මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Feb 6, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 5 කොටස

දැඩි සීතලෙන් දෙපා හිරි වැටෙද්දි කේතකී පොරෝණය තුලට තව තවත් ගුලි වුවාය. පාන්දරම හන්තාන නිම්නය වැසි දෙව්දුවට යටත් වි ඇත. සති අන්තය පටන් ගත් බැවින් කේතකී පෙර දින රැයේ නිදි යහනට වැටුනේ සෑම සිකුරාදාවකම සිතට දැනෙන අපුරුතම සැහැල්ලු බවත් සමහිනි. රැය ගෙවී යනවා ඇයට නොදැනෙන්නට ඇත්තේ නින්ද සුවපහසු වු නිසාම විය හැක.

හන්තාන නිම්නයට වැසි වැටෙන පාන්දර යාමයේ සුන්දරත්වය වචනයෙන් කියනවාට වඩා විඳය යුත්තකි.  මීදුම් තිරයෙන් වැසී ගිය හන්තාන කන්දත් හැල්මේ ගලායන මහවැලියත් සිප හමා එන සීතල සුළං කැරලි ජනෙල් වීදුරුව මෙපිට සිට කේතකීට සුන්දර හිරිහැරයක් කරයි.

මෙවන් වැහිබර පාන්දර යාමයක දැනෙන දැඩි නිදිබරබව කේතකී කවදත් ලෝබකමින් වැලඳගත්තකි. පොරෝනය තුල සිටි බූල් වලස් පැටියා ලයට තුරුළු කරගත් ඇය දෑස් පියා යලි නිදන්නට වුවාය. පසුබිමින් ඇසෙන වැසි බිදිති වල ගීතවත් නාදය සහ වැහි සීතල විසින් නින්දත් නොනින්දත් අතර වු සුන්දර මිටියාවතක කේතකීව අතරමන් කොට තිබුනි.

ඒ මිහිරියාව විසින් තද නින්දකට ඇද දමනු ලැබූ කේතකී අවදි වුයේ උදෑසන නවයත් පසුවු පසුය.  ලාහිරු රැස් වියැකී  සැඩ හිරු රැස් කෙමෙන් කාමරයට එබෙද්දී  ඇයජනෙල් තිර මෑත් කර ආලෝකය වින්දාය.

ආ...නේනා හාමු නැගිට්ටද... මම මේ ආවේ පස්ස පැත්තට දෙකක් දීලා ඇහැරවන්නසකුන්තලා කාමරයට එබෙමින් කීවාය.

ගුඩ් මෝනිං ලොකු බබා..හ්ම්ම්ම්ම්ම්ම්.. කම්මැලියි අනේ....දෑත් දෙපසට විහිදා කම්මැලි ස්වරූපයක් මවමින් කේතකී කීවාය.

කම්මැලි කම යන්නත් එක්ක අන්න ආත්තම්මා කොළ කැඳ හඳනවා ගිහින් උදව්වක් කරන්න.. මම ගේ අතුගානකල්.. කේතකීගේ කාමරය තුලට පැමිනෙමින් සකුත්තලා කීවාය.

අම්මී ඔය හදන්නේ මගේ කාමරෙත් අතුගාන්නද.... කේතකී කලබලයෙන් ඇසුවාය.

ඔව්.... ඇයි??සකුන්තලා පුදුමයෙන් කේතකී දෙස බලා සිටියාය.

න්....නෑ අනේ... මම පස්සේ අස්කරලා අතුගාන්නම් කියලා උන්නේ.. පොත් රාක්කේ අස් කරන්න ඔනි..

අපෝ.. මේ.... ඔයා කම්මැලි කමේ අස් කරනකල් මට ඉන්න බැහැ සුදු.. මම අතුගාගෙන යන්නම් ඔයා පොත් රාක්කේ අස්කරලා ආයිත් අතු ගාන්න.... දැන් ගිහින් මුණ සොදගෙන ඇදුම් මාරුකරලා ඉන්න.. අප්පච්චිගෙන් බැනුම් අහන්නේ නැතිව...

සකුත්තලා අතුගාමින්ම කියද්දී, කේතකී තුවායත් රැගෙන කාමරයෙන් පිටවුනාය. කුස්සිය හරහා  යන අතරතුර, පහත් පුටුවක වාඩිවී කෑඳට කොළ තෝරත අතරම ගුවන් විදුලියේ ධර්ම දේශණයට සවන් දෙමින් සිටි පොඩී නෝනා හා සුපුරුදු ලෙස සුරතල් වුවාය.

අපෝ.... තාම මූණ සෝදලත් නෑ නේද.. එන්න එපා මාව ඉඹින්න.. යන්න මැණික මට මේ බණ කතාව අහන්න දීලා... පොඩී නෝනා කේතකීගේ ග්‍රහණයෙන් මිදෙමින් කීවාය.

ආ... හේමද... එන්න එපා ආයි මගෙන් කිස් ඉල්ලන්න... තලායි මම තලාම තලායි පොඩී එක්ක... බොරුවට පොඩි නෝනා දෙසට රවමින් කේතකී කුස්සීයේ දොරෙන් ලිඳ දෙසට හැරුනාය.

යසයි ගෑණු ළමයා මූණ සෝදන්න යන වෙලාව.. මිදුලේ උඳුපියලිය පලස මත සක්මන් කරමින් උන් නන්දන කේතකී දැක කීවේය. බයාදු සිනහවකින් අප්පච්චීට සංග්‍රහ කල ඇය ඉක්මන් ගමනින් ලිඳ වෙත ගියාය.

ලිඳ ලඟ පරිසරයේ සුන්දරත්වය  නිසාම  නිවාඩු දිනයන්හී මුහුණ සේදීමට කේතකීට වැඩි වෙලාවක් ගතවෙයි.. අනෙකුත් දිනයන්හී රාජකාරියට යෑමේ කලබලය විසින් ඇයට මගහැරෙන වින්දනය සති අන්තයේ ඇය රිසි ලෙස වින්දාය.

-**-

සුදු පුතේ අද මොකක් හරි විශේෂ වැඩක් දාගෙනද ඉන්නේ...

කේතකී ආපසු මුහුණ සෝදා පැමිනෙන විට සාලයේ පුටුවක හාන්සී වී පත්තරය බලමින් අන් අප්පච්චී ඇයව ඇමතුවේය

 “න්..න්නෑ අප්පච්චී....  සාලට මැද නැවතුනු කේතකී නන්දන දෙසට හැරී කිවාය.

ආ.. හොඳයි එහෙනම් ඇඳුම් මාරු කරලා , උදේට කාලා එහෙම එන්නකෝ අපි දෙන්නා පොඩි වැඩක් කරන්න... තම අතවු පත්තරයට මුහුණ ඔබාගත්වනම නන්දන කීවේය.

පාසැල් ගුරුවරයෙක් වු නන්දන බොහවින්ම නිහඬ පුද්ගලයෙකි. පාසලට නිමවී නිවසට පැමිනෙන වෙලේ පටන් කුමක් හො කාරියක නිරතව සීටිම ඔහුගේ පුරුද්දයි. ඇතැම් දිනෙක දහවල් කාලයේ නිදා ගැනීම හැරෙන්නට මොනයම් හෝ දෙයක් නොකොට නිකරුනේ කාලය ගෙවන්නට ඔහු නොකැමතිය. ඉඳ හිට පොතක් පත්තරයක් බැලුවද, ඔහු වඩාත් ප්‍රිය කලේ වත්තේ පිටියේ වැඩක් හෝ සකුන්තලාගේ කාරියට උදව්වීමටයි. එයින් නිවසේ කෑම පිසීමට ඇවැසි දර පලා සකස් කීරම නන්දන ආශාවෙන් කල කාරියකි.

උදැසත  තේ වෙනුවට අත්තම්මා පිළියෙල කල කොළකැඳ කෝප්පය පානය කල කේතකී සැහැල්ලු ඇඳුමක් ලාගෙන සාලයේ සිටි නන්දන සොයා ගියාය..

හරි අප්පචීචී.... ආවා.... නන්දන අසුන්ගෙන සිටි පුටුවේම අසුන් ගනිමින් කේකතී කීවාය.

ආ.. ආවද... අපි දෙන්නා අද සාලේ ටිකක් වෙනස් කරමු... හැමදාම එකම විදියට දැකලා එපා වෙලා.. පත්තරය හකුලා දමා පුටුවෙන් නැගිටිමින් නන්දන කීවේ නැවුම් ජවයක්ද සමඟයි. කේතකීද කැමැත්තෙන්ම හිස වනා අප්පච්චී අනුව නැගී සිටියාය. මාස කිහිපයකට වරක් ගේදොර බඩු භාන්ඩ අසුරා ඇති පිළිවෙල වෙනස් කිරීම නන්දන කවදාත් සතුටින් කල දෙයකි. බොහෝවිට කේතකී හෝ කේනුල ඔහුට උදව් කරයි.

අප්පච්චී සමහ එක්වී  පැය කිහිපයක්  ගතකොට සියලුම ගෘහ භාන්ඩ පිස දමා නැවුම් ලෙස සකසා නිම කල කේතකී  තම කිලිටි ඇඳුම් ද රුගෙන නැවතත් ලිඳ කරා ගියාය. දහවල් හිරු රුස් වලින් ලිඳ අවට උණුසුම වැඩි කරද්දී.. දිඹුල් ගස් අතරින් මතුවන නැවුම් දිය දහරින් සැනහුනු කේතකී දිගු වරලසින් ජලය වැස්සෙද්දීම සෝදා නිම කල ඇඳුම් අව්වේ දමා කෑම මේසයට වැඩි වුවාය.

දහවල් අහාරයෙන් පසු සුපුරුදු ලෙස සකුත්තලා නින්දට ගිය අතර නන්දන සමාජ සත්කාරයක් සඳහා නිවසින් පිටව ගියේය.  පොඩි නෝනා පැරණි පොතක් බලා තාලයට ජන කවි ගායනා කරද්දී. කේතකී තම පරිඝණකය ඉදිරියට වී ඇය බෙහෙවින් ආශා කල හින්දි චිත්‍රපටයක් නැරඹුවාය.


ටිං ටොං!! කණ අසලින්ම ඇසුණු භාග්‍යගේ හඬට චිත්‍රපටයේ දැහැන් ගතව උන් කේකකී ගැස්සී හැරුණාය.

අහ්!! මල්ලි බබා.. එකතල්ම දැක්කේ කෑ අනේ.... චිත්‍රපටය ධාවනය වීම තාවකාලිකව නවතා කේතකී භාග්‍ය දෙසට හැරුණාය..

අක්කී බිසී වගේ... අසලවු පුටුවෙන් වාඩි වෙමින් භාග්‍ය කතාව ඇරඹුවේය.

මොන බිසීද මල්ලීයාස්... අම්මා නිදි අප්පච්චී කොයිදෝ ගියා.. මම ඉතින් කම්මැලි කමටත් එක්ක මේක බලන්න ගත්තා...

හප්පෝ.. මේක අක්කී දැන් බලන කී වෙනි වතාවද.... මට මතකයි අක්කී මේක මුලින්ම බලලා උඩ පැන පැන හිටියා... භාග්‍ය කේතකීට සරදම් කරමින් කීවේය...

හිහ්... හිහ්!! හී..... දැන් ඒ පිස්සුව නෑ හලෝ... ආයි බලන්න ආස හිතුනා බැලුවා... පෙර දිනක තමාම කී කතාවක් සිහිවී කේතකී මහ හඬින් සිනාසෙමින් කීවාය.

ඒක එහෙමනම් හොඳයි සුදු අක්කියෝ... මම අක්කට ආදරේ නිසා කියන්නේ... ලක්මාල් අයියා අක්කිට හොඳ නෑ... ඊට වඩා ගොඩක් හොඳ කොල්ලෙක් අක්කිට ලැබෙයි.. ඒක මට සීයයට දෙසීයක් විශ්වායසි.. මගේ අක්කී නිකං එයා නිසා හිත රදවා ගන්නවට මම නම් කැමති නැහැ. .. භාග්‍ය හැඟීම්බර ලෙස කීවේය.

මාත් කාලයක් විශ්වාස කලා තමයි මල්ලා.. කවදා හරි දවසක ලක්මාල් අයියා ආයිත් එයි කියලා.. එයා තරම් හොඳ කෙනෙක් ආයි මේ ලෝකේ නෑ කියලත් මම විශ්වාස කලා.. ඒත් මම කෝල් කරද්දී කවදාවත් ආන්සර් නොකරපු.. මගේ එකම එක එස් එම් එස් එකකටවත් උත්තර නොදීපු එයාගේ හිත කොයි තරම් ගල් හිතක්ද කියලා මම තේරුම අර ගත්තා... අනික.. ලක්මාල් අයියා කෝච්චියක්නම් මම එක ස්ටේෂන් එක්ක විතරයි මල්ලයෝ... මට එහෙම ටෙම්පරි ස්ටේෂන් එකක්  වෙන්න ඹනි නෑ.. මට ඔනි ගමනාන්තයක් වෙන්න... කවදා හරි කවුරු හරි කෙලක් ඒ වී මගේ ගාව ගමනාන්තය හදාගෙන.  ඒ දවස එනකලු බලමු.... අමාරුවෙන් සිනාසෙමින් කේතකී කීවාය.

අන්න.. ඔය ඉන්නේ මගේ අක්කීයා... අන්න ඒ වගේ හිතන්න අක්කීයෝ....ඇත්තම කීවොත් මම චුට්ටක්වත් කැමති නෑ මගේ අක්කී ලක්මාල් අයියා වගේ කෙනක්ගේ වෙනවට..

ඔබ බොරු කියන්නේ.. හොර ගෙඩියා.. ඔයානේ එයා එක්ක ට්‍රිප් යන්නේ... කතා කරන්නේ....

ඒ ගිහින් පොරව දන්න නිසා තමයි සුදු අක්කියෝ කියන්නේ.. එයා නරක කෙනක් නෙවෙයි.. කොල්ලා හොඳ එකා.. ඒත් මගේ අක්කිට හොඳ නෑ... අව්‍යාජවත් සහෝදරත්වයක් භාග්‍යෙගේ  හඬෙහි විය. කේතකී ඔහු හා ආදරයෙන් සිනාසුනාය.

ම්ම්ම්ම ඔයා කියන නිසා විශ්වාස කරන්න ඔනිනේ... ඒ නැතත් මගේ දුක සෙල්ලමක් කර ගන්න නිසා මට දැන් ඇත්තටම ලක්මාල්ව පේන්න බැහැ මල්ලා....

ඇති.. අක්කියෝ.. ඔය ඇති.... අපි වෙන මොනා හරි කතා කරමු..... මොනවද හවස ප්ලෑන්.... කතාව වෙනතකට ගෙනයමින් භාග්‍ය ඇසුවේය.

ම්ම්ම්ම්... හ...ව..ස... එහෙමට මුකුත් නෑ... අපි යමුද පන්සල්....

ආච්චී අම්මවත් එක්කගෙන යමු.. කොහේද යන්නේ... මාළිගවට?..

අන්නේ දුරයිනේ මල්ලාස්... අපි ලඟට යමු.....

එහෙනම් ගැටඹේ යමු... අක්කි ආසයිනේ.....

බෑ.....!!! මම ආස නෑ....!!!! ඔයා දන්නවා නේ ඇයි කියලා.....

ආ.... ඔව් ඔව්.. දැන්ම අමතක කරපු මාතෘකාව ආයි ඹනි නෑ... හරි.. අපි ගැටඹේ යන්නේත් නෑ... අපි යමු හන්දියේ බොධියට.. කොතන ගියත් එකම ආනිසංසේනේ...

ම්ම්ම්.... යමු ගිහින් චේන්ජ් කරන්න ඉක්මනට එන්න. මම පොඩීව ලැස්ති කරන් මල් කඩලා රෙඩි වෙන්නම්.. නැවුම් සතුටකින් උඩපනිම්න් කේතකී කැහැවාය..


භාග්‍ය පිටවී ගිය පසු , මල්වටියත් දෑතත් දෝවනය කරගත් කේතකී තණකොල ගොල්ල හරහා වත්තේ ඇවිදිමින් මල් කැඩුවාය. හන්තාන නිම්නයේ පිහිටි ඇයගේ නිවස වටා පිහිටි විශාල ඉඩම පුරාවට නොයෙක් වර්ගයේ ගස් වවා තිබුනත් වීහාල ඉඩ ප්‍රමාණයක අරක්ගෙන සිටියේ තණ කොලත් ඒ අතර වැඩුණු ඩැන්ඩිලයන් පඳුරුත්ය. කහ පැහැයෙන් මල්ල පිපී හැඩවෙන ඩැන්ඩිලයන් මල් යායේ ඇවිදින්ට මෙන්ම විවේක වෙලාවන්හීදි ඒ මත වැතීර පොතක් බලන්නටත් කේතකී බොහෝසේ ඇළුම් කලාය.. බුදු පුදට ගෙන නොයන මලක් වුවත් ඩැන්ඩිලයන් මල් පොකුරක්ම කඩා ගත් කේතකී පුංචි ළදැරියක මෙන් දුව පනිමින් වත්තේ මල් පදුරු ගානේ ඇවිද්දාය.

-**-

සවස් වරුවට තවත් සුන්දරත්වයක් එක්කරමින් බාග්‍යත් කේතකීත් දැල්වු කහපැහැති පහන් වැටිය පින්පාටින් බබලන්ට විය. අත්තම්මා විසින් සකස් කල සුවඳ කුඩු බහාලු පැන් කලයත්,  හවස් වරුවේ වත්ත පුරා ඇවිදිමින් නෙලාගත් මල් අසුරා සකස් කල මල් වට්ටිත්, සුවඳ වර්ග හතකින් යුත් සුවඳ කුරු වල සුවඳන්. බෝමළුවේ සිලි සිලියත් එක්ව ඇති වු මනරම්  බවට වශිවී උන් කේතකී වැලි මළුවේ වාඩිගෙන දෙනෙත් පියා ගත්තාය. දැඩි ලෙස ඇලී ගැලී නොගියද දෙනෙත් පියාගෙන භාවනාවට සමවැදීම සිතට සැනසුම බලා දෙන අපූර්වතම ව්‍යායාමයක් බව කේතකී අත්දෑක්මෙන්ම දැන උන්නාය..  බොමළුවේ සිලි සිලි නඳට කන්දීගෙන බොහෝ වේලාවත් දෙනෙත් පියාගනෙ සිටින්නට කේතකී කවදත් ආශා කලාය.

අක්කීයෝ..... ඇති නේ.... යමු ගෙදර.... භාග්‍ය කේතකීගේ කණ අසලම සිට රහසින් ඇසුවේය.. කේතකී දෙනෙක් විවර කල බැලුවාය..

යන්නත් බෑ වගේ...... හිතට පුදම සැහැල්ලුයි...කේතකී ලෝබ කමින් කීවාය...

ඒක නම් ඇත්ත අක්කීයෝ....හැමදාම පුළුවන්නම් එන්න හිතෙනවා.... භාග්‍යද වශීවී ගිය හඩකින් කීවේය.

අපි රේස් එකක් දුවනවා මල්ලා... හති වැටිලා ඇඬලා කියලා අපිවත් දන්නැ.. ඒත් ඒ රේස් එකේ අපි දිව්වේ නැත්නම් අපිට ජීවත් වෙන්නත් බෑ... ඔයා දැකලා තියෙනවද පිට රටවල කුළු හරක් එක්ක මිනිස්සු රේස් දුවනවා.. අපිත් වැටිලා ඉන්නේ අන්න ඒ වගේම රේස් එකකට.. දිව්වේ නැත්නම් අපි ඉවරයි... කේතකී හැඟුම්බරව කීවාය

8 comments:

  1. බ්ලොග් රෝලට දා ගනිමි...

    මේක පොතක් විදිහට ප්‍රින්ට් කරන්න හිත තියෙනව වගේ. පොටෝ වලින් මට හිතුනේ.. ;)

    සිරාය..!

    ReplyDelete
  2. අර කේතකී, නිදාගන්න හැටි කීවම මට නම් නිදාගන්ටම හිතුනා. මේ දවස්වල නිදාගන්නවා අඩු හන්දා වෙන්ටැති. :D

    ReplyDelete
  3. මමත් ගැටඹේ පංසලට දෙතුන් වතාවක් ගොස් ඇත.....

    ReplyDelete
  4. මං හිතන්නේ අදත් මං කියෙව්වා.......

    ReplyDelete
  5. ජීවිත රේස් එක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැත.. එය මේ දවස් වල විදිමි.. අද කොටසත් ලස්සනයි.. අනිත් බ්ලොග් එකක්වත් නොබල ඉස්සෙලාම ආවේ මේකට.. කේතකීට කැමති නිසාද කොහේද.. :)

    ReplyDelete
  6. අනේ...අර ඇත්තටම අක්කලහා තියන මල්ද.....ලස්සනයි අනේ....

    කතාවත් නියමයි.....

    ReplyDelete
  7. // මට ඔනි ගමනාන්තයක් වෙන්න..//

    හැම කෙල්ලෙක්ම කැමති ගමනාන්තයක් වෙන්න තමා අක්කි..:) මමත්!!!
    පුදුම ලස්සනයි!! හුරතල්, අහිංසක, බොළඳ සියුමැලි කෙල්ලෙක්ගෙ ජීවිතේ හැම ලස්සන කැටයමක්ම මේකෙ ලියැවිලා..කේතකීට කාට වුනත් ආදරේ හිතෙනවා..අක්කි කේතකීව ලස්සනට ජීවත් කරනවා.. ජය වේවා!!!

    @දිනේශ් අයියා- ඔයාට ගැළපෙනවා කේතකීව...:D

    ReplyDelete
  8. කේතකී අක්කගෙ අර අන්තිම උදාහරණයට මම බොහොම කැමතියි. ඔව් එක සහතික ඇත්ත. අපි මෙ දුවන්නෙ එ වගෙ රෙස් එකක් තමා හංසි අක්කෙ... වැරදිලාවත් මහන්සි නිවා ගන්නවත් නැවතුනොත් සමහර විට එකට අපිට ජිවිතයෙන්ම උවත් වන්දි ගෙවන්න වෙන්න පුලුවන් ........... හ්ම්... :)

    ReplyDelete