Sep 10, 2011

කවී ගැන කවී ලියපු කවිය

~සමන් මලෙක කතාවක්~


සමනලියකට පෙමින් බැඳුනා 
බඹර කුමාරයෙක්
සමන් මලකට දුකක් දැනිලා 
වැටුනි පිනි කඳුලක්


සමනලිය වන ඹබර කුලයේ
නොවේ, වේවි දුකක්
සමන් කැකුලියේ , බඹර කුලයේ
නොවේ ඉතින් නුඹත්


හඬන බඹරා දිහා බලමින්
හඬන සමන් මලක්
සමන් මල දෙස බලා සුසුමක් 
හෙලි කුමුදු මලක්


පොස්ට් එක


අද සුදු හංසි ටිකක් අතීතෙට යන්න සූදානම්.. මූණු පොතේ කවි ලියන කවුරු කවුරුත් මේ දවස් වල  තමන් ලියපු හොඳම කවිය තොරන්න උත්සහ කරනවනේ සත්කාර වෙනුවෙන්, ඉතින් මමත් මගේ කවි පොත ඇවිස්සුවා එතනදි මට  උඩ  තියෙන කවිය හා සම්බන්ධ සුන්දර මතකයක් අළුත් උනා.. ඇත්තම කියන්න ඔය කවිය ලීවේ මම නෙවේ.. අපේ කවි අයියා.


කවි අයියාගේ මේ කවියට මුනු පොතේ ප්‍රතිවාර ගොඩක් ලැබුනා. මමත් කමෙන්ට් කලා. ඉතින් කවි අයියා මට පර්සනල් මැසේජ් එකකින් ස්තූති කරලා තිබුනා  “ස්තූතියි නංගි සමන් මල උනාට“..  මම බැලුවා ඒ මොකද කියලා මෝඩයා වගේ මම ඇහුවා “ඇයි අයියා මට ස්තූති කරන්නේ “කියලා... කවි අයියා කියන්නේ සුට්ටක් ඉක්මනට තරහා යන කෙනෛක් හිකිස්.. එක පාරට කීවේ නැතැයි “ හනේ.. කවි ලියලා ඒවයේ තේරුමත් කියලා දෙන්න ගියාමනේ එපා වෙන්නේ “ කියලා.. හිකිස් එතකොටයි මමත් කවිය ආයිත් කියෙව්වේ..


ඊට පස්සේ මම ලීවා ඒ කවියට පිළිතුරක්.. මෙන්න මේ විදියට 




මේ කේ නිධාන කතාවනම් ගොඩක් පරණයි.. මතක් කරන්න අකමැති මතකයක් නිසා මේ වෙලාවේ නිධාන කතාව නොකියා ඉන්නම්.. හැබැයි ඉතින් දන්නෝ දනිති. :)


මේ පෝස්ටුව දාන්නේ කවි අයියට නොකියා... ගුටිත් කන්න වෙයිද මන්දා හි.. හි.... කවි අයියේ ගහන්න එපෝ....

4 comments:

  1. කවි කාරයෝ. මේන්න හොරෙන් පෝස්ට් දානවෝ. ඇවිත් බනින්ටෝ...:DDD
    කවියට වඩා පිළිතුරු කවිය හැඟුම් බරයි....

    ReplyDelete
  2. අතීත කතාව මොන වගේද කියලා තේරෙනවා කවි දෙකම කියෙව්වාම. කවි දෙකම හරි ලස්සනයි.

    ReplyDelete
  3. "සත්කාර" නිසා මාත් මේ දවස් වල "කවියේ" අපූර්වත්වය අපූරුවට විඳගනිමින් ඉන්නේ :)

    ReplyDelete