මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 30, 2011

වලාවෙන් වැසුණු සඳ, තෙවන කොටස

සති ගානක පන්ති තහනමකට පස්සේ ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න හිතේ පොඩි ලැජ්ජාවක් නොතිබුනා නෙවෙයි ඒත් ඉනින් ඌරන්ට මොන සෞඛයද කියලා හිතලා හෙමිහිට පන්තිය දිහාට පල්ලම් බැස්සා හොස්ටල් එක ළඟින් යද්දි නිකමට වගේ මම කලින් උන්නු කාමරේ දිහා බලද්දි හිතේ පොඩි දුකකුත් ඇති වුනා අපි උන්නු හෝල් එක තිබුනේ දෙවැනි තට්ටුවේ මායි තව කොල්ලෝ හය දෙනෙකුයි තමයි ඒකේ හිටියේ...  දැන් එතැන හිටි අයගෙන් පස් දෙනෙක්ටම හොස්ටල් එක තහනම් වගේම තුන් දෙනෙක්ට ඉස්කෝලෙත් තහනම් කිසි වරදකට පැටලුනේ නැත්තේ දුම්මා විතරයි ඒකා පොත් ගුල්ලා නිසා අපි එක්ක වැඩි ආස්සරයක් නෑ අපි පිස්සුවක් කෙලිද්දි මිනිහා තනියම පොතක් බලා ගත්තේ තනියම බුදු වෙන්න වගේ.. එකම ක්ලාස් එකේ හිටියත් අපි සෙට් එක මිනිහා එක්ක කතා කලෙත් බොහොම අඩුවෙන්.
“හල්ලෝ.. පහනා.. උඹ ආවද මචෝ"  කොහේදෝ ඉඳන් පාත් උනේ අපේ  එළුවා
“අඩේ එළුස් කොහොමද විස්තර මචෝ.."  මම එළුවගේ කරට අත දාන ගමන් ඇහුවා..
“එහෙමම තමයි බන් කණ සාක්කුවේ..." එළුවා ඊයේ රෑ දාපු සොට් එකේ වෙරි පිටින්මද කොහෙදෝ කියලා ඇහැක් ගැහුවා..
“තෝ වගේ වාසනාවන්තයෙක්.. මට ඉරිසියයි බොල“ මම කිවේ එළුවගේ කොන්දට  පාරක් ගහන ගමන්.
“මට වඩා උඹ වාසනා වන්තයි පහනා ඔපිෂියලි සත් දෙකක් ගෙදර ආතල් එකක් ගත්තා..“
“යකෝ මොන ආතල්ද හිරේ දැම්මා වගේ යකෝ බැනුම් අහ අහ එපා උනාමට“
“බැනුම් මොනාද බන්.. හැමදාම අහන එකනේ.. හිටපන් මම උඩට ගිහින් එන්නම්.. උඹ පලයන් පන්තියට අන්න බෙල් එකත් ගැහුවා “ කිව්වත් වගේම එවවා කියද්දිම බෙල් එක දෙවැනි පාරටත් වැදුනා.. තුන් වෙන් පාර වදින්න කලින් ක්ලාස් එකේ නොහිටියොත් සෙනවියා මාව අද ෂුවර්එකටම තම්බගෙන කනවා.. සෙනවියා කියන්නේ අපේ පන්ති බාර ගුරුවරයා වගේම ඉස්කෝලේ විනය බාර ගුරුවරයා කාලෙකින් ඇවිත් අදත් සෙනවියාගෙන් බැනුම් අහන්න බැරි නිසා මම අඩියට දෙකට පිඩිපෙල බැස්සා..

සෙනවියා ඉන්නවා අපේ ක්ලාස් එකට උඩින් බිත්තිය මුල්ලේ.. සිරාවටම ඔකා ඔය හැංගිලා පන්තිය දිහා බලන් ඉන්නේ වරදක් අල්ල ගන්න මිනිහට කොල්ලන්ගේ වරදක් අල්ලන් බනින්න බැරි උනොත් එදාට කෑවේ නැහැ වගේ වෙන්න ඔනි.. අනේ අසරනයෝ ටික අද මම කොහොම හරි බේර ගන්නවා කියලා හිතලා මමත් සෙනවියා නොදැක්ක ගානට පනිත්යේ දොරෙන් ඇතුල් වුනා..

"ආයුබෝවන්!!!" කියාගෙන් මාව දැක්ක ගමන් මුළු පන්තියේම  කොල්ලෝ ටික නැගිට්ටේ නැතැ මට කින්ඩියට.. හපොයි දෙවියනේ මට කට හොල්ලන්න  චාන්ස් එකක් නොදුන්න හැටි මේ කුජීතයෝ ටික .... ආයි හුස්ම ගන්න ඉඩක් නොදි සෙනවියා පැන්නේ නැද්ද පන්තිය මැදට   දුණු  හී අමොරගෙන.. (දුනු හි කිවේ පොරගේ වේවැලට) 

"මොකාද ආයිබොවන් කීවේ.. කියාපියව්.. මොකාටද උඹලා ආයුබෝවන් කීවේ..." සෙනවියා පන්තිය ඉස්සරහා ඉදන් මේඝ ගර්ජනා කුංච නාද හැම එකක්ම කරනවා... එකෙකන් කතා නෑ. මාත් උන්න තැන එහෙමම ගල් ගැහිලා හිටියේ.. අනේ අසරන මම එක චා කේස් එකකින් පස්සේ ඉස්කෝලේ ආපු පලමු දවස.. අනේ මාව බේර ගන්න බුදු තාත්තේ.. (හපොයි.. එතකොට කවුද තාත්තගෙන් මාව බේර ගන්නේ)..

කොහොම කොහොම හරි පළවෙනි පීරියඩ් එකේ මැදක් යනකල්ම සෙනවියා බැන්නත් කවුරුත් ඉදිරි පත් වුනේ නැ මමයි ආයුබෝවන් කීවේ කියලා....... මටත් හිටන් ඉදලා එපා උනා ඒත් ඉතින් මොනවා කරන්නද සෙනවියා කව්වොත් ඉන්න එපැයි.. අන්තිමේ කවුරුත් කතා නැති නිසා මුළු පන්තියම ප්‍රින්ස්පල් ලඟට අරන් ගියා.. එතනත් පැයක් දෙසනාව අහලා අන්තිමේ දඩුවම ප්‍රකාශයට පත් කලා.. ඉන්ටවල් වෙනකල් මුළු පනිත්යට දණ ගහගෙන ඉන්න ඔනි.. මම සහ එළුවා බේරුනා.. එළුවා  මට පස්සේ පන්තියට ආපු නිසා පරක්කුවට විතරයි එළුවා අහුවුනේ.. 

පනිතියට‍ ගිය එළුවයි මමයි බඩවල් අල්ලන් හිනා වුනේ දුම්මා අඩපු විදියට කොල්ලන්ව දණ ගස්සද්දි දුම්මාට ඇඩුනා... මට මතක හැටියට මීට කලින් කරපු කිසිම ඩස්පි වැඩකට දුම්මා හවුල් නෑ අපි විතරයි අහු වුනේ.. 
කොල්ලෝ ටික කටු කන අතරේ මමම එළුවගේන් පාඩු වුන පාඩම් ටික එහෙන් මෙහෙන් කවර් කර ගත්තා..

එදා දවස කොල්ලෝ එකාට එකා බුම්ම ගන්නවා පස්සේ අන්තිම පිරියඩ් එකේ අපි  සේරම පන්තිය දෙක වෙන්න හිනා වුනේ ආයි කිසිම දවසක සෙනවියාටවත් ආයු‍බෝවන් කියන්නේ නෑ කියලා හිතාගෙන..

හවස බාස්කට් බෝල් ප්‍රැක්ටිස් යද්දිත් කොල්ලෝ ටික වෙනසක් නැතිව මාව පිලි ගත්ත එක මට සතුටක් වුනා.. මාව ඉස්කෝලෙන් අයින් නොකරන්න තවත් හේතුවත් උනේ මම නැතිව ටීම් එක රන් කරන්න බැරි වීම වෙන්න ඇති.. මම ආසාවෙන් කියලා කරපු එකම දේ ඉස්කෝලෙන් පස්සේ සෙල්ලම් කරන එක තමයි.. 

මම හවස නැවතිලා සෙල්ලම් කරන වග තාම තාත්තා නොදන්න නිසා හවස ස්කූල් වෑන් එකේ නොයා සුපුරුදු බසයේ යන්න පුළුවන්.. 
********* පහන් හැමදාමත් හවස ප්‍රැක්ටිස් ඉදීවිද... **************



Jun 28, 2011

මගේ සිහිනය



සිහිනය සිහිනයක් නොව
මගේ සිහිනය මටද සිහිනයක් වුව
සුන්දරයි නෙතු පියන් විඳින කල
ඉඩ දෙන්න මට  විඳින්නට ඒ සිහිනය

රුදුරු මාවත තනියි සිත දුක් පුරයි මුත්..
සුන්රයි මේ කටුක මග ම‍ට
අනන්තය ලඟ  මන්සලේ ඔහු
බලා සිටිනා නිසාවෙන් 

කොහේ කොතැනක හෝ හිදිනු ඇත
නොම දනිමි ඒ තැන තවම මම
ඒ නමින් පාරමී පිරුමට 
අවසරයි ‍ සිහිනයක් දැකුමට

Jun 21, 2011

කේනිතිය නිවා ගන්නට ලියමි

සාස්ත්‍රීය ගායිකාවෝ එක්ක රේඩියෝව කර කර ඉන්නකොට අම්මා කොල් කරලා මගේ මූඩ් එක කෑවා... මට ගෙදර එන්නලු.........අනේ හපොයි.. හෙට මගේ නිවාඩු දවස බව ඇත්ත ඒත් හෙට මට වැඩ රාජකාරි කොටියයි.. නිවාඩු කියලා බෑනේ වැඩ තියෙන එව්වා කරන්නත් ඔනිනේ.. මොකෝ මම වැඩි හරිය බස් පදින බ්ලොග් ලියන වැඩනේ කරන්නේ ඔපිස් එකේ.


අනේ ඉතින් ගිය සතියෙත් මම ගියානේ ගෙදර ‍අ‍ඬ අඬ පොස්ට් එකක් හේම දාලා.. ඒ ගියේ ආයි වෙන මොකටවත් නෙවේ.. අපේ අම්මා මට හංසයෙක් හොයලා.. සල්ලි විලක පීනන හංසයෙක්ලු.. ඒමදිවට මගේ කන්ඩිෂන් සේරම තියෙනවත්ලු.. දැන් අම්මට ඔනි වෙලා තියෙන්නේ මට හංසයාවත් හංසයාට මාවත් මුණ ගස්සන්න.. ඊට කලින් වෙන්න ඔනි දේවල් සිද්ද වෙලා අවසානයි කියන්නේ.. කේනදරෙත් ගැලපෙනවලු..  හංසි බබාගේ පොටෝ දැකලා ඒ වැඩිහිටියෝ විතරක්නේවේ හංසයත් කැමති වෙලා කියන්නේ.. අනේ හැබෑට.. මේ මගේ පොටෝ දැකලා කැමති උනා කියන්නේ මගේ යාළුවනේ ඔයාලා  හිතන්න ඒ හංසයාගේ ඇස් පෙනීම කොයි තරම් ‍දුර්වලද කියලා..

කොමෙන් කොහොම හරි දැන් තොණ්ඩුව බෙල්ල මුල.. හැබැයි ඉතින් මේ හංස බබත් ලේසි නෑ බෙල්ල හිරවෙන්න කලින් බෙරෙන එක බේරෙනවමයි.. ඇයි දෙවියනේ.. හංස බබා තාම පොඩියිනේ.. ඇයි මන්දා අම්මටයි අප්පච්චිටයි ඒක තේරෙන්නේ නැත්තේ නිදහස් වෙන්න ඔනිලු.. ඉතින් අනේ නිදහස් වෙන්න කියලා අහුවෙන කෙනෙක්ට දීලා දාන එක සාධාරන නැහැනේ.. එයාලා බලන දේවල් තියෙනවා උනත් මට හොයන්නේ සල්ලිවත් වාහනවත් ඉන්න තට්ටු ගනන් උස ගෙවල්වත් නෙවීනේ...

අනේ ඔයාලාවත් අපේ අම්මට කියලා දෙන්නකෝ.. හංස බාබාට හොඳටම පිස්සු නිසා.. ඒ විකාර ලෝකේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න හංසි බබාටම ඉඩ දෙන්න කියලා... ඒත්.. ???

අනේ මගේ අවාසනාවට මොනා කියලා කරන්නද.. කොහොම කොහොම හරි සුට්ටක් අඬලා හේම හෙට   නොයා ඉන්න වැඩේ සෙට් කර ගත්තා.. දැන් තව සතියකට නිදහස්.. ඒ අස්සේ  එක්කෙනෙක් චැට් එකේ මඟුල් කතා කරනවා.... මගේ පරන ස්ටාෆ් යාළුවෙක්.. උන්දෑ අහගත්තා මගෙන් හොඳට.. ඉස්සරනම් ඔය මඟුල් කතා කියාගෙන ආවොත් මම නම් කෙලින්ම කියන්නේ කතා කරලා බලන්න කියලා.. ඒ ඉතින් උවමනාවටමත් නෙවෙයි..... මගේ තියෙන නෝට් කමට. විහිලුවට මඟුල් කියක්නම් කන්න ඇතිද මම... එව්වා තමා දැන් කල හොඳ වගේ පස්සෙන් පන්නන්නේ... කොටාගෙන කොටාගෙන ගිහින් අන්තිමේ කෙහෙල් ගහට කොටපු දාට  හොට පැටලෙනවලුනේ අන්න ඒ වගේ වැඩක් වෙලා  කැළණි ග‍ඟෙන් නාලා ආයි කළු ග‍ඟෙනුත් නාන්න උනානේ.. බ්ලොග් අවකාසේ ගොඩක් අය දන්නවා මේ සින් එක (දන්නෝ දනිති එකක්)... හික් හික් සුදු හංසි බබාට කාලා ඉන්න බැරිව චැට් එකේ කතාවක් කියලා පුදුම නෑමනාවක් නෑවේ.. අන්තිමේ මම ඒ මඟුල කතා කරන්න කිවේ විහිලුවට කියන එක තේරුම් කරලා දෙන්න සෑහෙන්න චාටර් වෙන්න උනා..   දරපු උත්සහයත් හරි නොගියම තැන අන්තිමේ බ්ලොග් පොස්ට් එකක් දාලා අදාල පාර්ශවය ඒකත් වැරදියට අරන් තිවුනා.. හපොයි සිද්ද වුනායින් උනේ නැහැ ඒ සා නව නිංගිරාවක්.. අන්තිමේ මම වැරදි වැටහීම් නිවැරදි කරන්න ගන්න උත්සහය ඒතැනින්ම නතර කලා.. තේරුමක් නැති දේකට කාලය ශ්‍රමය සහ මානසික සහනය නැති කරගන්න අවශ්‍ය නැති නිසා... අදත් ඒ වගේ මඟුල් කතා කරන්න ආපු යාළුවාට සිත නොරිදෙන්න කිව්වේ අම්මට කියන්න ඔනි ටිකම තමා.... 

මල වදේ කියන්නේ මට වඩා මගේ සමහර යාළුවෝනේ මට හංසයෙක් නැති එක ගැන දුක්වෙන්නේ... මම වත් ඒ හැට් ඒ ගැන තැවෙන්නේ  නැහැ.. මොකද මේ ජීවිතේට මම හරිම ආසයි.. නොලෑබ්ම් කියන්නෙත් වෙලාවකට සුන්දර දෙයක්... හැම දේම කල්පනා කරලා බලද්දි මට හංසයෝ ඔනිම නෑ.. වෙනස් විදියකට හිතන වෙනස් දේවල් කරන කෙනෙක් විදියට මම ආසයි හැමදාමත් මේ වගේ ස්වාධින ජිවිතයක් ගත කරන්න... ඒක අඩුම තව අවුරුදු පමක් වත්  අත් විඳින්න තියෙනවනම්.. 

ඊට පස්සේ නම් නව දුරටත් හිතුවක්කාර වෙන්න බැරි වෙයි....

දැන් මේ සතියට ෂේප් උනා කියමුකෝ ළබන සතියේත් ෂේප් වෙන්න විදියක් හොයා ගන්න ඔනි... අනේ මට මේ වෙන්න යනදේන් බේරෙන්න ක්‍රමයක් කියන්නකො යාළුවනේ..................

Jun 17, 2011

ඇබැද්දියක්



ටීචර් කෙනෙක් ඔපිසියට ආවාය
කොම්පියුටර් පහක පැසිලිටි ඇසුවාය
ලබන බදාදා එනවයි කීවාය
ඊට කලින් ටෙස්ට් ලැබ් ඇද ඇසුවාය


උදේ ඉඳන් හංසි කෙල්ල ෆුල්ම බිසී
කොම්පුයිටර් සෙට් කරනවා හැටට හැටේ
මැෂින් පහම දෙක වෙන කොට සෙට්ලු බොලේ
නෙට්වර්කෙට සෙට් කරන්න දැන් ඇත්තේ


නෙට් කේබල් හදලා ගානට සෙට්ලු
‍පෝට් විසි හතරේ හබ් එක එළ කිරිලු
වයර් අදින්නට හංසිට හදිස්සිලු
මේ සේ උඩට නැග ඇය දැන් බර වැඩලු


හැත්තෑවක් කිලෝම මේ හංස බබා
ඔරොත්තු දෙන්නේ කොමද මේසයටා
දෙපාරක්ම ජරබර සද්දත් ඇසුනා
මේසේ කඩාගෙන අන්තිමේ බිම වැටුනා


කකුල් තුනේ ලස්සන මේසය කුඩුලු
ඔපිසියේ කවුරුත් තව දන්නෑලු
මුකුත් නොදත්තා වගේ මම ඉන්නේලු
හනේ හපොයි කොහොම මේක විසඳම්දෝ

Jun 14, 2011

නිදහසේ ලියමි............

හිමිදිරියේ සිට තොන්තුවෙන් පසුවන සිත සන්සුන් කර ගන්නට මගක් සොයමින් ලතවෙමි.... ඉවක් බවක් නැතිව නුවර නගරය පුරා ඇවිද ගියානම් සැනසීමක් දැනෙනු ඇත, ඒසේත් නොමැතිනම් නානකාමරයේ වතුරමල යටට වී පැය ගනනක් සිටියානම් සියලු සිතිවිලි සන්සුන් වනු ඇත.. එහෙත් මේ මාගේ කාර්‍යාලීය වේලාවයි.. හෙටත් ඊට පසු දිනත් නිවාඩු දිනියන් බැවින් අද වේලාසක පිටවීම සුදුසු නොවේ.

උදෑසන අවදී වු නැත් පටන්ම සිතිවිලි නොසන්සුන්ය.. පෙරදින වේලාසන නින්දට ගියද උදෑසන වැහී සිතලේ තවත් නිදන්නට තිබුනානම් හොඳ යැයි දැනුදු මට සිතේ... හිමිදිරි උ‍දයේම දිනය මුසල කලේ මාගේ අපූරු රූම් මේට්ය..

මගේ රූම් මේටිලාගේ ඉතිහාසය ගත් කල සියල්ලන්ම විවිධ ආකාරයේ අසාමාන්‍ය ගති ලක්ෂනයන්ගෙන් යුක්ත වුවන්ය.. මුලින්ම මම මේ බොඩින් නිවසට එනවිට මාහා එකම කාමරය සුහදව හුවමාරු කරගත්තේ මෝහනාය.. මම ඇයට අක්කී කියා ඇමතීමි.. යාපනයේ සිට පැමැණි ඇය මා සමග කතා කලේ ඉංග්‍රීසියෙනි.. වයසින් මගේ මවගේ වයසේ උන් ඇය රජයේ ආයතනයක රැකියාව කලාය.. විවිහයෙන් තෙමසක් ගතවන්නට පෙර නැන්දම්මා සමග උරණ වු ඇයව සැමියා විසින් අත්හැර දමා තිබුණි.  ඇතැම් රැයක කුඩා බොනික්කෙකු තුරුලු කරන් හූල්ලන ඇය ඇයට දරුවෙකු නොමැති වීම ගැන තැවුනාය. තවත් දිනයක නිකරුනේ සියල්න්ටම බැන වැදුනාය.. බොහෝ විට ඇගේ රාත්‍රී ආහාරය වුයේ උළුඳු පිටින් සීන්ත් සූකිරිත් උණු වතුරන් මිශ්‍රකර තනා ගන්නා අග්ගලා වර්ගයකි.. මටත් ඒවා කන්නැයි ඇය බලකර සිටියත් කිසි විටක මම ඒවායේ රස බලා නැත්තෙමි එයට හේතුව ඇගේ අපිරිසිදු කමයි.. කොප්පයක් පිඟානක් ඇය සොදනු මම කිසි විට දැක නැත්තෙමි, ඒතියා ඇඳුමක් හෝ ඇය සොදා නොඇන්දාය.. ඉවත දැමිය යුතු බොහෝ දෑ ඇය රන් මිනි මුතු මැණික් ලෙස රැක ගත්තාය.. ඒ අතර හිස් සැමන් ටින්, යෝගට් කොප්ප, දන්තාලේප ඇසුරුම්, හිස් ප්ලාස්ටික් බොතල් බොහොමයක් විය..

සති අන්තයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා දේශණ වලට සාභාගී වන ඇය ඒ දින වල මුළු රැයම නිදිවරා පාඩම් කලාය.. නමුත් බෝහෝ විට විභාග මගහැරියාය..  කොන්දේ වේදනාවක් නිසා කාඩ්බෝඩ් ලෑල්ලක් මත නිදා ගන්නා ඇය ඇඳ මත ඇගේ සියලු පොත් පත් පටවා තිබුණි..  මගේ ඇඳත් පොත් රාක්කයත් ඇරෙන්නට මුළු කාමරයම ඇගේ කුනු කසල වලින් පිරී තිබුණි.. මට හැකි පමණ අතුගා පිරිසිදු කරගත්තත් එය මිහිපිට අපායක් විය..

මාස දෙකක් පමණ ගතවන විට ඇයට වෙනත් නැතක් සොයා ගන්නා ලෙස නිවැසියන් කීවත් ඇය නොගියාය අවසන නිවැසියන් හා ඇය අතර ඇතිවු රණ්ඩුවකින් පසු ඇය වෙනත් නිවසකට ගියාය. නමුත් ඇගේ ඇඳුම් කිහිපයක් හැරෙන්නට අනෙක් සියලුම දෑ ඇය කාමරයේ තබා ගියාය.. බඩු වලින් ඇති වු අවහිරය හැරෙන්නට  ඉන් පසු ඒ කාමරය මට ප්‍රිය මනාප තැනක් විය..

දෙදහස් එකොළහ වසර  උදාවීමත් සමඟ ෂගානාගේ පැමිණිම සිදුවන්නේ එයින් පසුවයි.. පාළු හුදෙකලා ජීවිතයේ නවමු පිටුවක් පෙරලන්නට ඇගේ ආගමනය සමත් විය.. මුසල කමේ ගිලී තිබු බෝඩින් කාමරය සිනහවෙන් පිරී ගියේය..  වෙනදා උවමනාවට එපාවට හැඩ වුනු මා.. ‍දිගු වරලස ලේයර් කපා ඇහි බැමද හීනි කලෙමි.. ලා රොස පැහැති නිය අලේපනයකින් දෙපා නිය සැරසුවෙමි.. ඇතැමි දින වල රැයෙහි ෂගානාත් මමත් පේරාදෙනිය පාරේ ඔහේ ඇවිද ගියෙමු.. සීත ‍කල කොකා කොලා බොතලයක් හිස් කරමින් ඇවිද යන අප බොහො විට අවන්හලකින් රෑ කෑම ගතිමු.. මගේ නිවාඩු දිනයන්හීදි පේරාදෙනිය මල්වත්තට, ශ්‍රී දළදා මාලාගාවට හෝ කටුගස්තොට සිගිරි සිනමා ශාලාවේ චිත්‍රපටියක් නැරඹිමට ගියෙමු..

ෂගානා නුවර පැමිණියේ උඩරට මනාලියන් හැඩ ගැන්වීමේ පාඨමාලාවක් සඳහාය ඇය බොහෝ විට පුහුණු වුයේ මා මනාලියක් ලෙස හැඩ ගන්වාය.. අපි දෙනොගේ විහිලුවෙන් විනොදයෙන් ගෙවෙන සැන්දෑයාමන් දෙස බොඩිමේ නිවැසියන්ද සතුටු නෙතින් බලා සිටියෝය..

ෂගානාව සිහිකර අදටත් ගෙහිමියන් ඇයගේ ගුණ වයයි එයට හේතුව මොහනා කාමරයේ ඉතිරි කර ගිය කුණු කන්දල් සියල්ල ෂගානා විසින් ඉවත් කර කාමරය සුරලොවක් මෙන් සුන්දර තැනක් කීරිම නිසාය.. ෂගානා නුවර සිටියේ එක් මාසයක් නිසා බැවින් ඒ මාසය අවසන ඇය ආපසු ගියායා ඒහෙත් ඒ ගතකල මාසයක කාලය මාගේ ජීවිතයේ ඉතාමත් සුන්දර කාලඡ්චේදයකි... 

රට හැරයාමට පෙර අවසන් වරට මා මුණ ගැසෙන්ට පැමිණි ඇය නුවර එළියේ සුන්දර නිවාඩුවක්ද ගත කලාය. මම දන්නා දන්නා හැම තැනම ඇයව රැගෙන ගියාය.. ඇය වඩාත් සතුටු වුයේ සීති එළියේ සීතා කොවිලේ බිම වැඩිවී දානේ බත් කෑ අවසථාවේදිය.. එහිදී ඇය හනුමාන් දේවාලයට මා කැඳවා ගොස් හින්දු චාරිත්‍ර වලට අනූව සෙත් ශාන්තියක් කලාය.. ඒ කුමක්දැයි මා ඇසු කල ඈ කිවේ.. මා හට රාමා වැනි උතුම් ස්වාම්පුරුෂයෙකු ලැබෙන්නට කියා හනුමාන්ගේ ආශිර්වාදය පැතූබවයි.. එවිට මගේ දෙනෙතට කඳුලු පිරිණි...

ෂාගානාගෙන් පසු හිස්වු යාබද ඇඳට පැමිණියේ සුබාය ඇය මෙවර උසස්පෙළ විභාගය සඳහා සූදානම් වන නැගනියකි.. ඇයත් ෂගානා මෙන්ම හිතවත් වුවත් නිතර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇයට කරදර නොකරිමට මම වග බලා ගතිමි.. සුභාගේ මා කැමතිම ගුණාංගය වුයේ පිරිසිදු කමයි, පාසැල් නොයන දිනවලට උදැසනින්ම මුළු කාමරයම පිරිසිදු කර ඇගේ පොත් මේසයද හොදින් අසුරා ගන්නා ඇය මුළු දවසම පාඩම් කලාය, හවස් වරුවේ පැයක් දෙකක් නිදා ගන්නා ඇය  පසුදා පාන්දර දෙක පමණ වනතුරු පාඩම් කලත්  ඇගෙන් මට කිසිඳු බාධාවක් සිදු නොවිනි.. කොටින්ම කිවහොත් ඒ දිනවල කිසිදු විටෙක මා අසනීප නොවුවාය.. 

මාස තුනක් පමණ ඇවෑමෙන් සුභා  නැවත නිවසට ගියාය.. ඉන් පසු මාහට ලැබුණු රූම් මේට් මෙලොව කිසිවෙකුත් නොලබත්වායි මම පතමි.. 

මේ රැකියාවට ආ පළමු දිනවල මා නැවතී සිටියේ අම්මාගේ වැඩිමහල් සොයුරාගේ නිවසේයි .. එහි වයස 11ක නැගනියක්ද වයස 6ක මලණුනවක්ද සිටියෝය.. පාසැල අවසන්ව නිවසට පැමිනෙන ඔවුන් දහවල් වරුව සෙල්ලම් කලෝය හවස හතරේ සිට රූපවාහිනිය බැලුවෝය.. ඉන් පසු පොත් පත් වල වැඩ කල ඔවුන් රාත්‍රී අට නවය වන විට නින්දට ගියෝය.. මට ඔවුන්ගෙන් කිසිදු හිරිහැරයක් නොවුනා සේම ඔවුන්ද මාහා සෙල්ලම් කලත් මාගේ දුකතනය හා පරිඝණකය භාවිතා කලත්  පුංචි උන් සමඟ වාසය මට සුන්දර අත්දැරකීමක් විය..

මා ඔවුන්ගේ නිවසින් පැමිණි විට අහාර පවා ප්‍රතික්‍ෂේප කරන්නට තරම් ඔවුන් දෙදෙනා මාහා බැඳී සිටියෝය..  එයට හේතුව කුඩාවුන් හා මා ඉතා සුහද වීමයි.. මාගේ කලමණාකාරවරියගේ කුඩා පුතු පැමිණි විට ඔහු මා සොයා මාගේ කාර්්‍යාලයට එන විට පුතුගේ මව් කියන්නේ ටික දිනක් යනවිට ඇයගේ පුතු මට අම්මා කියාවි යැයි අයට බියක් දැනෙන බවයි.. එතරම්ම කුඩාවුන්ට ආදරයෙන් සලකන මාහාට මෙවර ලැබුණු රූම් මේ‍ට්ද වයස 11 දැරියකි එනම් මට වඩා අවුරුදු 14ක්ම බාල වයසේ කෙනෙකි.. ඇය පැමිනෙන බැවි ඇසූ මා බලා පොරොත්තු වුයේ කොණ්ඩ කරල් දෙකක් ගොතා ගත් මල් ගවොමක් හැඳි හුරුබුහුටි දැරියකි, නමුත් දුටු මුලුම වර ඇයව මට පනුනේ පිරිමි ලමයෙකු ලෙසයි.. දුටු මුල්ම වතාවේ මා හා  සිනාසීම පවා ඇය අමතක කලාය.. නමුත් මම එය සම සිතින් ඉවසා සිටියෙමි.. මුල්ම දිනයේ නිහඬවම උන් ඇය පසුදින මුළු නිවස පුරාම කෑ කෝ ගසමින්  කෙලි දෙලෙන් පසුවන අයුරු දක්නට ලැබිණි.

බ්ලොග් අවකාශයේ  බස් අවකාශයේ මිතුරු මිතුරියන් අතර කටකාරියක් වුමා ඉන් එපිට ජීවිතයේ අසාමාන්‍ය නිශ්ෂබ්ද චරිතයක් බැවින් ඇය හා මා මුලින්ම කතා කලේ සතියකට පමණ පසුය,  ඒ ඇයට අවැසි පාඩමක් අසා ගන්නටයි.. ඇය නුවර ප්‍රසිද්ද පාසලක ඉංග්‍රීසි මාධයයෙන් ඉගෙනුම ලැබුවාය.. ඒ බැවින් ඇය අනවශ්‍ය ලෙස උඩගු වුවාය.. බෝඩිම් නිවසේවු අනෙක් නැගනියන්ගෙන් ඉගෙනීම ප්‍රතික්ෂේප කල ඇය මා පැමිණෙන තුරු සිට මාගෙන් පාඩම් අසා ගත්තාය. මාද මා හට හැකි පමණින් ඇයට උදව් කර මාගේ නිහඩ ලොව වෙත ගියෙමි.. රැකියාව අවසන බොඩ්ම් කාමරයට යන‍ මා පැය භාගයක් පමණ නානකාමරයේ ගත කරමි.. ඉන් පසු ඇඳට පැන දුරකතයේ ඇම් පී ත්‍රී ප්ලේයරය ක්‍රියාත්මක කරගෙන රාත්‍රී අහාරය ලැබෙන තෙක් නෙත් පියා සිටීමට කැමැත්තෙමි... ඒ අතර තුර ආසිරි මලනුවන් හෝ ශානිකා නැගනියගෙන් අමතුමක් ලදහොත් ඔවුන් හා තේරුමක් නැතිව කියවමින් සිටිමි.. එය මින් පෙර කාමරයේ සිටි කිසිවෙකුටක් කරදරයක් නොවුනු මුත් හදිසියේම මේ අළුත් අමුත්තියට කරදරයක් විය මා කිසි දිනක වැඩැහිටියෙකුට කතා කරන්නට හො නොසිතන වචනයෙන් ඇය මා හට බැන වැදුනාය.. මගේ  ප්ලේයරයේ වාදනය වන ගීත මෙන්ම මා මලණුවන් හා නැගනියන් සමඟ කතා කිරිමත් ඇයට කරදරයක් බැව් ඇය කීවාය.. මා පිළිබඳව සිතනවාට වඩා අනුන් පිළිබඳ සිතිමේ මා සතු මටම අවාසි ගෙන දෙන ගුනාංගය නිසා මා පෙර ලෙස ඔවුන් හා කතා කිරීම අවම කලෙමි..  මට පමණක් ඇසෙන්නට ගීන වාදනය කල මා ඒ සියල්ලම ඉවසන්නට බැරිම තැන්හී.. බොහෝ ප්‍රමාදවී බොඩ්ම් නිවස වෙත යාමටටත් නානකාමරයේ වතුරමල යට ගත කරන වෙලාවත් වැඩි කලෙමි... ඒ සියල්ලෙහි අවසන් ප්‍රතිථලය මම තව තවත් හුදෙකලා විමයි.. අවසන යලිත් මා බැරෑරුම් ලෙස අසනීප වුනෙමි.. වෙනදාට මෙන් දෙගුනයත් බෙහෙත් බී කලින් නිදන්නට පුරුදු වුනෙමි.. දරාගත නොහැකි හිසරදයෙන් මිදෙන්නට නලල පුරා සිද්ධාලේප තැවරුවෙමි.. දින හතකටත් වඩා එක දිගට පවතින දැඩි හිසරදයට සහනයක් සොයන්නට ක්‍රමයක් මා නොදැන උන්නෙමි. වෛද්‍යවරයෙකු හමුවුවත් ලැබෙන්නේ සුදුරුදු උපදෙස්මය.. එයින් මම හැකි තාක් විවේක ගන්නට සිතුවෙමි..

වෙනදාට කලින් බෝඩ්ම් නිවසට ගිය මා කලින් නිදා ගන්නට තැත් කලෙමි. යට කි දැරිය ඇයට අතපසුවු පාඩම් වැඩ බොහෝමයක් ඇතැයි කියා මහ රෑ වන තුරු විදුලි පහන දල්වා සිටියාය.. මා සොයා බලද්දි ඇය කාමරයේ විදුලි පහන දල්වා රූපවාහිනිය ළඟ සිටියාය. මගේ ඉවසුමේ සීමා නැතිවිය . විදුලි පහන නිවා දොරත් වසා දාමා මම නින්දට උත්සහ කලෙමි.. එහෙත් විගස පැමිණි ඇය නොයෙකුත් දෑ කරමින් මාගේ නින්දට බාධා කලාය..

ඊයේ දිනයත් පෙරලෙසම මා වෙහෙසට පත්ව සිටි දිනයකි.. කිසිවෙකු හා කතා හො නොකල මා කලින්ම නින්දට වැටුනේ නිදි පෙති දෙකක් සමඟ සීත කල කොකාකෝලා බීමෙන් පසුය.. හේතුව ඒසේ නොකලේනම් ඇය කිසිසේත් මට නිදන්නට නොදෙන්නීය..

උදෑසන මා අවදි වුයේ කිසිවෙකුගේ ගෝරනාඩුවක් නිසාය..  නිවසේ මෙහෙයට සිටින කරුණා ආනිටී සමග මාගේ කාමර සහයිකාව උදෑසනින්ම රන්ඩු වෙමින් සිටියාය.. කිසිසේත්ම වැඩැහිටියෙකුට කතා ‍නොකල යුතු ආකාරයට ඇය කරුණා ආන්ටීට බැන වැදුනාය. ඉවසුමෙහි සීමාව ඉක්මවා නැගී සිටි මා අසල වු ටෙනිස් ‍බෝලයක් පෙන්වා.. "ආයි කියෙව්වොත් මේක ඔබනවා කටේ" යැයි කියා රුදුරු හඬින් කීමි.. මින් පෙර මාගේ කඩ හඩ මෙතරම් දරුණු ලෙස මට ඇසී නැත.. ඉන් පසු නිදන්නට උත්සහ කලත් නින්ද මා කාරා නොආවේය. අද මාගේ කලමණාකාර වරියගේ උපන්දිනයයි, ඇය සඳහා වු උපන්දින සාදයේදීද මා  උන්නේ තෝනුතුවෙනි හවස ඇගේ නිවසේ පැවැත්තෙව සාදයට කාර්්‍යාල සේවකයින්ගෙන් අාරාධනා ලැබුවේ මා පමණක් වුනෙන් මා නොපැමිනෙන බැව් කී විට ඇගේ මුහුණ හැකිලිණි. එහෙත් සාදයකට යන්නට තරම් යහපත් මානසිකත්වයක් හෝ සනීපයක් මා වෙත නැත..



හේතුව ‍අනෙකකි.. ඇතැම් විට ඉදිරි දින දෙක තුන ඇතුලත මාගේ ජීවිතයේ වැදගත් තීරණයක් ගැනෙනු ඇත.. දැන් මාස කිහිපයක සිටි මේ අවස්ථාව මගහැර සිටින්නට හැකි උපරිම උත්සහය දැරුවද අවසන මා පරාජයට පත්ව ඇත, සාම්ප්‍රධායික උඩරට පවුලක කුමාරි හාමි කෙනෙක්ගේ දුවකගේ ඉරණම කුමක් විය හැකිද? අම්මාගේත් පුංචි අම්මාගේත් ජීවිත වලින් දකිනා උදාහරනයට අනූව.. එය මා හට නම් කිසිසේත් දැරිය නොහැක්කකි.. පරිඝණකය හා වැඩි වෙලාවක් ගත කරන්නියකට, තමන් ගැන තමන්ගේ රූපය ගැන කිසිසේත්ම තැකීමක්  නොකරන්නියකට, පොතින් පතින් තොරව වෙනත් විනොදාංශයක් නොදන්නියකට ජීවිතයේ වගකීම් පැටවෙන විට කුමකින් කුමක් සිදුවේදැයි නොදනිමි.. ඒහෙත්



ආසිරි මල්ලිගේ සහ ශානිගේ උවමනාව සහ ආශාව  ඉටු වනු ඇත..  සේවක විවේක කාමරයේදි අම්මාගේ උවමනාවට මාගේ මොළය සේදිම කරන අක්කලාගේ සිතැඟි ඉටුවනු ඇත.. තවලම  ඉදිරියට ගමන් කිරිම දැනටත් අවිනිශ්චිතය... හංසිය කවි නොලියනු ඇත.. සිදංගනා මුණුපොතේ දඟ කම් නොකරනු ඇත.. සියල්ල දෛවයට භාර කර නිසොල්මනේ බලාහඳිමි..

දෛවය දෙන තීරණය අනූව තවලමේ ඉදිරිය තීරණය වනු ඇත...

Jun 11, 2011

පරණ මතකයක් අළුත් කරමු...........



මේක මාරයියාගේ බස් එකක් අපි සින්දු කියපු හරිය විතරයි කොපි කලේ... ඒ වගේ ඉරිදාවක් ආයිත් එනවනම් ආසයි.....................




සුදු හංසී - මොකෝ කස්ටිය කොයි ගිහින්ද.. වැපානිස්ට ඔටුණු පලන්දන්නවත් ගියාදෑ....
ඩිලාන් . - ඒ වගේ ඔන්න විභූති ඉවර වෙන්න ඉස්සල්ලා ඉල්ල ගන්න
සුදු හංසී - ඔව් නේ... හී.. හී....
ඩිලාන් . - මමත් මේ ඉන්නේ පොර එනකන් විභූති ටිකක් ඉල්ල ගන්න
ඩිලාන් . - ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින් ආ
ආදරයේ පිණි කැට පොදි
සිරි සිරි ගා සැලුනා ....පිණි කැට බිදුනා...
සුදු හංසී - නැගුණු සීන වා රැළී..
නිවුණු මිහිරි ගොපළු ගී
ලිහිණි හඩින් මන්දාරම
සිරි සිරි ගා සැලුනා ....පිණි කැට බිදුනා...
ඩිලාන් . - ලයට තුරුලු පාලුවෙන්
මීදුමින් වෙලා ගොසින්
හදෙහි ඇදී පිංතාරුව
හදෙහි ඇදී පිංතාරුව
බොදවේලා ගොසින්....බොද වෙලා ගොසින්
සුදු හංසී - සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
ඩිලාන් . - සොදුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සද තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැදුනා මතකයි
| සෝරෝ | - හුටා................. :D
ඩිලාන් . - මොකෝ සෝරෝ වරෙන් අපිත් එක්ක ක්ලැරන්ස් ගේ ගීත කියන්න
සුදු හංසී - අප හදවත් ඒ නොමියෙන ලෙස බැදි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කිවා මතකයි


සොලෝ අයියා ඔයත් ඒන්ඩෝ..
Pravin Indranama - හ්ම්..
සුදු හංසී - ඉන්දරේ.... මොකෝ සීට් යට එන්න සින්දු කියන්න
ඩිලාන් . - සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුන මතකයි මම ඉමි සිහි කරලා
නෙලුම මල් පිපුනු දෙවැට දිගේ පාසල් ගියකාලේ
මල් වගේ සිනාසුන කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
| සෝරෝ | - මම කොටලා බ්ලොග යේ ඉවැර වෙලා එන්නම්................ :D
Pravin Indranama - සිංදු කියනවද බොලේ අර මහා අනුහස් ඇති උතුමෙක් අභාවප්‍රාප්ත උනාම? :D
ඩිලාන් . - ආවනම් යා යුතුය...
Pravin Indranama - සෝරෝ, පරිස්සමින් කොටහං :D
| සෝරෝ | - කමක් නැද්ද ඉන්දර්ස් ................... :D
සුදු හංසී - විවේකයක් ලද විටද් අපී
දුවපැන ඇවිදිනවා
ගනන් තමයි මගේ සිතට වදේ
නිතරම වරදිනවා
ඩිලාන් . - ගමේ පාසලේ වැඩට අපි පෙරමුන ගෙන යනවා
තවත් වරක් තවත් වරක් පාසල් යන්නට ලැබුනොත් මම යනවා
Pravin Indranama - ඇයි ඩිලාන් සබ්ජෙක්ට් දෙකතුනක් ඉතුරු තියේද ගොඩදාගන්න? :D
ඩිලාන් . - ඔව් බන්,,ඉන්දරේ
සුදු හංසී - ඉමක් කොනක් නැති අහස වගේ
කෙලි ලොල් දිවිය මගේ
මලක් පිපී සුවදින් පිරුණා සේ
මුහුනේ සිනා රැදේ..
Pravin Indranama - අඩිසීයේ පාර ගාව
දුටුවා ඔබෙ නීල දෑස
සංකර නැති - පිං කර ඇති
නෙළුම් පොඩිත්තී... :D :D මෙන්න සිංදු
ඩිලාන් . - දුකක් සිතේ දැනුනේ නෑ මාහට
අද මට දැනෙනු වගේ
මටත් වරක් මටත් වරක් යලි පාසල් යන්න ලැබුනොත් හරිම අගේ
ඩිලාන් . - දෑස පියා ගත්කල මට මෑවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ... ලස්සන රුවේ...
සිත සෙනසුවේ
සුදු හංසී - අතින් අත වෙලී වෙරළේ තනිවු මොහොතේ
ඈත නිල් වලල්ලේ නෙත් රැදුණු මොහොතේ
සිත කැළඹූනේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොදී...
Edit
Priyantha Galgepitiya - රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා..//
මතකය මගේ.. අවදී වුනේ..
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොව
සුදු හංසී - යේ... යේ......
ඩිලාන් . - හුරේ,,,,
සුදු හංසී - හද විලේ ඔබ පිපිණා...
නිසසලේ පෙති සැලුනා
දුනුකේ මල සේ යාවී
Priyantha Galgepitiya - ආශා දෑසින් බලා සිනාසී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වනමල් පිපී සැලේවී
ජීවන මංපෙත සරසාලා
Priyantha Galgepitiya - ආදර ගීතේ තනුව කියාදී
ජීවන මීවිත සතුට සදාදී
මෝහන ලාලිත බැළුම් හෙළාවී
මා යන මාවත සරසාලා
සුදු හංසී - එළාස්... කෝ ඩිලාන්.....
Priyantha Galgepitiya - සැන්දෑ වලාවන් පා වුනා‍වේ
වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇ‍තේ
ඩිලාන් . - හරි හරි ආවා

Priyantha Galgepitiya - මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
ඩිලාන් . - කීවේ පෙරලී ආවේ ඔබවයි මා සිත පිලිගන්නේ
පැතුමන් මාගේ සිද බිද දාලා ඉන්නේ ඇයි මිහිරේ
ඩිලාන් . - රන් සමනලයින් ඉගිලෙනූ දැක මට
ඇගේ නෙත් පියලිය සිහි වෙනවා
රන් සුර පුරකට මා කැදවන්නට රම්යා ගැන සිතුවිලි එනවා...
සුදු හංසී - පොත් මිටියක් ගෙන ළමැද තබා
කොටි පියවර මැන තනිව මගේ
පාසැල වෙත යන ගමන ඇගේ
මතකයි නොමැකි තවම තිබේ

Priyantha Galgepitiya - සිතුවිලි පොදි බැද මහද රැඳි
හසරැල්ලවි සිටිය රැඳි
කවදද මගේ සෙවනට එන්නේ
රම්‍යා ඔබ මට සිහි වෙන්නේ
සුදු හංසී - කිමද නාවේ ඇයි නාවේ තරහවී
කවුද කීවේ බොරු කීවේ ඇයි දයා
පෙර නුයේ ඇයි නුයේ අද වගේ...
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා



අලේ... හිපෝ අක්කා.
ඩිලාන් . - ආ හිපෝ
සුදු හංසී - නෑ නෑ.. ඉෂාර සින්දු ක්ලාරන්ස් මහත්තයාගේ... මේවයින්ම ලස්සන නමක් හොයා ගන්න.. දයා... එතකොට රම්‍යා.. වගේ නම් ති‍යේ...
Hipo ,, - අලෝ හංසි නගා
සුදු හංසී - හිපෝ.. අක්කා කියමුද සින්දුවක්.....
Priyantha Galgepitiya - හැමදාම බලා සිටියා, මගෙ කවුලුව ලගට වෙලා //
කවදාවත් නෑ වුයේ මේ වාගේ
Hipo ,, - ගමෙන් ලියුමක් ඇවිල්ලා... අක්කගෙන් වගේ...... කුම කියලාද දන්නෑ.. ඒ ගියේත් නෑ නේ
Hipo ,, - අලෝ ඩිලාන්
Priyantha Galgepitiya - මගෙ පැල්පත අද පාලුයි. නිහඩයි අදුරයි ඇත්තේ //
කවදාවත් නෑ වුයේ මේ වාගේ
Priyantha Galgepitiya - ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ//
සුදු හංසී - පහල කුඹුරේ නිල් ගොයම් රැල හරිම සරුසාරයි
Priyantha Galgepitiya - වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි
Dushan Kawita - තවත් ආරංචී ගොඩයි..
කියන්නට ලැජ්ජයි...
Hipo ,, - තවත් ආරන්චි ගොඩයි....
Hipo ,, - හික් හික්
සුදු හංසී - ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි
Dushan Karawita - ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි...
කාලෙකින් මෙහෙ ආවේ නෑනේ, වැඩත් වැඩි වෙන්නැයි...
ලඟදි එනවානම් හොඳයි...
නිවාඩුව දැන් දැන් ලඟයි...
ඩිලාන් . - හේ,,හේ නෑගලා යනවා නේ
Hipo ,, - මෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ
සුදු හංසී - හී.. හී......
ඩිලාන් . - රන් දුනුකේ මල සේ
රන් මැනිකේ සැරසී
පති කුලයේ කුමරා
ඇය කැන්දා යනවා
Hipo ,, - අවසානයි ප්‍රෙමාදරෙ...
Dushan Karawita - අවසානයි ප්‍රේමාදරේ...
ගිරවෝ, කොවුලෝ...
මිදුනා මා ආදරෙන්....
සුදු හංසී - සුදු සේල ගතේ එතුනා
රන් මාල හත් බැදුනා
Dushan Karawita - සුදු සේල ගතේ එතුනා
ගෙල මාල හතක් බැඳුනා
රස මියුරු කතා ඇසුනා
මුව කෝල සිනා පිපුනා
Hipo ,, - හික් හික්
Dushan Karawita - ඇගේ මෑණි පියා දෙදෙනා
පොඩි දෝණි කියා කියනා
මේ රූපි යොවුන් ලළනා
අද දීග ගමන් යනවා...
ඩිලාන් . - මේක නම් හිතට වදින ගීයක් රන් දුනුකේ මල සේ
සුදු හංසී - පෙම් බැන්ද දා ඉදන් උපන් හදේ
හිත වේදනා ඉතින් රිදුම්නොදේ
සුදු හංසී - ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ

Tissa Dodangoda - පුදුම කවි..!
විනාසයක් උනත්
මහ ගඟේ විලත්
අඹ ගසේ කඩත්
නෑ අනේ සියත්
ඩිලාන් . - තව කියනවද
සුදු හංසී - කියමු
Dushan Karawita - ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට
සුදු හංසී - තටු සිදිලා වැලපෙනවා
සිත බිදිලා හිනැහෙනවා
Ansh Lucky Sri Jay - මොකෑ මෙතන වෙන්නේ..???
සුදු හංසී - අන්සු අක්කා එන්න සින්දු කියන්න
Priyantha Galgepitiya - තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතිරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලේ ආදර වන්තයින් පෙලේ බොළඳ කතා
Dushan Karawita - මල් ගොමුවේ - තුරු සෙවනේ
හමු වෙනවා - වෙන්වෙනවා
ඩිලාන් . - කිරි මූද කළබාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාලිගාවෙන් මා ගෙනා
පැතුම් මගේ පුතුටයි
Dushan Karawita - උයන් කොනේ - අවන් හලේ
උයන් කොනේ හමුවෙනවා - අවන් හලේ වෙන් වෙනවා
බොලඳ කතා
සුදු හංසී - ගීතයයි මලයි සීන ලොකයයි
රන් තරුයි සදයි පුතේ නුඹේ තමයි
සිහිනෙකින් ඔබේ දොතොල් සැලෙයි ඉබේ
තරුවන් ගුවන් ගැඩේ දිලෙයි දෙනෙත් ඔබේ..
Dushan Karawita - තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ
අම්මගේ සිතේ සෙනේ පිරී ඇතේ
නුඹේ කුඩා නේතේ - කැළුම් බැළුම් පුතේ
අපේ සදා සිතේ රැඳී තිබේ පුතේ
Priyantha Galgepitiya - කිරි මූද කළඹා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
Dushan Karawita - හිරුගේ ලොවේදී - අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී - යලි හමුවෙමු... යලි හමුවෙමු...
Dushan Karawita - සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවාවී ඉමූ
Priyantha Galgepitiya - සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් මැවේ අප වටා
ගොලුවී මුවා වී ඉමු
සුදු හංසී - අදුරේ වෙලීලා
රැය සීතලේ
සිහිනේ උනාවු ලොවේ..
මුමුනා සිනාසී ඉමූ
ඩිලාන් . - හේ,,හේ නියමයි
සුදු හංසී - දූ මා වගෙයි නේද නෑ අම්මා වාගේ
දගකාර දූ කාගේදෝ
දුව මාගේදෝ අම්ම‍ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගේදෝ...
Dushan Karawita - පාසල් නොයන්නේ වස කම්මැලියිනේ
කළු පාට දූ කාගෙදෝ
සුදු හංසී - කළු නෑ සුදුයිනේ
හරි ලස්සනයිනේ
මගේ පුංචී දොනී මා වගේ..
Dushan Karawita - තිසෝ... ලොකු කෙලී මං වගේ... හරියට මේක මටම ලියපු සින්දුවක් වගේ..... හික් හික් හික්...
Priyantha Galgepitiya - සෙල්ලම් කරන්නයි
තව සන්ඩු වෙන්නයි පොඩි මල්ලියෙන් ඕනෙලූ
දූ මා වගෙයි ලූ මා දූ වගෙයිලූ දෙන්නාට දෙන්නා යාළු
සුදු හංසී - ලොකේ ජීවත් වන්නට ලස්සන ඔනෑ වේ
ලොකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඔනෑ වේ..
Priyantha Galgepitiya - මංජූ ...මංජූ
සුදු හංසී - ම්හ්ම්ම්ම්ම් ම්ම්හ්ම්ම්ම්ම්
Dushan Karawita - වසන්ත සමීර විමානේ උපන්නියා
අනන්ත දයාව සෙනේහෙ විඳින්නියා
Priyantha Galgepitiya - මංජූ ...මංජූ
සුදු හංසී - ම්හ්ම්ම්ම්ම් ම්ම්හ්ම්ම්ම්ම්
සුදු හංසී - කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා...
Dushan Karawita - යව්වන සුළඟේ මල් අතු නැමී ගියා
සමනළ වයසේ සිතිවිලි සැදී ගියා
සියුමැළි මගෙ සිත ඔබ වෙත ඇදී ගියා
හදවත එගොඩින් සෙනෙහේ ගලා ගියා
Priyantha Galgepitiya - මංජූ... මංජූ..
සුදු හංසී - ම්හ්ම්ම්ම්ම් ම්ම්හ්ම්ම්ම්ම්
Dushan Karawita - කැලරන්ස්ගෙ අර සින්දුව කවුරුහරි දන්නවද ?

අර...... ටර ටර නා නා නා රුම් රුම් පපර පපර...හ්ම්හ්ම්හ්ම්....බම් බම් බම්...
සුදු හංසී - මලට බඹරෙකු සේ...??
Dushan Karawita - නෑ නෑ
අර...... පම් පම් බම් බම්....ටර ටර නා නා නා රුම් රුම් පපර පපර...හ්ම්හ්ම්හ්ම්....බම් බම් බම්...
Dushan Karawita - අහලා නැද්ද ටියුන් එක ?
සුදු හංසී - එක වචනයක් කියන්න බලන්න අයියා...
Dushan Karawita - වචන මතක නෑනෙ නගෝ....!
ඩිලාන් . - හිංදි වදන් මියුරු හඩින් කියන සිතාරා ද
Dushan Karawita - ආහ්හ්... අන්න හරි..... ඩිලාන්....!
සුදු හංසී - ඔබේ හසරැලි ඔබේ කදුලැලි මට දැක පුරුදුයි
Dushan Karawita - ඔබේ අදහස ඔබේ උදහස මට හුරු පුරුදුයි..
ඩිලාන් . - හේ,,හේ හරි හරි පටන් ගන්න හිංදි වදන්
ඩිලාන් . - නෑ නෑ දුමී අයියේ කපන්න,,මුල් පදේ දාන්න ප්‍රියා අයියා
Priyantha Galgepitiya - හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා...
සුදු හංසී - '
හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා
සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා..
බින්දා උයන දිහා චන්දන සිහිල රැඳේ
භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී
Priyantha Galgepitiya - වරල පුරා මල් පැළඳ ලියේ
දිගටි නෙතේ පෙම් කැලුම ප්‍රියේ
මතක සිතේ දැන් මතක තියේ.
පූර්ණිමා හිනාවෙන්න ළඟින් ඉන්න...
Dushan Karawita - සකල කලා මල් පිපෙන රටේ
ලඉල්ත කලා මල් පොකුර මගේ
නුඹට ලඳේ මන් බැඳු හදේ
සුරංගනා.... සුරල් නාද ඇසෙයි තාම
ඩිලාන් . - මෑණියනි අද සෙවන ගෙනන නිවන ඔබ තමා
මා ළයහී සුව විදින මවන පහන ඔබ තමා..
ජීවිතයේ මා සොදුරු මිහිරි සිහින ඔබ තමා
මැණියෙනි ඔබේ දෙපය අසල වදිමි දණ නමා
සුදු හංසී - ඔබේ හසරැලි ඔබේ කදුලැලි මට දැක පුරුදුයි
ඔබේ උදහස ඔබේ අදහස මට හුරු පුරුදුයි
සුදු හංසී - සිරුර පුර දිවයන ඒ සුවද සුපුරුදුයි
සිරස ඔබේ නාමය සදා පිවිතුරුයි
Dushan Karawita - සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
කුමෙරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා
Dushan Karawita - කුමර චංචල කාලේ, බඹර කිංකිණි නාදේ
මාගේ වස්දඬු ගී රාවේ
ගීත රැල්ලයි, නාදේ රැවිදෙයි මහද කුල්මත් වේ....
Dushan Karawita - ලලිත සෙල්ලම් වයසේ තරුණ යවුවන අහසේ
පාට දේදුණු පායාලා
ඈත රන්වන්, සීත මල්දම් , දෑසේ රැව්දීලා
සුදු හංසී - හී.. හී...

සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
කුමෙරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා
සුදු හංසී - මලට බඹරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනා සෙනවා
ඔබ සිනාසෙනවා
Dushan Karawita - දුකින් සිත වැලපී
සිටින මොහතකදී
Dushan Karawita - ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී
සුදු හංසී - ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහි වෙනවා
ඩිලාන් . - මගේ පැල්පතේ මා අදුරේ වෙළී මා
තනියේ ගැලී මා ගයමී මෙසේ
කදුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ
සුදු හංසී - මගේ ජීවිතේ ඔබ නිසා .... නේ නම්
කවදත් ඔබයි මට ලන්නෙව්නේ
මාගේ සීතේ සැනසුමක් ඇත් වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේයේ සැක නැ
ඩිලාන් . - ඔබ කී කතා රස කතා අද වාගේ
සිහිවේ ළයේ සැනසුමයි එය මාගේ
සැමදා මෙසේ සිත සිතා මා ඉන්නම්
ලැබුනොත් ප්‍රියේ වාසනා අත ගන්නම්
Dushan Karawita - අඳුර ඉරා සඳ නිවි මේලාවේ
පබළු වලා ඉහිරුනු වේලාවේ
කඳුළ පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා
මගේ මරණය - අඩේ අද දුමීත් ඇවිත්ද බස් පදින්න :-D
| සෝරෝ | - සීනිමොදරින් ගෙනවාද දෝනකතරිනා............. ♪♪♪♪♪
සුදු හංසී - මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ'
ඈත මෑත බලලා අපි මාළු බාලා එන‍වෝ
Dushan Karawita - ඔව් ඔව්... ගී පොතයි මී විතයි කොතැනද අපි එතන....!
| සෝරෝ | - ගංගාවයි මහ මුහුදයි පා වේ නම් එක් වෙලා.....
Dushan Karawita - කටුක ලොවේ ගනඳුරු සීමාවේ
සතුට රැඳේ මදු මත් මායාවේ
මනස නිවී සැනසෙන හෝරාවේ
දසත නැගේ හසරැල් ගී රාවේ

සොඳුරු රැයේ බොඳ වුනු චායාවේ
එළිය නිවී ඇගේ රූ සේයාවේ
දැහැන බැඳී සිතිවිළි මාලාවේ
පැතුම් පිපී මදහස රේඛාවේ
Priyantha Galgepitiya - ඔරුව පැදල යන්නො
රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ
අපි මාළු බාල එන්නේ
wap Nishantha - පත්විම මං භාර ගන්නවා ඉතා සතුටින් ..... ලේකම් විදිහට මරණ ජී පත් කරගන්නවා ඇ ...

විරුද්දත්වයක් නැහැනේද? තිබුණත් කරන්න‍ දෙයක් නැහැ යකුනේ
සුදු හංසී - දෑත සවිය ගන්නේ
ඔරුව පැදලා යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ
අපි මාළු බාලා එන්නේ
මගේ මරණය - මටනම් ගී පොත විතරයි පේන්නේ මීවිත කෝ බන් කවුද හැංගුවේ :-D
සුදු හංසී - හී.. හී.... සායි බබානිස් කිසි විරුද්ත්වයක් නෑ බොලේ.. කොන්ඩ් වවන්න
Priyantha Galgepitiya - ...හෝහෝහෝ...හෝහෝහෝ..හෝහෝහෝ
මගේ මරණය - වැපා දැන්ම ඉඳලා ලිප්බොක්කෙන් අලු අරන් කමිසේ අතෙන් අරන් දෙන්න පුරුදු වෙයන් මචන් :-D4/24
Dushan Karawita - මරණේ... අන්තිම ශොට් එක මම බිව්වා....!
සුදු හංසී - අන්තිම ෂොට් එක නෙත්ම 80 90දශකයේ එවා.. පරණ බඩු
මගේ මරණය - එහෙනම් මට තව සීයක් ඕඩර් කරනන් වෙනවා :-D
සුදු හංසී - අලෝ.. හංස.. එන්න සින්දු කියන්න.....
පුංචි මහත්තයා (හංස) - මොකදැයි මෙතන වෙන්නේ........
ඩිලාන් . - අනේ වැපා මාව අමතක කරන්න එපා විභුති ඩිංගක් දියන්
මගේ මරණය - ඉසාර උබ මක්කැයි කොරන්න හදන්නේ අළුත් සිංඩියක් හදන්නද? :-D
ඩිලාන් . - සදපානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැතිදා කතා වෙන්න
මගේ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ
Dushan Karawita - වැපා.... අලු දෙන්න පටන් ගනින් ඉස්සෙල්ලා... 
wap Nishantha - හික් හික් හාකෝ එහෙනම් ........................

දුම්මයියා මොකද බොල අද බස් පදින්නේ ඔටු රටේ නිවාඩුද?
Dushan Karawita - මට නිවාඩු නෑ බං.... ඒත් අපේ බොසාට ඊස්ටර්...!
Priyantha Galgepitiya - සවන පුරා මිහිර උරා ඔබගේ ගී හඬන්ද මත් උනේ මෙමා.
මවන සිනා දෙනෙතු පුරා ඔබගේ ඒ රුවින්ද මත් උනේ මෙමා
සුදු හංසී - අපි සින්දු කියනවා හංසයෝ...
Dushan Karawita - අද කරන්න හිටපු මෙලෝ වැඩක් කරගන්න හම්ම්බ උනේ නෑ... මේ බස් පැදිල්ල නිසා.....!!! :)
Priyantha Galgepitiya - එරබලු මල් කැකුළු පිපි රතු පාටින් වැසී ගියා මට මතකයි...
කොවුල් හඬයි අවුරුද්දයි ඔබගේ සිනා හඬනි පිරී ගියා වගෙයි..
මගේ මරණය - දුමී අද විතරයි අපි මේ මාස ගානක ඉඳන් වැඩ පාඩු කරගනන්වා බන් :-D
පුංචි මහත්තයා (හංස) - නිහඩ නිසසල රාත්‍රියේ පිපි
සුදෝ සුදින් බැබළි දිලෙනා
මලක් සේය වත කමල ඔබේ ඔය
හරිම ලස්සනයි අහිංසකයි.........
Dushan Karawita - මරණේ .... සීයට තුන්සීයක් ඕඩර් කරපන් .... මටත් එක්ක..!
Priyantha Galgepitiya - හංස ක්ලැරන්ස් ගේ සින්දු විතරයි...:D
ඩිලාන් . - මචෝලා අද අපි කිවුවේ ක්ලැරන්ස් ගීත විතරයි
පුංචි මහත්තයා (හංස) - සොරි වේන ඕනි.......... මම හිතුවේ කවි සැදිමක් කියලා
සුදු හංසී - අලේ.. අපි ඒක හංසයාව කීවේ නැහැනේ.. හංසයෝ ක්ලැරන්ස් ගේ එකක් පටන් ගන්න
මගේ මරණය - අපොයි ආයින්ම සීයට 300ක් ඕඩර් කරන්නේ නැහැ මගේ ජීවිතේට ගිය සිකුරාදත් ඕක නිසා චව් උනා , ගෙදර ගියේ කොහොමදවත් මතක නැහැ :-D
ඩිලාන් . - මටත් අද easter party යන්න වෙලාව හරි යාගෙන එන්නේ4/24
Dushan Karawita - හිරු පිබිදෙන විට කඳුවැල් අතරින්
රැස් දහරක් වී ඔබ එන්නේ
නෙත් හරවා මම ඉවත බැළුු විට
මල් කැකුලක් වී හිනැහෙන්නේ
මාලිනියේ... මාලිනියේ.... මාලිනියේ මා ලාලනියේ
Dushan Karawita - ඔබගෙන් වෙන්වී තනිවී ඉන්නට
ඇයි මාගේ සිත විමසන්නේ
එනමුත් හිතින් මා තනිවූ මොහොතක
සිතිවිල්ලක් වී ඔබ එන්නේ
මාලනියේ... මාලනියේ... මාලනියේ මා ලලනියේ
Dushan Karawita - නිදි යහනේ මා දෙනෙත් වැසූ විට
සිහිනෙක දැවටී ඔබ එන්නේ
ගීයක පද මැද තනිවූ මොහතක
තනුවක් වී සවනට එන්නේ
මාලනියේ... මාලනියේ... මාලනියේ මා ලාලනියේ
සුදු හංසී - කදුලැල් සලාලා නොහඩන් හදේ
මමමයි කෙදා හො ඔය දෑත ගන්නේ
අශා විශාලයි ඉවසදීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැදුනා හදේ
ඩිලාන් . - හංස ගීතය ඉවරවෙනකන් ඉදලා අලුත් එක දාපන්,,
පුංචි මහත්තයා (හංස) - ඔයිකේ........... ඔයිකේ........
සුදු හංසී - හී.. හී.. අපි හංසයාව කන්ෆියුස් කරනවා... ඒයි හංස අනිත් ටික දාන්න...
Dushan Karawita - කවුද කවුද හංසයින්ව කොන්ෆියුස් කරන එක්කෙනා.....?
පුංචි මහත්තයා (හංස) - හදුනන්නේ දෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නේ දෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කදුලක් තියෙනවා
කිසිදාක නොපැතු නොසිතු ලෙසේ...........
සුදු හංසී - හී.. හී...
Priyantha Galgepitiya - සිහින් සිනාවයි ඔබෙ ලපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොලුවේ.
ඩිලාන් . - හංසි ඉන්න ප්‍රියා අයියට දෙමු ඊට පස්සේ මනමාලි දාමු
Priyantha Galgepitiya - සිහින් සිනාවයි ඔබෙ ලපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොලුවේ.
සුදු හංසී - ඔයිකේ...
Priyantha Galgepitiya - පැතුම් පිරුනු ඔබේ මුහුණේ සිතුම් මට කියා නැහැනේ
නැවුම් අදහසක් මගේ රැඳි තියෙනවා සිතේ සුනසුමක් නැහැනේ
නෙතේ සහනයක් නැහැනේ ඔබෙන් පිඏතඅරුක් ලැබෙයිද බලා සිටිනවා
Priyantha Galgepitiya - සිතේ සො තැවුල් පිරුනා නෙතෙ කල්පනා නිවුනා
තවත් නම් ඉතින් දුක ඳුරු ඇඳී නැ සිතේ
දසුන් වැලපිලා රැඳුනා සුපුන් සඳ එබී බැලුවා
නැවුම් අදහසක් මගේ රැඳිතියෙනවා
ඩිලාන් . - මනමාලි සිරියාවී අද පෝරුව මත නැගිලා
සුකුමාලි සුර නාලි අද ඔබෙ දිනය වෙලා
හඩලා දොඩලා දෙවියන් යැදලා සුබ මොහොතින් එනවා
සුදු හංසී - ගීයක් වගේ ලස්සන ලොකේ
දිගු කල් යොහන් වැජබේවා
නෑඹුල් ලෝකේ සැප සහ සොකේ
වටහා හොදින් සැරදේවා
ඩිලාන් . - ජීවිත කාලේ ‍රැදෙමින් ආලේ විශ්වාසෙන් එකතු වේවා
මල් මල් ලෝකේ මංගලෙ ලෝකේ සුබ මංගලේ සතුට දේවා
ඩිලාන් . - මම යන්න යන්නේ දුමී අයියා,ප්‍රියා අයියා ,සුදු හංසි ජයවේවා!!,,නැවත හමුවෙමු
Dushan Karawita - ටටා....
සුදු හංසී - ඔයිකේ.... ටාටා බායි... සුභ සැන්දෑවක් වේවා....