කවිකාර සිත බල කරයි
ලියන්නලු කවියක්
සිත් යාය සිහින අසරණයි
සිතේ නැහැ සිතිවිලි බිඳක්
ඔබ සිහිනයක් වගේ දුරයි
සිතට නෑ නිවනක්
ආදරෙයි මම ආදරෙයි
කියන්නට නැහැ ඉඩක්
අහස තරහින් මඟ හරියි
කියන්නට බැහැ දුකක්
වරු ගනන් දුක් අසා ඇතිවී
අහස මිතුදම් හැර ගිහින්
හංස ගීතයෙන් ඔබ්බට.. අද තවලමෙත් කවියක්.. පුංචි වෙනසකටත් එක්ක....
තැන වෙනස් උනාට වෙනසක් නැති එකම ජාතියේ කවියක්නේ... මම නම් මේ දවස් වල මට නොදැනෙන හැඟීම් ගැන කවි ලියන්න ට්‍රයි කරනවා... පුංචි වෙනසකටත් එක්ක! :D
ReplyDeleteහපොයි !.මොකද මන්දා මේ දවස්වල බ්ලොග් අවකාශේ කවියක් කියෙව්වොත් තියෙන්නේ දුක,වේදනාව,කදුල ගැන ලියවෙච්ච ඒවා
ReplyDeleteසමහර විට අවුරුද්ද අන්තිමකාලේ නිසා වෙන්න ඇති
අවුලක් නෑ.කවිය ලස්සනයි :-)
පේනවනේ කොච්චර කීවත් හිතේ තියන ආදරයක් ලේසියෙන් අමතක කරන්ට බෑ.
ReplyDelete@Rajith,
මේ දවස්වල බ්ලොග් ලෝකේ ආදරෙන් පිරිලා, උතුරලා, පිටාර ගලනවා. ඒකයි.