Feb 9, 2012

නිහඬ වුනා මම මොහොතකට



මන්දාරම් වැස්ස එදා වගේම වහිනවා. ඒ වැස්සේ තෙමි තෙමී නටපු පුංචි කෙල්ල අදත් ඒ වැස්සට තෙමෙනවා.. එදා වැහැපු වැස්සමයි.. එදා දැනුනු සීතලමයි. .. ඒ හිරිකඩමයි.. ඒ හිතමයි..


සිත දුවයි පන්සල් මාවතේ...
නෙතු සැලෙයි සිතිවිලි මාරුතේ...
මං සොයද්දී ජිවීතේ...
මඟහැරී මල් වසන්තේ..


හෙම්බත් වුනු සිතුවිලි වලට විරාමයක් දෙන්න මොහොතක් නිහඬ වුනා මම මොහොතකට .. ඇස් දෙක පියාගෙන.. හිතට සැහැල්ලුවේ පාවෙලා යන්න ඉඩ හැරියා.. ඒත් වගකීම් වලින් බරවුනු හිත එතනමයි... නෑ කිසි නිවනක්....


සින්දු කිරිල්ලී පියඹා ඒවී හන්තානට.... ඒත් අද නොවේ!!! නුදුරු දිනෙක.....

5 comments:

  1. "ඒත් වගකීම් වලින් බරවුනු හිත එතනමයි... නෑ කිසි නිවනක්...."

    ඒකනම් ඇත්ත අක්කේ... අනේ කෝ මගේ කේතකී... මම හිතුවේ ඒක ලියාවි කියලා... :(

    ReplyDelete
  2. හ්ම්ම්ම්......අද කතා ලියන මූඩ් එකේ නෑ වගේ.

    ReplyDelete
  3. හ්ම්.... ටික කලකට කේතකීව බලන්න වෙන්නෙ නෑ වගේ....

    ReplyDelete
  4. හම්....
    "ඒත් වගකීම් වලින් බරවුනු හිත එතනමයි... නෑ කිසි නිවනක්...."

    වැඩ ගොඩ මතක් වෙනකොට පිස්සු වගේ අප්පා......

    ReplyDelete
  5. Anonymous9:18:00 PM

    මං සොයද්දී ජිවීතේ...
    මඟහැරී මල් වසන්තේ..//// මේ ටික ඇත්ත....

    ReplyDelete