Dec 13, 2010

ආදරේ දුක

සුළග පසුපස හඹා යමි මම,
නිහඩ වන්නේ කෙලෙසද
සොයා යා යුතුය ආදරය....

අහිමි වී ගිය සන්තකයම,‍
යලිත් ඉල්ලා හඩන හදවත
වාවන්නේ කෙලෙස නම් මම...

වැතිර හෝ ඔබ දෙපා පාමුල,
හඩන්නම් ඉකි ගසා මම
ලැබ්නම් මට හීන සෙනෙහස
හිත පුරෝගෙන සිනාසෙන්නට......

4 comments:

  1. සුළඟ පසුපස හඹා යනු කිම
    මතකය ජීවිතයට අත්දැකීමක් කර
    සොයා යනු මිස තවත් ආදරයක්....

    ReplyDelete
  2. මගෙන් අහපු එකක්ම අක්කගෙන් අහන්නම්.. මේ මිරිගුවක් පස්සේ නේද දුවන්නේ??

    පූසෝ.... තම්බ්ස් අප්.. ලයික් දිස්!

    ReplyDelete
  3. Anonymous6:35:00 PM

    පලක් වෙද නුඹට හීන සෙනෙහස
    සොය යනු මැන සැබෑ හදවත,
    ලැබේවී යම් මතු දිනක...
    නුඹ පතන නු‍ඹගේම ආලය...

    ReplyDelete
  4. කියන්නෙ කෙලෙස මම
    ආදරයි තියෙන නුඹට
    ගලක් කර මුළු හිතම
    විසිකරම් සමුදුරය හෙට මම.....

    ReplyDelete