Dec 21, 2010

මලට ලීයූ ලියුමක්

මල් වත්ත,
මල්පාර,
මල් යාය.
22/12/2010
 මල් වඩම් හීනෙන් පෙනේවා..


මගේ මල පැන්නූ කේස් එක වෙත මලින් ලියන වගනම්

         දයාබර මල් කේස් එක, නුඹ මලක්ද, කිරිල්ලියක්ද එසේද නැතිනම් ඩුප්ලිකේට් සුරංගනාවියක් දැයි නොදනිමි, නමුත් මා දන්නා එකම එක කාරණය නුඹ හරිහමන් ජෙන්ඩර් එකක් නැති එකෙකු බවයි. බොට මා මේ පෙම් හසුන ලිවීම‍ට අදහස්  කලේ මගේ හදවත තුල බෝ කෙරෙහි වු ප්‍රෙමය උතුරා ගලා පිරී ඉතිරී ගොස් වාන් දමා මල කෙලියක් සිදුවී ප්‍රෙමය ඉස්ටෝර් කිරීමට ඉස්තානයක් නොමැති වු බැවිනි. 

       මෙලෙස අකුරු වල පටලා අහුරා අඩුක් කර කම්ප්‍රෙස්කොට , තොට එවීමට සිතුවේ මෙම ප්‍රෙමය නිසා මා පැලී මිය ගියහොත් මගේ ඉරනම් කාරයාට සොරිම වන බැවිනි. තොට මගේ මල් වත්තේ වැට පනින්නට සපොට් එක දුන් මූකලන් බස්සා කවුරු උන්ත් මම නම් දැන් ඉන්නේ ඒ සත්වයා පිළිබදවු උපරිම මලෙනි, නිකමට හෝ ඒකා මේ ළග පාතකට පැමිණියහොත් මම ඒකාව මල් යහනක සතපවා මලින් සරසා මල් වඩමින් පුද දෙන එක නම් සුවර්ය.... ඒ වග මා කිව් බව ඌටත් කියාපිය..

      තට මා වැව් මල් වත්තේ මලක් අනවසරයෙන් නෙලා ගැනීම පිළිබද මෙතරම් දොස් කීමට හෙතුව ඒ මල මට ගොඩක් වටිනා මලක් වීමය... විශේෂයෙන්ම එය මා හට මල පැනීම නිසා පල කල මලක් වීමය...මා මල් වවන්නේ තොපිට බලා රස විදින්නට මිස මටත් හොරෙන් නෙලා වෙන වෙන උන්ගේ අයිතියන් හගවන්නට නොවේ...

     තෝ මල් වත්තට පැන මලක් නෙලා ගැනීම මට ඒ තරම් කාරනාවක් නොවේ, මගේ මල ට කාරනාව බෝ මගේ වත්තට පැන ඇත්තේ මගේ මලට හොතුවු මලගේ කරපිටින් වීමත්... දෙදෙනා එකතුම මගේ මල හොරකම් කිරිමත් නිසාය. 

   මීට වඩා කීමට දෙයක් නැත මල් වැවීම මගේ ජ්විතයයි, ඒ පිපිපෙන පිපෙන හැම මලකම ඇත්තේ මා දුක් ව්දිම්න් ගැලපූ රොන්ය... නුඹලාට මල් රස විදීමට අවසර ඇත.... නෙලිමටද ඒසේමය.... රස විදිම සදහා සිහින තවලම ඇතත් මල් නෙලිමට අවැසිනම් මැසේජ් එකකින් හරි මට පොඩියක් මතක් කිරීමට කාරුනික වෙයව්... මොකද මම මල් රස විදින විට වෙන එකෙකුගේ වත්තක මගේ මලක් උගේ වගේ තබාගෙන සිටින විට මේ හදුන් පොතට ඒක දරා ගැනීමට අපහසුය......


මීට මල් වවන 
මම

     

7 comments:

  1. Anonymous8:12:00 PM

    hiks.malama thamaa.
    kawii

    ReplyDelete
  2. කවුද බොලේ මල් හොරෙන් කඩන්නේ ඔයාගෙ වත්තේ..

    ReplyDelete
  3. කියවලා හිනා වුනාට මොකද බරපතල කේස් එකක් වගේ?

    ReplyDelete
  4. කවුද මේ සුදු හංසිගේ වත්තේ මල් හොරෙන් කඩන්නේ ????

    ReplyDelete
  5. මල් කේස් එකක් ද...?

    ReplyDelete
  6. අපිනම් දන්නවද මන්දා මේකෙ පැමිණිළිකාරයොයි විත්තිකාරයයි ඔක්කොම...

    ReplyDelete
  7. Anonymous2:33:00 AM

    අඩේ මාර ක්‍රියේටිව් ලියුම ඈ... මැක්සා

    ReplyDelete