“Good morning අයියේ..” කේතකී ගේ ඇමතුම් විලාශයෙන්ම ඇය අවුල් වී ඇති බව බවන්ත හඳුනා ගත්තේය.
“Good morning කේතූ... මොකෝ.. සනීප නැද්ද..” බවන්ත විමසිලිමත් විය.
”ම්... න්නෑ... ඇයි එහෙම ඇහුවේ...” යලිත් සාමාන්‍ය තත්වයට පත්වීමේ ආසර්ථක උත්සහයක යෙදෙමින් කේතකී කිවාය.
“නෑ ළමයෝ.. කට හඬ වෙනස්.. ඒකයි ඇහුවේ..”
“ආ.... මේ ටිකක් හෙම්බිරිස්සාව වගේ.. ඒකයි...” කේතකී බොරුවක් කීවාය.
“හරි ඉතින් එහෙම කිව්ව නිසා පිළිගන්නම්කෝ.. හැබැයි ඉතින් දැන් ටිකකට කලින් මට ගවී ගේ කැබින් එක පැත්තෙන් ආව සද්ද වල හැටියටනම් කේතූට කිසි ලෙඩක් තිබුනේ නැහැ..” බවන්ත සිනා සෙමින් කීවේය..
“අයියා.. හදිස්සියේ කතා කලේ....”
“ආ.. ඒක අමතක උනානේ... මේ.. අර ලක්මාල් ජෙම්ස් ප්‍රෙජෙක්ට් එකේ ඩොකියුමන්ට් මුකුත් ඔයා මෙහෙට එව්වේ නෑ නේද..”
“නැහැ අයියේ.. ඒක අපි මෙහ්මනේ ෆය්නලයිස් කලේ.. සේරම තියෙන්නේ මෙහේ...” මාතෘකාව ලක්මාල්ම වුනු බැවින් කේතකී මැලවුනු හඬින් කීවාය.
“අනේ මන්දා මූට පිස්සුද කියලා.. ඔන්න මෙහෙට ඇවිත් receipt ඉල්ලනවා...”
“ආ.... අර චෙක් එකේ වෙන්න ඇති අපි ඒකට receipt issue කලේ නෑනේ clear වෙනකල්.. ඒක මෙහේ.. Accounts section එකේ තියෙන්නේ.”
“ පොර කොළඹ ආපු ගමන් ආවාලු.. දැන් ඉතින් මොකද කරන්නේ.. ”
“කැමතිනම් ඇවිත් Accounts section එකෙන් ගන්න කියන්න නැත්නම් මම ඔහේට currier කරන්නම් කියන්න”
“අනේ.. නංගි මම පොරට ෆෝන් එක දෙන්න ඔයාම කියනවද....” බවන්ත ඇසුවේ යටි අරමුණක්ද ඇතිවය
“ආයි... ඔය ටික කියන්නත් මම ඔනියෑ.. අයියාම කියන්න..අනික.................................” කියන්නට ගිය දේ නවතා කේතකී මදක් නිහඬව සිටියාය.
“අන්නේ.. Sorry නංගියෝ... ඇත්තටම මට අමතක උනා... ” බවන්ත කේතකී සහ ලක්මාල් අතර සිදුවු සියල්ල තමා දන්නා බව අඟවන්න මෙන් කීවේය.
“අහ්! අවුලක් නෑ..ඔක මොකක්ද අයියේ.... ” කේතකී සැහැල්ලු හඬින් කීවාය.
“ඒක නෙවෙයි අර textile වැඩේ කොහොමද.. ඔයා script එකක් හැදුවද...” බවන්ත කතාවදිග් ගස්සනට සිතා අළුත් මාතෘකාවක් පටන් ගත්තේය.
“Script හදන්න තාම project proposal දුන්නේ නෑනේ...”කේතකී නුවමනාවෙන් කීවාය.
“අයියෝ.. තාම නැද්ද.. බලන්නකෝ ඉතින් ඉන්නකෝ මමවත් ඇවිත් ඒක ඉවරක් කරන්න.. අනුරංගිටත් වැඩ වැඩියිනේ.. එයාට නැති ඒව ඉඳන් බදාගෙන නිසා මුකුත් කියන්නත් බෑ. ”
“ඉතින් අයියේ ඔයාට පුළුවන්නේ ජෙස්මින් එක්ක එකතු වෙලා ඔහේදි කරන්න.. අනික ලේසියිත් නේ දෙපැත්තට යන්න එන්න ඔනෑත් නෑ.. ” කේතකී ගැලවිජ්ජාවක් සෙව්වාය
“ජෙස්මින්නම් හොඳයි තමා ඒත් එයා අපේ section එකේ නෙවෙයි නේ.. හොඳම යාළුවා උනාට මම කැමති නෑ කරදර කරන්න.. ලබන සතිය දිහාට මම එන්නම්කෝ ඔය පැත්තේ.. ඔයයි අනුරංගියි එකක් මට ඒ වැඩේ ලේසියි ” බවන්ත කේතකීට කිසිත් කියන්නට ඉඩ නොතියා කීවේය.
“ම්............ මම තියන්නම් අයියේ.. වැඩ ගොඩයි.........” බවන්ත අළුත් මාතෘකවක් පටන් ගන්නට මත්නේ කේතකී කීවාය
“හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් හොඳයි හොඳයි.... සුබ දවසක් එහෙනම්..”
“ඔයාටත්.....” එසේ කියා කේතකී වහා ඇමතුම විසංදි කලාය
ගවේශා සමඟ කතා කොට මේසය මත තෑබු රිසිවරය යලිත් දුරකතනය මතම තබා කේතකී ලිපි ගොනුව වෙතට මුහුන යොමු කලාය. බොඳවුනු අකුරු පේලි ඇරෙන්නට කිසිටක් අගේ මනසේ නොවිනි. එක්වරම ලක්මාල්ගේ කටහඬ අසන්නට සිතුනේ මන්දැයි ඇය කල්පනා කලාය.. අනවශ්‍ය දෙයක් කොට තමාගේම සිත රිදවා ගැනීම පිළිබඳ ඇය තමාටම දොස් පවරා ගත්තාය... යලිත් දුරකතනය නාද දෙද්දී ඇය දුරකනත තිරය දෙස බලා සුසුමක් හෙළුවාය. ඇමතුම ගවේශාගෙනි. ඇමතුමට පිළිතුරු නොදී නාද වෙන්නට හැර කේතකී යලින් ලිපි ගොනුවට මුහුණ ඔබා ගත්තාය. ගවේශාගෙන් ඇමතුම් කිහිපයක්ම පැමිණි නමුත් ඒවාට පිළිතුරු දෙන්නට කේතකීට සිත් නොවීය.. ඇය දැන් රස කර කියනු ඇත්තේ ලක්මාල් ඇය හා පැවසු දේවල්ය.. එය කේතකී ගේ සිත රිදවයි දැනටත් රිදී තිබෙන සිත යලි යලිත් රිදවා ගන්නට ඇය කැමති නැත.
යලිත් රැහැන් දුරකතනය නාද වෙද්දි කේතකී බරවු සිත් ඇතිවම එයට පිළිතුරු දුන්නාය.
“Hello kethakee ”
“ඇයි බන් phone answer නැත්තේ...” එහා කෙලවරේ උන්නේ ගවේශාය ඇය කොපයෙන් මෙන් කේතකීව ඇමතුවාය.
“අහ්!! Sorry කෙලී... silence දාලා තියෙන්නේ බෑග් එකේ...” කේතකී බොරුවක් කීවාය
“කෙහෙල් මල තමා.... මම බය උනා මොකද කියලා..” ගවේශා කේන්තියෙන් කීවාය.
“මම වැඩක හිරවෙලා ගවී.. මම පස්සේ ඔයාට ගන්නම්....” ගවේශා කතාව පටන් ගන්නටත් පෙර කේතකී කිවාය
“හා..කෝ... හාකෝ.... මේ මේ අක්කේ.... උඹ අප්සට් ගියේ නෑනේ...නේද.. මම අරයට හොඳට දෙහි කැපුවා...”
“නෑ බන් පිස්සුද... මොන අප්සට්ද...all iz well ”
“එහෙනම් ඇති.. උඹව අප්සට් කරලා මට බෑ අර බාග අයියගෙන් බැනුම් අහන්න...” .ගවේශා භාග්‍ය සිහිකර කීවාය. ලක්මාල් නැමැති මාතෘකාව කේතකීට සිහිකිරිම පිලිබඳ ගවේශා දෙතුන් වරක් බාග්‍යෙගන් බැනුම් ආසාගෙන තිබුනි.
“මගේ මල්ලිට එක එක එව්වා කියන්න එපා හොඳඳ.....”කේතනී සිනාසෙමින් කීවාය...
“අන්න එහෙම හිනා වෙලා ඉන්නවකෝ අක්කේ...” ගවේශාද සතුටින යුතුව කීවාය..
“කඳලු නොම දත් මගේ දෑසට
කඳලු දුන් ඔබ යන්න ගියදා
සිනාසෙන්නට ඉගෙන ගත්තෙමි
නෙතේ කඳුලෙන් පාර අසලා” කේතකි මුවගට ආ පද තාලයකට කීවාය..
“මං කවිකාරිලු මං කවිකාරිලු.... අගෙයි අගෙයි.. කඳුලු ගැනම කියන එකක් නොවුනනම්..”
“පණ්ඩිත කම් කියන්නැතිව හිටපන්.. මමයි මෙතන අක්කා” කේතකී සරදම් කලාය
“උඹ අක්කා උනාට මෙතන තොත්තම තොත්ත බබා වගේ හැසිරෙන්නේ උඹනේ බන් අක්කේ”
“මගෙන් අහගන්න එපා ගවේසියෝ....”
“සිකේ.... මොකක්ද බන් අපේ අම්මා තාත්තා තියපු නම කැත කරන්නේ නිකම් හරි ඔකේ අකුරු අඩුවෙන් ඇහුනනම් නින්දාවනේ බන් අක්කේ..”
“හි හි.. අඩේ නියම නම බන්.... ” කේතකී සියලු දුක් සංකා අමතක කොට ගවේශිට සරදම් කලාය
“පල පල කේ..ත....ලේ......” ගවේශිද පොඩි එකියක සේ වාදයට පැටලුනාය.
“අවුලක් නෑ බන් හදිස්සියට වතුර ටිකක් හරි උණු කර ගන්න පුළුන්නේ...”
“අනේ බන්... අක්කේ.. ඇයි බන් මේකේ සීනියර් Project Coordinator කෙනෙක් වෙලත් උඹට ටිකක් වැදගත් විදිට හැසිරෙන්න බැරි..” ගවේශා සිනාසෙමින් කීවාය.
“උමලා වගේ උන්නේ මං ආස්සරේ කරන්නේ.....” දැන් ඔක තියපන් මට වැඩ තියෙනවා..
“හා.. හා.. බුදු සරණයි...”
“බුදුසරණයි පොඩ් කෙල්ලේ...” ආදරයෙන් කියා කේතකී දුරකතනය විසන්දි කලාය
.
ගවේශි සමඟ කතා කිරීම කේතකීගේ අවුල් සිතිවිලි නිරවුල් කරන්නක් විය.. ඇය ගැඹුරු කල්පනාවකින් යුතුව යලිදු ලිපි ගොනු අතරේ නති උනාය.
මේක මෙගා කතාවක් වගේ හොදයි හොදයි...හැබැයි දවස් දෙකකට පාරක්වත් කොටසක් දාන්න ඕනෙ හොදේ.... :))
ReplyDeleteආව්
ReplyDeleteකියන්න නම් දහසක් දේ ඇත ඒත් කියන්න බෑ වගේ බන් අක්කේ
හ්ම්.. කතාව දෙතුන් පාරක් කියෙව්වා එත් නිවි හැනහිලේලේ කියෙව්වේ අද කොටස් දෙකක් එක සැරේ කියවිම පිළිබදව සතුටුයි.. ඔයා ලස්සනට ලියනවා.. කියවන්න ආසයි ඒ නිසා එක දිගට හිනා යනවා ලියලා තියෙන දේවල් දකින කොට.. භාෂාව ලස්සනට හසුරන නිසා එක දිගට කියවන්න ආසයි.. කොහොම උනත් සින්දු කිරිල්ලි නම් ඇත්තටම සුන්දරයි ... සුභ පැතුම් තවත් හොදට ලියන්න....
ReplyDeleteමේන් දැන් මේ කතාව හැමදාම මට කියවන්න සෙට් වෙනවා... බලමුකො නේ..
ReplyDeleteසුපිරියි!!! කියන්න වචන නෑ.. මම කලිනුත් කිව්වා වගේ මේක කියවන්න කියවන්න ආස හිතෙන්වා..
ReplyDeleteහම් හම්....ඔහොම යන් අක්කා....
ReplyDeleteමම මේ දැක්ක ගමන් දුවගෙන අවා කේතකීගේ කතාව බලන්න.. මේ බවන්ත කාරයා එන්න හදන පොටනම් මට එච්චර අල්ලන්නේ නෑ..
ReplyDeleteනිසූ.. ශානු... දිනේෂ්...පසා.. හිතුවක්කාරී..සීනි.. දීනේෂ් මල්ලි ඔයාලා හැමෝටම ස්තූතියි අදහස් වලට :D :D
ReplyDeleteහංසි අක්කෙ තණනිල්ලට රැ පිණි වැටිලා පොඩියක් තෙත් වෙලා වගෙ.. බොලෙ නියමෙට ටර්න් වෙනවා ... :D :D :D අපි පොඩියක් පන්දු යවන්නා මරු කලමුද හංසි අක්කෙ ... හික්zz ....... :D:D
ReplyDelete