May 18, 2012

කලියුගය


නිදිමත බේරෙන දෙනෙත පරිගණක තිරෙයන් මුදාගත් පංකජ කෙටි නින්දක් බලන්නට නිදියහන වෙත ඇදී ගියේය. රුකියාවන් සොයන්නට  වෙහෙසෛමින් කාලය කා දමන දහවල් කාලයත් ලෝවටා  සැරිසරමින්  ගෙවන රාත්‍රි කාලයත් අතර විඩාපත්ව සිටි පංකජ විගස නිදි ගොවට පිවිසියේය.

ජීවිතය පුරාවට තමා විවේචනය කරමින් සිටින තාත්තාගේ තරහා පිරුණු  දෙනෙතින් ඔබ්බට යමක් සිතන්නට පංකජට අවැසිව තිබුනි.  දහවලේ සාභාගී වු සම්මුඛ පරීක්ෂනයේ  දි එයට මුහුණ දුන් ආකාරය පංජට සිහිනයක්  මෙන් විය.  එහීදි ඔහු සුදුසු කම් ලැබුවහොත්, රැකියාව කල යුත්තේ දුෂකර වන්නි ප්‍රදේශියේයි. එනයින් රැකියාව නොලැබේවායි යන සිතුවිල්ල පංකජගේ සිතෙහි හොල්මන් කරන්නට විය.

රැයෙහි ජීවිතය සුන්දර වග ඔහුට දැනුනි.  රසැති කතාවලින් , පෙම් රංගන වලින් මෙන්ම විරහා වේදනා වලින්ද සැදුම් ලත් මිතුදම්  සිත සනසාලීය. ඒ මිහිරියාව නිදි ලොවේදිත් පංකජගේ සිතුවිලි හැඩකරලනු ලැබීය.

ඔහු සිටියේ මිතුරන් සමඟින් බියර් කෑන් එකක් තොල ගාමිනි. ඉදිරි පස ක්‍රිඩා පිටිය වට කොටගත් ප්‍රෙක්ෂකා ගාරය තරුණ තරුණියන්ගෙන් පිරි ඉතිරි තිබුනි.  පංකජගේ දෙනෙත් නිතැනින්  ඉහල අහස වෙත ඇදි ගියේය.  කුරුළු පවුලට අයත් නෙවනා විරුපී සතුන්  විසින් සුදු පරවියෙකු වට කොට ගෙන  පරහ පිට පහර මෙන් සිටියෝය. ක්‍රිඩා පිටියෙන් අවධානය ඉවතටගත් සියල්ලෝම  අර විරූපි සතුන් උසිගන්වන්නට විය. අසරණ පරෙවියා කැබලි වි  අර කි  සතුන්ගේ අහරක් විය. පරෙවියාගෙන් කුස පුරවාගත් සතුන් ක්‍රිඩාංගනය වටා  පියඹා ගොස් අතුරුදහන් වන විට අකාශයේ කිසිඳු පරෙවි කුරුල්ලකු ඉතිරි වී නොතිබිනි.

සුහුවිලි ඇවිස්සි ගෙන මහ පෙළව කම්මපා වන  හඩක් නංවමින් විශාල එළ දෙනුන් තිදෙනෙක් ක්‍රිඩා පිටිය මැදට දිව අවෝය.  අවකාශය දුහුවිල්ලනේ වසා දමමින් වියරුවෙන් පිටිය පුරා දුවපනිමින් ඔවුන් පෙළහර දක්වද්දි කිඳුරියන් තුරුලේ සිටි සඳකිඳුරන් ඔවුන් අතැර එළ දෙනුන් පසු පසම දුවන්නට විය. එහි එකම ගොන් පොරයකි.  මොහොතකින් වලිගය පිටුසය සඟවා ගත් බැල්ලියන් මෙන් එළ දෙනුන් පසු බසිද්දි.  කුමරබඹසර බිඳී කිලිටි වුනු කිඳුරන් එකිනෙකා සමගින් මරාගන්නට විය.

පසුබා යන එළ දෙනුන්ට ඔවුගේ වරද පෙන්වා දෙන්නට උත්සහ කල නාඹර වෙළඹක්  එළදෙනුන්ගේ නින්දා වින්දාය. ඇයගේ තුරඟ රාජයා ඒ  දෙස බලා හිඳ මඳ සිනාවක් පා නිහඬ වුවේය. වෙළඹ නොපෙනී ගියාය.

පිටියෙ එක් කෙලවරක කපටි ඇස් ඇති අහික්ණ්ඨකයෙකු ගැඩවිලි පණුවෙකුට  නයි විස පොවමින් සිටියේය.  නයි විස පොවා ගැඩවිලි පණුවා අයිතිකරගන්නට  කපටියා සිහින  මවන්නට ඇත. එහෙත් නයි විසෙන් ඔද බැඳි ගැඩවිලි පණුවා මානික්‍යයක් පෙනයෙන් ගත් නාග රාජයෙකුට   දෙසට ඇදෙමින් සිටියේය. අහිකුණ්ඨකයා ක්‍රොධයෙන් වෙලී ගැඩවිලි පණුවාට දශ්ඨ කරන්නට  ගැරඩියෙකු උසිගැන්නුවේය. පාඩුවේ ගමන් කරමින් සිටි ගැඩවිලි පණුවා උසි ගැන්වී දශ්ඨ කරද්දි වැරදීමකින් අහික්ණ්ඨකයාගේ පුරුෂ නිමිත්තටම විස වැදුනේය. දැන් අහික්ණ්ඨකයා කෑගමසින් සිටී.

සිංහ දේනුවක් බල්ලෙකුගේ බොරු අසා සඳකිදුරියකට බැන වදිමින් සිටිද්දි. මේ සියලු දෑ දෙස විස්මයෙන් බලා සිටි පංකජගේ සිරුර තෙමා හරිමින් අහසින් අසිනි වරුසාවක් ඇද හැලිනි.

"ලොකු මල්ලි කීයේ ඉඳන්ද කතා කරන්නේ.... දැන් උදේ දහයත් පහු වෙලා.. තමුසෙට කෝල් හය හතකට වඩා ආවා... "

"මොනවා..... කාගෙන්ද..."

"ඊයේ ඉන්ටර්වීව් ගිය තැනින්.. බැරිම තැන මම පණිඩිඩේ අහගත්තා... තමුසෙට සඳුදා වන්නි යන්නම ලෑස්ති වෙලා එන්නලු....."

"මොකක්!"

"ඔව් .. ඇයි තමුසෙට යන්න බෑ..ද"

"නෑ... යනවා... කලියුගේ පටන් ගන්න කලින් මේ මායාවෙන් මිදෙන්න ඔනි බන් ලොක්කක්කේ....."

May 10, 2012

Press conference with නොකිලිටියාවේ කුමරිය


සුබ මධ්‍යහනක් හිතවත් මාධ්‍ය සහෘද්දයනි අද ඔබ අප හමුවේ අමු අමුවේ තමන්ගේ කතාව කියන්නට පැමිණ තිබෙන්නේ නොකිලිටියාවේ ඔටුන්න හිමි කුමරිය  කීගිරිල් ගැදිරෙලෝනා කුමරියයි.

නොකිලිටියාව අප කවුරුත්  දන්නා  සමුද්දිමත් දේශයක්, නවීන තාක්ෂණය සමඟ  ඉදිරියට යන නොකිලිටියාව  දේශයේ මීලඟ ඔටුන්න හිමි කුමරිය වන්නේ අද ඔබ හමුවේ කතා කරන කීගිරිල් ගැදිරෙලෝනා මෙනවියයි.  ඇ ගෙන් ඇසිය යුතු ප්‍රශ්න සියල්ල මේවන විටත් ඇයගේ පුද්ගලික ලේකම් වරයා වන යැමිටෝ ඇකුටෝන්නා මහතා වෙත ඔබ මේ වනවිටත් බාරදී තිබෙනවා. ඇය සූදානම් ඔබ හමුවේ අදහස් දක්වන්න.

නිවේදක : මුල්ම පැනය; මෙනවිය ඔබගේ පවුල් පසුබිම විස්තර කරන්න

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය : ඔහ්!!  නෑත්ක්ස් මට මේ චාන්ස් එක දුන්නට ඇක්චුවලි අපේ ඩෑඩ් තමයි මේ වෙද්දි නොන්ඩර්ට් කින්ග්, මම එයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්. නොන්ඩර්ට් කන්ට්‍රි එක  ගොඩක් ඒන්ෂන් දවස් වල ඉඳන් රූල් කරලා තියෙන්නේ අපේ ජෙනරේෂන් එකේ අය තමා.

(ප්‍රෙක්ෂකාගාරයෙන් බාධාවක්.. අතුරු ප්‍රශ්ණයක්)

සමාවෙන්න කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි රූල් කලේ බාගේ අඩි රූලෙන්ද මීටරේ කොදුවෙන්ද.. ?

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය:  ඔහ්!! නෝ නෝ නෝ.... රූල් කලා කිව්වේ අපේ අය තමා එහේ කින්ග්ස්ලා.. පලාණය පලාණය කලේ අපේ අය කියලායි මම කිව්වේ.

නිවේදක: ඔව්  කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි මීලග ප්‍රශ්නයත් අතුරු ප්‍රශ්ණයක්.. ඔබ කැමති ඔබව කුමන නමින් හඳුන්වනවාටද ?

කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය: ඔ මහි ගෝඩ්... ! (කොමල සිනා පා ) ආ... මම ආසයි මාට කිගී කියනවාට ඒක මගේ පෙට් නේම් එක  ඒක තමායි

නිවේදක: එහෙනම් මෙනවිය මේ අවස්තථාවේ සිට මම ඔබ තුමියට කිගී කියා ආමන්ත්‍රණය කරන්න අවසරද

කිගී: ෂුවර්...!! සූවර් වයි නොට් ඔයාට කැමති දෙයක් කියන්න නිවේ....... (කුමරියගේ මුහුන වපර විලාසයක් ගනි ඒ ඇය එක ඇසක් පුංචි කිරිමට තැත් කල නිසාවෙනි)

නිවේ: හොඳයි කිගී ඔයා දැන් මට කියන්න ඔයා ආදරය දකින්නේ කොහාමද කියලා.

කිගී: ආදරය.. ඔහ්!! ආදරය.. ආදරය තරම් උතුම් දෙයක් මේ ලොකේ තවත් නෑ නිවේ.. කිගීගේ ජීවිතේ ලොකුම දේ තමයි ආදරය ආදරය නැත්නම් කිගීට හුස්ම ගන්නත් බෑ ඇත්තම කිව්වොත් මෙයා කිගී කියන්නේ ආදරේ කරන්න ගියාම පිස්සු හැදිලා වගේ ආදරේ කරන කෙනක්.. ඔයා දැකලා තියෙනවාද අනර්කලී, බිම්මා බිසව්. අශොකමාලා. වගේ අය. ආදරේ නිසා මොන තරම් දේවල් කලාද.. කිගිත් එහෙමයි.. කිගිගේ තාත්තා කිගීට හොයන්නේ කිගී වගේම ආදරේ විශ්වාස කරෙන කෙනක්ව මේ දවස් වල තාත්තා කිගීට කෙනක් හොයනවා.. කැමතිනම් ඇප්ලයි කරන්න පුළුවන්

නිවේ: ඒකනම් ගොඩක් හොඳ ආරංචියක් වේවි අපේ  කොල්ලෝ සෙට් එකට. අපි කියමුද කිගී අයදුම් කරන්න ඔනි විදිය

කිගී: KGM <ස්පේස්> Iliketodie   කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට

නිවේ: ඔව් ඒක ගොඩක් හොඳ ආරංචියක්, ඔයාලා කැමතිනම් කිගීගේ ස්වාමිපුර්ෂයා වෙන්න එහෙමත් නැතිනම්  නොකිලිටියාවේ අනාගත රජු වෙන්න මෙන්න අවස්ථාව , කිගී මොනවද විශේෂ කුසලතා ඔයා බලා පොරොත්තු වෙන.

කිගී: හොඳ පළළ උරහිසක් තියෙන්න ඔනි, හොඳට උයන්න පුළුවන් වෙන්න ඔනි, වාහන සොදන්න, කඩේ යන්න, රෙදි සෝදන්න, බල්ලෝ නාවන්න, ගේ අතු ගාන්න වගේම අපේ ඩැඩීගේ රුවුල කපන්නත් වෙන්නේ එයාට තමයි.

නිවේ: සමාවෙන්න කිගී ඔයා හොයන්නේ ගෙදරට මෙහෙකරුවෙක් නෙවීනේ

කිගී: වට් නොන්සන්ස් මෙයා. දැන් කාලේ හස්බන්ඩ්ලා ඔය සේරම කරන්න ඔනි. ඔවට මට කොයින්ද වෙලා මෙයා , මගේ ෂෙඩූල් එකේ හැටියට උදේ පාන්දර දහයට නැගිටලා ඇරොබික්ස් කරන්න ඔනි පැයක්. ඊට පස්සේ බ්‍රෙක්ෆස්ට් ඊට පස්සේ මම යනවා බයිසිකල් පදින්න, ඇවිත් ලන්ච් ගන්නවා  ලන්ච් එකෙන් පස්සේ සැලෝන් යන්න ඔනි හයට ඒක ඉවර වෙන්නේ ඊට පස්සේ මම යනවා මෙඩිටේෂන් වලට රෑ නවයට ඒක ඉවර කරලා එහෙමම ක්ලබ් එකට යනවා  ඊලඟ දවසේ පාන්දර මට වෙනවා මෙයා ගෙදර එද්දි  ආම් සෝ බිසී ...... ඒකයි.

නිවේ: ඔව් ඉතින් කුමාරිකාවක් උනාම කාර්‍යබහුල වෙනවා තමයි. ඉතින් කිගී මට කියන්නකෝ ඔයා මීට කලින් කාටවත්ම ආදරේ කරලා නැද්ද.

කිගී: වයි නොට් මෙයා මම ගොනුස්සෙකුට ආදරේ කලානේ..

නිවේ: මොකා !! ?? ගෝනුස්සෙකුට. ???

කිගී : යා යා මෙයා එයා මට මීට් උනේ ෆේස්  බුක් එකෙන්.. ප්‍රොෆයිල් එකට දාලා තිබුනේ ඒකෝන් වගේ බ්ලැක් ඇමරිකන් ලුක් ගයි කෙනක්ව.. මාර හැන්ඩ්සම් මෙයා හරිම ස්වීට්. මම එයා වෝල් එකේ ලියන හැම එක්කම කියෙව්වා. ලයික් කලා , එයා දැනගත්තා මම එයාට කැමතියි කියලා එයා  හැමදාම රෑට රෑට මා එක්ක චැට් කලා.. ඒ චැට් මා ගාව තාමත් සුරක්ෂිතව තියෙනවා. අපි කොච්චර චැට් කලාද කියනවානම් අනේ නිවේ ඔයාට කියන්න සමහර දාට එයා  ටොයිලට් යද්දිත් ලැප් එක අරන් යනවා මාත් එහෙමයි මෙයා.. හරිම ස්වීට් ඒ කාලේ.. මම ගොඩාක් හැපී  එකේ හිටියේ වාව්.... (මොහොතක්  දෙනෙත් පියා අතීතය  මෙනෙහි කරයි)

චැට් කරලා කරලා අන්තිමේ අපි ලවර්ස්ලා උනා. එයා හැම වෙලාවේම වීඩියෝ කොල් ගන්න කොට අපේ ඩැඩී ලොකේ වගේ ගිහින් ගෙනාපු ගොල්ඩ්, ඩයමන් , ජෙම් කාවින්ග්ස් වලින් හදපු ජුවලරීස් දාගෙන මම හිටියේ. අපේ අළුත් බෙන්ස් එකට හේත්තු වෙලා අපේ අළුත් ගෙදර හොඳට පේන තැනකට වෙලා මම එයාට  වීඩියෝ කොල්ස් ගත්තේ ඒ උනාට එයා හැමදාම  වීඩියෝ එකට පේන්න ඉන්නකොට පෙන්නුවේ ගෝනුස්සෙක් විතරමයි. ඒකයි මම ආදරේට ගෝනුස්සා කිව්වේ ඒත් අන්තිමේ එයා ඇත්තම ගෝනුස්සකේ උනා.. ඉහි ඉහි ඉහි..( කිගී හොටු පෙරමින් හඬයි.. ලේකම් කඳුලු පිසියි. ඔඩියන්ස් එකත් හඬයි... සෝක බරිත මොහොතකි)

නිවේ: අඬන්න එපා කිගී ප්ලීස්... කියන්න ඇයි එයා  ගෝනුස්සකේ වගේ උනේ කියලා....

කිගී: එයා දෙකයි හැත්තෑ පහේ ලොසින්ජරයක් කන්න කියලා මගෙන් සල්ලි ගත්තා. මට චංචා කලා, මට බොරු කලා, වෙන කෙල්ලක් එක්ක චැට් කරනවා මගේ අතටම අහු උනා.. එයා මහා බොරුකාරයෙක් වංචාකාරයෙක් මගෙන් යාළුවෙන්න ඇහුවා. මහ දුෂ්ඨයෙක්, ඇත්තමයි නිවේ, මට පස්සේ හිතුනේ මං වගේ කුමාරිකාවකට නොගැලපෙන කෙනක්ට මම මොකට ආදරේ කලාද කියලා මම හරියට මෝඩ උනා බොරුකාරයෙක්ට අහුවෙලා මම අපේ ෆැමිලි එකට ඉන්සල්ට් කලා... මම මටම ඇත්තටම හේට් කරනවා නිවේ.. මට මැරෙන්න ඔනි.... මේ දැන් මැරෙන්න ඔනි.....

ලේකම්: ප්ලීස් නිවේ මල්ලි.. අපේ  කිගී හරි සෙන්සිටිව් මෙයා.. එයාට කවුරුත් කවදාවත් බැනලා නෑ.. එයාට බැනුම් අහලා පුරුදු නෑ.. ඒ වගේම තමයි එයාගේ හිත කවුරුත් රිදවලා නෑ..  එයා හැමවෙලාවේම අනිත් අය වෙනුවනේ හිටියේ එහෙම කරන මෙයාට හිත රිදෙන ප්‍රශ්ණ වලින් දමලා ගහන්න එපා නිවේ... ඔයාට පින් සිද්ද වෙයි.. මගේ ලේ කකියනවා මගේ කිගී මැඩම්ට කවුරු හරි හිතරිදෙන දෙයක්  කියද්දි.. ප්ලීස් ප්ලීස් මට කියන්න මගෙන් අහන්න ඔය ප්‍රශ්ණ ... වඳින්නම් කිගී මැඩම්ට නම් හිත රිදෙන්න දෙන්න එපා.... (ලේකම් පොළවේ පස් කමින් හඬයි)

කිගී: අඬන්න එපා ලේකි අයි නෝ යු ලව් මී.... (ලෙකම් කිගිගේ පෙතුල ලෙව කයි)

ලේකම්: යූ ආර්ද බෙස්ට් කිගී.. ඔයා තරම් කෙනෙක් තවත් නෑ...

කිගී: තෑන්ක්ස්  ලේකී  (පාවෙන හාදුවක් දෙයි.. ලෙකම් සිහිසුන් වෙයි)

නිවේ: ඔව් මිත්‍රවරුනි අපේ සංවාදය දැන් ඉතාමත් සංවේදී  මොහොතකට ඇවිත් ඒ නිසා අපි අවසාන වශයෙක් කීගිගෙන් අහමු ඇයි අද මේ වගේ Press conference  එකක් තියන්න හිතුවේ.

කිගී: ඇක්චුවලි නිවේ මට අද කරන්න වෙන වැඩක්  තිබුනේ නෑ.. මම දන්නවා ඔයාලාටත් මගේ ඒවා අහනවා  තරම් සතුටක් නෑ කියලා  ඒකයි

නිවේ: අනිවාර්‍යෙයන්ම. කිගී අපි තවත් දවසක මේ වගේම හමු වෙමු.. අවසාන වශයෙන් දෙයක් කියන්න තියේද..

කිගී : ෂුවර් ..... මතකනේ  ඔයාලාට KGM <ස්පේස්> Iliketodie   කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට 

බායි බායි.. අයි ලව් යූ ඔල්......


අවසානයේ තිරය වැසිනි..... සියල්ලෝම සතුටින් විසිර ගියෝය.




මේකත් බලන්න.....

අපි වෙනුවෙන් අපි

ස්ටේටස් එක හොරකම් කලේ මගේ මරණය අයියාගෙනි :D

Anushka Lakmal - බනියා (https://www.facebook.com/anushka.lakmal?ref=ts) අපි හැමෝම දන්නා බ්ලොග් සහෘදයෙක්..

බනියාගේ චරිතයට හානි වන ලෙස ෆෙස්බුක්හි පිස්සු "හැදෙන සඳ (PissU HaDena SaDa)" (https://www.facebook.com/pisssu.hadena.sada) නම් පිටුවක් මාර්ගයෙන් මඩ ප්‍රචාරයක් මේ වන විට කෙරීගෙන යනවා.. අපේම සොහොයුරෙක් වන බනියා එවං දෙයක් නොකරන බව එම මඩ ප්‍රහාරය දෙස බැලු සැනින් වටහාගන්නට පුළුවන්.. එම මඩ ප්‍රහාරහ සදහා සබැදිය..
(https://www.facebook.com/anushka.lakmal/posts/322675214468005)

තව දුරටත් ඔවුන් විසින් එම පිටුවේ පල කර ඇති පොස්ටුවේ බනියට පක්ෂපාතිව දමන කමෙන්ටු ඉවත් කරමින් සිටිනවා. එම පොස්ටුවෙන් ඔවුන් බනියව රිපෝට් කරන්න කියා ඉල්ලා තිබෙනවා.

අපි ඔබ ඒකට බ්ලොග් ලියන්නනං වශයෙන් බනියා වෙනුවෙන් ඉදිරිපත් විය යුතු වෙලාවයි මේ.. ඔබත් බනියා මෙවැනි දෙයක් කෙදිනවකත් නොකරනවා යැයි සිතනවා නම් මෙමෙ තුප්පහි පේජ් ඒකරිපෝට් කරන්න.. මෙම පණිවිඩය අපේ බ්ලොග් ලියන යාළුවන් අතර බෙදාගන්න.. — at බනියා වෙනුවෙන් මල අතට ගෙන.





Apr 29, 2012

සිහිනය සියැසින්


සිහින ලොවක ජීවත් වීම සැබෑවට මුහුණ දීමට වඩා බෙහෙවින්ම කර්ෂකය, එහෙත් මම මේ සිහිනය දකින්නේ ආශාවෙනි. මගේ සිතත් සිතිවිලි සමුදායක් මටම අවනත නැති වු කලෙක මා විසින්ම මා හට දෙන්නා වු වේදනාව සතුටින් විඳ දරා ගන්නවා හැරනේනට අන් කිසිවක් කරන්නද.  කාලයක් ජීවිතයේම කොටසක්ව පැවති විශයානු බද්ධ පොත් පත් හා එහි වු විශය කරුණු මුළුමනින්ම මනසින් අතුරුදන්ව ඇති කලෙක නුදුරේ ඇති විභාගයට සුදානම් වීමේ අසාර්ථක උත්සහය ඇතැර, පරිඝණක තිරයේ වු රුව දෙබ බලා භාවනා කලෙමි.

මුහුනේ සිනාවකදු නොමැතිව  සිටින ඒ මුහුනේ රළු හැඩතල දෙස බලා සිටියදීම නොදැනි කාලය ගතවන්නට ඇත.
නුහුරු නුපුරුදු දුරක ඉඳන් ඔබ ඇවිත් සිත ලඟට හෙමින්......
ජංගම දුරකතනය බොහෝ වේලාවක් නාදවී තිබේ.. සිහින අතරේම ගීතයට සවන් දී සිටි මට ඇමතුමට පිළිතුරු දිය යුතු බව සිහිවුනේ හදිසියේය. ඇමතුම සංජලීගෙනි

හෙලෝ.... මම ඔනෑවට එපාවට පිළිතුරු දුනිමි.. සිතට තනිවන්නට අවැසි වෙලාවට මිතුරියන්ද ඇතැම්විට කරදරයකි.

මොට්ටියේ... දැන් කියේ ඉඳන්ද.. මම රිනිග් කරන්නේ.... කිසිත් නෙකියාම මිතුරිය මැසිවිලි නගන්නට වුවාය.

සොරි... සාගුවෝ... මම පාඩම් කර කර හිටියේ..... මම බොරුවක් කිවෙමි. පාඩම් කරන්නට කියා සිතුවද පොත ඇල්ලුවේ හෝ නැත..

ආ.... උඹට ඒක්සෑම් ලඟයි නේද..... හ්ම්ම්ම් එහෙනම් අද ප්ලෑන කැන්සල් කරන්න වෙයි....

මොන.... ?

නෑ නෙතුවෝ මම හිතුවේ පාක් එකේ එක්සිබිෂන් එකට යන්න... අළුත් මලක්  ගැන කියෙව්වා බන් රොස මලක් වගේ.. ජෙබරා වර්ගයක්ලු... මිතුරියගේ මල් පිළිබඳ  උමතුව විස්තර කරමින් ඇය කියා සිටියාය.

සීමිත මල් වර්ග කිහිපයකට හැරෙන්නට අනෙක් මල් වලට එතරම්  උනන්දුවක් නොදැක්වු නමුත් සංජලී සමඟ නිතර නිතර මල් ප්‍රදර්ශන නැරඹිමටමට මා හට සිදුවිය,  නොයෙකුත් විශේෂයන්හී දෙමුහුන් මල් පැල කොපමණ මුදලක් හො ගෙවා මිලදී ගැනීම ඇයගේ පුරුද්ද විය.

කමක් නෑ යමු... පොතේම හිරවෙලා පිස්සු වගේ.. මනස දැල්වෙමින් තිබියදී පැන් පොදන්  සොයන්නා මෙන් මම ඇගේ ගමනට එක්තු වීමට කැමැත්ත පල කලෙමි.

අන්නේ.... උම්ම්මා  සුද.... හිටපන්.. විනාඩි  පහෙන් මම එනවා මම ලෑස්ති වෙලා ඉන්නේ... සංජලි සතුටින් කෑ ගෑවාය.

හෙමීට වරෙන් පිස්සු මැන්ටලේ... අද මමයි රයිඩ් කරන්නේ....

අපෝ.. මේ බෑ.. බෑ... ස්කූටියේ බෑ.... උඹලාගේ අම්මා කැමති නෑ අපි ස්කූටියේ රස්තියාදුවේ යනවාට

නිකා හිටින්  එහෙනම්,   මට බෑ... බස් වල යන්න

ට්‍රයිෂෝ එකක යමු... ප්ලීස් ප්ලීස්..... සංජලී ඇවටිලි කරන්නට විය.

අම්මා මුකුත් කියන්නෑ... අනික ලඟටනේ.. මම කැමති කර ගන්නම්.. උඹ ස්කූටියේ වරෙන්.. නැත්නම් එපා ... මම නාගන්න යනවා.. ඇයට කිසිත් කියන්නට ඉඩ නොතියා දුරකතනය විසන්දි කලෙමි.

යලිත්  පරිඝණක තිරය මත වු රුවටම නොත් යොමු වද්දි සිතැඟි මට්ටු කරමින් යාන්තමට ඒ දෙතොල මත දෙතොල් ස්පර්ෂ කර පරිගණකයෙන් මෑත් වුනෙමි.  හිතාමතාම නොවුනත් කලක සිටන් පුරුද්දකට මෙන් එය සිදුවේ.

මනස කැලඹුනු බොහෝවිට කෙතරම් සීතල දිනයක්දැයි නොසලකා වතුර මල යටට වී පැය ගනනක් ගතකිරිම මසිතට සැනසිලි ගෙන දෙන්නකි. පියාගත් දෙනෙතින් යුතුව වතුර මල යට ගෙවෙන බොහෝ වේලාවන් හීදි  ලොවට පෙනෙන්නට හෙලිය නොහැකි කඳුලු සීතල වතුරේ  සේදී යයි.
නිවසේ විදුලී සීනුව නාද වන හඬත් සමඟ ඇසුණු කිංකිණි හඬින්  සංජලී පැමිණ ඇති බව නානකාමරයේ සිටියදිම මා හැඳින ගත්තෙමි.. 

සාගුවෝ.. කාමරේට පලයන්. දොර ඇරලා තියෙන්නේ.. ඇයගේ දෙපාගැටෙන හඬ කොරිඩෝවෙන් ඇසෙද්දි මම කෑ ගසා කීවෙමි.

අයියෝ.. උඹ තාමත් නානවද... සංජලී දොරෙන් පිටත සිට කෑ ගැවාය.

හිතුවද මාත් උඹ වගේ නාන්න කම්මැලියි කියලා...

ආ... උඹ ආවානේ අපේ ගෙදර.. මම නානවද නැද්ද බලන්න...

හරි හරි පලයන්.. කාමරේට... අම්මාට කියලා උඹට ඔනි දෙයක් හදාගෙන බීපන්..

මම කම්පියුට එක දානවා... කෙරිඩෝවෙන් ඇසුනු ඇගේ හඬ මගේ කාමර දෙසින් ඇසෙන්නට විය.

විනාඩි කිහිපයක් ගතකොට නා ගැනීමෙන් අතුරුව තෙත කෙස් වැටිය තුවායෙන් පිසදමමින් මම කාමරයට ගියෙමි. මට පිටුපා පරිඝණක තිරය දෙසටම නෙත්  යොමා සිටි සංජලී මා නුදුටුවාය. ඇය මගේ ඉලෙක්ට්‍රෙකික දින පොත කියවමින් සිටියාය, මා නානකාමරයට යාමට පෙර යමක් ලියමින් සිට එය එලෙසම තබා ගිය වග මා හට සිහිවුයේ මේ දැන්ය. සංජලීත් මාත් අතර වු මිතුදමේ ශක්තිමත් බව ඇයට මගේ දිනපොත කියවීමට ලොකු අනුබලයක් විය. ඇයත් මාත් අතර කිසිම විටෙක රහසක් කියා දෙයක් නොතිබුනි. නමුත් මා අනුහස්ට ඒකපාර්ෂවිය ලෙස ආදරය කල  බව ඇයට කියන්නට මා හට නොහැකි විය.

සංජලී කෙලෙස තේරුම් ගනිදැයි සිතාගැන්මට හො නොහැකිව මම නිහඬවම ගොස් ඇදෙහි වාඩි  වී පිටුපා සිටින ඇය දෙසම බලා සිටියාය. එවිට මා කාමරයට පැමිණ ඇති බව ඇයද දැන සිටියාය. එහෙත් මාගේ පැමිණිම වගකට නොගත් ඇය දිනපොතේ සියලුම සටහන් කියා නිම කලාය. ඇයට ඉඩදී මම සයනයේ උඩුබැලි අතට දිගාවී  දෙනෙත තදින් පියාගතිමි. කතාකල නොහැකි කඳුලක් හැමදාමත් ලෙස නෙත් කොනින් ගලා ගියේය.

දිනපොත කියවා නිමකල සංජලී නිහඬවම  ගොස් කාමරයේ දොර වසා පැමිණියාය. මා පසෙකින්  ඇඳේම දිගෑදුනු ඇය කිසිත් නෙකියා මා දෙසම බලා සිටින්නට වුවාය. ඇයට මුහුණ දි ගත නොහැකි වු මා දෙනෙත් තදින්ම පියාගෙන සිටියෙමි.

නෙතූ.... උඹ මුකුත් කියන්න එපා  කෙල්ලේ... මම සේරම කියෙව්වා... එදා ඉඳන් අද වෙනකල් සේරම.... ඒත් මේ හැටිම තනියම විඳව විඳව ඇයි උඹ මටවත් නොකිව්වේ කියලා විතරක් කියපන්.... ඇය සාවදානව අසද්දිත් මම නිහඬවම සිටියෙමි. ඇය නැවත කතා කලාය.

අනුහස් දන්නවා නේද....

ම්ම්ම්ම්ම්

ඇයි නෙතු උඹට ඇත්තට මුණ දෙන්න බැරි.. අනුහස් සහ උඹ කියන්නේ පාරවල් දෙකක යන දෙන්නෙක්.. අඩුමගානේ හන්දියකදි හරි උඹලා දෙන්නා එකට මුණ ගැහෙන්න පුළුවන් කමක් නෑ උඹලා දෙන්නා  ජීවිතේ දකින්නේ දෙවිදියකට.. උඹ පිස්සු හොන්තුවක්..දඟකාරම් වලට සීමාවක් නැති එකියන්.  අනුහස්  කියන්නේ ජීවිතේ සංකිර්ණව දකින නිහඬ කෙනක්...

අපි අතර නොගැලපීම් විතරක්ම කියන්න එපා සාගුවෝ.... මම ඒ හැම දෙයක්ම දැනගෙන තමයි අනුහස්ට ආදරේ කලේ... ඒ ඇරත්. මට  අනුහස්ව මගේම කියලා අයිති කර ගන්න උවමනාවක් නෑ..

මොකක්.... ?

ඔව්... මම ආදරේ දකින්නේ අනිත් උන් දකින විදියට නෙවී.. කොල්ලෙක් කෙල්ලෙක්ට කෙල්ලෙක් කොල්ලෙක්ට හරි ආදරෙයි කියලා කිව්වොත් හැම කෙනෙක්ම ඒක දකින්නේ.. ගොඩාක් සංකිර්ණ විදියට.. මුන් දෙන්නා  කසාද  බඳියි.. එකට ජීවත් වෙයි දරුවෝ හදයි... ඒත් ඒක ජීවත් වීම මිසක් ආදරේ නෙවෙයි නේද... ඔය විදියට ජීවත් වෙන මිනිස්සු අතරේ ආදරේ නෑ... ඒ මිනිස්සු අතරේ තියෙන්නේ කොලේක අත්සන් කරපු ගිවිසුමක් විතරයි.. මට ඔනි අනුහස්ව ඒගිවිසුම එක්ක මගේ ජීවිතේට හිර කර ගන්න නෙවයි.. ඒ නැතත් සාගුවෝ ආදරේ කියන්නේ හදවතට දැනෙන දෙයක්.. මම කාටහරි ආදරේනම් පරෙලා අනිත් මනුස්සයා මට ආදරේ කරන්න ඔනි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ.. හිතලා බලපන් මේලෝකේ දකින විදියේ ආදර බැඳිමකින් බැඳිලා ඉන්න දෙන්නෙත් ගේ ආදරේ තරාදිකට දාලා මැන්නොත් දෙපැත්ත සමානද .. නෑ නේද.. පොඩි හරි වෙනසක් තියෙනවා... මට මගේ ආදරේ තරාදියේ දෙපැත්ත සමානවෙන්න ඔනි නැහැ  මගේ පැත්තෙන් තරාදිය පහලම තියෙද්දි අනුහස්ගේ පැත්තෙන් උඩින්ම තියේවි.. ඒත් ඒක මට ආදරේ කරන්න ඒක ප්‍රශ්ණයක් නෙවී.

ඔය සේරම විකාර අදහස් විතරයි නෙතුවෝ.. මුළු ලෝකෙම උඹට හිනා වෙනවා.. උඹ ජීවත් වෙන්නේ විකාර අදහස් එක්ක.. උඹ ඔය හිතන බොළඳ විදියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. කාට නැතත් අනුහස්ට උඹ දැන් පරාල ඇනයක් වෙලා කියලා උඹට හිතෙන්නේ නැද්ද... ඌ උඹට අකමැති නිසානේ උඹව සත පහකට ගනන් ගන්නේ නැතිව ඉන්නේ.. මේ විකාර අත්ඇරලා දාපන්    නෙතුවෝ මම ආස නෑ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කොල්ලෙක් නිසා චාටර් වෙනවට.. 

උඹ කියන දේ මට තේරෙනවා සාගුවෝ.. මාත් හිතනවා සමහර වෙලාවට.. ඇයි මම මේ තරම් පාච්චල් වෙන්නේ කියලා.. ඒත්  මට හිතෙන්නේ මට දැනෙන්නේ වෙනස් විදියකට.. මම  කෙල්ලෙක් උනත්.. මේක  ලෝකෙටම කෑ ගහලා කියන්න මම ලැජ්ජා  වෙන්නේ නැහැ.. මම අනුහස්ට ආදරයි කියලා .. ඒත් මේක නිසා අනුහස්ව  කොතනකදිවත් අපහසුතාවයට පත් නොකරන්න මම හැමවෙලාවේම  පරෙස්සම්.. ඒ නිසා හිතට දැනෙන හැම දෙයක්ම හිතේම තියාගෙන මම ජීවත් වෙනවා.. අනුහස් ගැන කවදාවත් මට තරහක් හිතෙන්නේ නෑ සාගුවො... අනුහස් මේ ප්‍රශ්නෙදි හැසිරෙන විදියට මම කැමතියි ගොඩක් කැමතියි.. ගෑණුන්ගේ බොළඳ කම් ඉස්සරහා දණ ගහන නපුංසකයෙක්ට වඩා  මේ දකින්නේ මේ ලෝකේ ඉන්න අන්තිම ගෑණි කියලා ඒ ගැණි මත්තේ මැරෙන්න හදන පිරිමියෙක්ට වඩා ,කෙල්ලන්ව සතපහකට මායිම් නොකරන ආඩම්බරකාරයට මම කැමකතියි. මාත් එක්ක කතා නොකරන, මම විකාර නටද්දි නොදැක්කා වගේ අහක බලාගෙන එයාගේ වැඩක් බලානෙ ඉන්න අනුහස්ට මම ගොඩක් ආදරෙයි.  මට බින්දුවක් වත් ආදරේ නැති වුනත් මම මේ වෙද්දි මගේ ජීවිතේ ලස්සනම කාලේ එයාගේ ආදරේ වෙනුවෙන් කැප කරාලා ඉවරයි.. ආයි ජීවිතේට,  ජීවිතේ විඳින්න පුළුවන් මේ කාලේ මට ලැබෙන්නෑ තමයි... ඒත් හිතට එකඟව කරන ආදරයක් වෙනුවෙන්.. මම මගේ ජීවිතේ ලස්සනම කාලේ සහ මුළු ජීවිතේම විඳෙව්වා කියලා මතකයක් තියා ගන්න එක මට සතුටක්.... මම දකින ආදරේ පෙරලා උත්තර දෙන්න ඔනි දෙයක් නෙවී.. සමහර විට තව ටික දවසක් යද්දි අනුහස් වෙන කෙනෙක්ට ආදරේ කරයි. කසාද බඳියි, ළමයි හදයි.. ඒත් නෙතූවට ඒක ප්‍රශ්නයක් වෙන්නෑ සාගුවෝ... ඒ ඇයි දන්නවාද.. මම අනුහස්ට ආදරේ කලේ නොලැබෙන බව දැන දැන.. එයාව අයිති කර ගන්න එක ගොඩක් දුර දෙයක් උනා මට... දැන්  තව තවත් දුරයි... ඒත් ලැබුනොත් ඒ වෙලාවෙම මම හුසුම හිර වෙලා මැරෙයිද කියලා කවුද දන්නේ...... නුපුරුදු සිනාවක් නඟා ගනිමින් මා කීවෙමි... විසල් දෙනෙතින් යුතුව සංජලී මා දෙස බලා උන්නාය.

උඹේ මේ ආදරේ මට නම් මල සමයමක් නෙතුවෝ....  සියල්ල අසා අවසානයේ ඈ කිවාය..

අනුහස්ටත් එහෙමයි..... මේ මේ.. දැන් ඇති නේද... අපි යමුද.. උඹේ අර මල් පැලේ වෙන කවුරු හරි අරන් යාවි....  වේගයෙන් අඳෙන් නැගි සිටි මා කොට්ටයෙන් සංජලීට දමා ගැසුවෙමි.

උඹ හොඳ මූඩ් එකකද. ඉන්නේ..... සංජලී සුපරික්ෂාකාරීව මා දෙස බුලුවාය.

“sure ඇයි එහෙම නෑ කියලා උඹට පේනවද.. ...... සාගුවෝ... මම හිතින් විඳවන්නේ අදක ඊයේක ඉඳන් නෙවෙයි කියලා ඩයරිය කියවපු උඹ දන්නවා.. ඒ අතර කාලේ අපි මෙන තරම් පිස්සු නැටුවද කියලත් උඹ දන්නවා. හිතින් මම විඳවනවා කියලා මුල්ලකට වෙලා අඬ අඬ හිටියට මට ලැබෙන දෙයක් නෑ.. වේදනාව හිතේ තියාගෙන ජීවිතේ එන හැමදේටම මූණ දෙන්න මම පුරුදු වෙලා ඉන්නේ... එහෙම නැතිව බෑ.. ඉවරයක් නැති වේදනාවක් බදා ගත්තු කෙනෙකුට.. අනිත් එක මා එක්ක නටන්න  තියෙන පිස්සු නටලා ඉවර කරහන්.. මම දැන් ටික  ටික මාවම වෙනස් කරන් යනවා.. මට ඔනි අනුහස් තරමටම නිහඬ වෙන්න.. ඒත් මම  ජීවත් වුනු විදියට එකපාර එහෙම වෙන එක ලේසි නෑ...  

අපෝ..... ඇති ඇති උඹේ විකාර... ඔවා මට නම්  මල සමයන් විතරයි.. උඹට පිස්සු... හොඳටම පිස්සු... උඹේ හොඳ යාළුවා වෙච්චි මටත් හිනේනේ එහෙමයි..... ඒත්... වෙලාවකට හිතෙනවා.. අනුහස් නැති කරගෙන තියෙන්නේ. . මේ ලොකේ..  එයාටත් වඩා  රැඩිකල් විදියට හිතන කෙල්ලෙක් කියලා... සංජලී සිනාසෙමින් කීවාය.

නෑ.... සාගුවෝ.... එයා නැති කර ගන්න යන්නේ මේ ලෝකේ එයාට ගොඩක්ම ආදරේ කරන කෙල්ලව..........

හෝ... හේ. ඇත.. ඇති...  යමු.... යන ගමන් ඉතිරිය......

කිංකිණි සිනා හඬ නංවමින් අප දෙනෙවා ස්කූටරය වෙත දිව ගියෙමු.. 


නිර්මාණය සහ නිර්මාණ කරුවා යනු දෙදෙනෙකු බව මාවතේ වු පුවරුවක සටහන්ව තිබුණි . 

Apr 3, 2012

ආදරයේ පැහැය | Color of the Love

සමහර  හැන්දෑවරුවල මහ හයියෙන් වහිනවා. දෙකට තුනට පටන් ගන්න අනෝරා වැස්ස  හවස හතර පහ වෙද්දි නැවතිනවා. මම ආසම අන්න ඒ වෙලාවට. වැහි වෙලාවේ  ඇඳට ගුලි වෙලා නිදාගෙන වැස්ස පායද්දි මිදුලේ තෙත තණකොල ගොල්ලේ ඇවිදින්න මම ගොඩාක් ආසයි.

ඒ මහා වැස්සට පස්සේ පරිසරය කොයිතරම්නම් නිහඬද. ඒ නිහඬ බව මම විදින්නේ හදවතේ ගැඹුරුම තැනකින්. වැස්ට හැංගිලා හිටිය කුරුළු රංචු  තම තමන්ගේ  රාත්‍රී නවාතැන් වලට යන්නේ අහස පුරාවට මිහිරි කන්කරච්චලයක් ඉතිරි කරගෙන. ඒත් ඒ  ගෝෂාව නිහඬ  බවට බාධාවක් නෙවෙයි.

මිදුලේ  ලස්සනට පිපිලා තිබුණු ඩේලියා මල් මැලවිලා සිනිදු පෙති වැහිදියට දියවෙලා. පිච්ච මල් වල සුවඳ සේදිලා ගිහින්. ඒත් මම වැස්සට ආදරෙයි. මැලවුනු මල් වෙනුවට අළුත් මල් ආයතේ පිපෙයි.. ඒත් වැස්ස නිසානේ..

වැහි   හැන්දෑවේ නිහඬ සුන්දරත්වය වැඩි කරන්න ඈත නැගෙන හිර අහසේ  දේදුන්නක් පායලා. ඉස්සර පුංචි කාලේ යාළුවෝ කතා වෙන්නේ දේදුන්න දිහාට ඇගිල්ල දික් කලාම දේදුන්න අතුරු දහන් වෙනවා කියලා. ඒ නිසා පුංචි කාලේ කවදාවත් දේදුන්නට ඇඟිල්ල දික් කලේ නැහැ.. ඒත් ටික ටික වයසින් වැඩෙනකොට ඒක ඇත්තක්ද කියලා බලන්න ඇඟිල්ල දික් කරලා බලනවා. ඒක මහා බොරු කතාවක්. දේදුන්න කියන්නේ  පරිසරයේ විද්‍යාත්මක සංසිද්දියක් විතරයි.

ඒ කොහොම උනත් දේදුන්නේ පාටකොයි තරම් ලස්සනද. පුංචි  කාලේදි ඉස්කෝලේ වැඩට පාට පෙට්ටියක් ගේන්න කියනකොට මම කියන දෙයක් තමයි. දේදුන්නේ පාට සේරම තියෙන පෙට්ටියක් ගේන්න කියලා. මගේ බොළඳ කතාවට අප්පච්චි හිනා වෙනවා. එදා මට එයා කිව්වේ නැහැ. දේදුන්නේ පාටින් පාට පෙට්ටි විකුනන්න නැහැ කියලා. වයසින් වැඩෙද්දි මම ඒක තේරුම් ගත්තා.

අපි හැමෝම එහෙමයි නේද.. පුංචි කාලේ අපි මවාගත්ත අපේම ලෝකෙක පුංචි පුංචි දේවල් එක්ක ජීවත් වෙලා වයසත් එක්ක අපිම පුංචි කලේ කරපු දේවල් වලට හිනා වෙනවා නේද...

මටත් එහෙම දෙයක් උනා.

ඉස්සර දේදුන්නේ පාට තියෙන පාට පෙට්ටිය  හෙව්වා වගේම. පාසැල් වයසේ මගේම  යෙහෙලියන් පෙම්වතියන් වෙනකොට මාත් හිතේ රූපයක් මවා ගත්තා කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක්ට මම ආදරේ කරනවා. මම මෙන්න මේ  තරම් ආදරේ කරනවා කියලා.  එක වයසකදි පන්තියේ පෙම්වතෙක් නැති  එකම කෙල්ල මම වෙද්දි  මනෝ චරිතයක් මවා ගත්තා. කතාවක් ගොතා ගත්තා. ඒ මටත් කෙනෙක් ඉන්නවා කියලා යාළුවන් ඉස්සරහා කියන්න.

නම නිසල් සූරිය බණ්ඩාර. මුණ ගැහෙන්නේ නුවර එළියේ ටියුෂන් ක්ලාස් එකේදී. ඒක හරියට මල් පත්තරේට ආදර කතාවක් වගේ. මාස ගානක් ඒ විහිලුව කරලා යාළුළුන්ව අන්දන්න පුළුවන් උනා. මමම ලියන කවි,  ලියුම් මගේ හොඳට යාළුවා දිල්ට කියලා ආයි ලස්සන කොල වල ලියවගෙන දිලුයි මායි දෙන්නා පන්තියේ අනිත් කෙල්ලන්ව හොඳට ඇන්දුවා.

මට තාමත් මතකයි අපි ඒ  ලියුම් වල ලියපුවා.

බබා ඔයාට  කොහාමද.. අද ඉස්කෝලෙ යන්න නැගිට්ටේ කියටද.. උදේට කෑවේ මොනවද.. අද මොනවද හොම් වර්ක් දුන්නේ.  එදා ක්ලාස් එකට ඔයා දැන්න ගවුමට මගේ පැටියා හරිම ලස්සනයි.. බ්ලා බ්ලා බ්ලා.. අන්න ඔය වගේ දේවල්...

ඉතින් ඔය ලියුම් කියවලා.. නිසල් කියන මනෝ චරිකට ඇත්තම චරිතයක් විදියට මවන්න අපිට පුළුවන් උනා.  පන්තියේ කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ නිසල් කවීට ඊලඟට එවන ලියුම කියවන්න. මොකද ඒ දවස් වල වැඩි ඉලෙක්ට්‍රොණික ආදර මෙවලම් තිබුනේ නැහැනේ. ජංගමදුරකතන  ඊමේල් වගේ දේවල්.

කාලයක් යද්දි මටත් එපා උනා ලියන්න. දිල්ටත් එපා උනා. අපි නිසල්ගේ කතාව එහෙමම අමතක  වෙන්න ඇරියා. ඒත් අදටත් මම දන්නවා  නදීශා මං ගැන පුදුම ඉරිසියාවකින් හිටියේ. අර චන්දන ලියනාරච්චිගේ ප්‍රේමය හැමදාමත් නිසලයි සින්දුවටත් එයා වෛර කලා මගේ නිසල් නිසා… :D

ඒ ඉස්කෝලේ යන වයසේ  පුංචි කෙල්ලන්ගේ ආදරේ. එයාලා ආදරේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. (ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ) දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. අහන්න දකින්න  ලැබෙන දේවල් එක්ක පාසල් යන යුවතියන් සමහර විවාහක ගැහැණුන්ටත් වඩා පරිනතයි.

ඒත් මට කියන්න ඔනි වුනේ ගොඩක්ම බොළඳ වසයක කෙල්ලෙක් ආදරේ කියලා බලා පොරාත්තු වෙන්නේ මොකක්ද කියන එක  කියන්න.

මුළු දවසම විනාඩියෙන්  විනාඩියට කතා කර කර ඉන්න එක. කරන කියන හැම දෙයක්ම කෙටිපණිවිඩයකින් හරි දැනුම් දෙක එක. බොළද ආදරේ කාලසටහනේ අනිවාර්‍යෙයන් තියෙන දෙයක්.  මාත් මේ ලඟක් වෙනකල්ම අන්න ඒ වගේ ආදරයක් ගොය ගොය අයාලේ ගිය චරිතයක් බව මගේ සිහින තවලම එක්ක ඉන්න ඔයාලා නොදන්න දෙයක් නෙවෙයිනේ...

ඒත් ටිකක් නැවතිල්ලේ කල්පනා කරලා බැලුවහම ආදරේ කියන්නේ  මොනම විදියකින්වත් තේර්මක් හොයන්න බැරි අකුරු හතරේ වචනයකත් විතරක්ම නේද කියලා හිතෙනවා. ආදරේ හරියට වතුර වගේ

මුලින් කිසිම පාටක් නැහැ.  ඒ ආදරේ පාට කරන්න පුළුවන් ආදරේ කියන බැදි  මෙදි එක්වෙන   දෙදෙනට. ගොඩාක්ම බොළඳ ආදරයක්නම් අපිට පුළුවන් ඒ ආදරේ රෝසපාටින් පාට කරන්න.  ඒත් ඒක මොන්ටිසෝරියක ළමයෙක් ටීචර්ට දෙන්න ඇඳපු  චිත්‍රයක් වගේ වෙයි නේද..

ආදරේ දි ගොඩක් බොළඳ දේවල් බලා පොරොත්තු වෙන කෙල්ලෝ කොල්ලෝ නිකරුනේ තමන්ගේ අනෙකට වද දෙනවා කියලයි මම හිතන්නේ ඔයා මෙහෙ ඉන්න.. මෙහෙ කරන්න.. කන්න කලින් මට sms කරන්න.. නිදා ගන්න කලින් මට සුබ පතන්න, උදේට නැගිටිද්දි මට ඔනි ඔයාගේ කට හඬ අහන්න.. තවත් ගොඩක් නීති රීති...

ඒත් ඒ රෝසපාට ආදරේ ටික දවසක් යද්දි දෙන්නගේම හිත්වලින් ඈතට ගිහින් තියේවි.. හැමදචාම එකට දේ එකම විදියට.. ජීවිතේට විවිධත්වයක් ඔනි නේද...

එහෙනම් අපි පාට  කරමුද  රතු පාටින්..

ඒත්.. තද රතු කියන්නේ ලේ වල පාට. ආදරේ කියන්නේ උතුරණ ලේ කැටිති වලට  ලෝබකම් කරන එක  නෙවෙයි.. හරියට වැම්පයර් කෙනෙක් වගේ.. සමහර විට තද  රතුපාටින් පාට කලොත් ඒත ගොඩාරියක් සරාගි වෙන්න පුළුවන්. අනෙක් කෙනාගේ  ශරීර අවයව වලට ලොබ වෙන එක හිත්වල ගිනි ගන්න රගික හැඟිම් වෙනුවෙන් ආදරේදි  බොළඳ වෙන එක. තමන්ගේ  හැඟිම් සන්සිඳවා ගැනීමමද ආදරේ  කියන්නේ.. නෑ ඊට එහා යන දෙයක් වෙන්න ඇති.

එහෙනම් ආදරේට සුදුසුම පාට සුදු පාටද...

සුදු කියන්නේ උදාසීන පාටක්..  නිසිම හැඩයක් නැහැ. ආදරයක් ජීවිතේට ගන්නේ  තනියම ජීවත් වෙනවාට වඩා ජීවිතේට කෙනක් අවශ්‍ය නිසා වෙන්න ඇති. ඒත් ඒ එන කෙනා  නමට ජීවිතේ ඉන්නවානම් ආදරේදි බලා පොරොතු වෙන කිසිම දෙයක් ඉටු වෙන්නේනැහැ නේද..


ආදරේට  සුදුසුම පාට මොකක්ද එහෙනම්.....

මටනම් ආදරේ තාමත්  තදම තද කළුපාටක් විතරයි...... අත් නොවිඳපු අත් නොදැකපු දෙයක......... හිස් මන්දාකිණියක්... ආදරේ පාට කළු!!!



ඔයාගේ ආදරේ පාට මොකක්ද....??



Mar 30, 2012

පඩු පැහැ සමනලයා

දහදියෙන් නැහැවුනු කම්මුල් තෙත මාත්තු කල ලේන්සුව කනප්පුව මත  තැබූ මා ප්‍රධාන දොරටුව විවර කර නිවස ඉදිරිපස පඩියේ වාඩි උනෙමි.  වේලාව හවස හතට කිට්ටු වන්නට ඇත. යාබද බොධි මළුව දෙසින් ඇසෙන ගාථා නාදය තවමත් බෝධි පුජාව අවසන් නොමැති වබට සාක්කී කීවේය. ගැඹුරු නින්දකින් පසු එක්වර අවදිව සිටි මා උන්නේ සිතිවිලි වලින් මෙන්ම කායිකවද මලානිකවය.






මේසය මත වු සමන් පිච්ච වට්ටිය බුදු කුටියේ තබා පහන් දැල්වු මම ගාථා මුමුනන්නට උත්සහ ගතිමි.. නැත.. කිසිදු ගාථාවක් මා හට මතක නැත. අසරණ සිතිවිලි විසිර යද්දී පිරිත් පැන් පොදකින් මුවත් හිසත් තෙතමාත්තු කරගත් මා නැවත සිමෙන්ති පඩිය මත වාඩි උනෙමි. 


කඳු මුදුනේ සිට බලනා කල නිම්නය පෙනෙන්නේ ඉතාමත්ම සුන්දර  ලෙසකටයි. කුඩා කල පටන් මේලෙස පරිසරය විඳින්නට හුරුව සිටි මා අවසන් වරට එසේ කල දිනය මට මතක නැත.. එහෙත්. අද මා යලිත් හිස් බැල්මෙන් කඳු බෑවුම දෙස බලා හිඳමි..


බෝ මළුවේ ගාථා නාදය නැවතිනි. නිවැසියන් විගසින් එන බවට එය සලකුණකි. මම හිස් බැල්මකින් අහසට නෙත් යොමා ගතිමි..
වැහි වලාකුළුවලිනි බරිත අහසේ තරුවක ඡායාවකදු නැත.. ඉඳ හිට ඇදෙන විදුලි රේඛාවක් හැරෙන්නට මුළු අහසම අන්ධකාරයෙන් වෙලී ඇත..


මා සිතද එවැනිම යයි මට සිතුනි.  ඉඳ හිට ඔබේ මතකය පැමිණියහොත් මිසක මගේ සිත තනිකරම අඳුරු අහසකි.


හෙමි හෙමින් නෙත් බැල්ම පෘතුවිය දෙසය  යොමද්දි වැරදීමකින් නෙත්සර වැදුනේ සීලිමේ දැල්වෙමින් තිබුණු විදුලි පහන දෙසටය. නොයෙක් ආකාරයේ කෘමි සතුන් විදුලි එලියට පොරකමින් ඒ වටා රැස්ව සිටී. පඩු පැහැ පියාපත් සහිත සමනලයෙක් විදුලි එළිය වෙනුවෙන් දරන වෙහෙස දෙස මා බොහෝ වේලාවක් බලාසිටියෙමි. 


තරුවක් ලෙසින් බබලන ඔබ ලබන්නට මමද ඒසා ප්‍රයත්නයක් දැරුවා මට මතකය. එහෙත් නොසැලෙන විදුලි එලිය සේම ඔබද නිහිඬවම සිටි අරුමය සිත රිදවීය.


ඔබට පෙනෙන්නට කියා  මම දඟකාරකම් කලෙමි. අනෙකුන් හා වාද කලෙමි.. ඒ ඔබේ අවධානය ගන්නට මිස ඒවා මට පුරුදු නිසාම නොවේ. ඒහෙත් ඒවා  ඔබට කිසිදු විශේෂයක් නොවන බව දැනී මම ඔහේ බලා සිටියෙමි.. ඔබ විදුලි එලිය සේම නිහඬව සිටියේය. දැන් මා හති වැටී සිටිමි.  මා අහිමි කරගත් ඔබ පසුතැවෙනවා දකින්නට සිටි මා,  මාවම රිදවාගෙන තනිවම විඳවමි. නිමාවක් නොපෙනෙන කායික රෝගත් අස්වැසිල්ලක් නොදෙන මානසික පීඩනයත් විසින් මා  පරාජිතයෙකු බවට පත්කොට ඇත. එහෙත්  තවමත් ඔබ  කොයිදැයි සොයන්නට මම වෙහෙසෙමි..


සිතිවිලි වල වේදනාව දරාගන්නට මොහොතකට පියා ගත් විවිර කරද්දී හති වැටුණු  පඩු පැහැ  සමනල් දේහය සිමෙන්ති පොළව මත අඟුරු වී තිබුනි. 



Mar 22, 2012

ඔබත් නොදැනම ඔබ ලියූ, ඔබේ කවියේ මුල් පදය මම









ආදරේ සිහිනය සිතින් රස විඳින  සින්දු කිරිල්ලියකගේ කතාව... ගලා ආ ගමන් මඟ වෙනස් කලෙන් මද විවේකයකට පසු යලින් ගමන් අරඹන්නට අවසර....




උඩින් තියෙන්නේ සින්දු කිරිල්ලී වෙනුවෙන් මම හඳපු Facebook cover බැනර් ටික... ඒත් කතාව ලියාගෙන යද්දි පාර වෙනස් උනා.. දැන් ලියන්නේ මම හිතාගෙන හිටිය සින්දු කිරිල්ලි නෙවෙයි.. 


උත්සහ කරන්නම් ආයිත් මේ පාරට එන්න.. බැරි උනොත් වෙනස්ම කතාවක් විදියට ඉස්සරහට යමු.. ඒ කොහොම උනත් ඊලඟ පොස්ට් එක තව ගොඩක් දවස් පරක්කු නොවේවි.. ඉක්මනින්ම ඒවි :))) 


Mar 10, 2012

ගිජු ලිහිණි ආදරය

නැවතිල්ලක් නැතිව දුවන ගමනේ  පුංචි විවේකයක් ලබන එකම දවස ඉරිදාව. ඒත් ඒ දවසටත්  ටිකක් වෙලාව යනකල් නිදා ගන්න වාසනාව නැහැ.  උදේ පාන්නදර පිරිත් අහන්න රේඩියෝව දැම්මහම පුරුදු වෙලාවටම ඇහැරෙනවා. පාන්දර තුනට.

ඒත් නින්දත් නොනින්දත් අතර ගෙවන ඒ වෙලාවත් වෙලාවකට සුන්දරයි.  ඉරිදාවේ අපේ ගෙදර රේඩියෝ කාල සටහන මෙහෙමයි. උදේම සිරසේ   පන්සිල් මළුව, ඊලඟට සිරස කවිබණ මණ්ඩපය. ඊලඟට විරිඳු සිරිත. උදේ පාන්දර තුනට දාන රේඩියෝව  නතර වෙන්නේ උදේ දහයට. ඊට පස්සේ තමයි අපේ ගෙදර අය ගෙදරින් එළියට යන්නේ.

සිරස කියන්ගේ පෞද්ගලික හේතුවක් නිසා මම අකමැති නාලිකාවක්., මම අහන්නේ හිරූ. ඒත් අහම්බෙන් අහන්න ලැබෙන ඉරිදාවේ වැඩ සටහන්  තුන නම් අවිවාදයෙන්ම මම කැමති වැඩසටහන්.

අද උදේ පනිසිල් මළුවට කතා කලේ යශෝදරා චරිතය ගැන. යශෝදරාවතේ එන කවි, ඒ වගේම යශෝදරා  චරිතය ගැන ලියැවුනු ගීත අතරේ පෙර ආත්ම භාවයන්ගේ ඉඳන් පැවත එන සිදුහත් යශෝදරා පුජනීය ආදර කතාව බොහෝම අර්ථවත් විදියට පැහැදිලි කලා.

ඒදේවල් අහගෙන ඉඳැද්දි  මට කල්පනා උන දේවල් මේ විදියට පෝස්ට් එකකින් ඔයාලා එක්ක බෙදාගන්නයි මම සූදානම් වෙන්නේ.

මේ කියන්න යන හැම දෙයක්ම මට  හැබෑවටම අහන්න දකින්න සහ විඳින්න ලැබුණු දේවල්. 

පළවෙනි කාතාව.

පහුගිය සතියේ මම උන්නේ  මිග්රේන් වැඩි වෙලා හොඳටම අමාරුවෙන්.  ඒක කිසිම විදියකින් සහනයක් ගන්න පුළුළුන් ලෙඩක් නෙවෙයි. ඒ වගේම මට ඒක ගොඩක් දරුණුවට බලපානවා. වෛද්‍ය උපදේශයට අනූව මට මිග්රේන් වැඩි උනාම  පැනඩෝල් පෙත්තක්වත් බොන්න තහනම්. ඒ මම කාලයක්  නිදි පෙති වර්ගයක ඇබ්බැහි වෙලා හිටි නිසා. කරන්න ඔනි එකම දේ හොඳින් විවේක ගැනීම. ඒත් ඉතින් මොන විවේකයක්ද..  ඉස්කෝලේ. ටියුෂන් ක්ලාස්, ගෙදර ආ‍වම පාඩම් කරන්න  ඔනි. ඔය දේවල් අතරේ විවේකයක් ලබන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. (අයියෝ මම මාතෘකාවෙන් පිට පැන්නා...)

 කියන්න ගියේ ඔය විදියට තදබල ඔළුවේ කැක්කුමක ඉන්න වෙලාවක ඉස්කොලේදි මම මගේ පර්ස් එක ඇද්දා මතකයි ඊට පස්සේ ඒක බෑග් එකේ තිබුනා. කවදාවත් මම මගේ පර්ස් එකේ සල්ලි හිස් කරගන්නේ නෑ හිස් වෙන්න වෙන්න කොහොම හරි වියදමට සෑහෙන්න අතේ තියා ගන්නවා.  ඊයේ අදේ පාන්දර ඇහැරිලා පාඩම් කරලා හතහමාර වෙද්දි ගෙදරින් පිටත් වෙන්න හිටියත් නොදැනීම වොලව ගියා.. ඉක්මනින් ක්ලාස් එකට යන්න ඔනිවට විනාඩි පහෙන් දහයෙන් ලෑස්ති වෙලා පාරට දුවද්දීම ආව බස් එකට නැංගා. බස් එකට සල්ලි දෙන්න ගියාට පස්සේ තමයි ඉතිරි හරිය. පර්ස් එකේ සත පහක් නෑ. ඉසින් කනින් දාඩිය වැටෙන්න ගත්තා මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ.  ඒ බස් එකේ අයව අප්පච්චි අඳුනනනවා ඒත් එහෙමයි කියලා නිකම් යන්න බෑනේ.. ඔය අතරේ බස් එකේ හිටියා මගේ student කෙනක්. Student කෙනෙක් කීවට එයා අපිටත් වඩා වැඩිමහල්  ළමයෙක්. මගේ පළවෙනි ඩිප්ලෝමා ක්ලාස් එකේ හිටපු ගෑණු ළමයෙකුගේ පෙම්වතෙක්. ඒ දෙන්නා එකටමයි ක්ලාස් ආවේ. අපේ ස්ටාෆ් එකේ අය විහිලු කලේ ඒ ළමයා ක්ලාස් එන්නේ ගෑණු ලමයාව බලා ගන්න ඔනිවට කියලා.

ඉතින් ඒ ළමයා මම පත්වුනු  අපහසුතාවය දැකලා බස් ගාස්තුව ගෙව්වා. ඊට පස්සේ මම එයාට මුව නොසෑහෙන්න ස්තුති  කරලා කතාවක් දාගෙන යනකොට අතේ මුද්දක් තියෙනවා දැකලා ඇහුවා. ඔයාලා මට   නොකියාම කසාදත් බැන්දාද කියලා.  ඒ වෙලාවේ මගේ මුනේ තිබුණු හිනාව තැනි උනේ එක තත්පරේට ඒ ළමයාගේ ඇසුවල කඳුලු පිරුණු නිසා.

“අනේ  නෑ මිස්.. මම තාම බැන්දේ නෑ දර්ෂි මාව දාලා ගියා“  කියලා කියද්දි මට මාරම දුකයි. කෙල්ලෙක් දාලා ගියා කියද්දි කොල්ලෙක් බස් එකක මහ සෙනඟක් මැද මේ විදියට ඇස්වලට කඳුලු පුරවාගන්නවා කියන්නේ මොන තරම් වේදනාවක් හිතේ තියාගෙන ඇතිද. ඊට පස්සේ මාත් ඉක්මනින් මාතෘකාව වෙනස් කලා.

ඔය කාරනේ මගේ හිත ගොඩක් රිදවලා තිබුනා.  උදේ ක්ලාස් එක ඉවර කරලා දවල් ක්ලාස් එක පටන් ගන්නකල් මට පැයක විතර පොඩි විවේකයක් ලැබුනා.  ඒ  වෙලාවේ උදේ වුනු සිද්දිය Institute එකේ වැඩ කරන මගේ student කෙනක් එක්ක කිව්වා. ඒ ධනංජය, කොල්ලාව එතනට රෙකමන්ඩ් කලෙත් මම නිසා මම ගියාම මගේ වටේ දැවටි දැවටි මෙහාන මොනවා හරි කියව කියව ඉන්නවා.

අද උදේ මට මෙහෙම වැඩක් උනා නුවන් තමයි උදව් කලේ .. මම දර්ෂි ගැන ඇහුවාම මෙහෙම කිව්වා මට මාර අප්සට් කියද්දීම.  ධනංජය  කිව්වේ..

“අයියෝ මිස් ඔයා දන්නේ නැද්ද  දර්ෂි කොළඹට ගිය ගමන් නුවන් අයියාට බූට් එක තිබ්බා. ඒ නැතත් මිස් තාම දන්නේ නෑ දර්ෂිගේ තරම.  මිස්ට මතකද මම ඒ දවස්වල  trainee  staff  එකේ ඉන්න කොට ශානි  එක්ක යාළු උනා. ඊට පස්සේ ශානි  කිව්වා එයා මා එක්ක යාළු උනේ නැත්නම් අනිවා දර්ෂි මගෙන් යාළු වෙන් අහන්නලු හිටියේ. දර්ෂිට ඒතරම් අමාරුවක් තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මිස් දන්නේ නැති. මිස්ට මතකද එයා තනියම මගේ යාළුවෙක්ට accounting package එක ඉගැන්නවා. එයා හැමදාම ක්ලාස් කලේ උඩ තට්ටුවේ ක්ලාස් එකේනේ. මරුවට උගන්නලා තියෙනවා මිස් මට පොරෙ ඒවාගේ  ෆෝටෝ වීඩියෝ සේරම පෙන්නුවා “

ධනංජය එහෙම කියද්දී මගේ  කන් සීතල වෙලා ගියා. මොකද දර්ෂි කියන්නේ මගේ student කෙනක් වගේම එයත් ස්ටාෆ් ගියේ මගේ රෙකමන්ඩේෂන් නිසා. ඊටත් වඩා දර්ෂිගේ තාත්තායි අපේ අප්ච්චියි දෙන්නා යාළුවෝ. ඒ හැම එකටම වඩා ඒ දවස් වල වැඩ ඇරිලා යද්දි හවස්  වෙන  හැමදාකම නුවන් දර්ෂිව එක්කරන් යන්න වැලිමඩ ඉඳලා නුවරඑළියේ ආවා. නුවන් වැඩ කලේ මාර්කටින් සයිඩ් එකේ නිසා එයා වැඩි හරිය හිටියේ ඔපිස් එකෙන් එලියේ. ඒක චාන්ස් එක්ක් කරන් පැය එකහමාරක් බස් එකේ ඇවිත් කෙල්ලව ගෙදරට එක්කරන් යන්න තරම් කැපවීමක් කරන්න පුළුවන් කොල්ලෙක්ට මේ කෙල්ල මෙහෙම චංචා කලා කියද්දී.. අනිත් හැමදේටම වඩා  ඒ දවස් වල දර්ශි හවස් වෙනකල් ක්ලාස් කලේ ඔය කියන ධනංජයගේ යාළුවාට.

“චික් මේ කෙල්ලෝ“ මට එකපාරට කියවුනා.  ඒත් මට මතක් උනේ මීට සති කිහිපයකට කලින් ධනංජය මා එක්ක කියපු කතාව.

දෙවැනි කතාව.

ඒදත් මම හවස ක්ලාස් එක පටන් ගන්නකල් ධනංජයගේ ලැප් ටොප් එකේ තිබුනු  ෆොටෝස්  බල බල හිටියේ. එතන තිබුනා මෙන්න මෙහෙම ෆෝටෝ එකක්.





ඔය කතාව ඇත්ත මිස්. මටත් ඔය වගේ එකම කෙල්ලයි හම්බ උනේ. ඒත්  එයා නැති උනාට පස්සේ  මම පිස්සෙක් වගේ කෙල්ලෝ එක්ක යාළු උනේ. ඔක්කකෝම කෙල්ලෝ 17ක්. දැන් මට වයස 22යි. කෙල්ලෝ එක්ක යාළුවෙන්න පටන් ගත්තේ 11 වසරේදි.. කොහොමද මිස් මගේ දක්ෂ කම.  ඔය අතරින් මම කෙලින්ම ගිහින් ඇහුවේ සොනාලිගෙන්  විතරයි (ධනංජය කියන හොඳ කෙල්ල) අනිත් හැම කෙල්ලෙක්ම මගෙන්  යාළුවෙන්න අහන තැනට මම උන්ව අසරණ කලා. ඒකල්ලා මට ඇති හිතුනාම අත්ඇරියා. දැන් කාලේ කෙල්ලෝ ඉස්සර වගේ නෑ මිස් සමහර කෙල්ලෝ ඉස්සරහා මට හිටගෙන ඉන්න විතරයි තිබුනේ උන් කරන්න ඔනි හැම දේම කරනවා.  ඔය අතරින් මට හම්බ උන විසේ  වැඩිම කෙල්ල මුස්ලිම් කෙල්ලෙක්.. ඒකි දවසක් මට කියපු කතාවකට මට ඒකිගේ කණ පැලෙන්න ගහන්න හිතුනා මිස්,  ඒකි කියනවා මා එක්ක දිගටම ඉන්නේ නැහැලු. ඒකි බැඳලා රට යනවාලු යන්න කලින් ඒකිට... ( කොල්ලට එතනින් එහාට කියාගන්න බෑ මා එක්ක,  මම එයාගේ ගුරුවරිය නිසා. ඒත් මම තේරුම් ගත්තා.  ඒක ඔයාලාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.)

ඉතින් මිස්  එහොම කෙල්ලෝ ඉන්න රටක කොල්ලෙක් කොහොමද සීරියස් ලව් කරන්නේ.  මම මේ ලඟදි නෙදර්ලන්ත කෙල්ලෙක් එක්ක යාළු උනා අපේ නැන්දලා හොටෙල් එකේ සතියක් හිටියා ඒ සතිය එක්කම ලව් එකත් ඉවරයි.

ඊට පස්සේ මම හැම දේම නතර කලා මිස්. දැන් ඇති. මම එකපාර කෙල්ලෝ පස් දෙනෙක් එක්ක යාළුවෙලා තියෙනවා. සිම් තුනකින් එකපාර මල් කඩලා තියෙනවා. ඒ හැම එක්කම එකපාර නතර කලා. පෙඩ්ඩක් නිවිසැනසිල්ලේ ඉන්න ඔනි මිස්. කොළඹ නුවර මෙහේ හැම පැත්තේම කෙල්ලෝ ආශ්‍රය කරලා මම දැන් හොඳට  උන්ව තේරුම අරන් ඉන්නේ. මෙහේම ඉන්නවා ඇරෙන්න ආයි මම ගෙදරින් පිට යන්නෑ මිස්.

ඒ වලොවේ නිහඬව  සේරම අහන්හිටියට මම තේරුම් ගත්තේ එකම දේ සමහර කෙල්ලෝ කරන දේවල් නිසා. කොල්ලෝ මොන විදියේ පහත් සිතිවිල්ලකද ඉන්නේ කෙල්ලෝ ගැන කියලා.

 ඔය වැරදි කරන කොල්ලොත් නැතිවා නෙවෙයි.

තුන්වැනි කතාව.

මේ කතාව අපේ ඉස්කෝලේ සර් කෙනක් ගැන. එයත් මගේ  student කෙනක්. අපේ ඉස්කෝලේට ආවේ මේ ලඟදි ඒත් මගේ රෙකමන්ඩේෂන්. දැන් මම බයේ ඉන්නේ එයා නිසා මගෙත් පටිරෝල් වෙයි කියලා.

මේකෙදි සිද්ද වුනු සිද්දියක් මම  one zero zero අඩවියටත් ලිව්වා. ඔය කියන සර් ඉස්කේලේයනකාලේ ( 9 වසරේ) ඉඳන් හරිම අහිංසක  කෙල්ලකේ එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒක මම දැන  ගත්තේ මේ ලඟදි.  ඒත් එයා ඒ සම්බන්ධය අතර තුර තවත් ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක නතර උනා. එයා  ගොඩක් දුක් වෙනා කියලා මා එක්කම කිව්වා. කෑම නොකා  ක්ලාස් කට් කර කර පිස්සු නැටුවා. ඒත් කතාවේ ඇත්ත  දන්න මම කිසිම දෙයක් නොකියා බලා හිටියා..

  ගිය සතියේ දවසක ඒ සර් මායි තව ටීචර් කෙනෙකුයි ඉන්න තැන අනිත් ටීචර්ට කියනවා “ටීචර් මට හොඳ කෙල්ලකේ  හොයලා දෙන්න.. ගමක හැඳුන අහිංසක කෙනෙක්“

මට යකා නැංගා ඒත් මම ඒක මට ඇහුනේ නැති විදියට හිටියා. එයා වෙන කෙල්ලෙක් හොයන්නේ අර ඉන්න අහිංසක කෙල්ලට තවත් වංචාවක් කරන්න නේද.. එතකොට ඉන්න කෙල්ල කවුද කියලා අහන්න මගේ කටට දෙතුන් වතාවක් හිතුනත්. මම සද්ද වහලා අහගෙන හිටියා.

ඒ තරුණ අයගේ ආදරේනේ.. අපි කතා  කලොත් මැදි වයසේ පරිනත අයගේ ආදරේ ගැන. මෙතන මැදි  වසය කිව්වේ අවුරුදු 30 පැන්න අය කියමුකෝ... ;)

( හරි හරි ඉතින් 30 පැනන් අපේ සෙට් එකේ අයට මට ගන්න  පොලු හොයන්න එපා ;) මම කියන්නේ විවාහක ගැහැණු ගැන :D)    

මම වැඩිවෙලාවක් ඉන්නේ කම්පියුටර් එක හෝ පොතක් පතක් එක්ක නිසා මට වැඩිය මිනිස්සුන් ආශ්‍රය කරන්න අවස්ථාවක් නෑ.. මම ඉස්සර  දැනන් උන්නේ ගෙදර අය සහ ඉස්කෝලේ අය විතරයි. ඊට පස්සේ වැඩ කරන තැන අය .. මුල රැකියාවේදී හැමමෝම සම වයසේ... ඊට පස්සේ රැකියාවේ  හමෝම  මට වඩා ටිකක් වැඩිමහලු අය එයාලා මට කිව්වේත් චූටි කියලානේ. ඊට පස්සේ ඉතින් සයිබරේ උදවිය තමා.. වර්චුවල් මිතුරන්.

ඔය කියන කැටගරිය ඇරෙන්න මට ඇසුරු කරන්න ලැබුණු අය බොහෝම සුළු පිරිසක්. ඒ අය මම ලිස්ට් කරන්නම්.

  1. අපේ  ගෙදර කුලියට හිටිය ශ්‍යාමලී ටීචර්
  1. මම දෙවැනියට වැඩ කරපු තැන මැනේජර් අක්කා.
  1. එතනම හිටිය කස්ටමර්  කෝඩීනේටර් අක්කා
  2. බොඩිමේ කරුණා ආන්ටි
  3. ෂගානා.  (නිමක් නැති කතාවේ ෂහීනා)
  4. බොඩිමේ මානෙල් ආන්ටි.
  5. බොඩිමේ මෝහනා අක්කා
  1. ඉස්කෝලේ ටීචර් කෙනක්.

මේ ඇරෙන්න ගැඹුරින් අධ්‍යයනය කරපු  කාන්තා චරිතයක් නැති තරම්.. (අම්මා, අත්තම්මා , පුංචි  සහ නැන්දා කියන චරිත මට හැමදාම සුදුයි හොඳයි. මම කතා කරන්නේ මගේ ජීවිතේට පිටින් ලන් වුනු චරිත ගැන)

අර මම උඩින් කියපු අට දෙනා අට විදියක්. ඒත් එයාලාගේ ජීවිත වල තිබුනු  වේදනාත්මක පැත්ත හරි වෙනස්.

  1. ශ්‍යාමලී අක්කා 

එයා ගුරුවරියක්, එයාලා අපේ ගෙදර හිටියේ අවසන් සටන කාලේ. එයාගේ මහත්තයා ඒ වෙද්දි ආර්මි එකේ කැප්ටන් කෙනෙක්.

එයා ඉස්කෝලේ යන කාලේ ආදරේ කරපු කෙනක් හිටියා. අපි කියමු එයා මහතුන්කියලා. ඒ කෙනා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ශ්‍යාමලී අක්කට දුවෙක් ඉන්නවා. ඒත්  ශ්‍යාමලී අක්කටයි ඒ මහතුන් කියන කෙනාටයි ෆෝන් එකෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ඇරෙන්න එයාට එන ගොඩක් දුරකතන ඇමතුම් ගුප්තයි. මම දන්නවා ඒ කතා කරන්නේ එයාගේ මහත්තයා මංජුල අයියා නෙවි කියලා.  මගේ කාමරේ ජනේලේ ඇරියොත් එයා දුරකතන සංවාද වලදි කියන ගොඩක් දේවල් මට ඇහෙනවා. ඔක අපේ අම්මා දන්න නිසා අප්පච්චීට කියලා ඔය කාලේ මගේ කාමරේ ජනේල් වලට ඇන ගැහුවා.

මංජුල අයියා උනත් හොඳ කෙනක් නෙවයි. එයාට යන යන තැන ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා. සතියෙන් සතියට අළුත් සිම් මාරු කරනවා. මේ දෙන්නා දන්නවා දෙන්නා කරන දේවල්.  ඒ නිසා හැම වෙලාවේම රණ්ඩු.. මම ජීවිතේට අහලා නැති කුනුහරුප වලින් බැන ගන්නවා මහ රෑ මැද. ඔන්න ඔය හේතුව නිසාම අපේ අප්පචිචිට ඒ දෙන්නට නියමිත කාලෙට කලින් ගේ බාර දීලා යන්න කියන්න උනා.



  1. මැනේජර් අක්කා

සමාජේ ගැන බොහෝම අපූරු දැනුමක් තියෙන කෙනක්. විවාහකයි, ලසස්න හුරතල් පුතෙක් ඉන්නවා. ඒත් වොලවකට ගුප්තයි.   එයා ඒ තරම් ලස්සන නැහැ. ඒත් හස්බන්ඩ් ගොඩක් ලස්සනයි. එයාට හැමවෙලාවේම හස්බන්ඩ්ව සැකයි. ෆෝන් එක කාර් එක හැම වෙලාවේම චෙක් කරනවා.

ඒත් අනිත් පැත්තෙන් එයා කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. හස්බන්ඩ්ගේම යාළුවෙක් එක්ක අනියම් සබඳකමක්. එයාට එයාගේ කතාව මුල ඉඳන් මට කියන්න උනේ. ඊමේල් එක්ක නිසා සිද්ද වුනු ටෙක්නිකල් පටලැවිල්ලකින් බේරෙන්න. ඒ  කතාව අහලා මම නිගමනය කලේ. මේ  තරම් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දි තියෙන කාලකණ්නි කම කියලා.

  1. කොර්ඩිනේටර් අක්කා.

එයා ගත්තොත් මගේ දැක්මේ හැටියට නරක කෙනක්  නෙවෙයි.. ඒත් විඳින්න තියෙන ජීවිතේ නිකරුනේ විඳවන කෙනක්. හස්බන්ඩ් එයාට වඩා වයසින් වැඩියි.  ළමයි එක්ක එයා හුදෙකලා වෙලා. හසබන්ඩ් එන්නේ සතියකට සැරයක්.. තනියම ජීවත් වෙන්න වෙලා.

ඔය වගේ ප්‍රශ්ණ තමයි එයාට තියෙන්නේ.  එයා බලාන ඉන්නවා කවදාහරි ප්‍රින්ස් චාමින් කෙනෙක් ඇවිත් එයාව අරන් යයි කියලා..

  1. කරුණා ආන්ටි

කරුනා ආන්ටි විවාහ වෙන්න ආදරේ  කරන්න ආසාවෙන් ඉන්න ඇති ඒත් දැන් වයස 55ක්. බෝඩිමේ  වැඩකාර කමටම එයාගේ ජීවිතේ ගෙවිලා ගිහින්.  ඒත් එයා දිහා මතුපිටින් බලන ඔනිම කෙනක්ට තේරෙනවා එයා හොද කෙනෙක් මුණ ගැහුනොත් දැන් උනත් විවාහ වෙන්න කෙසේවෙතත් අනෙකුත් අවශ්‍යතා පසුර ගන්න සුදානමින් ඉන්නේ කියලා.. ඒකට එයාට වරදක් කියන්න බෑ.. එයා දන්නෑ මේ සමාජේ ගැන එයා කූඩුවක හිරවුනු කුකුල් පැටියෙක් විතරයි.

  1. ෂගානා.

ෂගානාගේ කතාව මම කියන්නම ඔනිද... ඔයාලා දන්නවා.. බේබදු සැමියෙක් නිසා අදටත් විඳවන කෙනෙක් ෂගානා.

  1. මානෙල් ආන්ටි

පිරිමි කියන්නේ අමුතු සත්තු ජාතියක් කියන මානසිකත්වයේ ඉන්න කෙනෙක් තමයි මානෙල් ආන්ටි. බෝඩිමේ උඩ කොරිඩෝවෙන් පහලට වත්ත සුද්ද කරන පිරිමියාටවත්  එන්න ඉඩ නොදෙන මානෙල් ආන්ටි. ආදරේ කරන මිනිස්සුන්ව දකින්නේ වල් සත්තු ගානට.

  1. මෝහනා අක්කා

මෝහනා අක්කාගේ ගැනත් ඔයාලා ටික ටික දන්නවා. මායි ෂගානයි මෝහනා ගානේ පීට්සා කාපු කතාව මම දවසක් ඔයාලා එක්ක කිව්වානේ. මෝහනා කියන්නේ නැන්දම්මාගේ ප්‍රශ්ණ නිසා සැමියාව දාලා අව කෙනෙක්.. මෝහනාගේ සැමියා කියන්නේ බිරිඳයි අම්මයි අතරේ  කිරි බොන බබෙක්ගේ චරිතේ රඟපාන කෙනෙක්.

  1. ටීචර්.

මම කල්පනා කරන්නේ ඒ ගැන කියනවාද කියලා..  1.  සහ 2 චරිත වලට ගොඩක්ම සමානයි. එහෙම විතරක් කියන්නම්. වැරදිලා කවුරු හරි ඉස්කෝලේ ළමයෙක් මේක බැලුවොත් විනාසයි. ඒකයි.



මේ වගේ විශම චරිත අතරේ මම යශෝදරා කෙනක්  හෙව්වා.. ඒක මහා විහිලුවක් නේද. මට  මතකයි මම පුංචි කාලේ අපේ පුංචියි මමයි වත්තේ සෙල්ලම් කරන වෙලාවක කපා දාපු ගහක කොල ගොඩක් අස්සේ එයාගේ කරඹුවක බෝලයක් නැති උනා. එයා අඬ අඬ ඒ කරඹු බොලේ හෙව්වා.. හැමෝම කිව්වේ ඔය විශාල ගහේ  කොළගොඩ  අස්සේ කරඹු බොලේ හොයන එක විහිලුවක් කියලා..

ඉතින් ඒ වගේම තමයි. ආදරය කියන්නේ  කාමයට කියන තවත් සමාන පදයක් කියලා හිතන සමාජයක, රතුපාට ලේ වලින් ආදරේ මිනුම් දඬු හදාගත්ත සමජයක, ගිජු ලිහිණියෝ වගේ මස් වැදලි වලට වහවැටුනු සමාජයක. කෝ සිදුහත්ලා කෝ යශොදරාලා.

 ඉස්සර කාලේ රජවරුන්ට අන්ත:පුර තිබුනා. අපේ කාලේ අය හිතන්නේ ඒ රජවරු මහා වලත්තයෝ කියලා. ඒත් සිදුහත් කුමාරයාටත් අන්ත:පුරයක් තිබුනානේ. ලොව්තුරා බුදු බවට පත්වුනු උන්වහන්සේ වැරදි කාම සේවනයේ යෙදිලා නෑ අන්ත: පුර ස්ත්‍රීන් ලඟට ගිහින්. 

ඒත් දැන්කාලේ කොල්ලෝ අන්ත:පුර වගේ කෙල්ලෝ තියාන ඉන්නේ ආදරේ නිසාම නෙවෙයිනේ. එක එක  අවශ්‍යතා සපුරා ගන්න. සමහර විට ඒ කාමය වෙන්න පුළුළුන් එහෙමත් නැත්නම් ඒ මුදල් අරමුණක් වෙන්න පුළුවන්. ඒ දෙකම නැත්නම් වෙන මොකක් හරි වාසියක් නිසා වෙන්න පුළුවන්.

අදකාලේ සිදුහත් යශෝදරා අදර කතාව ලඟින් යන්න පුළුවන් එකම  ආදරකතාවක් නැහැනේ.

මේ ක  ගැන මම ඉස්කෝලේ යන කාලෙත් කල්පනා කලා. කෙල්ලෙක් කෙල්ලෙක් දෙන්නාට දෙන්නා දකිනවා. ආදරෙයිද අහනවා. ඔව්නම් ඔව් නෑ නම් නෑ.. එතනින් එහාට මොනවද තියෙන්නේ.. විකාර ලියුම් ලියාවි, SMS, E mail, මුණ ගැසිම්, ෆිල්ම්, ට්‍රිප්... ඔය හැමදේකම අවසානය මට එයා හරියන්නෑ.. එයා මගේ ටයිප් නෙවෙයි කියන එක. නෑ කිව්වොත්.. මොන විදියකින් හරි අර කෙල්ලගෙන් හරි කොල්ලාගෙන් හරි පළිගන්න එක තමයි එකම අරමුණ. 

ඊට ටික දවසකට පස්සේ  ඒ දේනනා තරම් නයි වෛරක්කාරයෝ දෙන්නෙක් තවත් නෑ. 

මේයන ක්‍රෙම්ද ආදරේ කියන්නේ.. නැහැ නේද.. ආදරේ ආත්ම ගානක් විඳින්න ඔනි දෙයක් නේද.. ඒත් ඇයි මිනිස්සු මේ ආදරේ නිසා විඳවන්නේ..

අන්තිමට මට කියන්න තියෙන්නේ

Why this Kolaweri කියලා තමයි !!