Sep 17, 2011

යලි යමුවූවොත්

“නෙතූ... නෙතූ....“


“අනුහස්...!!“


“ඉතින්... කොයිද මේ දාඩිය දාගෙන යන්නේ..?“


“ම..මම ගියා බුක් ෂොප් එකට.. ම්..මේ මේ ඔයා ඊයේ රිලීස් කරපු අළුත් කවි පොත ගන්න“


“ආ..නේ... ඇත්තද.... මට ඔයාව අමතකම උනා නෙතූ.. ඇසෝෂියේශන් එකේ ගොඩක් අය ආවා ඊයේ දොරට වැඩුමට..“


“ම්ම්ම්ම්“


“නෙතූ මම ඔයාව දැක්කෙත් කාලෙකින්  යමුද අපි මොනවා හරි බොන්න..“


“ම්ම්ම් .. කමක් නෑ  අනු.. ම..මම යන්නත් ඔනි.. ඉස්කෝලේ ඇරිලා යන ගමන් ආවේ අම්මා බය වෙයි..“


“ඔයා මාත් එක්ක තාමත් තරහින් නෙතූ..ටීචර් නෝනා විනාඩි දහයක් පරක්කු උනා කියලා අම්මා බය වෙන්නේ නෑ.. යමු.. ප්ලීස්... මගේ හිතට හරි නැහැ ඔයාව  දොරට වැඩුමෙදි අමතක උනාට.. ප්ලීස්.. මට මගේ වරද හදා ගන්න දෙන්න..“


“හ්ම්ම්.. යමු.. ඒත් මම ඔයා ගැන වරදක් හිතුවේ නැහැ.. කොහොමත් මතක තියා ගන්න තරම් විශේෂ කෙනෙක් නෙවේනේ මම“


*****************************************************


“ඉතින් නෙතූ කොහොමද ජීවිතේ...“


“කියන්න තරම්  අළුත් වෙනසක් නෑ අනුහස්..ම..මම ඉස්සර වගේමයි..තාමත් තනියම..“


“මට නෙතූ එක්ක ඇසෝෂියේශන් ගෙට් එකේදිවත් කතා කරන්න බැරි උනා.. ඔර්ගනයිසින් කමිටි එකේ හිටි නිසා හරියට බිසී උනා..“


“නෑ.. අනුහස් මම ආවේ නැහැ.. ඇසෝෂියේශන් ගෙට් එකට තියා කිසිම ගැදරින් එකකට මම ආවේ නැහැ..“


“ඔහ්!! ඇතතද...? ඔයාව දකිද්දි මය පුදුම හිතුනා නෙතූ.. මෙහෙම මුණගැහෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ..“ 


“ම.ම...මටත්  පුදුමයි.. ඔයා වගේ ප්‍රසිද්ද කෙනෙක් මං වගේ කෙනෙක්ට මේ වගේ ට්‍රීට් එකක් දෙනවා කියලා හිතද්දි.. ඇත්තටම මට හරි පුදුමයි අනුහස්....“


“හිහ්.. හිහ්!!  මම..? මගේ මොන ප්‍රසිද්දියක්ද නෙතූ .. මම ඉස්සර හිටිය අනුහස්මයි... පොතක් දෙකක් ප්‍රින්ට් කලා කියලා මගේ ආධ්‍යාත්මයේ මහ ලොකු වෙනසක් සිද්ද වුනේ නැහැ..“


“හ්ම්ම්ම් ඉස්සර හිටිය අනුහස්... මතක් කරන්නත් ආසයි..“ 


“ඇයි නෙතූට මගේ වෙනසක් පේනවද..?“


“නැහැ.. වෙනසක් නෑ... ඉතින් අනුහස්.. බඳින්න ඉන්න කෙනා සනීපෙන්ද...“


“හ්ම්ම්ම්.. ඔව් හොඳින්...“


“අනේ මන්දා ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක් අනුහස්..ඔයා දන්නවද.. ඒ කාලේ ඉඳන් ඔයා ලියන හැම වචනයකම ඉස්පිල්ලක් පාපිල්ලක් ගානේ මම මගේ ජීවිතේ හෙව්වා...  ඇසෝෂියේශන්  එකේදි ඔයාව දකිද්දි, කතා නොකලත් ඈත ඉඳන් ඔයා දිහා බලාගෙන ජීවිතේට අරමුණක් ඔයාගෙන් හෙව්වා..මම ආදරේ නොකරපු කෙනෙක් නෙවෙයි අනුහස් ඒක ඔයා දන්නවා.. මම ආදරේ කරලත් තියෙනවා.. ආදරේ නිසා අන්තෙටම පැරදිලත් තියෙනවා.. ඒත් මට තාමත් හිතා ගන්න බැරි..ආදරේ නිසාම පරාද වෙලා මුල්ලක වීසි කරලා දාලා තිබුණ මගේ හිතේ, අළුත් බලාපොරොත්තුවක් එක්ක ඔයා ගැන ආදරයක් ඇති වුනේ ඇයි කියලා... ඇත්තම  කිව්වොත් මම මටත් නොදැනී ඔයාට ආදරේ කරන්න ගත්තා..  ඇසෝෂියේශන් එකේ කෙල්ලෝ ඔයා ගැන කතා කරද්දි මම නිහඬව අහගෙන හිටියා.. උන් විවේචනේ කලේ ඔයාගේ ගති පැවතුම්.. උන්ට ඔයාව විහිලුවක් උනා.. කාටවත් ඔයාව හැන්ඩ්සම් විදියට පොනුනේ නැහැ.. ඔයා බේබද්දෙක් වෙන්න ඇති කියලා උන් කීවා.. ඒත් මම ඔයාව මගේ ජීවිතේ සුපර් මෑන් කර ගත්තා අනුහස්.... අදටත් මම නිහඬව ඉඳියි, එදා මට පියුමි මුණ නොගැහුනානනම්.. ආදරේ ගැන, විවායහ ගැන , දිගින් දිගට කතා නොකලනම්,කතාවේ අන්තිමට මගේ හිත පුරා ඔයා ඉන්න බව  මම ඔයාගේම නංගි පියුමි එක්ක නොකීවනම්.. ඔයා අදටත් මගේ හිතේ ලස්සනම ලස්සන හීනයක් වෙලා ඉඳිවි අනුහස්.. දැන් නැහැ කියලා මම කියනවා නෙවෙයි.. ඒත් මා එක්ක පැය ගානක් කතා  කර කර ඉන්න කොටවත් ඔයාට ගෙදරින් ප්‍රෙපෝසල් එකක් ඇවිත් කියලා නොකියපු පියුමිම.. ඔයා ගෙදරින් ආව ප්‍රෙපෝසල් එකකට කැමති වුනා කියද්දි.. මගේ හිත හීතල වෙලා ගල් වුනා  වගේ වුනා.. හරියටම මේ කුල් ඩ්‍රින්ක් එක වගේ..මට ඔනි වුනේ අතුරුදහන් වෙන්න කාටවත් නොපෙනී ඉන්න.. දන්නවද අනුහස්.. මගේ හිත මට හරියට දොස් කීවා පියුමි එක්ක මගේ ඒක පාර්ශ්වික ආදරේ ගැන කියපු එකට.. මට පුදුම ලැජ්ජාවක් ඇතිවුනා.. මාත් එක්ක වචනයක් කතා නොකරපු ඔයාට මේ වගේ ප්‍රෙපෝසල් එකක් කරපු එකට.. ඇත්තටම ඔයාට මං ගැන මොනවා හිතුනද කියලා මට හිතා ගන්න බැරිවුනා අනුහස්.. සාමාන්‍යෙයන් කෙල්ලක් කිසිදාක නොකරන දෙයක් මේක.. විශේෂයෙන් මං වගේ පරාජිත චරිතයක්..මට මං  ගැන ඇති වුනේ පුදුම තරහක්.. මම ආසාවෙන් හදා ගත්ත මගේ සුරංගනා ලෝකේ කුඩු පට්ටම් කරලා දාන්න මට ඔනි වුනා..මම  ඇසෝෂියේශන් එකෙන් ඈත් වුනා.. මම මගේම නිහඬ ලෝකෙක තනි වුනා..ඒත්..හිත ඇතුලේ අදටත් ඒ සුරංගනා ලෝකේ පවුන්ඩේෂන් එක ඉතිරි වෙලා තියෙනවා.. ඒක වෙන්න ඇති ඔයාව ටී වී එකේ දකිද්දිත් චැනල් එක මාරු කරලා හැංගිලා යන්නේ.. ඔයාව දකින එක ඔය කට හඬ අහන එක මගේ හිතට තාමත් ලොකුම ලොකු බරක් අනුහස්..“


“නෙ.. නෙතූ... මේ මොනවද කතා කරන්නේ..“  


“ඔයාට පුදුමයි නේද අනුහස්.. නිවට නෙතූ මෙහෙම කතා කරන එක ගැන... ඇත්තටම මටත් පුදුමයි .. මේ දැන් ටිකකට කලින් ඔයාව බුක් ෂොප් එකේදි දැක්ක වෙලාවේ මට හිතුනේ පස්ස හැරිලා දුවන්න.. ඒත් මගේ කකුල් දෙක ඒකට ඉඩ දුන්නේ නැහැ.. ඒත් දැන් මට සතුටුයි මේ ටික ඔයා එක්ක කියන්න මට අවස්ථාවක් ලැබුනට.. මේ අවස්ථාව  නොලැබුනානනම් මගේ මුළු ජීවිත කාලේම මම පසු තැවෙයි අනුහස්..“


“නෙතූ...!!“ 


“මගේ හිත ගල් වෙලා අනුහස්.. කඳුලු නාල බ්ලොක් වෙලා.. මට අඬන්න බෑ.. මට ඇඩෙන්නේ නැහැ.. ඒත් මගේ හිත ඉකි ගහ ගහ අඬනවා.. මට තවත් මෙතන ඉන්න බෑ.. අනුහස්.. මම යනවා.... ආයිත් මම ඔයාගේ ඇස් ඉස්සරහට කිසිම දවසක එන්නේ නැහැ..“


“නෙ.. නෙතූ....“


*****************************************************


“චූටි දුව නැඟිටින්න.. හයත් වෙලා... අද ඉස්කෝලේ.. යන්නේ නැද්ද....“


හැඬුවේ නැහැ මම ඉකි  ගසා
සිතෙන් රස විඳි අහිමි පෙමකට 
කඳුලු පෑහෙන් නැති නිසා

12 comments:

  1. අනේ .. හීනයක්ද?

    ReplyDelete
  2. හ්ම්ම්ම් හීනයක්ම උනා...

    ReplyDelete
  3. නැගිටින්න කිට්ටුවෙලාමනෙ එකත් පටන් අරන් තියෙන්නේ ... පැය 3 4 කටවත් කලින් පටන් ගත්තනම් කොහේ නවතිවිද දන්නේ නෑ....

    ReplyDelete
  4. නෙතු ඕනෑවට වඩා සංවේදී වඩියි වගේ..

    ReplyDelete
  5. මේ ටික කියවන් යද්දි මට ඇත්තටම ගොඩක් දුක හිතුනා. ඒ වචන ඒ තරමටම සංවේදී... හිතට දැනෙනවා, ඇග හිරිවැටෙනවා....පුදුම ලස්සනයි.. ආදරේ ලස්සනට ගලපලා තියන්වා..
    ඒත් හීනයක්නෙ...:) ලස්සනයි අක්කි...නියමයි

    ReplyDelete
  6. මං හිතුවා අක්කා අළුත් කතාවක් පටන් අරන් කියලා... අක්කේ ලියමුද අළුත් කතාවක්....

    ReplyDelete
  7. Anonymous4:52:00 AM

    මේක කියවල ටිකක් වෙලා යනකං මාව ගල් ගැහුණා වගේ වුණා. ලේ, ඇට, මස්, නහරවලට දැනෙන්න ම ලියලා තියෙනවා..
    ලස්සනයි....දුකයි..........

    ReplyDelete
  8. ඒක තම අලුත් කතාවක් ලියමුකො ...

    ReplyDelete
  9. මේක නම් කතාවක් විතරක් නෙවෙයි වගේ සුදු හංසි...හ්ම්....

    ReplyDelete
  10. සුදු අක්කේ මේක හීනයක් නේද...ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා...එකපාර්ෂවික ප්‍රේමයේ දුක හොඳින් දන්නා කියන කෙනෙක් විදියට......

    ReplyDelete
  11. 1කෙන්ම අන්ලයික් UNlike........... :/ අම්මපා මට හිතෙනවා අක්කේ අන්ලයික් වෙන්න හෙතුවත් මෙතනම දලා ඉතිරි රෙදි ටිකත් ගලවන්න.......:/

    ReplyDelete
  12. @ Tanikada හි.. හි.. ඔව් අනේ පාන්දර සීතලට පේන විකාර හීනයක්.. :)

    @ priyantha අයියා .. හ්ම්ම්ම්...එහෙම වෙන්ටෑ... :)


    @ හිතුවක්කාරි ස්තූතියි නඟා.. එ වගේ දැනෙනවනම් මගේ වෑයම සාර්ථකයි.. ඔයාගේ කමෙන්ටුවට මම මාර ලයික් ඈ.. :)

    @ Dinesh අළුත් කතාවක් නම් තමා මල්ලි ඒත් ඉක්මනට ඉවර වුනා.. ලියමු ලියමු කතාවක් ලියමු.. ඔයා එවනනේ කියවන්න ..:)

    ස්තූතියි මහි ඔයාගේ කමෙන්ටුව දැකලා මටත් එහෙම උනා.. ස්තූතියි අගය කිරීමට :)

    @ danulatb අනිවා ලියමු අළුත් කතාවක් :)


    @ නිසුපා .. හ්ම්ම්ම් අගක් මුලක් මැදක් නැති කාතාවක්ම තමයි අනේ.. :) ඒක හිනයක්..:)


    @ සිතුවිලි නිහඬයි එකපාර්ෂවික ප්‍රේමයේ දුක ගැන කතා මොටද නගේ.. ස්තූතියි කමෙන්ටුවට :)

    @ සිරි කොලුවා .. බුදු අම්බේ.. ඇයි මේ.. මේක මම දැකපුවත් නැති හීනයක් මලේ...

    ReplyDelete