මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 14, 2012

අනේ අසරණයි සිත





ඉකි ගසන සිතුම් වැල්  දසත පාවී ඇදෙයි
ඔබ මතක සමඟ සිත කඳුලු සලමින් හඬයි
සිහිනයක සැඟවිලා අනේ ඔබ තව දොඩයි
අහිමි බව දැනි දැනී මිරිඟුවට සිත ඇදෙයි

පොත පතින් එහා සිත දුවන්නට මං සොයයි
අනේ අසරණයි සිත කෙනෙකු කරදර කරයි
අහිමි බව දැනි දැනි ඔහුත් පසුපසම එයි
ඔබට දුන් සිත යලිත් ගන්න මට නොම සිතෙයි

දුර ඇත සැඟිව යන්නට කලින් කිව් වදන්
පිත පුරා  රුව් දෙමින් යලිත් මතකයට එයි
ඔබේ සිහිනයත් මා සිහිනයට සම නිසයි
දුක දරන් නැඟි ඉන්නේ සිහින ඉකි ගහයි

යලි යලිත්  ගිලන් වන මා සිතුම් දුක්බරයි
ඔබ ඇවිත් දෙන සිහින පොඩි හිතට හරි බරයි
හිඳින්නට හැකියි මහ මෙරක් ලෙස සිත දොඩයි
ඔබේ සිත ලඟ තවත් මගේ පෙම අසරණයි



අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

Jul 13, 2012

සෙනෙහසේ සුවඳ




සෙනෙහසට හිත රැඳුන කප්පරක් දුක්සුසුම්
උහුලන්නේ කොහොම මම ඔබ නැතිව හිත ගාව
සුදු මලක් වගේ මුදු පෙම්පාට  උනත් හිත
පුළුවන්ද මට උනත් තනි වෙන්න හිත ගාව

ඔය හිනාවක රෑදුන ආදරේ කොහොම මම
හදවතේ සඟවාන හිනැහෙන්නේ හැමදාම
මල් වැලක් වගේ හිත නලවන්න බැරි දාට
මම කොහොම ඔය සුවඳ විඳගන්නේ රහසේම

සෙනෙහසේ සුවඳ ගෙන ඇස් දෙකේ පුරෝගෙන
හිනා වෙන  ඔබේ වත පුර හඳක් වගේ මට
පුරා පුන් පෝයදා නිල් අහස හැඩ කරන
හඳ කොහොම  පාය යිද මගේ අහස පුරාවට

පුංචි මුතු කඳුලු බිඳු වැටෙන කොට කම්මුලට
දුක නැද්ද රත්තරන් හෙමින් පවසන්න මට
හීන පුරවගෙන හිත හඬන දෙනුවන් ලඟට
ආදරේ ගෙන එන්නේ කවදාද කියනවද





අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

Jul 12, 2012

පුංචි පෙම් කතාව





පාට වලාවක ලියනා මගේ පුංචි  පෙම් කතාව
සමනලයෙකු අතේ අහිමි ඔබට එවන්නම්
සුවඳ පොඳක් මගේ තනියට මම අර ගන්නම්
ඔබේ සෙනහස ආපසු මා වෙත එවනවනම්

දුම්බර කඳු උඩින් වැටෙන සුන්දර සඳ කැන් අරගෙන
ඔබේ සුවඳ ගෙන  කලතා අඳුන් තනන්නම්
සුවඳ අඳුන් තවරා නෙත් පහන් කරන්නම්
සෙනෙහස ගෙන ඔබ ආයිත් මෙහි එනවානම්

දුක හිතෙනා මුදු සීතල හැන්දෑවරුවේ වැට ලග
කඳුලු පිරුණු නෙතඟින් මඟ බලා හිඳන්නම්
සුසුම් සුවඳ දැනෙනා ලෙස සින පුබුදන්නම්
සෙනෙහස  අරගෙන ඔබ මා වෙත එනවානම්

මුදු මඳනල සුවඳ රැගෙන එන සීතල  පවන් රොදේ
පාට වලපාකුළු අතරින් මම හිනැහෙන්නම්
ඔය ඇස් තුරුලට වී මම සිනහ සලන්නම්
සෙනෙහස අරගෙන ඔබේ මගේ  ලොවට වඩියි නම්






අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

Jul 11, 2012

සිතුවිලි !


Never walk away from someone when you see some faults. Have patience and realize that nobody is perfect.  It's the affection that matters, not the perfection.

ඔබ යම් කෙනකුගේ වරදක් දුටුවිට ඔහු හෝ ඇය හැර නොයන්න, 
ඉවසීමෙන් තේරුම් ගන්න, මේ ලොකේ කිසිම කෙනකු සර්ව සම්පූර්ණ නොවන බව, 
එය භාවාත්මක ව ඇතිවන දෙයක් මිස පරිපූර්ණත්වය නොවෙයි  




Just because you've made mistakes 
doesn't mean your mistakes get to make you. 
Take no notice of your inner critic, forgive yourself, and move on.
ඔබ  වැරදක් කල පලියට  ඔබව  හැදිලා තියෙන්නේ වැරදි වලින්මයි කියන්න බැහැ.
ඔබ තුල සිටින ගුණදොස් සොයන්නාව නොසලකා හරින්න, ඔබ ඔබටම සමාව දී  නොනැවතී ගමන් කරන්න 




You don’t have to be perfect to let somebody love you. 
Remember, 
being yourself is the best way to make somebody fall in love with you.
කෙනෙකු ඔබට ආදරය කරන්න, ඔබ පරිපුර්ණ වියයුතු නැහැ 
මතක තබා ගන්න
ඔබ ඔබම වීම,  කෙනෙකු ඔබ කෙරෙහි ආදරයෙන් අතිකර ගැනීමට ප්‍රමානවත්



Sometimes you have to love people from a distance 
and give them space and time to get their minds right.
ඇතැම් විට ඔබට කෙනෙකුට දුරින් සිට ආදරය කරන්නට සිදුවේවි
ඒ ඔවුන්ට ඔවුන්ගේ හිත් හදා ගැනීමට කාලය සහා අවකාශය ලබා දීමට 




අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk




Jul 10, 2012

අභියෝගය





ඔහු මට කලේ එකම එක අභියෝගයයි

ඒ ඔහු නැතිව ජීවත් වෙලා පෙන්වන්න කියලා

ඔහුව නොදැක

ඔහු හා කතා නොකොට

ඔහු ගැන නොවිමසා ජීවත් වෙන්න


මම එහෙම කලොත්

ඔහු මහ සඳහටම ආදරේ කරන බව කීවා!


මම එකඟ උනා

මම ඔහට කෝල් කලේ නෑ

එකම එක මැසේජ් එක්කවත් යැව්වෙත් නෑ

මුළු දවසම ඔහුගෙන් ඈත් වෙලා හිටියා


පහු වෙනිදා මම ගියා ඔහුව දකින්න ඔහුගේ නිවසට

දෙවියනේ ඇස් අදහ ගන්න බැරි උනා මට..

ඔහු ගන්න ගිහින්

යන්නම ගිහින්


අනේ ඔහුගේ නිසසල සිරුර තැම්පත් කර තිබුනු පෙට්ටියේ ඉඳන් ඔහුගේ 

ආත්මය මට මිමිණුවේ



ඔයාට පුළුවන් රත්තරන්.. මම නැතිව ජීවතක් වෙන්න ඔයාට පුළුවන්.... 

මම ආදරෙයි හැමදාම!!



අනේ මම දැනගෙන උන්නේ නැහැ.. ඔහු මට අභියෝග කරද්දි ඔහු ජීවත් 


වෙන්නේ තව පැය විසි හරතක් බව ඔහු දැනගෙන උන්නු බව 



ඉංග්‍රීසි කියමනක් ඇසුරෙන් ...................


අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

Jul 9, 2012

මම නෙවෙයි අපි!

මම මුකුත්ම කියන්නේ නෑ....


මේ පින්තූර බලන්න.....






මේ පණිවිඩය අපෙන්


බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, 

බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.

තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...

අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.
--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk

බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/

Jul 8, 2012

කාල භක්ෂක ආත්මාර්ථකාමීන්ට





පිදුරු ගොඩ බදාගෙන
උඩුබුරුලන බල්ලන්ට
ගොනුන් දොස් කියන්නෑ
බල්ලාගේ මැටි කමට

තමන් කන්නේ නොමැති
පිදුරු ගොඩ අයිති කර 
නිකරුනේ උඩු බුරන
තකතීරු බල්ලන්ට 

රටට වැඩ නොම කරන
තමන්ටත් වැඩ නොවන
කාල භක්ෂකයින්ට
බලය විතරයි ඔන්න

නිසල දිය ගැඹුරු ලෙස 
ගොනුන් නිහඬව සිටිත
වැඩ කරන්නේ කවුද
බලු හිතින් විමසන්න

බදාගෙන පිදුරු ගොඩ
ඔය තරම් නැටුවාට
අද කරන දේ පමණි
ගෙනයන්නේ හෙට දිනට 



Jul 7, 2012

අමර පෙම

සඳ තරු විමසන 
රහසක වත ගොත
සඟවා ගමි
මගේ හදවත අද්දර

ඔබ ඇවිදින් 
මුමුනන, ගී මනහර
නෙතු පිය නොසැලේ
විඳිමි අමර පෙම


සිතිවිලි අමසර
දෙතොලින් විඳිනෙමි
රහසින් ඔබ කී
සෙනෙහස සුව දුනි 




බස්රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල හා එක්වන්න