ආදරේ ගැන කතා කරොත් සමහර වෙලාවට මට මේ පොස්ට් එක කොටස් කිහිපයකට වෙන් කරලා ලියන්න තරම් දිගට දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක් වේවි. ඒ ඇරත් මම ආදරේ ගැන කියන්න ගියොත් වැඩි පුරම විරහව ගැන කතා කරයි.. ඒ නිසා මම ඒ මාතෘකව පැත්තකින් කියලා පුංචි කතාවක් කියන්නම් ඔයාලට
ඔනෑම කෙනෙක්ගේ ජිවිතේ සුන්දරම කාලේ පාසැල් කාලේ කියනවනේ. ඒකෙනුත් ඉතාමත්ම සුන්දර කාලේ උසස් පෙල පන්තියේ ඉන්න කාලේ කීවොත් ඔයාලා මා එක්ක ගොඩක් දුරට එකඟ වේවි. ඉතින් මම මේ මතක් කරන්න යන්නේ මගේ පාසැල් කාලේ ගැන.. මම හිතන්නේ මේ කාලේ ගැන මීට කලින් මම තවලමේ කතා කරලාම නැහැ. ඒ ගැන කතා කරන්න තරම් මාතෘකාවක් මේ වෙන තුරු හිතට ආවෙත් නැහැ .. හැබැයි මේ ලඟිදි පාසැල් මිතුරෙක් එක්ක ස්කයිප් වැට් එකක් දාපු වෙලාවේ මම මොහොතකට සිතින් පාසැල් කාලයට ගියා.
අපේ ඉස්කෝලේ උසස් පෙළ අංශයම තිබුනේ එකම බිල්ඩින් එකේ තට්ටු 3ක අපි හිටියේ පහලම තට්ටුවේ අපි කිව්වේ බස්සොයි ( බයෝ කාරයොයි ) මැස්සොයි (මැත්ස් කාරයොයි), අපිට අපිටඋඩින් කොස්සෝ (කොමස් කාරයෝ) ඊට උඩින් අස්සෝ( ආර්ට් කාරොයෝ) . ඉතින් විවේක වෙලාවට උදේට සහ පාසැල ඇරුනහම කොස්සොයි බස්සොයි සේරමත් එන්නේ අපේ සෙක්ෂන් එකට තමයි. ඒ අතරින් හො ඳම සීතල යුද්දේ තියෙන්නේ විවේක වෙලාවට ඒ කියන්නේ ගෙදරින් බැඳන් එන බත් බුල ලිහන වොලවට.. අන්න ඒ වොලාවට ඇඹරි ඇඹරි හිටියොත් නම් ඉතින් එදා දවස බඩගිනනේ තමයි.. එක පාර්සලයක් දිගාරිනකොට කපුටු රැළ වගේ වට වෙනවා විස්සක් තිහක් විතර, ඉතින් බත් කටක් කියලා බත් ඇට දෙකක් තුනක් අතට අරන් කටට දාගන්නෙත් පිනැත්තෝ විතරමයි.
ඔය වැඩේ නිසාම කපුටි සෝයා මීට් එක්ක බත් ගේන දාටයි පත්මී හතු මාළුව හදාගෙන එන දාටයි ඒ පාර්සල් දෙකත අරන් අපේ කෙල්ලෝ අට දෙනා හෙමින් සැරේ මාරු වෙනවා ඒ යද්දි එක්කරන් යන එකම කොල්ලා තමයි (මන්ද) බුද්ධිකයා ;) ඒ මොකෝ ඌ ඒ තරම් හොඳ කොල්ලා.. අපෙ කෙල්ලන්ගේ දුකට සැපට දෙකට ඉන්න කල්‍යාන මිත්‍රයා. ඒ දවස් වල බුද්ධි ගෙ කටේ තිබුනේ “ගල් කුළුණක් සේ නාසැලි සිටින් මීට පරාක්‍රම බාහු" කියන එකයි “ උදේම නැඟිටිමු කමු බොමු.. අම්බෝ.. නා..න්නනම් බෑ" කියන එකයි. ඒකා අපේ පොත් වලත් පිටි පස්සේ පිටුවේ ඔය පඬි වඳන් දෙක ලියනවා.
බුද්ධියා මගේ හොඳම ෆිට් එකක් උනේ අපේ අම්මලා අප්පච්චිලාත් හොඳම යාළුවෝ නිසා. අපි දෙන්නාගේ යාළු කමට ගහන්න දෙයක් නෑ ඒ කාලේ... දැනුත් එමෙහයි.. ඉතින් ඉස්සර බුද්ධියා අපේ කෙල්ලෝ අට දෙනා එක්කම පුදුම හිතවත් කමකින් හිටියේ. ඔය අතරේ හිටියා කෙල්ලෝ සෙට් එකක්, එකම ගමේ ඉඳලා එකම ස්කූල් වෑන් එකේ ඉස්කොල්ලේ එන. අපි කිවේ බොරලන්දේ ගැන්සිය කියලා එතන හිටියා කෙල්ලෝ හයක් පහක්ම බස්සියෝ එකියක් කොස්සියක්. ඉතින් අපේ කොස්සි වැඩිය හිටියේ අපේ පන්තියේමයි.. හැබැයි අවසන් කාලේ ඒකි වැඩිය ආවේ නැ පන්තිය දිහා.. අපේ බස්සියෝ සෙට් එකෙත් එකියක් බුද්ධියාට අසීමිතට ෆිට් වෙන්න ගත්තා ඒ කපුටි. හැබැයි ඔය කාලේ ඒකි ප්‍රේම වෘත්තාන්තයක් රඟ දක්වමින් හිටියේ. ඒකට බොක්කෙන් සප් එක දුන්නෙත් බුද්ධියාම තමයි.
ඔන්න ඉතින් කාලයාගේ අවෑමෙන් අපි විභාගේ කරලා පළවෙනි පාර රම්පෙට පොරි පොකුරු පොකුරු වගේ සෙට් එකම S , F පේලි පේලි අරගෙන දෙවනි පාරටත් විභාගේ කරන්නනේ නුවර ආවේ.. සෙට් එකේ අපිට අඩු උනේ බුද්ධියා තමයි ඌ කොළඹ ගියා.
ඒ උනත් ඉතින් කපුටි නිතර නිතර ඌට කොල් කරනවා හේම.. අපරාදේ කියන්න මම කෝල් නොකරත් ඒකා ගෙදර ආව දාට උළුඳු වඩේ අරන් එනවා අපේ දිහෑ මාව බලලා යන්න ;) හරි හොඳ එකා කියන්නේ ඒකනේ.. කෝමෙන් කොමහරි මම ලොකේ තියෙන හොඳම පිස්සුව නටලා විභාගේ නොකර ට්‍රැක් පැන්නනේ හැබැයි අපේ යාළුවෝ අවසන් වතාව වෙනකල්ම උසස් පෙල කලපා ගොඩ ගිය උන් ගියා හැබැයි කෙල්ලෝ නම් අටෙන් පහක්ම හැකි ඉක්මනින් කෂාද බැන්දා.. කපුටිත් ඇතුළුව. බුද්ධියා රන් කහවනු නෙලන්න විදේශ ගත උනා වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට. ඒ ගියත් ඉතින් පේස් බුකි ස්කයිප් ජීටෝක් හරහා අපේ යාළු කම තිබුනා.
ඉතින් පහුගිය දවසක ( ගොඩක් දවස් අර ස්කයිප් ටෙම්පරි වැඩ නැති කාලේ ) බුද්ධියා මගෙන් උඩ විසි වෙලා පාවෙන ජාතියේ ප්‍රශ්ණයක් ඇහුවා.
“උඹ දැනං හිටියද බන් කල්පි ( අර කොස්සි) ඉස්කෝලේ යන කාලේ ඉඳන් මං ගැන හිතා හිටිය බවක්.."
හැහ්!! ඒ මොකක්ද බොල ඒ කතාව කියලා මමත් උඩ බිම බැලුවා.. සකයිප් යන්න විදියකුත් නැති නිසා විස්තරේ අහගන්න විදියක් නෑහැ .. බුද්ධියාත් කලබලේක මම දැනං හිටියේ නැ කියලා කිව්වම පොර ඔප් ලයින් ගියා. මාත් ඒ වලේ මොකකට හරි හොඳටම කාර්‍යබහුල වෙලා. ඊට පස්සේ පොර වැඩියේ ජී ටොකේ හිටියේත් නෑ මටත් හෙමින් අමතක උනා සිද්දිය.
පස්සේ ආයිත් ඔය කතන්දරේ අග මුල මේ ලඟදි දවසක මම ස්කයිපෙන් බුද්ධියාව ඇමතුව වෙලාවක ඇහුවා..
බුද්ධියා : ඔව් බන් බලපන්කො මේකි ඉස්කොලේ යන කාලේ ඉඳන් හිතේ තියාගෙන ඉඳලා අවුරුදු හයක් බන් මේ ලඟදි තමයි මට කෙල්ලව ආයි බුකියෙන් සෙට් උනේ කෙල්ල මාව හැම තැනම හොයලා බන්.. පව්.. මම හිතුවේ උඹත් දැන ගනෙ හිටියා කියලා කපුටි එහෙම දැනං ඉඳලා පස්සේ පස්සේ කෙල්ලට හරියට වෙනස් කම් කරලා බන් ඒකි මට දැන් කියද්දි මට මාර අප්සට්.. ඔක හිතේ තියාගෙන ඉන්නේ නැතිව කිව්වනම් හරිනේ බන් මම කොහෙමද දන්නේ මගේ තුන් හිතක එහෙම අදහසක් තබුනේ නෑනේ බන්.. බලන යද්දි කපුටුයි කල්පි දෙන්නම මට ලව් කරලා..
මම: හික් හික් දැන් උමලා දනේනා සෙට්ද බන්
බුද්ධියා : හ්හ් හා ඔව් බන් දැන් ගෙඩක් කල්
මම: වර වර ලංකාවට ඇවිත් ඉක්මනට බැඳපන්
ඔන්න දෙබස.. හරියටම අවුරුදු 6කට පස්සේ කල්පිගේ හීනේ හැබැ වුනු විදිය.. කෙල්ල කැම්පසුත් ගිහින් ඒත් මේකා මත්තේම ඉඳලා.. මේ කතාවෙන් මම නම් ඉගෙන ගත්තේ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ආදරයක් ඇති උනොත් ඒක අනෙක් පාර්ශවයට ප්‍රකාෂ කරන්න ඔනි. හැබැයි කල්පිට වගේ හැමොටම ඒ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඒත් හිතට සැහැල්ලුයි නේ හිතේ තියාන ඉන්නේ නැතිව මම කෙල්න්ම කීවා කියලා J
එහෙනම් කියලා බලන්න ඕන.. කැප්ටන් කෙනෙක්ට හික් හික් ;)
ReplyDelete"හැබැයි කල්පිට වගේ හැමොටම ඒ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඒත් හිතට සැහැල්ලුයි නේ හිතේ තියාන ඉන්නේ නැතිව මම කෙල්න්ම කීවා කියලා "
++++++++++++
ඒක නම් සහතික ඇත්ත. අකමැති වුනත් හිතිං දුක් විදින්න ඕන නෑනේ. දුකයි තමා අකමැතී කියලා. ඒ වුනාට පසු තැවෙන්නවත් වෙන්නෙ නෑනේ. :D
ReplyDeleteස්කෝලෙ කාලෙ කතා ලස්සනයි
ReplyDeleteඅම්මප හරි අයියා මටත් ඔය හත්තිලව්වම තමයි වෙලා තියෙන්නෙ.......... කියාගන්න බැරුව... :( මාත් පව් නේ?
ReplyDeleteහප්පේ කියන්න පුලුවන් ඒ කොල්ලා ඒක බයිටට ගන්නෙ නැත්නම් තමයි ඉතිං.නැත්නම් තදියම කියලා කතා අහගන්න තමා වෙන්නෙ.
ReplyDeleteදැනගන්න කියන්න එපැයි. හිතේ තියාන හිටියට වැඩක් නෑ නෙව.. අන්තිමට පරක්කු වැඩි වුනොතින්...
ReplyDeleteහොද වෙලාවට ඔච්චර කාලයක් හිතේ තියාගෙන ඉදලත් කියාගන්න පුළුවන් උනේ...
ReplyDeleteමාත් හිතේ තියං ඉන්නේ නැතුව දැන්මම ගිහින් කියන්න ඕනේ....
ReplyDeleteආ.........දැන්නේ මතක් උනේ! කාට කියන්නද :D
මාත් හිතේ තියං ඉන්නේ නැතුව දැන්මම ගිහින් කියන්න ඕනේ....
ReplyDeleteආ.........දැන්නේ මතක් උනේ! කාට කියන්නද :D
ඇයි වදේ !!! ඕක කියලා දම්මා නම් මෙලහකටත් කසාද බඳලා නේ !!
ReplyDeleteඒක නෙමෙයි අක්කා බොරලන්ද අහු වෙන්නේ ගම්පොල පාරෙන් නුවර එලි යනකොට නේ ? අපේ කම්පස් එකේ යාලුවෙකුත් හිටියා බොරලන්දේ.
එහෙම කරන්න බෑ සුදු හංසියෝ. කෙල්ලෙක් මුලින්ම ආදරේ ප්‍රකාශ කරන එක හරි නෑ. හැබැයි මම හිතන්නේ කල්පි හොඳ කෙල්ලෙක් වෙන්න ඕන. එයාගේ ආදරේ ඇත්තම එකක්. නැත්තම් අවුරුදු 6ක් කියන්නේ දිග කාලයක් නේ.
ReplyDeleteකතාව දැම්මට බොහොම ස්තුතියි.
අංක එක...
ReplyDeleteඅම්බානක පින් බත් එක කන්න පොරකාපු අතීතය සිහි කලාට. ඒ දවස්වල අපේ එකෙක් හිටියා. ඌගේ කට කොතරම්ද කියනවානම් බිත්තරයක් හපන්නේ නැතිව ගිලින්න පුළුවන්. ඒ සටනින් ජය අරන් අපි බත් කෑවේ මොන දක්ෂ කමක් නිසාද කියා අදටත් ප්‍රශ්නයක්...:DDD
අංක දෙක.ආදරේ ගැන..
ආදරේ මුලින් ප්‍රකාශ කරන්න ඕනි ආදරේ හිතේ ඇති උන කෙනා. එහි විවාදයක් නෑ. එහෙත් මුලින් ඇතිවූ කෙනා පිරිමියෙක් නම් කිසිම අවුලක් නෑ. ඔබ ඉන්නේ බටහිර රටක බටහිර සංස්කෘතියට අනුව නම් ඒ සමාජයේ කොටසක් නම් කිසිම ගැටලුවක් නෑ. නමුත් අපේ සමාජය බැලුවම කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරෙයි කීවොත් ඒ කොල්ලා ඒ කෙල්ලට ආදරේ නැතිනම් උත්සාහ කරන්නේ පහත් ආශාවන් ඇය තුලින් මුදුන් පමුණුවා ගන්න. මමත් කොල්ලෙක් නිසා. එවන් කොල්ලන්ගේ කතා පෞද්ගලික කතා වලදී ඇසී ඇති නිසා එහි ඇති අවදානම මා දකිනවා. හැමෝම එහෙම නෑ. ඒත් පිටතින් බලා කතාවෙන් බොධිසත්වයෙකු වගේ පේන අය ඇතුලේ ඇත්තටම ඉන්නේ කවුද කියා හොයන්න අමාරුයි. ඒ නිසාම මෙයට අපේ සමාජය තුලින් උත්තරයක් දෙන්න මම අදක්ෂයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි...
කෙල්ලනේ පරිස්සමෙන්. ඔබ දෙස බලා සිටින හැමෝම සාන්තුවරයන් නොවෙයි. (මෙය කියවන සියලුම කෙල්ලන්ට කීවේ)
සියලුම කොල්ලන්ට. ඔබට කෙල්ලෙක් ආදරේ නම් ඔබත් ඇයට ඔබේ හදේ ඉඩ ඇතිදැය් බලන්න. නැතිනම් ඇයට මුලින්ම එය කියන්න. කිසි දිනක කෙල්ලෙක්ගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්න නම් එපා. එය කොල්ලෙක්ගේ ආදරේට වඩා ගොඩක් සංවේදියී.
සුදු අක්කි ඔන්න බොලෙ ටර්න් වෙනවා නියමෙටම .... හික්zz යන්නෙ මිඩ්ල්ස්ටම්ප් එකටමයි .... එල එල .. :D පිත්ත දාලා විකට්ටුව බෙර ගයිද LBW වෙයිද කියන්න නම් මම දන් නැතෝ,................. :D :D :D :D :D
ReplyDelete