මායාකාර ඇස් 6
රැයෙහි මට තදින් උණ ගැනින.. ලොකු අක්කා මුළු රැයම නිදි වරාගෙන මා අබියස උන්නාය... වේදනාවෙන් කෙදිරි ගාමින් උන් මා අසලට අම්මාත් තාත්තාත් වරින් වර පැමිණියෝය... ලොකු අයියා සාලයේ සක්මන් කරන හඩ රැය පුරා ඇසිනි.. ඒ පියවර හඩ මගේ හදවත මතින් ගල්රොලක් ගමන් කරන්නාත් මෙන් වේදනා කාරී විය.. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය රැයෙහි අවසන නිවැසියන් සියල්ලෝම වෛද්‍යවරයෙකු හමුවට මා ගෙන යෑමට බොහෝ උත්සහ කලත් මම ඊට අකමැති වීමි.. වෛද්‍යවරයෙකු හමුවේ සුදුවු සියල්ල වමාරා දෙමාපියන්ගේ හදවතට ගින්දර දෙන්නට නොහැකියෙන් වෙර යෙදා මා සුවෙන් සිටින බව සියල්ලන්ටම ඇග වීමි.. ලොකු අයියා ඒ ගැන උරණව සිටිනා බව ඔහුගේ ඉරියව් මනාවට පැහැදිලි කලේය. අක්කලා දෙදෙනාත් තාත්තාත් රැකියා සදහා පිටත්ව ගියපසු අම්මාත් මමත් ලොකු අයියාත් නිවසේ තනි වුනෙමු.. බොහෝ වේලාවක් අම්මාත් ලොකු අයියාත් සාලයේ කතා කරමින් උන් දෑ මා හිස ගිනි අවුලවන්නට සමත් විය..
Apr 24, 2011
Apr 9, 2011
මායාකාර ඇස් 6
මායාකාර ඇස් 5
මම කෑහසාගෙන ඉවතට පැන්නෙමි.. "ඊයා.... අයින් වෙයින් අයින් වෙයල්ලා එකෙක් වත්.. මගේ ළගට එන්න එපා...."
මම කෑහසාගෙන ඉවතට පැන්නෙමි.. "ඊයා.... අයින් වෙයින් අයින් වෙයල්ලා එකෙක් වත්.. මගේ ළගට එන්න එපා...."
හැකි වෙර යොදා කෑ ගැසීමි. මා වට කරන් උන් කිසිවෙකු හදුනාගන්නට හැකියාවක් මට නොවීය... "දෙවියන්ගේ නාමෙට මාව අත්ඇරපල්ලා.. කවුද උඹලා.... කවුද......" ඔවුන් කවුරුන්දැයි විමසුවත් මාහට මා හදුනන කිසිවෙක් ගැහ මතකයක් නොවීය.. මේ සියල්ලන්ම මිනිසුන් යන වගත් ඔවුන් සියල්ලන්ම මාගේ සතුරන් වගත් මා හට අනතුරක් කරන්නට යන වගත් පමණක් මට වැටහුණී.අත් පා හකුලාගෙන ඇදි විට්ටමට හේත්තු උනෙමි....
Subscribe to:
Posts (Atom)