Dec 23, 2010

ගරහන්න එපා අහිංසක පෙමට

සමනලියකට වසග උන
බඹරෙකුට පෙම් කල සමන් මල, 

වැළපෙනව අද ඉකිබිද
කාත් කවුරුත් නැතිව තනිවම,
අතරමං වී කුරිරු කතරක
කෙම්බිමක් සොයා ඇදෙන විට, 

පැන් පොදක් කියා වැළද ගත් ඔබ
මිරිගුවක් වී ගියා ඈතට,
සමන් මල් කැකුළ තනිකර 

 සමනළිය සොයා ගිය නුඹ ,
 රැවටී කිරිලි කුමරියකට
වරදත් පැටවුවා සමන් කැකුලට,
නිල් නුවන් කදුළු බොද කර 

 අයැදිනා විට සෙනෙහස, 
පැවසුවා නුඹ පෙම් නොකළ බව  
කිසිදාක සමන් කැකුලට,
හිතට නොදැනුණ සෙනෙහස  

වදන් කොට පැවසුවලු නුඹ, 
නුඹම කීවා යළිදු දිනයක  
දැනෙනු ඇති බව සෙනෙහස,
එවන් දිනයක හිරු රැස
පායනා තුරු අදුරු කතරට, 

කදුළු පුරවන් ඇස් අග  
බලා උන්නා සමන් කැකුලිය,
විලක උන් කුමුදු මලකට  

දුක සිතී සමන් මල ගැන‍,
 සොයුරු සෙනෙහස කැටි කර
සිනාසී බැලුවාලු ඇය දෙස,
කුරිරු වදනින් සොවබර  

බඹර කුමරුන් රිදවු විට සිත, 
තනිකම හිතට හිරකර  
දුරින් සිටියා සමන් කැකුලිය,
තුන් හිතක නොවු කරුණක
අරුත් සුන් අරුතක් සොයාගෙන, 

බඹරිදු පෙළයි සමන් මල
ගරහන්න එපා මගේ නිමල පෙම හට
පෙම් කළේ මම නුඹට 

 සදාකාලෙට ලගින් ඉන්නට, 
ඔත්පලයි දැන් කවි හිත
කිසිදාක බැහැ යළිත් පෙම් පුරන්නට,

5 comments:

  1. "ගරහන්න එපා මගේ නිමල පෙම හට
    පෙම් කළේ මම නුඹට
    සදාකාලෙට ලගින් ඉන්නට,
    ඔත්පලයි දැන් කවි හිත
    කිසිදාක බැහැ යළිත් පෙම් පුරන්නට"

    ආදරයෙන් පරඩ උනහම අපි ට හිත හදාගන්න අමාරුයි......

    ඒත් මම හිතනවා හිත හදාගන්න ම ඔනේ කියලා...

    ආදරය කියන්නේ ජීවිතයම නෙවෙයි...

    ReplyDelete
  2. I’ve been following and enjoying your blog for a while now and would like to invite you to visit and perhaps follow me back. Sorry I took so long for the invitation.

    ReplyDelete
  3. "ආදරය කියන්නේ ජීවිතයම නෙවෙයි." ඒක ඇත්ත. ඒ වුනාට ආදරය නැති ජීවිතය??

    ලස්සනයි අක්කා ගොඩාක්. ඊට වැඩි දෙයක් මට හිතාගන්න බෑ කියන්න

    ReplyDelete
  4. ආදරය කියන්නෙ ජීවිතය නොවුනට...ජීවිතය ලස්සන ආදරයෙන් ..
    ඒත් ඒක අහිමි වුනාම දරාගන්න අමාරුයි...හොඩක්ම අමාරුයි...

    ReplyDelete