විය හැක .. ඒ ඔවුන්ගේ අවාසනාවයි.. නොබියව කිව හැක.. සැබැවින්ම මේ පොත දෙස නොබලා සෙබලුන් මගහැරගියවුන් සැබැවින්ම අවාසනාවන්තයෝය..
එහි සඳහන් අකුරක් අකුරක් ගානේ කකියන දේශප්‍රෙමිත්වය මා මේ සටහන ලියන්නට උනන්දු කරවන ලදි.

එහි කොටසක් උපුටා දක්වමි..

අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත්  විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
 -පිටු අංක 125-

 සත්‍යයකි ඔවුන් හැමවිටම වාගේ ක්‍රියාන්විතයන් කොට ඇත්තේ වනයේද ඇතැමි විට සතුරු බලමුලුවලට පහර දීමට ගොස් වනයේ අතරමන්වී බීමට ජලපොදක් නැතිව මුත්‍රා පානය කල බව ඔවුන් කියා ඇත. එසේම වරක වතුර හිඳුණු වැවක වලක් හාරා දින පහක් ජලය පානය කල ඔවුන් ආපසු යද්දි දිවි රැකදුන් වතුරු වලට දණගසා නමස්කාරකොට ගොස් ඇත.. මෙවන්වු අනුවේදනිය අත්දැකීම් රුසක් අකුරුකොට ප්‍රකාශ යටපත්කර ඇති මෙම වටිනා පොත කියවන්නට මා ඔබට ආරාධනා කරමි..

රඟමඩලෙහි රඟදෙන කලිහී
මහා තේජසින්
රංගධරයින් ....
කඩතුරාවට සැඟව
කළ මහඟු මෙහෙවර
දැකිය හැක්කේ
එබී බැලීමෙනි
ඇතුලාන්තයට......


මේ ඔවුන්ගේම වචනයි..  සැබැව්න් මෙම පොත ඇතුලානතයට එබී බැලීමට විවරවු කවුලුවක් වැන්න..
හිතවතුනි ඔබට කෙමෙන් අමතකව ගොස් ඇති සැබෑ ජාතික වීරයින් පුදන්නට කෙසේ හෝ මෙම පොත කියවන්න..
මෙය ඔබට පොත් හලකින් ලබා ගැන්මට අපහසු වීනම් මෙහි කමෙන්ටුවක් සටහන් කරන්න ඔවුන් හා සම්බන්විය හැකි මගක් මා සොයා දෙන්නම්.. එන්න මාහා පිදිය යුත්තන් පුදන්න......




මා විසින් ලියන ලදුව අක්ෂර හී පලවු ලිපියක දෙවන පල කිරිමයි 

9 comments:

  1. ලෝකයේ සෑම අතීත සිදුවීමක්ම වර්තමානයේ නැවත පුනර්ජීවය ලබනවා .ඒ වගේම වර්තමාන සිදුවීම් අනාගතයේත් එසේම සිදුවෙනවා. මෙම කාරණයේදී මම ඔබ කියන කාරණා සියල්ල සමග සියයට සියයක් එකඟ නොවූවක් යම්තාක් දුරට එකඟ වෙනවා. දෙවන නිදහස හිමිකරගැනීමේ අයිතිය හරියට දරුවෙක්ගේ අයිතිය ගැන අම්මා හා තාත්තා සංසන්දනය කිරීමක් වගේ. ඒ සමයේ දේශපාලනය නායකත්වය, යුධ නායකත්වය හා ජනතාවගේ ආකල්පමය දිරිගැන්වීම් වැනි සියලුම ප්‍රධාන හා අනු සාධක නොවන්නට තවමත් අපි කොටි ප්‍රහාර දෙස බලාසිටිනවා වෙන්නට තිබුනා. එබැවින් එහි අයිතිය පිළිබඳ විචාර විමසා වැඩක් නෑ. නමුත් ඉන් පසු වාතාරවරණය පැහැදිලිවම විවේචනය කලයුතු කාරණයක්. එහිදී සිදුවුණු අසාධාරණකම් පිටට පෙනෙන්ට ප්‍රසිද්ධ වී ඇත්තේ බොහොම අල්පයක් පමණයි. නමුත් ලෝකයේ කිසිම අසාධාරණ දෙයකට තිර පැවැත්මක් නෑ..එබැව්න් ලෝකයම එය ලොවට සරිලන ලෙස අනුවර්තනය කරනවා.එය ස්වභාවධර්ම පනතට අනුකූලවයි..වැදගත් හා විචාරශීලී ලිපියක්

    ReplyDelete
  2. ඔයාගේ අදහසට මම එකඟයි ජනරඟ ඔයා කියලා තියෙන්නේ මම නොදැකපු පැත්තක් :) ස්තූතියි මේ පැත්තේ ආවාට

    ReplyDelete
  3. නියම ලිපියක් සුදුහංසි...මරු

    ReplyDelete
  4. මේ පොත වෙන කොහෙන්ද ගන්න පුළුවන්?

    ReplyDelete
  5. ආදරය හා වෛරය අතර ඇති දුරටත් වඩා අඩු දුරක් තමයි අද දේශද්‍රෝහියෙක් අතර හා දේශප්‍රේමියෙක් අතර තියෙන්නේ! ආසාවෙන් ඉන්නවා කියවන්න

    ReplyDelete
  6. මම පොත් කියවන්නෙ නැතෝ...:P

    ReplyDelete
  7. හමුදාවේ කැපකිරීම් ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඒ මා ඔවුන් සමග කතා කර ඇති නිසයි. ඒවා යම් යම් දේ නිසා අමතක වෙමින් වටිනාකම අඩුවෙමින් යන කලෙක මෙසේ සටහන් තැබීම සතුටක්. ඒහෙත් ඒ කැපකිරීම් වලට දැන් ඇති වටිනාකම කුමක්ද? ලිපිය කියවා අවසානයේ කලකිරීමක් ආවා

    ReplyDelete
  8. නියම ලිපියක් හංසී... මේ පොතත් පුළුවන් උනොත් හොයාගෙන කියවනවා..

    ReplyDelete
  9. මෙ රටෙ දෙශපාලණ ඉතිහාසය දිහා බැලුවම මෙතරම් විරුද්ධ පාක්ෂිකයන්ට වින කටින වකවානුවක් මා මතකයට එන් නැ . එ පිලිබදව නම් දැඩි කලකිරිමකින් මා පසු වන්නේ.
    සුදු අක්කට කිලිනොච්චි ස්මාරකයෙ පුවරුව දුටු විට ඇති උන කනගාටුවක් වගෙම කණගාටුවක්, කලකිරිමක් මා හටද ඇති වනවා මා කටුගස්තොට පාලම මතින් ගමන් කරන විට. එ අසලම ඇති සීගිරි සිනමා ශාලව දෙස අති විශාල ''යුධ ජයග්‍රහණයෙ වීරයින්'' නමින් පුවරුවක් සවි කර තිබෙනවා. එය සවි කර තිබෙන්නෙ අර කිව්ව ජානාධිපතිවරණයට කලිනුයි. එ අවස්තාවෙ යුධ විරයකු වු අපෙ ජෙනරාල් තුමාගෙ පින්තුරය ජනපතිවරනයෙන් පසු කලු පැහැ කොටුවක් බවට පත් කර තිබෙනවා. මෙය දකින ඕනැම කෙනෙකුට ඇති වන්නෙ අතිශය කලකිරිමක්.

    මෙවන් දේවල් දෙස ඇස් කන් පියා බලා සිටිය හැකිද ?

    ReplyDelete