මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Sep 5, 2011

හෘද්ද සාක්ෂියට ඉඩදීම

AC කරපු ඔපිස් රෑම් එකක්, තනි පාව්ච්චියට වොෂ් රෑම් එකක්,  අඩි දහයක් යන්න උනත් ෆුල් ඔප්ෂන් වාහනයක්, ඉලක්කම් පහේ සැලරි එකක්, අර අලවන්ස් මේ අලවන්ස් අර පාටි මේ පාටි.. හ්ම්ම්ම් ඔය වගේ දේවල් තියෙන රැකියාවක් එකපාර අහිමි උනොත් කෙනෙක්ට කොහොම දැනෙයිද... 

හැමෝම කියයි අපරාදේනේ කියලා... ඒත්.. මම ඒ අත්දැකිමට මුහුණ දුන්නා.. ඒත් අද වෙනකල් දුකක් වත් සතුටක්වත් දැනුනේ නැහැ... එක පාරට we are going to close kandy branch from 31 st කියලා කියද්දි මම කලේ ඉතිරි වෙලා තිබුන දවස් 10 ඇනුවල් ලීව් දාලා ගෙදර ආපු එක...

ගෙදර කිසිම කෙනෙක් කිසිම දෙයක් කීවේ නැහැ, වෙන රැකියාවක් හොයා ගන්න කියලවත් කීවේ නැහැ.. අම්මාගෙයි අප්පච්චිගෙයි නිහඩ ප්‍රතිපත්තියත් හිතට වදයක් නොවුනාම නොවේ.. ඒ නිසාම මම ගිහින් නුවරඑළියේ   ඉන්ස්ටිටියුට් එකක manager මුණ ගැහුනා.. සී වී එක බලපු ගමන් පළවෙනිදා ඉඳන් වැඩට එන්න කියලයි  කීවේ...වැඩ කරන්න වෙන්නේ වැලිමඩ තියෙන අළුත් බ්‍රාන්ච් එකේ... ඔය අතර තුර කාලයේ තුන් හතර වතාවක් නුවරත් ගිහින් ආවා ඒත් පළවෙනිදට අළුත් රැකියාවකට යනවා කියන හැඟිම දැනුනේම නැහැ මට, 

ඉතින් පළ වෙනිදා  උදා වුනා වෙනදට නවය කිට්ටු කරලා ඇහැරෙන මාව ඇහැරවන්න අම්මට වෙනමම රාජකාරියක් කරන්න උනා... නැගිට්ටේ නොකර බැරි  නිසා.... මුණ සොදගෙන ලෑස්ති වුනේ යාන්ත්‍රිකව වගේ වෙනදට පිළිවෙලට අඳින ඔසරිය තුන් හතර පාරකට වඩා කඩලා ඇන්දා.. ඒත් අපිලිවෙලයි.. බුදුන් වැඳලා අම්මට අප්පච්චිට, අත්තම්මට වැඳලා පාරට ගොඩ වෙන්න පඩි නගිද්දි ඔසරියේ පොටක් පැගිලා පලාතක් ඉරුනා... නැවතිලා ඒක කටුවකින් වහගෙන පාරට යද්දි බස් එක ගිහින්....  

ඉස්සෙල්ලාම දවසේ ඔපිස් ගියේ පරක්කු වෙලා .. මගේ වෙලාවට ලොක්කත් පරක්කුයි.. පැයක් වාඩි වෙලා හිටියා.. ලොක්කා එද්දි 10 කිට්ටු වෙලා... ආව ගමන් ඩිස්කෂන්.. ආෆ්ටර් ඒ  ලෙවල් කොස් එක ගැන.. පැයක් දෙකක් යද්දි ස්ටාෆ් එකේ හිටිය තුන් දෙනා මැනේජර් රූම් එකට කැදෙව්වා.. එයාලට මාව අඳුන්නලා දුන්නා..

“welcome your new Manager.......“  මම එතන මැනේජර් විදියට පත් වෙනවා කියලා දැන දැන ගියත් මට දැනුනේ අමුතු හැඟිමක්..

A/L කලා... Computer Course එකක් කලා.... Batch Top උනා... Trainee Instructor කෙනෙක්ගෙන් පටන් අරගෙන Student Administrator/ Student Councillor  කෙනක් වෙනකල් මහන්සි වෙලා වැඩ කලා... වෙනසක් ඔනි උනා.. Business Development Executive කෙනක් උනා.... කම්පනි එක වැහුනා.. ගෙදර ආවා.. ආයිත් Manager කෙනෙක් විදියට වැඩ පටන් ගන්න යනවා.... 

තමන්ගේ රැකියා තත්වය ගැන හිතන ඔනිම කෙනෙක් අනිවාර්‍යෙයන් සතුටු වෙනවා.. ඒත්.. මම??? හවස 3 වෙනකල් බොහොම අමාරුවෙන් වාඩි වෙලා ඉඳලා.. හිරෙන් පැන්න ගානට ගෙදර දුවන් ආවා... ආපහු පහුවදා වැඩට යන්න අමාරුවෙන් හිත හදා ගත්තත් යන්න හිත දුන්නේම නැහැ... ඒක සිද්ද වුනේ බ්‍රහසිපතින්දා.. සිකුරාදා  සෙනසුරාදා ඉරිදා දවස් තුනම කල්පනා කරලා ආයිත් අද (සඳුදා) උදේ වැඩට යන්න ඔසරියෙන් සැරසුනා.. ඒත් මට යන්න හිත දෙන්නේම නැහැ... පාරටත් ගොඩ උනා.. බලා හිටියා හිටියා බස් එකක් නැහැ.. අම්මයි අප්ච්චියිත් ගමනක් යන්න ලැහැස්ති වෙලා පාරට ආවා.. ඇතදීම මාව දැකලා දෙන්නා කතා වෙවී ආවේ මං ගැන වෙන්න ඔනි....

“යන්න බැහැනම් ගෙදර යන්න ඔයා ජොබ් එකක් කලේ නැහැ කියලා කන්න නොදි ඉන්නවද අපි..“ අප්පච්චිගේ වචන ටික ඇති මට ඉගිලෙන්න...  ගෙදර ඇවිත් ටික වෙලාවකින් මට නිකමට මම උගන්නපු මැඩම් නෙකෙක්ට කතා කරන්න හිතුනා... නිකමට වගේ ඩයල් කලා.. මැඩම්  එහා පැත්තේ...

“today itself you come and join with me... you are a good teacher I know that " 

හ්ම්ම්ම් ඒ ටිකම ඇති  හිතට...  අවුරුදු 3ක් වැඩ කරලා ලබපු එකම දේ..... 


AC කරපු ඔපිස් රෑම් එකක්, තනි පාව්ච්චියට වොෂ් රෑම් එකක්,  අඩි දහයක් යන්න උනත් ෆුල් ඔප්ෂන් වාහනයක්, ඉලක්කම් පහේ සැලරි එකක්, අර අලවන්ස් මේ අලවන්ස් අර පාටි මේ පාටි.. තියෙන කොම්පැනියේ වැඩ කරලා කවදාවත් මේ වගේ අහන්න ලැබෙන  තත්වයක් උදා වුනේ නැහැ... 

හෙට ඉඳන් මම ආයිත් සල්ලි නෙවෙයි හම්බ කරන්න යන්නේ මිනිස්සු... මිනිස්සුන්ගේ මොලේ වෙනස් කරන මාර්කටර් කෙනෙක් විදියට නෙවෙයි.. පුංචි පුංචි උන්ගේ ඔළු ගෙඩි පාදන ටිචර් කෙනෙක් විදියට...

 කැරකෙන පුටුවක වාඩි වෙලා දුප්පත් අම්මලා තාත්තලාගේ සල්ලි වලින් වටිනා කම අඩු සහතිකේකට ලමයින්ට උගන්නන තැනක මැනේජර්  නෙවෙයි මම ගෙවන මුදලට නැණස පාදන ගුරුවරියක්...

ජීවිතේ පළමු වතාවට මම හරි දෙයක් කලා කියලා හිතෙනවා....

9 comments:

  1. //හෙට ඉඳලා මම හම්බ කරන්නේ සල්ලි නෙවේ මිනිස්සු//
    ඒ කරනා දෙයින් ලැබෙනා සැනසීම කියා නිම කරන්න බෑ. සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒත් ඒවාට පැවැත්මක් නෑ සුද්දියේ. ඒත් මිනිස්කම් වලට ඇති වටිනාකම අපි නැතත් එලෙසින්ම පවතීවි. වැඩිය කියන්න ඕනි නෑ වඩාත්ම නිවැරදි නැණවත්ම තීරණය ඔයා අරන්.
    සුභ පැතුම්
    හංසි ටීචට...:D

    ReplyDelete
  2. හා.. හංසි ටීචර්ට සුබපැතුම් ආ.. ඒ කියන්නේ දැන් ඔයා ඉන්නේ අපිට අහල පහලත් නෙවේ නේ?? හ්ම් හ්ම්... :D

    ReplyDelete
  3. මගෙනුත් හංසි අක්කට උණුසුම් සුභ පැතුම්.. ඇත්ත අක්කේ සුවපහසු ජීවිතත් වෙලාවකට එපා වෙනවා.. සල්ලිම පස්සේ දුවනාවනම් එවා හොදයි.. සල්ලිත් ඕන.. ඒත් අක්කා මේ පටන් ගත්ත අළුත් ජීවිතේ සාර්ථක එකක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  4. සුභ පැතුම්...!
    පුංචි පුංචි උන්ගේ ඔළු ගෙඩි පාදන ටිචර් කෙනෙක් උනාම ලැබෙන ආත්ම තෘප්තිය AC කාමරේක හිර වෙලා ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඒක කරන්න හැමෝටම පිං නෑ...

    ReplyDelete
  5. සුභපැතුම් සුදු අක්කා...ඔන්න එහෙනම් ඔයත් මන් වගේම ටීචර් කෙනෙක් උනා.....කරන හැමදේම පරිස්සමෙන් කල්පනාකාරීව කරන්න...ඔයාට ජය....

    ReplyDelete
  6. නුවරඑළිය වැලිමඩ පැත්තේ සීතල වැඩි කියල හිතුනද?

    ReplyDelete
  7. ප්‍රියන්ත අයියේ, ළමයා මල්ලි, දිනෙෂ් මල්ලි, මන්තරකාරි, සීනි, තනිකඩ ජීවිතේ, අලුත් අයියා,
    හැමෝටම ස්තූතියි සුබ පැතුමට... අලේ ටිචර් හිතින් ගතින් දෙකෙන්ම ලෙඩ උනානේ දවස් තුනට පුංචි උන් ටීවර්ට හරියට වද දෙනවා... :)

    ReplyDelete
  8. අපොයි අඬන්න එපා. ටික දවසක් යනවිට හරියයි. ළමා මනස එක්ක වැඩ කරන එක ලේසියි වැඩිහිටයන් එක්ක ඉන්නවාට වඩා. එයාලට තියෙන්නේ සරල අදහස්. මම කියන්නේ ඇත්තද බොරුද කියා බලන්න ටික දවසක්. එයාල එකක් මිතුරු වෙන්න. ටික දවසකින් වෙනසක් දකින්න පුළුවන් වේයි චීටට..:DDD

    ReplyDelete