මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 29, 2012

සිහිනය සියැසින්


සිහින ලොවක ජීවත් වීම සැබෑවට මුහුණ දීමට වඩා බෙහෙවින්ම කර්ෂකය, එහෙත් මම මේ සිහිනය දකින්නේ ආශාවෙනි. මගේ සිතත් සිතිවිලි සමුදායක් මටම අවනත නැති වු කලෙක මා විසින්ම මා හට දෙන්නා වු වේදනාව සතුටින් විඳ දරා ගන්නවා හැරනේනට අන් කිසිවක් කරන්නද.  කාලයක් ජීවිතයේම කොටසක්ව පැවති විශයානු බද්ධ පොත් පත් හා එහි වු විශය කරුණු මුළුමනින්ම මනසින් අතුරුදන්ව ඇති කලෙක නුදුරේ ඇති විභාගයට සුදානම් වීමේ අසාර්ථක උත්සහය ඇතැර, පරිඝණක තිරයේ වු රුව දෙබ බලා භාවනා කලෙමි.

මුහුනේ සිනාවකදු නොමැතිව  සිටින ඒ මුහුනේ රළු හැඩතල දෙස බලා සිටියදීම නොදැනි කාලය ගතවන්නට ඇත.
නුහුරු නුපුරුදු දුරක ඉඳන් ඔබ ඇවිත් සිත ලඟට හෙමින්......
ජංගම දුරකතනය බොහෝ වේලාවක් නාදවී තිබේ.. සිහින අතරේම ගීතයට සවන් දී සිටි මට ඇමතුමට පිළිතුරු දිය යුතු බව සිහිවුනේ හදිසියේය. ඇමතුම සංජලීගෙනි

හෙලෝ.... මම ඔනෑවට එපාවට පිළිතුරු දුනිමි.. සිතට තනිවන්නට අවැසි වෙලාවට මිතුරියන්ද ඇතැම්විට කරදරයකි.

මොට්ටියේ... දැන් කියේ ඉඳන්ද.. මම රිනිග් කරන්නේ.... කිසිත් නෙකියාම මිතුරිය මැසිවිලි නගන්නට වුවාය.

සොරි... සාගුවෝ... මම පාඩම් කර කර හිටියේ..... මම බොරුවක් කිවෙමි. පාඩම් කරන්නට කියා සිතුවද පොත ඇල්ලුවේ හෝ නැත..

ආ.... උඹට ඒක්සෑම් ලඟයි නේද..... හ්ම්ම්ම් එහෙනම් අද ප්ලෑන කැන්සල් කරන්න වෙයි....

මොන.... ?

නෑ නෙතුවෝ මම හිතුවේ පාක් එකේ එක්සිබිෂන් එකට යන්න... අළුත් මලක්  ගැන කියෙව්වා බන් රොස මලක් වගේ.. ජෙබරා වර්ගයක්ලු... මිතුරියගේ මල් පිළිබඳ  උමතුව විස්තර කරමින් ඇය කියා සිටියාය.

සීමිත මල් වර්ග කිහිපයකට හැරෙන්නට අනෙක් මල් වලට එතරම්  උනන්දුවක් නොදැක්වු නමුත් සංජලී සමඟ නිතර නිතර මල් ප්‍රදර්ශන නැරඹිමටමට මා හට සිදුවිය,  නොයෙකුත් විශේෂයන්හී දෙමුහුන් මල් පැල කොපමණ මුදලක් හො ගෙවා මිලදී ගැනීම ඇයගේ පුරුද්ද විය.

කමක් නෑ යමු... පොතේම හිරවෙලා පිස්සු වගේ.. මනස දැල්වෙමින් තිබියදී පැන් පොදන්  සොයන්නා මෙන් මම ඇගේ ගමනට එක්තු වීමට කැමැත්ත පල කලෙමි.

අන්නේ.... උම්ම්මා  සුද.... හිටපන්.. විනාඩි  පහෙන් මම එනවා මම ලෑස්ති වෙලා ඉන්නේ... සංජලි සතුටින් කෑ ගෑවාය.

හෙමීට වරෙන් පිස්සු මැන්ටලේ... අද මමයි රයිඩ් කරන්නේ....

අපෝ.. මේ බෑ.. බෑ... ස්කූටියේ බෑ.... උඹලාගේ අම්මා කැමති නෑ අපි ස්කූටියේ රස්තියාදුවේ යනවාට

නිකා හිටින්  එහෙනම්,   මට බෑ... බස් වල යන්න

ට්‍රයිෂෝ එකක යමු... ප්ලීස් ප්ලීස්..... සංජලී ඇවටිලි කරන්නට විය.

අම්මා මුකුත් කියන්නෑ... අනික ලඟටනේ.. මම කැමති කර ගන්නම්.. උඹ ස්කූටියේ වරෙන්.. නැත්නම් එපා ... මම නාගන්න යනවා.. ඇයට කිසිත් කියන්නට ඉඩ නොතියා දුරකතනය විසන්දි කලෙමි.

යලිත්  පරිඝණක තිරය මත වු රුවටම නොත් යොමු වද්දි සිතැඟි මට්ටු කරමින් යාන්තමට ඒ දෙතොල මත දෙතොල් ස්පර්ෂ කර පරිගණකයෙන් මෑත් වුනෙමි.  හිතාමතාම නොවුනත් කලක සිටන් පුරුද්දකට මෙන් එය සිදුවේ.

මනස කැලඹුනු බොහෝවිට කෙතරම් සීතල දිනයක්දැයි නොසලකා වතුර මල යටට වී පැය ගනනක් ගතකිරිම මසිතට සැනසිලි ගෙන දෙන්නකි. පියාගත් දෙනෙතින් යුතුව වතුර මල යට ගෙවෙන බොහෝ වේලාවන් හීදි  ලොවට පෙනෙන්නට හෙලිය නොහැකි කඳුලු සීතල වතුරේ  සේදී යයි.
නිවසේ විදුලී සීනුව නාද වන හඬත් සමඟ ඇසුණු කිංකිණි හඬින්  සංජලී පැමිණ ඇති බව නානකාමරයේ සිටියදිම මා හැඳින ගත්තෙමි.. 

සාගුවෝ.. කාමරේට පලයන්. දොර ඇරලා තියෙන්නේ.. ඇයගේ දෙපාගැටෙන හඬ කොරිඩෝවෙන් ඇසෙද්දි මම කෑ ගසා කීවෙමි.

අයියෝ.. උඹ තාමත් නානවද... සංජලී දොරෙන් පිටත සිට කෑ ගැවාය.

හිතුවද මාත් උඹ වගේ නාන්න කම්මැලියි කියලා...

ආ... උඹ ආවානේ අපේ ගෙදර.. මම නානවද නැද්ද බලන්න...

හරි හරි පලයන්.. කාමරේට... අම්මාට කියලා උඹට ඔනි දෙයක් හදාගෙන බීපන්..

මම කම්පියුට එක දානවා... කෙරිඩෝවෙන් ඇසුනු ඇගේ හඬ මගේ කාමර දෙසින් ඇසෙන්නට විය.

විනාඩි කිහිපයක් ගතකොට නා ගැනීමෙන් අතුරුව තෙත කෙස් වැටිය තුවායෙන් පිසදමමින් මම කාමරයට ගියෙමි. මට පිටුපා පරිඝණක තිරය දෙසටම නෙත්  යොමා සිටි සංජලී මා නුදුටුවාය. ඇය මගේ ඉලෙක්ට්‍රෙකික දින පොත කියවමින් සිටියාය, මා නානකාමරයට යාමට පෙර යමක් ලියමින් සිට එය එලෙසම තබා ගිය වග මා හට සිහිවුයේ මේ දැන්ය. සංජලීත් මාත් අතර වු මිතුදමේ ශක්තිමත් බව ඇයට මගේ දිනපොත කියවීමට ලොකු අනුබලයක් විය. ඇයත් මාත් අතර කිසිම විටෙක රහසක් කියා දෙයක් නොතිබුනි. නමුත් මා අනුහස්ට ඒකපාර්ෂවිය ලෙස ආදරය කල  බව ඇයට කියන්නට මා හට නොහැකි විය.

සංජලී කෙලෙස තේරුම් ගනිදැයි සිතාගැන්මට හො නොහැකිව මම නිහඬවම ගොස් ඇදෙහි වාඩි  වී පිටුපා සිටින ඇය දෙසම බලා සිටියාය. එවිට මා කාමරයට පැමිණ ඇති බව ඇයද දැන සිටියාය. එහෙත් මාගේ පැමිණිම වගකට නොගත් ඇය දිනපොතේ සියලුම සටහන් කියා නිම කලාය. ඇයට ඉඩදී මම සයනයේ උඩුබැලි අතට දිගාවී  දෙනෙත තදින් පියාගතිමි. කතාකල නොහැකි කඳුලක් හැමදාමත් ලෙස නෙත් කොනින් ගලා ගියේය.

දිනපොත කියවා නිමකල සංජලී නිහඬවම  ගොස් කාමරයේ දොර වසා පැමිණියාය. මා පසෙකින්  ඇඳේම දිගෑදුනු ඇය කිසිත් නෙකියා මා දෙසම බලා සිටින්නට වුවාය. ඇයට මුහුණ දි ගත නොහැකි වු මා දෙනෙත් තදින්ම පියාගෙන සිටියෙමි.

නෙතූ.... උඹ මුකුත් කියන්න එපා  කෙල්ලේ... මම සේරම කියෙව්වා... එදා ඉඳන් අද වෙනකල් සේරම.... ඒත් මේ හැටිම තනියම විඳව විඳව ඇයි උඹ මටවත් නොකිව්වේ කියලා විතරක් කියපන්.... ඇය සාවදානව අසද්දිත් මම නිහඬවම සිටියෙමි. ඇය නැවත කතා කලාය.

අනුහස් දන්නවා නේද....

ම්ම්ම්ම්ම්

ඇයි නෙතු උඹට ඇත්තට මුණ දෙන්න බැරි.. අනුහස් සහ උඹ කියන්නේ පාරවල් දෙකක යන දෙන්නෙක්.. අඩුමගානේ හන්දියකදි හරි උඹලා දෙන්නා එකට මුණ ගැහෙන්න පුළුවන් කමක් නෑ උඹලා දෙන්නා  ජීවිතේ දකින්නේ දෙවිදියකට.. උඹ පිස්සු හොන්තුවක්..දඟකාරම් වලට සීමාවක් නැති එකියන්.  අනුහස්  කියන්නේ ජීවිතේ සංකිර්ණව දකින නිහඬ කෙනක්...

අපි අතර නොගැලපීම් විතරක්ම කියන්න එපා සාගුවෝ.... මම ඒ හැම දෙයක්ම දැනගෙන තමයි අනුහස්ට ආදරේ කලේ... ඒ ඇරත්. මට  අනුහස්ව මගේම කියලා අයිති කර ගන්න උවමනාවක් නෑ..

මොකක්.... ?

ඔව්... මම ආදරේ දකින්නේ අනිත් උන් දකින විදියට නෙවී.. කොල්ලෙක් කෙල්ලෙක්ට කෙල්ලෙක් කොල්ලෙක්ට හරි ආදරෙයි කියලා කිව්වොත් හැම කෙනෙක්ම ඒක දකින්නේ.. ගොඩාක් සංකිර්ණ විදියට.. මුන් දෙන්නා  කසාද  බඳියි.. එකට ජීවත් වෙයි දරුවෝ හදයි... ඒත් ඒක ජීවත් වීම මිසක් ආදරේ නෙවෙයි නේද... ඔය විදියට ජීවත් වෙන මිනිස්සු අතරේ ආදරේ නෑ... ඒ මිනිස්සු අතරේ තියෙන්නේ කොලේක අත්සන් කරපු ගිවිසුමක් විතරයි.. මට ඔනි අනුහස්ව ඒගිවිසුම එක්ක මගේ ජීවිතේට හිර කර ගන්න නෙවයි.. ඒ නැතත් සාගුවෝ ආදරේ කියන්නේ හදවතට දැනෙන දෙයක්.. මම කාටහරි ආදරේනම් පරෙලා අනිත් මනුස්සයා මට ආදරේ කරන්න ඔනි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ.. හිතලා බලපන් මේලෝකේ දකින විදියේ ආදර බැඳිමකින් බැඳිලා ඉන්න දෙන්නෙත් ගේ ආදරේ තරාදිකට දාලා මැන්නොත් දෙපැත්ත සමානද .. නෑ නේද.. පොඩි හරි වෙනසක් තියෙනවා... මට මගේ ආදරේ තරාදියේ දෙපැත්ත සමානවෙන්න ඔනි නැහැ  මගේ පැත්තෙන් තරාදිය පහලම තියෙද්දි අනුහස්ගේ පැත්තෙන් උඩින්ම තියේවි.. ඒත් ඒක මට ආදරේ කරන්න ඒක ප්‍රශ්ණයක් නෙවී.

ඔය සේරම විකාර අදහස් විතරයි නෙතුවෝ.. මුළු ලෝකෙම උඹට හිනා වෙනවා.. උඹ ජීවත් වෙන්නේ විකාර අදහස් එක්ක.. උඹ ඔය හිතන බොළඳ විදියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. කාට නැතත් අනුහස්ට උඹ දැන් පරාල ඇනයක් වෙලා කියලා උඹට හිතෙන්නේ නැද්ද... ඌ උඹට අකමැති නිසානේ උඹව සත පහකට ගනන් ගන්නේ නැතිව ඉන්නේ.. මේ විකාර අත්ඇරලා දාපන්    නෙතුවෝ මම ආස නෑ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කොල්ලෙක් නිසා චාටර් වෙනවට.. 

උඹ කියන දේ මට තේරෙනවා සාගුවෝ.. මාත් හිතනවා සමහර වෙලාවට.. ඇයි මම මේ තරම් පාච්චල් වෙන්නේ කියලා.. ඒත්  මට හිතෙන්නේ මට දැනෙන්නේ වෙනස් විදියකට.. මම  කෙල්ලෙක් උනත්.. මේක  ලෝකෙටම කෑ ගහලා කියන්න මම ලැජ්ජා  වෙන්නේ නැහැ.. මම අනුහස්ට ආදරයි කියලා .. ඒත් මේක නිසා අනුහස්ව  කොතනකදිවත් අපහසුතාවයට පත් නොකරන්න මම හැමවෙලාවේම  පරෙස්සම්.. ඒ නිසා හිතට දැනෙන හැම දෙයක්ම හිතේම තියාගෙන මම ජීවත් වෙනවා.. අනුහස් ගැන කවදාවත් මට තරහක් හිතෙන්නේ නෑ සාගුවො... අනුහස් මේ ප්‍රශ්නෙදි හැසිරෙන විදියට මම කැමතියි ගොඩක් කැමතියි.. ගෑණුන්ගේ බොළඳ කම් ඉස්සරහා දණ ගහන නපුංසකයෙක්ට වඩා  මේ දකින්නේ මේ ලෝකේ ඉන්න අන්තිම ගෑණි කියලා ඒ ගැණි මත්තේ මැරෙන්න හදන පිරිමියෙක්ට වඩා ,කෙල්ලන්ව සතපහකට මායිම් නොකරන ආඩම්බරකාරයට මම කැමකතියි. මාත් එක්ක කතා නොකරන, මම විකාර නටද්දි නොදැක්කා වගේ අහක බලාගෙන එයාගේ වැඩක් බලානෙ ඉන්න අනුහස්ට මම ගොඩක් ආදරෙයි.  මට බින්දුවක් වත් ආදරේ නැති වුනත් මම මේ වෙද්දි මගේ ජීවිතේ ලස්සනම කාලේ එයාගේ ආදරේ වෙනුවෙන් කැප කරාලා ඉවරයි.. ආයි ජීවිතේට,  ජීවිතේ විඳින්න පුළුවන් මේ කාලේ මට ලැබෙන්නෑ තමයි... ඒත් හිතට එකඟව කරන ආදරයක් වෙනුවෙන්.. මම මගේ ජීවිතේ ලස්සනම කාලේ සහ මුළු ජීවිතේම විඳෙව්වා කියලා මතකයක් තියා ගන්න එක මට සතුටක්.... මම දකින ආදරේ පෙරලා උත්තර දෙන්න ඔනි දෙයක් නෙවී.. සමහර විට තව ටික දවසක් යද්දි අනුහස් වෙන කෙනෙක්ට ආදරේ කරයි. කසාද බඳියි, ළමයි හදයි.. ඒත් නෙතූවට ඒක ප්‍රශ්නයක් වෙන්නෑ සාගුවෝ... ඒ ඇයි දන්නවාද.. මම අනුහස්ට ආදරේ කලේ නොලැබෙන බව දැන දැන.. එයාව අයිති කර ගන්න එක ගොඩක් දුර දෙයක් උනා මට... දැන්  තව තවත් දුරයි... ඒත් ලැබුනොත් ඒ වෙලාවෙම මම හුසුම හිර වෙලා මැරෙයිද කියලා කවුද දන්නේ...... නුපුරුදු සිනාවක් නඟා ගනිමින් මා කීවෙමි... විසල් දෙනෙතින් යුතුව සංජලී මා දෙස බලා උන්නාය.

උඹේ මේ ආදරේ මට නම් මල සමයමක් නෙතුවෝ....  සියල්ල අසා අවසානයේ ඈ කිවාය..

අනුහස්ටත් එහෙමයි..... මේ මේ.. දැන් ඇති නේද... අපි යමුද.. උඹේ අර මල් පැලේ වෙන කවුරු හරි අරන් යාවි....  වේගයෙන් අඳෙන් නැගි සිටි මා කොට්ටයෙන් සංජලීට දමා ගැසුවෙමි.

උඹ හොඳ මූඩ් එකකද. ඉන්නේ..... සංජලී සුපරික්ෂාකාරීව මා දෙස බුලුවාය.

“sure ඇයි එහෙම නෑ කියලා උඹට පේනවද.. ...... සාගුවෝ... මම හිතින් විඳවන්නේ අදක ඊයේක ඉඳන් නෙවෙයි කියලා ඩයරිය කියවපු උඹ දන්නවා.. ඒ අතර කාලේ අපි මෙන තරම් පිස්සු නැටුවද කියලත් උඹ දන්නවා. හිතින් මම විඳවනවා කියලා මුල්ලකට වෙලා අඬ අඬ හිටියට මට ලැබෙන දෙයක් නෑ.. වේදනාව හිතේ තියාගෙන ජීවිතේ එන හැමදේටම මූණ දෙන්න මම පුරුදු වෙලා ඉන්නේ... එහෙම නැතිව බෑ.. ඉවරයක් නැති වේදනාවක් බදා ගත්තු කෙනෙකුට.. අනිත් එක මා එක්ක නටන්න  තියෙන පිස්සු නටලා ඉවර කරහන්.. මම දැන් ටික  ටික මාවම වෙනස් කරන් යනවා.. මට ඔනි අනුහස් තරමටම නිහඬ වෙන්න.. ඒත් මම  ජීවත් වුනු විදියට එකපාර එහෙම වෙන එක ලේසි නෑ...  

අපෝ..... ඇති ඇති උඹේ විකාර... ඔවා මට නම්  මල සමයන් විතරයි.. උඹට පිස්සු... හොඳටම පිස්සු... උඹේ හොඳ යාළුවා වෙච්චි මටත් හිනේනේ එහෙමයි..... ඒත්... වෙලාවකට හිතෙනවා.. අනුහස් නැති කරගෙන තියෙන්නේ. . මේ ලොකේ..  එයාටත් වඩා  රැඩිකල් විදියට හිතන කෙල්ලෙක් කියලා... සංජලී සිනාසෙමින් කීවාය.

නෑ.... සාගුවෝ.... එයා නැති කර ගන්න යන්නේ මේ ලෝකේ එයාට ගොඩක්ම ආදරේ කරන කෙල්ලව..........

හෝ... හේ. ඇත.. ඇති...  යමු.... යන ගමන් ඉතිරිය......

කිංකිණි සිනා හඬ නංවමින් අප දෙනෙවා ස්කූටරය වෙත දිව ගියෙමු.. 


නිර්මාණය සහ නිර්මාණ කරුවා යනු දෙදෙනෙකු බව මාවතේ වු පුවරුවක සටහන්ව තිබුණි . 

Apr 28, 2012

තනිවම සටනට !!

මේ මගේ රට, අපේ උන් සිටි
අපේ උන් රැකි, මේ මගේරට
මගේ නම් රට , නුබේ නොව එය
මේ මගේ රට, මටම ලියුවකි


මම හෙලයෙකි,නුඹ අනෙකකි
එනිසා මෙය , මට අයිති රට
මගේ ලේ වල ,  සුවඳ රුඳි බිම
කියා කියනා පුතුන්ටයි මෙය !


අනෙක් රැටියෙක්, සදා දුන් තැන
ලොවේම වැසියන්, රොද බඳින තැන
අපේ රට මෙය අපේ රට මෙය
කියා ලොවටම කෑ ගසනු කිම


වදන් පෙල හර පාන හැමවිට
සිතට ගන් ඒ තැන නුඹේ නොව
හෙල බසින් කියුවත් අපෙ කම
අනෙක් රැටියන් දකිනු ඇත මෙය


සිහල මුස්ලිම් වෙනස කුමටද
එකා මෙන් අපි හිඳිමු  මේ බිම
අපිට පන්සල් ඔනි විදියට
පල්ලියක් හැඳුවාම මක් වෙද 


යාළු හවුලක් හදන්නට මිස
වාද වෙන්නට නොවේ ඒ ඉඩ
මේ නැටුම් බලනා වෙලාවට
සකර්බග් ගෙලලා මියෙනු ඇත




මේ දින වල facebook පුරාවට ඇතිවන සින්හල මුස්ලිම් වාදය දෙස බලා සිට මා මට සිතෙන දෑ එලෙස ලීවෙමි. 






මෙම ප්‍රකාශයට මා සියයට දාහක් එකඟ වෙමි. 


පින්තූරය උපුටා ගැනිමකි
ජීවිතය ලස්සනයි 











Apr 18, 2012

හොද හැටි නා ගත්තෙමි

හහ්!! හහ්!! හහ්!! හ්ච්චුං:!!

හප්පේ යාළුවෝ බලනවාද මොකක්ද උනේ කියලා...

ඔව් අනේ හොඳටම හෙස්බිරිස්සාව අද උදේ පටන් ගත්ත ගමන මේ දැන් වෙනකල් කීපාරක්නම් සබන් නැතිව නා ගත්තද.. හයියෝ  අද වන් දවසක් හතුරෙකුටත්  උදා නෙවේවා

කාලෙකින් මං ගැන මුකුත් ලියන්න බැරි වුන එකේ ඔන්න මම ලියන්න යන්නේ අද දවසේ නා ගෑනිම් ටික

ඔන්න උදේම මම බබා නැගිට්ටා 

සුසපුරුදු ලෙස කම්පීතරේ ඔන් කරගෙනම ජනේලේ ඇරලා වාඩි උනා රාජාසනේ. අපේ අම්මා ඒ පුටුවට කියන්නේ රාජාසනේ කියලා. :D 

රාජාසනේ වාඩි උනාම කෙලින්ම ජනේලෙන් එළිය පේනවා සමන් පිච්ච වැලට ෆෝකස් කරලා මගේ කාමරේ ජනේලේ  දැම්මේ මගේ බලවත් ඉල්ලීමක් පිට. 

අප්පච්චි උදේම වැඩ පටන් අරන් මල් පැල වලට බෙහෙත් ගහනවා. මාත් ඉතින් උදේ තේ එකත් අරගෙන මිදුල වටේ රවුමක් දාගෙන ආවා. ආයි පුරුදු විදියටම සමන් පිච්ච වැල ලඟටත් ගියා. එතකොට අප්පච්චි හිටියේ පිව්ව වැලට පහල මල් පැල වෙලට බෙහෙත් ඉහ ඉහ 

මම අනිත්  පැත්තනේ කුස්සිය ලඟට ඇවිත් ලී බංකුවේ හරිබරි ගැහිලා අවට සුන්දරත්වය බල බල තේ එක බුදිනවා.. අප්පච්චිත් ආවේ නෑතෑ බෙහෙත් ගහලා ඉවර වෙලා ටැප් එක ලඟට 

“පිව්ච වැල දැක්කද...“ අප්පච්චි අහනවා

“ඔව් මල් පිපිලා නේද....“ මාත් උත්තර දෙනවා 

“ආ.. ඇත්තද මල් පිපිලා විතරද දැක්කේ...“ අප්පච්චි නිකං කෝචොක් එකට වගේ අහනවා

“ඔව් නේහ්! මල් සේරම වැස්සට තෙමිලා තැලිලා... “ මාත් සියල්ල දත් වගේ කියනවා

“ගිහින් බලන්නකෝ මල් තැලිලද කියලා“ අප්පච්චි ආයිත් කියනවා. ඔක අහන් හිටිය අම්මාත් මා පස්සෙන් පිච්ච වැල දිහාට ආවා 

කිරි අප්පට බල්ලෝ පැනලා ඊයේ රෑ ආව ඌරෙක් පිච්ච වැල මුල හාරලා. විසාල විනාසයක් කරලා..හත්දෙයියනේ ජනේලෙනුත් පිච්ච වැල දිහා බලා ඉඳලා ඊට පස්සේ ලඟටත් ගිහින් බලලත් මම ඒක දැක්කේ නෑ.. 
 
“මේ ලොකේ නෙවෙයි ඉන්නේ “
“අරකයි“
“මේකයි“
තුන් දෙනා පාටාන් ගත්තා... ඔන්න නමෝ විත්තියෙන් මම නා ගත්තා උදේ පාන්දර

දෙවනි නෑම තමා නෑම.. අයියෝ එහෙම දේවල් මිනිස්සුන්ට වෙනවාද.. 

මම ළමයා කියන්නේ කිසිම දවසක නියපොතු වවන ළමයෙක් නෙවී.. සුට්ට වැරදුන ගමන් කන්නේ අතේ නියපොතු ටික.. රුපියල් 5000ක් දෙනවා කියලාවත් අපේ අන්කල්ට මගේ නියපොතු කෑම නවත්තන්න බැරි උනා. 
ඔකී මෙකී කරුණු නිසා මගේ නියපොතු ස්වභාවයෙන් කොටයි. ඒ කියලා ඉස්ටැයිල් කරනන් මට තහනම්ය.. කඩේ තියෙන ප්ලාස්ටික් නියපොතු ටිකක් අලවගෙන මාත් හෙන ඉස්ටැයිලියට තමා ඉන්නේ.

ඒ ඉස්ටැයිලියත් හැමදාම කරන්නෑ.. හිතුන ගමන් තමා. 

ස්වභාවික නියපොතු ටික රැක ගනන් ඔනි නිසා ගම් ගාලා අලවන නියපොතු වෙනුවට ස්ටිකරයකින් අලවන නියපොතු තමයි මම පාවිච්චි කරන්නේ..

ඔන්න අදත් ක්ලාස් යන්න ලෑස්ති වෙලා අලවා ගත්තා රතුපාට නියපොතු  එක අතකට , අනිත් අත ෆ්‍රී ... දිග නියපොතු වලින් ටයිප් කරන්න බාධා නේ ඒක නිසා 

ඔන්න පාරටත් ගියා කියමුකෝ, කොළඹ යන RAD බස් එකක් ආවා. සන්තොෂයි වේගෙන් යන බස්නේ කියලා නැංගා. හැබැයි  හිස් ආසන නෑ.. හිටගෙන තමා යන්න වෙන්නේ.. කමක් නෑ කියලා වැඩිය කට්ටිය නැති තැනකට ගිහින් හිට ගත්තා. නියපොතු අලවපු අතින් අල්ලපු සීට් එකේ හිටියේ තරුණයෙකුයි, අන්කල් කෙනෙකුයි දෙන්නා මගේ නියපොතු ටික දිහ බලනවා මම දුටුවා.

අනෙක් සීට්එකේ හිටි තරුණයෝ දෙන්නාත් නියපොතු ටිකට ඇස් යොමලා මටත් යොමු කලා.. මම සුපුරුදු ආඩම්බර විලාසයෙන් හිටියා, අපි එහෙමයි !!
ඔන්න බස් එක යනවා රේඩියෝ එකේ සින්දුවකුත් යනවා..

සමනොලියා
මලලොලියා
සුකුමලියා 
පාමුදු දා

හම්මේ මම දැන් ඔය සින්දුව හොයලා බාගත කරන සිහියෙන් තමා ඉන්නේ 
එකපාරටම ගැහුවේ නැද්ද බ්‍රේක් එකක්...
හිටන් හිටිය මම ළමයා වීසි වෙලා ගිහින් අනිත් සීට් එකේ හිටිය ආන්ටිගේ ඇඟ උඩ. 
අමාරුවෙන් නැගිටලා බලද්දි.. අයියෝ.. නියපොතු ටික නෑ...!!

අර කොල්ලෝ තුන් දෙනයි අන්කලුයි  පල් එකට හිනා වෙනවා... මට දාඩියකුත් දැම්මා 
අනේ ඉතින් මොකක් කරන්නද

ඊළඟ නැවතුමේ බැහැලා ඉතිරි හරිය තුන් රෝද රියක පිහිට පැතුවා.... අයියෝ ෂල්ලී.... :(

හප්පා එහෙම නෑමක් නම් .... බාල්දියකින් ඇදගෙනමයි නෑවේ....

ඊට පසු නෑම...

ක්ලාස් එකට ගියා කියමුකෝ අද නුවර එළියේ රේස් රිහසල් නිසා ළමයි මිසින්.. ඒකත් හොඳයි කියලා මම සැලෝන් පැත්තේ රවුමක් දාලා ආයි ආවා ක්ලාස් එකට පැයක් තියෙනවා ඊලඟ ක්ලාස් එක පටන් ගන්න.. ඒතකල් කන්න දෙයක් ගේන්න යන්න පැනියගෙන් කාර් එක ඉල්ලුවා.. පොර කියනවා 

“ඊයේ රෑ ගෙදර ගියේ නෑනේ අක්කී අද උදේ ගිය ගමන් තාත්තා කාර් එක වටේ පැදකුණු කරලා අහනවා උඹ බීලා බීලා මේක කොහේ හරි ඇන ගත්තාද කියලා... කියන්න දෙයක් නෑ.. කුණු ඩක්කුවක හැප්පිලා චුට්ටක් සීරිලා තිබුනේ.. අද කාර් එක දුන්නෑ“ කියලා...

ඒ වෙනකල් මම හිතා හිටියේ  පැනියා නංගි මල්ලි කෙනෙක් කියලා...

“හෑහ්!! ඔයා බොනවා කියලා ගෙදරින් දන්නවාද “ මාත් ඇස් උඩ දාන් ඇහුවා.. මොකෝ කොලුවා තාම පොඩි එකා 

 “එව්වා බොනවා කියලා දන්නවා ඒත් මෙව්වා බොනවා කියලා දන්නෑ...“ කියලා දුන්නේ නැද්ද පැකට් එකක්..
කවදා කාපු ටකරන්ද.. දැන් ඔය මොනවද කියලා පැනියගෙන් අහන්නද..

දුකට සැපට ඉන්න මගේ යාළුවන්ට පොටෝවක්ම ගහලා යැව්වා ඒ මොකක්ද අහලා...

ඒවා නම් සිගරට් ජාතියක්ලු.. ඒත් ඊට සමගාමීව සිද්ද වෙච්චි ජාතික අපරාදේ මම කියන්නෑ හප්පා... ඒත් ඔය වගේ සීන් වලින් මම නිසා අනිත් උදවියත් අද නෑවා... නොකීවට තරහා වෙන්න එපා හරිය :D 

ඊට පස්සේ අනික් නෑම.. හැබැයි එතනදි නාන්න ගිහින් බේරුනා වගේ..

ගිය මාසේ පැය 12ක් උගන්න ගත්තා බොහෝම අමාරුවෙන්.. ඒකේ ගෙවීම් දුන්නේ චෙක් එකකින්.  දැන් සයිබර් සිහින උලෙලට එන්න ඔනිනේ කියලා ඔකත් කැෂ් කරන් ආවාම සෙනසුරාදාට කිසි කරදරයක් නැතිව ගේ ගාවින් බසයට ගොඩ වෙන්න හිතාන ඔන්න ගියා හවස 5ට විතර Nations Trust බැංකුවට, සියල්ල හරි ගෑල්ලමයා සල්ලි ටික දුන්නා.. මම දැක්කේ දාහේ කොලේකුයි පන්සීයේ එකකුයි..

මටත් චෙක් එක දෙන්න කලින් ගාන බලන්න බැරි උනා... එක්දාස් පන්සීයද කියලා අහන්න කට අරින කොටම දැක්කා කොලේ පන්සීයක් නෙවී පන්දාහක් කියලා හැබැයි ඉතින් කට අරුනනේ තවුසන්ඩ් කියලා.. කෙල්ල අහනවා පන්දාහ දාහේ කොල වලින් දෙන්නද කියලා.. මම එපාම කියනවා.. එක විකාරයයි.. ඒත් එතනදි මම නෑමෙන් බේරුනා එක්දාස් පන්සීයද කියලා ඇහුවනම් කොමද නේහ් !! නාන්න වෙන නෑම... 

ඊට පස්සේ දෙයියනේ කියලා ගෙදර ඇවිත් දවල්ටයි රෑටයි දෙකටම කන්න ගන්න කොටම ආවේ නැතැ ලොකු අප්පච්චිලෑ අයියා.. අයියෝ....

මගේ බත් එකත් ඌම කාලා තව බොන්න බයිටුත් හදන්නලු... හෙටටයි අනිද්දටයි හරියන්න ෆිල්ම් අරන් මම ආවේ.. ගානට වෙලාව කලමනාකරනය කරගෙන..  කොහොම කොහොම හරි සියල්ල පසෙකලා රෑ අටත්  පහු වෙනකල් අල පෙති බදින්න උනා... 

බලාන යද්දී ඒකත් නෑමක් තමා....

ඉතින් ඔන්න ඔහොම නෑවාම මේ වගේ නොවී තියේද....... :( 

Apr 13, 2012

වෙනස් පැතුමක් !!

මිනිසුන් කුරිරුකම් කරන්නේ යම් සේද මිනිසත් බවත් එලෙසින් වියැකි යන්නේය 
මිනිසුන් අයෙකුගෙන් පළිගන්නේ යම් සේද , හිතවත් කම් වියැකි යන්නේය
දැන හෝ නාදැන යමෙකු වරදක් කරනවානම්
ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා හැර  කුමක් කරන්න්ද?


තවකෙනෙකුට බාධා කිරීම හෝ තවකෙකු මානසින් බිම දැමීම 
කෙනෙකුට ආත්ම  තෘප්තිය ගෙන දෙන්නක් විය හැක
ඒ යම් පිරිසක් සිතනා යුරු මිස මුළු ලොකයක් සිතන්නක් නොව 


මිනිසුන් සුදුත් නැත කළුත් නැත!!
එය කිවේ කවුරුන්දැයි මාද නොදනිමි


එහෙත් කළු සුදු අතර වෙනස මම හොඳින් හඳුනමි


එනයින්


මම මෙසේ සියල්ලන්ට සුබ පතමි 


අනෙකෙකුගේ සිතක් නොරිදවන්නට හැකි
අනෙකා සිතන යුරු තේරුම් ගන්නට හැකි
අනෙකාට සැම විටම මෛත්‍රී කල හැකි
මනු දමින් නමින් මිනිසුන් රොඳ බඳින 


සුපසන් සමාජයක් මැවිය හැකි පැතුම් පීදෙන සුබ නව වසරක්වේවා!! 

Apr 4, 2012

ආදරයේ පැහැය | Color of the Love

සමහර  හැන්දෑවරුවල මහ හයියෙන් වහිනවා. දෙකට තුනට පටන් ගන්න අනෝරා වැස්ස  හවස හතර පහ වෙද්දි නැවතිනවා. මම ආසම අන්න ඒ වෙලාවට. වැහි වෙලාවේ  ඇඳට ගුලි වෙලා නිදාගෙන වැස්ස පායද්දි මිදුලේ තෙත තණකොල ගොල්ලේ ඇවිදින්න මම ගොඩාක් ආසයි.

ඒ මහා වැස්සට පස්සේ පරිසරය කොයිතරම්නම් නිහඬද. ඒ නිහඬ බව මම විදින්නේ හදවතේ ගැඹුරුම තැනකින්. වැස්ට හැංගිලා හිටිය කුරුළු රංචු  තම තමන්ගේ  රාත්‍රී නවාතැන් වලට යන්නේ අහස පුරාවට මිහිරි කන්කරච්චලයක් ඉතිරි කරගෙන. ඒත් ඒ  ගෝෂාව නිහඬ  බවට බාධාවක් නෙවෙයි.

මිදුලේ  ලස්සනට පිපිලා තිබුණු ඩේලියා මල් මැලවිලා සිනිදු පෙති වැහිදියට දියවෙලා. පිච්ච මල් වල සුවඳ සේදිලා ගිහින්. ඒත් මම වැස්සට ආදරෙයි. මැලවුනු මල් වෙනුවට අළුත් මල් ආයතේ පිපෙයි.. ඒත් වැස්ස නිසානේ..

වැහි   හැන්දෑවේ නිහඬ සුන්දරත්වය වැඩි කරන්න ඈත නැගෙන හිර අහසේ  දේදුන්නක් පායලා. ඉස්සර පුංචි කාලේ යාළුවෝ කතා වෙන්නේ දේදුන්න දිහාට ඇගිල්ල දික් කලාම දේදුන්න අතුරු දහන් වෙනවා කියලා. ඒ නිසා පුංචි කාලේ කවදාවත් දේදුන්නට ඇඟිල්ල දික් කලේ නැහැ.. ඒත් ටික ටික වයසින් වැඩෙනකොට ඒක ඇත්තක්ද කියලා බලන්න ඇඟිල්ල දික් කරලා බලනවා. ඒක මහා බොරු කතාවක්. දේදුන්න කියන්නේ  පරිසරයේ විද්‍යාත්මක සංසිද්දියක් විතරයි.

ඒ කොහොම උනත් දේදුන්නේ පාටකොයි තරම් ලස්සනද. පුංචි  කාලේදි ඉස්කෝලේ වැඩට පාට පෙට්ටියක් ගේන්න කියනකොට මම කියන දෙයක් තමයි. දේදුන්නේ පාට සේරම තියෙන පෙට්ටියක් ගේන්න කියලා. මගේ බොළඳ කතාවට අප්පච්චි හිනා වෙනවා. එදා මට එයා කිව්වේ නැහැ. දේදුන්නේ පාටින් පාට පෙට්ටි විකුනන්න නැහැ කියලා. වයසින් වැඩෙද්දි මම ඒක තේරුම් ගත්තා.

අපි හැමෝම එහෙමයි නේද.. පුංචි කාලේ අපි මවාගත්ත අපේම ලෝකෙක පුංචි පුංචි දේවල් එක්ක ජීවත් වෙලා වයසත් එක්ක අපිම පුංචි කලේ කරපු දේවල් වලට හිනා වෙනවා නේද...

මටත් එහෙම දෙයක් උනා.

ඉස්සර දේදුන්නේ පාට තියෙන පාට පෙට්ටිය  හෙව්වා වගේම. පාසැල් වයසේ මගේම  යෙහෙලියන් පෙම්වතියන් වෙනකොට මාත් හිතේ රූපයක් මවා ගත්තා කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක්ට මම ආදරේ කරනවා. මම මෙන්න මේ  තරම් ආදරේ කරනවා කියලා.  එක වයසකදි පන්තියේ පෙම්වතෙක් නැති  එකම කෙල්ල මම වෙද්දි  මනෝ චරිතයක් මවා ගත්තා. කතාවක් ගොතා ගත්තා. ඒ මටත් කෙනෙක් ඉන්නවා කියලා යාළුවන් ඉස්සරහා කියන්න.

නම නිසල් සූරිය බණ්ඩාර. මුණ ගැහෙන්නේ නුවර එළියේ ටියුෂන් ක්ලාස් එකේදී. ඒක හරියට මල් පත්තරේට ආදර කතාවක් වගේ. මාස ගානක් ඒ විහිලුව කරලා යාළුළුන්ව අන්දන්න පුළුවන් උනා. මමම ලියන කවි,  ලියුම් මගේ හොඳට යාළුවා දිල්ට කියලා ආයි ලස්සන කොල වල ලියවගෙන දිලුයි මායි දෙන්නා පන්තියේ අනිත් කෙල්ලන්ව හොඳට ඇන්දුවා.

මට තාමත් මතකයි අපි ඒ  ලියුම් වල ලියපුවා.

බබා ඔයාට  කොහාමද.. අද ඉස්කෝලෙ යන්න නැගිට්ටේ කියටද.. උදේට කෑවේ මොනවද.. අද මොනවද හොම් වර්ක් දුන්නේ.  එදා ක්ලාස් එකට ඔයා දැන්න ගවුමට මගේ පැටියා හරිම ලස්සනයි.. බ්ලා බ්ලා බ්ලා.. අන්න ඔය වගේ දේවල්...

ඉතින් ඔය ලියුම් කියවලා.. නිසල් කියන මනෝ චරිකට ඇත්තම චරිතයක් විදියට මවන්න අපිට පුළුවන් උනා.  පන්තියේ කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ නිසල් කවීට ඊලඟට එවන ලියුම කියවන්න. මොකද ඒ දවස් වල වැඩි ඉලෙක්ට්‍රොණික ආදර මෙවලම් තිබුනේ නැහැනේ. ජංගමදුරකතන  ඊමේල් වගේ දේවල්.

කාලයක් යද්දි මටත් එපා උනා ලියන්න. දිල්ටත් එපා උනා. අපි නිසල්ගේ කතාව එහෙමම අමතක  වෙන්න ඇරියා. ඒත් අදටත් මම දන්නවා  නදීශා මං ගැන පුදුම ඉරිසියාවකින් හිටියේ. අර චන්දන ලියනාරච්චිගේ ප්‍රේමය හැමදාමත් නිසලයි සින්දුවටත් එයා වෛර කලා මගේ නිසල් නිසා… :D

ඒ ඉස්කෝලේ යන වයසේ  පුංචි කෙල්ලන්ගේ ආදරේ. එයාලා ආදරේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. (ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ) දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. අහන්න දකින්න  ලැබෙන දේවල් එක්ක පාසල් යන යුවතියන් සමහර විවාහක ගැහැණුන්ටත් වඩා පරිනතයි.

ඒත් මට කියන්න ඔනි වුනේ ගොඩක්ම බොළඳ වසයක කෙල්ලෙක් ආදරේ කියලා බලා පොරාත්තු වෙන්නේ මොකක්ද කියන එක  කියන්න.

මුළු දවසම විනාඩියෙන්  විනාඩියට කතා කර කර ඉන්න එක. කරන කියන හැම දෙයක්ම කෙටිපණිවිඩයකින් හරි දැනුම් දෙක එක. බොළද ආදරේ කාලසටහනේ අනිවාර්‍යෙයන් තියෙන දෙයක්.  මාත් මේ ලඟක් වෙනකල්ම අන්න ඒ වගේ ආදරයක් ගොය ගොය අයාලේ ගිය චරිතයක් බව මගේ සිහින තවලම එක්ක ඉන්න ඔයාලා නොදන්න දෙයක් නෙවෙයිනේ...

ඒත් ටිකක් නැවතිල්ලේ කල්පනා කරලා බැලුවහම ආදරේ කියන්නේ  මොනම විදියකින්වත් තේර්මක් හොයන්න බැරි අකුරු හතරේ වචනයකත් විතරක්ම නේද කියලා හිතෙනවා. ආදරේ හරියට වතුර වගේ

මුලින් කිසිම පාටක් නැහැ.  ඒ ආදරේ පාට කරන්න පුළුවන් ආදරේ කියන බැදි  මෙදි එක්වෙන   දෙදෙනට. ගොඩාක්ම බොළඳ ආදරයක්නම් අපිට පුළුවන් ඒ ආදරේ රෝසපාටින් පාට කරන්න.  ඒත් ඒක මොන්ටිසෝරියක ළමයෙක් ටීචර්ට දෙන්න ඇඳපු  චිත්‍රයක් වගේ වෙයි නේද..

ආදරේ දි ගොඩක් බොළඳ දේවල් බලා පොරොත්තු වෙන කෙල්ලෝ කොල්ලෝ නිකරුනේ තමන්ගේ අනෙකට වද දෙනවා කියලයි මම හිතන්නේ ඔයා මෙහෙ ඉන්න.. මෙහෙ කරන්න.. කන්න කලින් මට sms කරන්න.. නිදා ගන්න කලින් මට සුබ පතන්න, උදේට නැගිටිද්දි මට ඔනි ඔයාගේ කට හඬ අහන්න.. තවත් ගොඩක් නීති රීති...

ඒත් ඒ රෝසපාට ආදරේ ටික දවසක් යද්දි දෙන්නගේම හිත්වලින් ඈතට ගිහින් තියේවි.. හැමදචාම එකට දේ එකම විදියට.. ජීවිතේට විවිධත්වයක් ඔනි නේද...

එහෙනම් අපි පාට  කරමුද  රතු පාටින්..

ඒත්.. තද රතු කියන්නේ ලේ වල පාට. ආදරේ කියන්නේ උතුරණ ලේ කැටිති වලට  ලෝබකම් කරන එක  නෙවෙයි.. හරියට වැම්පයර් කෙනෙක් වගේ.. සමහර විට තද  රතුපාටින් පාට කලොත් ඒත ගොඩාරියක් සරාගි වෙන්න පුළුවන්. අනෙක් කෙනාගේ  ශරීර අවයව වලට ලොබ වෙන එක හිත්වල ගිනි ගන්න රගික හැඟිම් වෙනුවෙන් ආදරේදි  බොළඳ වෙන එක. තමන්ගේ  හැඟිම් සන්සිඳවා ගැනීමමද ආදරේ  කියන්නේ.. නෑ ඊට එහා යන දෙයක් වෙන්න ඇති.

එහෙනම් ආදරේට සුදුසුම පාට සුදු පාටද...

සුදු කියන්නේ උදාසීන පාටක්..  නිසිම හැඩයක් නැහැ. ආදරයක් ජීවිතේට ගන්නේ  තනියම ජීවත් වෙනවාට වඩා ජීවිතේට කෙනක් අවශ්‍ය නිසා වෙන්න ඇති. ඒත් ඒ එන කෙනා  නමට ජීවිතේ ඉන්නවානම් ආදරේදි බලා පොරොතු වෙන කිසිම දෙයක් ඉටු වෙන්නේනැහැ නේද..


ආදරේට  සුදුසුම පාට මොකක්ද එහෙනම්.....

මටනම් ආදරේ තාමත්  තදම තද කළුපාටක් විතරයි...... අත් නොවිඳපු අත් නොදැකපු දෙයක......... හිස් මන්දාකිණියක්... ආදරේ පාට කළු!!!



ඔයාගේ ආදරේ පාට මොකක්ද....??