Jun 10, 2011

වලාවෙන් වැසුණු සඳ 2 කෙටස


"ඒයි.. කම්මැලියා ඉස්කෝලේ යන්නේ නැද්ද..."
සෙනූ අක්කාගේ කට හඬයි ජනේලේ කර්ටින් එක ක්‍රීස් ගාලා ඇදපු සද්දෙයි එකම වගේ කියලා මට දැනුනේ.. හිමිදිරි හීතලේ  පොරෝනය අස්සේ ගුලි වෙලා හිටි මම  අක්කා කියපු දේ අහුනේ නැහැ වගේ තව තවත් නින්දට ලෝබ කමේ ගුලි උනා..
"නැගිටිනවා මල්ලී... බබාව ගන්න ස්කූල් වෑන් එක මග එනවා ඇති"
සෙනූ අක්කා උදේ පාන්නදර කියලා බලන්නේ නැතිව මට වදේ ගහනවා මම ඇහුනේ  නෑ වගේ නිදි පාටක් පෙන්නගෙන හිටියා...
"ඕනි එකක් මම යනවා ඉස්‍කෝලේ යන්න බැරි උනොත් මහප්පගෙන් හොඳ කනේ පාරක් වදී..."
අන්තිමේ කේන්තියෙන් කියාගෙන සෙනුරි අක්කා කා‍මරෙන් ගියාට පස්සේ මම හෙමිහිට නැගිටලා නානකාමරේට වැදුනා.
මහ පාන්දර ඉඳන්ම වැටුනු වැස්සේ සීතලත් එක්කම මාත් උදේම නාගෙන ඉස්කෝලේ යන්න ලැහැස්ති උනා.. දඩිබිඩියේ කෑම කාමරේ හරහා දුවද්දි බාප්පා බලහත්කාරෙන්ම වගේ මාව වාඩි කෙරෙව්වා.. කවදා කාපු ඉඳිආප්පද කියලා මගේ ඉතිහාසේ පළමු වතාවට උදේට කෑවා..
ඊටත් පස්සේ අර කියාපු රාජකීය රථය හෙවත් ස්කූල් වෑන් එක එන්න තව විනාඩි පහක් විතර පරක්කු උනා.. ‍මම කලින් ලෑස්ති වුනු එක ගැන මටම හිතින් බැන බැන මිදුලේ මල් බංකුවේ වාඩි වෙලා හිටියා..
සොනූ අක්කා ෆුල් ට්‍රැක් කිට් එකක් ගහගෙන සපත්තු දාගෙන මිදුලේ ව්‍යායාම කරනවා.. ඒක දැකලා මට හතර හිනා.. ව්‍යායාම වලට කරන්නේ හින්දි ෆිල්ම් වල ඩාන්සින් ස්ටෙප්ස් .... එකට යස නමකුත් කිව්වා.... මමත් කල්පනා කලේ නිවාඩු දවසට සෙනූ අක්කා එක්ක මිදුලේ නටන්න.. වටේ පිටේ මිනිස්සුන්ට ඒක ගානක් නොවුනත් ගෙදර අයට හරි ලාමක ටින් ටින් ආතල් එකක් ලැබෙයිනේ..
ඔය කල්පනාවෙන් ඉන්නකොට සුදු වෑන් එකක් ඇවිත් ගේට්ටුව ඉස්සරහා නතර කලා.. පුංචි අම්මා මාව ඇරලවන්න ගේට්ටුව ගාවට ආවේ හරියට පහේ පන්තියේ ළමයෙක් ඉස්සෙල්ලාම ස්කූල් වෑන් එකේ යනවා වගේ.. විලි ලැජ්ජාවේ  පණ යද්දි මම  වෑන් එකේ  දොර ඇරලා ළඟම තිවුන තනි සීට් එකේ වාඩි උනා.. පොල් පටවන්න පුළුවන් සයිස් එකට ලඟින් ලඟින් දාලා තිවුන සීට් නිසා මම  වගේ අතපය හතර දික් වෙච්ච එකෙක්ට වාඩි වෙන්න පුළුවන් එකම සීට් එක ඒක විතරයි.
වැන් එකේ හිටියේ  ඔ()ලෙවල්වත් කරපු නැති පොඩි කොල්ලෝ ඒ කියන්නේ හයේ හතේ පන්ති වල ඉන්න පොඩි බට්ටෝ.. අනේ ඉතින් කාට කියන්නද මගේ දුක  කියලා.. මාත් මගේ පාඩුවේ සද්ද වහලා උන්නා.
බාප්ලාගේ ගෙවල් පාර පහු කරලා වෑන් එක තවත් අතුරුපාරකට හැරෙව්වා.. මම මීට කලින් එක පාරක් ආව වෙලාවක අයියලා එක්ක බීව් එකට ගියේ මේ පාරේ වගේ මතකයි පාර දෙපැත්තේ තිබුනේ තට්ටු තුන හතරේ සුපිරි ගෙවල්.. බලන්න ලස්සනයි ඒ ගෙවල් පේලිය..
ගෙවල්  සිහියෙන් ඉන්න කොට එකපාරටම  කවුදෝ මගේ ඔඩොක්කුවට බෑග් එකක් දැම්මා.. මම උඩවිසි වෙලා බලද්දි  වෑන් එක නතර කරලා මුස්ලිම් ගෑණු ළමයෙක් වෑන් එකට එයාගේ බඩු පටවනවා.. පේන විදියටනම් යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට වෙන්න ඔනි.. ස්කූල් බෑග් එක දාලා ඊට පස්සේ අහක බලාගෙනම තව  රෝස පාට රෙදි බෑග් එකක් දැම්මා.. දැණුනු රස්නේ හැටියටනම් ඒ එයාගේ කෑම එක වෙන්න ඔනි ඊළගට තව පොත් ටිකක් අතින් අරන් වෑන් එකට ගොඩඋනා.. බඩු ලෝඩ් එක අරන් ආව අනිත්  කෙනා කෙල්ලගේ අක්කා වෙන්න ඔනී....




ගෙදර අයට ටටා පාරක් හේම දාලා කෙල්ල වෑන් එකට ගොඩ වෙද්දි තමා නෝන්ඩි  සීන් එක.. මෙයාගේ බෑග් සේරම මගේ ගාව.. මත් ටිකිරි මොලේ භාවිතා කලා කෙල්ලව ටිකක් බයිට් කරන්න... තනියම උනත් මට ඔය වගේ එව්වා සිම්පල්මම මගේ පාඩුව බෑග් දෙක හයියෙන් අල්ලගෙන ජනේලෙන් එලිය බලන් ගියා.. කෙල්ල ගිහින් මට එහා පැන්නේ සීට් එකේ වාඩි උනා.. ඊට එහායින් උන්නු කෙල්ල පිටි පස්ස සීට් එකේ හිටපු කෙල්ලෝ දෙන්නා එක්ක සෙට් වෙලා හූ කිය කිය හිනා වෙනවා..
"‍මොකෝ අංජු අක්කා  උනේ......" . මට පිටිපස්සෙන් සීට් එකේ හිටිය  කොල්ලා මායි කෙල්ලයි අතරින් ඔළුව දාලා ඇහුවා.. යන්තම් ඒ පැත්තට ඔළුව හරවලා බලද්දි කෙල්ල පරදාවෙන් මුළු මූණම වහගෙන ඉන්නවා
මට පව් කියලත් හිතුනා වෙනදට මේ සීට් එකේ කවුරුත් නැති නිසා වෙන්න ඇති කෙල්ල  බලන්නේ නැතිව බෑග් එක වීසි කලේ..
වෑන් එකේ හිටිය කෙල්ලෝ කොල්ලෝ සේරම කෙල්ලට නොන්ඩිය දානවා.. මම කිසිත්  නොවුනු ගනනට බෑග් එක තියාගෙන හිටියා..
"එක්ස්කියුස් මී.. මගේ බෑග් එක දෙනවද..." හීනි හඬකින් කෙල්ල අහද්දි මම ඇහුනේ නැ වගේ හිටියා.. මම හිනාව නතර කරන් හිටියේ බොහොම අමාරුවෙන්
අන්තිමේ කෙල්ලගේ ඉස්කෝලේ ලඟට ඇවිත් බහිද්දි ආයි කෙල්ල සොරි කියලා බැග් එක ඉල්ලුවාම මට නොදී බැරි උනා..
"හෙටත් දෙන්න මම අරන් එන්නම්..." බෑග් එක දෙන ගමන් මම නක්කලේට කියද්දි වෑන් එකේ හිටිය කොල්ලෝ සෙට් එකට හයියෙන් හිනා වුනා ..

7 comments:

  1. කතාව නම් මාරම ලස්සනයි. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න. මටත් මේ ළමයට වගේ උදේ ඇහැරෙන්න තමයි කම්මැලි.

    ReplyDelete
  2. ඉක්මනට අනෙක් කොටසත් දාන්න....

    ReplyDelete
  3. කතාව යන විධියට ඊළඟට වෙන දේ හිතාගන්නත් අමාරුයි. හංසි ලස්සනට කතාව අරන් යනවා. ඉක්මනින් ඊළඟ කොටස ලැබෙයි කියා බලාන ඉන්නේ...

    ReplyDelete
  4. ලස්සනයි....

    ReplyDelete
  5. අක්කා හරිම ලස්සනට මේ කතාව ලියනවා.. ගොඩක් ආසාවෙන් මම මේ කතාව කියවන්නේ..

    ReplyDelete
  6. ඉක්මනට ඉතිරියත් දාන්න ....................

    ReplyDelete
  7. දැන් නම් මොකක් හරි වෙන්න යනවා වගේ.. ඉතුරු ටික ඉක්මනට දාන්න... බලාගෙන ඉන්නවා...

    ReplyDelete