මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 30, 2011

අපේ ආන්ටිට තියෙන ප්‍රශ්ණ...

සුදු හංසියාගේ තවලම එක්ක ඉන්න හැමොම දන්නවනේ සුදු හංසියා ඉන්නේ බොඩිමක කියලා.. ඉතින් මගේ බොඩින්  ජීවිතේ රස කතා එමටයි ඒ ජීවිතේ රස මට වැඩිය දැනෙන්නේ නැත්තේ  මගේම කම්මැලි කම නිසා.. පහට ඔප් වෙලා හයහමාර වෙනකල් ඔපිස් එකේ ඉන්නවා ‍බෝඩිමට යද්දි හතයි  වොෂ් දාලා හත හමාරේ සිට කීයට හරි කන්න දෙනකල් මනෝ..  කාපු ගමන් දත් මැද්දා අනිත් අතට නිදි පහුවදා උදේ මහ පාන්දර අටහමාරට විතර නැගිටින්නේ.. ඒ ගමන් වැඩ දවසක් උනත් නැතත් ඔප්ස් එකේ නැත්නම්   කෙලින්ම ‍ නුවර එළීයේ බස් එකට ගොඩ උනා ‍ පැය තුනෙන් ගෙදර..




ඒ උනත් ඊයේ නම්  බෝඩිමේ රස කතාවකට සම්බන්ද වෙන්න ලැබුනා.. ඊයේ  මට  මහන්සිය වැඩිකමට  ෆුල්ම අවුට් වෙලා  හිටියේ..  ඒ නිසා මගේ හතහමාරෙන් පසු මනෝ සෙෂන් එකේ මම කාමරේ ලයිට් එකත් ඔප් කරන්න හිටියේ... අපේ බෝඩිමේ උයන්න ඉන්නේ ආන්ටි වයස 50ක විතර අවිවාහක කෙනෙක්.. නම කරුණා... අවුරුදු 30ක්ම ගේ ඇතුලෙලු ගෙදරින් එළියට ගියොත් යන්නේ මාස දෙකකට සැරයක් බොහෙත් ගන්න පේරා හොස්පිටල් එකට... එයා ගෙවල් ගෙම්බි වගේ දන්නේ ටී වී ඒකෙ යන ඒවා විතරයි ඒ උනාට සියල්ල දත් වගේ තමා  ඉන්නේ පව්නේ කියාල මාත් අහන අහන දේට ඔව් කියලා පාඩුවේ ඉන්නවා... කොමත් මම වැඩිය ටයිප් කලාට වැඩිය කාතා කරන්න ආස නැහැනේ මගේ මනෝ ලොව තමා මම ඉන්නේ , ඒ නිසා ආන්ටි කියවන හැම දේටම මම ඔව් නැ බෑ උත්තර තමා දෙන්නේ... 




ඔන්න ඉතින් මම ලයිට් ඔප් රක්ගෙන ඉන්නකොට ආන්ටි ආවා... දොර ඇරලා බැලුවා මම වෙනදා වගේ ඒම් පී ත්‍රී එක දාගෙනත් නෑ... ඒ නිසා එයා මම නිදි කියලා හිතලා යන්න ගියා.. අල්ලපු කාමරේ ඉන්නේ බොඩිමේ අයිති කාර ආන්ටි.. ඔන්න දැන් ගිහින් කියනවා..

Apr 28, 2011

ඉස්සර කවි

 

ඔබ මගෙයි මගෙම පමණයි
මගේ හිතම මටම මුමුණයි
මැව් සිහින හරිම බොළදයි
ඒ සිහින ඔබෙම පමණයි
මගේ සිතැගි ලොවම හදුනයි
පෙම් සිහින ගගුල ඔබටයි
කවි හැගුම තවම සසලයි
පන්හිදත් ඔබට පමණයි

පෙම් පැතුම ඔබයි ඔබමයි
දුර උවත් ළගම වගේමයි
සෙනෙහසත් මටම උරුමයි
ඔබ තවත් හරිම නිහඩයි

Apr 26, 2011

සිහිනයක් නුඹ නම්

අතුල පලසේ විසුල පිනිසේ 
මැකී යයි නම් අතීතේ
හිත පිරෙන්නට පෙම් පුරන්නට 
ඔබ ළගට එන්නට සිතේ

සුනෙර අරනේ බවුන් වඩනා 
තවුසියක සිතිවිලි සැලේ
අහිමි නුඹටම පෙම් කරන්නට
මට හොරෙන් මසිතට හිතේ

සියපතක් මත රගන සමනලි 
ඔබ තුරුලේ සැතපෙනු දනී
ඇයට හිමි නුඹ මගේ නොවන බව 
දෑනි තෙන් කදුලින් තෙමේ

Apr 24, 2011

මායාකාර ඇස් 7

 මායාකාර ඇස් 6


රැයෙහි මට තදින් උණ ගැනින.. ලොකු අක්කා මුළු රැයම නිදි වරාගෙන මා අබියස උන්නාය...  වේදනාවෙන් කෙදිරි ගාමින් උන් මා අසලට අම්මාත් තාත්තාත් වරින් වර පැමිණියෝය... ලොකු අයියා සාලයේ සක්මන් කරන හඩ රැය පුරා ඇසිනි.. ඒ පියවර හඩ මගේ හදවත මතින් ගල්රොලක් ගමන් කරන්නාත් මෙන් වේදනා කාරී විය.. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය රැයෙහි අවසන නිවැසියන් සියල්ලෝම වෛද්‍යවරයෙකු හමුවට මා ගෙන යෑමට බොහෝ උත්සහ කලත් මම ඊට අකමැති වීමි.. වෛද්‍යවරයෙකු හමුවේ සුදුවු සියල්ල වමාරා දෙමාපියන්ගේ හදවතට ගින්දර දෙන්නට නොහැකියෙන් වෙර යෙදා මා සුවෙන් සිටින බව සියල්ලන්ටම ඇග වීමි.. ලොකු අයියා ඒ ගැන  උරණව සිටිනා බව ඔහුගේ ඉරියව් මනාවට පැහැදිලි කලේය. අක්කලා දෙදෙනාත් තාත්තාත් රැකියා සදහා පිටත්ව ගියපසු අම්මාත් මමත් ලොකු අයියාත් නිවසේ තනි වුනෙමු.. බොහෝ වේලාවක්  අම්මාත් ලොකු අයියාත් සාලයේ කතා කරමින් උන් දෑ මා හිස ගිනි අවුලවන්නට සමත් විය..

Apr 15, 2011

මගේ ඩියුටි.

ඩියුටි කීවම අපිට ඔපිස් එකේ නම් පොතක් පිරෙන්න ඩියුටි තියෙනවනේ ඒත් මම අද කියන්න යන්නේ අවුරුදු කාලෙට මට තියෙන ඩියුටි ගැන .. හැබැයි සාපේක්ෂව බැලුවොත් මේ වතාවේ මම සැහෙන ඩියුටි කොටසකින් රිලිස්.. ඒ මො‍කෝ  මගේ ඩාලිං මේ සැරේ අපි එක්කනේ... ඩාලිං කීවේ මගේ සුදු අත්තම්මට. අම්මගේ අම්මා.. ඒයා අපේ ඉතිහාසයේ පළමු වරට අපේ ගෙදර ඉදන් අවුරුදු සැමරුවා.. වෙනදට එයා අවුරුදු සමරන්නේ නුවර ලොකු මාමලා එක්ක. මේ සැරේ  අපේ අනිත් අත්තම්මා ඒ කියන්නේ අප්පච්චිගේ අම්මා අසනීප වෙලා අපේ ගෙදර ගෙනා නිසා අම්මට උදව් වෙන්න ඩාලිං මාස ගානක ඉදන් අපේ ගෙදර.. ඩාලිං ඉන්නවා කියන්නේ මට සැප තමා.. කන්න ජාති ඉල්ලන පමාව පමණයි.. ඒයාගේ මුල්ම මිණිබිරී සහ තුන්වන පරම්මරාවේ  වැඩි මහල්ලම කෙනා විදියට ඩාලිං වැඩිපුර ආදරේ මට..නංගිලා මල්ලිලා එකෙක්ට බැහැ ඒ  තැනට එන්න.. කොයි තරම් ආඩම්බරයක්දෑ සුදු හංසියාට.. ආ.... සෝයි ම  කතාව සුට්ටං කාලේ ඉදන් මගේ ගෙදරට නම සුදූ ... ඒත් සයිබර් සැනකෙලියට අම්මා ආව නිසා එයින් පස්සේ සුදු හංසි නම ප්‍රසිද්ද උනා ගෙදර අයට. දැන් ඩාලිං හිටි ගමන් මට සුදු හංසි කියලත් කතා තරනවා.. අනේ මගේ සූකිරි කැටේ....

Apr 9, 2011

මායාකාර ඇස් 6

 මායාකාර ඇස් 5


මම කෑහසාගෙන ඉවතට පැන්නෙමි.. "ඊයා.... අයින් වෙයින් අයින් වෙයල්ලා එකෙක් වත්.. මගේ ළගට එන්න එපා...."
හැකි වෙර යොදා කෑ ගැසීමි. මා වට කරන් උන් කිසිවෙකු හදුනාගන්නට හැකියාවක් මට නොවීය... "දෙවියන්ගේ නාමෙට මාව අත්ඇරපල්ලා.. කවුද උඹලා.... කවුද......" ඔවුන් කවුරුන්දැයි විමසුවත් මාහට මා හදුනන කිසිවෙක් ගැහ මතකයක් නොවීය.. මේ සියල්ලන්ම මිනිසුන් යන වගත් ඔවුන් සියල්ලන්ම මාගේ සතුරන් වගත් මා හට අනතුරක් කරන්නට යන වගත් පමණක් මට වැටහුණී.අත් පා හකුලාගෙන ඇදි විට්ටමට හේත්තු උනෙමි....

Apr 7, 2011

මෙන්න මෙහෙමලු සිද්ද උනේ....

ඔන්න දවසක් මම සොයි එකේ ෆිප්ම් එකක් බල බල ඔපිස් එකේ වැඩ... ඒ අස්සේ දුරකතන රාජයා වදිනවා හුටු කියලා...
මම: "හලෝ....."
එහා පැත්තෙන් : "යකෝ තෝ ඊමේල් බලන්නේ නැද්ද.."  අම්බේ.. පෂා බනිනවා....
මම: "පිස්සුද බන් සොයි ෆිල්ම් එක... "
ටී පා : "නටපන් එහෙනම්.. ඔනි වෙලාවක බලපිය.... තෝ සැරසිලි කමිටුවේ ඉන්නවා අන්න.".
මම: "අහා.. ඒකද.. දැක්කා බන්...ඇයි මම අයිඩියාස් දැම්මේ.. හොද විදියක් කතා කරගෙන කියහල්ලකෝ.. මම සප් එක දෙන්නම්.."


දැන් ඉතින් අර එහා පැත්‍තේ ඉන්න එකා මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කියනවා.. මාත් ඔව් නැ බැ කිය කිය හිටියා.. එහෙනම් මම තිබ්බා... (ටටා බායි කියලා මම මාරු ෆිල්ම් එකේ ඉතිරි ටිකට...)
මෙන්න මේ අටමගලේ ආයි වදිනවා...


මේ මේ පහනේ අයිඩියාව වෙනස් කලා.. අහිංසකී කියනවා.. ඉදි ආප්ප තට්ටු වලින් හදමුලු
මොකක් කිවා... මේක මුන් දෙන්නගේ කූජීත උපායක් කියලා මම හිතුවේ.. මුන් දෙන්නා දැන්ම ගෙදරට බඩු එකතු කරනවද කොහේද.... සිකේ.... .. කෝමෙන් කොම හරි අහිංසකී අක්කගේ මල් හතේ පහන් අයිඩියාව මල් ඵල ගන්නමින් මම ගොහින් වේවැල් අන්කල් කෙනෙක්ගෙන් අවැසි අඩුම කුඩුම ගත්තා... අපේ ප්‍රියන්ත ගලගේලිටිය අයියා.. දාහක් වැඩ රාජ කාරි මැද දෙපාරක්ම අපේ ඔපීසියටත් ඇවිත් විස්තර කාතා කරගෙන අවැසි උණ බම්මුව හොයා ගත්තා... හසී නගාත් පුළු පුළුවන් හැටියට කොළඹින් හොයාගන්න පුළුවන් දොවල් හොයන්න  ඉදිරිපත් උනා මැටි පහන් නෙළුම් මල්.... ආදිය


දැන් අරලියා මල් කැඩීමේ මහා සංග්‍රාමය..... අපේ ඔපීසිය ඉස්සරහා තියෙන සීතාදේවී බාලිකා විදුහලේ තමා තියෙන්නේ අරලියා යාය.. අපේ ඔපිස් එකේ සිකියුරිටි අයියලා දෙන්නට කීවම අනේ ඉතින් අෆරාදේ කියන්න බැහැ  ‍යුනිපොම් එකෙන් ෂෝටට බැහැලා අරලියා මල් ගොඩාරියා කඩලා දුන්නා... සයිබරේ ගැන අයිඩියාවක් වත් නැති (හැමෝම මාරයියා වගේ නැහැනේ... :D) අපේ සිකියුරිටි අයියලාට උත්තමාචාරය දක්වන්න තමා මේ හැටි වැල්වටාරමක් ලීවේ......


ඉතින් ඔන්න තුන් වෙනිදා පාන්දරින් නැගිටලා.බලා ඉන්නවා ඒ සී වැන් එකක් එනකල්.. ඇගේ මාළු රත් කරමින් එනවා නේද කබල් සුදු වෑන් එකක්.. සික්.. මොනා කරන්නද උදේම ලේ කොප වෙන්න නොදී.. පටවා ගත්තා බඩු ටික..  ඒ වෙද්දි උණ බම්මු රාජයා සහ කූරු ටික සමග ප්‍රියන්ත අයියා නැගලා හිටියේ... මල් වැල් රෙදි පට් ඩිකියට පටවලා මායි අපේ මව්තුමියයි යන බර වාහන දෙකත් ගොඩ උනා... ඔන්න නමෝ විත්තියෙන් ගමන් ආරම්භ කලා..


ටික දුරක් යද්දි අපේ රැඩිකල් කවියා අයියා.. නැංගා.. මම බලාපොරොත්තු උනේ.. සුට්ටක් වයසක අපේ මාරයියා වගේ අන්කල් කෙනෙක් ඒත් දුටුවනම හිතා ගන්න බැරිව ගියා.... ඊළගට ගැටඹේ පන්සල ලගින් අපේ ගීත් සහෘද්දයා.. කැම්පස් එක ලගින් සංජු අක්කා.. පේරාදෙනියෙන් අපේ දෙව්ලොවින් ආපු ළමයා මල්ලි. නංගාගෙන ගමන් ආරම්භ කලා.. මාවනැල්ලෙන් අපේ ඉලන්දාරි අයියා නැගා... හැමෝටම ගුඩ්මොනිං කියාගෙන... හේම.. දැන් වාහනේ කට කපලා.. මායි ප්‍රියන්ත අයියයි ඉස්සරහා කතාවක්.. ඉලන් අයියයි අනෙක් අයයි පිටිපස්සේ කතාවත්... මෙන්න බොලේ.. ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස ගානවා.. මළසේකර කීවලු හුලන් යනවා වාහනේ.. (ඔන්න මම හිටි පැත්තේ නෙවෙයි)


‍අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්ලු.. කියාගෙන ඒකත් හදාගෙන ආයි පිටත් උනා.. (ටයර් මාරු කරේ අපේ ගීත් අයියයි ඉලන්දාර් අයියයි‍) මගින්  ගීත්අයියා ගානේ උදේ කැමත් අරන් දෙයියනේ කියලා එනවා ඔන්න....


ක්‍රීඩාංගනය පේන මානේදි පොඩි කොල්ලෙක් දුවන් ආවා  බාටා සෙරෙප්පු දෙකක් දාලා මඩ නාගෙන යකඩෝ මේ අපේ පණු මල්ලිනේ... එයා තමා අපිව වෙල් කම් කලේ... ඇදුම් මාර් කරන්න යන ගමන්ලු.. හා පලයන් කියලා අපි  ගියා ඇතුලට.. අපේ ජවසම්පන්න ඉලන්දාරි අයියා.. උණ බම්මුවත් කරතියන් ගිය හැටි මට මේ තාමත් මැවිලා පේනවා.... ඇතින් අපි එන දිහා බල බල අපේ වැප්නි සාන්න අයියා සීනි බොල ටී එකකුත් ඇදන් ටිකට් පොත් හොයනවා රුපියල් සීයට විදින්න... පව්නේ කියලා ඔන්න දුන්නා.. සීයක් දීලා ඇතුලට යද්දිම.. මෙන්න එනවා හයේ හතරේ ඩයල් එක පසන් අයියා.. ඊට එහායින් මරණය අයියා බරටම වැඩ....  සන්දුක්කාර් ඒදිහා බලාලෙන මඩයියයි අභීත අයයිය මේසයක් උඩ වාඩිගෙන ඉන්නවා... සිකේ.... :D


ප්‍රියන්ත අයියයි ළමයා මල්ලියි ඇරෙන්න ඔය සැට් එකම මම ප්‍රථම වතාව දුටුවේ එදානේ.... හප්පේ.. මුන් ‍ පොටෝ වල ඉදලා තියෙන්නේ මේකප් දාගෙනද කොහේද.. හී.. හී.... :D :D


ගිය පයින් අපි වැඩට බැස්සා.... සුකිරි කැටේ වගේ අහිංසකී අක්කත් ඇවිත් පහනේ වැඩ ඇරඹුවා.. අපි සප් එක දුන්නා.. මල් වැල් ගොතලා.. ඒකට අපේ ජනනි,  දිල්  අක්කා වගේම සන්ජු අක්කත් උදව් උනා...


අලේ.. රතට රතේ ඇවිත් අක්කා කෙනෙක් මාව දන්වැයි අහනවා .. නොදන්නේ මොකෝ අපේ බෂ් මව.. රන්දුනා අක්කා නොවෑ... අර සූකිරි කෙල්ලත් එක්ක ඇවිත්....


ටිකකින් සොහොන් ගදක් ඇවිත් වට පිට බලද්දි මෙන්න බොලේ... මාරයා ඇවිත්.... සන්තොසේ බැරුවා... හරිම ළද බොළද පාටයි... දරු කමට හදාගන්න හිතෙනවා...( :‍‍/ හීනෙන් තමා)....  අනේ.. මේ යසට අපි එක්ක කතා කරකර හිටි මාරයා එක පාර ඇවිස්සුනා.... මොහිනි දැක්කනා වගේ... දුවගෙන ගියා දොර දිහාට බැලින්නම් සදුනි ඇවිත්... හනේ.. මම සදුනිවත් දැක ගත්තා. ළගට ගිහින් මාව අදුනනවද අහන කොට " ඇයි තැන්තේ.. සුදු අක්කීනේ......"..  හම්මේ කෙල්ල මාව අදුන ගෙන...


ආයි ටික වෙලාවක් යද්දි නිල් ටී එකක් ගහගෙන කෙල්ලක් දුවන් එනවා පුරුදු ඩයල් එකක් පිටිපස්සෙන් ඒ වගේම ටී එකක් ගහලා කොල්ලෙක් අම්බේ.. ජේ ඩී.... යා කෝ මේකගේ කොන්ඩේ.... ?? මම න‍නොසෑහෙන්ඩ කල් පනා කලා..... ඊට කලින් කම්පනා උනා මේ කෙල්ල ශානු වෙන්න ඔනි කියලා... මයේම නගා උනාට දැකලා තිබුනේ නැහැනේ....


ඔය අතරේ දුවන් අවා කොලු ගැටයෙක්.. අක්ෂරේ පොඩි මහත්තයා... ඒ අස්සේ අභිත අයියා කතා කරනවා බැලින්නම් වියත් රවාට අදුන්වාදෙන්න.... අප්පේ මම ලබපු භාග්යයක්..... කොමෙන් කොම හරි වටේට ඇහැ දාද්දි. නිකමට උඩ බැලුවා... හප්පේ.. කණ්නාඩි දාපු කෙට්ටු කෙනෙක් බැලුම් එල්ලනවා.. හත්දෙයියනේ.. අපේ සොලෝ අයියා..... කියනා දේවල් වල හැටියට  මේ හැටි කුඩා ජීවියෙක් සහ නිහඩ ජීවියෙක් කියලා අනුමාන කලේ නැහැ.. හී.. හී..


කතාවෙන් කතාව පහන ගොඩ... මෙන්න බඩු.....








උත්සවේ පටත් ගත්තැයි කියමු කෝ.. අනේ ඉතින් මෙකී නොකී.. මිතුරු මිතුරියන් එකා දෙන්නා හදුනා ගත්තා.. අපේ අක්ෂර වාසින් වුනු චේ, හම් තුම්, සීතල මල්ලි.. බනියා,ඉරු ඇතුලු පිරිස වගේම මට කියලා යොගට් පේෂල් එකක් කරගත්තු පුස් මලයා... නෙරංජි , කොට අක්කා,  පාසල් අයියා ,ගයාන් තාරක,   චනිද්ක.. ටටූ මලාස් මෙකී නොකී.. අය අතරේ.. මයේ මලයා... සිරී කොලුවා නෙහොත් ආසිරි මලයා... ඒ එක්ක ආපු අපේ දගයා ෆාවර්.. කණා මුට්ටි වීරයා...  හසී නගා වගේම අපේ හසීයා... ගොල්ඩ් ෆිෂ්... හීමු අන්කල්... ඒ අතරේ ආපු මේඝ මානසී අක්කා.... ,අහිංසක මල් දෙකක් එක්ක ආපු අපේ තනෝජා අක්කා...


නම් කියන්න බැරිවුන් අනෙක් හැමොමව දකින්න කතා කරන්න ලැබීම ලොකු සතුටක්..... 





හී.. හී.. අපේ අම්මනම් දැන් පුල්ම වර්චස්.... පණුවාගේ ඉල්ලීම පරිදි සිහින කුමරියට ඉදිරිපත් වීම සහ ඩී ජේ එකේදී නැටීම (වගේ එකක් කිරීම) නිසා....  මගේ ඉතිරිව තිබුණු ලකුණු කැපී ඇත... ඊලග අවුරුද්ද වෙද්දි මහත්තයෙක් හම්බ උනොත් ගොඩ නැත්නම් ආයේ අම්මා එක්ක එනවා නම් බොරු....
ආපහු එදිදි අපේ ඉලන්දාර් අයියගේ සින්දු ටික නම් පන්කාදුයි.. අවසානේ.. රොස මලේ නටුවේ කටූ සින්දුවත් කීවා... " ඉක්මනට සනීප වෙන්න අයියේ.. ඔයාට අහන්න බැරිවුනු මේ අවුරුදු තුනෙම සින්දු මම හොයා දෙන්නම් අහන්න...."


අවසාන වශයෙන්.. අභිත අයියේ සුදු අයියේ.. ඔය වගේ හොද වර්ගයෙ හීනයක් ආයෙත් දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා... ආයෙත් ඒ වගේ ලස්සන දිනයක් උදාවෙන්න......


ප:ලී... පින්තූර හොරකම් කල ඒවාය....